Skip to main content

නවක බ්ලොග් කරුවන් වෙනුවෙන් බුවාගේ අතහිත සමඟින් දේශපානික/මතවාදීමය බ්ලොග් සඳහා ප්‍රමුඛතාවය දෙන සින්ඩියක් වගේ එකක්

මාතෘකාව දැක්කාම කෙනෙකුගේ හිතට එන්න පුලුවන් කාරණා දෙකක් තියෙයි 01) උඹ බ්ලොග් කරණයේ නවකයින් ගැන කථා කරන්න තරම් ප්‍රවීනයෙක්ද  02) අනේ ..නිකන් පොරක් වෙන්න දඟලන්නෙ නැතුව නිකා ඉඳහන්

තමයි ඒ දෙක , ඒහෙම  හිතුනත් ඒ දේවල් පොඩ්ඩකට හිතේ තියාගෙනම සම්පූර්න ලිපියම කියවන්නය කියල මම ආරාධනා කර සිටිනව


මොකක්ද මේ වැඩේ

වැඩේ තමයි මම අලුතෙන් අරඹපු බ්ලොග් අඩවිය . මෙතනින් හරි දකුණු පැත්තේ තීරුවේ තියන "Blog promo" විජට්ටුවෙන් හරි ඒකට යන්න පුලුවන් .මේ බ්ලොග් අඩවියේ නම Blog Promo


 මොනවද කෙරෙන්නේ


මූලිකම පරමාර්ථය තමයි අලුතෙන් බ්ලොග් කරනයට බ්ලොග් කරුවන්ට වගේම අලුතෙන් එන බ්ලොග් වලට ප්‍රචාරණයක් ලබා දීම . මේ සඳහා අලුත් බ්ලොග් වලටම වෙන් කරපු තීරුවක ඒවායේ ලිපි  සින්ඩිකේට් වෙත්දි , ඒ හැම එකක් ගැන කෙටි හැඳින්වීමක් ලිපියක් වශයෙන් පල කරන්නයි බලාපොරොත්තුව . අමුතුවෙන් ප්‍රචාරණ ඔනි නොවුනත් ඔබ්සර්වර් මහත්තයගේ අලුතෙන් බ්ලොග් අඩවිය සටහන් කරල තියෙන්නේ සාම්පලයක් විදිහට .වැඩෙ කොහොමද කෙරෙන්නෙ කියල බලාගන්න

කොහොමද කෙරෙන්නේ

දැනට එක සාම්පලයක් විතරක් තියන "අලුත් බ්ලොග් අඩවි" තීරුවට අලුත් බ්ලොග් අඩවි එකතු කරන එකත් ඒවා ගැන ලිපි ලියන එකත් තමයි කරන්න තියෙන්නෙ . මෙතනදි මම බ්ලොග් අවකාශයෙදි දකින අලුත් බ්ලොග් අඩවි ගැන සඳහන් කරන්නත් , අලුත් බ්ලොග් අඩවි වල කතුවරුන්ට ඒ සඳහා ඉල්ලීමත් කරන්න පුලුවන් . තමන්ගේ බ්ලොග් අඩවිය ඇතුල් කරගන්න අවශ්‍ය  කෙනෙකුට කරන්න තියෙන්නේ buwa74@yahoo.com කියන ඊමෙල් ලිපිනයට ලිපියක් දාන එක හරි දැනට පල වෙලා තියෙන  ලිපියක කමෙන්ටුවක් විදිහට හරි තමන්ගේ බ්ලොග් අඩවියේ ලිපිනය පල කරන එකයි



සුදුසුකම්

අලුත් බ්ලොග් අඩවියක් විදිහට වර්ගීකරණය වෙන්න නම් , අදාල බ්ලොග් අඩවිය පටන අරගෙන (පලමු ලිපිය ලියල ) මාස 6 කට වඩා අඩුවෙන්න හෝ මාස 6කට වඩා වැඩි උනත් ලියපු ලිපි ගාන 15 කට වඩා අඩුවෙන්න හෝ ඕනි . මේ සුදුසු කම් සපුරන ඕනිම බ්ලොගයක් "අලුත් බ්ලොග් අඩවි " තීරයට ඇතුලත් කරගන්නවා වගේම ඒ සැම එකක් ගැනම වෙන වෙනම ලිපිත් පලවෙනව


කොන්දේසී

අනුන්ගේ ලිපි කොපි නොකරන සහ ඇඩ් ක්ලික් කිරීම වගේ වැඩකට නැති  දේවල් නොලියන ඕනිම බ්ලොග් අඩවියක් ඇතුල් කරගන්නව වගේම , මම ඒ ගැන හඳුන්වාදීමත් සිදු කරනව (තමන් ලියන දේවල් නිසා සුදු වැන් එහෙම ගෙදරට ආවට මම නම් වගකියන්නෙ නැ :D  ). ඒ ඇර වෙන කිසිම කොන්දේසියක් නැහැ

ඔබගේ දායකත්වය

ඔබගේ දායකත්වය මේ වැඩේට ඉතාම වැදගත් . මොකද වැඩෙ කරගෙන යන්න මට ධෛර්යයක් ලැබෙන්න වගේම මම හඳුන්වාදෙන අලුත් බ්ලොග් අඩවි , හඳුනාගන්නත් පිරිසක් ඉන්න ඕනි නේ . අලුත් බ්ලොග් අඩවි වලට අත දෙන්න කැමති ප්‍රවීනයින්ට පුලුවන් දැන් මේ බ්ලොග් අඩවියට ඇවිත්  අලුත් බ්ලොග් අඩවි මොනවද කියල පහසුවෙන් සොයා ගන්නත් ඒවට තමන්ගේ දායකත්වය සපයන්නත් . දැනට එක සාම්පලයක් විතරක් දාල තියෙන්නේ වැඩෙ තේරුම් ගැනීමේ පහසුවට . ඉල්ලුම කරන විදිහට සහ මම දකින බ්ලොග් එකතු කිරීමේ වැඩ පිලිවෙලට අනුව ලබන සතිය වෙනකොට හොඳ අලුත් බ්ලොග් එකතුවක් දැක ගන්න ඔබට ඉඩ කඩ ලැබෙනවාය කියල මම සහතික වෙනවා . මේ කට සහයෝගය පල කිරීම වෙනුවෙන් පහත කෝඩ් කැල්ල ඔබගේ බ්ලොග් අඩවියට එකතු කරගෙන , ෆලෝ පාරක් එහෙම දීල  යන්නය කියල මම ඉල්ලා සිටිනව (කෝඩ් එකෙන් එන රූපය තමයි මගේ බ්ලොග්ගෙ දකුණු පැත්තේ තීරුවෙ තාගෝර් මහත්තයට යටින් තියෙන්නෙ )


<a href="http://buwa-blogpromo.blogspot.com/" ><img src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj4rtZK4SesGIsVFMXmmDR3zVvH2g8c14JYh4bpw6_QL6ZE9JjCmEqzui10QoFfMKZxYFqUbZ66nx5NdzsFFGFYdddOMyr3ZCSSmJZtrhiT8yZ2IKe-2aFR128kFY4PekwKi0uO9AG8SqE/s1600/Untitled-1.gif" alt="Blog Promo" title="Blog Promo" width="200" height="120" border="0" /></a>



ආ ... තව දෙයක් අලුත් බ්ලොග් කරුවන්ට කියල වෙන් කරල තිබුනත් ප්‍රවීනයෙක් අලුත් ඉන් පටන් ගන්න බ්ලොග් අඩවියක් ඇතු කරන්නත් කිසිම ප්‍රශ්නයක් නෑ  කැමති නම් 


සින්ඩිය වගේ එක 

මේ ඉතුරු ඉඩ කඩ ඵ්ලදායකව භාවිතා කරන්න වගේම , ඒ ඒ පුද්ගලයගේ රසවින්දනයට අනුව බ්ලොග් අඩවි  කැටගරි තුනකට දාන්න කරපු උත්සහයක් . එතන්දි දේශපාලනික හෝ මතවාදීමය බ්ලොග් කරුවන් සඳහා මුල් තැන දීල තියෙන්නෙ මගේ ප්‍රියතම කැටගරිය නිසා වගේම සමහර තැන්වලින් ඒ අයට අසාධාරණයක් සිද්ධ වෙලා තියන නිසා .(අනෙක් අය ඒ ගැන තරහා වෙන්න එපා  හොඳේ )

 අනෙකුත් බ්ලොග් අඩවි අතරින් ගද්‍ය පද්‍ය නිර්මාණ සහ විෂයානු බද්ධ දේවල් න්(වෙදකම , සිනමාව,  ජෝතිශ්‍යය වගේ ) එක ගොඩකටත්  අනෙක් පුද්ගලික  බ්ලොග් අඩවි සියල්ලම එකටත් දාල තියනව . මේ කැටගරි තුනට අනුව වෙන් කරල බ්ලොග් කියවන්න කැමති අයට සින්ඩියක් විදිහටත් මේ බ්ලොග් අඩවිය භාවිතා කරන්න පුලුවන් . (තවමත් අඩංගු වෙන්නේ බ්ලොග් අඩවි කිහිපයක් විතරයි , ඒ මගේ බ්ලොග් රෝලේ තිබුන ඒවා . ප්‍රවීනයිනුත්  තරහ නැතුව ඊමෙලය්කින් තමන්ගෙ බ්ලොග් අඩවිය එව්වොත් ලොකු උද්ව්වක් )

අජිත් පැරකුම් මහත්තයගේ(W3LANKA ) Feeds බ්ලොගර් වලින් ප්‍රතික්ෂේප කරන නිසා නම විතරයි අඩංගු වෙන්නේ . අනෙකුත් දේශපාලනික/ මතවාදීමය බ්ලොග් සැහෙන ප්‍රමාණයක් ඇතුලත් කරලයි  තියෙන්නේ මට මඟ ඇරිච්ච යමක් තියනව නම් මතක් කරන ලෙස ඉල්ලා සිටිනව . ඕනි කෙනෙක් ගැන ඕනි කුණුහරුපයක් ලියන බ්ලොග් මේ කාණ්ඩය යටතට දානව . ආගමක් ගැන වුනත් තර්කානූකුල විවේචනයක් නම් /සත්‍ය විවේචනයක් නම්  ඇතුලත් කරනව

ඒ වගේම මේ සින්ඩිය වගේ එක දැනට තියන කිසිම සින්ඩියක් එක්ක ගේමට කරන එකක් නොවේය කියලත් කියන්න ඕනි

එහෙම නම් දැනට ඔච්චරයි ... මාත් එක්ක මේ වැඩේට එකතු වෙන්නය කියල හැමෝගෙන්ම නැවතත් ඉල්ලා සිටිනව

Comments

  1. මාතලන් එක තියෙනවා නේද, ඒක නිසා දෙකක් වැඩක් නෑ

    ReplyDelete
  2. මාතලන් කරන්නෙ සින්ඩියක් විතරනේ , මේක සින්ඩියක්ම නෙවෙයි නේ

    ReplyDelete
  3. යකෝ බ්ලොග් වලට වඩා සින්ඩි වැඩිනේ.මොකක්ද මුංට මෙච්චර රුදාවක් තියෙන්නේ සින්ඩි හදන්න.මේකත් ලග එන මොකක් නමුත් උප්පරවැට්ටියක්.

    අරෙහෙ මාතලන් ලොක්කා එකක් අටවලා.මෙහෙන් බුවා එකක් අටවලා.දෙන්නා යන්නෙත් එකම පාරෙ.කරන්නෙත් එකම දේවල්.මුං දෙන්නා එකෙක්මද මංදා.

    හොදයි හොදයි.ටැබුත් නැති බියොන්ඩ් ෆ්‍රේම් කාරයත් නැති තැන අඩුව පුරවන්නනං දෙන්නා තකට තක.දෙන්නා කිව්වට එකාමද මංදා.

    ReplyDelete
  4. හොඳ අදහසක්... පිරිසැලසුම තව ටිකක් ප්‍රශස්තිකරණය කලා නම් තවත් හොඳයි.

    ReplyDelete
  5. @radical - ස්තුතියි , වෙන්න ඕනි වෙනස් කම් ගැනත් ඉඟියක් දෙන්න පුලුවන්ද ?

    @ano -එක වගෙ දෙන්නෙක් දැක්කාම දෙන්නම එකයි කියන එක පරණ සින්දුවක් , මාතලන්ගෙ සින්ඩිය හා මගේ වැඩෙ අතර වෙනස් කම් හඳුනාගන්න බැරි වීම ගැන කණගාටුයි

    ReplyDelete
  6. වැඩක් නැති වැඩක් මේ කමෙන්ට් එක තව මාසෙකට පස්සෙ බලන්න එතකොට වැටහෙයි...

    ReplyDelete
  7. ඒකත් හොඳයි බුවා...

    ReplyDelete
  8. අදහස් ප්‍රකාශ කිරීමට කල්වේලා වෑඩී කියලා මම නම් හිතන්නේ,අනික කාර්යබහුල ජීවිතයත් එක්ක මම නම් සින්ඩි 3ක් වගේ තමා බාවිතා කරන්නේ මොකද ඔය තියන සින්ඩි හෑම එකකටම ගොඩ වෙන්නෙ ගියොත් බ්ලොග් කියවන්න වෙලා නෑති වෙනවා,කොහොම වුනත් බුවා නවකයන් වෙනුවෙන් කරන මේ දේට මම සුබ පතනවා.....

    ReplyDelete
  9. දේශපාලනය ගැන විතරක් කතා කරන සිංඩියකට නං මාත් මනාපයි.

    ReplyDelete
  10. නවකයන් වෙනුවෙන් මේ වගේ දෙයක් කරන එක හොඳයි

    ReplyDelete
  11. @indi - හා

    @``` Outsider``` - ස්තුතියි

    @අසoක - ස්තුතියි

    @රාජ් - ස්තුතියි

    @blog gadol - ස්තුතියි

    ReplyDelete
  12. මම සුබ පතනවා, හැම දෙයක් ගැනම අසුබවාදීව හිතන්නෙ නැතුව සුබවාදීව සිතන්න ඕන.

    ReplyDelete
  13. ඔන්න බුවා කොලුවගෙ වැඩේ අගේ කිරීමක් විදියට අලුත් ප්‍රොමෝටරේ සින්ඩිකේටර් ලැයිස්තුවට දැම්ම.

    ReplyDelete
  14. වම් පැත්තෙ කොලමට වඩා දකුණු පැත්ත උස වීම ටිකක් හරි නෑ වගේ.

    ReplyDelete
  15. @radicalදැන් හරි නේද ?

    @පොඩිගමය - බොහොම ස්තුතියි

    @පන්සල් හන්දිය - බොහොම ස්තුතියි

    ReplyDelete
  16. දැන් ටිකක් හොඳයි. ඔහොම යං!

    http://news.google.com වගේ category layout එකක් හදා ගත්තොත් මරු.

    ReplyDelete
  17. මගේ බ්ලොග් එකත් ඇතුලත් කරන්න.
    www.piyasatahan.tk

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව