Skip to main content

අප පැරදුනේ අදක්ෂයන් වූ නිසා නොව ඔවුන් වඩා දක්ෂයන් වූ නිසාය - බුවාගෙ අවසන් ලෝක කුසලාන ලිපිය

කාලයක් තිස්සේ බලාන හිටපු අවසානය උදාවුනා , ලාංකිකයින් බලාපොරොත්තු වුන විදිහට නොවුනත් ඉතාමත් අලංකාර විදිහට , මේ ගැන බොහෝ මතවාද අදහස් චෝදනා ඉදිරි දින වල ඇතිවෙයි , කොහොම උනත් ලෝක කුසලානය ගැන ලියපු ලිපි මාලාව අවසානයක් කරන්න මිසක් විවේචනයක් කරන්න නම් මගේ බලාපොරොත්තුවක් නැහැ, අති දක්ෂ ඉන්දියානු පිතිකරනය අභිබවන්න බැරි උනත් අපේ කොල්ලනුත් තමන්ගේ උපරිමය තරඟයට ලබා දුන්නා . ඒ අතරින් මහේල , මාලිංග විශේෂයි , ඒ වගේම ලෝක කුසලානයක දෙවෙනි ස්ථානය කියන්නෙ කිසිසේත්ම අදක්ෂ කණ්ඩායමක් නෙවෙයි , ඉතින් ඉදිරියේදි කවුරු මොන විවේචන කරත් අපේ කොල්ලන් මේ දැක්වූ දක්ෂතාවන් බුවා නම් හිත පතුලෙන්ම අගය කරනව , ඒ වගේම ඉතාම හොඳින් වගේම වෙනදාට වඩා සංවරව ක්‍රිඩා කරපු ඉන්දියානු කණ්ඩායමේ ජයග්‍රහනයටත් බුවා සුභ පතනව . ඉන්දියානු කණ්ඩායම දිරවන්නෙ නැති අපෙ සමහර  කට්ටියටනම් සැහෙන්න රිදිල තියෙන්න ඉඩ තියනව ඒත් බුවා ට නම් එහෙම ප්‍රශ්නයක් නැ . මොකද කලිනුත් ලිපියක කියල තියනව වගෙ ඉන්දියාව බුවාගෙ ප්‍රියතම කණ්ඩායමක් නිසා .ඒත් එක්කම තරඟය අවසානයේ සංගා කල කතාවත් , දෝනි කල කතාවත් බොහෝ දේවල් ඉගෙන ගන්න පුලුවන් කතාවන් කියන එකයි මගෙ හැගීම . මේ ක්‍රිකට් ලිපි මාලාව බලපු හැමෝටමත් අදහස් පල කල හැමෝටමත් ස්තුතියි , ඉදිරියේදිත් ක්‍රිකට් ගැන ලිපි ලියන්න මට ධෛර්යයක් එකතු වුනෙ ඔබ නිසා , ඒ වගේම කලින් ලිපියක ඇනෝ කමෙන්ටුවක තිබුන අදහසකුත් මේ වෙලාවෙ ඉදිරිපත් කරන්න ඕනි

"ane uba danna cricket...
ubata wada game kollo dannava ban"

ඔන්න ඕකයි කමෙන්ටුව ,
බුවාට මහා ක්‍රිකට් දැනුමක් නම් නැහැ තමයි ඒත් තියන දැනුමෙන් කියපු දේවල් හරිද වැරදිද කියල මේ ලිපි බලපු අය දන්නව(ක්‍රිඩා ලේබලයෙන් හෝ නවතම ලිපි ගැජට්ටුවෙන් මේ ලිපි වලට පිවිසෙන්න පුලුවන්  ) , රාජ්‍ය රූපවාහිනි නාලිකාවෙ හිරිකත ඒක පාර්ශවික විචාර යනකොට , ජාතික ප්‍රසිද්ධ ක්‍රිකට් ලෙඛකයින් ඉන්දියාව සෙමි ෆයිනල් වත් එන්නෙ නැ කියන කොට බුවාගෙ ලිපි තුල මෙන්න මෙහෙම ලිපිත් අඩංගුයි කියල මතක් කරන්න ඕනි , 

අවසාන වශෙයෙන් නැවතත් මට ධෛර්යයක් වෙච්ච හැමෝටම ස්තුතිවන්ත වෙනවා , මගේ ක්‍රිකට් ඇතුලු අනික් ලිපිත් එක්කත් රැඳිල ඉන්න කිය්ල ආදරයෙන් ඉල්ලා සිටිනව 

ප.ලි- මැච් එක ෂුවර් නැති හින්ද ද කොහෙද කලින්ම තෙල් මිල ගැස් මිල වැඩි කරගත්ත එකත් මාරයිනෙ ????

Comments

  1. අර ලංකාව දිනනවය කියල කෑගහපු ජෝතිෂකාරයින් හෙම කොහෙද දන්නෙ නෑ...

    ReplyDelete
  2. තරඟය බැලුවෙමි. ඔබ දා ඇති සිරස්තලය අගයමි!!!

    ReplyDelete
  3. @ඇනෝ අනේ මන්ද
    @arunishapiro බොහොම ස්තුතියි ... සිරස්තලය අගයමි කිව්වේ , ලිපිය වැඩකට නැ වගේද ? :)

    ReplyDelete
  4. සම්පූර්ණ ඇත්ත. උන් අපට වඩා දක්ශවූව මිස අප අදක්ශ වූවා නොවේ. එහෙත් හෙට අනිද්දට මහේල, සංගා පතුරු ගැහෙනු ඇත. කලගුණ නොදත් ජාතියක හැටි එහෙමය

    ReplyDelete
  5. ඔබේ කතාව ඇත්ත.. . දැන් සමහරුන්ට (සම හරක්ට?) සිංහ පැටව පොන්න පැටව වී ඇත.. ලංකාව තරගය සල්ලි වලට පාවා දීලය.. අපි ඉන්දියානුවන්ට වඩා හොඳ ප්‍රේක්ෂකයන් බවට විවාදයක් නැත. එහෙත් අපි තව දියුණු විය යුත්තෙමු.....
    (ආණ්ඩුව නම් කොහොමත් දිනුම්ය... ගෑස්, පෙට්‍රල්, ඩීසල්, භුමිතෙල් ඔක්කොම වැඩි කළේය...... බඩුම තමා...)
    ශ්‍රී ලංකා කණ්ඩායමට ජයවේවා... (ඉදිරියට එංගලන්ත, ඔස්ට්‍රේලියා හා දකුණු අප්‍රිකා සංචාර ඇත..)

    ReplyDelete
  6. මේ වගේ තරඟයක් අනිවාර්යයෙන්ම එක පිලක් පමණක් ජය ලබන එකක්. ජය පරාජයෙන් තොර වීමටවත් අවස්ථාවක් නෑ.
    ඉතින් ඉන්දියාව මුල සිටම දක්ෂතාවයන් අතර ඉහළින්ම සිටිය. ඔවුන්ගේ පිති හරඹය ඉවර නොවන පිතිකරු ලැයිස්තුවක් වුණා මෙදා පාර. ඉතින් ඒ වගේ ප්‍රබල පිලකට මේ වගේ තියුණු සටනක් දෙන්න ලංකාවේ කණ්ඩායමට හැකිවීම විශිෂ්ඨයි. ඒත් දෙපිලටම දිනන්න බැරි බව ක්‍රීඩාලෝලීන් තේරුම් ගතයුතුයි.

    ReplyDelete
  7. @Kandula (කණ්ඩුල) - ඔය අවාසනාවන්ත තත්වය මීට කලින් හැම වතාවකම තිබුනා, මේ පාරත් එහෙමම වෙයි කියල හිතෙනව

    @Nadun Kanchana (නඳුන් කාංචන)- ඔව් ඔව් ආණ්ඩුව නම් කප් එක ගහල ඉන්නෙ :

    @``` Outsider``` - පෙලක් ඇයින් තේරුම් ගත්තත් තේරුම් ගන්න බැරි , හෝ යථාර්තය පිලිගන්න අකමැති අය අප අතර ඉන්නව මචන්

    ReplyDelete
  8. api dinnanaya giye niyama himi karuwa kiyala apata therena hatiyata deela awa.habai niyama himikaruwa api.eka therum ganne tharam molayak apita thibune na.indiyawa paradinne kamathi na.eka hinda api panaberagena indiyawe minissunge jeewithath beragenama oya ata magula deela awa.apita ithin jaya paradume wenasa wadiya therena jathiyakuth nemene.kawuru hari dinnannath epaya.eka nisa apita jaya paraduma sama samawa vinda daraganne puluwan.

    ReplyDelete
  9. උඹ හරි බං. ඇත්තටම අපි සන්තෝස වෙන්න ඕනේ අනුශුරතාවය ලැබුන එකට, අනිත් රටවල් පරද්දලා...

    ReplyDelete
  10. රටවල් 14කින් හොදම දෙවෙනියා අපි.අපෙ කොල්ලො අපිට රත්තරන්

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව