Skip to main content

ආදරණීය ගඩාෆි අන්කල්

ආදරණීය ගඩාෆි අන්කල් ,

අන්කල්ට බඩු පැකට් වෙන්න ඔන්න මෙන්න නිසා මං අන්කල් ගේ සුව දුක් අහන්නෙ නෑය , මම නම්  සුවෙන් ඉන්නවාය . අන්කල් මාව දන්නේ නැතිවුනත්   මම නම් අන්කල් ගැන හොඳට දන්නවාය . මම අපේ "ආඩම්බර කාර පියා  අන්කල්" ට ගොඩා...ක් ආදරෙයිය . ඒ අන්කල්ට ලොකේ ලොක්කොය කියන අන්කල්ලා බාල්දි පෙරලත්දිත් අන්කල් නම් බය නැතුව කරට අතදාගෙන හිටි නිසා මම අන්කල්ටත් ගොඩක් ආදරෙයිය ,අන්කල්ට කෙලවෙන්න කලින් මේ ලිපිය ලියන්න   හිතුවෙත් ඒ ආදරය නිසාමය

අපේ තාත්තා නම් අන්කල්ට කැමතිම නැය ,  එයා කියන්නේ ඕනිවට වඩා බෝ කරන්න යන හැතිකරයට සුභාව ධර්මයෙන්ද මොකෙන්ද ඔහොම එව්වා කරනවා කියාය .  ඒ කියන්නෙ මොකක්ද කියා මට තේරෙන්නේ නැය , තේරුණත් මම ගනන් ගන්නෙත් නැය . මොක්ද අපේ තාත්තා "ආඩම්බර කාර පියා අන්කල්ටත් " කැමතිම නැය .

"තොගේ මහ එකාට තොපිට කන්න අඳින්න දීගන්නත් බැරුව තියෙන්නේ , තොගේ ඔය මහ ලොකු ආඩම්බර කාර පියා නිසා "

කියා අපේ තාත්තා මට නිතරම කියනවාය . මම නම් ඒවට සැලෙන්නේ නැය .මොකද අපේ  අම්මා කියන විදිහට නම් තාත්තා උපන් ගෙයිම අලි පක්ෂයේය , ඒ කියන්නේ දේශද්‍රෝහියෙක්ය . දේශ ද්‍රෝහීන් කියන එව්වාට අපි නම් සැලෙන්නේ නැය . අපේ වංශ අන්කලුත් කියන්නෙ එහෙමය . මං එයාටත් හරිම කැමතිය . හැබැයි අපේ තාත්තා නම් එයාට කියන්නෙ විකාරවංශ කියලාය . ඒ දේශප්‍රේමී , දේශමාමක බලවේග වල  නායකයින්ට විරුද්ධව කියන අවලං කථා නිසා මම ඒවාද ගනන් ගන්නේ නැය

අපේ අම්මා නම් අන්කල්ට හරිම කැමතිය . අන්කල්ගේ පුතා මැරුණාය කියා  ඇහුව දවසේ හොඳටම ඇඬුවාය . අම්මා කොහොමත් දේශප්‍රේමීය . වැඩියක්ම ඒ මතට තිත නිසාය , මතට තිත නිසා තාත්තා වැඩට යන්න බස් එක එනකන් බස් හෝල්ට් එකේ ඉඳන් සිගරැට් බීම නැවතුණාය . අම්මාට ඒ ගැන පුල් හැපිය. ඒ වුනත් අම්මා මෙගා නාට්‍ය බලන වෙලාවට , තාත්තා ලැට් එකේ ඉඳන් සිගරට් බොනවාය .මෙගා සිහිය නිසා අම්මා ඒවා දන්නේ නැය . රැ දහයට නාට්‍ය ඉවරවෙන කොට කටේ ගඳත් ගිහිල්ලා නිසා තාත්තා ගොඩය

"ඒකත් හොඳයි බන් , නැත්නම් මම හෝල්ට් එකේ ඉඳන් බට ගහනව දැකල ඉන්කම්ටැක්ස් එකෙනුත් එයි "

 කියා තාත්තා කිවේ පෙරේරා අන්කල්ටය , පෙරේරා අන්කල්ට නම් ඕවා ගානක් නැය .මතට තිත තිබුනත් නැතත් අගිදා  ඇන්ටිගේ පොට් එකෙන් හවසට දෙක තුනක් නවා ගැනිල්ල පෙරේරා අන්කල අතාරින්නේ නැය
අපේ අය්යා නම් මං වගේම අන්කල්ට ආදරේය . අය්යා කියන්නේ ධනවාදී බටහිර ඒජන්තයින්ගේ ආධිපත්‍යට එරෙහිව අන්කල් නැගු හඬ නිසා උන් අන්කල්ට ගහනවා කියාය .ආ..තව අන්කලාගේ තෙල් සම්ප්ත  කොල්ල කැමේ  දුෂ්ට ඊනියා අරමුණත් උනට තියනවාලුය . මට අය්යා කියන්නේ මොකක්ද කියලාත් හරියට තේරෙන්නේ නැය ,  ඌ කැම්පස් ගියපු දවසේ ඉඳන් කියන එව්වා වැඩි හරියක් ගෙදර කාටවත් තේරෙන්නේ නෑය . ඒ කොහොම උනත් අය්යා  අන්කල්ට  ගොඩා...ක්   කැමතියි කියා නම් මට හොඳටම ශුවර්ය
මෙහෙත් හරියට අන්කල් ගැන කථාවෙනවාය . රතු තොප්පි අන්කල් ලා නම් කියන්නේ  ඒකාධිපති මාවතේ යන ආඩම්බර කාර පියා අන්කල්ටත් අන්කල්ට වෙච්ච දේම වෙනවා කියලාය . ඒ උනාට රතු තොප්පි අන්කල්ලාට  කොරන්න පුලුවන් කෙමනක් නැය කියා  අපේ තාත්තා කියනවාය . දේශද්‍රෝහී උනත් තාත්තා කියන ඒ කථාව නම් ඇත්තය . පන්සල් දාස අන්කලුත් අන්කල්ලාගේ රට ආදර්ශයට අරන්ය . ඒ  ආඩම්බර කාර පියා අන්කල් එලවන්න නම් නෙමේය , පරාක්‍රම අන්කල් එලවන්නය . අනේ.. පරාක්‍රම අන්කලුත් හරි චෝයිය . කථා කරන කොට  අපේ මොන්ටිසෝරි යන  චූටී මල්ලි වගේ හුරතල්ය . ඒ වුනාට පරාක්‍රම අන්කල්ව එලවගන්න පන්සල් දාස අන්කල්ට තාමත් බැරි උනාය . හැමදාම කිච වෙන්නේ පන්සල් දාස අන්කල්මය

තාත්තා නම් කියන්නේ පොඩි එකා වගේ හිටියාට පරාක්‍රම අන්කල් කපටියා කියලාය . කොච්චර  දැඟලුවත් එලව ගන්න බැරි ඒකලුය . අපේ තාත්තා උපන්ගෙයි අලි පක්ෂෙ උනත් කාලෙකින් ඡන්දය දාන්න  ගිහින් නැත්තේත් මේ අන්කල්ලා දෙන්නාගේ වලිය නිසාමය.

වල් පල් ලිවා ඇති වගේය . මට වගේ නෙවේ අන්කල්ට වැඩ තියනවාය .  අන්කල්ට චූටි උපදෙසක් දෙන්න තියනවාය . ඒ කලුගල්වල ඔලුව ගහගන්න එපා කියාය,  දැන් නම් අන්කල්ට ඔව්වා පිලිපදින්න පරක්කු වැඩිය , අනේ .. ඒ නිසා පුලුවන් නම් අහමදි නෙජාඩ් අන්කල්ටවත් මගේ උපදෙස පිලිගන්න කිවොත් ලොකු උදව්වක්ය . අන්කල්ලා ඔහොම පිස්සු කෙලියාම අපේ ආඩම්බර කාර පියා අන්කල් යාලුවො කවුර්ත් නැතුව තනිවේය කියා මට බයය . එහෙනම් අන්කල් මම නවතිනවාය . අන්කල්ට බුදු සරණය . මේ පාර රාමසාන් එකට බුරියානි පාරක් කන්න ලැබෙන කන්වත් ජීවත් වෙන්නට අන්කල් ශක්තිය  ධෛර්යය ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවාය . බැරි උනොත් අල්ලා දෙවියන් එක්කම රාමසාන් සමරන්නට ලැබේවිය .

          මීට
          තණමල්විල හිච්චි එකා

Comments

  1. ආඩම්බර කාර පියා අන්කල් ගඩාපි අන්කල්ට හෙනම සමාන වේගන යනවාය.ලඟදී ලිබියාවේ ඉඳන් රස්සාව නැතිවී ආපහු ආ මගේ යාලුවෙක් කිව්වේ මිනිස්සු ඉගෙන ගන්න එක නවත්තන්න ගඩාපි අන්කල් අධ්‍යාපනයට කෙලියා කියාය.ඒ මදිවාට මෙහෙත් ලිබියාවේ වගේ තෙලුත් මතුවෙනවාය.

    ReplyDelete
  2. පිස්සුද මචන් අංකල්ට මොනවත් වෙන් නෑ..ඇයි අල්ලා ඇවිත් අංකල්ව බෙරගෙන යනවාලු......අනික ඔය අ'න්කල්ට ගෙම දෙන්න සෙට් වෙන උන්ටත් කෙලවනවලු...

    හෑබෑයි මචන් මෙහෙම සීන් එකක් තියනවා,ඇමරිකාව හා බටහිර රටවල් අනවශය විදියට අනික් රටවල් වල නිදහසට බලපෑම් කරන එකටනම් මම පුද්ගලිකව විරුද්දයි.හෑබෑයි ඕකේ තවත් පෑත්තක් තියනවා,ස්බාවදහමේ අසහාය නීතිය..ප්‍රබලායට දුබලයා යටත් කර ගෑනීම,ඕක සත්ව ලෝකයට වගේම අපිටත් පොදුයි කියලා මට නම් හිතෙන්නේ....

    ReplyDelete
  3. හික් හික්!! විශිෂ්ටයි බුවා

    ReplyDelete
  4. නියමෙටම් ලියා තිබෙනවාය. මට දුක මම ලියන්න හිතපු දේ හිතන්නත් කලින් මූ ලියපු එකටය. ගඩාෆිට අපි ආදරේය. කළ හොඳ පස්සෙන් එළවනවාය. ඒ උනාට ආඩම්බරකාර පියාට මීට වඩා යමක් කළහැකිව තිබූහ. අඩුම ගනනේ පුරවැසිභාcඅය දී ගෙන්වා ගත්තේ නම් අවුරුදු 40 කට වඩා ඉන්නා හැටි උගත් පාඩම් කොමිසොමටත් වඩා ඉගෙන ගැනීමට තිබුනී.. කඩාෆී කර්නල්ටත් මටත් උඹටත් සුබ අනාගතයක් වෙමු....!!!

    ReplyDelete
  5. අන්කල්ට පක්ශ උපසබාපති කමක් ඉලගන්න කියන්න... ඔය උන්න වගේම ඉදින්නට පුලුවනිය,යාන්කල්ට මගෙනුත් බුදු සරනය...

    ReplyDelete
  6. ඈ බං බුවෝ මේකට තණමල්විල කියල දාන්න විසේස හේතුවක් තියේද?
    -පොඩිගමය

    ReplyDelete
  7. හිච්චි එකාටත් මරු මරු අදහස් තමා එන්නේ... කළුගල් වල අලුව හප්පා ගන්න ඒක ගැන කියා දීමට දැන්නම් පරක්කු වැඩි තමා.. මොනා වෙන්නඩ අඩුම ගානේ බුරුයානිය ගොඩ දාගන්නවත් බලමු..

    ReplyDelete
  8. ගඩාපි අංකල් ගැන මා කියවූ හොඳම ලිපිය. පේනවා නේද අංකල් අපි එහෙම තමයි. ඔය චීනත් ඊයේ පෙරේද අංකල්ව අතහැරිය උනාට අපි එහෙම නෑය. අපේ අඩම්බොරකාර තාත්තාගේ ආයුෂත් අරගෙන අංකල් තව කල් ඉන්න ඕනෑය. එහෙනම් බුවාට කියන්නම් මේකත් අංකල්ට එවන්න කියලා.

    බුදු සරණයි. දෙවි පිහිටයි. ආරක්ෂාවයි! (කමක් නැහැ!!!!!) ආ..ර..ක්..ෂා..ව..යි!!!!!!

    ReplyDelete
  9. කියන්න වදන් නැත .......
    අප රටට හරි එකමුතුවෙන් වැඩ කල හැකි විපක්ෂයක් කවදා එයිද .....

    ReplyDelete
  10. ආදරණීය ගඩාෆි අන්කල් ට බුදුසරණයි කියා හිත හදාගත නොහැක්කේ ලබ්බට තිව්ව අත කවදාක හෝ පුහුලටත් තැබීමේ අවදානමක් පවතින නිසාය..

    ReplyDelete
  11. @සිතුවිලි මණ්ඩිය - හම්බවෙන්නත් කලින් තෙල් ටික විකුණල නිසා අවුලක් වෙන එකක් නැ

    @අසංක - අපි එකඟ වුනත් නොවුනත් ස්වාභාව ධ්‍රමයෙ නීතිය පොදුයි ,ගඩාෆි අන්කල් ඒක තෙරුම් නොගත්ත එකයි අවුල

    @බ්ලොග් ගඩොල් - ස්තුතියි

    @මාතලන් - එසේම පතමු , ගඩාෆි මෙහෙ ගේමු කියල මම යෝජනා කලේ ගහන්න පටන් ගන්න කොටමයි කෝ ඇහුවයැ

    @යසියා - දැන් නම් ඒකටත් ටිකක් පරක්කු වැඩියි

    ReplyDelete
  12. @ඇනෝ(පොඩිගමයා) - ඔව් හෙතුවක් ඇතුව තමා

    @ ADK - ඔව් බුරියානිය තමයි අන්තිම ඉලක්කෙ

    @මහ වෙදනා - එලකිරි , යවමු !

    @පන්සල් හන්දිය - අනේ මන්ද

    @සෝඩා ගුණේ - ලබ්බේ තරම ලබ්බ තේරුම ගත්තේ නැත , පුහුලේ තරම පුහුල තේරුම් ගත යුතුය

    ReplyDelete
  13. සුපිරියි බන්!

    ReplyDelete
  14. මිනිසුන්ව ගොනාට ඇන්දවීමේද සීමාවක් තිබෙනවාය.
    ජනතාව ගොනාට අන්දන්නට හදන අයට අන්තිමේදී හැන්ගෙන්නටවත් තැන් නැතිවේය.
    'බලාපොරොත්තු නිශ්පාදනය' සහ ගොනාට ඇන්දවීම දෙකකිය.
    අන්කල් වරද්ද ගත්ත තැන නම් 21 වන ශත වර්ශයේ ඉන්නා තරුන ජනයාට ඔහු දෙන්නේ ගල් යුගයේ බලාපොරොත්තුය.
    උදාහරනයක් විදියට ආසියාවේ ආශ්චර්ය, එහි ගල් යුගයේ බලාපොරොත්තුව නම් ආසියාවේ සිංහල ධර්මද්වීපය;

    ආශ්චර්යන් පෙන්වූ රටවල් වන සිංගප්පුරුව වැනි රටවල් සමානාත්මතාවයට මූලික තැනක් දුන්නා. චීන මැලේ දෙමල ආදී ජනයා අතර සමගිය, සැමට සාදාරණය ඉශ්ට කරන නීති ඇතිකලා.
    මහා වෙදනාගේ 'ආදරය' වහෙන් ඔරෝ භාශාවෙන් කිව්වේ මේකමයි කියල මට හිතෙන්නේ
    http://wedagedara.blogspot.com/2011/08/blog-post_27.html?showComment=1314449226590#c7165327696663394099

    ReplyDelete
  15. @කණ්ඩුල/හසිත - බොහොම ස්තුතියි

    @දයාල් බතී - ගල් යුගයට තවමත් ප්‍රිය කරන ජනතාවක් සමඟ නම් "අන්කල්" ට තරම් අපහසුවකින් තොරව ගොනාට ඇන්දවිය හැකිය

    ReplyDelete
  16. හෙලෝ බුවා
    ටයි ගැටේ බලන්න මගෙ බ්ලොගිය පැත්තෙ ආපු ලින්ක් එකෙන් තමයි මේ ආවෙ.
    ඇත්තම කිව්වොත් බුවා මට දේශපාලනය එච්චර දිරවන්නෙ නෑ. එහෙවු මමත් බුවාගෙ පෝස්ට් එක නොසෑහෙන්න රසවින්දා. ඒකෙන්ම ගොඩාක් දේ කියවෙනවා නේද? පට්ට ශෛලිය.
    ආයෙම නොවරදවාම එනවා. බුවාත් ඒ පැත්තෙ එන්න ඕනෙ හරි?
    henryblogwalker aka Dude.

    ReplyDelete
  17. @dude - නැතුව නැතුව .. අනිව එනවා ..බොහොම ස්තුතියි ප්‍රතිචාරෙට . දේශපාලනය දිරවන්නෙ නැතිකෙනෙකුත් රසවිඳිනවා නම් ඒක ලොකු සතුටක්

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව