Skip to main content

යැංකියා උඩු ගුවනේ .. දෙමු ද ඇට්ටි හැලෙන්නම ?

ඇමෙරිකානු යුධ ගුවන් යානා වගයක්  අනවසරයෙන් අපේ ගුවන් සිමාවට ඇතුලත් වුනාය කියල මාධ්‍ය වාර්ථා පලවෙලා තියනව . මලක් ගහල පියාඹන්න ගිහින් දෙකොන මාරුවෙලා මෙහෙ ආවද  ? ගඩාෆි අංකල්ගෙ මිසයිල වලට බයේ  පණ බේර ගන්න මෙහෙ ආවද ? නැත්නම් මුට්ටිය දාල බලන්න ආවද ? එහෙමත් නැතිනම් තාක්ෂණික හෝ මිනිස් වරදක් නිසා ඇත්තට  වැරදීමකින් මෙහේ ආවද ? කියන්න නම්  දන්නේ නැ . බොහෝ වෙලාවට අන්තිම හේතුව වෙන්න ඇති . හැබැයි ඉතින් ඇමරිකන් කාරයා නිසා ඊට කලින් මුට්ටි සීන් එකත් වෙන්න බැරි නැ .

කොහොමින් හරි අපේ අය දැනුම් දුන්නට පස්සේ ඒ කට්ටිය ආපහු ගියාය කියලයි කියන්නේ . ඒ සිද්දිය එතනින්ම අවසන් වෙලා යන්න ඉඩ කඩ වැඩි උනත් සරුංගලයකට වඩා දෙයක් උඩ යවල නැති අපේ කට්ටිය නම් සිද්දියෙන් සැහෙන්න චූන් වෙලා . මෙතනින් ගිහින් ඒ ලිපියට  යටින් දාල තියන කමෙන්ට් ටික කියවන්නකො . හොඳ ආතල් එකක් ගන්න පුලුවන් . _ඩු සිල්වාව එලවල දාල ආරක්ෂක ආමාත්‍යාංශේ අධීකෂයට පත් කරගන්න තරම් දැනුමක් ඒ කමෙන්ට් කරපු අයට  තියන බව පේන්න තියනව .



ආරක්ෂක අමාත්‍යාංශය විතරක් නෙවෙයි  , මේ අයගේ තියන  ලෝක දේශපාලනික තත්වයන් පිලිබඳ විචාරශීලී බාවය දිහා බැලුවාම විදේශ අමාත්‍යාංශයට සහ ජනාධිපතිතුමාට උනත් උපදේස ගන්න බාවිතා කරන්න පුලුවන් (එකසිය ගානක් ඉන්න එකේ තව දහ පහලොස් දෙනෙක් වැඩි වෙන එකක් නැ )

මම බලනකොට තිබුනේ කමෙන්ටු 16ක්ද කොහෙද  තව වැඩි වෙයි , මතක ඇතුව සේරම කියවල බලන්න , මුලු ආතල් එකම ගන්න ඕනි නම් . 

එදා තුන්වෙනි ලෝකේ අන්ත දුප්පත් රටක් වුනු ඉන්දියාව පරිප්පු දාල යත්දිත් නිකන් බලං හිටය වගේම ,ඉදිරියේදි  ඇමරිකන් කාරයා හරි අද වෙනකොට ලෝක ආර්ථික බලවතෙක් බවට පත්වෙලා ඉන්න ඉන්දියාවම උනත් ඇවිත් පරිප්පු වෙනුවට  ලෙමන් පෆ් දාල ගියත් අපිට නිකන් බලං හරි බකන් නිලං හරි ඉන්න වෙනවාය කියන එක තේරුම් ගත්තොත් හොඳයි කියලයි මට නම් ඔය ගැන  කියන්න තියෙන්නේ !!

ප.ලි - ආ .... තව දෙයක්  ඔය ආවයි කියන ඒවා නම් අපේ රේඩාර් වලට අහුවුනා  , හැබැයි ඇමරිකන් කාරයා ගාව තියන  මම දාල තියන පොටෝ එකේ තියන ජාතියේ එව්වායින් එකක්   ඇත්තටම මුට්ටි දාන්න ආවොත් ඉන්දියාවෙ හදපු අපේ  රේඩාර් වලට අහුවෙන එකකුත් නැ ...

Comments

  1. මගේ ලග තියනවා පණිවුඩ වලට හොරෙන් සවන්දෙන්න පුළුවන් ගැජට්ටුවක්. ඒකෙන් අපේ අනතුරු ඇගවීම මම ඇහැව්වා. කස්ටිය යැංකියන්ට කිවුවෙ මෙහෙම!

    මේ...ඔයාලා අපේ රටට උඩින් නේද ඉන්නෙ? කිව්වම අහලා යන්නකෝ අනේ..... ආවා මෙතන ඔත්තු බලන්න.... ස..ම..න..ල..යා...

    ReplyDelete
  2. ඔය "චී නිවුස්" එකේ තියනවා නිවුස් එකක් මිහින් ලංකා එක කෝටි 72ක් පාඩුයි කියලා.කමෙන්ට් 3 ඒකට.බැසිල් යැපුම් ආර්ථිකයක් සකස් කරන්න ඕනේ කිව්වා කියන නිවුස් ඒකට කමෙන්ට් 5.මේ වගේ ආතල් නිවුස් එකකට අම්බානක් කමෙන්ට්.ඉතින් ඕකට ප්‍රතිචාර දක්වන්නේ උපවාසයා වාගේම සෙට් එකක් කියල පෙන්නේ නැද්ද?

    ReplyDelete
  3. ඕකට ප්‍රතිචාර දක්වන්න කලින් සුමනදාස අබේගුනවර්ධන ගෙන් හඳහන බලාගෙන හිටියනන් හොඳවෙයි. පොර කියලා තියෙනවානෙ ලංකාව ලෝකයේ බලවත් රටක් වෙනව කියලා. බලවත් වෙන්න නම් දැන් ඉන්න බලවතා එක්ක පොඩි ගුස්තියක් අල්ලලා දින්නන ඕනි.

    ReplyDelete
  4. ඒ කට්ටිය නිකං එන්නේ නැත.
    විවිධ උවමනාවන් අතර,
    ලංකාවේ රේඩාර් පද්දතිය වැඩ කරනවද කියලත් බලන්න එන්න ඇති,

    ReplyDelete
  5. @රාජ් - හි හි

    @සිතුවිලි මණ්ඩිය - කුණු ගඳට නොවැ ඌරොත් ඇදෙන්නේ

    @රැඩ්කල් අදහස් - ඌගෙන් වෙලාව බලාගෙන ඌ කියන එකේ විරුද්ධ පැත්ත තමයි ඇත්තටම වෙන්නේ කියල හිතා ගත්තාම හරි

    @දායල් - වෙන්න පුලුවන්

    ReplyDelete
  6. චී - නිව්ස් 1 කේ ඔය ගොං පාට් දාන්නෙ ලෙමන් පෆ් මාමාගෙ ගෝලයො සැට් 1 ක ම තමයි , සයිට් 1 කේ හිට්ස් වැඩිකර ගන්න ... උන් තරන් පන්ඩිතයො ටිකක් අප්පා මාර දේශ ප්‍රේමී යුද්ධ විශාරද.........

    ReplyDelete
  7. හෆොයි, දැං 123ක් තියනවා. ඕව කියවන්ඩ බෑ.

    මුටිට් නෙවේ, ඇමරිකන් මාමලා ඇවිත් අල්ලපුගෙදර ඇන්ටි හැන්දෑවට පැල වලට වතුර දානව වගේ ලඞකාව napalm කරල ගියත් අපිට බකංනිලං තමා ඉන්ට වෙන්නේ. ඒ නිසා alpha-male ට ඉඩ දීලා ඔන්න ඔහේ දෙන දෙයක් කාල බොන දෙයක් බීල ඉන්නයි තියෙන්නේ.

    ReplyDelete
  8. [ඔය ආවයි කියන ඒවා නම් අපේ රේඩාර් වලට අහුවුනා , හැබැයි ඇමරිකන් කාරයා ගාව තියන මම දාල තියන පොටෝ එකේ තියන ජාතියේ එව්වායින් එකක් ඇත්තටම මුට්ටි දාන්න ආවොත් ඉන්දියාවෙ හදපු අපේ රේඩාර් වලට අහුවෙන එකකුත් නැ ...]

    හැබැයි පිදුරුතලාගල අටෝල තියෙන චීන එව්වට නම් අහුවෙන්න හැකියාවක් තියෙනව නේද? කවුද දන්නේ, චීනේ ලංකාවේ මිසයිල හයි කරලත් තියෙනවද කියල. එහෙම වුණොත් අලි මොනවද කරද්දී අපට තැලෙන්නයි වෙන්නේ

    ReplyDelete
  9. @sameera - මටත් හිතෙනේව සයිට් එකේ ඇඩ්මින්ලම තමා මේ සමහර කමෙන්ට් කාරයෝ කියල

    @budha - අනිවා

    @Lomba - stealth අහුවෙන තරමේ රේඩාර් පද්ධතියක් චීනෙන් දියුණු කලත් ඒවා අපිට නම් දෙන්නේ නැ පුතෝ .... ලොකු උන්ගේ වලි අස්සට රිංගන්නෙ නැතුව හැම එකාවම ශේප් එකේ තියා ගන්න එක තමයි ඇඟට ගුණ

    ReplyDelete
  10. සී නිව්ස් කොමෙන්ට් බැලුවා.පට්ට ආතල්.එකෙක් කියලා ආන්ඩුව ඇමරිකාවයි,පැට්ටීෂියා වයි සත පහකට ගනන් ගන්නේ නැති නිසාලු එහෙම කරල තියන්නෙ.අපිත් ලංකාවට ගොඩක් ආදරෙයි.ඒත් මේවට පුකෙන් හිනා යනවා බුවා..mama Baba

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව