පහුගිය දවස් වල රටේ තොටේ බොහෝ තැන්වල වගේම සිංහල බ්ලොග් අවකාශයෙත් කථා බහට ලක්වුනු මාතෘකාවක් තමයි ගාමනි චිත්‍රපටිය .බ්ලොග් කරුවන් කිහිප දෙනෙක්ම මේ ගැන ලියල තිබුනා . ඒ ලිපි වලදි බොහෝ දෙනෙක් තමන්ගේ අදහසුත් දක්වලා තිබුනා . මේ ලිපියෙන් කථා කරන්නේ චිත්‍රපටිය ගැන මගේ අදහස . එතනදි චිත්‍රපටියේ විවිධ අංගයන් පිලිබඳව වෙන වෙනම කථා කිරීම වඩාත් හොඳයි කියලයි මට හිතෙන්නෙ
කථා තේමාව
ගාමනි ගැන කථා කරපු බොහෝ දෙනෙක්ගෙ මූලික අවධානයට ලක්වෙච්ච කාරණයක් තමයි චිත්‍රපටියේ කථා තේමාව . චිත්‍රපටියේ ප්‍රචාරණයට භාවිතා කරපු ආකාරයෙන්ම කථාව පදනම් කරගන්නේ ලංකාවේ යම්කිසි කාලයක සිදුවුනු සත්‍ය සිදුවීමක් ,කොටි ත්‍රස්තවාදීන් විසින් සිදුකරපු අතිශයින් ම්ලේච්ඡ ඝාතනයක් පාදක කරගෙන ඊට එරෙහිව සටන් වදින ගම් වැසියන් පිරිසක් පිලිබඳව තමයි කථාව ගොඩ නැගෙන්නෙ , මේ එරෙහිව සටන් වැදීමේ කොටස කෙසේ වෙතත් මූලික කාරණය ඒ කියන්නේ කොටි සංවිධානයේ කෘරත්වය නෑවතත් සිහි ගන්වමින් රිදි තිරයට නිර්මානයක් ගෙන ඒම පිලිබඳ සමහර පිරිස් සතුට පලකරත්දි තවත් පිරිසක් ඒ ගැන කථා කලේ මේ වගේ නිර්මාණයෙන් කරන්නේ යුධ මානසිකත්වය සහ සහ ජාතිවාද්ය ඇවිස්සීම නිසා පශ්චාත් යුධ සමයකට යෝග්‍ය වෙන්නෙ නැ කියලයි . ඇත්තටම ගාමනි ජාතිවාදීද ?? ඔව් , කෙනෙකුට එහෙම විග්‍රහ කරන්න හැකියාව තියනව , විශේෂයෙන්ම ලංකාවේ ත්‍රස්තාවදයට අමතරව ජනවාර්ගික අර්බුධයක් තියනවාය කියල විශ්වාස කරන කෙනෙකුට . (අනික් අයට ගැටලුවක් ඇති වෙන්නේ නැ ) . සමස්ථ රට වශයෙන් සැලකුවාම මේ කථා තේමාව කාලීනව නොගැලපෙනවාය කියන්න පුලුවන් වුනත් ඒක සදාචාරාත්මක ප්‍රශ්නයක් විතරයි , ඒ කියන්නේ යුධයක් පවතින වෙලාවක හමුදාවේ සොල්දාදුවන්ගේ මානසිකත්වයට හානි කරන චිත්‍රපටියක් තිරගත කරන එක ගැලපෙන්නෙ නැ වගෙ තත්වයක් . නමුත් ඒ මත ඉඳන් නිර්මාණ කරුවාගේ ප්ලොට් එක අභියෝගයට ලක්කිරීම යෝග්‍ය වෙන්නේ නැ .මොකද ගාමනි තුල ජනතාව ප්‍රකෝප ගැන්වීමක් වගේ ව්‍යසන කාරි දෙයක් සිදු නොවෙන නිසා . ගාමනි කියන්නේ ලංකාවේ සිදුවුනු සමස්ථ සිදුවීම පිලිබඳ සාධාරණ හෝ ගැඹුරු හෝ විග්‍රහයක් නොවෙන , එක්තරා නිර්මාණ කරුවෙකුගේ දෘෂ්ටි කෝණය වශයෙන් හඳුන්වා දෙන්න පුලුවන්
කලාත්මක ? වාණිජ ?
කලාත්මක සහ වාණිජ වශයෙන් සිනමාව බෙදා වෙන්කිරීම ගැන බොහොම විවාදයන් තියනව . මොකද වාණිජය කියන චිත්‍රපටි වලත් කලාත්මක සිනමා ලක්ෂන දකින්න තියන නිසා . සිනමා නිර්මාණ සියල්ලක්ම ඉරි ගහල දෙපැත්තකට දාන්න හැකියාවක් නැතත් සම්භාව්‍ය හා සරල වශයෙන් බෙදීමක් කිරීමේ හැකියාවක් තියෙයි , මේ සරල කැල්ලටම තමයි වාණිජ සිනමාව කියලත් හැඳින්වෙන්නෙ . සරල සහ සම්භාව්‍ය සිනමාව වෙන් කිරීමේදී නිර්ණායක කිහිපයක් හඳුනාගන්න පුලුවන් , එකම කථා තේමාව වුනත් සම්භාව්‍ය සිනමාව තුල සහ සරල සිනමාව තුල කථා බහට ලක්වෙන විදිහ සහමුලින්ම වෙනස් නිසා . උදාහරණයක් විදිහට තුන් කොන් ආදර සම්බන්ධයක් සැලකුවොත් සම්භාව්‍ය සිනමාවේදී අදාල පුද්ගල සම්බන්ධයන් ඇතිවේමේ කායික මානසික සමාජීය හේතූන් , ඒ ඒ පුදගලයින්ගේ අභ්‍යන්තර ගති ලක්ෂනයන් සහ සිතුම් පැතිම් ආදිය පිලිබඳ විග්‍රහයක් සමඟින් කථාව ගොඩ නැගෙත්දි සරල සිනමාවෙදි අදාල සබඳතාවයන් නිසා ඇති වෙන ප්‍රථිපල ආදියට වැඩි අවධානයක් යොමු කරල ආකර්ෂනීය කථාවක් ගොඩ නැගීම වෙන්න පුලුවන් . ඔය අතරමැදි තැනක ඉඳන් කෙරෙන නිර්මානත් තියෙන්නෙ පුලුවන්. එකම කථා තේමාව තුල ගැඹුරක් සහිත නිර්මානයක් ගොඩ නැගීම සඳහා සම්භාව්‍ය සිනමාවේදී භාවිතා වෙන සිනමාකරණ ලක්ෂනත් සුවිශේෂියි . රූපමය භාෂාවේ කැමරා කෝණ , රුපරාමු සංයුතිය , වර්ණ භාවිතාව , සංස්කරන් රීති වගේ දේවල් සම්භාව්‍ය සිනමාවේදී යොදා ගන්නේ ඉතාම සැලකිල්ලෙන් , හැමරූප රාමුවක් තුලින්ම තමන්ගේ කතිකාව රූපමය වශයෙන් ගොඩ නැංවීමතමයි දකින්න තියෙන්නෙ . නාද හා සංගීතයත් පුද්ගල අභිනයන් හා රූපමය සංකලනයන් තුලිනුත් තමන්ගේ කථාව මතු කිරීම තමයි සම්භාව්‍ය සිනමාවේ ලක්ෂනය . අනික් අතින් සරල සිනමාව තුල රුපමය භාෂාව භාවිතා වෙන්නෙ ප්‍රේක්ෂය්න් ආකර්ෂනය වෙන ආකාරයේ අලංකාරයක් මතු කිරීමට . ඒ තුලත් රූපමය පණිවුඩයන් භාවිතා වුනත් , කථාවේ හරය ඉදිරිපත් කිරීමේදී ඒ වෙනුවෙන් සකස් වුනු පැතලි සිදුවීම් දෙබස් කණ්ඩ ආදිය තමයි යොදා ගන්නේ . නිර්මාණ කරුවාගේ දක්ෂතාවය මත ඉතාම ඉහල රූපමය භාෂා සන්නිවේදනයක් සරල සිනමාව තුල රදවා ගන්නත් හැකියාව තියෙයි . එතකොට අපේ ගාමනි ඉන්නේ කොතනද ???
ගාමනි චිත්‍රපටිය තුල අර මම කිව්ව සම්භාව්‍ය සිනමාවේ රූපමය ලක්ෂන කිසිවක්ම අඩංගු වෙන්නෙ නැ . නාද භාවිතාව තුලත් චරිත ගොඩ නැංවීම හා පුද්ගල අභිනයන් තුලත් ගාමනි සම්භාව්‍ය සිනමා ලක්ෂන කිසිවක් දරන්නෙ නැ . එතකොට ගාමනි වාණිජ එහෙමත් නැත්නම් සරල සිනමා නිර්මානයක්ද ? අන්න එතනත් ගැටලුවක් තියනව , මොකද සරල සිනමාවේ රූපමය භාවිතාවන් වත් ගාමණි තුල දකින්න ලැබෙන්නෙ නැ . චිත්‍රපටියේ එන කිසිම රූපා රාමුවක සංයුතිය සකස් කිරීමේදී සරල සිනමා ලක්ෂනයන් , ශ්‍රි ලංකාවේ සිනමාවට හුරුපුරුදු ඉන්දියානු ශෛලිය හෝ බටහිර සිනමාවේ ශෛලිය යොදාගෙන නැ . සාම්න්‍ය ටෙලි නාට්‍යක දකිනා රූප රාමු තමයි බොහෝ වෙලාවට දකින්න තියෙන්නෙ . සරල සිනමාවේ මෙවලම් විදිහට සැලකෙන ක්‍රියාදාම සහ හාස්‍යෝත්පාදක අංග සහ ගීත ඇතුලත් වෙලා තිබුනත් හාස්‍යය හැරුණාම අනික් තැන් දෙකේදීම අසාර්ථකයි කියල කියන්න පුලුවන් . ගීතමය ජවනිකාවේන් තියන කම්මැලිකම වැඩි වෙනවා මිසක් ප්‍රේක්ෂකයාට හෝ නිර්මාණයට එකතු වෙන දෙයක් නැහැ වගේම වෙඩි හුවමාරු සහ සටන් ජවනිකා තුලත් රූපයෙන් දිය හැකි ජවය හෝ ආකර්ෂනීයත්වය නැහැ . පන්සලේ ඇබිත්තයාගේ සටන් ජවනිකා වලදි නිවැරදි රූප රාමු සහ සංස්කරන ක්‍රමවේදයන් භාවිතා කලා නම් සැහෙන්න අපූර්වත්වයක් ම්වන්න හැකියාව තිබුනා . ඒ වගෙම ප්‍රාණ ඇපකරුවෙක් සිටියදි හමුදා නිලධාරියා තුවක්කුව බිම තියල පිස්තෝලයෙන් වෙඩි තියන දර්ශනය (සැහෙන්න සිනමා නිර්මාන ප්‍රමාණයක කලින් ඉදිරිපත් වෙලා තියන ) මීට වඩා සාර්ථකව කරන්න තිබුනා . ඇත්තට අදාල දර්ශනයේ පිස්තෝලය ගන්න ගත කරන කාලය පවා වැඩියි . ඒ වගේම පැති කැමරා කෝණ යන්ගෙන් විතරක් නැතුව රූප රාමු කිහිපයක් හරහා ඒ සිදුවීමට ජවයක් දීමේ හැකියාව තියනව . එතනදි අදාල අවස්ථාවේ ත්‍රස්තවාදියාගේ , ප්‍රාණ ඇපකරුවාගේ සෙබලාගේ යන අයගේ හැඟීම් හා අභිනයන්ට සැලකිය යුතු අවධානයක් දෙන්නෙ ඕනි .
දෙපිට කැපෙන විහිලු වුනත් ඒ තුලින් චිත්‍රපටියේ රසයට යමක් එකතු වෙන බව කියන්න ඕනි . මට නම් චිත්‍රපටිය නරඹත්දි පුටුව උඩම නින්ද යැම වැලකුනේ අදාල විහිලු තහලු නිසා . ගොඩක්ම පොඩි උන්ට නම් ඒවා නොතේරෙන නිසා අවුලක් නැතත් , ඒවා තෙරෙන වයසෙ ලමයෙක් එක්ක බලන්න ගියපු දෙමව්පියන් නම් සමහර විට අපහසුතාවයට ලක් වෙන්න ඇති .මේ කාරණා අනුව කියන්න තියෙන්නෙ ගාමනි තුල සම්භාව්‍ය හෝ සරල සිනමා ලක්ෂන වෙනුවට ලංකාවේ ටෙලි නාට්‍ය වල ලක්ෂ ඉස්මතු වෙනවාය කියන එක
කථාව දෙබස් තිර රචනය සහ අධ්‍යක්ෂනය
චිත්‍රපටියේ තිරරචනය සහ අධ්‍යක්ෂනය එකම පුද්ගලයාගේ නිසා එකම කාරණාවක් විදිහට කථා කිරීමේ හැකියාව තියනව . ගාමනි ගැන යහපත් ප්‍රතිචාර දක්වපු අයගේ පවා අදහසක් වුනේ චිත්‍රපටියේ දෙබස් භාවිතාව ගැන , විශේෂයෙන්ම ප්‍රධානතම චරිතයක් වුනු පාසල් ගුරුවරියගේ චරිතයේ දෙබස් ගැන ගැටලු තියනවාය කියලයි . සාමාන්‍යයෙන් දක්ෂ රංගන ශ්ල්පිනියක් වුනු දිල්හානි ගෙන් මේ වගේ අබලන් චරිතයක් මතුවෙන්න මූලිකම හේතුව වෙන්නෙ අදාල දෙබස් කණ්ඩ , ඒවායේ අන්තර්ගතය වගේම උච්චාරණයත් සම්පූර්නයෙන්ම අසාර්ථකයි . කථාව ගොඩ නැගීම තුල දකින්න තියන මූලිකව අඩුපාඩුවක් වෙන්නෙ එකම කාරණය නැවත නැවතත් අවධාරණය වෙන්න සැලැස්වීම . මේක තුලින් වෙන්නෙ ප්‍රේක්ශකයා වෙහෙසට පත් කිරීමක් විතරයි . රූපමය භාෂාව තුලින් ඉදිරිපත් කල හැකි බොහො දෙවල් සිදුවීම් වලට හා දෙබස් වලට භාර දීමෙන් තමයි මේ තත්වය ඇතිවෙලා තියෙන්නෙ .
චරිත ගොඩ නැංවීම සහ චරිත වල අඛණ්ඩතාවය පවත්වා ගැනීම කියන්නෙ සිනමාවේදී ඉතාම වැදගත් කාරණයක් . සරල සිනමාවේදි දකින්න ලැබෙන ව්‍ය්වහාරයේදී "පැතලි චරිත" වශයෙන් හඳුන්වන චරිතයක් වුනත් ගොඩ නැංවීමෙදිත් අඛණ්ඩතාවය පවත්වා ගැනීමෙදිත් සැහෙන අභියෝගයක් නිර්මාණ කරුවාටත් අදාල චරිතය කරනු ලබන රංගන ශිල්පියාටත් භාර ගන්න සිද්ධවෙනව . මේ කාරණයේදී ගාමනි තුල සාර්ථකත්වය ඉහලින්ම දක්වන්නෙ හාමුදුරුවන්ගේ චරිතය . මුලු චිත්‍රපටිය පුරාවටම එක විදිහට දිවෙන ඒ අපුරු චරිතයේ සාර්ථකත්වය පිලිබඳ සැහෙන ගෞර්වයක් ඩබ්.ජයසිරි රංගන ශිල්පියාට හිමිවෙන්න ඕනි . මීට අමතරව තිරිමාදුරගේ සහ ජගත් චමිලගෙ චරිතයත් සාර්ථක ගොඩ නැංවුනු සහ පවත්වාගෙන ගිය චරිත විදිහට හඳුවන්වන්න පුලුවන් . අධ්‍යක්ෂනය පිලිබඳ කථාවේදී මම කලින් කාරණය යටතේ සඳහන් කල දෝෂ සහගත භාවයන් සියල්ලම අධ්‍යක්ෂක වරයාගෙ බව පැහැද්ලියි . නිර්මාණයට අදාලව රූපය නාදය සහ සංස්කරණය නිසි විදිහට යෝදා ගෙන රසයක් නිර්මාණය කිරීම යන කාරණයේදී අධ්‍යක්ෂක වරයා ඉන්නෙ බොහොම පහල තැනක . කථා තේමාව තුල ගොඩ නංවන කථාව හෙවත් සත්‍ය සිදුවීමෙන් පසුව ගෙතෙන කථාව ඉතාම සාර්ථක සිනමා නිර්මාණයකට , බොහොම පහසුවෙන් සාර්ථක වාණිජ සිනමා නිර්මානයකට යොදා ගැනීමේ හැකියාව තිබුනත් ,ඒ ලස්සන කථාව ඇතුලේ ගොඩ නගන තිරනාටකය සහ නිර්මාණාත්මක ලක්ෂන හරහා එවැනි සාර්ථක නිර්මාණයක් බිහිවීම වැලකිලා තියනව
අනෙකුත් කාරණා
සිනමා නිර්මානයක් ගැන ක්ථා කිරිමෙදි අනෙකුත් අංශ රාශියක් ගැන කථා කරන්න පුලුවන් වුනත් මෙතන්දි තිර රචනය තුල ලබා දීල තියන සීමිත ඉඩ කඩත් එක්ක ඒවායින් ඇතිවුනු අඩුපාඩු ගැන කථා කිරීම එතරම් සාධාරණ නැහැය කියලයි මම හිතන්නෙ . උදාහරණයක් විදිහට සාර්ථක සංස්කරනයකට අවකාශ ලැබෙන්නේ ඒ වෙනුවෙන් සකස් වුනු තිර නාටකයකදි විතරයි . චිත්‍රපටියේ ස්ංගීතය නම් මධ්‍ය ප්‍රමාණයේ තත්වයක තියනව කියල කියන්න පුලුවන්
මම කැමතිම
කලින් විග්‍රහ කරපු සිනමාත්මක දුර්වලතා මැද වටිනා කම් සහ රසය අඩුවුනු එහෙත් මම බොහොම ප්‍රිය කරන සිදුවීම් දෙකක් මේ චිත්‍රපටියේ තියනව . පලමුවෙනි එක මහෙන්ද්‍ර පේරේරාගේ සහ කුඩා දෙමල දැරියගේ සහෝදර ප්‍රේමයේ කථාව . ජාති ආගම් භාෂා මොන බෙදීම් ඇතුලත් වුනත් ඒ සියල්ලම අභිබවා නැගෙන උතුම් මනුෂ්‍යත්වයේ සටහනක් ඒ තුල තියනව , කෙනෙක් කියන දේ අනිකාට නොතේරෙන භාෂා බාධකය බිඳ දමා නැගෙන සහෝදර ප්‍රේමයේ අන්දරය මුලු සමාජයටම ලොකු පණිවුඩයක් දෙනවාය කියල කියන්න පුලුවන් , මේ සම්බන්ධ චිත්‍රපටියේ අවසාන ජවනිකාව මම මුලු චිත්‍රපටියෙන්ම වඩාත්ම කැමති දර්ශනය කියල කියන්න පුලුවන් .
දෙවැන්න වෙන්නෙ ඈමති ගෝලයාගේ ගෙම්බර හමුවේ ග්‍රාමා රක්ෂක නිලධාරීන් අවස්ථා දෙකෙදී දක්වන ප්‍රතිචාරය , නිර්මානයට අනුව මේ සිදුවීම තුලින් ග්‍රාමා රක්ෂයින් තුල ඇතිවෙච්ච ආත්මාභිමානයේ විපර්යාසය හොඳින් නිරූපණය කරල තියනවා කියල මට හිතෙනව . ප්‍රයෝගික ජිවිතයේදී ග්‍රාමා රක්ෂක නිලධරයෙකුට තියා ඉහල හමුදා නිලධරයෙකුටවත් දේශපාලන හෙන්චය්යන්ගේ බලයට ඉහලින් යා නොහැකි වටපිටාවක , අදාල ග්‍රමාරක්ෂක නිලධාරින්ගෙ ක්‍රියාව තුලින් අපි බොහෝ දෙනෙක් දකින්නට කැමති ෆැන්ටසියක් මම දකිනවාය කියලයි හිතන්නෙ , කොහොම වුනත් මම ඒ ෆැන්ටසියට ආදරෙයි
ගාමනි ගැන නරක පැති ගැන කථා කරත්දි කෙනෙක් කියන්න පුලුවන් හොලිවුඩ් , බොලිවුඩ් චිත්‍රපටි වල ලක්ෂන සිංහල චිත්‍රපටි වල හොයන එක වැරදියි කියල . ඒ කාරනයේ සත්‍යතාවයක් තිබුනත් සිනමාවේ මූලික රිතින් ලෝකේ ඔනිම සිනමා නිර්මානයකදි එකම බවත් කියන්න ඕනි . සිනමා නිර්මාණයක් "සිනමා පටයක මුද්‍රණය කිරීම" කියන කාරණයට අමතරව ටෙලි නිර්මානයකින් වෙනස් වෙන්නෙ මේ සිනමාකරන ගති ලක්ෂන නිසා .
ගාමනි චිත්‍රපටියේ හාමුදුරුවන් හරහා හෙමීට පහරක් ගසන "ලංකාවේ යූද්ධය ගැන ප්‍රංශයෙ ඉඳන් හදපු චිත්‍රපටිය" මේ සිනමා කරණයේ විවිධ ඉසව් වල භාවිතාවෙන් දක්වන්න පුලුවන් විශිෂ්ටත්වය ගැන ඉතාමත් හොඳ උදාහරනයක් . පුද්ගලිකව මම ඒ සිනමා නිර්මානයට එතරම් කැමැත්තක් නොදැක්වුවත් ඒ නිර්මාන කරුවාගෙ සිනමා කරන ශක්‍යතාවය අගය කල යුතුමයි . රූපමය භාෂාව තුලින් දෙබස් හො සිදුවීම් වලින් කියන්න බැරි බොහෝ දේවල් ඉතාම අපුරුවට කියන නිර්මානයක් විදිහට" සංඛාරා"හඳුන්වන්න පුලුවන් . යුද්ධය පිලිබඳම කථා වුනු අතිසාර්ථක සිනමා නිර්මාණයක් වුනු "සරෝජා" ත් සිනමාව කියන්නෙ මොකක්ද කියන එකට කදිම උදාහරණයක් . ඒ වගේම සිනමා නිර්මානයක දෙබස් තුලින් කරන්න පුලුවන් බොහෝ දේ, , සංගීතයට , රුපයට , සංස්කරනයට හා සුවිශ්ෂට රංගනයට පුංචි කථාවක් හරහා දැවැන්ත අදහසක් මතු කරන්න හැකියාව - "ගරිල්ලා මාකටින් " චිත්‍රපටියෙනුත් දැක ගන්න පුලුවන් . තවමත් බලන්න නොලැබුනු "ආකාස කුසුම්" චිත්‍රපටිය තුලත් මේ ලක්ෂන දකින්න ඇතිය කියල මම හිතනව .
මේ වගේ සිනමා නිර්මාණත් එක්ක බැලුවාම සිනමාත්මක අතින් ගාමනි ඉන්නේ කොතනද කියන එක බරපතල ප්‍රශ්නයක් . මේ නිර්මාණ වලට අමතරව උදය කාන්ත (සමහර )සහ සෙනේෂ් බණ්ඩාර දිසානයකගේ ඉතාම සරල නිර්මාණවලත් ගාමනි ව්ල දකින්න නැති සිනමා රූපි ලක්ෂන දකින්න තියෙයි . ඒ අනුව මගේ රසවින්දන සීමාවන්ට හා දැනුම් සීමාවන්ට අනුව ගාමනි සාර්ථක හෝ රහක් තියන සිනමා නිර්මානයක් නෙවෙයි , නමුත් බලාඉන්න පුලුවන් "ටෙලියක්" මට්ටමේ හෙවත් ලංකාවේ චිත්‍රපටි නමින් හදන බොහෝ අසුචි ගොඩවල් වලට වඩා ඉහලින් ඉන්නවාය කියල කියන්න පුලුවන්

මොන පිස්සුද මචං, පටන් ගන්න කොටම කොටි ගමකට ගහන් එකක් නේ තිබුනෙ. ඒකේ කොටි, මිනීමරන්න ඇවිල්ල, කඩු කරකවනව , ඇක්ශන් දානව, හරිම අතාත්විකයි. මම ඒ කැල්ල ඉවරවෙන්නත් කලින් නැගිටල ගියා.
ReplyDeleteමේ චිත්‍රපටය බලන්න වෙන්නෙ අප්‍රියෙල් මාසෙදි, තාම බැලුවෙ නැති නිසා එකඟ වෙන්නවත්, විරුද්ධ අදහස් ප්‍රකාශ කරන්නවත් හැකියාවක් නෑ
ReplyDeleteබලන්න හම්බ උනේ නෑ තාම! ආසාවෙන් ඉන්නව බලන්න!
ReplyDeleteමමත් බැලුවා සමහර තැන් වල මහ කලකිරෑණු ගතියක් දැනුනා...
ReplyDeleteනිර්මාණශිල්පියා චිත්‍රපටය තුලින් සන්නිවේදය කරන්ට උත්සහ කරන මතවාදය සමග මුලුමනින්ම එකඟ නිසා ද නොදනිමි,මම මේ චිත්‍රපටය මා නැරඹූ හොදම චිත්‍රපට ගොන්නට ඇතුලත් කළෙමි.හොලිවුඩ් බොලිවුඩ් ලක්ෂණ නැතිබව නම් සැබෑය.නමුත් ප්‍රතිවාදීන් 50ක් හිටියත් 100ක් හිටියත් වරකට එකෙකුට බැගින් සාර්ථකව මුහුණ දී බිම දමන (අනෙක් 49 හෝ 99 අතපය හකුලා බලා සිටින විට)කාර්ඩ් බොර්ඩ් වීරයන් ට වඩා ගාමනී හි අංගංපොර සටන් කරුවාගේ රංගනය නම් තාත්විකය.සංගීතය ද සාර්ථකැයි කිව හැක.ගීතය නම් තරමක් මන්දගාමී වබ ඇත්තයි.නමුත් එය ගුරුවරියක, සිසුන් හා ගයන්නක් බව සැලකිල්ලකට ගතයුතුය.අනෙක් අතට එය හිංදි කොපියක් නොව ස්ව නිර්මාණයකි.දෙබස් වල පුනර්ජනනය (වෙසෙසින්ම ගුරුතුමියගේ) අඩුපාඩුවකි. හාස්‍ය ජවනිකා කීපයක අසැබි බවක් තිබූ නමුත් මගේ මතය නම් එය සීමාව ඉක්මවා නොගිය බවයි.
ReplyDeleteමගේ ප්‍රියතම කොටසනම් මේ මරණය අතින් ගෙන ජීවත් වන ජනතාවට සාමය ගැන ටියුෂන් දීමට එන නඩය පන්සලේ ස්වාමීන් වහණ්සේ විසින් දුර්මුඛ කරන ජවනිකාවයි.
කතා තේමාව එනම් නිසි පුහුණුව හා අභිමානය ලැබ ගම ආරක්ෂා කරන ග්‍රාමාරක්ෂකයන් ද සිංහලයන් සහජයෙන් ම උරුම කොටගත් මානව දයාව අන් ජාතියකට ද දැක්වීම ද සිනමා පටය තුලින් විදහා පෑම මෙය අගය කිරීමට මා පෙලඹවු ප්‍රධාන කාරණයයි.
තව එක් කරුනක් පමණක් කියමි.මෙය නිර්මාණය කලේ ජයන්ත චන්ද්‍රසිරි හෝ ලේස්ටර් ජේම්ස් පීර්ස් නොවේ.වෘත්තීය සිනමාවේදියෙක් නොවන සරත් වීරසේකර මහතායි.ඔහුගේ මේ වෑයම මා ඉතසිතින් අගයන්නේ එබැවිණි.
@ජයශ්‍රි - එකිනකා සිනමාව රසවිඳින්නෙ වීවිධා කාර ලෙසිනි , කතාව යනු සිනමා නිර්මාණයක එක් අංගයක් පමණි , සිනමා අත්දැකීම යනු ඊට එහා ගිය දෙයකි , ලෝකයේ සිනමා කරණ ය පිලිබඳ විවිධාකාර තාක්ෂයන් දිනෙන් දින එකතු වන්නෙ ඒ සිනමා අත්දැකීම වෙනුවෙනි . ටොරන්ට් එකක් බාගෙන ස්ටෝරිය වෙනුවෙන් පමනක් චිත්‍රපටි බලනා රසිකයින් බහුතරයක් සිටින ශ්‍රි ලංකාවේ(ඇමරිකානු රජය ටොරන්ට් කෙලියට බඩු පැකට් කිරීමට ගේමක් දෙන්නට යන බවක් දැන ගන්නට ඇත ) ගාමනි වැනි චිත්‍රපට වෙත මිනිසුන් ආකර්ෂනය වීම පුදුමයක් නොවේ . මා සොයනා සිනමා අත්දැකීම ගාමනි තුල නැත . උදාහරණයක් ලෙස ඔබ කියන සටන් ජවනිකාව රූපයට නැගිය හැකි කැමරා කෝණයන් රාශියක් ඇත , ඒවා අමුණා රසය මතුකල හැකි සංස්කරන ක්‍රමවේදයන්ද ඒසේමය . මා ප්‍රශ්න කරන්නේ ඒ ගැනයි .
ReplyDelete//ජයන්ත චන්ද්‍රසිරි හෝ ලේස්ටර් ජේම්ස් පීර්ස් නොවේ.වෘත්තීය සිනමාවේදියෙක් නොවන සරත් වීරසේකර මහතායි.ඔහුගේ මේ වෑයම මා ඉතසිතින් අගයන්නේ එබැවිණි//
මා නම් කියන්නේ බැරි වැඩ නොකරන් අබරෝ කියාය . හමුදාවේ සිටි පලියට හැම කෙමනක්ම කල නොහැක , දේශපාලනය කොරන්නට ගියා එකා හිරේය , චිත්‍රපටි හදන්නට ගිය එකා චිත්‍රපටියක ටෙලි නාට්‍යක් ගසා ඇත . දෙදෙනාම ආසාර්ථකය . වෙනස ගාමනි ආර්ථික වශයෙන් ලාභ දායකය . කවුරුන් දනීද ? හිරේ ලැගීමත් දේශපාලනිකව වාසි සහගත විය හැක :D
බුවා දුටු ඉහත සියළු දුර්‍වලකම් අතරෙ තිබුණු තව දෙයක් තමයි හමුදාව සම්බන්ධයෙන් තිබුණු දේවල්. උදාහරණයක් විදියට අර හැත්තෑ ගණනකගේ මළමිනී අතරින් යන මේජර්වරයා යන්නේ “සන්ග්ලාස්“ දාගෙන.ඒක හරිම අතාත්විකයි. අනික හමුදා නිලධාරීන්ගේ ඇඳුම්වල ගහල තියන පදක්කම්, නිල ඇඳුමේ ඔවුන්ගෙ නම් ගහල තියන විදිය පවා අසාමාන්‍යයයි. අධ්‍යක්ෂකවරයා හමුදා නිලධාරියෙක් වෙලත් මෙව්වා මගහරවලා තියෙන වගත් පේනවා. ඒකෙන් වෙන්නේ අදාළ නිර්මාණයේ තාත්වික බව අඩු වීමකුයි.
ReplyDeleteඅනෙක් ප්‍රධාන කාරණේ තමයි මුල් පැය බාගයෙන් පස්සේ තියෙන වැඩිහරියක් ජවනිකා ඒක්කෝ ජෝක් නැතිනම් ඩබල් මීනින්. තව දෙයක් අච්චරකොටි ගහනවා කියන වෙලේ පණ බයෙන් දුවන කෙනෙක් මේ රත්තරන් බඩු දෙකතුනකට ජීවිතේ පරදුවට තියලා ආපහු යයිද? නැත්නම් පොඩි දරුවෙක් (ග්‍රාමාරක්ෂකයකු සමග වුනත්) ආපහු යවයිද? මේවා සාමාන්‍ය ලෝකේ සිද්ධ නොවෙන දේවල්නේ.. ඉතින් ඔය තේමාව සහිත කතාවකට ඒක ගැලපෙනවද?
@ ජය ශ්‍රී
//නමුත් ප්‍රතිවාදීන් 50ක් හිටියත් 100ක් හිටියත් වරකට එකෙකුට බැගින් සාර්ථකව මුහුණ දී බිම දමන (අනෙක් 49 හෝ 99 අතපය හකුලා බලා සිටින විට)කාර්ඩ් බොර්ඩ් වීරයන් ට වඩා ගාමනී හි අංගංපොර සටන් කරුවාගේ රංගනය නම් තාත්විකය.//
ඇයි ඔයා දැක්කෙ නැද්ද ඒයා අර භාවනා කරලා, කොණ්ඩය කඩා විසුරුවලා බල්ටි ගහලා එනකම් ආයුධ සන්නද්ධ කොටි දෙන්නා බලා හිටපු අපූරුව. එකෙකුට ගහලා මැරුවට පස්සේ තමයි අනික් කොටියා කඩුවත් අරං සටනට එන්නේ.ඒ කියන්නේ වරකට එකකු බැගින් තමයි..
32 අ
me jayasri lokka cricket comentry denna gihilla ehen nanawa film comentry denna gihin apahu nanawa. hema magulama deshpremi sunglass eken balanna epa bro!!!
ReplyDeleteඉතාම ව්‍යක්ත වියමනක්, චිත්‍රපටය කුමක් වුවත් බලන්න හිතෙන විදියට ලියල තිබෙන මේ වැනි අවංක විචාරයන්ය සිනමාවේ හා කලාවේ දියුණුවට උවමනා කරන්නේ කියල මට හිතුන.
ReplyDeleteචිත්‍රපටිය ගැන කරපු අවංක සිනමාත්මක් විග්‍රහයක්......චිත්‍රපටි විචාර කියලා බහුබූත ලියන ගොඩක් පණඩිතයන්ට...බුවාගේ මේ වෑයම ඇස් අරවන්නක්....
ReplyDeleteබැලුවේ නැති නිසා මුකුත් කියන්න බැහැ
ReplyDeleteලංකාවේ නැති නිසා බලනවානම් බලන්න වෙන්නේ ටොරන්ට් එකකින්
ඒත් ඉතින් දැන් බ්ලොග් වල ඉන්න ගොඩ දෙනෙක් ටොරන්ට් බලන අයට බනින නිසා කාගෙන්වත් ටොරන්ට් එකක් ඉල්ලනත් බයයි
ඒ නිසා මේකත් බලන්න බැරි වෙච්ච ගොඩට දාල අමතක කරලා දානවා,
හරියට අර ති.නා. මහත්තය සංරක්ෂණය කරන ෆිල්ම් වගේ
ඒවත් බලන්න ලැබෙන්නේ නැහැනේ ලේසියකට
මේ ෆිල්ම් එක ගැන කියද්දි ප්‍රධාන නළු නිළියන්ගේ රංගනය සහ සමහර අවස්ථාවන්වලදි යොදාගෙන තිබුණු කැමරා කෝණ පවා හොඳ මට්ටමක තිබුණු බවක් තමයි මම නිරීක්ෂණය කළේ. ඒත් මේ වගේ ෆිල්ම් එකක තිබිය යුතු බර ගතිය යම් පමණකට අධ්‍යක්ෂකගේ අවශ්‍යතාවන් මත හෑල්ලුවෙලා තියෙන බවත් කියන්න ඕනේ. මිනිස්සු කපා කොටා මරා දමන සිද්ධීන් බොහෝ තැන්වලදි ප්‍රේක්ෂක ඇහින් හංඟන්න ඔහු උත්සාහ කිරීම මීට උදාහරණයක්. ඒ වගේම ෆිල්ම් එක තුළ අස්වාභාවික අවස්ථාවන් කීපයකුත් ඉදිරිපත් වෙනවා මම දැක්කා. මීට අමතරව අධ්‍යක්ෂතුමා නිර්මාණකරණය සහ ස්වකීය පෞද්ගලික අවශ්‍යතාවන් එකට පටලවා ගැනීම ද යම් පමණක දුර්වලකමක්. සිංහලකම ෆිල්ම් එක පුරාවට අනවශ්‍ය පරිදි මතුකරලීම වැනි කාරණයක් පිටුපස තියෙන්නේ එවැනි දෙයක්.
ReplyDeleteකොහොමවුණත් අවසන් වශයෙන් මෙවැනි ලිපියක් ලිවීම සම්බන්ධයෙන් බුවාට ස්තූතිවන්ත වෙන්න මම කැමතියි. පහුගිය කාලය පුරාවට මේ ගැන කියවපු ලිපි අතරින් ඔබේ ලිපිය විශිෂ්ට මට්ටමේ පවතිනවා කියල කට පුරෝල කියන්න පුළුවන්. හිතට එන ආවේග ඔහේ අකුරු කරනවා වෙනුවට ඔබ බොහොම සංයමෙන් තම අදහස් පල කිරීම සිද්ධ කරල තියෙන
ෆිල්ම් එක නම් බැලුවා බුවා..හැම දෙයක්ම හරියටම හරි නැති උනාට මට නම අවුලක් නැතිව බලන්න පුළුවන් මට්ටමක තිබ්බා..මොනවා උනත් දවස් 50 ෆිල්ම් එක නොකඩවා පෙන්නුවා නේ.. ( තාමත් දුවනවා ද කොහෙද ? ) , ඉතින් ඒකම ලොකු දෙයක් නේ..
ReplyDeleteමට පොඩි අවුලක් තිබ්බ තැනක් තමයි , හමුදාවේ මේජර් "ඕක මගේ ඒරියා එක නෙවයි , ඒක හින්දා මට කරන්න දෙයක් නැහැ " කියලා කියන කෑල්ල.තමන්ගේ එහා ගමේ මිනිස්සු ගොඩක් මැරිලා ඉන්නවා ,ඒත් ආසන්නම හමුදා කෑම්ප් එකේ නිලධාරීන් ගම ආරක්ෂා කරන එක මගඅරිනවා කියන එක මට නම් අවුල් ..
චිත්‍රපටියේ සමහර අවස්ථා අතාත්වික ස්වරූපයක් ගත්තත් දැනට තියෙන බාල වර්ගයේ සිනමා නිර්මාණ අතුරින් ඉහලින් තියන්න පුලුවන් සිනමා පටයක් කියලා අවිවාදයෙන් යුතුව කියන්න පුලුවන්.
ReplyDeleteකාලයත් එක්කම වගේ අපේ සිනමාව දියුණු වේවි.
නිවාඩුවේදී බලලා ඉන් පස්සේ මේ කතිකාවට සම්බන්ධ වෙන්නම් . . .
ReplyDeleteමේ ප්‍රචාරක දැන්වීමක්;අවිවේකය තුල විවේකය සොයාගෙන තැබූ සටහනක්.වෙලාව තියෙනව නම් කියවල බලන්න.
ReplyDeletehttp://meeghaya.wordpress.com/2011/12/04/%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%81%E0%B7%92%E0%B6%9A-%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%9A-%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F-%E0%B6%B4/
වානිජ සිනමාව සම්භාව්‍ය සිනමාව කියල කර්මාන්ත දෙකක් නැහැ, වානිජ සිනමාව කියන වචනෙ තමන්ගෙ නිර්මාන වල තුට්ටු දෙකේ ගතිය සාධාරනීකරනය කරන්න අපේ අය භාවිතා කරනව මිසක්. සම්භාව්‍ය කියල අපේ අය හඳුන්වන්නෙ drama කියන genre එක. එක චිත්‍රපටි genre එකක් සම්භාව්‍ය කියන ගොඩට දාල අනිත් ඔක්කොම genre වානිජ ගොඩට දාන එක පුදුම වැඩක්. action චිත්‍රපටියක් හරි කොමඩියක් හරි උනු පලියට ඒකෙ හොන්ද කතාවක් තියෙන්න ඕනෙ නැහැ, හොන්ද කැමරාකරනයක් තියෙන්න ඕනෙ නැහැ, කියන එක නිදහසට කාරනාවක් නෙමෙය්. ඒක ලංකාවෙ සිනමා හොරු තමන්ගෙ කම්මැලි කම වහගන්න කියන කතාවක්. "අනේ ඉතින් අපේ ප්‍රේස්සකයො කැමති සරල වින්දනයට නොවෑ" කිය කිය මිනිස්සුන්ගෙ බුද්ධියට අපහස කර කර ජරාවල් හදල උන් කීයක් හරි හොයාගන්නව.
ReplyDelete@අනෝ1- :D
ReplyDelete@ඔබා,සබිත්,දුකා.ලොකු පුතා - බලලම කියමුකො එහෙනම්
@ප්‍රසන්න - ස්තුතියි අදහසට
@දයාල් , මය්යා - බොහොම ස්තුතියි
@උදාර - බොහොම ස්තුතියි
@චම්මා - ස්තුතියි අදහසට , බලා ඉන්න නම් බැරි කමක් නැ , අවුල තියෙන්නෙ කිසිම සිනමාත්මක ලක්ෂණයක් නැති එක . හමුදාවේ අය ඒරියා ගැන කථා කරනව ඇහුවමයි . මොක්ද ගෝනගල මායිම් ගමක් නම් ඔය කියන හමුදා නිලධාරියගේ නැත්නම් වෙන කාගෙ හරි ඒරියා එකක් වෙන්න ඕනි . එහෙම බෙදීමක් කරල නැත්නම් හමුදාව ඔහොම මගේ ඒරියා එක නොවේය කියන තැනක නැ , මාත් දන්න තරමින් .පොලිසිය නම් ඔහොම කථා කියනව
මධුරංග - සිනමාත්මක දෙයක් කරනව නම් දැනුත් කරන්න පුලුවන් , ස්තුතියි අදහසට
ReplyDeleteඇනෝ - වටින අදහසක් , ඇත්තෙන්ම ඔය වාණිජ- කලාත්මක කතන්දරය පටන් ගන්නෙ මම හිතන විදිහට අපේ අල්ලපු රටේ කට්ටිය . 60/70/80/90 දශක අරගෙන බැලුවොත් බොලිවුඩ් ප්‍රධාන සිනමා ධාරවේ තියන චිත්‍රපටි genres වලට වෙන් කරන්න පුලුවන්ද කියල ප්‍රශ්නයක් තියනව Drama වර්ගයේ චිත්‍රපටියක් ඉතාම කලාතුරකින් තමයි හැදුනා නම් . ඒ නිසා තමයි මම හිතන්නෙ ඔය වර්ගීකරණය එන්න ඇත්තේ . බොලිවුඩයේ හැම චිත්‍රපටියක්ම වගේ Action , Comedy , Romance ඔක්කොම තියන එකම මොඩලයක "විකිණීමට" හදනව ඒවා නිසා සත්‍යජිත් රායි ල වගේ නිර්මාන කරුවන්ගෙ නිර්මාන කලාත්මක අරව වාණිජ කියල වෙන් කරන්න ඇති . ඇත්තෙන්ම 2000න් පස්සෙ වැඩියත්ම 2005න් පස්සෙ තමයි බොලිවුඩ් සිනමාව Genres වලට වර්ග කරන්න පුලුවන් තැනක තියන විවිධාකාර චිත්‍රපටි හැදෙන තැනක් වෙන්නෙ . ලංකාවත් ඒ ආභාෂයම ගන්න ඇති . Drama වර්ගීකරණය ගැන කියවෙන විකි සටහනට අනුව (http://en.wikipedia.org/wiki/Drama_film.) සම්භාව්‍ය කියල අපි වර්ග කරන්නේ ඒකම තමයි කියන කාරණයට මාත් එකඟයි . කථාව හෝ චරිත විග්‍රහයේදී Drama චිත්‍රපටි තරම් ගැඹුරට නොගියත් සිනමාකරනය තුල ඕනිම වර්ගයකට අයත් චිත්‍රපටියක් සාර්ථක විය යුතුයි කියන කාරණයටත් මම එකඟයි . ඒ අනුව බැලුවාමත් ගාමනි මොනgenre එකටද දාන්නේ කියල ප්‍රශ්නයක් මතුවෙනවා . war drama(http://en.wikipedia.org/wiki/War_film)එකක් කියල කියන්න පුලුවන් ඒත් ආසාර්ථක
කියෙව්වෙමි ස්තුතියි අදහස් නොදක්වමි
ReplyDelete