Skip to main content

ඇන්දෙනවාද? අන්දනවාද ? - දෙවන කොටස

අන්දවන්නන් සහ ඇන්දෙන්නන් ගැන ලියූ  ලිපිය සම්පූර්ණ කල යුතුව ඇත , මන්ද මේ වන විට ඇන්දූවන්ගේ සහ ඇඳගත්තවුන්ගේ  කතන්දරය හමාර වී ඇත , එපමණක් නොව මා කලින් ලිපියේ අවසානයට සඳහන් කල ජාතික තලයෙ ඇන්දවීම් ගැනද දැන් කථා කල හැක

මහනුවර ජනතාව නම් තෙල් ළිං සහ අහස් යාත්තරා පිට්ටනි වල ඇන්දී ඇති බවක් පෙනෙන්නට ඇත . දැන් ඉතින්  නුවර වැවට යටින් අඩියකට ලක්ෂ 50 ක් වැය වෙනවා යැයි එස්.බී ඇමතිතුමා ගනන් බැලූ උමං මාර්ගය ඉදිවනු ඇත , නුවර වැසියන් කටුණායක නැවිත්  කටුගස්තොටින්ම ගුවන්ගත වනු ඇත

සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වූ පිරිස් සිටියේ බරපතල ඇඳගැනීමකය ,කට හැකර වූ පලියෙන් තමන් මාර පොරවල්  කියා ජාතික මට්ටමෙන් ඇඳගත් මොවුනට  දැන් ඒවා ගලවා දමා නිරුවත් වීමට සිදුව ඇත . කෝට්ටේ  සහ මාතරදී එජාපයට අලගු තබන්නටවත්  ඔවුනට හැකීවී නැත . එපාජයෙන් තොරව තමාගෙ ප්‍රතිරූපයට පැවැත්මක් ඇතැයි සජිත් මහතාත් ඇඳගෙන සිටියේ නම් ඔහුටද එම ඇඳුම් ගලවා දැමීමට සිදුවනු ඇත

රටේ  බොහොමයක් ප්‍රදේශවල නාගරික ජනතාවත් රජයේ ගමන් මග අනුමත කර ඇත ,  එ නිසා පාරවල්; කොන්ක්‍රිට්, වරායන් අධිවේගී මාර්ග මෙන්ම බාල් පෙට්‍රොල් , සිමෙන්ති ආදියද සභා සම්මතය .මේකට ඇඳගැනීමක්ම කියා අපහාස කිරීම එතරම් සුදුසු නැත , මන්ද ඔවුන් කිසිදු එකමුතු කමක් හෝ අරමුණක් නැති එජාපයට ඇන්ද්නොවුන නිසාය අනෙක් අතින්  පවතින රජයට බලය දී නගරය සංවර්ධනය කර ගැනිම සාමාන්‍ය සම්ප්‍රදාය නිසාය . රජයේ ගමන් මග ඉහලින්ම අනුමත කිරීමෙන් තමන් ඇන්දිලාද නැද්ද යන්න දැන ගැනීමට ඒ අයට කාලයක් ගත විය හැක , එතෙක් නිහඬව දෙන දෙයක් කා  වෙනදෙයක් බලා සිටීම යහපත්ය .එසේ නොමැතිව ලබන සතියේ සිටම නැවතත්  රාජපක්ෂ පවුල් වාදය ගැන , බඩු මිල ගැන  හෝ වෙනත් අනන් මනන් ගැන  අඩාපාලි කියවීමෙන් නම් ඇති පලක් නැත


කොලඹ ජනතාව නම් සුපුරුදු ලෙස රජයට ඇන්දී නැත , ලංකා  ඊ නිවුසියේ මේ ගැන ලියැවුනු  ප්‍රහසනයක ලියවුනේ

"අපි ගෙන්දගම් පොලවේ උපන්  එවුන්නේ , අපිට බුලත් කොලෙ පෙන්නුවට අපි දන්නවා බුලත් කොලයි ගම්මිරිස් කොලයි වෙන්ස "

 ලෙසයි (මෙම දෙබසේ ෆුල් වර්ෂන් එක වඩා රසවත් මුත්, සුදු වෑන් වලට කොල කොඩි  දැමීමට අකමැති නිසා මෙහි ලියන්නේ නැත , කැමති කෙනෙක් වේ නම් මෙතනින් ගොස් කියවන්න )

ගෙන්දගම් පොලවේ උන් බබාල හුරතල් කිරිලි හො මිලින්දගේ සිංගප්පූරවට හෝ  වීරවංශගේ ෆැලැට් වලට සම්පූර්නයෙන්ම ඇන්දුන බවක් පෙනෙන්නට නැත , නමුත් ගැටලුව ඇත්තේ ඔවුන්  මුසම්මිල්ට ඇන්දුනා නම්ය ,පාරම්පරික එජාප බලකොටුව නිසා ඒ ගැන හරියට යමක් කිව නොහැකි මුත් , මුසම්මිල් හෝ එජාපය විසින් තමන්ගේ ගෙවල් කැඩීම වලක්වා ගනිතියැයි සිතා යමෙකු එජාපයට ඡ්න්දය දුන්නා නම් ඔහුත් හෝ ඇයත් ඇන්දී ඇත , මන්ද එජාපය ඡන්දයෙන් ජය ගත්තත් නගරාධිපති වරයා මුසම්මිල් වේවිද කියාවත් තවම ස්ථීර නැත , මනෝ ගනේෂන් මහතාටත් තමන්ගෙ සොහොයුරා ගිය පාරේ යන්නට හිතුනොත් , මුසම්මිල් මහතාට ගෙවල් කැඩීම නවතනවා තබා නගරාධිප්ති කමවත් ලබා ගැනීමට හැකි වන්නේ නැත , නගරාධිප්ති කම ලබා ගත්තත් රජය ගෙවල් කඩනවා නම් එජාපයට  නැවැත්වීමටද හැකියාවක් ඇත්තේ නැත


තමන්ගේ දේශපාලන තුරුම්පු අකුරට වැඩ කිරීමේ වාසනාව  මහින්ද රාජපක්ෂ මහතා සතුය . තමන් කියනා  කරනා දේ පිලිබඳ අධිතක්සේරුව්න්  ඔහු කටයුතු කරනා බවක් දකින්නට ඇත්තේද මෙනිසාය . නමුත් මෙවර කොලඹදී නම් එය හබක් විය . අපි අනිවාර්යයෙන්ම කොලඹ දිනනවා යැයි සිංහ නාද  නොකොට සිටියා නම් කොලඹ පරාද වීමෙන් චාටර් වීමක් සිදුවන්නේ නැත .එජාපයට වාසි කොලඹ ගැන අනාවැකි නොකියා , තමන්ගෙ මුලු බලය නොයොදා සිටියා නම් "මහින්ද මහත්තයා දෙයක් කිව්වොත් ඒක හරියටම හරි තමයි " තේමා පාඨය වෙනස් වන්නේ නැත . කිසිදු පැකිලීමකින් තොරව එජාපයට හූ තබන්නටද හැකිය

කොලඹදී පොඩ්ඩක් අප්සැට් වූවත් රාජපක්ෂ මහතාට තමන් කරනා දෙය රටේ ජනතාව එක හෙලා අනුමත කරනා බවට සිතා ගැනීමේ හැකියාව නම්  අඩුවන්නේ නැත , කොලඹ නොවන බහුතර ජනතාවක් කියන්නේ රජය යන මග හරි කියා නිසා එලෙසින්ම  දිගටම කටයුතු කරගෙන යාමේ  කිසිදු ගැටලුවක් නැත ,  රටේ ජනතාව මේ කරන්නේ රජය ඇන්දවීමක්ද කියා නම් බලන්නට වන්නේ තව වසර කිහිපයකින් වන අතර ලංකාවේ ජනතාව ගැන එවන් අනියත බියක් ඇති කරගැනීම අවශ්‍යත් නැත

තමන් කොලඹ දිනුවා කියා එජාපයත් රනිල් වික්‍රමසිංහ මහතාත් මේ වන ඇඳගෙන සිටිනවා විය හැක , රජය නිකන් අහක යන බාල්දියක් පෙරලා නොගන්නට එජාපයට කොලඹ දිනීමේ ඇති කෙමනක් නැත . අනෙක  රනිල් වික්‍රමසිංහ නායකතුමා   දුන් ගේමේ හැටියට එජාපය ලැබූ චන්ද ප්‍රතිශතය ඉතාමත් කණගාටුදායකය . කොලඹ දිනු පමණින් චූන් වී ඇදගත්තොත් රටේ අනෙකුත් සියලුම තැන් ව්ලදී තමන්ට කෙලවූයේ මන්ද කියා වටහා නොගත්තොත් එජාපයට  ඊලඟ වතාවේ කොලඹත් අහිමිවෙන බැව් පැවසිය යුතුය

Comments

  1. ඇත්තය, කොළඹ පැරදුනා කියා ගෙවල් කඩන එකත්, ෆ්ලැට් හදන එකත් නතර කෙරෙන්නේ නැත. හැබැයි ඉතින් ඡන්දය නොදුන් ඔරොප්පුවට පොඩි කෙනෙහිලිකම් කරයිද කියා කියන්නත් බැරිය. මහින්ද මහත්තයාටම කොළඹ ආව නම් කාගෙන්වත් කරදරයක් නැතුව ගෝඨාභය මහත්තයට වැඩ ටික කරගන්නට තිබුණාය. දැන් ඉතින් විරෝධතා, උපවාස හා සමහර විට උසාවි ගානේත් යන්නට වනු ඇත. ඒකට මුසම්මිල් මහත්තයාගේ මළකඳ උඩින් උනත් යන්නට ආණ්ඩුව නොපැකිලෙනු ඇත. කොහොමින් හෝ කොළඹට මොනවා හෝ වනු ඇත...!

    ඇඳගැනීම ගැන නම් කීමට ඇත්තේ රතු රැවුල් සහෝදරයන් ගැන පමණය. දැන් ඒකේ ලොකු සහෝදරවරු ටික තමා විහින්ම ඇඳගෙන මාධ්‍ය හරහා මහජනයාටම දොස් කියනු ඇත... ඔය ලංකාවේ පොලිටික්ස්ය. අන්තිමට කීමට ඇත්තේ බැන බැන ඡන්දය දී නිදිමරාගෙන ඡන්දය අහන, බලන... මේ වගේ විකාර ලියන, කියවන උඹලා අපි ඔක්කොම ඉස්සර ඉඳන්ම ඇඳගෙන නිසා ආයේ අමුතුවෙන් අඳින්නට ඕනෑ නැති බවය...!!!

    ReplyDelete
  2. සහෝ නම් කොලඹ රජය දින්නා නම් කැමතියි වගේ , කොහොම උනත් එජාපය සහ මනෝ ගනේෂන්ට කොලඹ නගර සභාව ඇතුලේ පාලනය ගෙනියන්න පුලුවන් නම් මම දකින විදිහට ඒක ප්‍රජාතන්ත්‍රවාදයට වඩාත් හිතකරයි ,(ගෙවල් කැඩුනත් නැතත් )

    ReplyDelete
  3. මේ ලිපිය ඇත්තටම පත්තරේකට ලියන්න වුවත් අගෙයි. (දායිද නම් කියන්න බැහැ.) කෙසේ හෝ අඩුවකට මමත් දකින්නේ රතු සහෝදරයෝ ගැන නැති එක තමයි. හොඳම ඇන්දිල්ල ඇදගත්තේ එයාල. හැබැයි වටගල මගේ ජාති මිත්‍රයා. අනේ ඌට මම ඕක කිව්ව. වටිනා මිනිහෙක්. කොහොම වුනත් ආන්ඩුවට දැන් හිතන තරම් ලෙසිම නැහැ. මේක ප්‍රජාතන්ත්‍රවාදයට වඩාත් හිතකර ප්‍රතිඵලයක් ලෙස මමත් දකිනවා. හැබැයි රජෝ අපි ඔක්කොම ඇඳගෙන වගේ තමයි මටත් පේන්නෙ.

    ReplyDelete
  4. අහෝ! ඉතිහාසයේ මුල්ම වරට (මා වැරදි නම් නිවැරදි කරන්න)මහනුවර මහනගරසභාව එජාපයෙන් ගිලිහී ඇත.පවුල් බලයෙන් සන්නද්ධ කෝඩුකාරයෙක් වැඩිම මනාප ලබා ඇත.ඔහු පුරපති උනොත්?හිටපු දියවඩන නිළමේට විපක්ෂ නායක කමින් සෑහීමට සිදුව ඇත.

    ReplyDelete
  5. එතකොට මෙච්චර කල් කියපු කොම්පියුටර් ජිල්මාට් කතාවත් බොරු වෙනවා. කොළඹ කේස් එකෙන්. මට තියෙන බය මිලින්දලා වගේ මුසම්මිලුත් ආන්ඩුවට යයිද කියන එකයි.

    ReplyDelete
  6. මහවෙදනා ස්තුතියි ප්‍රතිචාරයට

    ජයශ්‍රි - මාත් දන්න තරමින් නුවර අලියාගෙන් පිට ගිය පලවෙනි වතාව , කාදර් ගේ පැනිල්ලත් , නෙරංජනුත් නිසා මුස්ලිම් ඡන්ද අහිමිවුනාය කියල කථාවකුත් මම දැක්කා

    මාතලන් - මාතලන්ගෙ අනාවැකිය බොරු වුනා නේ ? මම නම් ඔය ජිල්මාට් කථාව විශ්වාස කරපු කෙනෙක් නෙවෙයි මුල ඉඳලම , මොකද ෆොන්සේකා මහත්තයට කොලඹ තිබුන ට්‍රෙන්ඩ් එක ගම් වල තිබුනේ නැ , අනික කට නිසා ඡන්දයට එත්දි තිබුන වාසියත් ටිකෙන් ටික අඩුවුනාය කියල ඒ සම්බන්ධව වැඩ කරපු පුද්ගලයෙකුත් මාත් එක්ක කියල තියනව ( ඒ අය ඒ කාරණය නිරීක්ෂනය කරල තියනව ඡ්න්දෙට කලින් ඉඳලම )

    අනික ජිල්මාට් දානව නම් ආණ්ඩුව ඒක දාන්නේ යාපනේදී

    ReplyDelete
  7. //සහෝ නම් කොලඹ රජය දින්නා නම් කැමතියි වගේ //

    කැමතියි... ඒ මේක නිසායි. ආණ්ඩුව කොළඹ දින්නා නම් ආණ්ඩුවට ගැලවෙන්න බෑ. අනිවා කියපුවා කරන්නම වෙනවා. මොකද මුළු බලයම එයාලටනේ... (කිව් ඒයා නොකිරීම වෙනම දෙයකී) දැන් වැඩ පස්ස ගහලා කියයි අපිට බාධා වුනාය කියලා... ආණ්ඩුව කොළඹ දිනලා පස්සේ වැඩ අනාගත්තා නම් ආයෙත් කොයි කාලෙවත් සංධානෙට කොළඹ එන්නෑ විතරක් නෙවේ. ඒක ජාතික මට්ටමේ ඡන්දයකදී තීරණාත්මක සාධකයක් වෙන්නත් පුළුවන්.

    කොහොම වුනත් ආණ්ඩුව කරන් ගිය ටික කොහොමත් කරයි. කොළඹ දුන්නානම් හරියටම බලාගන්න තිබුණා ආණ්ඩුවේ කට තරමටම වැඩත්... !!! ඒක මම කිව්වා වගේ තීරණාත්මක සාධකයක් වෙන්නත් තිබුණා. දැන් ඒකේ සැර බාල වෙලානේ...

    මට නම් කවුරු දින්නත් එකත් බුවා... උනුත් එකයි, මුනුත් එකයි, අරුනුත් එකයි... ඔක්කොම අපිට ***

    ReplyDelete
  8. උඹට කියපු අනාවැකිය බොරු උනා. W3Lanka ට කියපු එක නම් හරිගියා.

    ReplyDelete
  9. ශික්........මේ දවස් වල ක්‍රිකට් මැච් එකක් වත් නැහැනෙ, ඒ ගැන කතා කරන්න

    ReplyDelete
  10. දුමින්ද ගැන බුවාට සිතුවිල්ලක් පහල උනේ නැද්ද?
    අඩුම ගානේ හරි ආරන්චියක්වත්?
    මගේ කතාව

    ReplyDelete
  11. @චතුරංග - ඒ තර්කයත් හරි තමා

    @මාතලන් - ඒ මොකක්ද ඒ අනාවැකිය

    @ඔබ්සර්වර් - ඇයි තිබුනේ එකක් , මාලිංග තරඟාවලියේ වීරයත් වුනේ

    @ඇනො (මගේ කථාව ) - හිතුනු එව්වා අනික් අය ලියපු ලියුම් වලට එකතු කලා ,

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව