ලෝක කුසලාන අවසාන තරඟ්ය ගැන ඊයේ ලියපු ලිපියට ඌණ පුරනයක් කරන්න සිද්ධ වෙලා තියනව , ඒ අද දවස තුල ප්‍රකාශයට පත්වුන තත්වයන් එක්ක. ඒ තොරතුරු වලට අනුව ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට ක්‍රිඩා කරන්නෙ සුරාජ් රන්දිව් නමුත් මුරලි බොහෝ දුරට ක්‍රිඩා කරන්න ඉඩ තියනව , මෙන්න මේ තත්වයත් එක්ක අපේ කණ්ඩායමේ සංයුතිය මොන වගේ වෙවිද කියන ගැටලුව පැන නගිනව. ඇන්ජලෝ වෙනුවට දඟ පන්දු යවන්නෙක් ආදේශ කිරීමත් එක්ක රංගන හේරත් වෙනුවට තිසර පෙරේරා කණ්ඩායමට එකතු වෙන්න ඉඩ තියනව , මොකද තිසර ඉන්දියාව හමුවේ ඉතා හොඳින් පන්දු යවල තියනව කලින් අවස්ථාවල . තිසර පැමිනීමෙන් ඇන්ජලෝටත් වඩා පන්දුවෙන් දස්කම් කණ්ඩායමට එකතු උනත් පිතිකරනය පැත්තෙන් නම් බරපතල ගැටලුවක් පැන නගිනව , මුලින් පන්දුවට පහර දුන්නොත් නම් තිසර හා රන්දිව් ගේ එකතුව යම් තරමකට හෝ ඇන්ජලෝ ගෙ අඩුව පුරවාවි ඒත් දෙවෙනියට පහර දුන්නොත් , විශාල ලකුණු ප්‍රමාණයක් හඹායන පීඩන කාරි අවස්ථාවක් උනොත් නම් ඇන්ජලෝගේ අඩුව තදින්ම දැනෙයි . සුපිරි ක්‍රිඩක මුරලි ක්‍රිඩා කරන එක නම් කණ්ඩයමට වඩාත් වැදගත් වේවි නමුත් ඔහු තවමත් අසනීප තත්වයෙන් නම් සුපුරුදු රිද්මයට එන්න බැරිවේවි . ඉන්දියාව පැත්තෙනුත් ඔවුන්ට නේරාව අහිමිවී තියනව , මම ඊයේ අශ්වින් ගැන කතා කලත් දෝනි වඩාත් කැමති වේග පන්දු යවන්නන් 3 දෙනෙක් එක්ක ක්‍රිඩා කිරීමට බව තමයි පෙන්න තියෙන්නේ. ඔහු තාමත් වේගපන්දු යවන ශ්‍රි සාන්ත් හා අශ්වින් අතර දෝලනය වෙමින් ඉන්නෙ . මට හිතෙන විදිහට ලංකාව පැත්තෙන් නම් ශ්‍රි සාන්ත් ක්‍රිඩා කිරීම අපිට වාසි සහගතයි ,
මේ විවේචනයට මොහොත නොවුනත් තුන් ඉරියව් ක්‍රිඩක ඇන්ජ්ලෝ වෙනුවට දඟපන්දු යවන ක්‍රිඩකයෙක් අදේශ කරන්න පුලුවන් නම් ඒ සඳහා වඩාත් සුදුසුම සනත් ජයසූරිය නම් කලේ නැත්තෙ ඇයි කියන එක නම් බරපතල ප්‍රශ්නයක් කියල කියන්න වෙනව ,බැටින් පවර් ප්ලේ එක නිර්මානය වෙන්න මූලික උන , අත්දැකීම් බහුල ක්‍රිඩකයව පසුපෙල ක්‍රිඩකයෙක් විදිහට යොදාගන්න බැරි ඇයි??????
කොහොම උනත් හරි හෝ වැරදි මේ ගත්තු තීරන ඔක්කොම අපේ කොල්ලන්ගේ ජයග්‍රහනයටම හේතු වේවා කියල මම ප්‍රාර්ථානා කරනව
මේ විවේචනයට මොහොත නොවුනත් තුන් ඉරියව් ක්‍රිඩක ඇන්ජ්ලෝ වෙනුවට දඟපන්දු යවන ක්‍රිඩකයෙක් අදේශ කරන්න පුලුවන් නම් ඒ සඳහා වඩාත් සුදුසුම සනත් ජයසූරිය නම් කලේ නැත්තෙ ඇයි කියන එක නම් බරපතල ප්‍රශ්නයක් කියල කියන්න වෙනව ,බැටින් පවර් ප්ලේ එක නිර්මානය වෙන්න මූලික උන , අත්දැකීම් බහුල ක්‍රිඩකයව පසුපෙල ක්‍රිඩකයෙක් විදිහට යොදාගන්න බැරි ඇයි??????
කොහොම උනත් හරි හෝ වැරදි මේ ගත්තු තීරන ඔක්කොම අපේ කොල්ලන්ගේ ජයග්‍රහනයටම හේතු වේවා කියල මම ප්‍රාර්ථානා කරනව
ලංකාවේ ජය අපේ පැතුමයි.
ReplyDeleteලංකාව, දින්නොත් ජනාධිපති,ක්‍රීඩා ඇමති,ආණ්ඩුව තමයි
පැරදුනොත් ..හි.හි සංගක්කාර තමයි ඉතින්
@JHOTHISHALANKA - උඹෙ කතාව නම් මසුරන් මචෝ හි හි හි..
ReplyDeleteදෑනටමත් ජයක්ග්‍රහනය ජනාදිපති තුමා පවරගෙනද මන්දා.එවයින් නම් අපට වෑඩක් නෑ.කොහොමහරි අපේ කොල්ලෝ ටික කප් එක ගන්න ලබේවා කියලා අපි ප්‍රාත්තනා කරනවා.අනික දේශපාලන උන්දෑලා බලු ජයග්‍රහනය තමගේ නමට දාගන්න හරිම දක්ශයි නොවෑ.....
ReplyDeleteඅනේ මන්ද ජයසුරියව නොගත්තු එකනම් ඉතින් හොදයි කියලයි මට හිතෙන්නේ.... මැතිව්ස් නැති එකනම් ලොකුම ලොකු අඩුවක්..
ReplyDelete@අසoක - කවරු මොනව බෙදාගත්තත් කප් එක ගත්තොත් අපෙ කොල්ලගෙ දක්ස කමින් තමා
ReplyDeleteඅපරාජිතයා :::: Aparajithaya -ඇයි මොකක්ද ජයසුරියට අකමැති හේතුව
ජයසුරිය කියන්නේ මේ ලෝකේ හිටපු සුපිරිම ගනයේ ක්‍රීඩකයෙක් මචං.අදටත් ලංකාවේ ජයසුරියගේ අඩුව පුරවන්න කෙනෙක් තාම නැහැ.එන එකකුත් නැහැ බං.ඒත් දැන් ජයසුරියටවත් ඒ ජයසුරියගේ අඩුව පුරවන්න බැහැ මචං.... එකයි ජයසුරිය නැති එකට කැමති කිව්වේ. වයසට යද්දී හැකියාවන් නැති වෙලා යනවා....
ReplyDeleteවයසට යත්දි හැකියාවන් නැති වෙනව කියන්න බැ මචන් ..බලපන් සචින් තාම අලුත් කොල්ල්න්ට වඩා ස්ථාවරව සෙල්ලම් කරනවා , එන්න එන්න හොඳයි ,
ReplyDeleteජයසුරියට ඉස්සර වගේ ආරම්භක පිතිකරු වැඩෙ බැරි උනත් චාමරට වඩා පසුපෙල ක්‍රිඩා කරන්න පුලුවන් ඒ වගේම මේ තරඟාවලියෙ විකට් ගත්ත අෆ්‍රිඩ් හා යුවි ගැන බැලුවාම ජයසුරියට පිත්තෙන් නැත්ත පන්දුවෙන් යමක් කරන්න ඉඩ තිබුන කියල හිතෙනෙව
මම නම් කැමැත්තෙන් හිටියෙ වාස් ආයෙත් ගහනවා බලන්න....
ReplyDeleteවාස් දැකීමේ වාසනාව නැතිවුනානෙ....කමක් නෑ හෙට අපේ එවුන් කොහොමහරි වැඩේ ගොඩදායි....
ඔක්කොම වෙනකල් ඉඳලා මැතිව්ස් මලයා ෆයිනල් වලටම ලෙඩ වුනානේ. මට නම් හරිම දුකයි.
ReplyDeleteane uba danna cricket...
ReplyDeleteubata wada game kollo dannava ban