Skip to main content

ගඩාෆි අන්කල් වෙත අපායට ලියුමක් !!!


ආදරණීය ගඩාෆි අන්කල් ,

මීට මාස දෙකකට කලින් මම අන්කල් ට එවූ ලියමන ලැබුනාද ? .  ලියුම  ඔහෙට එනකොට අන්කල් ටිරිපෝලියෙන් මාරු වෙලා නිසා ලැබෙන්න නැතුව ඇතිය . අන්කල් ලාට නොතේරේන මගෙ චූටි මොලේට තේරෙන උපදෙසුත් ඒකේ ලිව්වාය . අපරාදේ ඒක ලැබුනා නම් අන්කල්ට බේරෙන්නටත් තිබුනායා . කොහෙද අන්කල් බක පණ්ඩිතයා වී ඉල්ලං කා ගත්තාය . ලිබියාවට නම් ලියුම් එවන්නට පට්ට ලේසිය මුද්දර තොගයක් ගහල පෙට්ටියට දාන එක විතරය .අපායට එහෙම බැරිය. මේ ලියුම එවන්නේත් බුදු ගේමක් දීලාය . දීවිය ලෝකෙට නම් නාථ දෙවි අංකල් අතේ ලේසියෙන්ම ලියුමක් යැව්වැකිය . අපායට ලියුම් ගෙනියන බල්ලෙක් වත් අපේ ආශ්චර්ය දීපේ හොයා ගන්නට නැය . මේ ලියුම එවන්නේත් නාථ අංකල්ට ආසනික් බෝතලයක පගාවක් දීලාය .නැත්නම් ඌ මලාට අපායට ලියුම් ගෙනියන්නට කැමති නැය.

කලින් ලිපියේ කිව්වා වගේ මමත් අම්මාත් අන්කල්ට ගෝඩාක් ආදරේය , ඒ අන්කල් අපේ ආඩමබරකාර පියා අන්කල්ගෙ යාලුවෙක් නිසාමය . අන්කල් මැරුණ එක ඇහුව  වෙලේ අම්මාත් මාත් හොඳටම ඇඬුවෝය . අම්මා ඇමරිකාවට පලි නොගැහුවා විතරය . අඬන ගමන් හිල්ලුවේම "ලෝකෙට තවත් දේශප්‍රේමියෙක් අහිමි වුනා කියාය "

අලි පක්ෂේ නායක තුමා වගේම අපේ තාත්තාත් ගොට්ට ගහන්නේ ඇමරිකාවටමය .ඒ නිසා තාත්තා නම් අන්කල් මැරුණාට ෆුල් හැපිය . කොලඹ දින්න වෙලාවේ ගෙදර තිබුන ඔක්කොම රතිඤ්ඤා පත්තු කර තිබුනේ හොඳ වෙලාවටය , නැත්නම් අන්කල් මැරුණාම රතිඤ්ඤා පත්තු කරන්නට ගොස් තාත්තා අම්මගෙන් ගුටි කනවාය .ධනවාදී බටහිරට  එරෙහි අපේ අය්යාත් අන්කල්ට ආදරේ බව මම කලින් ලියුමේ කිව්වාය , ඒත් මේ  වෙනකොට නම් අය්යාට අන්කල් ගැන  වගක්වත් නැත . අය්යා මේ දවස් වල හීනෙනුත් කියන්නේ වාක්‍ය දෙකය . එකක් "පෞදගලික උපාධි කඩ ආරම්භ කිරීම වහාම නවතනු ය " අනෙක "සරසවි මිල්ටරීකරණය වහාම නවතනු ය " , ඒව්වා මිසක් අන්කල් ගැන සිහියක්  අය්යාට නැත

 කවුරු මොනවා කිව්වාත් මම නම් තාමත් අන්කල්ට බොක්කෙන්ය . කැරලි අය්යාලා අන්කල් ගෙ මානව හිමිකම් අමු අමුවේ උල්ලංඝනය කරනවා දැක්කාම දුක හිතෙන්නේ ඒකය .

  අන්කල් ඉන්න අපායේම අපේ රටෙන් ආපු අන්කලාත් ඉන්නවා ඇතිය . නිදන් දාස (aka පන්සල් දාස ) අය්යාගේ පියතුමාත් ඇත්තේ  ඔහෙය . බොහෝ වෙලාවට අන්කල් ඉන්න ලෙවල් එකේමය . සුදු ඇඳලා දඩාර මල් වට්ටියක් උස්සන් ඉන්නවා නම් ඒ පොරය . ඒ අන්කල් නම් ලේන්සුව වනපු ගමන් කැලි වලට  කැඩී ගියාය . අන්කල් මැරුණාම කැරලි අය්යලා "අල්ලා හුඅක්බර්" කිව්වා වගේ මෙහේ අය  සිනියර් දාස අන්කල් මැරුණාම රතිඤ්ඤා ගැහුවාය .එයත් ඉන්න කල් කලේ අන්කල් කරපු ජාතියේ  හිපාටු වැඩමය

ආ තවත් අන්කල් කෙනෙක් ඇතිය ,  පොර ඇත්තේ අමුතු ජාතියේ තොප්පියක් දමාගෙනය . එයා නම් සමහර විට ඇත්තේ අන්කල් ඉන්න ලෙවල් එකට පහල ලෙවල් එකකය . මෙලෝ යකෙකුට තෙරෙන්නෙ නැති එව්වා කියවන පොරක් ඉන්නවා නම් කෙනා එයා තමයි ය . පොරට මෙහෙදී ගොඩ දෙනෙක් කිව්වේ "අජේවීර" කියලාය . දැන් මොකක් කියනවාද කියලා නම් දන්නේ නැත . මොකද ඔය වමේ අන්කල් ලාට නම් හැට හුටාමාරක් තියනවාය


අන්කල්ට පොරව මුණ ගැහුනොත් පොරගේ රැවුල තියනවාද කියා බලන්න පුලුවන් නම් ලොකු දෙයක්ය . අපේ අය්යා රැවුල වවන්නේ අජේවීර අන්කල්ගේ විදිහට කියාය . තාත්තා නම් කියන්නේ අජේවීර අන්කල් හමුදාවට මාට්ටු වෙන කොට හිටියේ රැවුල කපලා නිසා අය්යාත් රැවුල කැපිය යුතු බවය . මේ රැවුලේ සීන් එක මාර වාතයක් ය . අන්කල් අජේවීර අන්කල්ගෙ ගේ රැවුල ගැන බලලා කියන්නට පුලුවන් නම් එක්කෝ තාත්තා අය්යාට රැවුල වවන්නට දෙයිය , නැත්නම් අය්යාටම රැවුල එපාවී කපා දමයි ය .

මෙහෙන් ආපු තවත්  පොරකුත් ඔහේ ඉන්නවාය . එයා නම් ඇත්තේ අපායේ පහලම ලෙවල් එකේය . අන්කල් ලාගේම සෙට් එකේ පොරක් වූ ඔසාමා අන්කල්  ඉන්න අහක පොරත් ඉන්නවා ඇතිය . කඳ බඩ මහත  දෙමල් නලුවෙක් වාගේ රැවුලක් ඇති පොරක් ඉන්නවා  නම් ඒ මං කියන ඩයල් එකය . එයාගේ නම් පිරභාහරන් හෝ ප්‍රභාකරන්ය  ඔය කොයි එක උනත් ඇති වෙනසක් නැත . මිනිහා ඉන්නන් කල ඒවා හැටියට අන්කල් ගේ කෙරුවාව සැහෙන්න හොඳය


 අන්කල්ට ටික දවසලට කලින් කෙලවා ගත්ත "සූරත " අන්කලුත් ඇත්තේ ඔහේය . හැබැයි අන්කල්ට වඩා නම් උඩ ලෙවල් එකකය .  හැබැයි ගොඩ දෙනෙක් කියන විදිහට සූරත අන්කල්  හිත හොඳ පොරක් නම් ඔහේ නැවිත් දිවිය ලොකේ ගියාද දන්නේත් නැත . සමහර විටක අතරමැද තැනක හිරවෙලාද දන්නේත් නැත . අන්කල් සූරත අන්කල් හම්බවුනොත්  , එයාට ආතල් එකේ ඉන්නටය කියා කියන්නය . මොකද සූරත අන්කල්ගෙ දුව සුපුනිකා අක්කා ගේමට බැහැලාය , සහෝදර සෙට් එකත් ගේමට බැහැලාය .  සූරත අන්කල්ට ඒ ගැන සතුටු වෙන්න පුලුවන්ය .  ඒ අයගේ ට්‍රයි එක හරි නොගියත් අඩුම ගානේ මගේ උන්වත් මං වෙනුවෙන් හිටියා කියා  හිතහදා ගන්නවත් පුලුවන්ය .

 පොල්කුඩු සුමින්ද අය්යා ට   වැඩෙ පත්තු උනා නම් ශුවර් පිටම එන්නේ , අන්කල් ඉන්න දිහාවටය . ඒත් එයා නම් ඔහෙන පාටක් නැය . පොර දැන් යෝගටුත් කනවාය

 අදට ඇති වගේය , නාථ අන්කල් ආයෙත් පාරක් ආසනික් බෝතලයකට නම්මා ගන්න පුලුවන් උනොත් ආයෙත් ලියුමක් එවන්නම් ය .අන්කල්ට අල්ලාගේම පිහිටය


ප.ලි - අන්කල්ගේ ලිබියාවේ ගොත්තර 14 එකා එකා මරා ගන්න පටන් ගනී කියා සමහර  එය කියනවාය , එතකොට ඔය අල්ලා හුඅක්බර් කියූ  කැරලි අය්යාලාට අල්ලාගෙම පිහිටය . එහෙම වුනෝතින්   ලිබියාව  අපායට වඩා චාටර් වෙන නිසා අන්කල්ට ආපහු එහෙටම ට්‍රාන්ස්වර් එකක් ලැබිය හැක . එහෙම වුනෝතින් දිගටම ලියුම් එවන්නටත් පුලුවන්ය

                                           මීට තණමල්විල හිච්චි එකා






Comments

  1. මහ උන්ගෙ මාලිග - බිඳී වැටෙනා විට
    පොඩි උන් ද එහි ඇති - ඊට යටවී මැරීයේ
    (හුණුවටයේ කතාව)

    ReplyDelete
  2. ගඩාෆි, ගඩාෆී
    හොරෙන් පුවක් කඩාපී!

    ReplyDelete
  3. එල ලියුම ඔක්කොම කියෙවුවා...

    ReplyDelete
  4. අඩේ ඔන්න මට මල පනිනවා, මේචචර පින්අතේ වැඩ කරපු ගඩාපි අන්කල් කොහෙද බොල අපායේ ........

    ReplyDelete
  5. අත් දෙකම උස්සලා කැමතියි කියන්න ඕනෙ පොස්ට් එකක්. නියමයි හරිම නිර්මාණශීලියි. ජය!

    ReplyDelete
  6. තනි ඇහැට ඇඬෙන්නෙ.....

    ReplyDelete
  7. අනේ රත්තරන් පිස්තෝලේ, ඒකත් දාල ගිහිල්ල!

    ReplyDelete
  8. very good thank you

    ReplyDelete
  9. ලිපිය නම් වෙනදා වගේම නියමයි බුවා...!

    ප්‍රශ්ණයක් ! කෝ බං මානව හිමිකම් ! ගඩාෆි මොන අධමයෙක් වුනත් ඒ රටක නායකයෙක්. ජනතාවගෙන් භාගයක හරි නායකයෙක් ! අපේ කොල්ලෝ ප්‍රභාකරන්ටත් කුඩු වෙන්න ගහලා මැරුවා තමා. ඒත් උගේ මිනිය අරන් ආවෙත් කර උඩ තියාගෙන... ගඩාෆිට ගහලා බල්ලෙක් වගෙ මරලා, ඇඟේ ඇඳුමක් නැතුව බිම දිගේ ඇදගෙන යන්නේ... කෝ මානව අයිතිවාසිකම් ??? ඒක මනුස්සකමද ?

    මම ගඩාෆි වාදියෙක් නෙවෙයි. ඒකාධිපති වාදයට කවුරුත් කැමති නෑනේ. මම අහන්නේ ලංකාව ප්‍රභාකරන්ට සැලකුවා වැරදි නම්, ඇමරිකාව ගඩාෆිට කලා හරිද කියලා ?

    ReplyDelete
  10. අපාය නියම අපාය වෙන්නෙ මෙහෙන් තව යන්න ඉන්න කිහිප දෙනෙක් ගියාමය. ඊට පස්සෙනම් ගඩාපි අංකල්ට පාඵවක් දැනෙන එකක් නෑ.

    ReplyDelete
  11. බුවා මේ බලන්නකො මේ ජරා පත්තර කාරයෙක් ලියල තියෙන දේවල්. හරිම නරකයි නේද මේ ගඩා‍ෆි කියන හාදයා.

    http://www.srilankaguardian.org/2011/10/cost-of-killing-gaddafi.html

    1815 ලන්කාවෙ හිටිය වඩුග රජෙක්. ඌවත් මේ වගේම අල්ලල මරල දමලා යන්තම් රට නිදහස් කරගත්තා නේද අපිත් කියල මතක් වෙනවා.එතකොටත් ඔය සුදු මහත්තුරු අපිට උදවු කලාලුනෙ හොඳටම. මෑන්ව තමයි ගඩා‍ෆිට මුලින්ම මුන ගැහෙන්නෙ. මතකනෙ ඒකා අර වන්ගෙඩියෙ දමලා ලමයිව මැරුවෙ.
    බටහිර රටවල් වල මහත්තුරු කොච්ච්චර හොඳද. කොච්ච්චර සුදුද. ඒ ගොල්ලො දැන් ඉතින් ලිබියාව දියුනු කරලා ප්‍රජාතන්තරේ ඇති කෝරලා ගනී නියමෙට නේද?
    හොඳ ලිපියක් බුවෝ. ඔහොම යන් ඔහොම යන්.

    ReplyDelete
  12. එළයැ.. පස්ටයැ.. කියන්නට වදන් නැත්තේමැයි..
    ඊළඟ ළියුමත් ඉක්මනින් ළියන්නට සියළු ශක්තිය හා ධෛර්ය්ය ලැබේවා...!!!

    ReplyDelete
  13. ලියුම නම් හොඳය . ඉස්සරහට ලස්සන ලිබියාවක් දැකිය හැකි වෙයි . ඉරාකය වගේ සියල්ලෝ සතුටෙන් ඉඳිනු ඇත. අපි හරි අවසනාවන්තය. දිගටම යුද්ධකර ලොකු අය්යලගේ අවවාද නාහා එයාලට හොම්බ දාන්න නොදී ලැබුන අනගි අවස්තාව නැති කරගත්තෙමු . ඉහි ඉහි . ලිබියාවට සුබ අනාගතයක් !!!

    ReplyDelete
  14. ලියුම නම් හොඳය . ඉස්සරහට ලස්සන ලිබියාවක් දැකිය හැකි වෙයි . ඉරාකය වගේ සියල්ලෝ සතුටෙන් ඉඳිනු ඇත. අපි හරි අවසනාවන්තය. දිගටම යුද්ධකර ලොකු අය්යලගේ අවවාද නාහා එයාලට හොම්බ දාන්න නොදී ලැබුන අනගි අවස්තාව නැති කරගත්තෙමු . ඉහි ඉහි . ලිබියාවට සුබ අනාගතයක් !!!

    ReplyDelete
  15. මෙන්න විශේෂ නිවේදනයක්
    ------------------
    ගඩාෆි ඝාතනය සම්බන්ධයෙන් බරක්‌ ඔබාමා ඇතුළු බටහිර නායකයන් කිහිප දෙනෙක්ටම යුධ අපරාධ චෝදනා එල්ල වේ.ඝාතනය ගැන පරීක්ෂණ පැවැත්වීමට බෑන්-කින්-මුන් විසින් විශේෂ කොමිසමක්ද පත්කර ඇත.

    ReplyDelete
  16. මරුය... මරේ මරුය....

    ReplyDelete
  17. මය්යා - බොහොම ස්තුතියි

    ජයශ්‍රි - ගැලපෙන යෙදුමක් , ස්තුතියි

    කතන්දර - හි හි

    ප්‍රසන්න - බොහොම ස්තුතියි



    පන්සල් හන්දිය - හි හි

    මේඝවර්ණ - බොහොම ස්තුතියි

    ReplyDelete
  18. මගේ සිතුවිල්ල - බොහොම ස්තුතියි

    මහ වෙදනා - බොහොම ස්තුතියි

    හර්ෂන - ගඩාෆිට නම් ඇස් දෙකටම ඇඬිලා ඇති කරගත්ත ගොන් කමට

    The Collect Lankan Seniors in Sydney - එන්නෙත් හිස් අතින් යන්නෙත් හිස් අතින් කියල අමතක කොරලා නොවැ ඔය එකාධිපති වැඩ කොරන්නේ

    ඇනෝ (22 - 11.51 )- බොහොම ස්තුතියි

    ReplyDelete
  19. @චතුරංග | chammaa |Ano |October 22, 2011 3:45 PM |Bindi -බොහොම ස්තුතියි ප්‍රතිචාර වලට

    එක්සත් ජාතීන්ගේ සංවිධානය පරීක්ෂනයක් ඉල්ලලා කියල ආරංචියි . මොකද මෙතනදි වැඩේ කොලේ ඇමරිකන් හමුදා නෙවෙයි ලිබියන් වැසියෝමනේ . කොහොමටත් ගඩාෆිව ඔය වගේ මරන්නේ නැ ඇමරිකන් හමුදාවට අහුවුනා නම් සදාම් හුසේන් වගේ අධිකරනයක් හරහා ලෝකෙටම පේන්න කරයි . අවුරුදු 40ක් ගඩාෆිගේ පාලනය වපුරපු අස්වැන්න තමයි ගඩාෆි උන්නැහේ නෙලා ගත්තේ . ඔය කොල්ලා කුරුට්ටො ඔක්කොම ඉඅපදුනේ හැදුනේ වැඩුනේ ගඩාෆි පාලනය යටතේ පේනවනේ ගඩාෆි ලොක්කා කොයි වගෙ සත්තු ටිකක්ද බිහි කරගෙන තියෙන්නෙ කියල . නිරායුධ නායකයෙක් ඒ විදිහට මරලා දාපු එක මමත් කිසිසේත්ම අනුමත කරන්නේ නැ . හැබැයි ඒ ගැන වගවීම තියෙන්නේ කැරලිකාරයන් අතේ . ඔය සමස්ථ සිදුවීම් අස්සේ ඇමරිකන් ගුවන් ප්‍රහාර වලින් මැරුණු සිවිල් වැසියන්ගේ ජීවිත , සහ මානව හිමිකම් ගැනයි ඇමරිකාව තදබල විදිහට වග කියන්න ඕනි , ඒත් ඉතින් ඇමරිකාව මානව හිමිකම් කඩන එව්වා ගැන ප්‍රශ්න කොරන්න කෙනෙක් නැ නොවැ , ඒකනේ ඔය රටවල් ගාණකම තොග පිටින් සිවිල් වැසියො මරල අපෙන් විතරක් මානව හිමිකම් පාරීක්ෂන ඉල්ලන්නේ

    ReplyDelete
  20. Outsider - ඔය ඉතින් අපි ඊට කලින් අපාගත වේන කථාවක් නේ

    මාතලන් - බොහොම ස්තුතියි

    KC - බොහොම ස්තුතියි

    ReplyDelete
  21. ගඩාෆි ට නිවන් සුව පතමු....!!!!

    ReplyDelete
  22. ලියුම ගැන කියන්න වචන් නෑ.. ඉදිරියේදි ලිබියාව ඉරාකය වගේ සුන්දර රාජ්‍යක් වෙනවා කාටවත් නවත්තන්න බැරි වේවි..

    ReplyDelete
  23. හපොයි... මේක මුන්දැ කියෙවුවොත් නම් එළය.... :)

    ReplyDelete
  24. @Observer,
    ගඩාපිවාදියෙක් .....
    අල්ලපියෝ ........

    ReplyDelete
  25. වළහ එද්දි ගඩාපිව බිම දමලා ගස්වල නැගපු යාළුවෝ ගැන එහෙම මුකුත් අහන්ට අමතක උනැයි. ලිපිය නම් එළය. කියවද්දි බොහෝ ප්‍රමාද වුනාය.

    ReplyDelete
  26. ලිපිය නම් මරු... නියමෙට ලියල තියෙනවා. තව අමතර දෙයකුත් කියන්න කැමතියි. නිදන්දාස අය්යාගේ පියතුමා ගියේ ලේන්සුව වනපු ගමන් නම් නෙමෙයි. ඒක පොඩි මීඩියා ට්‍රික් එකක් විතරයි.

    ReplyDelete
  27. @observer - ඇහ් නිවන් සුව , මිනි මරුවෙකුට ?

    @dinesh - ස්තුතියි ... එතකොට හිතෙයි අපරාදේ ගඩාෆියව මරා ගත්තේ කියල

    @රාජ්- ස්තුතියි

    @පන්සල් හන්දිය - ඒකනෙ ඔඅබා අය්යා එක පාරටම ගඩාෆි වාදියෙක් වෙලා

    @තිසර - එහෙම කියන්න එපා ගස් නැගපු යාලුවො ටික "පැහැදිලි කිරීම්" එහෙම ඉල්ලන්නෙ ඔය

    @ උදාර - ස්තුතියි - එහෙමෙයි ? කව්ද අප්ප දන්නෙ මම ඒ මිඩියා ට්‍රික් එකට අහුවෙලා හිටියේ . මොකෝ මන් එයැයි කුඩු පට්ටම් වෙන කාලේ පොඩි එකා , අනික් ඇයින් කියන එව්වා අහගෙන තමයි දන්නේ

    ReplyDelete
  28. liuma lassanata liyala thiyanawa Thanks

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව