Skip to main content

විභාග ප්‍රතිඵල අනන දැනුම් කේන්ද්‍රය සහ සංචාරකයින් මරන සංචාරක කේන්ද්‍රය

ලංකාවට 'ආසියාවේ අමුතු ඇටේ 'කියා කිවේ මොකාද කියා මතකයක් නැතත් ඌ කීවේ සත්‍යයක් බව නම් පෙනෙන්නට ඇත . රටක පරපුරක අනාගතයට වග කිව යුතු අධ්‍යාපන අමාත්‍යාංශය (එකක් නොව දෙකම ) , වර්ථමාන  සීසු පරපුරේ ජීවිත සමඟ සෙල්ලම් කරමින් වැඩ අනාගන්නා බැව් මැනවින් සනාථ කර අවසන්ය . විශය නිර්දේශයන් 2ක්  යටතේ විභාගය පැවැත්වෙනා බැව් විශය නිර්දේශය වෙනස් වූ දා පටන් බලධාරීන් දැන සිටි කරුණකි .එනම් z-අගයන් පිලිබඳ ගැටලුවක් එහිදී මතුවන්නේ නම් ඒ පිලිබඳ බලධාරින්ගේ අවධානය යොමු කිරීමට වසර දෙකක පමණ කාලයක් තිබිනි . නමුත් ඔවුන් z අගයන් පිලිබඳ සාකච්ඡාවක් කරමින් කල් මරන්නේ පිලිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අවසන් වීමෙනුත් පසුවය  . එය හෝ නිසි ජවයක් සහිතව සිදු නොවූ නිසා අවසානයෙ ප්‍රතිඵල නිකුත් කරන්නේ නත්තල් නිවාඩුව තුල කඩිමුඩියේය .

එයත් උසස් අධ්‍යාපන ඇමතිවරයාම හිරිකිතයකින් තොරව පවසනා පරිදි ජනපතිවරයා බැන වැදීමෙන් පසුය . ජනපතිවරයාගේ බැන වැදීමකින් පසු සති ගානක් කෙකර ගාමිනි සිටි ගැටලුව සුටුස් ගා විසඳුනේ අමාත්‍යවරයා පවසනා "ජ්‍යාමිතික සූත්‍රයකින්" z අගය සෙවීම නිසා විය හැක .කෙසේ හෝ  අවසානයේ නිකුත් ප්‍රතිඵලයද දෝෂ සහගතය . විසුලු සහගත දිස්ත්‍රික් හා ජාතික ශේණිගත කිරීම් වල දෝෂයන් අමාත්‍යාංශය විසින් පිලිගෙන ඇතත් එයින් සියල්ල අවසන් වන්නේ නැත . රජය විසින් z අගයේ හෝ ප්‍රථිපල වල ගැටලුවක් නැතැයි පැවසුවත් ඒ පිලිබඳ වද චෝදනා එල්ල වී ඇත  . උසස් පෙල වැනි තීරණාත්ම විභාගයක ප්‍රතිඵල එලි දැක්වීමෙදී තිබිය යුතු විශ්වාසනීයත්වය අමු අමුවේ බිඳ දමා ඇති වටපිටාවක  ප්‍රතිඵල සම්බන්ධයෙන් සිසුන්  සැක පහල කිරීම ආසාධරණය කියා පැවසිය නොහැක . ආසියාවේ දැනුම් කේන්ද්‍රයට විභාග ප්‍රතිඵලයක් නිසි පරිදි නිකුත් කරගන්න නොහැකි වීම සැබවින්ම ආශ්චර්යමත්ය

දැනුමේ කෙන්ද්‍රයට එලෙසින් බබා හම්බුවෙත්දී , සංචාරක කේන්ද්‍රයටද එම සන්තැසියම සිදුවීමේ පුවතක් ඊයේ වාර්ථා විය . විදෙස් සංචාරක යුවලක් ප්‍රාදේශීය දේශපාලකයෙකුගේ ප්‍රහාරයට ගොදුරු වී ඇති අතර  ඇතැම් මාධ්‍යයන් හරහා වාර්ථා වී ඇති තොරතුරු අනුව ඒ පිටුපස දේශපාලකයාගේ වලත්තකම මුල්වූ සිදුවීමක් පාදක වී ඇත .තම ඉහල සබඳතා  නිසා මේ වන විටත් නීතියේ රැහැනට අසු වී නැති ඔහු ගෙ නම හෝ බොහෝ මාධ්‍යයන් විසින් වසන් කරමින් ඇත . සිදුවීමද යටපත් කිරිමක් ගැන සැක කල හැක්කේ මේ පුද්ගලයා පසුගිය මැතිවරණ සමයක එජාප ආධාර කරුවෙකු ඝාතනයට සම්බන්ධ වී ත් කිසිදු  චෝදනාවකින් තොරව සිටිනා බවක් පලවී ඇති නිසාය . එක් වෙබ් අඩවියක කමෙන්ට් කරුවන් පවසා ඇති පරිද්දෙන්  මෙහිදී සුද්දා විසින් පලමුව වෙඩි තැබුවා කියා හෝ සුද්දාගෙන් වෙඩි පහරින් අදාල දේශපාලකයාගේ මොලයට බරපතල තුවලා සිදුවූ නිසා සිංගප්පුරුවේ ගෙන ගිය බවත් වාර්ථා වුවත් එය ශ්‍රි ලංකාවට අරුමයක් නොවන මුත් සංචාරකයින් මෙරටට පැමිනෙනා රටවලට නම් එය ගැටලුවක් වනවා නොඅනුමානය . විනිවිද භාවයෙන් යුත් පරීක්ෂනයකින් අදාල පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමත් , නැවතත් මෙවන් සිදුවීම් නොවන්නට රජය විසින් දෙන සහතිකයත් අනාගතයේ සංචාරකයින් ගෙන්වා ගැනීමෙදී වැදගත් වනු ඇත . චින්නුන්ට හෝ ඉන්දියානුවන්ට මෙරට ඉඩ කඩම් හෝටල් හෝ කැසිනෝ සඳහා විකුණු පමණින් සංචාරක කර්මාන්තය දියුණු වන්නේ නැත .මන්ද  කැසිනෝ කෙලින්නට පෙර සංචාරකයින්ගේ ජීවිත ආරක්ෂාව සැලසී තිබිය යුතුය .මෙවන් සිදුවීම් හරහා දැනට ශ්‍රි ලංකාවට බහුලව එන"අඩු වියදම් ආතල් " සංචාරකයා පවා අහිමි වුවහොත් සංචාරක කේන්ද්‍රයටත් දෙය්යන්ගේම පිහිටය !


UPDATE - පහතින් ඇත්තේ මේ පිලිබඳ මුනු පොතේදී දූටු ඡායාරූපයකි


Comments

  1. මගේ ඤැති දියණියගේද එම අගයන් හා ඇගේ ප්‍රතිඵල අතර සම්බන්ධය නොගැලපේ යැයි මටද සිතේ. මහා ව්‍යසන තුනකට මුහුණ දී ඇති මම ( මට අමතක කුඩා කාලයේ 71 භීෂණයත්, මට හොදින්ම මතක 88-89 භීෂණයත්, උතුරේ ත්‍රස්ථවාදී භීෂණයත් ලෙස.) මේ තුනම ගැන ඕනෑවටත් වඩා වැඩියෙන් මම කියවා, කථාකර, තර්ක කර ඇත.
    ඔබ මාහා එකඟ වේදැයි නොදනිමි. නමුත් බුවා සහෝදරයා. මේ අවස්ථා තුනටම යම් තරමක බලපෑමක් මේ විශ්ව විද්‍යාලයට තෝරා ගැනීමේ අනුපාතය ආදී දේ හේතු වූවා යැයි මට සිතේ. ඒ නිසා මෙවැනි ව්‍යසනයක පෙර නිමිත්තක් බවට මේ තකතීරු වැඩේ හේතු නොවේවා!!!

    ReplyDelete
  2. මෙවන් කාල කන්නි රට පාලනය කරන රටක ඉපදීමද අබාග්යකි. ඒත් ලංකාවට මෙසේ විය යුතු නැත. මොවුන් පත්කල කාල කන්නි හැත්තට පින්සිදුවන්න අපෙ පොඩිඋන් ටික දැන් ප්‍රතිපල අවිත් බයේ වෙවුලමින් සිටියි.

    ReplyDelete
  3. සංචාරක ව්‍යාපාරය ගැන අදහස් දක්වන්නම්... (උ.පෙ ප්‍රතිපල ගැන කියන්න දෙයක් නෑ නෙ.)

    සංචාරකයෙක් ඝාතනය වීම බරපතළ සිද්දියක්.ම්හින්තලයේදී විදෙශික කාන්තාවක් ඔවුන් සමග ගිය ගයිඩ්වරුන් දෙදෙනා දුෂණය කිරීමට තැත් කිරීමේ සිද්දියක් වාර්තාවුනේ මෑතකදී.වැඩේ කියන්නේ සුද්දා සුද්දිව අරාධනා ගල පාමුල තියලා අරාධනා ගලට නැග්ග ටිකට තමයි මුන් දෙන්නා සුද්දීට ගේම දෙන්න සෙට් වෙලා තියෙන්නේ.

    ඒ වගේ දේවල් පැත්තක තිබ්බත් තවමත් අපේ රටේ හුගක් උන්ට 'සුද්දෙක්' කියන්නේ මැජික් එකක්. අපේ මිනිස්සුන්ගේ අතින් සංචාරකයන්ට හුගක් හිරිහැර වෙනවා මං අනන්තවත් දැකලා තියෙනවා.සමහර සංචාරකයින් කැමතියි රටකට අවාම රටේ මිනිස්සුන්ව ඇසුරු කරන්න.ඒ මිනිස්සු එක්ක ෆොටෝ 1ක් ගන්න.එත් සුද්දෙක් සුහදශීලීත්වය පෙන්නන ආවම අපේ උන් කරන්නේ ඌව බයිට් එකට ගන්න එක.

    ආගන්තුක සත්කාරයට ප්‍රසිද්ද වෙලා ඉන්න ජාතියකට මේවා හොද දේවල් නෙමේ.සංචාරකයන් එක්ක හැසිරෙන විදිය ගැන අපේ මිනිස්සුන්ට පුළුල් අවබෝධයක් දෙන්න ඕනෙ.ලංකාවේ සංචාරක ව්‍යාපාරයේදී භෞතික දේවල් වගේම මේ දේවල් ගැනත් ඉහළ අවධානයක් ආණ්ඩුව යොමු කරන්න ඕන.
    සංචාරකයෝ අච්චරක් ආවා.. මෙච්චරක් ආවා.. කිය කිය අයි.ටි.එන්. එකේ නිව්ස් දානවට වඩා කරන්න වැඩ තියෙනවා කියලා ආණ්ඩුව තේරුම් ගන්න ඕන.

    ReplyDelete
  4. මෙතන තියෙන්නෙ අද්‍යාපන ක්‍රමයේ වැරැද්ද නේ. ස්කොලේ යන කාලේ ඉගෙන ගන්න එකා එපා වෙනකම් ඉගෙන ගන්නවා. ඉගෙන ගන්නේ නැති එකා අන්තෙටම පිස්සු කෙලිනවා. ආගමයි භාෂාවයි අනිවාර්ය විෂයන් වෙච්ච පලියට මිනිස්සු හැදෙන්නේ නෑ. ඊට වඩා ප්‍රයෝගික ක්‍රමයක් ගේන්න ඕන. සදාචාරය හදන්න පුළුවන් හොඳම තැන තමා පාසල කියන්නේ. එතනින් පස්සේ මිනිහෙක් වෙනස් කරන්න අමාරුයි. ඉගෙන ගන්න එකා ඉගෙන ගන්නෙත් හම්බ කරන්න මිස රට ට වැඩක් කරන්න නෙවෙයි. උන්ගේ සදාචාරය වැහිලා තියෙන්නෙ ඔය දාගෙන ඉන්න ටයි පටියෙනුයි. කලිසම් කමිස වලිනුයි. එහෙම ඉගෙන ගත්ත එවුන් රාජ්‍ය සේවයට ගියාම වෙච්ච දෙයක් තමා ඔය ප්‍රතිපල එනකොට උනේ. ඉගෙන ගත්ත නැති එවුන්ට හරි හැටි සමාජීය දැනුමක් දුන්නෙ නැති නිසා, සදාචාරේ කියන දේ මොකක්ද කියල වැටහීමක් නොදුන්නා නිසා වෙච්ච දේ තමයි ඔය සුද්ද ගේ මළගමට හේතු උනේ. පොදුවේ ගත්තම රටම පිස්සු කෙලින්න හේතු වෙලා තියෙන්නෙ ආගමයි භාෂාවයි විෂයන් විදිහට ඉගෙන ගන්න එක. මේ අද්‍යාපන ක්‍රමයෙන් ආගමත් මාකට් කරන්න තමයි ඉගෙන ගන්නේ.. බොරුනම් දහම් පාසැල ගිහින් සහතිකේ ගන්නේ මොකටද? රැකියාවකට යනකොට තමාව මාකට් කරගන්න නේ. මේවා මේ ආණ්ඩුවේ වැරදි විතරක් නොවෙයි. අවුරුදු ගානක ඉඳන් මේ රට කරපු එවුන්ගේ වැරදි. මහාජනය විදිහට අපි මොකද කරන්නේ. මුන්ව එලවල පත් කරගන්න විරුද්ද පක්ෂේ තිබුනට උනුත් මුන් වගේම තමා..

    ReplyDelete
  5. @sameera: රටේ මිනිහෙක් මොන වැරද්දක් කලත් ආගමට හා භාෂාවට බැනවැදීම විලාසිතාවක් ද වෙන මොකක් දැයි මට නම් නොතේරේ.නමුත් "දිගත පගල සුවඳැති සොඳ සඳුන් කඳ - සිඳිත මඩිත එකලෙස පැතිරෙයි සුවඳ" කීවාක් මෙන් ඔබලාගේ අස්ථාන චෝදනා හමුවේ උවද ආගම හා භාෂාව නොනැසී පවනිනු ඇත.

    ReplyDelete
  6. ප්‍රාදේශීය දේශපාලඥයා අපේ ප්‍රාදේශිකයෙ සභාපති! එයා මැතිවරණ කාලෙක බස් එකකට වෙඩි තියල තමංගෙම ගෙවල් ලග ගෑණු මණුස්සයෙක් මැරුව. ඒත් ඉතිං ලොකු තැන්වල පිහිටෙන් බේරුනා. පහුගිය මැතිවරණයෙදි රජ පුතාලගෙ අනුග්‍රහය ලැබුනෙත් මෙයාට තමයි.

    ReplyDelete
  7. @sameera
    සහතික ඇත්ත. දැං ඉන්න එවුන් දහම්පාසල් යන්නෙත්(යවන්නෙත්) විෂයට ඒ අකුරක් ගන්න මිසක් වෙන වැඩකට නෙවේ.

    ReplyDelete
  8. මහ වෙදනා - ඔබතුමා මතුකරන කාරණය විය හැක්කක් කියල මටත් හිතෙනව

    මනෝජ් - ආශ්චර්යය කියන්නේ ඒකටයි

    කේ.සී -සම්පූර්ණයෙන් එකඟයි ,

    සමීර - එකඟයි සහෝ

    ජයශ්‍රි - ආයෙමත් සැරයක් සමීර කියල තියෙන්නෙ මොකක්ද කියල බැලුව නම් , සමීර කියල තියෙන්නෙ ආගම නිකන් විෂයක් පමණක් කරගෙන විභාග පාස් වීමට පමණක් යොදා ගන්නෙ නැතුව ඒ වටිනාකම් පුද්ගලයෙකුගෙ ජීවිතයට එකතු කරගන්න ඕනි කියල . ආගම සහ භාෂාව වචන දැක්ක ගමන් කේන්ති ගන්න එපා

    රාජ් - දහම් පාසල් සහතිකය රස්සාවක් ගන්න , දහම් පාසල් යන්නේ ආතල් ගන්න

    ReplyDelete
  9. විභාග ප්‍රතිඵල වල තියෙන්නේ සදාචාර ප්‍රශ්නයක් නෙවෙයි.Z score අනුව අපේක්ෂකයන් දිස්ත්‍රික් පදනමින් sort කිරීමේදී වෙච්ච අවුලක්.double check නොකර ප්‍රතිඵල එලියට දාපු එක තවත් වරදක්.
    හොදයි එහෙනම් ආගම භාෂාව උගන්වන්න ඕනි විශය බාහිර ක්‍රියාකාරකමක් විදියටද? ඔවා නිකං පොර ටෝක් විතරයි මිත්‍රයා.මේ විදියටවත් ආගම සාහිත්‍ය නූගැන්නුව නම් බලන්න තිබ්බ අපේ සමාජය පිරිහී අගාධයට යන අපූරුව.

    ReplyDelete
  10. වෙද මහත්මයා මතු කල කාරණාවත් සෑහෙන දුරට හිතන්න ඕනෙ මාතෘකාවක්

    ReplyDelete
  11. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහි උන් ඒ අස්සේ බොර දියේ මාලු බානවා..සමස්ත පද්ධතියම දේශපාලනීකරනය වෙලා

    ReplyDelete
  12. 1935 කම්කරු අරගලවලට නිසා වෘත්තීය සමිති ලියාපදිංචිය පිලිගත්ත. ඊට අවුරුදු දහ අටකට පස්සෙ 53 හර්තාලෙ ඇවිත් ඩඩ්ලි ගෙදර ගියා. ඊට අවුරුදු දහ අටකට පස්සෙ 71 කැරැල්ලෙන් අපරාද යුක්ති කොමිසම පිහිටෙවුනා. තවත් අවුරුදු දා හතකට පස්සෙ 89 දි තරුණ අසහන කොමිසම පිහිටුවන්න උනේ ආයි තරුණයො අවදි උන නිසා. අපි දැන් ඒ අවසාන නැඟිටීමෙන් අවුරුදු 22 ගිහින්. දහ අටක සාමන්‍ය 22 ත් එහා ඇදෙන්නෙ මේ පාර ආයි එහෙම දෙයක් නොවෙන හින්දද නැත්තං පමාවෙල වහින වැස්ස සැර වැඩි වෙන්නද?

    ReplyDelete
  13. වචන 1000 කියන්න බැරි දෙයක් පින්තුරෙන් කියලා තියෙනවද මන්දා

    ReplyDelete
  14. මට නම් පෝස්ට් එකටත් වැඩිය පින්තූරුව සිරාය...

    ඉන්දික කියා ඇති දේ බරපතල ලෙස සිතට දැනේ... ඒ වසර 2013 ද විය හැක !!!

    ReplyDelete
  15. observer ඉන්දික , චතුරංග - ඇත්තටම සැලකිල්ලට ගන්න ඕනි කාරණයක්, ප්‍රශ්නය තියෙන්නෙ වගකිව යුත්තන් අඩුම තරමේ ඔය ගැන හිතලවත් තියෙද කියන එක

    සබිත් - ඒක ඉතින් අපේ අයගේ හැටිනේ

    චම්මා, චතුරංග - පින්තූරය දැම්මේ පස්සේ , ඒකෙන් සැහෙන කථාවක් කියවෙනව තමයි

    ReplyDelete
  16. @ජය ශ්‍රී: ඔබ තුමා මම කියපු දේ තේරුම් අරගෙන තියෙන්නේ වැරදි විදිහට.. මම ඔතන කියල තියෙන්නේ ආගම භාෂාව උගන්නන විදිහේ වැරද්දක් තියෙන්නේ කියල..මිනිහෙක් ගේ අගම කියන්නේ ඒ මිනිහව සදාචාර සම්පන්න මිනිහෙක් බවට පත් කරන්න තියෙන හොඳම විදිහ. මම පාසල් යනකොට වුනු දෙයක් කියන්නම්. 7 ශ්‍රේණියේදී අපි ට බෞද්ධ ධර්මය උගන්නන්න අවේ ඉංග්‍රීසි ගුරුවරියක්. ඇය පාඩම කියවන්න කියල අභ්‍යාස ටික කරන්න කියල යනවා. ඔබට ඕන නම් ඕනෑම පාසලක ඉගෙන ගන්න ශිෂ්‍යයෙක් ගෙන් අහල බලන්න. ඔක්කොගෙම නැති උනත් බොහෝ පාසල් වල තත්වය මෙයම බව පෙනේවි. ඉතින් අපි පාඩම කියවලා ප්‍රශ්න වලට උත්තරත් ලියල ඊළඟ දවසේ හරියක් දාගන්න වා. ඉතින් අපි බුද්ධ චරිතය ඉගෙන ගත යුත්තේපොතේ අභ්‍යාස දෙක තුනක් කරලා එකට හරියක් දා ගන්නද? වෙන්න ඕන ඒක නෙවෙයි. ඒකෙන් ජිවිතේට ගන්න ඕන හොඳ, අයින් කරන්න ඕන නරක ගැන දරුවන් දැනුවත් කරන්න තියෙන හොඳම අවස්තාව නේද මේ.. එකයි මම කිව්වේ විෂයක් විදිහට ඉගෙන ගන්නවාට වැඩ මිනිසුන්ගේ ජීවිතය වෙනස් කරන්න යොදා ගන්න ඕන කියල. එතන දීල තියෙන අදහස ඒකයි. භාෂාව විකෘති කරන අය ගැන දන්නවා නේ. radio චැනල් එකකට කන් දුන්නම දැන ගන්න පුළුවන්. හරියට අධ්‍යාපනය ලබා නොදීමේ විපාක..

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

xxx xxxx මහතාගේ ඝාතනය පිලිබඳ දැක්වූ අදහස්

Mr .ලොකු තැන - ------------------------------------------{නිහැඬියාවක් පමණි } Mr . පැරකුම් - අපිට රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න වෙලා තියනවා . ලැටිමර් හවුස් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරලා , රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න කියලා අපි ******** ගේ රජයට කියනවා . ලබන සිංහල අවුරුද්ද වෙනකන් විතරයි  අපි කල් දෙන්නේ . ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත නොවුනොත් අපි මැයි මාසෙදි පාරට බැහැල 2014 දී ආණ්ඩුව ගෙදර යවනවා Mr. කලවැද්දා - අද රටේ නීතියක් නෑ , බල්ලො බලල්ලු වගේ මිනිස්සු මරනවා . මේක ඒකාධිපති පාලනයක් .සමහර බංකොලොත් දේශපාලන නායකයොත් මේ ඒකාධිපති පාලනයට කඩේ යනවා . එන්න මාත් එක්ක එකතු වෙලා මේවට විරුද්ධව සටන් කරන්න . ජයවේවා Mr.වෙනුර- ඕක තමයි මම කිව්වේ මාලු කඩේ කියලා .ඔය වැඩේ කරවපු  හොටු ගැමුණු උන්නැහේ මාලු කඩේ සමාජිකයෙක් . මාලු කඩවල උන් නෙවෙයිද ඔය වගේ ජරා වැඩ කරන්නේ Mr. බුරුවංශ - මේක තනිකරම බටහිර අධිරාජ්‍ය වාදි වලවේග වල කුමන්ත්‍රණයක් . යුද්ධෙන් පස්සේ අපි යන ගමන මේ අයට ඉවසගන්න බෑ මොකක් හරි බාල්දියක් පෙරලනවා . මාර්තුවල ජිනිවා සමුලුව ඉලක්ක කරගෙන කරන වැඩ මේවා . ලංකාවේ මන්ත්‍රි කෙනෙකුට වත් නි

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම