ශ්‍රි ලංකා පොලිස් සේවයේ නිත්‍ය සේවය සඳහා , නිර්මාණශීලිත්වයෙන් පරීපුර්ණ පුද්ගලයෙකු "කථා නිර්මාණය කරන්නෙකු" වශයෙන් බඳවා ගැනීම සඳහා අවශ්‍ය කර තිබේ . සිංහල ලිවීමේ සහ කියවීමේ හැකියාව තිබීම පමණක් සැහෙන අතර අවම වශයෙන් 8 වන ශ්‍රේණිය සමත්ව තිබිය යුතුය (ශිෂ්‍යත්වය සමත් වීම අනිවාර්ය නොවේ ) . උස හෝ පෙනීම පිලිබඳ නිර්ණායකයක් නොමැතිමුත් මේසයක පුටුවක වාඩීවී යමක් ලිවීමට තරම් උසත්, ලියන දෙයක් කියවා ගැනීමට තරම් පෙනීමත් තිබිය යුතුය
ජේම්ස් බොන්ඩ් හෝ එවැනි ත්‍රාසජනක චිත්‍රපට , නවකථා රසිකයෙකු වීම විශේෂ සිදුකමක් වන අතර සැක කරුවෙකු අත් අඩංගුවට පත්වූ පසු කරන කියන දැ පිලිබඳ පරිකල්පනය කිරීමේ හැකියාවක්ද තිබිය යුතුය . ලියනා සැම කථාවකම අවසානය සැක කරුවා මිය යාම වන මුත් කථාව එකිනෙකට සම්පූර්නයෙන්ම වෙනස් විය යුතුය
ඉහත සුදුසු කම් සපුරන ඕනැම අයෙකුට තම අයෙදුම් පත් පහත ලිපිනයට එවිය හැක
කථා නිර්මාණ අංශය
ශ්‍රි ලංකා පොලිසිය
සියබලාණ්ඩුව
P.S - http://www.adaderana.lk/news.php?nid=15254
ජේම්ස් බොන්ඩ් හෝ එවැනි ත්‍රාසජනක චිත්‍රපට , නවකථා රසිකයෙකු වීම විශේෂ සිදුකමක් වන අතර සැක කරුවෙකු අත් අඩංගුවට පත්වූ පසු කරන කියන දැ පිලිබඳ පරිකල්පනය කිරීමේ හැකියාවක්ද තිබිය යුතුය . ලියනා සැම කථාවකම අවසානය සැක කරුවා මිය යාම වන මුත් කථාව එකිනෙකට සම්පූර්නයෙන්ම වෙනස් විය යුතුය
ඉහත සුදුසු කම් සපුරන ඕනැම අයෙකුට තම අයෙදුම් පත් පහත ලිපිනයට එවිය හැක
කථා නිර්මාණ අංශය
ශ්‍රි ලංකා පොලිසිය
සියබලාණ්ඩුව
P.S - http://www.adaderana.lk/news.php?nid=15254
හී හී හී...(ලියනා සැම කථාවකම අවසානය සැක කරුවා මිය යාම වන මුත් කථාව එකිනෙකට සම්පූර්නයෙන්ම වෙනස් විය යුතුය )
ReplyDeleteමෙන්න හොඳම හරිය...
වෙන වෙන බලු වැඩ කරන්න දෙන්නේ නැතුව කථා හදන්න විතරක් පවරනවා නම් මම යනවා... ඒත් අප්පා කොල්ලෝ මරලා උන්ගේ මරණෙ වහන්න කථා ගොතන්න මොන බල්ලද යන්නේ ??? තූං !!!
ReplyDeleteඔව් අප්පා . .
ReplyDeleteහැමදාම ආයුධ පෙන්නන්න ගිහින් ඒ ආයුධ වෙලින් පොලිසියට වෙඩි තියපු නිසා මිය ගිය කතා අහලා ඇති වෙලා හිටියේ . .
අලුත් පොලිස්පති තුමා අවට පස්සේ නම් තව අලුත් කතා දෙකක් ආවා.
ආයුධ පෙන්නන්න ගිහින් ගඟට පැනලා "පීනන්න බැරි නිසා" ගඟේ ගිලිලා මැරුනු හිටපු නාවික හමුදා භටයගේ කතාව . . .
හොර බඩු පෙන්නන යන ගමන් ජීප් එකෙන් පැනලා මැරුනු ඊයේ පෙරේදා මැරුනු කොල්ලගේ කතාව . . .
බලමු මේ ඇබෑර්තුවට හොඳ පොරක් සෙට් වුනොත් තව හොඳ ලස්සන නිර්මාණ ටිකක් රසවිඳින්න ලැබෙයි . . හික්ස්
ඉන්නවා.. මහින්ද අබේසුන්දර.. කෝල් එකක් දීල බලන්න..
ReplyDeleteඉරාකයේ පුද්ගලයින් දෙදෙනෙකු අතරවූ දෙබසක සිංහල අනුවාදයකි:
ReplyDelete"මොකෝ බං උඹල ඔච්චර මිනී මරන්නෙ?"
"සර්.. ඔය සමහර එවුන්ට හොඳටම ගහලා විස්තර අහන්නේ. ඊට පස්සෙ උන්ට ජීවත් වෙලා වැඩක් නැහැ.. ඒ වගේ උන්ට වෙඩි තියලා දානවා.. ලොකු මහත්තුරු ආවම බොඩිය ලඟින් ග්‍රෙනේඩ් එකක් තියල පෙන්නනවා.. තව සමහර එවුන් හරි පණ්ඩිතයි, කට ගහගෙන එනවා.. උන්ටත් ගේම දෙනවා.."
කොස්‌තාපල් ඝාතනයේ සැකකරු ගඟට වැටී නසී
ReplyDeleteඝාතනය සඳහා යොදාගත් කඩුව බොල්ගොඩ ගඟේ දූපතක සඟවා තිබෙන බවට ලැබුණු තොරතුරු මත පොලිස් නිලධාරීන් සැකකරුද කැටුව බෝට්‌ටුවකින් එම ප්‍රදේශයට ගොස් ඇත. ඒ අවස්‌ථාවේ සැකකරු පොලිස් නිලධාරියකුට පහරදී ඔහු ගඟට තල්ලුකර දමා පලායැමට ගඟට පැන ඇත. එහිදී දැඩි වෙහෙසක් දරා පොලිස් නිලධාරීන් විසින් දියේ ගිලීසිටි සැකකරු සහ පොලිස් නිලධාරියා බේරාගෙන ගොඩට ගෙන ඇත.
අසාධ්‍ය තත්ත්වයෙන් සිටි දෙදෙනා ලුනාව රෝහලට ඇතුළත් කළ අතර සැකකරු එහිදී මිය ගියේය. පසුව පොලිස් නිලධාරියා කළුබෝවිල රෝහලට මාරුකර යවනු ලැබීය.
නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක මහතාගේ උපදෙස් මත පරීක්‍ෂණ පැවැත්වේ.
http://www.divaina.com/2011/10/05/news01.html
දැන් දැන් පොලීසියට ආයුධ පෙන්නන්න යන එවුනුත් දන්නවා තිර රචනයට අනුව රඟපාන්න. ඒ වගේ නේද පේන්නේ මෝදර/බොල්ගෙඩ කේස් එක?
ReplyDeleteමාතලන් සමග එකඟයි. වෙන කවුද ඉතින් මහින්ද අබේ + සු + න්දරම තමයි මගේත් තේරීම.
ReplyDeleteබුවාගෙ උත්සාහය අපතේ. හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් හරි ඇලෙක්සැන්දර් ද්‍යුමා හරි ඇරෙන්න ඔය තනතුරට හරියන කෙනෙක් මේ ලෝකෙ නෑ. හැබැයි එයාල ආවත් හරියයිද දන්නෙ නෑ. මොකද එයාල දෙන්නට ඩීමන් ආනන්දගෙ වේගෙන් කතා ගොතන්න බෑ.
ReplyDeleteමම ලිපිය කියවන්නට කලින්ම මාතෘකාව දැක්ක සැනින්ම හිතුනා ඔබ මේ හොයන කතාකරුවා කාටද අවශ්‍ය කියන එක. ඔව් දැන් ටිකක් වෙනස් වුනා නම් හොදයි තමයි. හැමෝම ආයුද පෙන්නන්න ගිහින් මැරෙන එකට වඩා වෙනස් ක්‍රමයක් නොතිබුනොත් අවුල් ගොඩයි. හැබැයි සමහර අවස්ථාවල පොඩි පොඩි වෙනස්කම් මේ කතාමාලාවට කරල තිබුනා. මාංචුපිටින්ම ජලාශවල පිහිනන්නට යාම, තවත් සඟයෙකු විසින්ම වෙඩි තැබීම, රියදුරාගේ බෙල්ල මිරිකා පැනයාමට තැත් කිරීමේදී සිදුවන අලකලංචියේදී මිය යාම. හැබැයි ඒවා ඊට පස්සේ වැඩිපුර භාවිතාවුනේ නැහැ...
ReplyDeleteකොනන් ඩොයිල් , අගතා ක්‍රිස්ටි ?????
ReplyDeleteවිජේවීරට වෙඩි තිබ්බෙත් සගයෙක් වගේ මතකයක් තියෙනව
ReplyDelete@ dukaa
ReplyDelete//ආයුධ පෙන්නන්න ගිහින් ගඟට පැනලා "පීනන්න බැරි නිසා" ගඟේ ගිලිලා මැරුනු හිටපු නාවික හමුදා භටයගේ කතාව . . .
එතකොට අර ගුටි කාලා අයි.සී.යූ. එකේ ලගින් කොස්සා කරන්නෙත් රඟ පෑමක්ද?
මරු මරු
ReplyDeleteමේක මචන් මම මගේ බ්ලොග් එකේ ඔයා ලියපු comment එකකට උත්තරයක්.
ReplyDeletehttp://anangmanan.blogspot.com/2011/10/comment-box-comment-box.html
කාර්ය බහුල කම නිසා වෙන වෙනම උත්තර දෙන්න බැරි වුනාට සමාවෙන්න , බොහොම ස්තුතියි ප්‍රතිචාර වලට , ඊලඟ ලිපියෙ ඉඳන් නම් පිලිතුරු දෙන්න හැකිවේවි
ReplyDeleteහිහ් ... හිහ් ...
ReplyDeleteඑල පෝස්ට් එක ....
ලංකාවෙද කතා රචකයෝ නැත්තෙ ...