Skip to main content

වෙසක් එකට ආතල් ගැනීම සහ බුදු දහම සමඟින් පිස්සු නැටීම

බෞද්ධයන්ගේ ප්‍රධානතම ආගමික උත්සවය වුන වෙසක්  පොහොය අතලඟටම ඇවිත්. 2600 වෙනි සම්බුද්ධත්ව ජයන්තිය නිස මේ පාර වෙනදාට වඩා බොහොම ලොකු සැමරුමක් තමයි රට පුරාම දකින්න තියෙන්නෙ. මේ නොයෙකුත් උත්සව , සැමරුම් අතරතුරෙ නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන මාතෘකාවක් තමයි වර්ථාමාන බෞද්ධයින්ගෙ ක්‍රියා පටිපාටියේ වැරැද්ද සහ අතීතයේදී හා වර්ථමානයේ වෙසක් සැමරුමේ දකින්න තියන වෙනස .

වෙසක් උත්සවයත් එක්ක එලියට එන වෙසක් කූඩු, දන්සැල් , තොරන් , කැරකෙන පහන් කූඩු , හොල්මන් ගුහා , ඔලු බක්කො  වගේ ගොඩක් දේවල් තියනව . ගම් නගර සිසාරා දිවෙන මේ හැමදෙයක්ම බොහොම් ආසාවෙන් කරන අය වගේම විවේචනය කරන අයත් ඕනි තරම්  .


කැලේට ගිහින් බටපතුරු කපාගෙන , තම්න්ගේ අතින්ම නිර්මානය කරල , හැඩ දාල වෙසක් දවසට ගෙදර අයත් එක්ක මිදුල පුරා එල්ලපු වෙසක් කූඩුව අද වෙනකොට සමහර අය රු 300 / 400 වගේ මුදලකට මිලදී ගන්නව . තවත් සමහර අය ප්ලාස්ටික් හො පොලිතින් හෝ කාඩ් බෝඩ් වලින් හදපු කූඩු මිලදීල ගන්නව . ඉස්සර ගමේ තරුන පිරිස් වල එකතුවෙන් හදපු තොරණ් කැරකෙන පහන් කූඩු අද බොහෝ වෙලාවට  කාගෙ හරි ව්‍යාපාරයක් බවට පත්වෙලා . ගමේ අයගේ දායකත්වයෙන් සහයෝගයෙන් කරපු දන්සැල් බකයා ගැහීමේ උල්පත්, හවසට පාටි දැමීමේ මාර්ග බවට පත්වෙලා .ඇට සැකිලි නැටුම් ඔලු බක්කො සංදර්ශන , ගැනුන්ගේ  ඇඟට පනින්නම බලාගෙන හදපු හොල්මන් ගුහා හැම තැනම .වෙසක් උත්සවේ තනිකරම වෙලඳාමක් වෙලා . වෙසක් දවසට ආගමික කටයුතු වල නිරත වෙන්නෙ නැ වෙන වෙන වැඩවලට යොදා ගන්නව........

ඔන්න ඕව තමයි වෙසක් අශ්‍රිතව එල්ල වෙන චෝදනා . මේ චෝදනා බොහෝ දුරට ඇත්ත . ඉතින් ඇයි මේ දේවල් මෙහෙම සිද්ධ වෙන්නෙ ??

මගේ අදහසේ හැටියට මේකට මූලිකම හේතු 2 ක් තියනව. පලවෙනි කාරනය අපේ විකෘත්ති උන ජීවන රටාව . මම මෙතන විකෘත්ති වෙලාය කිව්වේ ගොඩක් අය කියන විදිහට අතීතයේ ජීවන ක්‍රමය වඩා යහපත් අපිත් ඒ අතීතයේ විදිහට ජීවත් වෙන්න ඕනිය කියන අදහසින් නම් නෙවෙයි . මම දකින සමාජ විකෘත්තිය නුතනත්වය නෙවෙයි , නූතනත්වය බාගෙට අතපත ගැමත් , රටේ ආර්ථික හා දේශපාලනික ක්‍රියාවලියත් තමයි මම දකින මේ සමාජ ව්කෘත්තිය ට හේතුව

අපි පලවෙනි චෝදනාවෙන් පටන් ගමු . මීට අවුරුදු කිහිපෙකට කලින් බට වලින් හදපු වෙසක් කූඩු මිලට ගන්න තියනව මම දැක්කෙ කොළ්ඹදි විතරයි . බටපතුරක් හොයා ගන්න ලේසි පසු නැති කොලඹ නගරයේ , අතිශයින් තරඟ කාරී ජීවිත වලට කොටුවුන මිනිස්සුන්ට වෙසක් කූඩුවක් අරන් අඩු තරමේ දරුවන්ට පෙන්නන්න. අසම්පූර්ණ කූඩුවක් අරගෙන දරුවොත් එක්ක එකතුවෙලා ඒක සම්පූර්ණ කරන්නත් ඉඩ ලැබීම ඇත්තෙන්ම හොඳ දෙයක් , ඒත් මේ වෙන කොට මේ වෙසක් කූඩු අපේ නගරයටත් ඇවිත්. නගර සිමාව අහල පහලින් උනත් බට පඳුරක් , උණ පඳුරක් හොයා ගන්න පුලුවන් අපේ නගරයේ ජීවත්වෙන ජනතාව පැය ගණන් මහමග තදබද වලට අහුවෙලා ඉන්නෙවත් , මහ රැ වෙනකන් වැඩ තියන ආයතනවල වැඩ කරන්නෙවත්, මහ පොලොවෙන් උඩ තට්ටු නිවාස වල ජීවත් වෙන්නෙවත් නැ . ඇත්තටම කියනවා නම් හිතෙන් මවා ගත් කාර්යබහුල කමක් මිසක් සැබවින්ම කාර්යබහුල අය ඉන්නේ ඉතාම අල්ප වශයෙන් , ඒත් මේ අය අතරෙත් කඩේ විකුණන්න තියන වෙසක් කූඩු වලට මුදල් වියදම් කරන අය නැතුවා නෙවෙයි . වෙසක් කූඩුව මිලදී ගන්න මොහොතෙදි වට පිට බැලුවත් උණ පඳුරක අග්ගිස්සක් දකින්න පුලුවන් පරිසරයක ඉන්න , වෙසක් කුඩුවක් හදන්න අවශ්‍ය කරන කාලයත් සතු මිනිසුන්ගේ මේ හැසිරීමට හේතුව මං අර කිව්ව විකෘත්තිතාවය

වෙසක් දිනයේ අනෙන්‍යතාවයන් අපි අතරින් ගිලිහි යන අනෙක් ප්‍රධානතම කාරණය තමයි විකාර රූපී (තව දුරටත් විකාරයක් බවට පත් කරමින් තියන ) අපේ රටේ අධ්‍යාපනය . උසස් පෙල , සාමාන්‍ය පෙල ජීවිතයේ එකම අරමුණ කරගත්ත තරුනයින්(යෞවනයින්) පිරිසකට , ඒ සඳහා බලකෙරුණ යෞවනයින් පිරිසකට වෙසක් දිනය තවත් එක් දවසක් විතරයි . වෙසක් කූඩු කතන්දරේ විතරක් නෙවෙයි ඒතනින් එහාට වෙසක් අශ්‍රිත හැම කටයුත්තකම ජවය වෙන්න පුලුවන් මේ යෞවනයින් පොතට කොටුවුනාට පස්සේ අපබ්‍රංශ දන්සැල්, ඔලු බක්කො වගේ දේවල් දකින්න වෙන එක අනිවාර්‍ය කාර්ණයක් . මොකද යෞවනත්වය මෙතනින් ඇත්වෙන කොට ඒ දේවල් භාරගැනෙන්නෙ(බොහෝ වෙලාවට ) කාලකණ්නි අධ්‍යාපන ක්‍රමය නිසාම සමාජයේ අසරණු වුන තරුණ කොට්ටාශයක් අතට , රෝග වැලදුන ගහකින් හොඳ ඵල නෙල්න්න බැ වගේම මේඅය අතින් කෙරෙන වැඩ වලිනුත් පූර්ණ යහපතක් බලාපොරොත්තු වෙන්න බැ . වෙසක් දිනයේ කෙරෙනවාය කියල චෝදනා වලට ලක්වෙන බොහෝ විගඩම් වලට මේක ප්‍රධාන හේතු කාරකයක්

මෙතනින් එහාට ගියාම නැඟෙන ප්‍රධාන චෝදනාව වෙසක් දවස ආගමික කටයුතු වලට නැතුව වෙනත් "ආතල්" ගන්න යොදා ගන්නවාය කියන එක . මේ කාරණයත් බොරුවක් නෙවෙයි . පරණ යාලුවො එක්ක සෙට් වෙන්න , බයිසිකල් වලින් කොහේ හරි යන්න , දන්සැල් වන්දනාවෙ යන්න . ක්‍රිකට් මැච් එකක් ගහන්න වගේම මේ පාර වගේ දිග නිවාඩුවක් සෙට් වෙනව නම්  කට්ටියක් එක්ක ට්‍රිප් එකක් යන්නත් සැලසුම් කරන අය ඉන්නව . මම කලින් කිව්ව අකාරයේ සමාජ ක්‍රමය නිසා වැඩිදුර ඉගෙන ගන්න අය , රස්සාවල් කරන අය කාටත් එකතු වෙන්න දිනයක් ලැබෙන්නෙ වෙසක් උත්සවය තමයඔ බොහෝ වෙලාවට . ඉතින් පාසලෙන් සමු ගත්තට පස්සෙ මුණ ගැහෙන්න තියන අවස්ථාවන් ආතල් එකක් ගන්න භාවිතා කරන එක බොහොම සාමාන්‍යයි . එකට රැකියාව කරන අයට උනත් තරඟකාරීත්වයෙන් මිදිල සුහද හමුවකට එකතු වෙන්න ලැබෙන අවස්ථාවක් තමයි වෙසක් . මේ වගේ තත්වයකදි හැම ආතල් එකකම අනිවාර්ය අංගය මත්පැන් කියල හිතන පිරිසක් "ආතල්" ගන්නවාය කියන්නෙ බාර් වහන දවසට කලින් දවස් දෙක තුනේ බාර් ලගින් පාරෙ යන්නත් බැරි තත්වයක් උදා කරනවා කියන එකම තමයි

කෙටියෙන් සරලව කතා කලත් මේ අතර සැඟවිච්ච කාරණා බොහොමයක් තියනව ඒ දේවල් තියල මම එනව දෙවෙනි මූලික කරුණට , ඒ කියන්නේ මුලින්ම සඳහන් කල චෝදනාවලට අදාල තත්වයන් ඇතිවෙන්න හෙතුන්ය කියල මම දකින දෙවෙනි කාරනයට

"බුද්ධාගම සමඟින් පිස්සු නැටීම " කියල මාතෘවට යෙදුනෙ මේ කාරනය . බහුතර බෞද්ධයන් ඉන්න රටක ආගමත් එක්ක පිස්සු නටන අය දෙතුන් දෙනෙක් ඉන්නවාය කියන එක ගැටලුවක් නොවුනත් ලංකාවෙ   මේ වෙනකොට නම් මේ  පිස්සු නටන්නන්  බුදු දහමටටත් බෞද්ධයන්ගේ ක්‍රියා පටි පාටින්වලටත් සැහෙන තරමේ බලපැමක් කරමින් ඉන්නව  කියලයි මම දකින්නේ .

පන්සලේ ඇඳයට ගහගෙන අඩි ගහන  ,ගිහියන්ටත් නොගැලපෙන ලිංගික ක්‍රියාවල යෙදෙන , ෂාරුක් බාන් ඒකෝන් ලංකාවට එන කොට පාරට  බහින , පාර්ලිමේන්තුවේ පලාත් සභාවේ දේශපාලනය කොරන්ට යන ,  කුණු හරුප බන කියන , තමන් හදා ගත් එක එක වැන්දීම් ක්‍රම( බෝධිසත්ව වන්දනා ආදිය ) මිනිස්සුන්ට පුරුදු කරන ,සල්ලි වලට බණ විකුණන, එක එක දේ ගැන අනාවැකි පල කරන( ලෝක විනාසය වැනි ) , ඉගන ගන්නකන් විතරක් සිවුර දාගෙන ඉඳල සිවුර අත්හරින ,මන්තර ගුරුකම් විකුනන් කන.....චීවර ධාරීන්  මේකෙදී වැඩියෙන්ම වගකිව යුතු වෙනව .

ඒ වගේම හැම මගුලකටම ආගම ගාව ගන්න , ලවක් දෙවක් නැතුව මහ නායක හිමියන් බැහැ දැකීමට අටපිරිකර උස්සන් යන (ඒත් උන්වහන්සේලා දෙන අවවාද _ ඩේකටවත් මායිම් නොකරන ) , මල් වට්ටි උස්සන් පන්සල් ගානෙ බඩගාන , පන්සල් වලට සල්ලි බෙද බෙදා පොර වෙන්න හදන ,ජීවිත කාලෙම අන්තවාදය වපුරන (බුද්ධාගමෙ නමින්) හා තමන්ගේ නිල කටයුතු බල්ලට දාල බොරුවට සිල් ගන්න .. ආදි වු දේශාපාලකයොත් මේ පිස්සු නටන්නන් අතර ඉදිරියෙන්ම ඉන්නව


ඒ විතරක් නෙවෙයි උදේ පාන්දර 3 නේ ඉඳන් පිරිත් /ගාථා විකුණන ,දලදා මාලිගාවෙ රුවන් වැලි සැයේ නිධන් කරල තිබුන ගාථවල් කරඩුවේ හෝ රුවන්වැලි සැයේ රූපයක් එක්ක්ම රෝල් කරල පේමන්ට් එකේ විකුණන තැනට පත් කරපු ගුවන් විදුලි නාලිකාත් , සමහර පිස්සු සාකච්ඡා (සියල්ලම නෙවෙයි ) මණ්ඩප පවත්වන රූපවාහිනි නාලිකාත් , ඒවට පැමිනෙන විද්වතුනුත් මේ පිස්සුවෙ කොටස් කාරයින්

මේ පිස්සු කෙලින්නන් අතරට එකතු වෙන තවත් ජාතියක් ඉන්නව ඒ පහලින් තියන ලිපියෙ තියන අකාරයේ තලෙයිබාන් පන්නයේ වැඩ කරන අය සහ බටහිර ක්‍රිස්තියානි අභියෝග ගැන කතා කරමින් මේ අන්තවාදී ගොන් පාට් අනුමත කරන අය

http://www.gossip9.com/2011/05/blog-post_5458.html?utm_source=BP_recent

මේ හැමෝගෙම පිස්සුවේ ප්‍රතිපලය බෞද්ධ ජනතාව ආගමික චාරිත්‍ර වලින් ඇත් වීම ,  නැත්නම් අන්ධානුකරන වන්දනා වලට වහල් වීම , එහෙමත් නැත්නම්  මොකක් හරි රැල්ලකට වහල් වීම . එහෙම වට පිටාවක් ඇතුලෙ වෙසක් දිනයේ චාරිත්‍ර කටයුතු ගිලිහෙන එක  බොහොම සාමාන්‍යයි .


මම මෙතනදි බොහොම මතුපිට අදහසක් තමයි කතා කලේ විශේෂයෙන්ම ලංකාවේ කිසිම සැලකිල්ලක් නොදක්වන බුදු දහමේ දර්ශනාත්ම කාරණා ගොඩක් තියෙයි මෙතනදි කතාවට ගන්න පුලුවන් . ඒත් ඉතාම සරල තැනදිත් අපි ඉන්නෙ වැරදි තැනක නම් එතනින් එහාට තව මොනවද

මේ දේවල් සම්පූර්ණයෙන්නිවැරදි වෙන්න පූර්ණ සමාජ විපර්යාසයක් වෙන්න ඕනි තමයි ඒත් අපිටත් යමක් කරන්න පුලුවන් . අඩු තරමේ පොඩි ආරම්ඹයක් දෙන්න පුලුවන් . ඒක සමහර විට හෙට දවසෙදි හදල ඉවර කරන වෙසක් කූඩුවක් , රැට පත්තු කරන  මැටි පහන් වැටියක් වෙන්න පුලුවන් , එහෙම නැත්නම් හෙට දෙන්න ලැස්ති කරල තියන දන්සැලෙන් පස්සෙ ගන්න ආතල් එක සිමා කිරීමක් වෙන්න පුලුවන් , ඒ වගෙම මීට පස්සෙ ගන්න මත්වතුර ප්‍රමාණයේ අඩු කිර්‍රිමක් කරන්න , මස් මාංශ කන එක අඩු කරන්න ගත්ත ප්‍රතිපත්තිමය තීරනයක් වෙන්නත් පුලුවන් . මේ මොකවත් නැතුව අඩුම තරමේ හවසට පන්සලට ගිහින් එන්න  ගත්ත තීරනයක් වුනත් ඉතා වැදගත් .





අවසාන වශයෙන් බුදුදහම ,වෙසක්, පොසොන් කියන්නෙ අපේ ආගමික වගේම ලාංකීය අනෙන්‍යතාවය . දියුණුව කියන්නෙ මේ දේවල සදහටම අමතක කරල  දාන එක නම් නෙවෙයි . අමතක කරල දාල ඉදිරියට යන්න ඕනි ගොඩක් දේවල් තියෙනව . ඒත් මේ අපි අනිවාර්යයෙන්ම රැකගත යුතු දේවල් කියන එකත් කියන්නම ඕනි

මේ හැමදේම ඔබට වගේම මටත් පොදුයි

ප්‍රිති වෙසක් !!!!

Comments

  1. කතාව ඇත්ත... වෙසක් එකත් ෆන් එකක් වෙලා, වෙළඳාමක් වෙලා.

    ReplyDelete
  2. උඹටත් වෙනදේ ගැන කැහිල්ලක් තියෙන එකට සතුටුයි. ඒත් ඔය කියන දේ වෙනස් වෙන එකක් නෑ බුවා... අපේ දශක දෙකක ජීවිත කාලේ ඇතුලේ කොච්චර නම් විපර්යාසයක් වෙලා තියෙනවද ? ඉතින් තව ඉස්සරහට ඒ ගැන හිතා ගන්නවත් බෑ. තව අවුරුදු 20-30 ක් යනකොට පෝයට සිල් ගන්න යන එකාටත් ගල් ගැහුවොත් පුදුම වෙන්න දෙයක් නෑ. හොඳම දේ අනුන්ව හදන්න බණ කියනවාට වඩා තමන්ට පුලුවන් විදියට එක ප්‍රතිපත්තියක් හරි රකින එක.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි



නායකයා


කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   .

නායකත්ව ලක්ෂණ  

කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකාව විවිධාකාර …

අපි නොදන්න අවුරුදු ක්‍රිඩා

2012  සිංහල -හින්දු අලුත් අවුරුද්ද උදාවීමට ඇත්තේ පැය කිහිපයකි . සියලුම සිංහලයන්වත් සියලුම හින්දුන්වත් මේ උත්සවය සමරන්නේ නැති වුවත්  අලුතින් නම් සොයනවාට වඩා පහසු නිසා  පොදු භාවිතයම යොදා ගැනීම  වඩා හොඳය . මුණු පොතේ එක එකා ටැග් කරන ෆොටෝ වල ටැග් ගැලවීමත් , බතික් සරම් ගහගෙන ගැමි කම ගැන පොර ටෝක් දෙන "විද්වතුන්ගේ" බයිලා අසා සිටීමත් එපා වී ඇති නිසා මේ ලියා තබන්නට සැරසෙන්නේ අවුරුදු උත්සවය හා බැඳි ඇති  අවුරුදු ක්‍රිඩා කිහිපයක්  අවුරුද්දේ පමණක් නොව මුලු වසර පුරාම මේ ආශ්චර්ය්‍යද්වීපයේ දකින්නට ලැබෙනා හැටි ගැනය







සැඟවුනු අමුත්තා 

සැඟවුනු අමුත්තා බොහෝ අවුරුදු උත්සවයන්හි දක්නට ඇති තරඟයකි . ක්‍රිඩාවක්ම නොවුනත් පුංචි පහේ වින්දනයක් ඇති වැඩකි . මෙහි ඇති අපූර්වත්වය නම්  'සැඟවුනු අමුත්තා' යැයි කිවාට අදාල අමුත්තා හැංගි මුත්තං කෙලියකදි මෙන්  සැබවින්ම සැඟවී සිටින්නේ නැති වීමය . ඔහු අවුරුදු උත්සවයට සහභාගිවන  අනෙකුත් පිරිස අතරම  රැඳි සිටින , එවැන්නෙක් සිටිනවා යැයි කවුරුත්  දන්නා චරිතයකි . එනම් ඉන්න බව දන්න , ඉන්න තැන දන්න ඒත් අල්ලා ගැනීමට අපහසු චරිතයකි

මේ ආකාරයේ සැඟවුනු අමුත්තන් අවුරුදු  නොතිබුන…

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාමත් …