Skip to main content

මාලිගාවෙ උලු නම් කුඩෙ කුඩු , ඊලඟට තල්මසුන්ගෙ හකු ?? - අවසන් පූර්ව වටයට කලින් බුවාගේ විග්‍රහය


සිංහ පැටවුන්ගෙ සුපිරි ජයග්‍රහනයත් එක්ක බුවාගේ අනාවැකි 4න් තුනකුත් ගොඩගියා . පැවැත්වුන තරඟ ගැනත් ඉදිරි තරඟ ගැනත් , මෙවර ලෝක කුසලානය එක්ක බැඳුන තවත් කාරණා කිහිපයක් ගැනත් තමයි අද ලියන්න හදන්නෙ .

අර්ධ අවසන් පූර්ව වටය 

ලෝක කුසලානය ගැන මුල ඉඳලම ලිපි ලිව්වත් මේ වටය ගැන තමයි මුලින්ම අනාවැකියක් ඉදිරිපත් කලේ ඔක්කොම හරි නොගියත් එයින් 3ක් හෝ හරි ගිය එක ගැන සතුටුයි .

 පකිස්ථානය හා කොදෙව්වන් අතර තරඟය නම් මේ වටයේ තරඟයක ලක්ෂනය නොගත් එක නම් කණගාටුයි . දඟ පන්දු යවන්නන් හමුවේ කොදෙව්වන්ගෙ පිතිකරනයෙ තිබුන දුර්වල තාවය තමයි මේ තරඟයෙ අවාසනාවන්ත තත්වයට හේතු උනේ .


ඉන්දු ඕස්ට්‍රෙලියා තරඟය බලාපොරොත්තු උන විදිහටම ඉතාම හොඳ තරඟකාරී ස්වභාවයක් ගත්තා. ලෝකයේ හොඳම කණ්ඩායම් දෙක තරඟ වදින කොට වෙන මොනව බලා පොරොත්තු වෙන්නද ? කොහොම උනත් සුරේෂ් රේනා කණ්ඩායමට එක්කරගැනීමත් බොහෝ විචාරකයින් පැවසු විදිහට වෘත්තීය දඟ පන්දු යවන්නෙක් කණ්ඩායමට එක් කරගැනීමට පිති කරුවෙක් අයින් නොකිරීමත් නායකයා විදිහට දෝනිගෙන් මේ ජයග්‍රහනයට ලැබුන මූලිකම දායකත්වය කියල කියන්න පුලුවන් . ඒ වගේම තමන්ගේ පන්දු යවන්නන් භාවිතයෙදි දෝනි ඉතාම හොඳ දක්ෂතාවක් දැක්වුවා කියලත් කියන්න පුලුවන් . ඉන්දියාවට සුභ පතන්න වෙනමම ලිපියක් ලියපු නිසා ඒ ටික අතහරිමුකො . අවසාන වශයෙන් මේ තරඟයෙදි ඉන්දියානු පන්දු යවන්නන් දැක්වූ දක්ෂතාවන් පවත්වාගන්න එක ඉන්දියානු කණ්ඩායමට ඉදිරි තරඟ වලදි ඉතා වැදගත් කියන එක කියන්න ඕනි

තුන්වෙනි තරඟය අවසන් වුනේ ගොඩ දෙනෙක් නොහිතපු විදිහට . මගේ අනාවැකියකුත් බොරු කරගෙන . ක්‍රිකට් තරඟාවලි වලදි දක්ෂතම කණ්ඩායමට වඩා අවස්ථානුකූලව දක්ෂතා පෙන්නන අයට ඉදිරියට යන්න අවස්ථාව ලැබෙනවා කියන එකට මේක හොඳ උදාහරණයක්.පිතිකරනය හා පන්දු යැවීම කියන අංශ දෙකෙන්ම තර්කානුකූලව බැලුවාම ඉදිරියෙන් ඉන්න ද: අප්‍රිකාව එදා පිතිකරනයේ යෙදුන විදිහ නම් ඉතාම කණගාටුදායකයි . කොහොමින් හරි ක්‍රිකට් වලට තර්ක වැඩක් නැය කියල ඔප්පු කරමින් නවසිලන්තය ජයගත්ත . ඒ වගේම මම මුල්ම ක්‍රිකට් ලිපියෙත් ලිව්ව වගේම දකුණු අප්‍රිකානුවන්   නැවතත් වතාවක් ලෝක කුසලානයක් තුලදි අසාර්ථක උනා.අවසන් 4 දෙනාට පැමිනේවිය කියල ගොඩ දෙනෙක් බලාපොරොත්තු උන ඕස්ට්‍රෙලියාව හා ද:අප්‍රිකාව කලින්ම ඉවත් උනත් ඒ කණ්ඩායම් දෙකම ඉතාම දක්ෂ කණ්ඩායම් බව නම් කියන්න ඕනි . ශ්‍රි ලංකාව පැත්තෙන් නම් ද: අප්‍රිකාවට වඩා නවසිලන්තයට මුහුන දෙන එක පහසුයි කියලයි මම හිතන්නෙ

අවසන් තරඟය ශ්‍රිලාංකික ක්‍රිඩා ලෝලීන් අමන්දානන්දයට පත්කල තරඟයක් . තරඟාවලිය තුලදි දෙවෙනි වතාවටත් ලකුනු 200 ඉක්මවුන සම්බන්දතාවයක් ගොඩ නඟන්න සමත් උන දිල්ශාන් හා තරංග තරඟාවලියෙ හොඳම ආරම්භක පිතිකරු යුගලය බව නැවතත් සනාත කලා . මේ වටය තුලදි කඩුලු 10 ක පරාජයක් කියන්නෙ බටහිර ඉන්දියාව ලැබූ පරාජය වගේම පරාජයක් ඒත් එංගල්න්ත ක්‍රීඩකයින් තරඟය පුරාවටම  දැක්වූ සුහද ශිලි  විලාසය නම් අගය කලයුතුමයි මාලිංගගේ දරුණු යෝකර් පන්දුවට මුහුන දීල හිනාවකින් මාලිංගත් එක්ක කතා කිරීම , වැරදුන දිල් ස්කූප් එකට පොඩි අත්පුඩියකින් හා සිනාවකින් සංග්‍රහ කිරීම , පිත්ත අතින් අතැරුන දිලශාන්ට දක්වපු ප්‍රතිචාරය , තරංගගේ ශතකය වෙනුවෙන් දිල්ශාන් අමුතු ආකාරයේ ආරක්ෂක පියවර වලට යත්දි දක්වපු ප්‍රතිචාරය වගෙ දේවල ඔවුන්ගේ මේ උසස් ගතිගුණයට නිදසුන් . මේ බව වඩාත් හොඳින් කැපී පේන්නෙ කලින් තරඟයෙදි ඕස්ට්‍රෙලියානුවන් ඉන්දියාවට දක්වපු ප්‍රතිචාර ත් එක්ක සසංදනය කලාම . කොහොම උනත් තමන්ගෙ හොඳම පිතිකරුවාත් පන්දු යවන්නත් නොමැතිව එංගලන්තය මෙ ආපු දුරත් ඇතිය කියලයි මම හිතන්නෙ

අවසන් පූර්ව වටය

ශ්‍රි ලංකාව හා නවසිලන්තය අතර පැවැත්වෙන අවසන් පූර්ව වටයේ පලමු තරඟය කවුරුවත් බලාපොරොත්තු උන එකක් නෙවෙයි . මොකද නවසිලන්තයට මෙතරම් දුරක් එන්න ලැබෙවිය කියල ගොඩ දෙනෙක් හිතුවෙ නැහැ . කොහොම උනත් ඒ නිසාම ශ්‍රි ලංකා කණ්ඩායමට හිතුවාටත් වඩා මේ තරඟය පහසුවෙන්න ඉඩ තියෙනව . මොකද නවසිලන්ත කණ්ඩායම දඟපන්දු යවන්නන් ඉදිරියේ ඉතාම අසරණ බව කලින් පැවැත්වුන ශ්‍රි ලංකා නවසිලන්ත තරඟයේදී පේන්න තිබුනා. . ඒ වගේම ශ්‍රි ලංකා කණ්ඩායම ප්‍රේමදාස ක්‍රිඩාංගනයේදී ලකුණු හඹා යැමෙදී උනත් ගැටලුවක් ඇති කරනොගන්න බව පේන්න තියනව .කොහොම උනත් නවසිලන්ත කණ්ඩායමට විටෝරිගේ එකතු වීමත් , මුරලිදරන් ආබාධ තත්වයත් සමහර විට ලංකාවට ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. ඒත මට හිතෙන විදිහට පන්දු රැකීමෙදි සිදු කරපු අඩු පාඩු හදාගෙන ක්‍රිඩා කිරීමෙනුත් හා  සංගා , ,මහේල තරඟවලිය පුරාම දක්වපු දක්ෂතා ඒ විදිහටම දැක්වුවොත් ලංකාවට අවසාන තරඟයට යන්න පුලුවන් කරදරයක් නැතුවම 

ඉන්දියාව හා පකිස්ථානය අතර පැවැත්වෙන දෙවෙනි අවසන් පූර්ව තරඟය මෙවර ලෝක කුසලානයේ සුවිශීම තරඟයක් බවට පත්වෙයි . මොකද නොසිතූ විරූ දක්ෂතා දක්වපු පකිස්ථානයත් , තරඟවලියේ තවත් සුපිරි දක්ෂතා දක්වපු කණ්ඩායමක් වන ඉන්දියාවත් තරඟ වදින නිසා . කොහොමටත් ඉන්දියා - පකිස්ථාන තරඟ ඉතාම උණුසුම් ස්වභාවයක් ගන්නා නිසා බොහෝ දෙනෙකුගෙ අවධානය මේ තරඟයට යොමුවෙලා තියනව .ඉන්දියාවේ අගමැති තුමත් පකිස්ථානයේ නායකයිනට තරඟය නරඹන්න කියල ආරධනා කරල තියනව කියල ආරංචියි , යම් විදිහකින් මේ රාජ්‍ය නායකයොත් තරඟය බලන්න ආවොත් ඒක කණ්ඩායම් දෙකටම ප්‍රභල මානසික පීඩනයක් වෙන්න ඉඩ තියනව . තමන්ගෙ රටේදීම පකිස්ථානයට පැරදේවිය කියන එකත් , එහෙම උනොත් ඉන්දියානු ප්‍රෙක්ෂකයින් කුපිත වේය කියන එකත් නිසා ඉන්දියානු කණ්ඩායමට දැනෙන පීඩනය වඩාත් වැඩි වේවි.තරඟය පැවැත්වෙන මොහාලි ක්‍රිඩාංගනය පකිස්ථානයට ඉතාම ආසන්න ව පිහිටලා තියන නිසා දේශගුණයේ හෝ පිට්ටනියේ වෙනස් කමක් එතරම් තදින් පකිස්ථානුවන්ට බලපාන එකක් නැහැ .ඒ වගේම මේ ක්‍රිඩාංගනයෙ ඉන්දියාව හා පකිස්ථානය අතර අවසනායට පැවති තරඟය ( 2007 දි ) ජය අරගෙන තියෙන්නෙත් පකිස්ථානය , ඒ ඉන්දියාව ගත්ත ලකුණු 322 ට පිලිතුරු විදිහට ලකුණු 323 ක් අරගෙන  ඒ නිසා පකිස්ථානයට හොඳ ආත්ම විශ්වාසයකින් තරඟ බිමට එන්න පුලුවන් .අනෙක් අතට පිතිකරුවන්ට වඩා වාසි සහගත මොහාලි තනතීරුව වඩාත් ප්‍රභල පිතිකරුවන් ඉන්න ඉන්දියාටවට වාසි සහගතයි කියල හිතන්න පුලුවන් . ඒ වගේම මේ තරඟවාලිය පුරාවටම දක්ෂතා පෙන්වපු යුවරාජ් ගේ ක්‍රිඩා දිවියෙ ආරම්භක ක්‍රිඩාංගනය වෙන්නෙ මොහාලි. ඒ නිසා මේ පිට්ටනිය තුල ඔහුගේ සාර්ථකත්වය තවත් වැඩි වේවිය කියල හිතන්න පුලුවන් . ඒත් එක්කම මේ දක්වා ලෝක කුසාලාන තරඟයකදී ඉන්දියාව පරාජයට පත්කරන්න පකිස්ථානයට අවස්ථාවක් ලැබිලා නැහැ කියන එකත් ඉන්දියානුවන්ගේ ආත්ම විශ්වාසය වැඩි දියුණු කරන්න හේතුවේවි . පකිස්ථානයට වාසි සහගත කරුණු කාරනා තිබුනත් , තරඟය කොතරම් තියුනු උනත් අවසානයෙදී ජය ඉන්දියාවට හිමිවේවිය කියල මම හිතනව , සචින්ගේ හෝ යුවරාජ් ගෙන් දිගු ඉනිමක දායකත්වයක් ලැබුනොත් ඒක වඩාත් පහසුවෙවි

ඉදිරි වටය ගැන අනාවැකි ඔන්න ඔහොමයි ,බලමු මොකද වෙන්නෙ කියල නේ

මෙතෙක් තරඟයේ දුටු තවත් දේවල්

විශේෂඥ විස්තර විචාරකයින්ගේ ප්‍රකාශ , තිරණ ගොඩාක් දුරට අසාර්ථක වෙන බවක් මේ පාර පේන්න තිබුන , ජයග්‍රාහී කණ්ඩායම් , කණ්ඩායම් වල සංයුතිය , තණ්තීරු වල හැසීරීම වගේ ගොඩක් දේවල් ගැන මේ අය කියපු දේවල් වැරදුනා . දවස් ගනන් කාලකණ්නි විදිහට ගහපු ක්‍රිකට් ක්‍රිඩාව මොහොතින් මොහොත හදගැස්ම වැඩි කරවන් ක්‍රිඩාවක් දක්වා පත්වුන වෙනස් වීම සමහර පැරණි ක්‍රීඩකයින් නිවැරදිව ග්‍රහනය කරගෙන නොමැති වීම මේකට හෙතු වෙන්න පුලුවන් . මේ අය අතරින් ටෝනි ග්‍රෙග් මහත්තය නම් මේ නවීන තත්වයන්ට අපුරුවර හැඩ ගැහිල ඉන්නව . ඒ නිසාම එයා කියන බොහොමයක් දේවල් අනික් අයට වඩා සාර්ථකයි

මේ විචාරකියින්ම කරපු චෝදනාවක් ගැන කතාකරන්නත් මම කැමතියි , චෝදනාව එල්ල උනේ ඉන්දියාවට උනත් යම් විදිහකින් පසුපෙල ශක්තිමත් උනා නම් අපිටත් එල්ල වෙන්න ඉඩ තිබුන චෝදනාවක් මෙක . ඒ තමයි රසිකයින් වෙනුවෙන් සෙල්ලම් කිරීම වැරදිය කියන් එක , ඒ කියන්නෙ රසිකයින් ප්‍රිය කරන දැවැන්ත ප්‍රහාර වලට යැම අවශ්‍ය දෙයක් නෙවෙයි , රටේ ජයග්‍රහනය උදෙසා පමනක් සෙල්ලම් කල යුතුයි කියන එක 

බැලු බැල්මට නම් කතාව ඇත්ත වගේ පෙනුනත් මෙතන සැඟවුන කතාවක් තියනව .ඒ තමයි ක්‍රිකට් ක්‍රිඩාව ලබල තියන විභූතියට ප්‍රාධානතම හේතුව රසිකයින්ය කියන එක . ක්‍රීඩකයිනට විතරක් නෙවෙයි ඔය විචාරක මහත්තුරුන්ට පවා බොහොම සුව පහසුවට ඉන්න ලැබිලා තියෙන්නෙ රසිකයින් නිසා . මේ තත්වය ඉන්දිවෙදි( අනිකුත් දකුණු ආසියානු රටවල්දිත් ) ගොඩක් වැඩියි . ලෝකෙ දියුණු රටවල ක්‍රිකට් ක්‍රිඩකයින්ටවත් නැති තරු ස්වාභාවයක් මෙ අයට රසිකයින්ගෙන් ලැබිලා තියෙන්ව .ලෝකයම බලන ක්‍රිකට් තරඟාවලියේ අනුග්‍රාහකියින් විදිහට ඉන්දියාවට (හෝ කලාපයට ) පමනක් අදාල හීරෝ හොණ්ඩා හා රිලායන්ස් සමාගම් ඉදිරිපත්වෙන්නෙත් ඒකයි , ඉතින් එතරම් තිරණාත්මක නැති තරඟයකදි රසිකයින් බලාපොරොත්තු වෙන ප්‍රහාරාත්මක පිතිකරනයකට යන එක වැරදිද ? ලකුනු සාමාන්‍ය 35 ටත් වැඩි පිතිකරුවන් 7 දෙනෙක් ඉන්න ඉන්දියානු  කණ්ඩායම හැම තරඟයකදිම යන්තම් 250 ක් 260 ක් ගහගෙන දිනනව විතරක් නම් ඒ රටේ රසිකයො කැමතිද ? 

අපේ කණ්ඩායමෙත් ජයසූරිය හරි ඒ වගෙ වෙනත් ප්‍රහාරකයින් කිහිප දෙනෙක් හරි හිටියනම් අපිත් අපේ කණ්ඩාය්මෙන් හොඳ ලකුනු ගානක් බලාපොරොත්තු වෙනව . සමහරවිට අපේ අයත් ඒ වගෙ තත්වයක්දි රසිකයින් වෙනුවෙන් ප්‍රහාරාත්මක පිති හරඹයකට යන්න ඉඩ තියනව .එහෙම උනා නම් අපටත් මෙ චෝදනාව එල්ල වේවි . 

ඉතින් අපට නැතත්  ඉන්දියාවට වගේම පකිස්ථානු නායක සහිඩ් අෆ්‍රිඩිටත් මේ අය කරන මේ චෝදනාව සාධාරනද ??? 


මේ තරඟවලිය සම්බන්ද විකාශන කටයුතු වලදි ත් වෙනදට වඩා අපුරු සිද්ධීන් , වැඩසටහන් හා දැන්වීම දකින්න ලැබුනා.ලංකාවෙ විකාශය කටයුතු කරන චැනල් අයි නාලිකාවෙ ෆැන් ටෝක් විශේෂාංගය, ස්ටාර් ක්‍රිකට් නාලිකාවේ හර්ෂා හා සීක් පොරගේ (මට නම ඩයල් නැ ) අපූරු කතාබහ , ක්‍රිකට් ක්‍රීඩකයින් ගේ ආවෙනිකත්වයන් පාදක කරගත් පෙප්සි දැන්වීම .ඉන්දියාවෙ ජයග්‍රහනය පතා නිර්මානය කෙරුණ හවුස්ෆුල් කණ්ඩායමේ දැන්වීම මේ අතර තියනව .

මේ අතරින් පෙප්සි දැන්වීමේ තිබුන දේවල් ඒ විදිහටම  කරන්න නම් ක්‍රිඩකයින්ට බැරි උනා. පීටර්සන් ට තරඟයට එන්න ම බැරි උනා , හරිබජන් දුස් රා දැම්මත් කඩුලු ලබා ගත්තෙ නැහැ , දිල්ශාන් ගහපු එකම ස්කූප් එකත් අසාර්ථකයි , දෝනි නම් හෙලිකොප්ටර් ශොට් එකට සැහෙන කාලෙකින් ගිහින් නැ (හැබැයි පුහුනු තරගෙදි නම් ගැහුවා ) , ශෙවාග් කොච්චර නෙලුවත් ඌපර් කට් ද මොකක්ද එකට යනව නම් මම දැක්කෙ නැ . ඒ කියන එව්වා ඒ විදිහට කලෙ අපේ මාලිංගත් , බිලී බවුඩන් අම්පයර්තුමත් විතරයි :D

මෙවර ලෝක කුසලාන්ය ගොඩක් ක්‍රීඩකයින්ට පෞද්ගලිකව වැදගත් වීමත් විශේෂිත දෙයක් ඒ අතර සචින් හා මුරලි ඉදිරියෙන්ම ඉන්නවා . ඊට අමතරව ගොඩක් ක්‍රීඩකයින් විවිධ ලකුණු සීමා කඩයිම් වලට ලඟාවීම  මේ තරඟාව ලියෙදි සිදුවුනා . එ වගේම ක්‍රිකඩ් ක්‍රිඩාවෙ දැවැන්තයින් බොහොමයක් දෙනෙක්ගේ අවසන් ලෝක කුසලානය මෙය විය හැකියි . සචින් , මුරලි, පොන්ටින්, මිශ්භා උල් හක් , යුනිස් ඛාන් , බ්‍රෙට් ලි, ජැක් කලිස්, ශොහිබ් අක්තාර් , සහීර් ඛාන් වගේම සංගක්කාර , මහෙල , දිල්ශාන්ටත් එහෙම වෙන්න පුලුවන් ( ලංකාව ආදේශක හොයාගත්තොත් ) 

ඒ කිව්වෙ දැක්ක විශේෂතා ගැන , අවසාන වශයෙන් ලියන්න හදන්නෙ ලෝක කුසලාන තරඟාවලිය අවසානයෙදී සම්මානයට ලක්වෙන් අය ගැන අනාවැකියක් සහ මට හිතෙන තවත් සම්මාන කිහිපයකට සුදුස්සන් , මේව ගැන ඔබේ අදහසත් කමෙන්ට් කරන කොට දාන්න 

සාර්ථකම පිතිකරු - ඉන්දියාව අවසන් තරඟයට ගියොත් සචින් නැත්නම් සංගා
සාර්ථකම පන්දු යවන්නා - පකිස්ථානය අවසන් වටයට ගියොත් සහිඩ් අෆ්‍රිඩි නැත්නම් සහීර් ඛාන්
හොඳම තුන් ඉරියව් දක්ෂතා - යුවරාජ්
තරඟාවලියේ වීරයා -අවසන් තරඟ ප්‍රතිපලය අනුව  දිල්ශාන් හෝ යුවරාජ්
හොඳම නායකයා - සංගා හෝ දෝනි
ශිලාචාරම කණ්ඩායම - එංගලන්තය 
අශිලාචාරම කණ්ඩායම - පකිස්ථානය / ඕස්ට්‍රෙලියාව
අශිලාචාරම ක්‍රිඩකයා -  සහිඩ් අෆ්‍රිඩි, ශෝන් ටේට්, ඊලඟ තරගෙන් පස්සෙ සමහර විට හරිබජාන්
ඉදිරි බලාපොරොත්තු සහිත නවක කණ්ඩායම - අයර්ලන්තය 
ඉදිරි බලාපොරොත්තු සහිත නවක් ක්‍රීඩක - ජෝජ් ඩොක්ට්‍රෙල් (අයර්ලන්තය )

ඔන්න ඔහොමයි මට හිතෙන්නෙ . අවසන් තරඟයට කලින් තවත් ක්‍රිකට් ලිපියකින් මුනගැහෙමු .ක්‍රිඩාශිලි සතියක් හැමොන්ටම

අපේ සිංහ පැටවුන්ට ජයවේවා!!!!!!!


Comments

  1. අශිලාචාරම ක්‍රිඩකයා - සහිඩ් අෆ්‍රිඩි
    why?

    ReplyDelete
  2. @kassa
    මැච් ටික ඔක්කොම බැලුවද ? සහිඩ් අෆ්‍රිඩි පිට්ටනියෙ දඟලන විදිහ , කැගහන විදිහ , බොලේන් බෝලෙට තමන්ගෙ ක්‍රිඩකයින්ට උපදෙස් දෙන්න යන එක , වරදින කොට බනින එක . මම දකින විදිහ්ට නම් ශිලාචාර නැහැ . කණ්ඩායමේ නායකය එහෙම උනාම ඒකෙ කැත වැඩියි

    ReplyDelete
  3. දීර්ඝ ලිපිය ඔක්කොම කියෙව්වා...අර සුහද බව කියන තැන මමත් පොඩ්ඩක් කියන්නම්...මීට කලින් තරගයකදි (මේ ලෝක කුසලාන නෙමේ ) මැතිව්ස් පන්දු යවන ක්‍රීඩකයගේ ඇගේ හැප්පිලා දුවද්දී දැවී ගියත් ස්ට්‍රවුස් නැවත මැතිව්ස්ට පන්දුවට පහර දෙන්න ක්‍රීඩාපිටියට කතා කරා..ඒක තාමත් මටකයි..කොටින්ම සුද්දට අපි අකමැති උනත් මම එන්ගලන්තේට දැන් දැන් ලයි..ආසියාවේ උනත් ඉන්දියාව නම් කුජීතයි..පකිස්තානෙත් එහෙමයි..ඉන්දියාවේ ශේවාග්,දෝනි,සචින් සහ නේරා ඇරෙන්න අනිත් උන් නම් ගන්න දෙයක් නෑ..පකිස්තානෙත් එහෙමයි...ඉන්දියාවේ නේරා ගැනත් පොඩ්ඩක් කියන්න ඕනා..නේරා කියන්නේ මම දකින විදිහට තින්ග්කින්ග් බෝලර් ක්‍රෙනක්...හරියට තරගේ තේරුම් අරන් ක්‍රීඩා කරන්නේ..හතරක් ගැහුවත් හිනාවක් දාලා පාඩුවේ යනවා...ඕස්ටේලියා නම් ගන්න දෙයක් නෑ//පොන්ටින්ග් කක්ක..ගිල්ක්‍රිස්ට් ඉන්න කාලේ මහත්මයක් වගේ සෙල්ලම් කරා..මට හිතෙනවා මේ ගැන වෙනම පෝස්ට් එකක් දාන්න....ජය!!

    ReplyDelete
  4. හොඳ විග්‍රහයක්. මට එංගලන්ත ශ්‍රී ලංකා මැච් එක බලන්න විදිහක් නැත්ද..?

    ReplyDelete
  5. @රත්ගමයා-
    ඇත්තට එංගල්න්තෙ නායකයත් ක්‍රීඩකයොත් සැහෙන්න හොඳයි , ඉන්දියාවෙ ඔයා කියන අයට අමතරව යුවී, රෙයිනා හා කොලිත් ත් මට නම් අවලක් නැ පණ්ඩිත උනාට අනික් උන්ට සාපෙක්ෂව හොඳයි හරිබජන් සහීර් දෙන්නා නම් අන්තිම කුජීතයි . 4ක් ගැහුවත් හිනා වෙන නේරගෙ ගතියට මමත් කැමතියි (අපේ මාලිංගත් එහෙමනෙ ) හැබැයි නේරා මේ පාර නම් අසාර්ථකයි. ඕස්ට්‍රෙලියාවෙ ඉන්නෙ එංගල්න්තෙ මං පහරපු උන්ගෙන් පැවත එන අයනෙ .

    ReplyDelete
  6. @රොබින්
    බොහොම ස්තුතියි

    http://www.espnstar.com/videos/item601166/

    ඔය ලින්ක් එකෙන් හයිලයිට්ස් නම් බැලුව හැකි ,

    ReplyDelete
  7. අශිලාචාරම ක්‍රිඩකයා රිකී පොන්ටින්ග් වෙන්න බැරිද?

    ReplyDelete
  8. @රත්ගමයා

    ඔව් මචන් ඒකත් වෙන්න පුලුවන් තමයි ..මට ඕස්ට්‍රෙලියාවෙන් මුලින්ම මතක් උනේ ටේට් කාරය

    ReplyDelete
  9. අඩෝ ඉන්දියාව ඊලග එකේ පැරදුනොත් හොදයි ඩෝ.එතකොට අපි ෆයිනල් අවම ග්‍රවුන්ඩ් සබ් එකත් අපිට.අනික පාකිස්තානේ එවුන්ට සාපේක්ෂව මටනම් ඉන්දියාව පෙන්නන්න බැහැ.ඔක්කොම උන් පණ්ඩිතයි ඉන්න.

    එංගලන්තේ ගැනනම් කියන්නම ඕනේ බන් මන් දැක්ක සිරාම කැප්ටන් කෙනෙක් ස්ට්‍රවුස් කියන්නේ.අර පො***න පොන්ටිය වගේ ඌටත් කියන්න තිබ්බා උන්ගේ හොදම බැට්ස්මන් පීටයි හොදම බෝලර් බ්‍රෝඩුයි නැති නිසා පැරදුනා කියලා එත් ඌ එහෙම එකක් කොහොමත් කිව්වේ නැහැ බන්.අනික ඌ කිව්වේ දිල්ෂාන්යි තරංගයි නියමෙට සෙල්ලම් කාලය අපේ ඉක්මනින් විකට් ගියාය කියලනේ බං.ඌට නම් කියන්න තියෙන්නේ හැට් ඕෆ් කියල තමයි.අනික බං අර දීලා පත ලෑලි දෙකක් දාද්දි තරංගයට 100 ගහන්න උන් හිනා වේවි හිටපු හැටි දැක්කම ආසා හිතුනා බං.මාරම සුපර්බ් ටීම් එකක් තමයි එංගලන්තේ.එක අතකින් උන් ඔය විදිහට පැරදුනු එක පව් බං.එත් කොරන්න දෙයක් නැහැනේ.....

    ReplyDelete
  10. @අපරාජිතයා :::: Aparajithaya

    එංගලන්තේ නම් සුපිරි තමා . ඉන්දියාව ගැන කියනව නම් මගෙ දෙවනි ප්‍රියතම කණ්ඩායම ඒ නිසා මට නම් පකිස්ථානෙට වඩා හොඳයි . උඹ කියන ප්කිස්ථානෙ දිනුවොත් හොඳාය කියන සීන් එක නම් ඇත්ත තමා , ඒත් නියම ජයග්‍රහනය හම්බ වෙන ඕනිම ටීම් එකකට ගහල කප් එක ගන්න එක , අනික පකිස්ථානෙ ඉන්දියාවට ගැහුවොත් අපිටත් ඒ සෙතේම වෙන්න් ඉඩ තියනව පකිස්ථානට පිට්ටනියෙ සපෝර්ට් එක එච්චර වැදගත් කට්ටියක් නෙවෙයි . මම නම් කැමැති ඉන්දියාවෙ උන් ගෙන් හොඳ හූ පාරවල් ටික අෆ්‍රිඩිට වදින ගමන් උන් පරදින එකට

    ReplyDelete
  11. මම හිතන්නේ පකිස්ථානේ ආවොත් හොඳා.

    ReplyDelete
  12. @budhajeewa
    ඉන්දියාවෙදි ඉන්දියාවට ගහනවට වඩා පකිස්ථානෙට ගහන එක ලෙසි නිසාද ?

    ReplyDelete
  13. @buwa: ඒකත් එකක් තමා. හැබැයි මේ අවස්ථාවෙදි ඉන්දියාවට වඩා අවසන් තරගයකට ඒමෙන් පකිස්ථානයට ලැබිය හැකි සාධාරණ අවස්ථා බොහොමයක් තියනවා. ප්‍රධානම හේතුව ලාහෝර් ප්‍රහාරයෙන් පස්සේ ඒ අය ක්‍රිකට් වලිං කොන් වුනා වගේ තත්වයකට පත් වීම. දකුණු ආසියාතිකයින් විදියට අපිට සතුටු වෙන්න පුළුවන් පකිස්ථානය ඒ තත්වයෙන් ගොඩ ආවොත්.

    ReplyDelete
  14. @budhajeewa

    මම පෞද්ගලිකව පකිස්ථානයට අකමැතියි .අනික ත්‍රස්තවාදීන් පෝෂනය කරන පකිස්ථානය ක්‍රිකට් වලින් ගොඩයනවාය කියන එකත් මට එච්චර
    සතුටට කාරනයක් නෙවෙයි. කොහොම උනත් මම කිව්වා වගෙ පකිස්ථානයට වාසි සහගත කාරනා කිහිපයකුත් මම දකිනව ඒත් පිතිකරුවන් සංසන්දනය කලාම නම් පකිස්ථානයට වඩා ඉන්දියාව ගොඩක් ඉදිරියෙන් , මොහාලි පිට්ටනිය පිතිකරුවන්ට වාසි සහගතයි . අනික පකිස්ථානය මෙතෙක් දිනපු සියලුම තරඟ දිනුවෙ පන්දු යවන්නන් නිසා . ඉතින් මට හිතෙන්නෙ ඉන්දියාවට වඩා වාසි සහගතයි කියල . උන්ට තියන අව්ල ලොකු මානසික පීඩනයක් යටතෙ ක්‍රිඩා කරන්න වීම හා ශෙවාග්ගෙ අසනීපත තත්වය තාම තියනව නම් ඒක

    ReplyDelete
  15. @buwa: පකිස්ථානය ත්‍රස්තවාදීන් පෝෂණය කරනවද කියන එක නම් මට ෂුවර් නෑ. පකිස්ථානය වගේම ඇෆ්ඝනිස්ථානය ආශ්‍රිතව ත්‍රස්තවාදීන් සැඟවී සිටි පළියට ඔවුන් ත්‍රස්ථවාදීන් පෝෂණය කළා කියනවා නම්, ශ්‍රී ලංකාව LTTEය පෝෂණය කළා කියන එක නොකියා කීවා වෙනවා. අමතක කරන්න එපා පකිස්ථානයත් අපි වගේම ත්‍රසතවාදයෙන් බැට කාපු සහ තවමත් කන රටක්. පාරක් පාරක් ගානේ බෝම්බ පිපිරීමේ අවදානම එහේ තවම තියනවා. අනිත් අතට ඉන්දියාවට වඩා LTTEය මර්දනයට ඔවුන් මෙහාට උදව් කළා.

    ඒ පිළිතුරු දුන්නේ ඔබ එම කාරණාව මතු කළ නිසා. ක්‍රිකට් කියන්නේ ක්‍රීඩාවක්. දේශපාලනය හැම දේටම ගෑවුනාට අපේ හිත් තුලින්වත් ක්‍රීඩාව සම්බන්ධයෙන් විවෘතව හිතන්න පුළුවන් නං ලොකු දෙයක්. :)

    ReplyDelete
  16. budhajeewa
    යුද්දෙදි වඩා වැදගත් උනෙ පකිස්ථානයද ඉන්දියාවද කියන එක ගැන ඔබ ඉන්නෙ වැරදි මතයක . පකිස්ථානය කරපු මතිපිට උදව් වලට වඩා ජාත්‍යන්තර බල පැම අවම කරන්න මැදිහත් උන ඉන්දියානු සාධකය ඉතා වැදගත් පලවෙනිම දේ ඉන්දියානු අගමැති යුද්දෙට විරුද්ධව හිටියානම් කවදාවත් එක අවසන් කරන්න ලැබෙන්නේ නැ , අවි ආයුධ වලින් ලැබුන සහයට වඩා ඉන්දියාවෙන් ලැබුන දේශපාලන සහයෝගය ඉතාම වැදගත් මොකද ලංකාව වෙනුවෙන් පෙනිහිටියෙ පකිස්ථානය විතරක් නම් ලෝක බලවතුන් ගැටලුවකින් තොරවම ලංකාවට අතපොවනව. නමුත් ඉන්දියාවට ඉහලින් කටයුතු කරන්න ඔවුන් සූදානම් නැහැ . ලංකාව කියන්නෙ හැමදාම ත්‍රස්තාවදයට විරුද්ධව සටන් කරපු රටක් , පලවෙනි දශකයෙදී ඉන්දියාවෙ බලපැම නිසයි ත්‍රස්තාවාදය අවසන් කරගන්න ලංකාවට බැරි උනේ . නමුත් පකිස්ථානය එහෙම කටයුතු කරන බවක්පේනවද ? අනික මම ප්කිස්ථානයට අක්මැති දේශපාලන කාරනවක් නිසා නෙවෙයි ඔවුන්ගෙ හැසිරීම නිසා. ඒ වගේම ඉන්දියානු කණ්ඩායමේ සියලු පිතිකරුවන්ගේ පිතිකරන්යට මම කැමතියි නමුත් පකිස්ථානයේන් කැමති මිෂ්භා උල් හක් ට විතරයි . ඉතින් මම ඉන්දියාවට සහය දක්වන එක සාධාරනයි . පකිස්ථානයෙ අප්‍රියතම ක්‍රිඩකයෙකුට උනත් කරන අසාධාරන චෝදනා වලට මම විරුද්ධයි . ඒ නිසයි කිව්වෙ අෆ්‍රිඩී ගෙ ප්‍රහාරාත්මක පිතිකරන විවේචනය කරන එකත් වැරදියි කියල . මම පකිස්ථානයේ ජයග්‍රහනයට කැමති වන්න දකින එකම හේතුව තමයි මුලින්ම ඔබ ගෙන් ඇහුවෙ

    ReplyDelete
  17. @buwa: ජාත්‍යන්තර මැදිහත් වීම් අධෛර්ය කරන්නට ඉන්දියානු සෙවනැල්ල වැදගත් වූ බව මම පිළිගන්නවා. නමුත් ඔවුන්ගේ ඒ ස්ථාවරය "හරි ගහන්න අපි ඉතුරු ටික බලාගන්නම්!" යන්නක් දක්වා මෙහාට මානසික ශක්තියක් නොවූ බවයි මම දැක්කේ.

    ඔවුන් ක්‍රියා කළේ - හෝ එළියට පෙන්නුවේ - මඩේ සිටවූ ඉන්නක් ලෙස. වරෙක "පූර්ණ සහය" පිළිබඳ ප්‍රකාශ කළ ඔවුන් තමිල්නාඩුවේ උද්ඝෝෂණයක් ගිය වහාම මෙහාට නියෝජිතයන් එවුවා තත්වය පිළිබඳ "සාකච්ඡා" කරන්නට.

    කොහොමටත් අපේ රටවල් වල කස්ටිය මැච් බලන්න යනකොටත් හදිස්සියකට ඕන උනොත් කියලා දේශපාලන කණ්නාඩියත් අරං යන නිසා, ඒ පැත්ත කොහොත්ම අමතක කරන්න බෑ නොව. :D

    ක්‍රීඩාවට යොමු උනොත්, පකිස්ථාන් ක්‍රිකට් නැගිට්ටවන්නට ඉන්දියාවට වඩා ඔවුන්ට අවසන් තරගයක් ලැබීම මානුෂික නැද්ද?

    ReplyDelete
  18. budhajeewa
    ඔය දේශපාලන ලෙඩේ අපි කාටත් පොදුයි තමා "මිනිසා යනු දේශපාලන සත්වයෙකි " කිය්ල කව්ද පොරක් කියලත් තියනවලු නෙ :D

    වරෙන් මචන් ගහන්න කියල ගියාට ලොකු ගේමකදි මුහුන දෙන්න තරම් ශක්තියක් නැත්නම් ..ඊට වඩා උඹ ගහපන් ඉතුරු ටික අපි බලා ගන්නම් ස්ථාවරය හොඳයි කියලයි මම හිතන්නෙ . ඔය දෙපැත්තට වැනෙන ගතිය මේ කලාපයෙ දේශපාලන්යෙ හැටි නේ , මතකනේ අපෙත් එක්කෙනෙක් ලෙමන් පෆ් උද්ඝෝෂන කරත්දි අනික අය "රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ග " ගැන කතා කලා . පකිස්ථානයෙ ක්‍රිකට් ක්‍රිඩාවට වඩා වැදගත් වෙන්නෙ කවුරු ඒ රටට සෙල්ලම් කරන්න යන එක , එහෙ බලධාරින් ඒ ගැන කටයුතු කරන්න ඕනි .නිසි ආර්ක්ෂාවක් ගැන සහතික නම් මැච් එකකට වගෙ ලංකාවටම උනත් යන්න පුලුවන් , පකිස්ථානේ අගමැති මැච් එක බලන්න ඇවිල්ලා ඉන්දියාවට එන්න ය කියල ආරාධනා කලොත් ඒ අයටත් යන්න සිද්ධවෙයි. එහෙම උනත් අවසන් තරඟයකට වඩා ඒක වැදගත් . අනික පකිස්ථානෙට අවස්ථාව එනව කියන්නෙ අහිංසක දෝනියගෙ ගේ පොඩ්ඩත් කුඩු පට්ටම් කියන එක .(පව් ඕයි ) .

    ReplyDelete
  19. @buwa: ඔවු, පකිස්ථාන් ක්‍රිකට් නැගිට්ටවන්න නම් වැදගත් වෙන්නේ එහාට ගිහින් තරග කරන එක තමා, මොකද ඒ අයගේ දක්‍ෂතා ඉහළම මට්ටමක තිබෙන නිසා මීළඟ අවශ්‍යතාවය ඒකයි.

    නමුත් ආරක්‍ෂක ප්‍රශ්න නිසා ඒක කොරන්න බැරි වෙලා නෙව තියෙන්නේ.

    කොහොම උනත් අපි බලා ඉමු, සියල්ල තියෙන්නේ ඒ ඒ කණ්ඩායම් මත නෙ.

    ReplyDelete
  20. එකඟයි ... ඇවිත් අදහස් දැක්වුවාට බොහොම ස්තුතියි

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව