Skip to main content

පලාත් පාලන ඡන්දයෙන් මහින්ද විතරක් නෙවෙයි රනිලුත් දිනුම්

පලාත් පාලන ඡන්දය අවසන් වුනත් ඒත් එක්ක ඇතිවුන දේශපාලනික උණුසුම නම් තාම  එහෙමමයි . ඡන්දය ගැන මගේ ස්ථාවරය කලින් ලිපි 2කින් ඉදිරිපත් කලත් ඉරිදා , සඳුදා සහ අද මුණගැසුනු වීවිධ පුද්ගලයින් එක්ක ඔය ගැන කරපු කථා බහ වලදී මතුවුනු කාරණාත් ඒත් එක්ක මට හිතුනු කරුණු කාරණාත් එකතු කරලා ඒ ගැන තවත් යමක් එකතු කලොත් හොඳයි කියල හිතුනා , ඒ තමයි ඡ්න්දයේ ජයග්‍රාහකයින් ගැන .  කොලඹ හැර රටේ අනිකුත් තැන් වලදී සන්ධානය ලබපු ජයග්‍රහනයේ ප්‍රධාන උරුමක්කාරයා වෙන්නේ මහින්ද  රාජපක්ෂ මහත්තය කියන එක අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය වෙන්නෙ නැ. නමුත් මහින්දගේ ජයග්‍රහණය අතරම තවත් කෙනෙක්ගේ ජයග්‍රහනයකුත් සටහන් වෙනව . ඒ රනිල් වික්‍රමසිංහ මහත්තය ගේ . කොහොමද එහෙම වෙන්නේ ?

රාජපක්ෂ පවුලේ උත්සහය  රනිල්ට පරදියි 

ඡන්ද විමසීම ආයතන විසි තුනකට පැවැත්වුනත් රටේම අවධානය යොමු වෙලා තිබුනේ කොලඹට . මොකද  සන්ධාන රජය තමන්ගේ පූර්ණ උත්සාහය දැරුවේ කොලඹ නගර සභාව ජයගන්න . දේශපාලනික කථා බස් වලදී වැඩ අනාගන්නේ නැති පුද්ගලයෙක් විදිහට ප්‍රසිද්ධ මහින්ද රාජපක්ෂ ජනාධිප්ති තුමාම තැන් කිහිපයකදිම අපි අනිවාර්යයෙන්ම කොලඹ දිනනවා කියල කියත්දි  බොහොම දෙනෙකුට හිතුනේ මේ පාර නම් කොලඹත් සන්ධානයට තමයි කියල . කිව්වා විතරක් නෙවෙයි මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා වගේම සහෝදර පිරිවරත් නාමල් රාජපක්ෂ මහත්තයත් සැහෙන උත්සහයක් දැරුවෙ කොලඹ ජයග්‍රහණය කරන්න .  තිලංග සුමතිපාල , අසාද සාලි වගේ කොලඹ ඡන්ද පදනමක් තියන අයගෙත් පූර්ණ  උත්සහය තිබුනේ ඒකට . නමුත් ඒ උත්සහායන් සියල්ලම අසාර්ථකයි . කොලඹදී එජාපයට තියන " පිටියේ වාසිය " පමණක්ම නෙමෙයි මේ ජයග්‍රහනයට එකම හේතුව   .

සාමාන්‍යයෙන් මැතිවරණ ක්‍රියාදාම වලදි නිද්‍රාශීලි රනිල් වික්‍රමසිංහ මහත්තය මේ පාර ඡ්න්දයට වැඩ කලේ අමුතුම උනන්දුවකින් . සාමාන්‍යයෙන් රනිල් ව දකින්න ලැබෙන්නේ නැති පැල්පත් නිවාස අද්දර , මහල් නිවාස අද්දර ත්‍රිවීල් වල පවා ඇවිදල කරපු සටන මුසම්මිල් මහත්තයගේ  සහ තව කිහිප දෙනෙක්ගෙ සහය මැද වුනත් "තනි අලි" ගේමක් විදිහට හඳුන්වන්න පුලුවන් , එජාපයට කොලඹ දි තියන පිටියේ වාසිය සහා මහින්දට තියන රාජ්‍ය බලයේ පවර් එක එකිනෙක කපල අයින් කරතොත් රනිල් ගේ   තනි ගේම රාජපක්ෂලාව පැරැද්දුවා කියල  විග්‍රහ කිරීමේ හැකියාව තියනව . මාධ්‍ය වල පෙන්වන විකාර වලට විතරක් අනුගත නොවෙන ජනතාවක් ඉන්න පලාතකදි  තමන්ගේ මතය ජනතාව අතර තහවුරු කිරීමේ හැකියාව රනිල් මේ පාර දක්වලා තියනවයි කියල කියන්න පුලුවන් . කොලඹ වාසිය  රාජ්‍ය බලයට කපා හරින්න බැරිම උනත් මොකුත්ම බැ කියල හිටපු රනිල්ට මොකක් හෝ කරගන්න පුලුවන්ය කියන එකත් එක්තරා ආකාරයක ජයග්‍රහනයක් තමයි



සජිත් අසාර්ථකයි ?

රනිල් කොලඹදි තමන්ට එල්ල වුනු අභියෝග ජය අරගෙන සාර්ථක වෙත්දි , රනිල්ගෙ ප්‍රධාන තරඟ කරුවා වෙච්ච සජිත් ප්‍රේමදාස මහත්තය සම්පූර්නයෙන්ම අසාර්ථකයි කියන්න පුලුවන් . හම්බන්තොට ජයග්‍රහනයන් ගැන නිතරම පුරසාරම් බාන සජිත් ප්‍රේමදාස මහත්තයාට සාර්ථක විපක්ෂයකට ප්‍රතිඵලයක් වත් ගන්න පුලුවන් වුනේ හම්බන්තොට නගර ස්භාවෙන් විතරයි . කෙනෙක් කියන්න පුලුවන් රනිල්ට තිබුන "පිටියේ වාසිය " සජිත්ට නැ නේද කියල . ඒ උනත් රටේ අනික් තැන් වල ප්‍රතිඵලයට වඩා දෙයක් හම්බන්තොටදි කරගන්න බැ කියන්නේ සජිත් කියන්නෙත් සාමාන්‍ය  එජාප මන්ත්‍රි කෙනෙක් මිසක් අමුතු වැඩ්ඩෙක් නෙවේය කියන තර්කය රනිල් පාර්ශවයට ගේන්න  හැකියාව තියනව

සජිත්ගේ ගෝලයොත් අසාර්ථකයි ?

සජිත් ප්‍රේමදාස මහත්තයෙගෙ අනුගාමිකයන් වුන ශිරාල් ලක්තිලක මහත්තයත් බුද්ධික පතිරණ මහත්තයත් වෙනම ස්වාධීන කණ්ඩායම් ඉදිරිපත් කලේ රනිල්ගේ එජාප කණ්ඩායම් වලට අභියෝගයක් විදිහට . මාතරදි එජාපයට වඩා තමන් ඡන්ද තමන් ලබා ගන්න බවක් මේ ස්වාධීන කණ්ඩායම් වලට මුල් වුනු මන්ත්‍රි තුමන්ලා  කිව්වාය කියලත් , ඒ වෙනුවෙන් සැරට වැඩ කලාය කියලත් කියවේනවා. කොටින්ම මාධ්‍ය වලිනුත් ප්‍රචාරනය වෙච්ච වීදිහට මේ අය භාවිතා කලෙත් සජිත් මහත්තයගෙ පින්තූර . හැබැයි ඉතින් මාතරදි ලබා ගන්න පුලුවන් වුනේ ඡ්න්ද 1086ක් විතරයි , කෝට්ටෙදිත් මහා ලොකු වෙනසක් නැ . මේ කතන්දරෙන් කියවෙන්නේ සජිත් ප්‍රේමදාස කියන චරිතයට මහ ලොකු තැනක් පාක්ෂිකයො අතර නැය කියන තර්කයත් රනිල් පාර්ශවයට ඉදිරිපත් කිරීමේ අයිතිය තියනව

ඔය සිද්දීන් දෙකම හරහා සජිත් ප්‍රේමදාස මහත්තයට ඉහලින් බැබලීමේ හැකියාව ලබාගන්නවාය කියන්නේ ඉතින් රනිල් ගේ ජයග්‍රනයක්ම තමයි

භාරත දුමින්ද ගැටුම 

සන්ධානයේ  දේශපාලකයින් දෙන්නෙක් එකිනෙකා මරාගත්තාම විරුද්ධ පක්ෂයට වාසී සහගත වීම ස්වාභාවිකයි . නමුත් මේ සිද්ධියෙ ඊට වඩා  ගැඹුරක් තියනව . මොකද මේ හරහා සන්ධානය තුල සැඟවිලා තියන ගැටලු කාරී තත්වයක් අලුත්වෙලා තියනව . තැන තැන හොර රහසේ   කථාබහ  වෙමින් තිබුනු දේවල් භාරතගේ ආධාර කරුවන් ජනාධිපති වරයාට විරෝධය පල කිරීම දක්වා තෑන්කට ඇවිත් තියනව . මේ  වගේ වෙලාවක තමන්ගේ මාමණ්ඩි විපක්ෂනායක වෙලා හිටියන ම් කරන්නෙ මොනවද කියල පොඩ්ඩක්  කල්පනා කරල බලල වැඩ කටයුතු කලොත් සැහෙන ජයග්‍රහනයක් ඒ  හරහා මතු කරගැනීමේ හැකියාව එජාප නායක තුමාට තියනව . එහෙම නැතිවුනත්  සමහරක් වෙලාවට පහුකාලකදි වාසි සහගත වෙන පලුද්දක් සන්ධානයේ අභ්‍යන්තරයට සිදු කරන්නේ මේ සිදුවීමට හැකියාවක් තියනව බව තමයි මේ වෙන කොට වටින් ගොඩින් පේන්න තියෙන්නෙ . විශේෂයෙන්ම අන්තර්ජාලයේ ඕපදූප වලට තටු ලැබිලා ගම් වලටත් යන මේ යුගයේ ඒක සන්ධානය පැත්තෙන් ලොකු අවාසියක්



ඔය අන්තිම කාරනය ඇරුණාම අනික් වාසි  ගැන අදහස් එජාපයට සම්බන්ධ පුද්ගලයින්ගේ . ඒ ගැන මගේ අදහසත් එක්කම එකතු කරල තමයි ලියල තියෙන්නෙ . ඔය ගැන  මගේ මතවාදය හදාගෙන ඉන්න අතරේ නිකමට මම ඒක ටෙස්ට් කරා සන්ධානයට බැහැල වැඩ කරන ත්‍රිවීල් අය්ය කෙනෙක් එක්ක හයර් එකක් යන ගමන් , ඒ ගැන එයා දුන්න පිලිතුර තමයි

" ඒකත් ඇත්ත තමයි නේද  , හැබැයි මල්ලි එහෙමනම් මෙහෙම දේකුත් තියනව ඔතන , මහින්ද මහත්තයත් කැමති ඇති කොලඹ පැරදුනු එකට "

මම : ඒ මොකෝ??

" ඇයි මල්ලි සජිතයව කපල රනිල් ලොක්කම යුඇන්පි එකේ නායකය වෙලා ඉන්නව කියන්නේ , මහින්ද මහත්තයට්මනේ වාසී"

අප්පට හුඩු ඒකට මොනව කියන්නද , ඒ  තර්කයත් හරි . මොකද කොලඹ ඡ්න්ද කරන විදිහ රටේ අනික් තැන්වලට හරි යන්නේ නැ වගේම ,  මුලු රටටම තමන්ගෙ මතය ගෙනියත්දි රනිල් මහත්තය සැහෙන්න අසාර්ථකයි . අනිත් අතට පක්ෂය ඇතුලේ උන්නැහෙගේ වැඩ නිසා කලකිරුණු පිරිසුත් බොහොමයි . ඒ නිසා මහින්දට මහත්තයට බොහොම පහසුවෙන් අතටම ලැබිලා තියන ජයග්‍රහනය තමන්ගේ කරගන්න රනිල් මහත්තය සැහෙන්න වෙහෙස වෙන්න ඕනි කියන කාරනයත් කල්පනා කරගෙන , ඡන්දේ දින්න සන්තෝසෙට ත්‍රිවිල් අය්යා  රුපියල් විස්සක් අඩුවෙන් හයර් එක ගත්ත එකටත් හිනා පාරක් දාගෙන වීල් එකෙන් බැස්සා .




ප.ලි- මම සාමාන්‍යයෙන් රටේ නායක මට්ටමේ අයට  ගරු නම්බු දීල තමයි යමක් ලියන්නේ , නමුත් හැමතැනදිම "මහත්තය " කැල්ල දාන්න බැරි නිසා තමයි නිකන්ම මහින්ද හෝ රනිල් කියල ලියවිලා තියෙන්නෙ

Comments

  1. සජිත්නම් කොහොමත් ජාතික මට්ටමේ නායකත්වයකට සුදුසු ලක්ෂණ තවම පෙන්නුම් කරන්නෙ නෑ.නිකම්ම කටමැත දොඩවන සම්ප්‍රදායික දේශපාලන චරිතයක් විතරයි තවමත්.
    අන්තිමට මහින්දත් දිනුම්. රනිලුත් දිනුම්. ඡන්දදායක හරක් සුපුරුදු ලෙසම පරාදයි.

    ReplyDelete
  2. දුමින්ද සිල්වාට ඇති අමාරුවක් නෑ. ඌට දැන් සනීපයි යස අගේට. ඔය උණ්ඩයක් මොළේ තියෙන කතන්දරය මාධ්‍ය වලින් ගෙනියන අමූලික බොරුවක්. ආණ්ඩුවට භාරත නැති වුණා. උන් දැන් හදන්නෙ දුමින්ද බේර ගන්න. අපිත් හරක් වගේ නිව්ස් වල කියන ඒවා විශ්වාස කරනවා.

    ReplyDelete
  3. @අවුට්සයිඩර් - අපි කවදද දිනුවේ

    @ඇනෝ- හ්ම් ....... මටත් එහෙම නොහිතෙනව නෙවෙයි ,බලමු එහෙම උනොත් සන්ධානය ඇතුලේ ඝට්ටන ටිකක් එලිපිටත් දකින්න ලැබෙයි

    ReplyDelete
  4. හැම දේම හොද දේ දකින්න ඕන කියන්නේ එකනේ...

    මේ කතාව තැන තැන කිව්වට තාම කිසිම නෙව්ස්/gossip site එකකවත් මේක දැක්කේ නෑ. අඩුම ගානේ අර ගොටගේ ලච්චුවෙයි මහින්දගේ සිලිමෙයි හැංගිලා ඉදන් උන් කරපු කියනේ දේ ගැන ලියන ඉ-නිව්ස් , නිව්ස්වෙබ් කාරයෝ වත් එහෙම කියලා නෑ.

    ඔය විස්වසදායක ආරංචි නම් සත පහක් වැඩක් නෑ. මොකද ඊයේ පෙරේද එහෙම එකක් මට ආවා දුමින්ද මලා කියලා.

    මගේ කතාව

    ReplyDelete
  5. මයියාට හිතෙන විදිහට ගෝඨාගේ තරහා ඉවර උනාම මනෝ ගනේෂන්වත් තමුන්ගේ පැත්තට අරගෙන නගර සභාව ගොඨා මහත්තයම තියා ගනියි. මොකද නුවර එලිය අත අරිනවා වගේ කොලඹ අත අරින්න බැරි නිසා

    ReplyDelete
  6. මයියාට හිතෙන විදිහට ගෝඨාගේ තරහා ඉවර උනාම මනෝ ගනේෂන්වත් තමුන්ගේ පැත්තට අරගෙන නගර සභාව ගොඨා මහත්තයම තියා ගනියි. මොකද නුවර එලිය අත අරිනවා වගේ කොලඹ අත අරින්න බැරි නිසා

    ReplyDelete
  7. The rule of law and the right to bear arms. It is right to implement that the Police force who engage in prevention of minor crimes and traffic violation do not bear arms. Offences that require armed intervention must remain only with the uniformed Police STF. All matters relating to the security and sovereignty of Sri Lanka to be strictly only in the remit of the Army, Navy and Air Force. Most importantly any person carrying arms in Sri Lanka must strictly be in the uniform of the STF, Army, Navy or Air Force. All existing MSD or PSD officers to immediately revert to uniform. Declaring a gun amnesty of one month for all other arms with non-uniformed officers of law or citizens to be returned. Introduce new law, a non-negotiable sentence of three years in rigorous imprisonment for any citizen of Sri Lanka who are caught bearing arms. Whether a member of cabinet or private security individuals. The recent senseless killing at the recent local government elections illustrates the need for this with immediate effect. The Executive Presidency and the relatively average area of our motherland will make this task easy to implement. We must have a working supreme court and a judiciary that is equally powerful as the Executive Presidency enabling any errant cabinet minister to be brought to justice. The flouting of law, and the thuggery and violence practiced by many ministers in the cabinet must stop.

    ReplyDelete
  8. ත්‍රී වීල් අයියගෙ ප්‍රකාශය අති අලංකාරයි.
    Dayal-Bathee

    ReplyDelete
  9. ත්‍රී වීල් අයියගෙ ප්‍රකාශය අති අලංකාරයි.
    ගම්පහත් බැසිල්ට, කොලොන්නාවත් බැසිල්ට, කොළඹ, ගෝඨාබහය මහත්වරුන්ට,
    ශෝක් අනේ, ඒකත් අපේ මල්ලට,
    ශෝක් අනේ, ඒකත් අපේ මල්ලිට.
    ඊලඟට මහරගම, කඩුවෙල?
    Dayal-Bathee

    ReplyDelete
  10. අන්තිම ඇනෝගේ කථාව මටත් සැකයි, සැකයි වගේ මගේ ගෙදර වගේ හුරු තැනක් වුවත් දැන් මට මේ රෝහලේ නිව්ස් එන්නෙ නැහැ. ඒ කෙසේ වෙතත් මේ වෛද්‍යවරු කිසිදා බොරු නොකියන බව මට 1000% විශ්වාසයි. ඒ නිසා ඒ කථාව බැහැර කල හැක.
    බුවා මල්ලිගේ ලිපිය නම් වෙනදා වගේම තර්කානුකූලයි, පිලිගත හැකියි.

    ReplyDelete
  11. ප්‍රාදේශීය සභා සභාපතිකමකට එහා තනතුරකට සජිත් තාම මෝරලා මදි.ඉතින් ත්‍රීවීල් අයියා කියපුදේ ලොකු ඇත්තකුත් නෑ.(සජිත් තාම පොඩියිනේ,බාගවෙලාවට ලොකුවෙද්දී හරියයි.)

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. @වෙද ගෙදර මහ වෙදනා :
    හැබැයි ඒ දොස්තර නෝනා කියපු විදිහට ඇත්තටම මොලේ දෙපැත්තටම වෙඩි වැදිලා නම් දුමින්ද ගොඩ එන එක සැහෙන සැකයි. මොකද ඔළුවට වෙඩි වැදිච්ච කෙනෙක් ගොඩ එන්න චාන්ස් එක තියෙන්නෙත් සැහෙන අඩුවෙන්. මොලේ අර්ධ ගෝල දෙකටම වෙඩි වැදිලා නම් චාන්ස් එක තවත් අඩුයි. මම කියන්නේ මැරෙන්නේ තියන චාන්ස් එක නෙමේ ආපහු සනීප වෙලා නොර්මල් පිට වැඩ කරන්න තියන ඉඩ.

    ගොටත් ආපහු සැරයක් පාඩමක් ඉගෙන ගත්ත. පලවෙනි සැරේ යුද්දේ කරන්න සරත් ෆොන්සේකා පාවිච්චි කරලා. මේ සැරේ මුඩුක්කු කඩන්න දුමින්ද පාවිච්චි කරලා.

    මගේ කතාව

    ReplyDelete
  14. සජිත්ට මන් හිතන්නේ තාත්තගේ නමේ වාසි වගේම අවාසිත් බලපානවා. මොකද මිනිස්සුන්ට බයයි පුතත් තාත්තගේ අඩි පාරේ යයි කියල. මොකද අනිත් කාට තියන අකමැත්ත වෙනස් උනත් තාත්තට තියන අකමැත්ත නම් ලේසියට වෙනස් වෙන්නේ නෑ, කරපු වැඩත් එක්ක බැලුවහම.

    මගේ කතාව

    ReplyDelete
  15. යමෙකුට කළ හැකි ලොකුම ගෞරවය ඔවුන් ගේ නමින් කතා කිරීමයි.

    ReplyDelete
  16. ත්‍රී වීල් බුවෙක් හයර් එකෙන් රුපියල් විස්සක්ම අඩු කලා කියන්නෙ ලේසි කෙලියක්ද?

    "කොමෙන්ට් එක දැම්මෙ, මාත් ලිපිය කියෙව්ව කියන්න බුවා"

    ReplyDelete
  17. සියලු දෙනාගෙම අදහස් වලට බොහොම ස්තුතියි , දුමින්දයා ගැන බලමු මොකො වෙන්නේ කියල . ගොසිප් ලංකා නම් කියන්නේ දුමින්දට ඇත්තටම වෙඩි වැදිලා කියල . ලංකාවේ අනික් සියලුම මාධ්‍ය වලට වඩා ගොසිප් ලන්කා විශ්වාස කරන්න පුලුවන්

    ReplyDelete
  18. //ගොසිප් ලංකා නම් කියන්නේ දුමින්දට ඇත්තටම වෙඩි වැදිලා කියල//

    වෙඩි වැදිල නැහැ කියලත් කතාවක් තියෙනවද?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව