Skip to main content

BCCIය මුදල් නවතයි? ටෙස්ට් සංචිතයේ නැති මාලිංගත් කැඳවයි? සහ බුවාගේ අවසන් "ශ්‍රි ලංකා ක්‍රිකට්" ලිපිය ?

UPDATE - පහත තියන සබැදි දෙකත් එක්ක මේ ලිපිය 100% ක් වලංගු නොවෙන තත්වයක් මතුවෙනව (සමහර විට) ,නමුත් තවදුරටත් අදාලවෙන කාරණා කිහිපයකුත් නැතුවාම නෙවෙයි .ඒ දෙක පරීක්ෂාකරල කැමති නම් විතරක්  ලිපිය කියවන්න . අපහසුතාවයක් උනා නම් සමාවෙන්න !


http://www.espncricinfo.com/srilanka/content/story/512111.html?CMP=chrome


http://timesofindia.indiatimes.com/sports/cricket/ipl-2011/news/Sri-Lanka-relents-allows-players-to-stay-in-IPL-till-May-18/articleshow/8048162.cms



මගේ අවසාන ලිපි දෙකටම අදාලව කරුණු කාරනා දැන් සිද්ද වෙලා හමාරයි. ඒ කියන්නෙ අලුත් ක්‍රිකට් නායකයෙක් පත්කරල අවසන් වගේම මැයි 5 ට කලින් ශ්‍රි ලාංකීය ක්‍රිඩකයින් අයිපීල් අත්හැර දමා පැමිණීම ස්ථිරයි . මම දිල්ශාන් නායකත්වයට සුදුසෙක් විදිහ්ට නොදැක්කත් ක්‍රිඩකයෙක් විදිහට ඔහුට තියන ගෞරවය නිසාත් , ඔහුගේ පත්වීම තවමත් එංගලන්ත සංචාරයට පමනයි වලංගු කියන නිසාත් ඒ ගැන  වැඩි යමක් කතා කරන්න බලාපොරොත්තුවක් නැහැ . ඒත් අයිපීල් සම්බන්ඳ කාරනයේ තව කතා කල යුතු දේවල් තියනව කියල මට හිතෙනව

http://www.adaderana.lk/news.php?nid=12883

http://www.adaderana.lk/news.php?nid=12881


ඉහත සබැඳි දෙකෙන් දැක්වෙන්නෙ මේ සම්බන්දව පැන නැඟිල  තියන අලුත්ම තත්වය . ඒ කියන්නෙ ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය අපේ ක්‍රිඩකයින්ට හා ක්‍රිකට් පාලක මණ්ඩලයට ලබා දීමට නියමිත මුදල නතර කිරීමට උත්සහා කිරීම සහ ටෙස්ට් සංචිතයට  ඇතුලත්ව නැතත් මාලිංගවත් ආපසු කැඳවීම .

අපේ ක්‍රිඩකයින් හා අයිපීල් සංවිධායකයින් අතර තිබුන ගිවිසුම් අනුව $56,80,000 ක මුදලක් ලැබීමට නියමිත වෙලා තිබිල තියනව . ඒ වගෙම $5,68,000 මුදලක් ක්‍රිකට් පාලක මණ්ඩලයටත් වශයෙන් . දැන් මේ මුදල් තමයි නතර කරවන්න යන්නේ . සෙල්ලම් කරපු තරඟ වලට අදාලව ගෙවීමක් කරනවද නැද්ද කියන එක අදාල ගිවිසුම් අනුව තීරණය වෙයි .  ඒ තීරනය කිසිදු මුදලක් නොගෙවන තැනට හෝ  ඉතා සුලු මුදලක් ගෙවන තැන්ට පත්වුනොත් අපේ ක්‍රිඩකයින්ගේ මහන්සිය සම්පූර්ණයෙන්ම වතුරේ ගියා වෙනව .    දැනටම ඇවිල්ල ඉන්න දිල්ශාන් වගේම සංග , මහේල ඇතුලු අනික් සියලුම ක්‍රිඩකයින්ට මේ තත්වය බලපානවා මුරලිට හැර .දැනට මත් වෙහෙසකර තත්වයක ඉන්න ක්‍රිඩකයින් ගෙ මානසිකත්වය වට්ටල තරඟ දිනාගන්න පුලුවන් කියල හිතුනේ දුලිප් මහත්තයට ද ?  තග දාල චන්ද දිනල පුරුදු ඇමතිතුමාටද කියන එක නම් මම දන්නෙ නැ . ඒත් ක්‍රිඩාවක් කියන්නෙ නීති රීති දාගෙන ක්‍රිඩක්යින් මානසිකව වට්ටගෙන කරන්න පුලුවන් දෙයක් නම් නෙවෙයි කියලයි මම හිතන්නෙ

මාලිංග ගැන කතාව මීට වඩා වෙනස් . මොකද මාලිංග තමන් අසනීප නිසා ටෙස්ට් තරඟාවලියට එන්නෙ නැය කියල ලිපියකින් දන්වල ඉන්නේ , ඉතින් දුලිප් මහත්තයගෙ තර්කය ලෙඩ වෙලා නම් අයිපීල් ගහන්නෙ නැතුව ගෙදර වර කියන එක . බැලු බැල්මට සාධාරනයි වගෙ පෙනුනත් මෙතන සැඟවුන කතාවකුත් තියනව . ඒ තමයි මාලිංග 2007 න් පස්සෙ දණ්හිසෙ ආබාධ තත්වය නිසා ටෙස්ට් තරඟවලට ක්‍රිඩා කිරීමෙන්  සැහෙන තරම් දුරට ඇත්වෙලයි ඉන්නෙ කියන එක .  මාලිංගගේ පන්දු යැවීමේ විලාසයත් එක්ක ටෙස්ට් තරනගයක  දිගින් දිගටම පන්දු යැවීම ආබාධ තත්වය වැඩි කර්නවාය කියන එක අමුතු දෙයක් නෙවෙයි . අනික මාලිංගේ ආක්‍රමනශීලි පන්දුවල  වැඩි ප්‍රයෝජනය තියෙන්නෙ එක්දින හා විස්සයි විස්ස තරඟ වලදී මිසක් ආරාක්ෂාකාරීව සෙල්ලම් කරන ටෙස්ට් තරඟ වලදි නෙවෙයි . මේ අනුව බැලුවාම මාලිංග ටෙස්ට් තරඟාවලිය්ට තරඟ නොකිරීමත් අයිපීල් සෙල්ලම් කිරීමත් ඉතාම සාධාරණ තත්වයක්ය කියල කියන්න පුලුවන් . එහෙනම් ඇයි මාලිංගව ගෙන්න ගන්න මේ අය මෙච්චර උනන්දු ?

අයීපීල් ක්‍රිඩකයින්ව අතරමැදදි ගෙන්න ගැනීම මගෙ කලින් ලිපියෙදි මම ඒ ගැන ඇමතිවරයාගෙ පලිගැනීමක්ද කියන සැකය මතුකරා ,ඒක මම විතරක් නෙවෙයි රට පුරාම ගොඩ දෙනෙක් දරපු මතයක් නිසා ඇමතිතුමා ඒ ගැන උත්තරත් දීලා තිබුනා , නමුත් මේ සිද්දියෙන් පේන්නෙ ඉන්දියාවට පස්ස දික්කිරිමේ ආයුධයක් විද්හට ක්‍රිඩකයින්ව පාවිච්චි කරනවාය කියන සැකය තවදුරටත් සාධාරණයි කියන එක . එහෙම නැත්නම් තම්න්ගේ කාලෙ නොතිබුන අයිපීල් වලින් ක්‍රිඩකයො මුදල් හොයනවට දුලිප් මහත්තය වගෙ අය අකමැතියි කියන එක . ඉන්දියාවට ගිහින් රටේ නායකයව දෙකේ කොලේට දාල කතා කරන අර්ජුන මහත්තයටත් මේ අයිපීල් විරෝධි උණ තියනව අපි දැක්කා . මේ කොයි දේකින් උනත් අවසාන පාඩුව සිද්ද වෙන්නෙ ක්‍රිඩකයින්ට , අසාර්ථක අයිපීල් තරඟාවලියක ඉද්දි නායකතවය  ලැබුන දිල්ශාන් බොහොම සතුටින් ආපහු ආවත් මහේල හෝ සංගා හෝ අනික් ක්‍රිඩකයින්  ආප්සු එන්නෙ සතුටින්ද ?  අතෘප්තිකර ක්‍රිඩ්කයින් පිරිසක් එක්ක තරඟාවලියක් ජය ගන්න පුලුවන්ද ?

මේ ගැන  උත්තර සොයනවාට වඩා නිහඬව ඉන්න එක වඩා සුදුසුයි කියල මම තිරණය්  කලා . ලංකාවෙ ක්‍රිකට් ගැන මෙච්චර කල් ලිව්වේ ක්‍රිකට් බලනව වගේම බොහොම සතුටකින් , උද්යෝගෙකින් , සුන්දර දෙයක් ගැන කතා බහ කරන අරමුනින්. ඒත් දැන් මේ කාරනා සිද්ද වෙන්නෙ ජීව ගුණයෙන් පිරුන ක්‍රිඩාවකට ගැලපෙන විදිහකට නම් නෙවෙයි . ඉතින් අර කිව්ව සතුටවත් , සුන්දරත්වය වත් ඒ තුල දකින්න නැ . සුන්දර විය යුතු දයක් ගැන අසුන්දර කතා ලියනවට වඩා නිහඬ වීම හොඳයි කියල මට හිතෙනව , ඒ නිසා මින් ඉදිරියට "ශ්‍රි ලංකා ක්‍රිකට් " මගේ ලිපි වලට් විෂය වෙන්නෙ නැ , සාධනීය වෙනස්ක් දකින තුරාවටම .

ක්‍රිකට් ගැන ලිපි ලියවෙයි ඒ අයිපීල් වගෙ වෙනත් තරඟාවලි හා අයිසිසි මට්ටමේ තරඟා වලි ගැන විතරයි . ඒ වගේ දේකදි ලංකාවේ ක්‍රිඩකයින් ගේ දක්ෂතාවයන් ගැන කෙරෙන කතාබහක් මිසක් කණ්ඩායමේ සංයුතිය , නායකය කව්ද ? අනන් මනන් තිරණ වගේ දේවල්   ගැන මම කතා කරන්නෙ නැ . මගේ ලිපියට විවේචනයක් කරපු පෙරමුනේ රාල අඩවියේ නෝ ෆ්‍රේම් කිව්වෙ හරියට දෙයක් වෙනකන් බලාගෙන ඉන්නය කියල , අනික් දේවල් ගැන එහෙම ඉන්න බලාපොරොත්තුවක් නැතත් ක්‍රිකට් ගැන නම් වෙනදේ බලා ඉන්න එක මගේ ක්‍රමය විදිහට තෝරගත්තාය කියල මම කියන්න කැමතියි(වෙනස්ක් දකින් තුරාවට )  .

"ශ්‍රි ලංකා ක්‍රිකට් " ගැන ලියවෙන අවසාන ලිපිය නිසා තව කරුණු 5ක් එකතු කරන්න තියනවා . ඒව   ඉතාම කෙටියෙන් පහලින්  ලියල තියෙයි .


01) මා අයිපි එල් හොඳ හෝ නරක ය කියා කියන්නෙ නැත , අයිපීල් ප්‍රතික්ෂේප කලාටද මට ගැටලුවක් නැත . මාගේ විරෝධය අතරමැදදී ක්‍රිඩකයින් ආපසු කැඳවීම ගැනය


02) ඉන්දියාවට විරෝධය දැක්වීමද මට අදාල නොවේ ඇමතිවරයාට කැමති විදිහකට එය ක්‍රිඩාවෙන් පිටතදී දැක්විය හැක (විපාකද විඳිය හැක ) , මා කියන්නෙ ක්‍රිඩාව ඒ සඳහා යොදාගන්න බවට සැකපහල වන අයුරින් ඔහු කටයුතු කිරීම ගැනය 


03) මාලිංග දුලිප්ගේ අණට අවනත වේද නොවේද යන්න මා නොදනිතත්. මාලිංගට එයට අවනත වීමේ අවශ්‍යතාවයක් නොමැති බවත්  ඔහුව හලා ක්‍රිඩා  කිරීමට තිරනය කලහොත් එහි පාඩුව , එක්දින තරඟ හා විස්සයි විස්ස හිදි දකින්නට ලැබෙනු ඇති බවත් පවසමි


04)ජනපති තුමනි ඩලස් හෝ  සි.බි වැනි "මහත්මයෙකුට  "ඇමති කම දීමට නොහැකි වී නම් ,අඩු තරමෙ ජයසුරියට වත් එය ලබා දීමට තිබුනි . එසේ වී නම්  අනික් ක්‍රිඩා කෙසේ වත් ක්‍රිකට් ක්‍රිඩා ව වත් බේරාගැනීමට ඉඩ තිබුනි 


05) පසුගිය වසර කිහිපය තුල අවසන් තරඟ තුනකට පැමිණියෙත් , ටෙස්ට් තරඟ වලින් 4 , එක්දින වලින් 3 , හා විස්සයි විස්ස තරඟ  වලින් 3 යන ස්ථානවලට අපේ කණ්ඩායම රැගෙන ආවේත් මහේල , සංගා , මාලිංග , මුරලි ඇතුලු අපේ ක්‍රිඩකයින් මිසක දුලිප් මෙන්ඩිස්ලා, නිශාන්ත රණතුංගලා , මහින්දානන්ද අලුත්ගමගේ ලා නොවේ



ඊලඟට ලියවෙන ක්‍රිඩා ලිපිය  ලබන මාසය මුලදී අයිපීල් තරඟ සමාලෝචනය  තමයි බොහෝ දුරට .   ඊට කලින් මූන් අන්කල්ගෙ මෝල් කමිටුව වගේ දේශපාලන කාරනා ගැන ලියවුන ලිපි වලින් වලින් ඔබව මුනගැසෙන්නම්.

 සුභ දවසක් හැමදෙනාටම !!
-------------------------------------------------------------------------------------------------
UPDATE 2


"
IPL row: Sri Lanka cricket has succumbed to BCCI’s money power?
Agree90%
Disagree8%
Can't say2%

"
Times of india  කට්ටිය කියන එව්වා තමයි ඔය උඩින් තියෙන්නෙ. හරි තිර්ණයක් එක පාර නොගත්තාම ඔය වගේ චාටර් කන්න වෙනව, මේ අපකීර්තියට පත්වෙන්නෙ ඔය මැටි තීරණ ගත්ත නිලධාරින් හෝ  ඇමතිවරු නෙවෙයි අපේ රට. . ප්‍රතිචාර දක්වපු කෙනෙක් කියල තියනව වගේ මටත් හිතෙන්නෙ මේ අලුත් තත්වය  ඉහල තැනකින් ආපු ඕඩරයක් කියල .ඒ තිරනය මීට කලින් ආව නම් හොඳයි , එහෙමනම් මේ කුණු කතා අහන්න ඕනිත් නැ (ඔය disagree  8% මගේ චන්දෙත් එක්ක )

Comments

  1. Sri Lanka players may play IPL till May 18

    http://www.espncricinfo.com/srilanka/content/story/512111.html?CMP=chrome

    ReplyDelete
  2. Kassa : Thanks for Informing me . I have updated the post . Still some points are Valid

    ReplyDelete
  3. අයි.පී.එල්. සම්බන්ධව බුවා සමග මගේ එකඟතාවයක් නැතත් මෙහිදී නම් ඔහු හා යම් පමණකට එකඟ වෙමි.

    ලසිත් මාලිංගගේ සුවිශේෂී පන්දු යැවීමේ ඉරියව්ව නිසා ඔහු පහසුවෙන්ම ආබාධ වලට ලක් වන බව පැහැදිලිය. එනිසා ඔහු ටෙස්ට් තරඟ වලින් ඉවත්ව සිටීම ඔහුගේ පැත්තෙන් සාධාරණය. බලෙන් ටෙස්ට් ක්‍රීඩා කරවූවොත් ඔහුට විශාල ආබධයක් ඇති වී ක්‍රීඩාවෙන් සදහටම සමු ඝැනීමට සිදු විය හැකි බව ක්‍රිකට් ආයතනය මතක තබා ගත යුතුය. එසේම මාලිංග ටෙස්ට් ක්‍රීඩා කිරීමට අවශ්‍ය නම් ඔහු වැදගත් තරන්න සංචාර සඳහා පමණක් සහභාගී කරවන කාල සටහනක්ද සැකසිය යුතු වෙයි. ඉන්දියානු ක්‍රීඩක සහීර් ඛාන් ක්‍රීඩා කරන්නේ මේ ආකාරයෙනි. රට පැත්තෙන් බලන කල අපගේ අත්දැකීම් අදු වේග පන්දු බලඇණියට මාලිංග වැනි පන්දු යවන්නකු සිටීම වාසිදායක වනු ඇත.

    එසේම තමන්ට ටෙස්ට් තරඟ සඳහා ක්‍රීඩා කිරීමට නොහැකි යයි මාලිංග තීරණය කරනෙනේ නම් ඔහු ටෙස්ට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව ප්‍රකාශ කළ යුතුය. නමුත් මාලිංග එසේ නොකරන්නේ එයින් ඔහු ක්‍රීකට් ආයතනය සමග අත්සන් කළ කොන්තරාත්තුවේ ශ්‍රේණිය පහළ ගොස් ඔහුට ගෙවීම් හා පුහුණු පහසුකම් අඩු වන බැවිණි. ආබාධ ඇති බව කියමින් රට වෙනුවෙන් කරන තරඟ මග හැර අයි.පී.එල්. ක්‍රීඩා කිරීම නවක ක්‍රීඩකයන්ට දෙන වැරදි ආදර්ශයකි.

    නිර් රාමුට මේ තීරණය භාර දෙන්නේ නම් ඔහු විසින් මාලිංග සීමිත ටෙස්ට් හා එක් දින තරඟ සංඛ්‍යාවකට පමණක් යොදා ගන්නා අතර ඔහුට සීමා සහිත අයි.පී.එල්. තරඟ ප්‍රමාණයක් ක්‍රීඩා කිරීමටද ඉඩ දෙනු ඇත.

    ReplyDelete
  4. ඔබේ 5 වැනි කරුණ ගැන - දුලිප් මෙන්ඩිස් වනාහි අප රටේ සිටින අග්‍ර ගණ්‍ය ක්‍රිකට් පරිපාලකයකු හා තේරීම් කමිටු සාමාජිකයෙකි. ඔහු විසින් ක්‍රීඩකයකු ලෙස කල මෙහෙවර නිසා අපට ටෙස්ට් තත්වය දිනා ගැනීමට හැකි වූ අතර, 1990 ගණන් වල මැද හරියේ ඔහු කණ්ඩායම් කළමණාකාරීත්වය ලෙස ශ්‍රී ලංකාව ලෝක කුසලානයක් දක්වාද ගෙන ගියේය. එනිසා දුලිප් මෙන්ඩිස් බුවාට වඩා යමක් දන්නා බව නිරි රාමු විශ්වාස කරන අතර, ඔහු සංගලාට, මහේල්ලාටත් වඩා යමක් දන්නා බවත් නිර්-රාමු විශ්වාස කරයි. මහින්දානන්ද හා නිශාන්ත රණැතුංග කබ්බන් විය හැකිය. නමුත් දුලිප් මෙන්ඩිස් යනු කබ්බකු නොවේ.

    ReplyDelete
  5. No frames : 90 ගණන් වල ක්‍රිකට් හා වර්ථාමානය අතර පැහැදිලි වෙනසක් ඇත ( එක්දින හා විස්සයි විස්ස ) මෙය පැරැණි ක්‍රිඩකයින් තේරු ගෙන නැති බව පෙනේ (ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරව ) . හොඳම උදාහරනය බැටින් පවර් ප්ලේ එකය . මෙය තරඟයක වාසිය සඳහා යොදා ගත හැකි නව අංගයක් වන මුත් කණ්ඩායම් සැකැස්මෙදී එලෙස සැලසුම් කිරීමක් තවමත් නැත . අරවින්ද ද සිල්වා ද මෙම වරද කල බව මගේ හැඟීමයි . ඉන්දියානු කණ්ඩායමද පවර් ප්ලේ තුල සාර්ථක නැත්තේ ඒ ගැන සැලසුම් නොමැති කම නිසාය . සුද්දන් ගේ ඇඟේ හය්යෙන් ගසනා නිසා ඔවුන් මෙතන්දී අපිට වඩා සාර්ථකය . මෙය එක් උදාහරනයක් පමනි .
    නව වෙනස් කම් වලට සුදානම්ද යන්න මත දුලිප්ගේ මෙවර කාර්ය බාරය තීරනය වනු ඇත . දුලිප් අතීතයේදී දැක්වූ දක්ෂතා මත පිහිටා දැනුත් ඔහු හරිම යැයි කිව නොහැක . එය ටෙස්ට් තරඟාවලියෙදී ඔප්පු වේ යැයි සිතමි.කොහොම නමුත් ඔය කාටත් වඩා ක්‍රිඩාවේ වැදගත් ක්‍රිඩකයින් ය .මා 5 වෙනි කරුනෙන් කියන්නෙ එයයි .

    ඉන්දියාවෙ සහීර් පමනක් නොව සචින් ද ක්‍රිඩා කරන්නෙ ඉඳ හිටය , එය ඉතා සාර්ථක උපක්‍රමයක් බව සචින්ගේ පසුගිය සමයේ දක්ෂතා වලින් පෙන්නුම් කෙරේ , ඔබ කියනා පරදි මාලිංග ත් එලෙස භාවිතා කල යුතු ක්‍රිඩකයෙක් යන්න මගෙත් හැඟීමයි එලෙසම අජන්තවත් එලෙස භාවිතා කරන්නට ඉඩ තිබුනා යැයිද සිතමි . පලමු වරට මෙහි පැමින ප්‍රතිචාරයක් පල කිරීම ගැන ස්තුතියි

    ReplyDelete
  6. මම නම් ඔය මැයි 18 වෙනකන් ඉන්න දුන්න තීරණය පිටිපස්සේ ඉන්නේ ඇමති නෙවේ ඉහලම තැන බවයි විශවාස කරන්නේ.මේ ක්‍රිකට් වල සාධනීය වෙනසක් ඇතිවෙන්න නම් ඔය අතුරු පාලක කමුටු නැති වෙලා සාධාරණ නිල වරණයකින් පත් වුන ක්‍රිකට් පාලක මණ්ඩලයක් ඉන්න ඕන.මමත් ඔබ දුලිප් මෙන්ඩිස්ට දාලා තියෙන චෝදනාවට නම් එකඟ නෑ.එක නම් නිර් රාමුගේ මතය තමා මගේ මතයත්.නමුත් IPL තරඟාවලියෙදි ශ්‍රි ලාංකියන් තම හැකියවන් මගින් ඡනප්‍රියත්වයට පත් වීම නම් ආඩම්බරයක්.ඉන්දියන් කාරයෝ මාලිංගට,මහේලට,සංගට චියර් කරනකොට මාර හැඟීමක් එන්නේ.

    ReplyDelete
  7. ෴උදියා෴ : මටත් හිතෙන්නෙ ලොකු තැනගේ වැඩක් කියල , මේ වෙලාවෙ ඉන්දියාවත් එක්ක අහක යන කොකු දාගන්න එතුමා කැමති නැතුව ඇති . මම මේ ගැන ලියපු කලින් ලිපිය අවසන් කලේ ජනධිපති තුමා වත් මැදිහත් වෙවායි කියල

    දුලිප් මහත්තය ගැන අපි බලමුකො එංගලන්ත සවාරියෙදි එතුමගේ තීරන හරිද වැරදිද කියන එකෙන්

    ක්‍රිකට් පාලක මණ්ඩලය පත්වෙන්න ඕනිය කියන එකට මාත් එකඟයි, මාලිංග බෝල් කරන හැම බෝලෙකටම ඉන්දියාවේ උන් කැ ගහනකොට(මම දැක්ක පොඩි බච්චන් කාරයත් මාලිංගට චියර් කරනව ) , මහේල ගේ සුපිරි නායකත්වය නිසා කෝචි කණ්ඩායම පිටපිට තරඟ දිනනකොට මටත් මාර සතුටක් දැනෙනව තමයි

    ReplyDelete
  8. "පසුගිය වසර කිහිපය තුල අවසන් තරඟ තුනකට පැමිණියෙත් , ටෙස්ට් තරඟ වලින් 4 , එක්දින වලින් 3 , හා විස්සයි විස්ස තරඟ වලින් 3 යන ස්ථානවලට අපේ කණ්ඩායම රැගෙන ආවේත් මහේල , සංගා , මාලිංග , මුරලි ඇතුලු අපේ ක්‍රිඩකයින් මිසක දුලිප් මෙන්ඩිස්ලා, නිශාන්ත රණතුංගලා , මහින්දානන්ද අලුත්ගමගේ ලා නොවේ"

    100% හරි...

    ReplyDelete
  9. මොනවා කියන්නද බං කතාකරල වැඩක් නැහැ.මම අ.පො.ස උ.පෙළ ලියද්දිත් මැච් බලපු මැච් පිස්සෙක් එත් දැන්නම් ක්‍රිකට් අප්පිරිය වේගන බං එන්නේ.අර කියමනක් තියෙනේ දේශපාලනය ගෑවුන තැන ක්‍රීඩාවක් නැති බංගස්තාන වෙනවයි කියලා.බලන් ඉමු හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට නොවැ.

    ReplyDelete
  10. Dileepa : ස්තුතියි අදහසට එකඟ වීම ගැන

    අපරාජිතයා :::: Aparajithaya : දේශපාලනය ගැවුන හැම තැනකටම ඔය ආනිසංසෙ තමා

    ReplyDelete
  11. අඩේ බං බුවා, උඹේ ක්‍රිකට් විචාර නතර කරන්න එපා බං. අපි ඒවා ආසාවෙන් බලනවා නොවැ. ක්‍රිකට් අප්‍රසන්න මට්ටමකට ඇවිත් තමා ඒත් අපේ ශ්‍රී ලංකා කොල්ලෝ ටිකක් ජාත්‍යන්තරයේ වැඩ පෙන්නන එක අපිට ආඩම්බරයට කරැණක්. අපි උන්ව තනි කොරන එක හරි නෑ නොවෙද ?

    දිගටම ලියපං කොල්ලෝ...

    ReplyDelete
  12. බොහොම ස්තුතියි දිරිමත් කිරීම සම්බන්ධයෙන් .. "ක්‍රිකට් ගැන ලියනව ඒත් විශාල ප්‍රමාණයේ තරඟාවලි ගැන සම්ස්ථයක් විදිහට පමනක්".. එහෙමයි හිතාන ඉන්නේ ..

    බලමු ඉදිරිය කොහොම වෙයිද කියල නේ ? :)

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව