Skip to main content

අවසන් තරඟයට කලින් !! - කලින් ලිපියේ ඌණ පූර්නය

ලෝක කුසලාන අවසාන තරඟ්ය ගැන ඊයේ ලියපු ලිපියට ඌණ පුරනයක් කරන්න සිද්ධ වෙලා තියනව , ඒ අද දවස තුල ප්‍රකාශයට පත්වුන තත්වයන් එක්ක. ඒ තොරතුරු වලට  අනුව ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට ක්‍රිඩා කරන්නෙ සුරාජ් රන්දිව් නමුත් මුරලි  බොහෝ දුරට ක්‍රිඩා කරන්න ඉඩ තියනව , මෙන්න මේ තත්වයත් එක්ක අපේ කණ්ඩායමේ සංයුතිය මොන වගේ වෙවිද කියන ගැටලුව පැන නගිනව. ඇන්ජලෝ වෙනුවට දඟ පන්දු යවන්නෙක් ආදේශ කිරීමත් එක්ක රංගන හේරත් වෙනුවට තිසර පෙරේරා කණ්ඩායමට එකතු වෙන්න ඉඩ තියනව , මොකද තිසර ඉන්දියාව හමුවේ ඉතා හොඳින් පන්දු යවල තියනව කලින් අවස්ථාවල  . තිසර පැමිනීමෙන් ඇන්ජලෝටත් වඩා පන්දුවෙන් දස්කම් කණ්ඩායමට එකතු උනත් පිතිකරනය පැත්තෙන්  නම් බරපතල ගැටලුවක් පැන නගිනව , මුලින් පන්දුවට පහර දුන්නොත් නම් තිසර හා රන්දිව් ගේ එකතුව යම් තරමකට හෝ ඇන්ජලෝ ගෙ අඩුව පුරවාවි ඒත් දෙවෙනියට පහර දුන්නොත් , විශාල ලකුණු ප්‍රමාණයක් හඹායන පීඩන කාරි අවස්ථාවක් උනොත් නම් ඇන්ජලෝගේ අඩුව තදින්ම දැනෙයි . සුපිරි ක්‍රිඩක මුරලි ක්‍රිඩා කරන එක නම් කණ්ඩයමට වඩාත් වැදගත් වේවි නමුත් ඔහු තවමත් අසනීප තත්වයෙන් නම් සුපුරුදු රිද්මයට එන්න බැරිවේවි . ඉන්දියාව පැත්තෙනුත් ඔවුන්ට නේරාව අහිමිවී තියනව , මම ඊයේ අශ්වින් ගැන කතා කලත් දෝනි වඩාත් කැමති වේග පන්දු යවන්නන් 3 දෙනෙක් එක්ක ක්‍රිඩා කිරීමට බව තමයි පෙන්න තියෙන්නේ. ඔහු තාමත් වේගපන්දු යවන ශ්‍රි සාන්ත් හා අශ්වින් අතර දෝලනය වෙමින් ඉන්නෙ . මට හිතෙන විදිහට ලංකාව පැත්තෙන් නම් ශ්‍රි සාන්ත් ක්‍රිඩා කිරීම අපිට වාසි සහගතයි ,

මේ විවේචනයට මොහොත නොවුනත් තුන් ඉරියව් ක්‍රිඩක ඇන්ජ්ලෝ වෙනුවට දඟපන්දු යවන ක්‍රිඩකයෙක් අදේශ කරන්න පුලුවන් නම් ඒ සඳහා වඩාත් සුදුසුම සනත් ජයසූරිය නම් කලේ නැත්තෙ ඇයි කියන  එක නම් බරපතල ප්‍රශ්නයක් කියල කියන්න වෙනව ,බැටින් පවර් ප්ලේ එක නිර්මානය වෙන්න මූලික උන , අත්දැකීම් බහුල ක්‍රිඩකයව පසුපෙල ක්‍රිඩකයෙක් විදිහට යොදාගන්න බැරි ඇයි??????

කොහොම උනත් හරි හෝ වැරදි මේ ගත්තු තීරන ඔක්කොම අපේ කොල්ලන්ගේ ජයග්‍රහනයටම හේතු වේවා කියල මම ප්‍රාර්ථානා කරනව

Comments

  1. ලංකාවේ ජය අපේ පැතුමයි.
    ලංකාව, දින්නොත් ජනාධිපති,ක්‍රීඩා ඇමති,ආණ්ඩුව තමයි
    පැරදුනොත් ..හි.හි සංගක්කාර තමයි ඉතින්

    ReplyDelete
  2. @JHOTHISHALANKA - උඹෙ කතාව නම් මසුරන් මචෝ හි හි හි..

    ReplyDelete
  3. දෑනටමත් ජයක්ග්‍රහනය ජනාදිපති තුමා පවරගෙනද මන්දා.එවයින් නම් අපට වෑඩක් නෑ.කොහොමහරි අපේ කොල්ලෝ ටික කප් එක ගන්න ලබේවා කියලා අපි ප්‍රාත්තනා කරනවා.අනික දේශපාලන උන්දෑලා බලු ජයග්‍රහනය තමගේ නමට දාගන්න හරිම දක්ශයි නොවෑ.....

    ReplyDelete
  4. අනේ මන්ද ජයසුරියව නොගත්තු එකනම් ඉතින් හොදයි කියලයි මට හිතෙන්නේ.... මැතිව්ස් නැති එකනම් ලොකුම ලොකු අඩුවක්..

    ReplyDelete
  5. @අසoක - කවරු මොනව බෙදාගත්තත් කප් එක ගත්තොත් අපෙ කොල්ලගෙ දක්ස කමින් තමා

    අපරාජිතයා :::: Aparajithaya -ඇයි මොකක්ද ජයසුරියට අකමැති හේතුව

    ReplyDelete
  6. ජයසුරිය කියන්නේ මේ ලෝකේ හිටපු සුපිරිම ගනයේ ක්‍රීඩකයෙක් මචං.අදටත් ලංකාවේ ජයසුරියගේ අඩුව පුරවන්න කෙනෙක් තාම නැහැ.එන එකකුත් නැහැ බං.ඒත් දැන් ජයසුරියටවත් ඒ ජයසුරියගේ අඩුව පුරවන්න බැහැ මචං.... එකයි ජයසුරිය නැති එකට කැමති කිව්වේ. වයසට යද්දී හැකියාවන් නැති වෙලා යනවා....

    ReplyDelete
  7. වයසට යත්දි හැකියාවන් නැති වෙනව කියන්න බැ මචන් ..බලපන් සචින් තාම අලුත් කොල්ල්න්ට වඩා ස්ථාවරව සෙල්ලම් කරනවා , එන්න එන්න හොඳයි ,

    ජයසුරියට ඉස්සර වගේ ආරම්භක පිතිකරු වැඩෙ බැරි උනත් චාමරට වඩා පසුපෙල ක්‍රිඩා කරන්න පුලුවන් ඒ වගේම මේ තරඟාවලියෙ විකට් ගත්ත අෆ්‍රිඩ් හා යුවි ගැන බැලුවාම ජයසුරියට පිත්තෙන් නැත්ත පන්දුවෙන් යමක් කරන්න ඉඩ තිබුන කියල හිතෙනෙව

    ReplyDelete
  8. මම නම් කැමැත්තෙන් හිටියෙ වාස් ආයෙත් ගහනවා බලන්න....

    වාස් දැකීමේ වාසනාව නැතිවුනානෙ....කමක් නෑ හෙට අපේ එවුන් කොහොමහරි වැඩේ ගොඩදායි....

    ReplyDelete
  9. ඔක්කොම ‍වෙනකල් ඉඳලා මැතිව්ස් මලයා ෆයිනල් වලටම ලෙඩ වුනානේ. මට නම් හරිම දුකයි.

    ReplyDelete
  10. ane uba danna cricket...
    ubata wada game kollo dannava ban

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ ...

එකපාරටම උඩ පනින්න කලින් මේ ගැනත් හිතල බලන්න වෙයි - පුරන් අප්පුගේ ඊ නිවුස් හෙලි දරව්වට පිලිතුරක්

පෙරමුණේ රාල බ්ලොග් අඩවියේ පුරන් අප්පු අද මහා හෙලි දරව්වක් කරල තිබු න ,  ඒ තමයි මේ දවස් වල ලංකාවේ ග්‍රාහකයින්ට ඇක්සස් කොරන්න බැරි ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය තමන්වම බැන් කරගෙන , අනුකම්පාව ලබා ගැනීමේ මෙහෙයුමක නිරත වෙනවාය කියන එක . ටිවි චැනල් තමන්ම ගිනි තියාගන්න රටේ , මාධ්‍ය වේදියෝ තමන්වම මරා ගන්න රටේ මේකත් ඇත්ත වෙන්න ඇති කියල මටත් හිතුනා . ඊට පස්සේ ඒ අය කරල තිබුන පරීක්ෂාවම කරල බැලුව ටෙලිකොම් සබඳතාවයකින් , වැඩේ ඇත්ත වගේ තමයි . හැබැයි ඩයලොග් සබඳතාවයදී ආවේ වෙන කතන්දරයක් . ඊට පස්සෙ මම කලේ  ඊ නිවුසියට අදාල අයිපි ඇඩ්‍රස් එක කෙලින්ම ටයිප් කරල වෙබ් අඩවියට යන්න හදපු එක . එතන්දිත් ටෙලිකොම් වැඩ ඩයලොග් වැඩ නැ . ඊට පස්සේ මම අන්තර්ජාලෙ කරක් ගැහුවා මේකට උත්තරයක් හොයාගෙන . ඒ අනුව මට තේරුණා මේ උඩ පැනිල්ලේ අඩු පාඩු කම් කිහිපයකුත් තියනව කියල . මෙන්න මෙහෙමයි කතන්දරේ අන්තර්ජාලයේ සෙවුමක් කරල බලන ඕනි කෙනෙකුට දැකගන්න පුලුවන් දෙයක් තමයි , වෙබ් අඩවි බ්ලොක් කිරීම සහ ඒවට විසඳුම් අඩංගු ලිපි රාශියක් තියනවාය කියන එක . මේ ලිපි අනුව යම් කිසි වෙබ් අඩවියක් බ්ලොක් කිරීමට අනුගමනය කරන මූලිකම ක්‍රම දෙකක් තියනව Ex -...

මුස්ලිම් අන්තවාදය මගේ මතය සහ යොජිත විසඳුම් - සිරාගේ කාමරයට පිලිතුරක්

ඉස්ලාම් අන්තවාදය පිලිබඳ අන්තර්ජාල කතිකාව බොහොම තදබල විදිහට සිදුවෙන බවක් මේ වෙනකොට දකින්න තියනවා . අන්තර්ජාලයෙන් බැහැර සමාජය තුලටත් මේ මතවාදයන් කාන්දු වෙන්න පටන් අරන් බොදු බලසේනා වගේ සංවිධාන වල බිහිවීමත් එක්ක . මේ සම්බන්ධව අන්තර්ජාලය තුල මතුවු නොයෙක් කතිකාවන් වලදි අදහස් දක්වලා තිබුනත් ඒවා අදාල ලිපියේ සමස්ථ අදහසත් එක්ක බැඳෙන නිසා  බ්ලොග් කරුවෙකු වශයෙන්  මගේ ස්ථාවරය පැහැදිලි කලයුතුයි කියල හිතෙනවා . මේ ලිපිය සිරාගේ කාමරය බ්ලොග් අඩවියේ පලවු පහත සඳහන් ලිපිය  වෙනුවෙන් මගේ ප්‍රතිචාරය විදිහටත් සලකන්න පුලුවන් http://siragekamare.blogspot.com/2012/12/blog-post_12.html සංවාදයක් ආකාරයෙන් පහත මතු කරල තියෙන්නේ ඒ පිලිබඳ මගේ සම්පූර්‍න ස්ථාවරය මුස්ලිමුන් අන්තවාදියිද - මේ පිලිබඳ මූලික සාකච්ඡාවක් කලින් ලිපියක සඳහන් කරලා තියනවා . මුස්ලිම් ජාතිකයින් කුරානය හෝ ඉස්ලාම් ධර්මය ආගමික අන්තාවාදයට රුකුල් නොදෙන බවට තර්කයන් ගෙනාඅවත් , කුරානයේ සඳහන් ඇතැම් වාක්‍ය ආගමික අන්තාවාදීන්ට අවශ්‍ය ආකාරයෙන් විග්‍රහ කරගත හැකිවීමට තියන සම්භාවිතාව පිලිබඳ සාර්ථක පිලිතුරක් ගොනුවෙන්නේ නෑ . ඒ වගේම මුස්ලිම් බහුතරය...