Skip to main content

ආශ්චර්යය අතහැර දමා කොරියාවේ යැමට දඟලන ලාංකීය තාරුණ්‍යය

කොරියානු රැකියා සඳහා මූලික භාෂා පරීක්ෂණ විභාගයේ අයදුම් පත්‍ර නිකුත් කරත්දි සිදු වෙච්ච කලබැගැනි පහුසිය දවස් වල මාධ්‍ය හරහා දකින්න ලැබුනා . කරන කොයි වැඩෙත් අනාගැනීමේ "අපේ අනෙන්‍යතාවට " අමතරව මේ සඳහා තිබුන අධික ඉල්ලුමත් මේ කලබලකාරීත්වයට හේතු වෙච්ච බව තමයි පේන්න තිබුනෙ .  ලංකාවේ විවිධ තරාතිරම් වල තරුණයින් විදේශ රැකියාවලට යාම කාලයක් ඉඳන් සිදුවන දෙයක් නිසා ඒ පිලිබඳ අමුත්තක් නැති වුනත් .  කොරියානු රැකියා කතන්දරයේ තියන ආවෙනීක ලක්ෂනත් වර්ථ්මාන ලංකාවෙ තත්වයත් පිලිබඳව සැලකුවාම මේ ගැන කථා කරන්න යමක් තියන බව  දකින්න ලැබෙනව .

බුද්ධි ගලනය හා ශ්‍රම ගලනය

බුද්ධි ගලනය කියන වචනය නම් අපි වගේ දියුණු වෙමින් පවතින රටවලට  අමුතු දෙයක් නෙවෙයි . උගත් වෘත්තිකයින්ගෙ අධ්‍යාපනික , වෘත්තිමය , සමාජීය හා ආර්ථික අවශ්‍යතාවයන් ඉටු කරන්න අපි  වගෙ රටවලට තියන නොහැකියාව නිසා සිද්ධ වෙන බුද්ධි ගලනය වලක්වන්න චින්තන විපර්යාසකට මිසක්  හැකියාවක් නැ . මොකද අදාල අවශ්‍යතා සම්පූර්ණ කරන්න නම් රටකට තිබිය යුතු   සංවර්ධන තත්වය බුද්ධි ගලනය සිදුවන රටවලට නැති නිසා . ඒ  අය හැරුණාම අනෙකුත් රැකියා සඳහා විදේශ ගත වෙන්නන් ශ්‍රම ගලනය කියන කාණ්ඩයට ඇතුලත් කරන්න පුලුවන්ය කියලයි මම විශ්වාස කරන්නේ .මේ ශ්‍රම ගලනය වර්ග කිහිපයකට බෙදන්න පුලුවන් . මැද පෙරදිග රටවල් මූලිකව ගෘහ සේවිකා ඇබැර්තු සඳහා විදෙස් ගත වන කාන්තාවන් , මැද පෙරදිග රටවල රියදුරු , කාර්මික හා සුලු සේවක් ඇබැර්තු සඳහා විදේශ ගත වන පිරිස් , මැද පෙරදිග නොවන රටවල්  විවිධ රැකියා සඳහා විදේශ ගත වන්නන් තමයි මම දකින කාණ්ඩ තුන . මේ අතරින් කාන්තාවන් ගෘහ සේවිකාවන් විදිහට විදේශ ගත වීම වෙනමම කථා කල යුතු පුලුල් මාතෘකාවක් . ඒ නිසා ඒ අය ගැන මෙතනදි කථා කරන්න බලාපොරොත්තුවක් නැ .

මැද පෙරදිග රැකියා

මැද පෙර දිග රැකියා වඩාත් ප්‍රචලිත  වෙලා තියෙන්නෙ කාන්තාවන් අතර උනත් . පුරුෂයෙන් සැලකිය යුතු ප්‍රමාණයකුත් මැද පෙරදිග සේවය කරනව. මේ සඳහා වැඩි වශයෙන්ම යොමු වෙන්නේ ආර්ථික අපහසුතා  නිසා පිඩාවට පත්වෙලා ඉන්න විවාහක පුද්ගලයින්  . සුලු සුලු පෙදරේරු , වඩු වගේ වැඩ වල නිරත වෙලා ඉන්න අය . රියදුරු බලපත්‍ර තිබුනත් හොඳ ආදායමක් නැති කම නිසා පිඩාවට පත්වෙලා ඉන්න අය  මේ කාණ්ඩයට අයත් . පවුල් වගකීම් එක්ක ආර්ථික අමාරුකම් වල ඉන්න අයට අමතරව හොඳ මුදලක් හොයාගෙන ඇවිත් මොනව හරි ව්‍යාපාරයක් පටන් ගන්නවා වගේ අරමුණු තියන තරුණ පිරිසුත් මැද පෙරදිග රැකියා සඳහා යොමුවෙනවා . මැද පෙරදිග ගියාට පස්සෙ සමහර වෙලාවට දුෂ්කරතා , අතරමංවීම් ආදිය සිද්ධ වුනත් මේ අය  යන්නේ නිශ්චිත තමන්ට යම් පූහුණුවක් තියන රැකියාවකට තමයි බොහෝ වෙලාවට . ඒ අතර වෙලඳ සේවක ඇබැර්තු වගේ විශේෂ වෘත්තිමය අත්දැකීම් අවශ්‍ය නැති රැකියා සඳහා යන අයත් නැතුවාම නොවෙයි . කොහොම උනත්  මේ සියලු දෙනාටම පොදු ලක්ෂනය වෙන්නේ හොඳ ආර්ථික ස්ථාවරත්වය පමනක් මුල් කරගෙන විදේශ ගත වීම.

මැද පෙරදිග නොවන රැකියා

මගේ මාතෘකාව වෙච්ච කොරියානු රැකියාත් ඇතුලත් වෙන්නේ මේ කාන්ඩයට . මීට කාලයකට කලින් ඉතාලිය ඇතුලු යුරෝපා රටවල රැකියා වලට ගිය අයත වර්ථමානයේ කොරියානු රැකියා සඳහා උත්සහ දරන් අයත් අයිති වෙන මේ කාණ්ඩයේ අයගේ විශේෂත්වය අරාබි රටවලට යන අය වගේ  ආර්ථික  ස්ථාවරත්වය විතරක් අරමුණු කර නොගන්න එක . ඒත් එක්කම මේ අයගෙන් සාතිශය බහුතරයක් විදේශ ගත වෙන්නේ(විදේශ ගත වෙන්න උත්සහ කරන්නෙ )  නිශ්චිත වෘත්තියක් අරමුණු කරගෙන නොවෙන එක . කොහොම හරි රටකට පැන ගැනීමේ අරමුනින් ඉන්න අයත්, ලංකාවේදි නොලබන තම අවශ්‍යතාවයන් සපුරා ගෙන ජීවීතය හොඳින් විදීම අරමුණු කරගත් අයත් තමයි මැදපෙරදිග රැකියා වෙනුවට මේ කැටගරිය තෝරගන්නේ . සාමාන්‍ය වශයෙන් බැලුවාම මේ අය අතර  බොහෝ දෙනෙක් මැද පෙරදිග ය්න අයට වඩා  වයසින් බාල අය . විශේෂයෙන්ම යුරෝපා රටවලට යාමේදී අනුම්ගමනය  කරපු අන්තරාදායක ක්‍රියා මාර්ග විවාහක්යින්ට වඩා ගැලපුනේ අවිවාහක වගකීම් අඩු තරුණයින්ට .මැදපෙරදිග යන අය සහ මේ අය අතර දකින්න ලැබෙන ප්‍රධානතම වෙනසක් තමයි ඒ අයගේ ලංකාවේ ආර්ථික  හෝ සමාජ තත්වය . මැද පෙරදිග සුලු රැකියා වලට යන බොහෝ දෙනා දැඩි ආර්ථික අමාරු කම් වලින් පෙලෙන අය උනත් මේ අය අතර නම් එහෙම නොවෙන බොහෝ දෙනෙක් ඉන්නව . තමන්ගෙම කියල කුඩා ව්‍යාපාරයක් කරගෙන හිටපු අය , ත්‍රිවීලරයකින් සැලකිය යුතු මට්ටමේ ආදයමක් ලබපු අය විතරක් නෙවෙයි සාර්ථක ටියුෂන්  ගුරු වෘත්තියක නියලුණු අයත් මේ කාණ්ඩයට අයත් වුනු සිද්දීන් මම අත් දැකල තියනව . ඒ කියන්නෙ ලංකාවෙදිත් යම් ආර්ථික ස්ථාවරත්වයක් තිබුන අයත් විදේශ ගත  වීම  තෝරා ගැනීම බහුලව මෙතනදි දකින්න ලැබෙනව . යුරෝපා රටවලට ගිය අය  සහ කොරියානු රැකියා සඳහා ගිය අය අතර දකින්න තියන ප්‍රධාන වෙනස්කම තමයි යුරෝපා රටවලට ගිය අය ඒ රටවල  ස්ථීරව පදිංචි වීමත් කොරියානු අය දිගු කාලයකට පස්සේ හරි නැවත ල්ංකාවට පැමිනීමත්

සල්ලිම නෙවෙයි නම් මොකක්ද හේතුව

ආර්ථික සාධකය මේ කාරණයෙදි ඉතා ප්‍රභල තැනක් අරගත්තත් මම සඳහන් කරපු දෙවෙනි කැටගරියේ අයට ඒක ඒ විදිහටම අදාලයි කියන්න බැ . මොකද ඉතාම හොඳ මුදලක් අතට ලැබෙන සහ නීත්‍යානුකූලව  පහසුවෙන් යා හැකි මැදපෙරදිග රැකියා ඕනි තරම් තිබුනත් ජීවිත අවධානමට ලක් කරගෙන නිති  විරෝධිව යුරෝපයට සංක්‍රමනය වූවන් ඕනැ තරම් සිටිය නිසා . මේ අයගේ බලාපොරොත්තු ගොන්න ඇතුලට හොඳ ආදායමක් , වගේම සුව පහසු ජීවන රටාවක් , සමාජ පිලිගැනීමක් වගේ දේවලුත් අන්තර්ගතයි . ලංකාවෙදි එක සමාජ පැලැන්තියකට විතරක් සිමා වෙලා තියන පහසු කම් ලබා ගන්න , ලංකාවෙදි අත්දකින්න තියන කුහක පන්ති බේදයෙන් මිදෙන්න වගේ අරමුණු මේ අය තුල තිබුන බව පැහැදිලියි . ඒවා කොයි තරම් දුරකට ඉටුවුනාද කියන දේ දන්නේ ඒ අයම උනත් , ඒ ගියපු අයගේ අදහස් (අතිශෝක්තීන්ද විය හැක ) වලට ආස කරපු පසු පරම්පරා ගනනාවකුත් ඒ මඟම ගියපු නිසා යම් තාක් දුරකට හෝ ඉටුවෙන්න ඇතිය කියල හිතන්න පුලුවන් . අවම වශෙයෙන් අරාබි රටවලදි මුහුණ දෙන්න සිදුවෙනවාය කියන හිංසා කාරී තත්වයන් හෝ අවදානම් වලින් තොරව තමන්ගේ ආර්ථිකය සකස්කරගැනීමේ හැකියාව මේ අයට ලැබිල තියෙන්නේ ඔනිය කියලයි මම හිතන්නේ . මොකද යුරෝපා රටක පිරිසිදු කිරීම් කටයුතු කරල ආපු කෙනෙක්වත් ඊට වඩා ඉහල රස්සාවකටවත් අරාබි රටකට නොයන නිසා . කාලයත් එක්ක යුරෝපයට නීත්‍යානුකුලව හෝ නිති විරෝධීව ඇතුල් වීම එතරම් පහසු දෙයක් නොවුන නිසා බලාපොරොත්තු ඉටු කරගන්න බැරි උන පිරිසගේ ඊලඟ ඉලක්කය වුනේ කොරියාව . අරාබි රටවල් වල කාලයක් වැඩ කරල කොරියාවට ගිය දක්වන අදහස් අනුවත් , මේ වෙනකොට කොරියාවට යන්න උත්සහ කරන අය දිහා බැලුවාමත් අර මම කලින් කිව්ව ආර්ථික නොවන  අවශ්‍යතාවයන් යම් තරමකට හෝ ඉටු කරගන්න  කොරියානු රැකියා ඉඩ හසර විවර කරල දීල තියන බව පේනවා . තමන්ට සම්පූර්නයෙන්ම ආගන්තුක භාෂාවකුත් ඉගෙන ගෙන , දැනට යම් තරමකට හෝ ගොඩ නගා ගත්ත ස්ථාරයත් අතැරල දාල ජීවිතේට නොකරපු රස්සාවක් කරන්න යන්න අපි  පහුගිය දවස් වල දැක්ක විදිහේ  දැඩි වෙහෙසක් ගන්නේ ඒ නිසා විය යුතුයි .

ඉගෙන ගත්ත උන්ට පුලුවන් නම් අනෙක් උනුත් ගියාම මක් වෙනවද ?

කෙනෙකුට මෙහෙම හිතෙන්න බැරි කමකුත් නැ . ඇත්තටම උගත් වුනත්  ශ්‍රමිකයින් උනත් විදේශ ගත වීම රටට අහිතකර තත්වයක් තමයි . ඒ උනත් ඒ ඒ අයගේ අවශ්‍යතා සම්පූර්ණ කිරීමේ රටට ඇති හැකියාවත් , ඒ ඒ අයගේ දායකත්වයන් රටේ වර්ථමාන තත්වයට අනුරූප වෙන විදිහ අනුව ශ්‍රම  ගලනය පිලිබඳ වැඩි අවදානයක් දැක්විය යුතුයි කියලයි මම හිතන්නේ . උදාහරණයක් විදිහට ඉංජිනේරුවෙක් ලංකාවෙදි ලබන වැටුප හා විදේශ රටකදි ලබන වැටුප අතර වෙනස පියවන්නවත් , ගුවන් යානා තාක්ෂනය , නැනෝ තාක්ෂණය වගේ දෙයක පර්යේෂන හෝ උසස් අධ්‍යාපනයක නිරත වෙන්න කැමති කෙනෙකුට ඒ අවස්ථාව ලබා දෙන්නවත් ශ්‍රි ලංකාවට මේ මොහොතේදී හැකියාවක් නැහැ .

මොනවද කරන්න ඕනි

01) ශ්‍රම ගලනය විතරක් නෙවෙයි බුද්ධි ගලනයත් වැලැක්වීමට තියන මූලිකම  අඩිතාලම වෙන්නේ ආකල්පමය වෙනස . පාසල් අධ්‍යාපනයත් එක්කම රට ගැන හැඟිමක් , තමන් ලබපු ජීවිතයට  ලබපු සම්පත්වලට අදාලව මවුබිම වෙනුවෙන් කලයුතු වගකීමක්  හැමකෙනාටම තියනවාය කියන එක ඒත්තු ගැන්වීම ඉතා වැදගත් . දෙමලාව රටෙන් පන්නන්න හරි බටහිරට පලු යන්න බනින්න හරි විතරක් භාවිතා කරන  බොරු දේශප්‍රේමයට එහා ගිය හදවතින්ම එන හැඟිමක් ඇති කරන්න පුලුවන් නම් ශ්‍රම ගලනය විතරක් නෙවෙයි බුද්ධි ගලනයටත් සැහෙන්න සාර්ථක පිලියමක් ලබාගන්න පුලුවන්

02) උසස් අධ්‍යාපන අවස්ථා හිමිවන පිරිස වැඩි කිරීම 
ලංකාවෙ තරුණ පරපුර මුහුණ දෙන ප්‍රධානම ගැටලුවක් තමයි ප්‍රමාණවත් තරම් උසස් අධ්‍යාපන අවස්ථා නැති එක . සුලු  ලකුණු ගානක එහා මෙහාවක් නිසා  අනික් අයට පිටු පසින් ඉන්න වීමත් ,සමහර වෙලාවට තමන්ගේ ට් ප්‍රතිඵලම තියන කෙනෙක් ආර්ථික ශක්තිය නිසා ඉදිරියට යාමත් වගේ දේවල් මේ ක්‍රමය ඇතුලේ නිරන්තරයෙන් සිද්ද වෙන එක  තරුණයින්ගේ ආත්ම විශ්වාසයත් , රට ගැන තියන විශ්වාසයත් අවම කරන්න තද බල විදිහට බල පානව. මේ ගැටලුවට විතටක් නෙවෙයි තවත් ගොඩක් ප්‍රශ්න වලට හේතුවෙලා තියන ලංකාවේ උසස් අධ්‍යාපන ක්‍රමයට සාර්ථක වෙනසක් අත්‍යාවශ්‍යමයි

03)ක්‍රමානුකූල වෘත්තීය අධ්‍යාපනය 
ශ්‍රම ගලනය වලක්වා ගන්න වගේම තරුණ ශ්‍රමය ඵලදායකව රටේ සංවර්ධනයට යොදා ගන්න ඵලදායක වෘත්තීය පුහුණුව අත්‍යාවශ්‍ය අංගයක් . වෘත්තීය පුහුණුව කියල මම අදහස් කලේ දැනට කරන විදිහට මොනව හරි ශිල්පයක් උඩින් පල්ලෙන් උගන්නල දාල සහතිකයක් දෙන එක නම් නෙවෙයි . අලුත් ව්‍යාපාර අවස්ථා වලට , නිෂ්පාදන වලට අනුකූලව නව පාඨ්මාලා ඇති කරන්නත් . අදාල ශිල්පයට අමතරව මූලික පරිඝනක , ඉංග්‍රිසි හා ගණාධිකරණ දැනුමත් මේ පාඨමාලාවලට අන්තර්ගත කරන්නත් මෙහිදී කටයුතු කරන්න ඕනි  . රැකියාවලට යොමු කිරීමේ වැඩ පිලිවෙලක්  වගේම අවශ්‍යතාවය අනුව ස්වයං රැකියා ආරම්ඹ  කරන්න අවශ්‍ය  පහසු කම් සැලසීමේ වැඩපිලිවෙලකුත් අන්තර්ගත වෙන එක වැදගත්

04)සුදුස්සාට නිසි තැන ලබා දීම
රටක දියුණුවට ඉතාම වැදගත් සාධකයක් තමයි සුදුසු පුද්ගලයාට සුදුසු තැන ලැබෙන එක . ලංකාව වගේ  ඊට හාත්පසින්ම විරුද්ධාර්ථයක් වෙන වටපිටාවක් ඇතුලෙදි සිද්ධ වෙන්නේ තමන්ගේ සුදුසු කම් වලට නිසි තැන නොලැබුන තරුන පරම්පරාව රට ගැන කලකිරීමට පත්වීම

05) තරුණයින්ගෙ සමාජීය අවශ්‍යතා ඉටුවෙන පරිසරය සැකසීම
මේක නම් ලංකාවේ දැනට සිද්ද වෙන්නේ ඉතාම අඩුවෙන් (නැතිම තරම් ) .  මගේ දෙවන කැටගරියේ  පිරිස් විදේශ ගත වෙන්න එක මූලික හෙතුවක් විදිහටත්  මේ කාරනය හඳුවන්න පුලුවන් . තරුන වයසේ මානුෂීය අවශ්‍යතාවන්ට  අනුව තරුණයින් බලාපොරොත්තු වෙන දේවලුත් , වර්ථමාන ලෝකයේ තාක්ෂණික දියුණුවත් එක්ක තරුණ පරපුර හිමි කරගන්න කැමති සෑප පහසුකමුත් මේ අතරට අයත් . මේ එක් අංගයක්වත් ඉටු නොවෙන පරිසරයක් ගැන තාරුණයය කල කිරීම ස්වාභාවිකයි

06) නව ආයෝජන අවස්ථා සඳහා හැකි තාක් ඉඩ කඩ විවර කිරීම හා ස්වයං රැකියා සඳහා ආධාර  ලබා දීම
අනිකුත්  කාරණා කොහොම උනත් තරුණයින්ගෙ ආර්ථික තත්වය ඉහල දැමීම මේ අතර වැදගත්ම   කාරණයක් . ඒ වෙනුවෙන් වෙන්න තියන මූලික  දේ තමයි රැකියා අවස්ථා පුලුල්  කරන එක . ලංකාවේ ඉන්න ව්‍යවසායකයින්ට වගේම ජාත්‍යන්තර ආයෝජකයින්ටත් නව ව්‍යාපාර අවස්ථා ඇති කිරීමේ අවස්ථාව ලබා දීම තමයි රජය පැත්තේන්   මෙතනදි සිද්ධවෙන්න ඕනි දේ .එතන්දි රටට වඩාත් වාසී දායක ව්‍යාපාර  වගේම තාරුණ්‍යයේ ශක්තිය උපරිමයෙන් රටට ලබාගන්නත් හැකි  ඔවුනට උපරිම  වාසිත් ලැබෙන ව්‍යාපාර තෝර ගන්න  එකත් තමයි රජයේ වගකීම . රැකියා අවස්ථා වගේම සුලු හා මධ්‍ය පරිමාන ව්‍යාපාර ආරම්ඹ කරන්න තරුණයින්ට අවශ්‍ය කරන දැනුමත් , ණය ආධාරත් ලබා දීම  මගිනුත් තරුණයින්ගේ ආර්ථික තත්වය යහපත් කිරීමේ හැකියාව තියනව

07)වෘත්තීන් අනුව වෙනස් කොට සැලකීම අවසන් කිරීම
ලංකාවට විතරක් නෙවෙයි ලෝකයේ බොහෝ රටවල දකින්න තියන ගැටලුවක් තමයි මේ . ඒ උනත් ඒ තත්වය හැකි තාක් අවම කරගන්න උත්සාහ කරන එක ඉතාම වැදගත්



මේ තමයි හොඳම කාලේ

 කරන්න පුලුවන් දේවල් වලින් මූලිකම අංග කිහිපයක් තමයි  මම සඳහන් කරල තියෙන්නෙ . කොහොම උනත් මේ එක දෙයක්වත් එකපාරටම කරන්න පුලුවන් දේවල් වත් එක සැරේ කරන්න පුලුවන් දේවල්වත් නොවෙන්න පුලුවන් . කොහොම උනත් මේ තමයි ඒ දේවල් ආර්ම්බ කරන්න හොඳම කාලය .මොකද් ලංකාව ඉන්නේ තාරුණ්‍යයේ ශ්‍රමය උපරිම වශයෙන් රටට දායක කරගන්න පුලුවන් සංවර්ධන මාර්ගයක් පේන්න තියන  අවස්ථාවක (ඒක ප්‍රයෝජනයට ගන්නේ නැතුව පිස්සු  නටන එක තමයි අවුල ) . මොනව හරි ආශ්චර්යයක් පහල වෙලා මේ වගේ වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක උනොත් 2020 දිවත්  කොරියාවේ   යන පෝලිම්  දකින්න නොලැබෙන්නත් , අපි අච්චර ප්‍රමාණයක්  කොරියානු රැකියා දුන්නාය කියල පම්පෝරි ගහන දේශපාලකයො දකින්න නොලැබෙන්නත් ඉඩ කඩ ලැබේවි


විශේෂ සටහන - මම මේ දේවල් ලිව්වෙ මගේ අත්දැකීම් කිහිපයක් අනුව විතරයි . ලොකු පර්යේෂනයක් කරල නෙවෙයි . ඒ නිසා තොරතුරු හා අදහස් වල අඩුපාඩු කම් තියෙන්න පුලුවන් . ඒවායින් කියවන කෙනෙක්ගේ හිතට වේදනාවක් ඇති වුනා නම් (විශේෂයෙන්ම විදේශ ගත වෙලා ඉන්න සහෝදරයෙක්ගේ ) සමාවෙන්න කියල  ඉල්ලා සිටිනව

ප.ලි - මෙතනට කෙලින්ම අදාල දෙයක් නොවුනත් පොඩි යමක් සඳහන් කරන්න ඕනි . ඒ තමයි අන්තර්ජාලය ගැන . කොරියාවේ අන්තර්ජාල වේගය  ගැන හැමෝම දන්නව ඇතිනේ නොදන්න කෙනෙක් ඉන්නව නම් මෙතනින්  උනත් ඒ ගැන අදහසක් ගන්න පුලුවන් . ඔං  අපේ ආශ්චර්යේ රාජ්‍ය අන්තර්ජාල සම්පාදකය  512kbps සබඳතාවයටත් 18GB ක සාධාරන භාවිත ප්‍රතිපත්තියක් දාල . ලෝකේ  ඔක්කොම රටවල දකුන උල් වෙත්දි අපේ විතරක් උතුරු කොන උල්වුනා වගේම , ලෝකේම ඉස්සරහට යත්දි අපි පස්සෙන් පස්සට යන එකට මේක හොඳ උදාහරනයක් . ඉතින් තාරුණයේ තාක්ෂනික අවශ්‍යතා ඉටු වේවියැ  

Comments

  1. මම හිතන්නෙ ප්‍රධානම ප්‍රශ්නය සුදුස්සාට සුදුසු තැන නොලැබීම. බුවා හිතන්නෙ ගාන අඩුවුණත් සාධාරන පඩියක් ලැබෙයිනං අපේ කට්ටිය රට දාලා යයි කියලද? ඔය යන ගොඩක් දෙනා යන්නෙ අසාධාරණය හමුවේ කරන්නම දෙයක් නැති කොට. (බුද්ධි ගලනය)

    කවුරුත් රටට ආදරෙයි. ඒත් නුසුදුස්සෙකුට තමන්ට වඩා දෙගුනයක් විතර වැටුපක් ලැබෙද්දි උගත් මිනිහෙක්ට බලාගෙන ඉන්න බෑ නෙව.

    ReplyDelete
  2. @blog gadol - මාත් දකින මූලිකම ප්‍රශ්නයක් තමයි සහෝදරය ඔය ගැටලුව .ලංකාවේ ගොඩක් ප්‍රශ්න වලට මුල ඕක තමයි

    ReplyDelete
  3. හික් හික්..තවත් ටොපියක් පමනි...

    ReplyDelete
  4. තාවකාලිකව විදෙස්‍ රටක ජීවත්වෙන වෘතිකයකු වෙන මයියාට මෙය ඉතා සමීප මාතෲකාවක්. මේ රටේ සිටින ශ්‍රී ලාOකික වෙද්‍ය්වරුන්, ඉOජිනේරුවරුන් , ගණකාධිකාරවරුන් වැනි වෘතිකයන් සමග මයියා මේ ගැන කථා කරලා තියෙනවා.ඔවුන් බොහෝ දෙනෙකු හදවතින් ජීවත් වන්නේ ලOකාව සමග තමයි. එහෙත් ඔවුන් මේ රටට සOක්‍රමණය වීමට බලපාලා තියෙන්නේ ලOකාවේ තමන්ගේ වෘතියට නොගැලපෙන ලෙස ලැබෙන අඩු පඩිපතම නොවෙයි.ලOකාවේ නීතිය හරිහැටි ක්‍රියාත්මක නොවීම, කුඩුකාරයන් ස්ත්‍රි දූශකයන් හොරුන් වූ බහුතරයක් වූ දේශපාලකයන් අරක්ගත් ක්‍රමයට තිබෙන නොකමැත්ත, වැඩක් කර ගැනීමට මොවුන් පසුපස යමට සිදූවීම, දුවා දරුවන් ට හොද අධ්‍යාපනයක් ලබා දීමේ දුශ්කරතාව ආදී ප්‍රශ්ණයයි. රජයකට බුද්ධිගලනය නැවැත්වීමට මොවුන්ග අදායම තර කිරීම අත්‍යාවශ්‍යම කරුනක් නොවේ. සාදාරණ සමාජයක් ගොඩ නැOවීම ඒ සදහා හොදටම ප්‍රමාණවත්. සදාරන සමාජයක් තුල තමන්ගේ හැකියාවන් මත දියුණු වන ක්‍රමය සකාසා ගැනිමාට මෙම වෘතීකයන් ඕඅනවටත් වඩා දක්ශයන්..

    ReplyDelete
  5. කියලා තියන කාරණා ඔක්කොම හරි. මගේ ප්‍රශ්නෙ ඒක නෙවෙයි.අඩුම ගානෙ ඔය කොරියානු භාෂා විභාගෙ අවුලක් නැතිව පවත්වගන්න අපේ අයට පුළුවන් කමක් තියනවද? අපේ රට ඉන්නෙ කොච්චර පිටිපස්සෙන්ද කියලා තේරුම්ගන්න පුළුවන් නේද? ආශ්චර්ය කෙසේ වෙතත් මේවගේ දෙයක්වත් හරියට කරන්නයි ට්‍රයිඑක දෙන්නෝන, දැනට.

    ReplyDelete
  6. රට අත ඇරලා යන්නේ ලංකා කේක් ගෙඩියේ අයිසින් ටික. අපි මෙහේ ඉඳන් කන්නේ අයිසින් නැති නිකං කේක්...! බුද්ධි ගලනය නවත්තගන්න පුළුවන් වුනොත් අපිට නැතත් අපේ ළමයින්ටවත් අයිසින් කේක් කන්න ලැබේවි. වැඩ්ඩෝ ඔක්කොම රට දාල ගියාමම මෙහේ ඉතුරුවෙන පුස්සන්ට පුළුවන්ද රට දියුණු කරන්න. නරකම වැඩේ තමයි තමන්ගේ නොහැකියාව එළිවෙන නිසා උන් කරන එකාටත් වැඩක් කරන්න දෙන්නේ නෑ. අන්තිමට එක්කෝ ඌත් පුස්සෙක් වෙනවා. නැත්තන් කේක් වැඩදාන එක අතඇරලා අයිසින් ටික අරන් රට යනවා... ඔන්න ඔය ටික නවත්තගන්න පුළුවන් නම් අපි ගොඩ !!!

    කාලීන මාතෘකාවක්... බුවා මේ ටිකේ ටිකක් නිහඬයි වගේ ?

    ReplyDelete
  7. මොලේ තියන උන් රට ඈරලා යනඵක ගොබ්බ දේශපලුවන්ට හොදයි.
    මුන් බුද්දිගලනයට උඩින්ම කෑමතියි.

    ReplyDelete
  8. ඉතාම නිවැරදිව ඔබ ප්‍රශ්නය විග්‍රහ කර ඇත. මට ඇති ප්‍රශ්නය වන්නේ,
    1. මේකවත් හරියට කර ගන්න බැරි උන් කොහොමද තරුණයන්ට අනාගතයක් හදන්නේ?
    2. මේ තරුණයන් අතර කිසිම වෘත්තීය සුදුසුකමක් නැති (ඔබ නිවැරදිව කිව් ආකාරයටම) බොහෝ අධ්‍යාපන සුදුසුකම් තිබෙන අය ඉන්නවා. එහෙනම් අපි ආශ්චර්ය්‍යයට යන්න කලින් අපේ අධ්‍යාපනය ගැන හිතන්න ඕනෙ නේද?
    3. අපි වෘත්තිකයන් රට යවන එකට මම නම් එකඟයි. ලෝකෙ අපිට තැනක් ගන්න එතකොට පුළුවන්. හැබැයි ගෘහ සේවිකාවන්, රියදුරන් රට යැවීම තව දුරටත් මම නම් දන්නෙ නැහැ වැඩක් වෙනවද කියලා.
    4. බුද්ධි ගලනය නවත්වන්න බැරි බවට මමත් එකඟයි. මගේ යෝජනාව උ/පෙ සමත් හැමට උසස් අධ්‍යාපන වරම් ලබා දුන්නොත් අපිට බුද්ධිගලනයම ආදායමක් කර ගන්න බැරිද?
    5. අපේ දැණුමට යම් කාලයක පිටරට අත්දැකීම එකතු වෙන එක මම නම් හිතන්නේ රටට ආර්ථිකවත්, විෂය දියුණුවටත් හේතුවක් කර ගන්න අපිට බැරිද?
    ඔබ ඉතාම හොඳ යොජනාවලියක් දුන්නේ ඒත් මේවා බීරි අලින්ට වීනා වයනවා වගේ නේද? තීරන ගන්න ඇත්තො අපිට වඩා හිතන පතන දේශප්‍රේමියො නොවැ.

    ReplyDelete
  9. @රත්ගමයා- මල්ලි ටොපිය කිව්වේ මම ලියපු එකද ? කොරියාවේ රැකියාද ?

    @මය්යා - අදහසට බොහොම ස්තුතියි , මාත් හිතනව ඔබ හරි කියල

    @රාජ් - වැඩ අනාගන්න එක අපේ අනෙන්‍යතාවය නේ !

    @චතුරංග - අදහසට ස්තුතුයි , ලස්සන උදාහරණයක් .මේ දවස් වල ටිකක් විතර කාර්යබහුලයි

    @ඇනෝ - ඔව් එතකොට අන්දන්න ලේසියිනේ නේද ?

    @මහවෙදනා - බොහොම ස්තුතුයි ... අපේ අධ්‍යාපන ක්‍රමය හරියාකාරව වෙනස් කරනව නම් රටේ ගැටලු ගොඩකට විසඳුම් එතන තියනව

    ReplyDelete
  10. වැඩක් නැහැ බන් කතාකරලා ටිපිකල් ශ්‍රී ලංකා...වැඩ පුළුවන් එකාට තැන දෙන්න ඕන මුලින්ම,එහෙනම් ඔය ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලැබෙනවා

    ReplyDelete
  11. බුද්ධි ගලනය දෙපැත්තටම සිදු වෙනවා. ලාංකිකයින් විදේශගත වෙද්දි චීන්නු ඇවිත් මෙහේ පාරවල්, වරායවල්, ගුවන් තොටුපොලවල් හදනවා. ඒනිසා ඕක ලොකු ප්‍රශ්නයක් නොවෙයි.

    ReplyDelete
  12. @radical

    ඒක හරි ..ඒ උනත් ශ්‍රම ගලනය ප්‍රශ්නයක් ..අපේ රටට චීනෙන් ශ්‍රමය එන්න ඕනි නැ

    @Chamma- එකඟයි

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව