Skip to main content

කලාව තුල හණමිටි වාදය - ලෝකයා සහ අපි (සරල උදාහරණයක් )

හණිමිටි කාරයන්  හෙවත් අන්ත සාම්ප්‍රදායික අදහස් දරන්නන් කියන්නේ අපේ රටට ආගන්තුක දෙයක් නෙවෙයි . අපිට විතරක් නෙවෙයි පැරණි ඉතිහාසයක් හා අනෙන්‍ය සංස්කෘතියක් තියන බොහෝ රටවලට මේක පොදු දෙයක්.ලංකාව සැලකුවාම දේශපාකයින්, මාධ්‍ය වේදීන් , සිවිල් සංවිධාන , කලාකරුවො විතරක් නෙවෙයි විකල්ප මාධ්‍ය ලෙස සැලකෙන වෙබ් අඩවි හා බ්ලොග් තුලත් මේ හණමිටි අදහස් පිරිල තියනව . කලාව තුල හා කලාකරුවන්ගේ සාම්ප්‍රදායික අදහස් මේ අතරින් සුවිශේෂයි ඒ ඇයි ???

ලෝක ඉතිහාසය පුරාවටම මේ සාම්ප්‍රදායිකත්වය බිඳගෙන යාම සිදුකරල තියෙන්නේ කලාකරුවන්. අතීතයෙදි ගද්‍ය හෝ පද්‍ය සාහිත‍යට , චිත්‍ර කලාවට , නර්ථනයට වගේම වර්ථමානයෙදි සිනමාව ඇතුලු ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යන්ට හා මාධ්‍ය කරුවන්ට මේ සාම්ප්‍රදායිකත්ව සීමාවන් බිඳගෙන යාමේ හැකියාව ලැබිල තියනව. අන්න ඒ  නිසයි කලාකරුවන්ගේ සාම්ප්‍රදායිකත්වය ගැන කතා කිරීම වඩා  වැදගත් වෙන්නේ .


ලංකාව තුලත් මේ සාම්ප්‍රදායික බව බිඳහෙලීම අරඹන්නෙ කලා කරුවන් අතින්. සමහර සාහිත්‍ය නිර්මාන , සිනමා නිර්මාන , ටෙලි නිර්මාන ගීත හා සංගීත නිර්මාන හා වර්ථමානය වන විට ගීත රූප රචනාත් සාම්ප්‍රදායික සීමාවන් ඉක්මවා ගිහින් තියනව . මේ ගොඩක් අවස්ථා වලදි ලෝකයේ හැම තැනකදිම උනා වගේ විවිධ බලවේග වලින් විරෝධතාත් මතුවෙලා තියනව . නමුත් ලංකාවේ තත්වය අනික්වට වඩා කණගාටුදායක ලෙස වෙනස් වෙන්න අතිරේක කරුණු කිහිපයකුත් බල පාල තියනව මුලු අතීතය පුරාවට .

පලෙවෙනි කාරණය ආගමික බලපැම අධික වීම , දෙවැන්න ඉහල දේශපාලන අධිකාරයේ පවා බලපැමට යටත් වීම , තුන්වැන්න හෙවත් අවාසනාවන්තම සිදිධිය අනෙකුත් කලාකරුවන්ගෙන් එල්ල වෙන ප්‍රභල විරෝධය  .මේ කාරනාවල් සාම්ප්‍රදායිකත්වය බිඳහෙලන්නන්ට එරෙහිව බල ගැන්වුන හැටි අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය වෙන එකක් නැහැ. කොහොම උනත් එතනට එන්න කලින් මේ ලිපිය ලියන්න හේතු පාදක උන සිද්ධියට යන්න මම කැමතියි  .

මේ ලිපියට පාදක උන අදහස මට එන්නේ අද උදේ අහපු ගීතයක් නිසා .පහල තියන ටොරන්ට් පිටුවෙන් ටොරන්ට් එක බාගෙන .එකේ තියන පලවෙනි  සින්දුව අහල බැලුවොත් මම කියනදෙ වඩාත් හොඳට තෙරෙයි

http://extratorrent.com/torrent/2392125/Dum+Maaro+Dum+%282011%29+MP3+Songs+Download+~192Kbps-CBR+-+ExclusivE+%5BDM%5D.html


 Dum maro Dum කියන හින්දි ගීතය ලංකාවෙ ගොඩ දෙනෙකුට හුරුපුරුදු ගීතයක් (අහල නැත්නම් පහල තිය්න විඩියෝව බලන්න )

 http://www.youtube.com/watch?v=ddGjV51Edok&feature=related

 , මේක 1971 දී තිරගත වෙච්ච 'හරෙ රාමා හරෙ ක්‍රිශ්නා' කියන චිත්‍රපටියේ ආපු සම්මාන වලට පවා පාත්‍ර උන අතිශය ජනප්‍රිය ගීතයක් .මම ඔය දිලා තියන සබැඳියේ තියෙන්නේ ඒ ගීතයෙ නමට සමාන නමක් තියන ලබන මාසෙ තිරගත වෙන චිත්‍රපටියක ගීත එකතුව  .ඒ ගීත එකතුවෙ එන පලවෙනි ගීතයට පදනම් වෙල තියෙන්නේ  Dum maro Dum ගීතයෙ තනුව , නමුත් හාත්පසින්ම වෙනස් ආකෘතියක ගීතයක් විදිහට. හැබැයි මූලික සංගීත කණ්ඩය හා වචනත් ඇතුලත් .  Dum maro Dum ගීතය කිහිප වතාවක් අලුත් සංගීතය මුසු කරල තිබුනත් මේක ඊට හාත්පසින්ම වෙනස් කොටින්ම කියනව නම් ගීතය" කණපිට හරවල" එහෙමත් නැත්නම් ගීතය "මස් "කරල කියල කියන්න පුලුවන්.( ගීත දෙකම අහල බලන්න එතකොට තෙරෙයි ). ඒ සින්දුව අහපු ගමන් මට මතක් උනේ අපේ පැරනී ගීත වෙනස් කරපු භාතියලට , සංගීත් විජේසූරියලට ඇති උන ප්‍රශ්න . ඒව එක්ක බලනකොට මේකට විරුද්ධව සැහෙන විරොධයක් ඇතිවෙලා තියෙන්න ඕනි

[ UPDATE - පෝස්ට් එක සම්පූර්නයෙන් ලියල ඉවර උනාට පස්සෙ මේ පහල තියන අලුත් සින්දුවෙ විඩියෝ එක ලැබුනෙ . සින්දුව විතරක් නෙවෙයි විඩියෝ  දෙකත් අහසට පොලව වගෙ වෙනස් කියල තේරෙයි ]








HD Version -



ඒ ගැන හොයන්න අන්තර්ජාලය පීරුවත් එහෙම විරෝධයක් තියන බවක් පේන්න නැහැ . මේ ගීතය ගැන ලියවුන් එකම ලිපියකවත් එහෙම විරෝධතාවක් ගැන සඳහනක් වත් නැහැ . පුදුමයි !!!!!!!!!

ඒත් මේ අපේ ජනප්‍රිය පැරනි ගීතයක් පාදක කරගෙන මෙහෙම චිත්‍රපටියක් කලා නම් , ඒ ගීතය මේ විදිහට කණපිට පෙරලුවා නම් මොනවා නොවෙයිද ? කලාකාරයොම කීදෙනෙක් රෙද්ද කරට අරන් බනින්න ගනියිද ? "දේශප්‍රේමී" බලවේග මොනවා නොකියයිද? බ්ලොග් කරුවො මොනවා නොලියයිද ? සින්දුවකරපු කෙනා විපක්ෂයට සම්බඳ නම් සින්දුව ෆිල්ම් එකෙන් අයින් කරල ෆිල්ම් එකේ නමත් වෙනස් නොකරයිද ? බැරිවෙලාවත් එයා ආණ්ඩුව්ට හිතවත් නම් ජවිපෙයි යූන්පියයි මේ වෙන කොට ඕකට බැනල මාධ්‍ය හමු කීයක් තියලද ? අන්තිමේදී ඔය සින්දුව ජනාධිපති තුමා ලඟටම ගිහිල්ල නෙද නතර වෙන්නෙ ?

ඔන්න ඔය ටික තමයි මට කල්පනාවට ආවේ . ඒ විතරක් නෙමෙයි අපේ රටෙ අලුත් විදිහට හිතපු කලා කාරයින්ට මීට කලින් මුහුන දෙන්න සිදුවුන අත්දැකීම් දිහා බැලුවාම මේ වගෙ දෙයකදි ,ඒ නිර්මානකරුවව පතුරු ගහන්න ඉදිරිපත් වෙන්නේ වැඩිහරියක්ම අනිකුත් කලා කරුවො නේද ? කියලත් හිතුනා . ඉතින් අපේ රටේ කලාකරුවන් සාම්ප්‍රදායිකත්වය සුලු ප්‍රමාණයකින් ඉක්මවන්නත් බය වෙත්දි ලෝකයේ අනෙකුත් කලාකරුවන් සාම්ප්‍රදායිකත්වයේ බැමි බිඳදාන්න හෙතුව පැහැදිලියි .

මේ ලිපිය දැක්කාම කෙනෙක් කියයි අය්යෝ ඔය හින්දි සින්දුවලට වඩා කොච්චර වැදගත් සම්භාව්‍ය උදාහරණ තියනවද කියල . ඇත්ත එහෙම උදාහරන රාශියක් තියනව නමුත් මම මේ සින්දුවම තෝර ගත්තෙ හේතු කීපයක් ඇතුව . පලවෙනි දේ සංගීතය කියන්නෙ කරදරයක් නැතිවම නවීකරණය කරන්න පුලුවන් දේ ඒවගෙම  අපේ රටෙත් සාම්ප්‍රදායිකත්වය ඉක්මවා ගිය හොඳම මාධ්‍ය සංගීතය.  . අනෙක් අතට ඉන්දියාව ශ්‍රාස්තීය සංගීතය තුල අපිට වඩා ගව් ගනනක් ඉදිරියෙන් ඉන්න රටක් (අපේ අය කරන්නෙත් උන්ගෙ එකමනෙ ) , ඒ අතරම ලංකාවටත් වඩා මිත්‍යා විශ්වාස අන්තවාදීන් පිරුන රටක් වෙලත් මැත කාලිනව  සාම්ප්‍රදායිකත්වය ඉක්මවා යන්නන් බහුලව දකින්නට ලැබෙන රටක් වීම . ඒ වගේම අලුත් විදිහ්ට සිතන්නන් දඬු කදේ ගැසීමට ඉහල දේශපාලන අධිකාරය හෝ  අනෙකුත් කලා කරුවන් ඉදිරපත් නොවීමවගෙ දේවල් නිසා මම හිතන විදිහට අපිට මේ ගැන වඩාත්ම හොඳ අදහසක් ගන්න මේ සිදිදියෙන් පුලුවන් .

මොකද ලෝකයෙ අනෙක් රටවල කලාකරුවන් කරන පෙරලි කරන්න කලින් අඩුම තරමේ ගීතයක් , සරල සිනමා නිර්මානයක් කරන කොට වත් නිර්මාන කරනයේ නිදහස කලා කරුවන්ට ලැබෙන්න ඕනි . නමුත් ප්‍රශ්නය ඒ දේවල් එහෙම වෙනවද කියන එකයි . ලෝකයා ඉදිරියට සැතපුම් ගනන් අඩිය තියන කොට අපි තව තවත් පස්සට නේද මේ යන්නේ ? අලුත් සංකල්පයක් දැක්කාම එක විනාශ කරල දාන ගොත්‍රික මානසිකත්වයේ නේද ඉන්නේ . ආදරය ලිංගිකත්වය වගේ කාරනා දිහා කොච්චර පටු තැනක ඉඳන්ද බලන්නෙ ? ඒව ගැන ලුතෙන් හිතන්න ඉඩක් තියනවද ?

 මගේ මතය නම් ආර්ථිකය හෝ බෞතික සංවර්ධනය පලදායක වෙන්න නම් අලුත් මත වලට ඉඩ ලැබෙන්න ඕනි . ඒ දේ කලා කරුවගෙන් , මාධ්‍ය කරුවගෙන් ඇරඹෙන්න ඕනි . වෙනත් බලවේග කොච්චර විරෝධතාවය පල කලත් ඉහල දේශපාලන අධිකාරය ඒ අලුත් අදහස් වලට ජීවය දෙන්න ඕනි . ගීතයක විඩියොවකින් ආගමකට අපහාස වෙනව කියල තහනම් කරන එක, පරන ගීතයක් අලුත් කලාම පලු යන්න බනින එක , නඩු දාන එක, චිත්‍රපටි තහනම් කරන එක රූප රාමු අයින් කරන එක , වගේ දේවලින් කියවෙන්නේ අපි තාම ඒ වෙනසට සූදානම් නැහැ කියන එක නේද ?

ලිංගික කාරනා ගැන කතා කල නිසාම තවදෙයක් මතක් උනා . මැතක් වෙනකම් අපිටත් වඩා තදබල ලෙස සිනමාවේ ලිංගික නිරූප්නයන් සීමා කරල තිබුන ඉන්දියනු සිනමාව අද ඒ ගැන යහපත් තැනකට පැමිනෙමින් තියනව . මම ජැකොලින් නඟාගේ (නංගිද අක්කද මන්ද ) නිරුවත් දර්ශන  ගැන ලියපු ලිපියෙදිත් කිව්ව වගේ මේ සඳහා හෙතු උනේ දේශපාලන අධිකාරියෙ සහය , හා මාධ්‍ය වල සහය . ඉන්දියානු සිනමාව මේ පැත්තේන් ලබල තියන නිදහස් කොයි තරම් දුරට සාර්ථකද කියල ජැකොලින්ගේ Murder 2  චිත්‍රපටිය තිරගත වෙන කොට අපිට දැන ගන්න පුලුවන් වෙයි . කොහොම උනත් ප්‍රබල අන්තවාදි මත රාශියක් මැද ඉන්දියානු සිනමාව ටිකෙන් ටික ඉදිරියට යන්න හදන්කොට , එහෙව් අන්තවාදී ආගම් නැති රටක "වැඩිහිටිය්න්ට පමනයි" නිර්මාන තහනම් කරන්නත් යන එක ගැන මට නම් තියෙන්නෙ කණගාටුවක්


කට්ටිය බලනව ඇති මේ ලිපියට දීපිකාගෙ පොටෝ එකක් ආවෙ කොහෙන්ද කියල . Dum maro Dum චිත්‍රපටියෙ ඔය ගීතය තියෙන්නෙ Item Song එකක් විදිහට ඒකෙ රඟපාන්නෙ දීපිකා . ඒ නැටුම් ජවනිකාවට අදාල පොටෝ එකක් තමයි ඔය දාල තියෙන්න . ඔය ගිතය ගැන ලියවිල තියන ලිපි හැම එකකම වගෙ කතාවෙල තියෙන්න දීපිකා කලින් චිත්‍රපටියෙ රඟපාපු නිලියට වඩා හොඳ වෙයිද , මේ දවස් වල Item Songs  රඟපාන අනික් අයට වඩා සරාගී වේවිද, මේ ගීතය චිත්‍රපටියෙ සාර්ථකත්වයට බලපායිද  වගෙ දේවල්. හැබැයි ඕක උනේ මෙහෙ නම් කතාවෙන්නේ , ඇයි මෙයාගෙ ඇඳුම මෙච්චර කොට, ඕව බැලුවාම ලමයින්ට මොනවද හිතෙන්නේ?  ඇයි ඔය සින්දුව ටීවී එකේ දාන්න දෙන්නේ ? අපේ සංස්කෘතිය කොයි තරම් හානි වෙනවද ඕකෙන් ......වගේ දේවල් තමයි



මේ සින්දු දෙකම අහල බලන්න කියල ඔන්න මම ආයිත් මතක් කරනව . ඒ වගේම කෙනෙක් හිතනව නම් මගේ උදාරණය බොලඳ වැඩියි කියල මට එයාට කියන්න තියෙන්නෙ  බොලඳ දෙයක් වත් කරගන්න දෙන්නෙ නැතනම් සංකීර්ණ ඒව ගැන කවර කතාද කියල ??

ඒ වගේම හින්දි සින්දු රසිකයින්ට තවත් සින්දු දෙකක් පහලින් දාල තියනව , පැරනි ගීතය හා එකේ Remix එක විදිහට. මේ ලිපිය ගැන ඕගොල්ලන්ගෙ අදහස්ත් දක්වල යන්න කියල ඉල්ලා සිටිනව ඒ වගේම ලිපිය හොඳයි කියල හිතෙනව නම් මුනුපොතේ ශෙයාර් පාරක් එහෙම දාන්න ඉතින් උදව්වක් විදිහට  . සුභ දවසක් හැමෝටම !!

ORIGINAL -



REMIXED -

Comments

  1. test 2 - මේ පෝස්ට් එකට කමෙන්ට් දාන්න බැහැ කියල බ්ලොග් සහෝදරයෙක් කිව්ව නිසයි ටෙස්ට් පාරක් දාන්නෙ .බලන්න එන අය කමෙන්ටුවකුත් දාල යන්න පුලුවන් නම් ඉතින්

    ReplyDelete
  2. හන මිටි වුනත් සමහර දේවල් තියෙනවා බං වැදගත් වෙන...

    ReplyDelete
  3. අනේ බං අපේ රටේ එවුං හිතන හැටි ගැන කතා කරලා අපේ ලේ පුච්ච ගන්න එක විතරයි. අපේ රටේ බණක් උනත් කියන්න පටං ගන්නේ "බලන්න පිංවතුනි, අද අපේ තරුණ පරම්පරාව එන්න එන්නම පිරිහෙමිං යන්නේ, බ්‍ලා බ්‍ලා බ්‍ලා" කියල නේ.

    කලාව උනත් වෙන මොන ස්‍වරූපෙනුත් එන්නෙ ඔය නව්‍යතා-භීතිය තමයි.

    ගහෙං බැහල බිම කකුල් දෙකෙං ඇවිදින්න පටංගත්තු පළවෙනි වඳුරා ලංකාවෙ හිටපු එකෙක් නං, කස්ටිය ඌට බනිනවා "ලැජ්ජ නැද්ද අපේ සදාචාරය, සභ්‍යත්වය, සම්ප්‍රදායට අපහාස කරමිං බිමිං යන්න?!" කියලා.

    ReplyDelete
  4. ඒකත් ඇත්ත තමා නේ ..ඒත් ඉතින් ඕව දැක්කාම ඉතින් අතපය කහනව වගේ

    "ගහෙං බැහල බිම කකුල් දෙකෙං ඇවිදින්න පටංගත්තු පළවෙනි වඳුරා ලංකාවෙ හිටපු එකෙක් නං, කස්ටිය ඌට බනිනවා "ලැජ්ජ නැද්ද අපේ සදාචාරය, සභ්‍යත්වය, සම්ප්‍රදායට අපහාස කරමිං බිමිං යන්න?!"



    පට්ට කතාව මචන්

    ReplyDelete
  5. මට මේ සින්දුව දකිද්දි මුලින්ම හිත ගියේ... මේක Editing Style එකටයි...Aarif Shaikh කියන editor ඒක පට්ටට කරල තියෙන්වා.....

    අනිත් එක මේක music direct කරල තියෙන්නෙ මේ වනවිට bollywood වල සුපිරි music director කෙනෙක්...Pritam Chakraborty....
    ඔහු මේ පැරණි ගීතයට නව පණක් දෙන්න try කරල තියෙනවා...( එයා ප්‍රවීන කෙනෙක් වුනාට වැඩේ ඒ තරමටම සාර්ථකද කියල නම් පොඩි කුකුසක් තියෙනව... මට නම් )

    මෙතන තියෙන හොඳම දේ,Rohan Sippy කියන මේ ෆිල්ම් එකෙ අධ්‍යෂ වරයාට මේවගෙ නිර්මාණයක් බය නැතිව කරන්න තරම් විශ්වාසයක් ඉන්දීය සමාජය විසින් ලබා දීමයි...
    සිනමාවේ ඇති කලාත්මකභාවයන් ගැන වැටහීමක් ඇති නූතන ඉන්දීය සමාජයට මේව මැජික් නෙවෙයි... අපේ රටේ අයට එහෙම උනාට....

    අපේ රටේ මිනිස්සුන්ගේ ඔලුවලයි අවුල තියෙන්නේ.......
    ඒගොල්ලො බලන්නෙ ෆිල්ම් එකේ තියෙන ෆිල්ම් එක නෙවෙයි... වෙන වෙන දේවල්.... (fashion show එකක් බැලුවත් එහෙමනේ.... බලන්නේ fashion designer කරපු creation එක නෙවෙයි... model දිහා)

    ඒ නිසා අපේ මිනිස්සුන්ගෙ ඔලු සුද්ද කරන්න ඕන, ඔය හනමිටි අදහස් නැති වෙන්න නම්.....
    එහෙම කරපු දවසක අපේ කලාවත් ලෝක මට්ටමට ඒවි....

    ReplyDelete
  6. @Gayan බොහොම ස්තුතියි අදහසට මමත් එකඟයි

    ReplyDelete
  7. @Gayan Bollywood වල සිනමා කලාව කියල දෙයක් නැහැ. Bollywood වලින් දෙන්නෙ entertainment විතරය්. entertainment සහ art(කලාව) කියන්නෙ දෙකක්. Bollywood ලංකාවෙ සිනමාවට වඩා ඉදිරියෙන් ඉන්නෙ මුදල් පැත්තෙන් විතරය්. නිර්මාන වල තියෙන ගුනාත්මක බව ගත්තොත් ලංකාව තරමටම චාටර්. අනිත් එක bollywood කියන්නෙ නිර්මාන හොරුන්ගෙ පාරාදීසයක්, ෆිල්ම් 100ක් ආවොත් 90 ක් ම hollywood වල හරි ආසියාවෙ වෙන රටක සිනමාවෙන් copy කරපුව, ඒකත් original creator ට credit එක දෙන්නෙ නැතුව තමන්ගෙ වගේ ලැජ්ජ නැතුව පෙන්නන්නෙ.

    ඒ වගේම murder 2 චිත්‍රපටියෙ ලිංගික දර්ශන වලින් ලිංගිකත්වය ගැන විශ්ලේශනයක් කරන්නෙවත්, කතාවට වෙන දායකත්වයක් වත් නැහැ, ඒ දර්ශන තනිකර දාල තියෙන්නෙ අපි වගේ කොල්ලොන්ට ආතල් දෙන්න මිසක්, කොටින්ම කිව්වොත් soft porn. ෆිල්ම් එකකින් ඔය වගේ ආතල් ගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ, හැබැය් බුවා කියල තියෙන විදියට ඒකෙන් කලාවට මහ සෙතක් වෙන්නෙ නැහැ. මොකද මම කලින් කිව්ව වගේ ආශ්වාදය සහ කලාව කියන්නෙ දෙකක්

    ReplyDelete
  8. @ඇනෝ- බොලිවුඩ් වල කලාත්මක නිර්මාණ ඕනි තරම් තියනව ඔබතුමා බලලා නැතිවෙන්න පුලුවන් . කලාත්මක සිනමාවය කියන්නේ "සම්භාව්‍ය " සිනමාවය කියන තැන ඉඳන් බැලුවොත් නම් ඔබේ තර්කය නිවැරදියි . නමුත් වින්දනාත්මක සිනමාවට කලාත්මක රූප රාමු, කැමරා කෝන , සංගීතය, කලා අධ්‍යක්ෂනය වගේ දේවල් භාවිතයේදී බොලිවුඩය සැහෙන ඉදිරියෙන් ඉන්නව අපිට වඩා . මර්ඩර් 2 කියන්නේ නම් ඔබ කිව්වා වගේම අසාර්ථක නිර්මාණයක් .

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි



නායකයා


කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   .

නායකත්ව ලක්ෂණ  

කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකාව විවිධාකාර …

අපි නොදන්න අවුරුදු ක්‍රිඩා

2012  සිංහල -හින්දු අලුත් අවුරුද්ද උදාවීමට ඇත්තේ පැය කිහිපයකි . සියලුම සිංහලයන්වත් සියලුම හින්දුන්වත් මේ උත්සවය සමරන්නේ නැති වුවත්  අලුතින් නම් සොයනවාට වඩා පහසු නිසා  පොදු භාවිතයම යොදා ගැනීම  වඩා හොඳය . මුණු පොතේ එක එකා ටැග් කරන ෆොටෝ වල ටැග් ගැලවීමත් , බතික් සරම් ගහගෙන ගැමි කම ගැන පොර ටෝක් දෙන "විද්වතුන්ගේ" බයිලා අසා සිටීමත් එපා වී ඇති නිසා මේ ලියා තබන්නට සැරසෙන්නේ අවුරුදු උත්සවය හා බැඳි ඇති  අවුරුදු ක්‍රිඩා කිහිපයක්  අවුරුද්දේ පමණක් නොව මුලු වසර පුරාම මේ ආශ්චර්ය්‍යද්වීපයේ දකින්නට ලැබෙනා හැටි ගැනය







සැඟවුනු අමුත්තා 

සැඟවුනු අමුත්තා බොහෝ අවුරුදු උත්සවයන්හි දක්නට ඇති තරඟයකි . ක්‍රිඩාවක්ම නොවුනත් පුංචි පහේ වින්දනයක් ඇති වැඩකි . මෙහි ඇති අපූර්වත්වය නම්  'සැඟවුනු අමුත්තා' යැයි කිවාට අදාල අමුත්තා හැංගි මුත්තං කෙලියකදි මෙන්  සැබවින්ම සැඟවී සිටින්නේ නැති වීමය . ඔහු අවුරුදු උත්සවයට සහභාගිවන  අනෙකුත් පිරිස අතරම  රැඳි සිටින , එවැන්නෙක් සිටිනවා යැයි කවුරුත්  දන්නා චරිතයකි . එනම් ඉන්න බව දන්න , ඉන්න තැන දන්න ඒත් අල්ලා ගැනීමට අපහසු චරිතයකි

මේ ආකාරයේ සැඟවුනු අමුත්තන් අවුරුදු  නොතිබුන…

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාමත් …