Skip to main content

පොල් ගස් වල කරටි කඩන එක නම් නතින්..,හකු පැන්නිලියි බජරි වැඩෙයිත් ශේප්.කඳුවල හිම තමා අබ්ලික් එක

ඉස්සරහට එන්නේ බජාර් එකට ෆුල් සොමියක් ගන්න පුලුවන් ආතල් කාලයක්ය.අපේ කොල්ලො සෙට් එක මෙදාපාර නම් කප් එක උස්සනවා සුවර්ය .කේස් එක තියෙන්නෙ අරවිද බොසා සනා අය්යයි වාස් මලයයි කැපුව එකය . අවුලක් නැත අපේ උන් කොහොමත් කප් එක ගහනවාය

මැච් ගොඩක් ඩේ ඇන් නයිට් නිසා ශේප්ය .දෙකක් නවාගෙන ඇලන්කියක් දාගෙනම බැලුවැකිය.මැච් එකක් බලන්නත් යන්න ඕනිය , මේ වැලන්ටයින් මගුලක් නිසා 14 ටිකැට් චාන්ස් එකත් මිස් උනාය . අයි ටිකට් දෙන දවසට නම්  සෙට් එකම බහිනවාය . මේ _ _ _ ලා ටිකට් රෙද්ද අස්සෙ ගහන්  ඉන්නේ හරියට උන්ගේ හනිමුන් එක බලන්න ටිකට් ඉල්ලුවා වගේය .මෙදා පාර දුන්නේ නැත්නම් එකෙක් දෙන්නෙක් බාවලා හරි බජාර් එකටම ටිකට් ගන්නවාය

මෙදා පාර ක්‍රිකට් සෝන්ග් එකත් පට්ටය .ලිව්වේ අනික් බජාර් එකේ එකෙක්ය . උන්ට නම් ටිකට් දීලා ඇතිය . අපේ එකාලට  සින්දු තියා කවියක්වත් ලියන්න බැරිය .අපේ එකෙක් ලිව්වා නම් අපිටත් ටිකට් ලැබෙනවාය

වෝම් අප් මැච් ඔක්කෝමත් අපි බැලුවාය , කොදෙව්වන්ගේ කරටි කඩන එක නම් නතින් පාටය .නිවුසිලන්ත හැත්තගෙත් හකු පැන්නියැකිය කැන්ගරු සෙට් එකට්ත් බජරි කවා ගත්තැකිය .අබ්ලික් එක තියෙන්නේ ඉන්දියාවේ හැතිකරයය . උන් නිවුසිලන්ත කාරයන්ට ගැහුවේ අම්මයෙ ගැහිල්ලක්ය ,අපෙ කොල්ලන්ට ගේමක් සෙට් උනොත් මුන්ගෙන්ය. අර දෝනියා මල ඇනයක්ය ඌ කෙල වෙනකොට ලැල්ල දානවය නෙලන්න ගියාම ඇඩ්‍රස් නැති වෙන්න නෙලනවාය . අනිකා සචින්ය ඌට හරියට සෙට් උනොත් ඉඳලා ඕනි නැය.මහින්ද දොරේ එලියන් බොසා ලවා මේකව සනීප කලේ මොන ලබ්බකටද මන්දාය . අනිකා සෙවාග් කියන එකාය ඌව ඕවර දෙක තුනෙන් කඩාගන්න ඕනැය . නැත්නම් ඌ සෙන්චරිය ගහන්නෙ දුන්නැ කියා අඬනවාය

මූණ දැක්කාම _ _ දෙක කුඩු වෙන්න දෙන්න හිතුනත් යුවරාජ් කාරයාත් සෙල්ලං නැත .ඌ හිතාන ඉන්නේ ඌ මාර පොරක් කියාය , මොන බාල්දියක් හරි පෙරලා අවුට් කර ගන්න ඕනාය , නැත්නම් ඌත් අම්බානක නෙලනවාය . ඌව තරහා ගස්වන්නද හොඳ නැය . එතකොට ඌ ගහන්නෙම සික්සර් මය , අර "රෙවිලා" ද මොකක්ද  කියන බට්ටාත් ටිකක් විතර වාතයක්ය . බල්ල හුජ්ජ කරන්නහෙ අන්ඩ උස්සල ඌත් කෙලින්නේම හයේ ඒවාය  .හරිබජන් වඳුරු මූනාගෙනුත් ශේප් වෙන්න ඕනාය , පස්ට් මැච් එකෙදීම කබ්බ පොරක් ලව්වා වඳුරු මූනා එක්ක ගුස්තියක් ඇල්ලෙව්වා නම් වැඩේ ගොඩය හරිබජනාට ටෝන්මන්ට් එකටම බඩු බනිස්ය.

පකිස්තාන් කාරයත් ටිකක් විතර වාතය ඒත් දැන් ගොඩක් උන් ජරාව කාල මාට්ටු වෙලා නිසා ශේප්ය . බැරිවෙලාවත් වාත උනොත් අලුතෙන් ගාපු 5000 නෝට්ටු මිටීයක් වැඩෙම්මුවා නම් හරිය.

එංගලන්තෙ පර සුද්දා නම් ගේමක් නැත .අපි උන්ට ගහන්නේ අටසිය ගනන්වල ඉඳලාය , අවුලකට ඉන්නේ "කහින්"ද මොකක්ද කියල නමක් තියන   පීටර්ය ඌ දෙපැත්තටම හරව හරවා ගහනවාය , ඒ ගහන්නෙත් හයේ එව්වාය , අපේ ගැන්සියේ පීටරයාත් හරව හරවා ගහනවාය ඒ ගහන ඒවා නම් මෙතන කියන්නත් බැරිය

අප්පිරිකාවත් වාතයක් වෙන්න පුලුවන්ය .උන්ගේ ජැකා කියලා එකෙක් ඉන්නවාය , ඌ අර මහා සංචාරේ යන එකා වගේ නෙවේය. ගහන්න සෙට් උනාම මෙහෙ බස් වල ජැක් ගහන උන්ටත් ඒහාය. පැල් බැඳගෙන ගහනවාය .තව රැවුලෙකුත් ඉන්නවාය , හෙන දඩාර සුද්දෙකුත් ඉන්න්වාය උගෙ නම "ගහපන් සිමිත් "ද මොකක්දය, මුන් දෙන්නාමත් හෙන පොරවල්ය.තව පොරවල් ගොඩක් ඉන්නවාය . ඒත් අප්පිරිකාවෙ උන්ට වල්ඩ් කප් බැ කියා කිව්වෙ අපේ අක්කාගෙ පොඩි එකාය . ඌට උගේ මාමා වෙච්ච මගේ නමවත් මතක නෑය.ඒ උනාට ක්‍රිකට් ගහන උන්ගේ උප්පැන්නෙත් කට පාඩම්ය.ඌ මේ පාර ඉතිහාසෙට ගත්තේ ලකුන් 4ය ඒ උනාට පරන මැච් වල ස්කෝර් කාඩුත් මතකය .ඒ නිසා ඌ කියන එක හරි ඇතිය

මොකා කොහොම උනත් කමක් නැත අපේ කොල්ලො ටික කප් එක ගන්නවාමය.අපෙ අක්කා මෙ දවස් වල චට්නි හදනවාය ඒ මැච් බලන්නය , වඩේ ටිකකුත් හදාගන්න ඕනිය , නැත්නම් ටොනික් වලින් ආශික් එකක් ගන්න බැරිය.අපේ කොල්ලන්ට බොක්කෙන්ම සුභ පතනවාය හිප් හිප් හුරේ.............................

ක්‍රිකැට් ගැන එච්චරය ඒත් මේ මඟුල කියවන තොපිට කියන්නට දෙයක් ඇත . මේකට එන එක ගස්බල්ලෙක් වත් කොමෙන්ට් දාන්නේ නැත . කලින් පොස්ට් එක 300 විතර බලලාය ඒත් කොමෙන්ට් එකය. මගේ මල් වඩමම පනින්නේ එතකොටය , හොඳ නැත්නම් අඩු තරමේ තෝ මකබැවියන්, තොට බ්ලොග් ලියන්න බැ,තෝ ලියන ඒවා අජූතයි කියලවත් කිව්වා නම් හරිය , එතකොට අඩු තරමේ මේ බ්ලොග් ලියැවිල්ල අතැරල රතුලුණු හිටවන්න හරි පුලුවන්ය (රතුලූන් කෙලිය මෙ බ්ලොග් කෙටිල්ල වගෙ නෙවේය, හරියට සෙට් උනොත් අර බස් වගෙ දිග "ලී මස්සිනා" කර් තඩියක් උනත් බැස්සිය හැක ). ඉතින් බලාන ඉන්නෙ,... දාපියව් කොමෙන්ට් එකක් මගෙන් දැලි පිහිපාරක් කන්නෙ නැතුව  .

(අනේ මේ දොරේල සමාවෙලා කොමෙන්ට් එකක් දාල යන්න ,බැනල හරි කමක් නැ.කලින් සද්දෙ දාපු එකට වෙරි ශොරි වෙන්න ඕනි . මම මෙහෙම කිව්වා කියල කාටවත් කියන්න එපා බුදු නෝන්ඩිය එහෙම උනොත් අරි ..ඔන්න ම්ං කැපුනා )

------------------------------------------------------------------------------------------------------------

*මෙවර ජයගෝෂා නිල ගීතයේ "නිල "භාෂාවම භාවිතා කලාට අපේ ක්‍රිකට් බෝර්ඩ් එක තරහා නොවෙ යැයි සිතමි.

*ශ්‍රිලංකා කණ්ඩායමට ඉත සිතින් සුභ පතන අතරම කුසාලානයෙන් පසු සමුගන්නා ලොව බිහිවූ  විශිෂටතම පන්දු යවන්නා වන මුරලිටත් බොහෝ දුරට සමු ගැනීමට ඉඩ ඇති ලොව විශිෂටතම පිතිකරු වා වූ සචින්ටත් හිස නමා ආචාර පුද කරමි ,

මේ සම්බන්ඳ කලින් ලිපිය මෙතනින්

Comments

  1. ඇත්තම කියුවොත් බොස් ලියලා තියන මළමගුලෙන් කිසිම ගන්ට දෙයක් නැත, හැබැයි ලියන විදිහ නම් එල කිරිය, දිගටම ලියපිය, එතකොට තොට තව කොමෙන්ට් එකක් දෙකක් ගන්ට සුවර් එකටම පුළුවන් වෙනවා ඇත. ආ තව පොඩ්ඩෙන් අමතක වෙනවාය, තොට ගුඩ් ලක් ය

    ReplyDelete
  2. කියලා වැඩක් නැත... තෝ දිගටම ලියපිය.... මම ලෙහෙසියකට කොමෙන්ට් දාන එකෙක් නොවෙමි.....

    ReplyDelete
  3. තෝ මකබැවියන්, තොට බ්ලොග් ලියන්න බැ,තෝ ලියන ඒවා අජූතයි

    ReplyDelete
  4. @ iresh කොපි කලේ නිල ගීතෙන්ය ඒකේ ගන්න දෙයක් නැති නිසා මේකත් එහෙමමය .කම්න්ටුවට තැන්ක්යු ය

    @maduranga බොහොම ස්තුතියි

    @ano -ඔහොමවත් කිව්ව එක් ලොකු දෙයක් , තව දෙතුන් දෙනෙක් ඔහොම කීවොත් බහිනව රතු ලූනු වැඩේට

    ReplyDelete
  5. දිගටම ලියමුකො බලන්න

    ReplyDelete
  6. ඔවා කොරන්න හම්බුවෙන්නේ නැති පාටයි.

    http://www.dailymirror.lk/index.php?option=com_content&task=view&id=9869&Itemid=425&utm_source=twitterfeed&utm_medium=twitter

    http://www.adaderana.lk/sinhala/news.php?nid=14312&utm_term=breaking+news&utm_source=twitterfeed&utm_medium=facebook&utm_campaign=news

    ReplyDelete
  7. @ robin ලියමු ලියමු - ආවට ස්තුතියි

    @ ano එහෙම නම් ඉතින් ලමා සාරි , ජාතික ඇඳුම් ඇඳගෙන බබාල වගෙ ගිහින් පොලිස් පති තුමා වගෙ නිදා ගමු- අපේ රටෙ තහනම් කලාට බලමුකො ඉන්දියාවේ ප්‍රෙක්ෂකයො ඔය ඔක්කොම කරන්නෙ නැතිද කියල

    ------------------------------------------------
    .මේ තියෙන්නෙ සමාරම්භක උත්සවේ වීඩියෝ එක http://extratorrent.com/torrent_download/2375786/Cricket+2011+World+Cup+-+Opening+Ceremony+x264.torrent

    ReplyDelete
  8. මෙහි ආවේ අදය. තොගේ ලිවිල්ල නම් මරුය. ඇඩෙනවාය. මට කොතරම් ඇඩුනාද කිව්වොත් අනිත් එවුන්ටත් ෆෝවඩ් කලාය. අප්‍රිකාවේ ජැකා ගැන ලියා ඇති ටික ගැන නම් කියලා වැඩක් නැත. දිගටම ලියපන්ය. අපි කියවනවාය.

    ReplyDelete
  9. @මුහුදු කොල්ලකාරයා - අවාටත් අනික් අයට කිව්ව එකටත් බොහොම ස්තුතියි දිගටම මේ පැත්තේ එන්න

    ReplyDelete
  10. මහත් ලොල්ය. දිගටම මේ ඉස්ටැයිල්ලෙකෙං ලිවුවෙ නැත්තං *** ගලවා අතට දෙනවාය!

    ReplyDelete
  11. මචං බුවා. ඇයි බොට මේ ස්ටයිලෙටම ලියන්න බැරි ? මේකත් ෆුල් ආතල් මචං... පෝස්ට් එකයි, කමෙන්ට්ස් ටිකයි බලලා වෙස්ට් ඉන්ඩීස් උන්ට කලින් තව ඩිංගෙන් මගේ කරටි කැඩෙන්නේය. හප්පා, හිනා වෙලා හක්ක පැන්නිලාය. එල බුවා එල. උඹ මෙහෙමම ලියපන් බං. මේක නම් මැක්සා ෆන්. වැඩේ හරියට කලොත් අපේ බ්ලොග් වලත් උ‍ඹේ ලින්ක් එකක් වැටෙන්නට පුළුවන. ඕං කිව්වා. ජය...

    ReplyDelete
  12. ලංකාවේ එවුනුත් ඉන්දියන් වදුරන් වාගේ බෝතල් විසි කරයි කියලා බාල-සූරිය ලොක්කාට බය වගේය. ඒත් අපි එහෙම බාල නෑ කියලා එතුමා නොදන්නවා උනාට අපි දන්නවෝය. හැබැයි ඔය වගේ ගොන් ආතල් දුන්නොත් බෝතල් වලට අමතරව වෙනවෙන ඒවාත් (පොලීසියට) විසික්කා වන්නට පුලුවන් බව සිතෙනවාය.

    ReplyDelete
  13. @budhajeewa යකෝ වනාතෙ අය්යලටත් තොපි පාට් එක දානවද? ආවට ස්තුතියි

    @chaturanga ඒ කියන්නේ බජාර් පාර හොඳයි නිකන් භාෂාවට වඩා . ක්‍රිකට් බෝඩ් එකට තැන්කු මට වැඩේ අල්ලල දුන්නට .. ප්‍රශ්නේ තියෙන්නේ හැම ලිපියකටම මේ ක හරියනවද කියන එක . මොකද දේශපාලන ලිපියක් ඔය භාෂාවෙන් ලිව්වොත් මහ දරුණු අපහාසයක් වෙන්න පුලුවන් . සුදු වැන් එකකින් ඇවිත් නිල් වෙන්න ගහල යන්නත් ඉඩ තියනව , බලමු ගැලපෙන ඒව එහෙම ලියමු ආවට ස්තුතියි
    ------------------------------------------------
    මම අද දෙරන ප්‍රවෘත්ති වල දැක්ක විදිහට ජනාධිපතිතුමා සින්දුව තහනම් කරල . ඉතා හොඳ තීරණයක් (මගෙ බ්ලොග් එකත් තහනම් කරයිද දන්නෙ නැ.. (sweat) )

    ReplyDelete
  14. @anoඋසාවියෙත් නිදියන පොලිස් පති ගැන තව මොන කතාද ?

    ReplyDelete
  15. @buwa: සිංදුව "තහනං" කරලා? ඒක නං එච්චර හොඳ වැඩක් නෙවේ. නිල ගීතයක් විදියට හරි නැති උනාට ඒක ආතල් සිංදුව.

    සිංදුව සම්පූර්ණෙං තහනං කරලද එහෙම නැත්තං අර "නිල" පට්ටම අයිං කරලද?

    ReplyDelete
  16. @budhajeewa දෙරන තිරෙන් පිටුපස කියන එකේ කිව්වෙ ජනාධිපතිතුමා කිව්වලු අයෙමත් මට ඕක ඇහෙන්න ඉඩ තියන්න එපා කියල . ඒ කියන්නෙ ජාතික එකෙයි ITN එකෙයි විතරද දන්නෙ නැ තහනම් :D

    ඔව් ආතල් සිංදුව නිල කියන නම නොතිබුනා නම්

    ReplyDelete
  17. අද තමයි මුලින්ම ආවෙ, හොඳා හොඳා මල්ලි, ලස්සනට ලියල තියෙනව, තව ලියන්න, පුලුවන් හෑම වෙලාවෙම comment එකක් දානව අනිවාරයෙන්ම. ජය

    ReplyDelete
  18. මචෝ ඔය අනිසන්සෙම තමයි COMMENT නම් නෑ ඒත් කමක් නෑ.......... උබ ලියන විදිහ එල...............

    ReplyDelete
  19. Ela kiri...digatama lyapan....niyamai.comment demmath nethath mamath hemadama balanawa.

    ReplyDelete
  20. @සංහිඳ පාමුළ |ධනු|NIlantha- බොහොම ස්තුතියි ඇවිත් මාව ධෛර්යමත් වෙන්න යමක් ලියල ගියාට

    ReplyDelete
  21. අනිත් ඒවා ගැනනං මං දන්නේ නැතුවා..හැබැයි බුවා කොල්ලෝ තෝ හරියන්නේ කිරිකැට් විචාරයටම තමයි...
    ඈපාසිංහලා කැලේය..පාලිතලා බැද්දේය..
    මේක ලිව්වේ නං කොළුවාගේ අඩෝවැඩියාව ඉවසාගන්ට බැරිවමය..

    අනික බොලා රතුලූණු හිටවන්ට ගොහින් මේ රටේ වගාවට කොරන්න හදන විනාසය වැලැක්කීමටය..
    බොලා නැති උනාට ඒකට අනිත් උං මෙලහකටත් කෙලවා ඇත..

    ReplyDelete
  22. @buwa:ආ, එහෙනං අවුලක් නෑ! :P

    ReplyDelete
  23. @මාරයාගේ හෝරාව - බොහොම ස්තුතියි, මඟේ ඇඬියාවට හරි කොමෙන්ට් දැම්මාට ,ඈපාසිංහ ලොක්කට නම් වඩා පුලුවන් තමා පොර වැඩියම කරන්නෙ බොරුවට කැගහන එකනෙ . අනික් උන් කෙල කරල තියන නිසා තමයි මම ලූනු හිටවන්න යන්නේ,කැමති නම් උඹත් වරෙන්

    @budhajeewa :P

    ReplyDelete
  24. කී්‍රඩකයන් පිළිබඳ විග්‍රහය නම් නියමයි. මේ ඉස්සර පොඩි එකාගෙ ලිවුම ලියපු එල්. සී. ජයසිංහගෙත් පසුව ඒක පලෝ කරපු දයා රජපක්ෂගෙත් ස්ටයිල් එකම තමා. අවුලක් නෑ. හොඳින් ඇහැ කන ඇරන් ඉන්න බව පේනවා සයිඩ් එකෙන් එල්ලන කෑලි වලින්. ජය වේවා!

    ReplyDelete
  25. අම්මට උඩු නයා කිව්වලු, බුවාගෙ කිරිකැට් විචාරය නං මල් හතයි, කියලාම වැඩක් නැත,දිගටම ලියාහං, කොමෙන්ටුත් අපි දාඤ්ඤංකො,

    ReplyDelete
  26. වැඩේනන් මල් හතයි.

    ඇත්තටම අර "නිල සින්දුව" කියන එකේ ආතල් දුන්නට මොකද ඒක "නිල" කියන එකටනන් හරියන්නෙ නෑ. නිල වෙන්ඩ ඔයිට වඩා අර්ථයක් තිබ්බනන් තමා හොද. මොනව වුනත් ලොක්කත් කරපු වැඩේ හොදයි.

    ඒක නෙවෙයි, උඹේ ලිවිල්ලනන් එල කිරි වගේ. තව ලියපන් ආ.

    ReplyDelete
  27. ela kiriya.... tho digatama liyapiya..... thota jaya wewaaaya

    ReplyDelete
  28. උඹේ ලියවිල්ල ඉන්දියාවේ උන් කියෙව්වානම් හොද ආතල් එකක් ගන්න තිබ්බා... !

    ReplyDelete
  29. machan, "pol gas wala karati kadamu' sinduwa thahanam korala nowe ape lokko!
    Ai banner , bera, papara band geniyanna denneth nane pittani walata....itin kohomei aathal ekak ganne?

    ReplyDelete
  30. bayatama kattiya comment dalaya...

    ReplyDelete
  31. @vudara |Sajeewa|Ravi|SLCricFan බොහොම ස්තුත්යි කමෙන්ට් වලට

    @ano-සින්දුව තහනම් කල එක නම් ලොකු දෙයක් -අනික් ඒව තහනම් කල එක නම් බොරු වැඩක්

    @හරී - ඒකනෙ මචන් සද්දයක් දාලම බැලුවේ ,

    ReplyDelete
  32. දැන් නිළ සින්දුව රූකාන්ත අන්කල්ගෙ එක නේද?? ඒකෙ නම් වචන හොදා...
    ඒත් ඔය කලින් සින්දුව ලන්කාවේ මීඩියා මාකටින් මුදලාලිලා ඉල්ලපු සින්දුවක් මිස ඒක ලියපු, කියපු අයියලාගේ වුවමනාවටම කරපු එකක්දැයි සැකය. මොකද ඔය සින්දුව ලියපු අය්යම තමයි, "ලබැදියේ..,සුදු ගව්ම" වගේ සින්දු ලියුවෙත්. නමුත් ඒ අයිය(මනුරන්ග විජේසේකර) ෆීල්ඩ් එකෙ මර්කෙට් වෙල ඉන්නෙ පිස්සු සින්දු ලියන පොරක් හැටියටය. ඕක ලන්කාවේ මීඩියා ෆීල්ඩ් එකේ අවුලක්ය.
    බුවා අයියගෙ ලිවිල්ල නම් පට්ටය...පජාතය...පදිරිය. වැටිල තියෙන කොමෙන්ට් දිහා බලද්දි, ලියාටත් කොමෙන්ට් ඉල්ලා පාට් එකක් දන්න හිතෙන්නේය. (50ක් 60ක් ඇවිත් බලල ගියාට මොකෙක්වත් කොමෙන්ට් දාන්නෙ නැත්නම් මේ බොලොක්ක කෙරුවාවට අලුත් ලියා වගේ උන් අයාලෙ යනව නොවැ.) බුවා අයියල සීනියර් පොරවල් නිසා බය නැතිව පාට් දැම්මට අපි දැම්මොත් එන ටිකත් නැතිවෙයිද දන්නැත.

    ReplyDelete
  33. @ලියා හ්ම් රූකාන්ත අංකල්ගේ සින්දුව නම් හොඳයි.ඔය වගේ ජරාවක් නැතුව හොඳ සින්දුවක් උනත් මාකට් කරගන්න පුලුවන් කම තිබුනා

    කවුද කිව්වෙ මලයො මම සීනියර් කියල, තාම මාස 6 7ක් වෙන්න.ආවට ස්තුතියි
    . කට්ටිය කමෙන්ට් දානව නම් ටිකක් අඩුයි නේද ( මගෙත් මේ පෝස්ට් එකට තමා කමෙන්ට් ආවෙ අනික්වට නැතිම තරම්.) ගනන් ගන්න එපා දිගටම ලියමු

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව