Skip to main content

ලේසිම සහ මෝඩම උත්තර දෙක- "ක්‍රමයේ වැරැද්ද " සහ " කොයි එකාත් එකයි"

මේ දවස් වල  මතුවෙලා තියන  වාතවරණයත් එක්ක ලංකාවේ දේශපාලනය ගැන විවිධ පාර්ශවයන් අදහස් දක්වන්නට පටන් අරගෙන තියනවා කිව්වොත් නිවරදියි . මෙතනදි මූලික වශයෙන්ම ඇහෙන පිලිතුරු දෙකක් තියෙයි  ඉන් පලවෙනි එක තමයි "ක්‍රමයේ වැරැද්ද" දෙවැන්න "කොයි එකත් එකයි" කියන එක . දේශපාලන ක්ශේත්‍රයේ ඉන්න අය විතරක් නෙවෙයි බ්ලොග් කරණයේ ඉන්න අයත් ඔය කාරණාවන් ගැන අදහස් දැක්වීම් කරල තිබුනා ඒ අතර මාතලන් ,මාරයා සාතන්  සහෝදරයින්ගේ   ලිපි ත් අන්තර්ගතයි (නමට සම්බන්ධ කර ඇත්තේ අදාල ලිපි වේ )  

මොකක්ද මේ වැරදියි කියන ක්‍රමේ ??

ජේ.ආර් ජනාධිපතිවරයා හඳුන්වාදීපු විධායක ජනාධිපති ක්‍රමය හා සමානුපාතික ඡන්ද ක්‍රමය තමයි මේ ක්‍රමයේ වැරැද්දට බැනුම් අහන්නේ . ජනාධිපතිවරණයක් කිට්ටු වෙත්දී විවේචනයට ලක්වෙන විධායක ජනාධිපති ක්‍රමය නම් ඊට පස්සේ කරලියට  නොයෙන්නෙ දිනන පුද්ගලයා මොකා උනත් විධායක ජනාධිපති පෝස්ට් එකේ බලතල වලට ආශ කරන නිසා . විධායකය අයින් කරන්න කියල ආපු චන්ද්‍රිකා   මැතිණිය සහ රාජපක්ෂ මැතිතුමා ඒක නොකලෙත් , රාජපක්ෂ මහත්තය ඒක තවත් ශක්තිමත් කලෙත් අන්න ඒ නිසා . ඒ විතරක් නෙවෙයි ඕක අහෝසි කරනවා කියල උඩ පැන්න සරත් ෆෝන්සේක මහත්තයා දින්නා නම් එයත් කරන්නෙ අනික් අය කරපු දේම තමයි . විධායකය ගැන කථාව ඔහොම උනත් පහුගිය කාලය පුරාවටම මොකක් හරි දේශපාලනික ආරවුලක් ඇති වෙච්ච ගමන් කට්ටිය   සමානුපාතිකය ඡන්ද ක්‍රමයට බනින්න පටන් ගන්න එක නම් තවමත් එහෙමයි . භාරත දුමින්ද  ගැටුම ගැනත් කියන්නේ ඒකම තමයි ,


ඇයි ජේ . ආර් සමානුපාතික ක්‍රමයක් ගෙනාවේ ??

ජේ. ආර් ගේ නරකක් මිසක් හොඳක් නොකියන  ලාංකීය ජනතාව  මේ ගැන නොයෙක් හේතූන් දෙන්න පුලුවන් , විශේෂයෙන්ම ජේ . ආර්  මේක ගෙනාවේ තමන්ගේ බලය වැඩි කරගන්න හෝ රඳා පවත්වාගන්න කියල කියන්න තියන ඉඩ කඩ වැඩියි . නමුත් මම  දකින විදිහට නම් ජයවර්ධන ජනාධිපතිවරය මේ ක්‍රමය ගෙනාවේ දෙමල ජාතික විපක්ෂයක් රටේ බිහිවෙන එක වලක්වාගන්න . ඒක එතුමාගේ දකින්න තිබුනා ජාතිවාදී ලක්ෂනයක් කියල කෙනෙකුට කියන්න පුලුවන් වගේම බහුතර ජනතාවකට  සිද්ධවුනු අසාධාරණයක් වැලැක්වීම කියලත් තර්ක කරන්න පුලුවන් . කලින් පැවතුනු ක්‍රමය යටතේ රටේ සිංහල දෙමල මුස්ලිම් ලක්ෂ ගානක (වර්ථමානයෙ හැටියට නම් 30-40 ක් ) ඡන්ද ලබාගන්න ,. එහෙත් ආසන වශයෙන්  සීමීත ජයග්‍රහනයක්  පමණක් ලබන රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් එකකට සිද්ධවෙන්නේ සංඛ්‍යාත්මක වශයෙන් ලක්ෂ තුන හතරක් උන උතුරු  ප්‍රදේශයේ දෙමල ජාතික පක්ෂයකට විපක්ෂය භාර දෙන්න . දෙමලාට විපක්ෂය  දීම වැරදියි කියන පටු මානසිකත්වය අයින් කරල බැලුවත් පේන දෙයක් තමයි  රට පුරාම ලක්ෂ ගනනකගෙ මතවාදයට සරිලන නියෝජනයක් ඒ පැරණි ක්‍රමය  නිසා කවදාවත් ඇතිවෙන්නෙ නැ කියන කාරණය . ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වීම සඳහා අතිශයින්ම වැදගත් කාරණය්ක් විදිහට සමානුපාතික ක්‍රමය හැඳින්වුවාට වරදක් නැහැ

ඊලඟට විධායක ජනාධිපති ක්‍රමයත් එක්ක අධික බලතල ප්‍රමාණයක් එක් පුද්ගලෙයෙක් වටා ගොනු වෙත්දි , ඒ සැර බාල වෙන්නෙත් සමානුපාතික ක්‍රමය නිසා . සමානුපාතික ක්‍රමයත් එක්ක ලේසියෙන් ලබාගන්න බැරි 2/3 ක බලයක් නැතිව ව්‍යවස්ථා වෙනස් කම් කරන්න බැය කියන කාරණය ඇතුල් වෙන්නෙ විධායක ජනාධිපති වරයාගේ අත්තනෝමතික ක්‍රියා වලට යම් බලපැමක් පාර්ලිමේන්තුව හරහා එකතු කරන්න . විධායක ජනාධිපති බලතලත් එක්ක , 2/3 ,5/6 ආණ්ඩු හිටුකියල බිහිවෙන්න ගත්තා නම් මොකක් වෙයිද ?

ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ යහපැවැත්ම උදෙසා  ඉදිරිපත් කෙරුණු සමානුපාතික ක්‍රමය අපේ අය භාවිතා කලේ නම් බොහොම කණ්ගාටුදායක විදිහට . ඒක  හරියට කැලේ ඉන්න වනචාරීන් පිරිසකට නූතන තාක්ෂනික උපකරනයක් ලබාදුන්නා වගේ වැඩක්ය කියල තමයි කියන්න වෙන්නේ. ඒ නිසා හොඳ දෙයක් වැරදි පුද්ගලයින්ට හඳුන්වාදීම නිසා ඇති උනු  දේශපාලන සංස්කෘතියට  ජේ. ආර් ටත් වගවීමක් තියනවාය කියල කියමු . එහෙම කියන්න අකමැති කෙනෙක්   ජේ . ආර් ගේ ක්‍රමයත් වැරදියි , ඒ නිසා ජේ. ආරුත් සහමුලින්ම වැරදියි කියල හිතා ගත්තත් ප්‍රශ්නයක් නැ (අනවශ්‍ය බලතල සහිත විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වාදීම් කෙරේ නම් ජේ ආර් චූදිතයෙක්  මම දකින විදිහටත්  )

ජේ. ආර් සම්පූර්ණයෙන්ම වැරදියි ජේ.ආර් ගේ ක්‍රමයත් සම්පූර්නයෙන්ම වැරදියි  කියල කථාවට එන්ටර් වෙමුකො . ජේආර් සහ එයාගේ පාලනයත් , ඊට ඇඳුතු ප්‍රේමදාස පාලනයත් ඉවර උනේ මීට දශක දෙක හමාරකට කලින් . නමුත් එදා ඉඳන් අද මේ ලියන මොහොත වෙනකනුත් ඔය කියන ජරා ක්‍රමයේ වෙනසක් කරන්න කිසිම කෙනෙක් උත්සාහ කලේ නැ . අවුරුදු ගාණක් විවෙචනය කර කර ඉඳල  හදා ගත්තු විකල්පය වුන නව පලාත් පාලන  මැතිවරණ  පනතවත් නියම වෙලාවට සම්මත කරල ක්‍රියාත්මක  නොකලේ  බෝට්ටුවක්වත් එන්න බැරි වරායක් කඩිමුඩීයේ විවෘත කරන්න තරම් ඉක්මන් ආණ්ඩුව . නිදහස් පක්ෂය ප්‍රමුඛ රජයවත් , එජාපයේ වසර දෙකක භාග රජයවත් ඔය ඒ අයම කියන කියන වැරදි ක්‍රමය වෙනස් කරන්න කටයුතු  කරන්න අඩුම තරමේ උත්සහයක් වත් දැරුවේ නැ . හැම චන්දෙකදිම  මනාප ලකුණු කරල , අපේක්ෂකයින්ට  කැම්පේන් කරල සහය දෙන ඡන්ද දායකයො වගේම ඡන්දේ නොදා ගෙදරට වෙලා ඉඳන් නිහඬවම  ඔය කියන ක්‍රමය අනුමත කරන අයත් ක්‍රමය වැරදි නම් ඒ සඳහා වග කියන්න ඕනි .  ආසන්නම ප්‍රතිඵලය  උනු භාරතගේ මරණයට හේතුව ක්‍රමයේ වැරැද්ද කියල මේ වෙනකොටත් මාධ්‍ය හරහා කියන දේශපාලකයොත් , මහ ජනයාත්  පලමුව ටොකු ඇන ගන්න ඕනි කරන්නේ තමන්ටමයි . මොකද ඒ අයම කියන විදිහට "ජරා ක්‍රමයක් " දිගින් දිගටම පවත්වාගෙන ආවට   ...


ඊලඟට ඇහෙන කථාව තමයි "ඔක්කොම එකයි " කියන එක . මේක  කියන්නේ ජනතාව . රටේ මේ වෙනකොට දකින්න තියන දූෂණය , ප්‍රචණ්ඩත්වය , නාස්තිය වගේ කාරණා වලදි කොයි එකාත් එකයි කියලයි මේ අය කියන්නේ . ඇත්තටම එහෙමද ?

කොහෙත්ම නැ . එහෙම වෙන්න විදිහකුත් නැ . මොකද මේ ලොකේ  ඕනැම මිනිසුන් දෙන්නෙක් ගත්තොත් ඒකිනෙකාට වෙනස් , ගැනියි මිනිහයි සැලකුවත් , නිවුන්නු දෙන්නෙක් සැලකුවත් ඔය වෙනස දකින්න තියනව . එහෙම එකේ රටේම   ඉන්න දේශපාලකයො එක වගේ  වෙවිද ?. ගැටලුව තියෙන්න ජනතාව දකින විදිහේ . ඔය කාරණා වලදි කොයි එකාත් එකයි කියල හිතන මිනිස්සු  ඡන්දය දෙන්න භාවිතා කරන නිර්ණායක වෙන්නේ ජාත්‍යාලය , දේශප්‍රේමය  , සිංහල කම , පිරිමි කම වගේ කාරණා එහෙමත් නැත්නම් පුතාට රස්සාවක් , ගමට පාරක් වගේ සිල්ලර කාරණා . හැම එකාවම එක ගොඩේ දාගෙන ලේබල් එකක් ගහන මිනිස්සු වෙනත් කාරණා මත පදනම් වෙලා ඡන්දය දුන්නත් අන්තිමේදී  බනින්නෙ අර දූෂනය ,භීෂනය වගේ කාරණා පදනම් කරගෙන . ඒ කියන්නේ ඒ අයට උනත් වඩාත් වැදගත් වෙන්නෙ අර තමන්ගෙ නිර්ණායක නෙමෙයි , රටක් විදිහට වැදගත් මූලික කාරනා . නමුත්  සිද්ද්වෙන්නේ තමන්ගේ අනිකුත් නිර්ණායක මත පදනම් වෙලා ඉඳන් සමහර වෙලාවට තෝරල යවන්නේ ලෝක හොරෙක් , නැතනම් මැරයෙක් , එහෙමත් නැත්නම් ඔය දෙකටම ආශිර්වාද කරන කෙනෙක් . වැරදි කෙනාව යවල  හරි දේවල් බලාපොරොත්තු වෙන මිනිස්සු නම් එකම ගොඩකට දාල සලකන්න බැරි කමක් නැ .

 දූෂණය , නාස්තිය වගේ කාරණා වලදි  ඒ ඒ පුදගලයිම් සතු ඉතිහාසයක් තියනව . මේ  ඉතිහාසයන් තේරුම් අරන් සංසන්ධනය කරල බැලුවොත් තමයි පේන්නේ මේ යකා හොරෙක් එහෙමත් නැත්නම් මැරයෙක්ය කියල , ඒ වගේම මේ හොරකමේ සහ මැරකමේ ප්‍රමාණාත්මක නිර්නායකත් දකින්න පුලුවන් . උදා විදිහට දෙකේ දෙක් පොලු අරගෙන සරම කරට අරන් පාරට බැහැල ගෙවල් කුඩු කරන දේශපාලකයාත් , ටී 56 අරගෙන පාරට බැහැල මහ පාරෙදි මිනිස්සු මරන දේශපාලකයාත් එක සමාන නැ . දෙන්නම මැරයො තමයි , ඒත් ඒ අය සමාජයට කරන සමාජීය බලපැම පැහැදිලිවම වෙනස් . හොරකමත් එහෙමම තමයි , රාජ්‍ය ආයතන ගෙඩිය පිටින් කඩා වැටෙන්න බිලියන ගනන් හොරකම් කරන එකාත්  කොන්තරාත්  වලින් කුට්ටියක් කඩා ගන්න එකාත් එකිනෙකට වෙනස් . හොරකම් නොකරන මැරකම් නොකරන මිනිහෙක්  හොයා ගන්න බැරි නම් අඩුම තරමේ ඒවා අඩුවෙන් කරන එකෙක් හරි හොයාගෙන ඡන්දය දෙන්න ජනතාවට හැකියාව තියෙයි . ඒක දේශප්‍රේමයට හරි වෙන මොකක් හරි මල දානෙකට කතිරේ ගහලා මෙන්න මූ හොරකම් කරනෝ .... ,මිනි මරනෝ....කියල කැගහනවට වඩා සැහෙන්න හොඳයි

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ  පවතින ක්‍රමය ඇතිවුනේ ඇයි , එකෙන් තියන වාසි අවාසි මොනවද කියල හොයල බලන්නෙ නැතුව කියන්නන් වාලේ ක්‍රමයට බනින අයත් ,  වැරදියි කියන ගමන් ඒක පවත්වාගෙන යන්න උදව් කරන අයත් වගේම . ඔක්කොම එකයි කියන සරල නිගමනයේ ඉඳන් වැරදි නිර්ණායක මත කතිරේ ගහල  හොරකම් , මැරකම් නැති සමාජයක් ප්‍රාර්ථනා කරන අයත් වර්ථමාන ශ්‍රි ලංකාවේ ඛේදනීය ඉරණමට වගකියන්න ඕනි . එතනිදි මිය ලකී අය්යාත් , ඉස්පිරිතාලෙ ඉන්න දුමින්ද  සිල්වාත් අඩු වැඩි වශ්යෙන් වග කිව යුතු අය තමයි . ඒ විතරක් නෙවෙයි ඒවා එසේ වෙන්නේ දීල බලාගෙන ඉන්න . අනුබල දෙන පුද්ගලයොත් වගකිව යුත්තන් තමයි

ප.ලි - ලංකාවේ අධ්‍යාපනය ඇතුලු ක්ෂෙත්‍ර ගනනාවකම  ක්‍රමය බරපතල ලෙස අප්සෙට් , ඒත් මේ කථා කරේ මේ දවස් වල කථාවෙන දේශපාලන ක්‍රමය ගැන මිසක් ඒ වා ගැන නෙවෙයි . ඒවාටත් ව්ගකියන්න ඕනි . ඉහත කියපු කොට්ටාශයන්ම තමයි

Comments

  1. හුරේ අද මමයි පළවෙනි කමෙන්ට් එක.
    කියවලා ආයේ කමෙන්ට් එකක් දාන්නම් :)

    ReplyDelete
  2. @මාලන් - ඔහොම එව්ව කියන එක හරිද මන්ද ? :D

    ReplyDelete
  3. බුවා, මේ ක්‍රමය වෙනස් කරන්න නම් නොනවතින අරගලයක්, අවුරුදු දෙක තුනකවත්, මහජනයා වෙතින්ම කෙරෙන්න ඕනේ... ඒකට මේ ඔළුවල තියෙන මලකඩ හෝදන්න වෙනවා... පාට කණ්නාඩි ගලවන්න වෙනවා... තමන්ගේ හෘද සාක්ෂියට එකඟවිය හැකි, තමන්ට තමන් වගකියන සමාජයක් හදන්න වෙනවා... ඒක දවසින් කරන්න බෑ. ඒත් වීගෙන එනවා කියලා හිතෙනවා... ඒත් ඉතින් භාරතවයි, දුමින්දවයි අමතක වෙනකොට මේ රස්නෙත් ඇල් වෙලා යයිද මන්දා ? විප්ලවයක් වෙන්න ඕනේ... පොලිසිවලට ගල් ගහලා, පාර්ලිමේන්තුව වට කරලා නෙවෙයි. ජනතාවගේ ආකල්ප වල දැවැන්ත විප්ලවයක් වෙන්න ඕනේ. ඒකට ඉතින් සෑහෙන කලක් යයි. අපි හැමෝම වෙනස් වෙන්න සූදානම් නම් මේ වගේ හුදකලා පුංචි පුංචි හඬ නැගීමක් වුනත් ඒකට ඇති. අපි හැමෝම පුළුවන් විදියට වෙනස් වෙන්න ට්‍රයි කලොත්, තව කෙනෙක්ට වෙනස් වෙන්න උදව් කලොත් ලංකාවත් වෙනස් වේවි. අපි නිද්‍රාශීලී නිසා වාසි ගන්නේ අපෙන්ම විවරණ ගත්තු අය කියලා අපිටම අමතකයි... ඒකත් නිද්‍රාශීලී ගතියම වෙන්නැති...!

    ක්‍රමයේ වැරැද්ද කියලා අත හෝදගන්න අපිට බෑ. උඹ කිව්වා වගේ අඩු වැඩි වශයෙන් අපි හැමෝම මේ ක්‍රමයට වගකියන්න ඕනෙ. ඉතින් තම තමන් අතින් වුනු වැරැද්ද හදා ගන්න දැන්වත් උත්සාහයක් කලොත් අපෙන් පසු පරම්පරාවවත් මේ රට හදයි...!

    ReplyDelete
  4. "ක්‍රමයේ වැරැද්ද " සහ " කොයි එකාත් එකයි"
    ඕක කියන අයව විවේචනය කර කර ඉන්න එකත් ඕකම කිය කිය ඉන්න එකත් අතරෙ මටනම් මහ ලොකු වෙනසක් පෙනෙන්නෙ නැහැ. ඔය දෙකම මට නම් නිකම්ම නිකම් විවේචන විතරයි. සන්වාදයක් ගොඩනැගෙන එක නම් හොඳයි තමයි. මොකුත්ම නොකෙරෙනවට වඩා මෙහෙම හරි ලියන එක වටිනවා කියලත් හිතෙනවා වෙලාවකට.
    මම නම් සදහටම තිත්තවෙලා රට ඇරලා ගියපු කෙනෙක්. බුවාගෙ මේ උත්සාහය අගය කරනවා.
    සුබ පැතුම් !

    ReplyDelete
  5. මගේ තොප්පිය මට දෙන්න...

    ReplyDelete
  6. මම නම් මේ ක්‍රමයට පක්ෂත් නැහැ, ඒත් විපක්ෂත් නැහැ. එකක් මතක තබා ගත යුතුයි. සමානුපාතික ක්‍රමය නොතිබෙන්නට මේ රට කැඩිලා ගොඩක් කල්. ඒක පෙනුනා 1977 ඡන්දෙදි. ඒ නිසා මගේ මතය නම් සමානුපාතික ක්‍රමය මේ රටට අවශ්‍යයි. හැබැයි මේකෙ සංශෝධන නම් කල යුතුයි. ඔය ජාතික ලයිස්තුවට මම හරිම කැමතියි. ඒත් බලන්න ඒක පාවිච්චි කරන විදිහ.
    මේ හැම දේම බලත්දි අපිට පේනවා මේ ක්‍රමයේ වැරැද්දක් නෙමේ මේ සිටින මිනිස්සුන්ගේ වැරැද්ද කියලා. මම දන්න මේ රටේ සිටි අංක එක දේශපාලකයා ගාමිණී දිසානායක. වැරදි ඇති. ඒත් හැම වෙලේම දැක්මක් තිබ්බා. අන්න ඒ අගේ මිනිස්සු ආවනම් මේවා යම් පිළිවෙලකට හදනවා. දැන් ඒ ගැන කථාඅකරලා වැඩක් නැහැ.
    මමනම් කියනවා දැනට සිටින එකෙක්ටවත් මේ රටට යමක් කරන්න බැහැ. මහින්ද සහ රනිල් හැර දැනට අපිට නායකයෝ නැහැ. ඒ නිසා හොද වුවත් නරක වුවත් මේ දෙන්න තමයි තව කාලෙකට. බලමු ඉදිරියේදී කෙනෙක් ආවොත් අපි බලමු.

    ReplyDelete
  7. මම නං හිතන්නෙ ක්‍රමේ කොයික උනත් මේවා වලක්වන්න බෑ. ආයෙත් පරණ ක්‍රමේට ගියා කියල හිතමු.එතකොට සිද්ධවෙන අනිවාර්ය ප්‍රථිඵලය තමයි ආසනේට ඉල්ලන එවුන් දෙන්නා නයි මුගටි වගේ මරාගන්න එක.(සමහර විට මරණ සංඛ්‍යාව මීට වඩා වැඩිවෙන්නත් පුළුවන්).මොකද මේ දේවල් ඉතිහාසයත් එක්ක සංසංදනය කරන්න බෑ.කිසිම හිරිකිතයක් නැතිව එහාට මෙහාට පනින ගෙම්බො ජේආර්ගෙ හෝ ප්‍රේමදාසගෙ කාලෙ නොහිටියත් දැන් ඉදීම හොද උදාහරණයක්.
    මේ ක්‍රමය වෙනස් වෙන්න පුළුවන් එකම අවස්ථාව තමයි අවංක රාජ්‍ය නායකයෙක් බිහිවීම.නායකයා හොද නං මේ දේවල් ශූන්‍ය කරා ලගාකරගන්න පුළුවන්. ඒවගේ නායකයෙක් නං කවද එයිද මංදන්නෙ නෑ.:D

    ReplyDelete
  8. සමානුපාතික ක්‍රමය නොවුණනම් සමහර විට පාර්ලිමේන්තුවේ සුඵතර පක්ෂ වලට කොහෙත්ම ඉඩක් නැති වෙන්න තිබුණ. කොහොම වුණත් ඒ මතවාදයන් නියෝජනය වෙන්නෙ සමානුපාතික ක්‍රමය නිසයි. ඒක නිසා ඒක වැදගත්.

    ReplyDelete
  9. අහවල් එක හංගගෙන අහවල් එකින් කෙළිනවා කියන්නේ ඔය වගේ කතා වලටය. ආසියාවේ ආශ්වර්යයේ කතා කොහොමත් එසේමය.

    ReplyDelete
  10. සමානුපාතික නියෝජන ක්‍රමය නිවැරදි බවට දිගටම සටහන් තැබූවෙක් (මේඝය බිලොගයේ) වශයෙන් මම ඔබේ අදහසට එකගයි.

    ඔබ ප/ලි කොටසේ ඉඟි කල පරිදි මමත් දකින්නේ අනෙකුත් ක්ෂේත්‍ර වල ජේ.ආර් කල ප්‍රතිසංස්කරණ තමයි මේ අද අපි අත්විඳින දුර්භාග්‍යයයේ චූදිතයා.ගිලන්රථයක් මෙන් (මාර්ගනීති නොසලකා) යන විවෘත ආර්ථික ක්‍රමය ඉන් ප්‍රමුඛයි.

    ReplyDelete
  11. @චතුරංග- ජනතා ආකල්ප වෙනස් කරන්න දායක වෙන්න පුලුවන් කලාකරුවන් සහ මාධ්‍ය ඒකට සුදානම් නැති නිසා තමයි ඒ වෙනුවෙන් සමාජීය කතිකාවක් නැත්තේ , එහෙම එකක් නැති තාක් කල් මේවා හුදකලා උත්සාහයන් විතරයි

    @අනෝ - මේ කතන්දරේදී මාත් වගකිව යුත්තෙක් තමයි , නමුත් වීවේචනයට අමතවර පෞද්ගලිකව මම ඔය කියල තියෙන කාරණය පිලිපදිනව , නමුත් එතනින් එහාට යමක් කරලා නම් නැ , මේ ලිපිය ඒකට උත්සාහයක් විතරයි , පොඩි සංවාදයක් මතයක් ගොඩ නගන්න , ස්තුතියි ප්‍රතිචාරයට

    @මාරයා - අනේ ගන්නකො සුදෝ... :D

    ReplyDelete
  12. කූල් වෙලාවක නිවාඩූ පාඩූවේ කියවපන්..

    http://maathalan.blogspot.com/2011/07/new-constitution.html

    ReplyDelete
  13. @මහවෙදනා - ඔබගේ වටිනා අදහසට ස්තුතුයි , ජාතික ලයිස්තුව බල්ලට ගියෙ කැලණි ගැමුණුව ඕකෙන් ඇතුලට ගත්ත දවසේ

    ගාමිනි දිසානායක ගැන හොඳම තමයි මම අහල තියෙන්නේ , කොහොම උනත් සැහෙන තරම් දුරට ජාති වාදියෙක්ය කියලත් කියවෙනව

    @රාජ් - අවංක කමට වඩාත් ආසන්න කෙනෙක්වත් තෝරමු

    @outsider අනිවා එකඟයි

    @තිසර - ආශ්චර්යය කියන්නෙත් ඒ නිසාමනේ

    ReplyDelete
  14. @ජයශ්‍රි - ඔබ ගේ ඒ ලිපිවලදිත් මමත් එකඟ උනා මතක ඇති

    පලි වලින් ඉඟිකලේ ජේ. ආර් ම ඒවට වග කිවයුතුයි කියලා නම් නෙවෙයි , ඔය විවෘත ආර්ථිකය තමයි මම ජේ.ආර් ගේ කැමතිම වැඩේ , විවෘත ආර්ථිකය නිසා ලංකාව හිටිය තත්වයත් , 1993 ට කලින් විවෘත ආර්ථිකය නැති ඉන්දියාවේ තත්වයත් චානුක මහත්තයගෙ සිහි සටහන් බ්ලොග් එකේ තිබුනා . ඒ ඒතුමගෙම අත්දැකීම් . අද ඉන්දියාව ඉන්න ආර්ථික තත්වයට හෙතුව වුනේ විවෘත ආර්ථික ය තමයි . හැභැයි ඊට කලින් වීවෘත ආර්ථිකය ලබා ගත් අපි තාම මඟ , වැරද්ද ජේ ආර් ගෙ නෙවෙයි විවෘත ආර්තිකය හරියට කරගන්න බැරි වෙච්ච ඊට පස්සෙ හිටපු (ඉන්න ) උන්ගෙ ගේ .

    ReplyDelete
  15. @මාතලන් - කියෙව්වා , සමහර කාරණා දෙකතුනකට එකඟ උනත් මූලික කාරණා කිහිපයකට විරුද්ධයි

    01) ආසන ක්‍රමය - ආයෙමත් උතුරට විපක්ෂ නායක කම දෙන්න වෙන වැඩක් ,ප්‍රජාතන්ත්‍රවාදය නිසිපරිදි නියෝජනය වෙන්නෙ නැ . අවශ්‍ය වෙන්නේ ඔය ක්‍රම දෙක එකතු කරපු අලුත්ම එකක්

    02) පාර්ලිමේන්තු ක්‍රමයට අග්‍රාමාත්‍ය වරයෙකු අත්‍යාවශයයි කියලයි මම හිතන්නේ (නම මාරු උනාට කමක් නැ හැබැයි අග්‍රාමාත්‍ය තනතුරට තියන බලතල වෙනස් නොවී )

    03) මන්ත්‍රි වරුන්ට දෙන වරප්‍රසාද ඉවත් කරන එක විසඳුමක් නෙවෙයි , ඒ අයට දෙන වරප්‍රසාද වලට පිටින් අයතා දේවල් නොකරන විදිහට නීතිය ක්‍රියාත්මක වීමයි වැදගත්

    04) පාර්ලිමෙන්තුව සජීවීව පෙන්නල වැඩක් නැ

    05) අමාත්‍යවරුන්ට වගකීම් වැඩි නිසා අවශ්‍යයෙන්ම වැටුප් වැඩි වෙන්න ඕනි , අයතා ක්‍රම වලින් හම්බ කිරීම නවතින්න නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනි

    06) දෙමල ජනතාවට ආවෙනික ප්‍රශ්නයක් රටේ තියනව, 13 විසඳුම නොවුනත් ප්‍රශ්නයක් නැ කියල මම පිලිගන්නෙ නැ

    ReplyDelete
  16. Mama 1st Ano wage kenek ratin pita me dewal epa wela.

    Eth mata hithena hetiyata me wage dialog ekak wena eka loku deyak.

    Maatalan,Maaraya mama dakina lokuma aduwa (mama maatalan ekata comments 2k demma parana postings walata eth wetune neha)Mahindata wada nayakayek rate nethiwa athi..eth api weradi de weardi hetiyata nodekkaoth thawa thawa weradi karai. Mahajan mathaya enna ona e weradi wlata nethiwa smastha mahindata neme. Ethakotai hada ganna puluwan minissu me wedeta kemathi neha kiyala. hariyata private pension scheme eka wage.
    Den api too late da manda 18th amendment ekath gedi pitin dunnu hinda.

    All the best for Buwa and hope more voices would join him.

    Jayanath

    ReplyDelete
  17. ලිපියම කියෙව්වා .......
    හොඳ විග්‍රහයක් ........
    මොනා උනත් ජේ ආර් කියන්නෙ පට්ට මොලයක් ........

    ReplyDelete
  18. හම්මේ ඇති යන්තං ඔන්න මං ගත්තා..:D

    ReplyDelete
  19. හොද ලිපියක් බුවා අයියේ.එත් ලංකාව වගෙ දේශපාලන සදාචාරයක් නැති රටක විධායකය නැති වෙනවට වඩා තියෙන එක හොදයි කියලා මට හිතෙනවා.යුද්දෙ ඉවර කරන්න පුළුවන් වුනේ විධායක බලතල හින්දා.නැත්තන් ඔය විපක්සෙ උන් කොච්චර බකට් 1 ඇද්දද?.කොටින්ටවත් නැති අමාරුවක් ඔකුන්ට තිබ්බේ.විධායකය නැත්තම් ඊජ්ප්තුවේ,ලිබියාවේ දාපු සෙල්ලම් ලංකාවේ දාන්න ඇමරිකන්කාරයට ලේසියෙන්ම පුළුවන්.

    "දෙමල ජනතාවට ආවෙනික ප්‍රශ්නයක් රටේ තියනව"
    අයියේ මං සිංහල ජාතිය වෙනුවෙන් දැඩිව පෙනී සිටිනවා.දෙමළ ජනතාව දෙමළ වීම නිසා ගැටළුවක් ඇතිවෙලාය කියලා මං නම් කියටවත් විශ්වාස කරන්නේ නැ.ගැටළුවක් තියනවාය කියලා බෙරිහන්දෙන උන්ගෙන් ගැටළුව මොකක්ද කියලා ඇහුවම උත්තර දෙන්නෙත් නැ.

    'දෙමල ජනතාවට ආවෙනික ප්‍රශ්නය'ගැන සහ විසදුම් ගැන පොස්ට් 1ක් දාන්න පුළුවන් නම් හුගක් වටිනවා.ඇත්තටම ගැටළුවක් තියෙනවනම් මාත් ඇතුළු සිංහල ජනතාව විසදුමක් දෙන්න මැලිවෙන එකක් නැ කියලා හිතනවා.

    ReplyDelete
  20. බූවා ලියලා තියෙන්නෙ හේතු දෙකක්:
    ක්‍රමෙය් වැරැද්ද
    කොයි එකත් එකයි

    වැදගත් ම වූ හේතුව සලකා බලා නැහැ. ඇයි අපේ වැරැද්ද?!!!

    මම පාන් පෝලිම් වල හෙම්බත් වෙච්ච නිසා ජේ. ආර්. ට චන්දය දුන්නට විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධව (ජනමත විමසුමක් තිබ්බානේ) චන්දය දුන්නා. අපේ වැරැද්ද තමයි ක්‍රමය සොයා බලන්නත්, කොයි එකා කරත් වැරැද්ද වැරැද්ද ම යි කියන්නෙත් නැතිකම.

    පේලි ගැහිලා ගිහින් කොයි පැත්තෙන් එන ආණ්ඩුවක් හරි පත් කරගනිද්දි නොසෑහෙන්න බලයක් නොදුන්නොත් ආණ්ඩුව වැටේවි කියන බියට කරන කියන කොයි එකත් කඑන හැම දෙයක් ම බාර ගන්න අපේ වැරැද්ද!!!

    ReplyDelete
  21. මට හිතන්නේ ක්‍රමය වැරදිය කීමත් කොයි එකාත් එකයි කීමත් දෙකම නිවැරදිය කියාය. ක්‍රමය යනු තක්කඩින් බලයට ගෙනෙන වර්තමාන ක්‍රමයයි (සමානුපාතික හෝ කේවල ක්‍රම අදහස් නොකරමි). කොයි එකාත් යනු එසේ බලයට එන තක්කඩින්ය.

    ReplyDelete
  22. @ජයනාත් - ස්තුතියි අදහසට

    @පන්සල් හන්දිය - ජේ ආර් තමයි අංක 01

    @මාරයා - :D

    @අරුණි - ස්තුතියි අදහසට , ඇත්තෙන්ම බැලුවාම ලොකුම වැරැද්ද අපේ අත තමයි

    @රැඩිකල් අදහස් - තක්කඩීන් නොවන අය ගේන්නත් මේ ක්‍රමය ඇතුලේ ඉඩ තියෙයි , නමුත් මිනිස්සු ගේන්නේ තක්කඩි තමයි වැඩිපුරම , එතකොට අවුල කාගෙද ක්‍රමයෙද , අපේද ?
    ඔය තක්කඩි අස්සේ ඉඳල හිටල හොඳ උනුත් එනවා , ඒ නිසා කොයි එකාත් එකම වෙන්නෙ නැ කියලයි මම හිතන්නේ

    ReplyDelete
  23. @KC - රජය කරන ඒවා විවේචනය කරන්න නෙවෙයි නම් විපක්ෂයක් ඉන්නෙ මොකටද ? ආණ්ඩුව යුධ කරනකොට ඒකට විරුද්ධ වෙන්න යුධ විරෝධීන්ට අයිතියක් තියනව . අපේ රටේ එහෙම එකක් තිබුනේ නැ , අන්න එතනයි සදාචාරයක් නැත්තේ . අනික අධිකරණයට වත් වග නොකියන විධායකයක් ඕනි නැ යුද්ධ කරන්න , ඔය ඇමරිකාව හතර වටේටම නෙලන්නෙ අධිකරණයට වග කියන ජනාධිපති කෙනෙකුත් ඉඳගෙන

    ඊජිප්තුවේ දාපුවා දාන්න ඕනි නම් ඇමරිකාවට ඔය විධාකය තිබ්බයි කියල කිසි ගේමක් නැ , මොකෝ විධායකය තිබුනා කියල ඇමරිකාවට ගහන්නයැ

    දෙමල ජනතාව ආසාවට ආයුධ අතට ගත්තේ නැ , ප්‍රභාකරන් කියන මිනිමරුව විතරක් නෙවෙයි දෙමල ජනතාව වෙනුවෙන් ආයුධ අතට ගත්තේ , ඒ ඉතිහාසය පොඩ්ඩක් කියවල බලන්න , භාෂාමය ගැටලු සහ වෙනස් කොට සැලකීමේ ගැටලු රාශියක් දෙමල ජනතාවට තිබුනා (අදටත් තියෙයි ) ඒ නිසා තමයි තමන්ගෙ ඒ අයිතීන් ඉල්ලන තැනට දෙමල ජනයා පත්වුනේ , සිංහල දෙමල ජාතිවාදී කරේ පෝර දාන එක , අන්තිමේදී වුනේ මේ පුංචි රටේ එකිනෙකට සතුරු ජාතීන් දෙකක් බිහිවෙච්ච එක , මේ වෙනකොට දෙමලා සිංහලයා බලන්නේ හතුරෙක් විදිහට , සිංහලය බලන්නේ අපි තොපිට ගහල දිනුම් කියන මානසිකත් වයෙන් මේක තමයි ගැටලුව , විසඳුම ඕනි අන්න එතනට

    ReplyDelete
  24. හොඳ දේශපාලකයො කියන්නෙ මාධ්‍ය වල නිර්මාණ. මතකද කාලයක් සුසිල් ප්‍රේමජයන්ත් ව හොඳය කියා පිම්බුව හැටි. කෝ ඒ පෙන්නපු හොඳ දැන්?

    වැරැද්ද අපේ කිව්වොත් ඒකට තමන්ටත් වගකියන්න වෙනවා. "වැරැද්ද ඔබේ" කිව්වොත් තමයි සාර්ථක.

    ReplyDelete
  25. විපක්ෂයක් තියෙන්නේ රජය කරන ඒවාට විරුද්ද වෙන්න නෙමෙයි.රජයක වැරදිවලට‍ විරුද්ද වෙන්න.ඇමරිකාවේ ජාතික ප්‍රශ්නවලදී පක්සේ,විපක්සෙ,අධිකරණෙ කියලා නැ උන් ඔක්කොම ඉන්නේ 'අපි අමරිකානුවෝ' කියන මතයේ.අපේ එහෙම නැනෙ.රජ කාලේ ඉදන්ම අපේ උන්ගේ බෙල්ල කපන්න බලන් ඉන්නේ අපේ උන්මයි.ඉතිං අපිවයි ඇමරිකාවයි සංසන්දනය කරන එක කොහෙත්ම සාධාරණ නැ.විධායකය අධිකරණයට යටත් වෙන්න ඕනෙ කියන එක මාත් පිලිගන්නවා.

    ඇමරිකාව ලෝකෙට ලොක්කා උනාට හිතෙන හිතෙන විදියට යුදමය මැදිහත්වීම් කරන්න බැරි දේශපාලනික,ආර්ථික ගැටළු ඒගොල්ලන්ට මතුවෙලා තියනවා.අනිත් එක යුදමය මැදිහත්වීම් කරපු හැම තැනකදීම ඒ ගොල්ලෝ අසර්ථක වෙලා තියෙනවා.ඒනිසා ඒගොල්ලෝ බොහොම කැමතියි ලිබියාවේ,ඊජ්ප්තුවේ කරපුවා කරන්න.ඒකට විධායකය යම් තරමක බාධාවක්.

    දෙමළ මින්ස්සුන්ට තියන ගැටළුව දැනගන්න තියන අවංක වුමනාව නිසා තමයි ඒ ගැන පොස්ට් 1ක් දාන්න කිව්වේ."දෙමළුන්ට ගැටළුවක් තියනෝ කියලා කෑ මොර දෙන එත් ගැටළුව නොකියන" උන්ගේ ගොඩට ඔයත් වැටිම කණගාටුවට කරුණක්.මොනාද තියෙන ගැටළු??? සහ මොනාද තියෙන විසදුම්???.

    ආසාවට ආයුධ අතට ගත්තත් නැතත් ආයුධ අතට ගත්ත උන්ව වඩා ගෙන නළවන්න අපිට බෑ කියන එක අවධාරණයෙන් කියන්න ඕන.

    ReplyDelete
  26. @KC - රජය කරන යුද්ධෙට විරුද්ධ නම් විරුද්ධ වෙන එකේ ඇති වැරැද්දක් නැ .... ඒ කියන්නේ රජයේ ආරක්ෂක ප්‍රතිපත්තියට විපක්ෂය විරුද්ධයි කියන එක . ඔයා කියන ඔය උදාහරණ රටවල් වල හිටියේ විධායක ඒකාධිපතියෝ , පාර්ලිමෙන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් තියන තැන් වලටයි ඔය කියන ආකාරයේ මැදිහත් වීම් කරල නැත්තේ

    ගැටලු මොනවද කියල මම කියල තියනව , ඒවා දැක්කේ නැතුවට මට කරන්න දෙයක් නැ ,ජාතිය දෙමල නිසා ප්‍රශ්න ඇති වෙන ආකරය ප්‍රායෝගික උදාහරනයකින් බලාගන්න ඕනි නම් පොලිසියකට ගිහින් දෙමල මනුස්සයෙක් පැමිණිල්ලක් කරන වෙලාවක බලාගෙන ඉන්න . තමන් නොදන්න භාෂාවක් කථා කරන්න බලකරන කොට , තමන්ගේ ජාතිකත්වයට හිනා වෙනකොට ඒ මිනිස්සුන්ට දැනෙන්නේ මොනවද කියල ටිකක් හරි තේරුම් යයි , ඒහෙමත් තේරුම් යන්නෙ නැ කියන්නේ ඉතින් ඔබතුමත් අයත් වෙන්නේ මේක සිංහලයාගේ රටය , දෙමලා අපිට ඕනි විදිහට හිටපිය කියන අන්තවාදීන්ගෙ ගොඩට තමයි

    ආයුධ අතට ගත්තට පස්සේ නලවන්නේ නැතුව ඔය ඉවර කලේ ඉතින් එහෙම නම් ඔබතුමාලගේ මහ ලොකු රජය මොක කෙහෙල් මලකටද දෙමල සංධානෙත් එක්ක සාකච්ඡා කොරන්නේ , කතන්දරේ ඉවරයි කියල නිකා ඉන්න තිබුනනේ

    ReplyDelete
  27. [පොලිසියකට ගිහින් දෙමල මනුස්සයෙක් පැමිණිල්ලක් කරන වෙලාවක බලාගෙන ඉන්න . තමන් නොදන්න භාෂාවක් කථා කරන්න බලකරන කොට , තමන්ගේ ජාතිකත්වයට හිනා වෙනකොට ඒ මිනිස්සුන්ට දැනෙන්නේ මොනවද කියල ටිකක් හරි තේරුම් යයි]

    ඔබ ඔය කියන ප්‍රශ්නය වැද්දන්ටත් තිබේ. එසේ නම් වැද්දන්ට දෙමළ ජනයාට වඩා ප්‍රශ්නයක් ඇති බව පිළිගැනීමට සිදු වෙනවාද?

    එසේම යාපනයේ කච්චේරියෙන් ඔප්පු පිටපතක් ගන්නට යන සිංහලයාගේ තත්වය මෙයින් වෙනස් වන්නේ කෙසේද යන්නත් පහදන්න.

    ReplyDelete
  28. @no frame - අහා ..මේ වෙන කෙනෙක් ගේමට බැහැල තියෙන්නෙ , වැදි ජනතාවට භාෂා ප්‍රශ්නයක් මේ වෙනකොට නම් තදබල ලෙස නැ , සිංහල හොඳට පුලුවන් කම තියෙත්දි , මාකටින් ක්‍රමයක් විදිහට තමයි ඒ අය වැදි භාෂාව කථා කරන්නේ , ඒ වගේම වැද්දන් කියන්නෙ "අමුතු ජන කොට්ටාශයක් විදිහට ලේබල් ගැහිලා වාණිජ අරමුණින්ම වෙනස් වී සැලකීගෙන ඉන්න පිරිසක් , ඒ වගේම සංඛ්‍යාත්මකව ඉතාම සුලු වශයෙන් ඉන්න පිරිසක් ඒ අයත් එක්ක ලක්ෂ ගාණක් ඉන්න දෙමල මිනිස්සුන් සංසන්දනය කරන්න බැහැ


    යාපනයේදී ඔප්පු පිටපතක් ගන්න යන සිංහලයාව බහුතරයක් දෙමල මිනිසුන් මැද අපහසුතාවට පත් වීමත් , සිංහල බහුතරයක් ඉන්න ප්‍රදේශයකදි දෙමලාටත් ඒ දේටම මුහුණ දෙන්න වීමත් කියන්නේ මේ ප්‍රශ්නයේ දෙපැත්ත , ඒ කියන්නේ එකම රටක් ඇතුලේ ජාතින් දෙක අනෙකාට ගරු කරන්නේ නැ . ඒක තමයි ජාතිවාදය කියන්නේ

    රටේ සිංහල ජනතාව බහුතරයක් ඉන්න ප්‍රදේශ ප්‍රමාණය විශාලයි , ඒ නිසා වැඩිමනක් අවස්ථාවන් වලදී , අපහසුතාවයට පත් වෙන්නේ දෙමලා නිසා , ඔවුන් දැක්කා රටේ සුලුතරයක් වන තමන්ව බහුතරය විසින් නොසලකා හරිනවා කියල , ඒකට දෙමල දේශපාලන අරමුනු , සිංහල අන්තවාදීන්ගේ තකතිරු ක්‍රියා එකතු වෙලා තමයි ඝට්ටනය නිර්මාණය වෙන්නේ

    ReplyDelete
  29. මුල ඉඳල අගට දෙපාරක් කියෙව්ව, දේශපාලන පැත්තෙන් ඉතා අඩු දැනුමක් තියෙන මට කියන්න තියෙන එක දෙයක් තමා, දේශපාලනය ගරු නම්බු සඳහා පමණක් කල කට්ටියකගේ ඉඳල ලාභ ප්‍රයෝජන සඳහා කරන කට්ටිය දක්වා වෙනස් වුන හැටි දැනට වයස 59 කට කිට්ටු මම දැක්ක කියල. (මං එහෙම හිතං හිටියට, මං දැක්ක කියල හිතන දේවලුත් දෘෂ්ටි මායාවන්ද කියලත් හිතෙනව)

    ReplyDelete
  30. @observer එක මේ සමාජ විපර්යාසයත් එක්ක ඇතිවුනු දෙයක් නේද ? මොකද එදා සමාජයට සාපේක්ෂව ධනවතුන්ට දේශපාලනය තුලින් එකතු වුනේ තමන්ගේ තත්වය රැක ගන්න අව්ශ්‍ය කරන බලය , දේශපාලනය තුලින් හම්බකරන්න අවස්ථා තිබුනේ අඩුවෙන් . විවෘත ආර්ථිකයත් එක්ක සාම්ප්‍රදායික ධනවතුන් අභිබවලා අලුත් ධනවතුන් මතුවෙනව තත්වයට වගේම ධනයටත් තරඟකාරීත්වයක් ඇතිවෙනවා , ඊලඟට දේශපාලනය තුලින් හම්බ කරන්නත් අවස්ථා මතුවෙනවා . හැබැයි ලෝකේ දියුණු වුනු රටවල් මේ තුල වෙන්න පුලුවන් අයථා ක්‍රියා වල්ක්වන්න නීතී ගෙනත් ඒවා නිසි පරිදි ක්‍රියාත්මක කරනව , අපිට මග හැරුනේ අන්න ඒ කොටස

    මේ මම දකින විදිහ , ඔබතුමාගෙ අත්දැකීම් මගේ සිතුව්ලි වල්ට වඩා බොහොම පුලුල් අනිවාර්යයෙන්ම

    ReplyDelete
  31. අනේ මචන් මම කවදාවත් මේ ක්‍රමයටවත් දේශපාලනය කරන උන්ටවත් බනින එකෙක් නෙමෙයි... මගේ පෝස්ට් එකෙන් ප්‍රශ්නයක් නැගුව මිසක් ක්‍රමය වැරදියි කියලවත් උනුත් එකයි මුනුත් එකයි කියලවත් නෑ සහෝ...

    ReplyDelete
  32. @සාතන් - ඔයා එහෙම කියල තියනයි කියල නෙමේ මම ඔයාගේ ලිපිය ගැන සඳහන් කලේ , එකම මාතෘකාව ගැන කථා බහ කරපු නිසා (මගේ වාක්‍යයේ පොඩි අවුලක් තියෙයි අර්ථය විකෘති වෙලා දැනෙන , )

    ReplyDelete
  33. හික්.."ඔබතුමාලගේ මහ ලොකු රජය"(මට හරියි කියලා පිළිගන්න පුළුවන් පක්ෂයක් ලංකාවේ නැ.ඒනිසා මං එදිනෙදා දේශපාලනයේ මතුවෙන කරුණුවලදී මට හරි කියලා හිතෙන කරුණු වෙනුවෙන් වීතරක් පෙනී සිටිනවා.)දෙමල සංධානෙත් එක්ක සාකච්ඡා කොරන්නේ ලොකු අයියා(ඉන්දියාව‍) කියන හින්දනේ.පුංචි නංගි අයියා කියනදේ අහන්න එපැයි.
    මං විධායකයට‍ කැමති කෙනෙක් නෙමෙයි.පාර්ලිමෙන්තු ප්‍රජාතන්ත්‍රවාදය මං හුගක් අගය කලත් ලංකාවේදී නොහිතන ප්‍රතිපල ගේන්න ඉඩ තියනවා.ඒතකෝට ඔලු ගෙඩි සෙල්ලම ජාතික ක්‍රීඩාව වෙන නිසා ඩොලර් ටිකක් විසික් කලොත් විදෙස් රටකට ලේසියෙන් මැදිහත් වීමක් කරන්න පුළුවන්.

    "භාෂාමය ගැටලු සහ වෙනස් කොට සැලකීමේ ගැටලු රාශියක්" මෙහෙම තියනවා ගැටළු මොනාද කියලා නැ.මගේ ඇස්වල වැරැද්දක්ද දන්නැ.භාෂාමය ගැටලු ඇරුනම තෝ දෙමළාය කියා පහත් කිරීමක් හෝ බයිට් කිරීමක් පොලිස්සියේදී වෙන්නේ නැ.සිංහල මිනිහෙක් පැමිණිල්ලක් කරන්න ගියාමත් උම්මා දීලා පිලිගන්නැ."මහේ වරෙන්.. අරෙහෙට පලයන්..."තමා.ඒක පොදු තත්වයක්.

    කොහම වුනත් මට මතු කරන්න ඕන වුනේ "බලය බෙදීමට" තරම් ගැටළුවක් ලංකාවේ නැ කියන එකයි.ඔබ හිතනවද බලය බෙදීමට තරම් ගැටළුවක් තියනවා කියලා??????.සිංහලයා එකගයි මේ අපි හැමෝගෙම රට.අපි සමගියෙන් ඉන්න ඕනෙ කියන එකට.ඒත් කව්රුහරි කිව්වොත් මේක ඊළම කියලා අන්න එතැනදී මේක සිංහලයාගේ රට වෙනවා.ප්‍රචණ්ඩත්වයට ප්‍රචණ්ඩත්වය පමණයි.ඉට අඩු දෙයක් දෙන්න පුළුවන් කමක් නැ.

    බිලා ‍ෆන් 1ක් ගන්න,වලියක් දාගෙන කාටහරි නෙලන්න,ඔපදුප කියවන්න ඕනෙ තරන් කට්ටිය හිටියට මේ වගෙ දෙයක් කතාකරන්න එකෙක් මට නැ.එකයි පන්න පන්න කොමන්ට් කරේ.සොරි වෙන්න ඕනෙ.ඔබ හිතනවද බලය බෙදීමට තරම් ගැටළුවක් තියනවා කියලා??????

    ReplyDelete
  34. @ඉන්දියාවට ඕනි ඒවා කොරන්න ගිහින් ඔය දුන්නේ 13ක් වැඩක් වුනායැ , ඔබතුමා මොනවා හිතාන ඉන්නවද මන් ද්න්නේ නැ හැබැයි "මැරුණ දෙමලාත් ෆෝටෝ එකේ ඉන්න එකාත් හැර වෙනත් දෙමලෙක් විශ්වාස කරන්න එපා කියන තත්වයට සිංහලයාගේ මනස හැදිල තියෙන්නේ , සිංහලයා කියන්න අපේ හතුරෙක් පුලුවන් තරම් උගෙන් ඇත්වෙලා හිටපියව් කියන තත්වයට මානසිකත්වයක් දෙමලාගෙත් තියනව , මේ වෙනස් කමට ජාතිබේදයක් නොකියා වෙන මොකක් කියන්නද ?

    ඔබතුමා සමාජයේ සිද්ධවෙන දේවල් දකින්නේ නැත්තේ ඇයි කියන්න මන් දන්නේ නැ , නමුත් මම ජීවත් වෙන සමාජයේ නම් සිංහලයාත් දෙමලාත් අතර සහ සම්බන්ධයක් නැ

    බලය බෙදන්න ඕනිද ?
    ඔව් , බලය එක්තරා දුරකට බෙදලා තියෙන්නේ 13 හරහා , දැන් කරන්න තියෙන්නේ වර්ථමානයට ගැලපෙන්න ඒක සකස් කරන එක , බලයට වඩා මේ මොහොතේ වැදගත් ආකල්ප සිංහල දෙමල හැමෝගෙම , නමුත් දෙමල දේශපාලකයින් උනන්දු වෙන්නෙ බලය ගැන විතරයිඔ මොකද උන්ට වැදගත් රටේ යහපත නෙවෙයි , ජාතිවාදය අවුස්සල තමන්ගේ බලය රැක ගන්න එක . අන්න ඒ නිසයි තවමත් අපි බලය බෙදීමක් ගැන කථා කරන්නේ (එල්ටිටිය එක්ක යුධ කිරීමට විකල්ප්ය විදිහට තෝර ගන්න සාක්ච්ඡාවක බලය බෙදීම ගැන කථා කිරීම ගැටලුවක් නැ , එතනදි ජීවීත ලක්ෂ ගනනක් දේපල කෝටි ගනනක් ඉතුරු කරගෙන විසඳුමකට එන්න කථා කරන නිසා )

    අවසන් වශයෙන් කියන්න තියෙන්නේ බලය බෙදීම ගැන එක්කෝ රජය අලුත්ම විසඳුමක් රටටත් ලෝකයටත් දෙන්න ඕනි , එහෙම නැත්නම් 13 වර්ථමානයට ගැලපෙන්න සංශෝධනය කරගන්න ඕනි (ලොකු අය්යගෙනුත් ශේප් එකක් දාගෙන ) . කොහොමින් හරි බලය බෙදා ගන්නවට වඩා වැදගත් වෙන්නේ ජාතීන් අතර විශ්වාසය සහ සමඟිය .බෙදන කෙහෙල් මලක් බෙදාගෙන අන්න එතනට එන්න ඕනි එකමුතු වෙලා

    නමුත් රජය ජාත්‍යන්තරව නාගෙන ඉන්න නිසා , ඉන්දියාව පස්සේ යන්නේ නැතුව බැ , ඒකේ වාසිය අරගෙන දෙමල සංධානය කරන්නේ මස් රාත්තලම ඉල්ලන එක . සහ ජාතිවාදය වපුරන එක , ආණ්ඩුවෙ ඉන්න හෙල කරුමයො සහ දේශප්‍රේමියො කරන්නෙත් ආණ්ඩුවට විසඳුමකට යන්න නොදී ජාතිවාදය පවුරන එක , ජාතික සමගියට නාථ දෙය්යන්ගෙම පිහිටයි

    ReplyDelete
  35. එතකොට සංසන්දනය කරන්න නම්

    1. සංඛ්‍යාව විශාල වීම
    2. අමුතු ජන කොට්ටශයක් විදියට ලේබල් නොගැහීම
    3. සිංහල බැරි වීම

    කියන කාරණා අනුව භාෂා ප්‍රතිපත්තිය තීරණය විය යුතුද?

    වැද්දන් අමුතු ජනකොටසක් නොවේ. ඔවුන්ද ශ්‍රී ලාංකිකයන් වන අතර ඔවුන්ද දෙමළුන් මෙන්ම සිය බසින් රාජකාරි කිරීමට කැමතිය. මේ ගැන නඩු තීන්දුවක් පවා ප්‍රකාශයට පත්වී ඇත. වැරදිලාවත් වැද්ඩන්ටහ් සිංහල බැරි වූවා නම් ඔවුන්ටත් අර අයිතිවාසිකම් දිය යුතුද? එසේත් නැත්නම් වැද්දන් මෙන්ම සිංහල කතා කිරීමට හුරු වීම දෙමළුන්ට මෙයට අති විසඳුමක් නොවන්නේ මන්ද? වැද්දන්ට එක හැන්දකිනුත්, දෙමළුන්ට තව හන්දකිනුත් සුළු ජාතීන් ලෙස බෙදන බෙදිල්ල දෙබිඩි පිළිවෙතකි. දෙමළ ජාතිවාදයේ ගොබෙල්ස්කරණයේ බිල්ලක් බවට බුවා පත්වී ඇති අයුරු ඉතාම මැනැවින් මේ පිළිතුරෙන් අපට පැහැදිලි වේ.

    ප්‍රාදේශීය සුළුතරයන්ට වන ප්‍රශ්න මගහරවා ගැනීමට ගත යුතු පියවර බලය බෙදීම නොව භෂා ප්‍රවීනත්වය ඇති කිරීමයි. භාෂා ප්‍රශ්න අතීසාරයට බලය බෙදන අමුඩය ගසන්නට ලැහැස්ති වන්නේ රට බෙදා ගැනීමට මිස භාෂා ප්‍රශ්නයට පිළිතුරු සොයා ගැනීමට නොවේ.

    එසේම රටේ බහුතර ප්‍රදෙශයක දෙමළා ප්‍රශ්න වලට ලක්වන්නේ ඔවුන් රටේ විසිරී සිටීමත් සිංහලයා එසේ නොවීමත් නිසාය. සිංහලයාට උතුරේ ජීවත්වීමේ වරම අහිමි කලේ ඔය කියන දෙමළාම මිස පිටසක්වල ජීවීන් නොවේ. සුපිරිසිඳු දෙමළ වාර්ගික උතුරු-නැගෙනහිර දෙමළ රාජ්යයක් ගන උටෝපියාවක් තුළ මේ ප්‍රශ්නය නිරමාණය කර ගත්තේත් දෙමළාම මිස සිංහලයා නොවේ.

    ReplyDelete
  36. අඩේ.. අප්පා මෙක ඉවර වෙන්නනේ නැ නෙ....
    @බුවා - [ඔබතුමා සමාජයේ සිද්ධවෙන දේවල් දකින්නේ නැත්තේ ඇයි කියන්න මන් දන්නේ නැ] එක නම් මං දන්නෙත් නැ.මං ජිවත් වෙන සමාජේනම් ගහමරා ගන්න තත්වෙක සිංහලයා නැ.සහ සම්බන්ධයක් නොමැති වීම වෙනමම කාරණයක්.දුටුගැමුණු රජසමය,ඉංග්‍රීසි පාලනසමය,බණ්ඩාරනායක යුගය හරා අවරුදු 30 යුද්ධයක් දක්වා අපු ගැටුමකට පස්සේ මේ ආකාරයේ තත්වයක් තිබීම ගැන අප සතුටු විය යුතුයි.

    ජාති බෙදය සහ දෙමල ජනතාවට ආවෙනික ප්‍රශ්නය යනු කාරණා දෙකක් බව ඔබතුමාට මතක් කරන්න කැමතියි.ජාති බෙදය යනු පොදු සමාජීය ගැටළුවක් මිස එක් ජන වර්ගයකට ආවේනික ගැටළුවක් නොවේ.සමාජීය සහ දේශපාලනික පරිවර්තනයක් සිදුවිය යුතු බව අප සැවොම පිළිගන්නා කාරණයක්.

    දෙමළ ජනයාට ආවේනික ගැටළු ඇතැයි ඔබ පැවසුවත් ඒවා මොනවාදැයි පැවසීමට ඔබ තවමත් අපොහොසත්.ඔබ පවසන්නේ "භාෂාමය ගැටලු සහ වෙනස් කොට සැලකීමේ ගැටලු රාශියක්" ඇති බව පමණයි.ඒවා මොනවාදැයි විස්තරාත්මකව පැවසීමට ඔබට හැකියාවක් නැත්තේ ඇයි ???????

    බුවා බ්ලොගයෙ අධිපතිතුමනි මේ ඔබේ අවධානය පිණිසයි!

    ReplyDelete
  37. @KC - විරසකයන් තිබුනාය කියල හැමවෙලාවෙම ගහමරාගන්නේ නැ , 83දී දෙමලුන් හොය හොය ගැහුවේ විරසකයක් නැති නිසා ආදරෙන් වෙන්න ඇති , ලංකාවෙන් එදා එලවගත්ත මිනිස්සු තමයි එල්ටිටිය ශක්තිමත් කලේ , අදටත් ඒ හඬ ජාත්‍යන්තරයේ ගිනියන්නෙ ඒ මිනිස්සු , තිස් අවුරුදු යුද්ධෙකට පස්සෙ දැන් ශෝක් කියන්නේ ඔයා දකුණට වෙලා ශපාන් එකේ ඉන්න නිසා , යුද්ධෙන් තමන්ගෙ කෙනෙක් නොමැරුණා නම් ඔයාට යුද්ධය කියන්නේ ලොකු ආතල් එකක් වෙන්න ඇති , ඒත් තමන්ගෙ ගම් බිම් වලම අනාථයන් උන දෙමල මිනිස්සුන්ට යුද්ධය ආතල් එකක් නෙවෙයි . අදටත් ඒ මිනිස්සු ඉන්නේ දුක්ඛිත තත්වයක , ඇයි එහෙම උනේ ? ඇයි කලු ජූලියක් ඇති වුනේ , ? මේවායි වැදගත් ... කෝ කෝ ගැටලු කියල අහන්නේ උදාහරණද , සත්‍ය සිදුවීම්ද

    දෙමල මිනිස්සුන්ට භාෂාව නිසා ප්‍රශ්නයකුත් නැත්නම් , දෙමල වීම නිසා වෙනස් කොට සැලකීමකුත් නැත්නම් , ඔය ඉංග්‍රිසි පාලන කාලයේ ඉඳන් ආව ප්‍රශ්නේ මොකක් කියලද ඔබතුමා කියන්නේ ???

    ReplyDelete
  38. @No Frame - වැදි කියන සීමිත ගෝත්‍රයත් , දියුණු ශිෂ්ටාචාරි ජනවර්ගයකුත් එක ගොඩේ දාන්නේ ඇයි කියන එකයි ප්‍රශ්නය , රටක ඉන්න ගෝත්‍ර ඔක්කොටම අනුව දේශපාලන අයිතීන් දෙන්න ගියා නම් ඉන්දියාවේ ඔය වැඩේ ගෝත්‍ර 300 ගාණක් වෙනුවෙන් කරන්න වෙනවා , එහෙම නොකර ජනගහනයේ ව්‍යාප්තිය අනුව භාෂා 22 ක භාවිතාවකුත් , ප්‍රාන්ත වෙන්කිරීමකුත් කරල තියනව , නැතුව ඉන්න හැම ගෝත්‍රයකට ඒ අයිතීන් දෙන්න බැ , අනික වැදි භාෂාව දියුණු වුනු භාෂාවකුත් නෙවෙයි ලේඛන කටයුතු ආදිය වැදි භාෂාවෙන්ම කරන්න (වැදි භාෂාවට වෙනම හෝඩියක් එහෙම තියෙයිද ? නැත්නම් "කැලැ පොජ්ජ මන්ද කොරන්න" කියල සිංහලෙන්ම ලියනවද ? නොදන්න නිසා අහන්නේ )

    වැදි ජනතාවගේ දේශපාලන අයිතීන් ලබාගන්න පලාත් පාලන ආයතන ප්‍රමාණවත් , ඒ අය ඉන්න ප්‍රදේශයේ පලාත් පාලන ආයතනයේ බහුතරය ලබාගෙන තමන්ගේ දේශපාලනික අවශ්‍යතාවයන් ලබා ගන්න පුලුවන් , ඊට එහා ගිහින් සමහර විට පලාත් සභාවකට නියෝජිතයෙක් දාගන්න පුලුවන් වන් වෙයි , සැලකිය යුතු ජනගහණයක් ඉන්නව නම්

    බලය බෙදීම ගැන මගේ අදහස කලින් "කේ සී" ට දීපු උත්තරය ක තියනව , බලය බෙදීම මෙතන මූලික වෙලා තියෙන්නේ ඉන්දියානු මැදිහත් වීම් සහ අන්තවාදි දෙමල දේශපාලකයින් නිසා , ඇත්තෙන්ම මූලික ගැටලුව ඒක නෙවෙයි ජාතින් අතර අවබෝධය සමඟිය සහ දෙමල , සිංහල දෙපිරිසටම රටේ ඕනිම තැනකදි එක සමානව සැලකුම් ලැබීමේ හැකියාව ... ඕවා නීති පොතේ තියනව සමහරක් හැබැයි ක්‍රියාවේ නැ , ඒ නිසා තමයි පාලන බලතල වැඩි හරියක් තමන්ට ලබාගන්න දෙමල ජනතාව පෙලඹිලා තියෙන්නෙ , වර්ථමානේ තියන තත්වයේ හැටියට පටන් ගන්න වෙන්නේ බලය බෙදීම පැත්තෙන් තමයි

    ඔබ කියයි සිංහලයාට උතුරෙන් වෙන අසාධාරණයට සිංහලයා හඬ නගන්න ඔනි නැද්ද කියල , හදවතට කථා කරල අහල බලන්න සිංහලයෙකුට උතුරෙදි වෙන අසාධාරනයකට විරුද්ධව දකුණට ඇවිත් හඬ නගන්න , සාධාරනය ඉටු කරගන්න හැකියාව නැත්ද කියල ,..

    ReplyDelete
  39. ඉංග්‍රීසි පාලනයෙ අවසානයත් සමග දෙමළුන් අත තිබු බලය සිංහලයා අතට මාරු වීම, දෙමළ දේසපාලුවන් නිජබිම් සංකල්පය ගෙනඑම සහ දෙපාර්ශවයේම වැරදි ඒ යුගයේ දී මතු වුනා.කෙසේ වෙතත් මා ඔබෙන් අසු ප්‍රශ්නය මගෙන් ඇසීම අසාධාරණයි.

    දෙමළ මිනිසුන් අනාථ වීමට,මිය යාමට හේතුව ඔබ මගෙන් අසන්නේ ඇයි?.එයට හේතුව ප්‍රබාකරන් හා ඔහුගේ අනුගාමිකයන් බව ඔබට නොහැගෙන්නේ ඇයි?.යුද්ධය නිසා දහස්‌ ගණන් සිංහල ජනතාව මිය ගිය බව,අබ්බගාතයන්වූ බව,අනාථවූ බව ඔබට‍ අමතක වන්නේ ඇයි?.වැඩට ගිය තාත්තා ගෙදර ඒදැයි විශ්වාසයක් නොවූ කාලය,දහස්‌ ගණන් දරුවන්,මව් වරුන් ඇස්පනාපිට කැලි වලට කැඩී ගිය කාලය නිමා වූ විට දැන් "ෂෝක්" නොකියා මා කුමක් කියන්නද?.ඔබ මෙසේ පක්ෂක්ග්‍රාහී වන්නේ ඇයි?

    ගැටළු යනුවෙන් අදහස් කරන්නේ "ගැටළු" මිස උදාහරණ හෝ සත්‍ය සිදුවීම් නොවේ.ජනවර්ගයකට ආවේනික ගැටළු සහ ජාතිබේදය යනු කාරණා දෙකක් බවත් ජාතිබේදය යනු සමාජීය ගැටළුවක් මිස ආවේනික ගැටළුවක් නොවන බවත් නැවත මතක් කිරීමට‍ කමැතියි.

    ඔබ තවමත් දෙමළ ජනයාට ආවේනික ගැටළු දැක්වුවේ නැත.කරුණාකර සියලු කරුණු පසෙක තබා දෙමළ ජනයාට ආවේනික ගැටළු දක්වන්න.

    ReplyDelete
  40. ඇහ් // දෙමලුන් අත තිබු බලය සිංහලයින්ට මාරු වීම //

    ඒක කොහෙන්ද ආවේ ?????

    ජාතිවාදය වැඩිපුරම බැට කන්නේ දෙමල ජනතාව නම් , ඒ සමාජීය ගැටලුව දෙමල ජනතාවට ආවෙණික නොවේද (සිංහල හා මුස්ලිම් ජනතාවන් අතරද ජාතිවාදය ඇත, මුස්ලිමුන් අන්ත ආගම්වාදිය නමුත් දරුණු ඝ්ට්ටනයක් ඇති වී නැත , එනිසා ජාතිවාදය නිසා පීඩාවට පත්වූ පාර්ශවයක් නැත )

    ත්‍රස්තයෙකු වූ ප්‍රභාකරන්ගේන් වූ ගැහැට ගැන පමණක් කථා කරන ඔබ , රට පුරා දෙමල මිනිසුන් සොය සොයා ඝාතනය කල 83 කලු ජූලිය පිලිබඳ වචනයක් හො කියන්නේ නැත


    යුද්ධය නිමවීමෙ ආතල් එක ඔබ ගනිත්දී , තමන්ගේ උපන් භූමියේ අසරණ වූ දෙමලාගෙ දුක ඔබට පෙනෙන්නේ නැත . කොටින්ම අපි ආතල් එකේ සිටී නම් යාපනයේ දෙමලාට මක් උනාම මොකෝ යන සාමාන්‍ය සිංහල ජනතාවගේ ආකල්පයෙන් පිට සිතීමේ හැකියාවක් ඔබට නැත . ඔබ පුනා අහන පැනයට මා පිලිතුරු දී ඇත , මේ ඒ ගැන කීයනා අවසන් වතාවය . මා දකිනා ගැටලු අංක වශයෙන් පහත ඇත , ඒවා ගැටලු ද නොවේ කියා හිතනවා නම් හිතා ගන්න , ඊලඟ ජාතිවාදී ගැටුමෙන් ඔබ පීඩා නොවින්දත් ඔබගේ දරුවන් හෝ පීඩා විදිනු ඇත

    01) දෙමල භාෂාව භාවිතයෙන් රට තුල කටයුතු කරගෙන යැමේදී ඇතිවූ ගැටලු (බණ්ඩාරනායකගේ විකාර භාෂා ප්‍රතිපත්තිය මූලිකම සාධකයකි )
    02)දෙමල ජාතිකත්වය නිසා වෙනස් කොට සැලකීම්..... ජාතිය වශයෙන් පහත් කොට ආමන්ත්‍රණය කිරීම්,රැකියා සඳහා (දකුණේ ) දී අවස්ථා අහිමිවීම් , රජයේ රැකියා අවස්ථා හිමිවුවත් රාජකාරී කිරීමේදී

    03) ජාතික දේශපාලනයේ දෙමල නියෝජනයනට නිසි තැන හිමි නොවුනා යන විශ්වාසය (නිදහස් සටන සමයේ වෙන්වීම් වලින් පසු සිංහල හා දෙමල දේශපාලකයින් අතර වූ විරසකය නිසා දෙමල නායකයින් නොසලකා හැරීම )

    04) 56/58/77/81/83 වසර වල ඇතිවූ ජාතිවාදී කෝලහලයන් (දෙමල ජනතාවට එරෙහි )


    යුද්ධයක් දක්වා කාරණා වර්ධනය වීම කෙරේ තවත් බාහිර සාධක රාශියක් බලපාන ලදී

    නමුත් ඔබ කථා කරන්නේ යුද්ධයෙන් සිංහලයාට නැතිවූ දෙය ගැන පමනය , දෙමලාට නැතිවූ දෙයක් ගැන කථාවක් නැත . යුද්ධෙන් බෙදුනු සිත් එක්තු කරනවා වෙනුවට , ඒවා තව තවත් බෙදන්නේ ඔබ වැනි ආර්ත්මාර්තකාමි සිංහලයින් හා දෙමල ජනනායකයින් කියා ගන්නා වුන්ය , මේ පුංචි රටේ සිටිනා දෙවන ජන කොට්ටාශය ගැන රුවිතෙට බලනා ඔබ වැන්නන් ජාතීන් රාශියක් මිශ්‍ර වූ සමාජයකදී කුමක් කරනු ඇතිද ?

    ReplyDelete
  41. දෙවන කරුණ මෙසේ සම්පූර්න විය යුතුය - රාජකාරි කිරීමේදී උසස් සිංහල නිලධාරීන්ගෙන් ලැබුනු නොසලකා හැරීම් , යටත් සිංහල නිලධාරීන් විසින් ගනන් නොගැනීම් ආදිය

    ReplyDelete
  42. ඉංග්‍රීසි ආණ්ඩුව විසින් බොහෝ තනතුරු දෙමළ මිනිසුන්ට වැඩි අවස්ථා සහ තනතුරු දුන් බවත් එයට සිංහලයින් මනාප නොවූ බවත් ඉංග්‍රීසි පාලනයෙන් පසු සිංහලයින් අතට බලය මාරු වීම දෙමළුන් නොඉවසූ බවත් නිජබිම් සංකල්පය ගෙන ආවේ එහි ප්‍රථිපලයක් ලෙස බවත් මා අසා ඇත.එය අතිරේක කරුණක් පමණි.

    මා පිඩාවට පත් දෙමළුන් ගැන වචනයක් හෝ කතා නොකරන බවත් එම නිසා මා ජාතිවාදියකු බවත් අගවන ඔබ සිංහලයා ගැන වචනයක් හෝ කතා කරන්නේ නැත.මා සිංහල ජාතිය වෙනුවෙන් පෙනී සිටින බව ඉහත සදහන් කරතිබේ.එහෙත් මැදිහත් සාන්තුවරයනකුගේ චාරිතය රගපානා ඔබ සිංහල ජනයා ගැන කතා නොකරන්නේ ඇයි????(*කරුණාකර පිළිතුරු සපයන්න)

    මගේ පැනයට ඔබ යන්තම් හෝ පිළිතුරු දී ඇත්තේ මේ අවස්ථාවේ පමණි.සදහන් කර නොමැති දෙයක් සදහන් කලායැයි පවසන්නේ ඇයි?(සදහන් කර ඇත්නම් උපුටා දක්වන්න).අප කතා කාලේ යුද්ධයට හේතුවූ කරුණු පිළිබධව නොවේ.වර්තමානයේ දෙමළ ජනයාට ඇතයි පවසන ඊනියා ගැටළු සම්බන්ධවයි.ඔබ දක්වා ඇත්තේ අතීත කරුණු පමණි.ඒ පිළිබඳ මගේ අදහස් පහත දක්වමි.වර්තමානයේ දෙමළ ජනයාට ආවේනික ගැටළු සම්බන්ධයෙන් ඔබට දැනුමක් නැතෑයි මා උපකල්පනය කරමි.එම නිසා තව දුරටත් ඔබ සමග එල්ලී එල්ලී එමට මා අදහස් නොකරමි.

    1.භාෂා විෂමතාවයට නැති කිරීම සදහා මේ වනවිට කටයුතු කරමින් පවතී.අතීතය හා සැසදීමේදී සෑහෙන ප්‍රගතියක්‌ මේ වනවිට පවති.දෙමළ දේශපාලකයින් මේ කරුණට ඉහළ වැදගත්කමක් දෙන්නේ නැත.
    2.දෙමළ වීම නිසා පහත්කොට සැලකීමක් මේවන විට නැත.රැකියා අවස්ථා නැතයි ඔබ පවසයි.එසේනම් රට පුරා සිටිනා දෙමළ ජනයා උදේට "යාපනයේ" වැඩට ගොස් හවසට ගෙදර එනවා විය යුතුය.
    3.මේ වනවිට විශාල දේශපාලන නියෝජනයනයක්,බලයක් ඔවුන්ට ලැබී තිබේ.ඔවුන්ගේ හිතළුමත පදනම්ව මිනිමැරීම වැරදයි.
    4.වැඩි කාර්යබාරයක් මංකොල්ලකරුවන් සිදු කරන ලදී.දෙපාර්ශවයම පිඩාවට පත් වුනි.
    [පිළිතුරු ඉල්ලා ඇති ප්‍රශ්නයට පමණක් පිළිතුරු දීම ප්‍රමාණවත්.]

    ReplyDelete
  43. ගැටලුව පැණ නැගීමට හේතුන් මිස වර්ථමාන ඵ්ලය ගැන කථා කරන්නේක් බව මුලදී වැටහුනේ නම් මා මෙවන් වාදයකට එලඹෙන්නේ නැත , වර්ථාමානයේ පිලිතුරු සෙවීමට ඇත්තේ අතීත කාරණා සඳහා ඇතිවූ ඵ්ලයන්ට යන්න වටහා නොගන්නේ නම් මේ පිලිබඳ වාදයක යෙදීමත් අර්ථ ශුන්‍ය්ය්( දෙමලුන්ට ප්‍රශ්නයක් නැත , ඇත්තේ දේශපාලනික අභිලාෂයන් පමණි යන මතය දරන දේශපාලකයින් වත් අතීතය අත්හරින්නේ නැත ) තේරුමක් නැති වාදයකට එලඹීම ගැන සමාවන්න

    මා දක්වා ඇත්තේ දෙමල- සිංහල ගැටලුව ඇතිවීමේ ලා දෙමල ජනයා කෙරේ බලපැ කාරණා මිස බව තේරුම් නොගෙන වර්ථමානයට ඇඳා උත්තර දී ඇත්තේ පොරත්වය පෙන්වීමටද ??

    4 වෙනි කරුන ගැන ඔබගේ ප්‍රකාශය සම්පූර්ණයෙන් සාවද්‍යය (කලින් තුනට වර්තමානයෙන් උත්ත්‍ර දීල මේකට විතරක් අතීතයට යන්නෙ මොකටද දන්නේ නැ )

    81දී යාපනය පුස්ථකාලය ගිනි තැබුවේ සිංහල අන්තවාදි එජාප දේශපාලකයෙකු විසිනි , 83 කල බලවලදි මංකොල්ල කැවේත් දෙමල ජනයාගේ දේපල පමණි . දෙමලුන් සිංහලුන් කොල්ල කැවේ හෝ සිංහලුන් සිංහලුන්වම කොල්ල කැවේ නැත

    වර්ථමානයේ දෙමල ජනතාවට ඇති ප්‍රධානම ගැටලු මොනවාද කියා අසන්නේ ඔබ යුද්ධයෙන් අනාථ වූ ජනයාට ඇති ගැටලු කාරී තත්වයන් කිසිවක් නොදන්නා නිසාද?

    ඔබ වැනි අන්ත ජාතිවාදියෙකු ඉදිරියේ වරක් නොව සිය වරක් වුවත් දෙමල ජනතාව වෙනුවෙන් පෙනීසීටිමට මා කැමති වන්නේ මේ ගැටලුවට මුල ජාතී වාදීන් නිසාවේනි . දෙමල ජනයාගේ ඇතැම් ඓතිහාසික තර්කයන් ගැන මාහටත් ගෑටලු ඇතත් ඔබ වැනි ජාතිවාදීන් දකින විට එම සිතුවිල්ලද වෙනස් වේ

    ReplyDelete
  44. ඔබ කාරණා පටලවා ගැනීම පිලිබදව මට වගකීමට නොහැක.කිසිදු ප්‍රශ්නයකට විසදුම් සෙවීමට මට වුමනා නොවූ අතර මට වුමනාවුයේ වර්තමානයේ දෙමළ ජනයාට ආවෙනික ගැටළුවක් තිබේදැයි දැනගැනීමට පමණි."දෙමල ජනතාවට ආවෙනික ප්‍රශ්නයක් රටේ තියනව"යැයි ඔබ මාතලන්ට පැවසීමෙන් අදහස් වන්නේ එවැනි ගැටළුවක් වර්තමානයේ පවතින බව නොවේද?.එය පැහැදිලි නොකර ඔබ අතීතයක් ඇද ගැනීම සම්බන්ධව මා කුමක් කරන්නද?.එබැවින් පොර වීමට දගලන්නේ ඔබද මාද යන්න ඔබම කල්පනා කරනු මැනවි.(කරුණාකර මාගේ කොමන්ට් සිහිබුද්ධියෙන් යුතුව නැවත කියවන්න)

    4වෙනි කරුණ සම්බන්ධ වර්තමාන පිළිතුරනම්- ඒ ආකාරයේ ගැටළුවක් වර්තමානයේ නොමැත.(පිඩාවට පත්වීම යනුවෙන් දේපල හානි පමණක් අදහස් නොකෙරේ.පහරද්දීම්,ඝාතනය කිරීම්,පලවා හැරීම් ගැන සදහන් නොකරන්නේ ඇයි?)

    සිංහල ජාතිය ගැන පමණක් කතා කිරීම නිසා මා අන්ත ජාතිවාදියෙකු බව ඔබ සදහන් කරයි.ඔබේ න්‍යාය අනුව දෙමළ ජනයා ගැන පමණක් කතාකිරීම නිසා ඔබද අන්ත ජාතිවාදියෙකි.ඔබ වැනි අන්ත ජාතිවාදියෙකු ඉදිරියේ සිය වරක් වුවත් සිංහල ජනතාව වෙනුවෙන් පෙනී සිටිමට මාද කැමති බැව් අවධාරණයෙන් සදහන් කරමි.

    කෙසේ වෙතත් අපි නියම මහත්වරුන්සේ සංවාදයේ යෙදුනු බව මාගේ හැගීමයි.මේ සම්බන්ධයෙන් ඔබේ වටීනා කාලය වැය කිරීම පිළිබධව ස්තුතියි!.

    ReplyDelete
  45. වර්ථමාන තත්වයන් ඇතිවීමට හේතුන් ඇත්තේ අතීතයේ නිසා මා සැම විටම කථා කරන්නේ ඒ ගැනයි , මූලික ගැටලු ඇත්තේ අතීතයේ වුවත් විසඳුම් වර්ථමානයට යොමු වී ඇති අතර මාතලන් ව්‍යවස්ථාවක් යෝජනා කර ඇත්තේ වර්ථමානයට නිසාත් , අදාල විසඳුම් සෙවීම එතනදී අත්හැර ඇති නිසාත් අදාල කමෙන්ටුව පල කර ඇත . තේරුම් ගැනීමේ අවුල පිලිබඳ සමාවන්න

    4 කරුණට අදාල වර්ථාමාන පිලිතුරක් නැත , නමුත් එයින් ඇතිවූ ඵ්ලයන් අදටත් දක්නට ඇත , උගත් පාඩම් කොමිසම තමන්ගේ වාර්ථාව එලිදැක්වූ පසූ ඒ ප්‍රතිඵ්ලයන් නැවතත් කරලියට එනු ඇත .

    ඔබ කථා කරන්නේ වර්ථමානය ගැන බැව් තේරුම් නොගත්තාට සමාව ඉල්ලා සිටියත් , දශක ගනනාවක ප්‍රශ්නයක් වර්ථාමනයට පමනක් ලඝු කිරීම කණගාටුදායක බැව් කිව යුතුය . ඔබගේ සැබැම ප්‍රශ්නය වන වර්ථමාන දෙමල ජනයාට වර්ථමානයේ ඇති මූලිකම ගැටලුව හෝ (නැදැ හිතවතුන් රැසක් අහිමි වී තිබීම , දේපල අහිමි වී තිබීම .... ආදී ) නොදකින ඔබ වැන්නෙකුට මා ගේ භාවිතාව නම් ජාතිවාදියා යන්නයි , සිංහලයෙකු වන මා හට දෙමල ජාතිවාදියෙකු වීය නොහැක ( සමහර විට නෝ ෆ්‍රේම් ලා ඉදිරිපත්කල අවජාතිකවාදි කැටගරියට නම් අයත්වනවා ඇත ) . මේ පිලිබඳ සැබැ සංවාදයන් ඉදිරියට දක්නට ලැබෙනු ඇත , එවන් අවස්ථාවකදී හමුවෙමු !

    ReplyDelete
  46. @kc : "සිංහලයා එකගයි මේ අපි හැමෝගෙම රට.අපි සමගියෙන් ඉන්න ඕනෙ කියන එකට" ඕක හැම සිංහලයාගේම අදහස කියල කියන්නේ කොහොමද? ඔබතුම හැමෝගෙන්ම ඇහුවද? . එක හින්ද මම කැමති කියලවත් කිව්වොත් හොද නේද?
    -----
    chandana
    -----

    ReplyDelete
  47. @බුවා-පොඩි පැහැදිලි කිරීමක්.දශක ගනනාවක ප්‍රශ්නයක් වර්ථාමනයට පමනක් ලඝු කිරීම මා කලේ නැ.මට දැනගන්න ඕනේ වුනේ වර්තමානයට අදාල ගැටළු තියන්වාදැයි දැනගැනීම පමණයි.දෙමළ ජනයාට ආවෙනික ගැටළුව යන ලින්ක් ඒකෙන් බොහෝ වීට යොමුවන්නේ ඊලම,බලය බෙදීම වැනි කාරණා කෙරෙහිය.දෙමළ ජනයට වත්මනෙහි ඇති මුලිකම ගැටළුව යුද්දයෙන් ඇතිවූ හානි යැයි මුල් අවස්ථාවේදීම පවසුවනම් මේ සංවාදය මෙපණ දුර පැමිනෙනේ නැත.යුද්දය නිසා දෙමළ ජනයාට සිදුවූ හානි මා නොදකිනවා නොවේ.ඒ පිළිබධ විශාල කනගාටුවක් මට තිබුනත් ඔබ දිගින්දිගටම දෙමළ ජනයා ගැන පමණක් කරුණු දැක්වීම නිසා සිංහලයා ගැන පමණක්‌ කරුණු දක්වන තැනකට මා තල්ලුවුනා.ඔබ කරුණු සොයා නොබලා ඉක්මනින් නිගමනවලට එළබෙන්නේ යැයි සිතේ.

    තම ජාතිය හැර අනෙකුත් ජාතින් පහත්යැයි සිතීම,ක්‍රියාකිරීම ජාතිවාදී යන්නට වඩා සුදුසු නිර්වචනය යැයි සිතමි.

    @චන්දන- ඔව් මහත්මයා එය ඔබ කිව් ලෙසින් නිවැරදි විය යුතුයි.නමුත් ඒ අර්ථයෙන් ගත් කල අපිට කිසිම අවස්ථාවක පොදු ප්‍රකාශයක් කරන්න බෑ නේද?.ඒ කියන්නේ අපිට "මේක දුෂිත සමාජයක්" වැනි ප්‍රකාශයක් වත් කරන්න බෑ.මොකද හැම කෙනෙක්ම දුෂිත නැති නිසා.මට හමුවුණු බහුතරයක් සිංහලයා සමගියෙන් ඉන්න කැමතියි කියන එකත් කියන්නම ඕනේ.

    ReplyDelete
  48. [දෙමල මිනිස්සුන්ට භාෂාව නිසා ප්‍රශ්නයකුත් නැත්නම් , දෙමල වීම නිසා වෙනස් කොට සැලකීමකුත් නැත්නම් , ඔය ඉංග්‍රිසි පාලන කාලයේ ඉඳන් ආව ප්‍රශ්නේ මොකක් කියලද ඔබතුමා කියන්නේ ???]

    මේ ප්‍රශ්නය කුමක්ද යන්න ඔබේ මතයට අනුව දැන ගැනීමට කැමතියි. වහෙන් ඔරෝ වැල්වටාරම් නැතිව කෙලින්ම උත්තරයක් බලාපොරොත්තු වෙමි.

    [වැදි කියන සීමිත ගෝත්‍රයත් , දියුණු ශිෂ්ටාචාරි ජනවර්ගයකුත් එක ගොඩේ දාන්නේ ඇයි කියන එකයි ප්‍රශ්නය ]

    එතකොට නොදියුණු ගෝත්‍රිකයන්ට, දියුණු ගෝත්‍රිකයන් එක්ක සැසඳීමේදී තමන්ගේ භාෂාවෙන් කතා කිරීමේ අයිතිය නෑ? දැන් මේ ඔබ කඩන්නේ එක්සත් ජාතීන්ගේ ආදිවාසීන් පිළිබඳ මූලික නියමයක්! වැරදිලාවත් දෙමළ ජනයා නොදියුණු වුණා නම් ඔවුන්ටත් භාෂා අයිතිය ඒ අනුව අහිමි වන බවද ඔබ පවසන්නේ?

    [රටක ඉන්න ගෝත්‍ර ඔක්කොටම අනුව දේශපාලන අයිතීන් දෙන්න ගියා නම් ඉන්දියාවේ ඔය වැඩේ ගෝත්‍ර 300 ගාණක් වෙනුවෙන් කරන්න වෙනවා , එහෙම නොකර ජනගහනයේ ව්‍යාප්තිය අනුව භාෂා 22 ක භාවිතාවකුත් , ප්‍රාන්ත වෙන්කිරීමකුත් කරල තියනව , නැතුව ඉන්න හැම ගෝත්‍රයකට ඒ අයිතීන් දෙන්න බැ ]

    ඉන්දියාව යනු සුද්දා විසින් බලෙන් එක් කර තැනූ රටක් විනා කිසි කලෙක එක්සත්ව පැවති රටක් නොවේ. ප්‍රාන්ත වෙන් කිරීම සිදු වුයේ පුරාණ රාජ්‍යයන් අනුවය. ලංකාවේ එසේ කරන්නේ නම් 5% කට අඩු දෙමළ ජනගහණයක් සහිත පළාත් වලට දෙමළ භාෂාව රාජ්‍ය භාෂාවක් ලෙස පිළිගැනීමටත් අවශ්‍යතාවයක් නොවනු ඇත. එසේම රටේ සිටින සියළුම ගෝත්‍ර අනුව භාෂා නිර්ණය කළ නොහැකි බව ඔබ පිළිගන්නේ නම් අප වැනි කුඩා රටක සුළුතර ජනවර්ගයක භාෂාව පිළිගැනීමටත් ඇති අවශ්‍යතාවය කුමක්ද යන ප්‍රශ්නයත් මතුවේ.

    [ඔබ කියයි සිංහලයාට උතුරෙන් වෙන අසාධාරණයට සිංහලයා හඬ නගන්න ඔනි නැද්ද කියල , හදවතට කථා කරල අහල බලන්න සිංහලයෙකුට උතුරෙදි වෙන අසාධාරනයකට විරුද්ධව දකුණට ඇවිත් හඬ නගන්න , සාධාරනය ඉටු කරගන්න හැකියාව නැත්ද කියල]

    බුවා වැනි යතුරු පුවරු මධ්‍යස්ථවාදීන්ට එසේ පෙනිය හැකි මුත්, බිම් මට්ටමේ සත්‍යය ඊට වඩා බෙහෙවින් කටුකය, වතුකරයේත්, උතුරේත් සිංහලයා යනු අවලංගු කාසියකි. උතුරු පළාතේ වැසියකු වන මට මේය පළමෝත අත්දැකීම් ඇසුරින්ම ලබා දිය හැකිය. යුද්ධයෙන් අනාථ වූ දෙමළ ජනයා සම්පූර්නයෙන්ම වාගේ දැන් පදිංචි කර අවසන්ය. එනමුත් 50,000 - 80,000ක් වූ උතුරු පළාතේ සිංහලයන්ගෙන් කොපමණ පදිංචි කර තිබේද? ඔබේ "හාන්සි පුටු" උපකපන දෙදරවා හැරීමට (සත්‍ය පිළිගන්නේ නම් පමණක්) එය ප්‍රමාණවත් වනු ඇත. ඔබේ ඔය ඊන්යා සාධාරණත්වය උතුරේ සිංහලයන්ට හිමිවී තිබේද?

    ReplyDelete
  49. [01) දෙමල භාෂාව භාවිතයෙන් රට තුල කටයුතු කරගෙන යැමේදී ඇතිවූ ගැටලු (බණ්ඩාරනායකගේ විකාර භාෂා ප්‍රතිපත්තිය මූලිකම සාධකයකි ) ]

    මූලිකම සාධකය එය නොව දෙමළ උගතුන් සිංහල ඉගෙන ගැනීමට දැක්වූ මැලි කමයි. එක්සත් රාජධානියෙ ස්කොට්ලන්ත සහ ඒල්ස ජාතිකයන්ට වෙනම භාෂා ඇතත් ඔවුන් ඉංග්‍රීසි උගනිති. එක්සත් ජනපදයේ හිස්පැනික ජනයා ඇතත් ඔවුන්ගේ රාජ්‍ය කටයුතු සිදු වන්නේ ඉංග්‍රීසියෙන් පමණි. ස්කොටිශ්, වෙල්ශ් හෝ හිස්පැනිකයින්, දේම්ළුන් මෙන් රටේ ප්‍රධාන භාෂාව ඉගෙන ගැනීමට මැලි කමක් දැක්වූයේ නැත. දෙමළ උගතුන් සාමාන්‍ය දෙමළ ජනයාට සිංහල ඉගැන්වීමට විරුද්ද වූ ආකාරය පවා අපට තවමත් මතකය.

    [02)දෙමල ජාතිකත්වය නිසා වෙනස් කොට සැලකීම්..... ජාතිය වශයෙන් පහත් කොට ආමන්ත්‍රණය කිරීම්, රැකියා සඳහා (දකුණේ) දී අවස්ථා අහිමිවීම්, රජයේ රැකියා අවස්ථා හිමිවුවත් රාජකාර කිරීමේදී ]

    හැකිනම් 1950 දශකයේ සංඛ්‍යා ලේකණ ආශ්‍රයෙන් මෙය ඔප්පු කරන ලෙසට අභියෝග කරමි. 1950 දශකය වන තුරුම සිවිල් සේවා රැකියා අවස්ථා වලින් 50% පමණ දෙමල ජාතිකයන්ට හිමි විය. එය ක්‍රමයෙන් අඩු වීම ඔවුන්ගේ කණස්සල්ලට හේතු විය. වරක් මිගාර සොයුරා කියූ පරිදි, දොස්තරලාගෙන් දෙමළ ජාතික පිරිස අද පවා 15%කට වඩා වැඩි වේ. එනිසා ඔබේ හේතුව තනිකරම අසත්‍යයකි

    [03) ජාතික දේශපාලනයේ දෙමල නියෝජනයනට නිසි තැන හිමි නොවුනා යන විශ්වාසය (නිදහස් සටන සමයේ වෙන්වීම් වලින් පසු සිංහල හා දෙමල දේශපාලකයින් අතර වූ විරසකය නිසා දෙමල නායකයින් නොසලකා හැරීම)]

    මේ ඊනියා "නිසි තැන" නම් 50-50 ඉල්ලීමට එකඟ වීමයි, එම ඉල්ලීම කොතරම් ජාතිවාදී වූවාද යත් 1945දී සෝල්බරි සාමි පවා එය නිෂ්ප්‍රභා කරන ලදී. මේ ඊනියා "නිසි තැන" හා "නොසලකා හැරීම" ලෙස කණිපින්දම් ගසන්නේ 50-50 ඉල්ලීම නොලැබීමේ වෛරයයි

    [04) 56/58/77/81/83 වසර වල ඇතිවූ ජාතිවාදී කෝලහලයන් (දෙමල ජනතාවට එරෙහි]

    1983 දී මරා දැමුණු සිංහලයන්ගේ අණනද සුළුපටු නැත. මේ ගණන් මිමි වුවමනාවෙන්ම සඟවා තබන ලද ඒවාය. 1974-77 කාලයේ උතුරේ සිංහලයන්ට එරෙහිව සිදු කරන ලද ත්‍රස්තවාදය ගැනද ඔබ නිහඬය.

    ReplyDelete
  50. පලමු ප්‍රශ්නය ගැන මගේ ස්ථාවරය වෙනුවෙන් වෙනම ලිපියක් ලියන්න අදහස් කරන් ඉන්නේ , කේ සී එක්ක දිගු වාදයකට පැටලිලා ඒ ගැන මගේ ස්ථාවරයන් වලිනුත් එහාට ගිහින් තර්ක කල නිසා මේතන දි පිලිතුරක් දෙන්න බැහැ (මම දෙන මොන ස්ථාවරයක් උනත් ඔබතුමා එකඟ වෙන එකකුත් නැ ) කොහොම උනත් ඒ ගැන සමාවෙන්න පිලිතුරු ලිපිය ලියපු ගමන් මෙතනින් සබැඳියක් පල කරන්නම්

    වැද්දන්ට තමන්ගේ භාෂාවෙන් කටයුතු කිරීමේ අයිතිය නැති කීරීමක් ගැන නෙවෙයි මේ කියන්නේ , නමුත් නොදියුණු භාෂාවක් රාජ්‍ය භාෂාවක් කිරීමේ හැකියාවක් නැ , ලේඛන කටයුතු සඳහා වැදි භාෂාව වගේ භාෂාවක් භාවිතා කරන්න පුලුවන්ද ?

    දෙමල කියන්නෙ ජාතියක් නොවී වන්නෙයේ කැලයක් අසල ජීවත් වෙන ගෝත්‍රයක් විතර නම් දෙමල භාෂාවත් වැදි භාෂාව ට වඩා වෙනස් වෙන්නේ නැ

    ලංකාවේ මහ ගොඩක් ජාතීන් නැනේ , සිංහල සහ දෙමල භාෂා දෙක විතර්යි තියෙන්නේ මූලිකව . ඉතින් එහෙම ලබාදීමේ ඇති ගැටලුව ක් මම නම් දකින්නේ නැ

    උතුරේ සිංහල ජනතාව පදිංචි කරන්නත් බැරි නම් (දෙමල ස්ංධානයේ ජාතිවාදී විරෝධයකුත් තියන බවක් දැක්කා ) , ත්‍රස්තවාදයත් ඉවර නම් මොකක් හරි පරහක් තියනවනේ ඔතන . අන්න ඒ පරහ නැතිවිය යුතුයි කියලනේ මම මේ කියන්නේ දෙමල මිනිස්සු සි]න්හල මිනිස්සු පිලිනොගන්නව නම් එක්කො බලහත්කාරයෙන් ඒ දේ කරන්න ඕනි , නැතිනම් සමාදනයෙන් වැඩේ කරන තැනට කටයුතු කරන්න ඕනි . බලහත්කාරයෙන් පදිංචි කලත් සාර්ථක වෙයිද ?

    මේ රටේ ඕනිම ජාතියකට තමන් කැමති තැනක ජීවත් වෙන්න බැරි නම් රට සාමකාමියිද ? ඔබතුමාලා මොකක්ද යෝජනා කරන්නේ ඉතුරු දෙමලු ටිකත් මරන්නද ? නැත්නම් උතුර දෙමලුන්ට , දකුණු අපිට කියල වෙනවෙලා ඉන්නද ?

    ReplyDelete
  51. තුන්වන කාරණය පිලිබඳ යමක් පැහැදිලි කල යුතුය , රජයේ රැකියාවන් නොලැබීම නොව රැකියාවන් කරගෙන යාමේදී දුෂ්කරතා පිලිබඳව මා කථා කර ඇත , රැකියා නොලැබීමේ ගැටලුව කියා ඇත්තේ රජයේ නොවන රැකියා සඳාය

    මේ වා සියල්ල ඇසු දුටු තොරතුරුය (ඔබට අත්දැකීම් ද කියා මා දන්නේ නැත ) , එනිසා මෙය පමණක් සත්‍යයි කියා කියන්නේ නැත .

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව