Skip to main content

සිංහල බ්ලොග් අවකාශයේ ඇනෝ භීතිකාව !


මුලින්ම සඳහන් කරන්න ඕනි මේ ලියන්න හදන්නේ ඇනොනිමස් ආතල් බ්ලොග් එක ගැන එහෙම නෙවෙයි , බ්ලොග් වලට වැටෙන ඇනෝනිමස් කමෙන්ට්ස් ගැන . ඒ වගේම මේක ටික කාලයක් තිස්සේ බ්ලොග් අවකාශයය තුලදි  නීරික්ෂනය කරපු දේවල් ඇසුරෙන් ලියන දෙයක් මිසක් යම්කිසි නිශ්චිත සිදුවීමක් හෝ බ්ලොග් අඩවියක් මේකට අදාල වෙන්නේ නැ

ඇනෝනිමස් කමෙන්ට්ස් ගැන ලියන්නේ ඇයි ?

සිංහල බ්ලොග් අවකාශයේ වැඩි වශයෙන් භාවිතා වෙන බ්ලොගර් පැල්ට්ෆොම් එකේ ඇනොනිමස් හෙවත් නිර්නාමික කමෙන්ට් කරුවන් සම්බන්දයෙන් සමහර බ්ලොග් කරුවන් තුල අමුතු විරෝධයක් දකින්න තියෙයි . සමහර බ්ලොග් අඩවි ඇනෝ කමෙන්ට් බ්ලොක් කරල තියෙත්දි තවත් සමහර කෙනෙක් ඇනෝ කෙනෙක්ගේ අදහසක් සම්බන්ධයෙන් දක්වන මූලිකම ප්‍රතිචාරය තමයි "කොන්ද පණ නැති ඇනෝ" කියන එක . මෙන්න මේ කාරණය නිසයි ඇනෝ ගැන කථා කරන්නේ.


ඇනෝ කියන්නේ කව්ද ?

ඇනෝනිමස් කියන්නේ නිර්-නාමිකත්වය කියල සරලව හඳුන්වන්න පුලුවන් . බ්ලොගර් වලදි බ්ලොගර් හෝ වෙනත් බ්ලොග් සම්බන්ධ අයිඩී එකක් නොමැතිව කමෙන්ටුවක් පල කිරීමට තියන පහසුකම ඇනෝනිමස් කමෙන්ට් විදිහට හඳුන්වන්න හැකියාව තියනවා . බ්ලොග් ලිවීමක් නොකරන කෙනෙක් ඒ වෙනුවෙන් අයිඩී එකක් හදාගන්නවා නම් ඒ නිරන්තරයෙන් අදහස් පලකරන්න (උදා කාලයක් අපේ ඔබා අය්යා , එතකොට ගිම්හානි වගේ අය මේ කැටගරියෙ කට්ටිය ) . නමුත් බ්ලොග් කියවන්නන් අතර   අදහස් පල නොකර කියවාගෙන යන්නන් පිරිසකුත් ඉන්නවා . මේ පිරිස අනිවාර්යයෙන්ම නිරන්තරයෙන් අදහස් පලකරන අයට විශාලයි .  තමන් ඉතා හොඳින් දන්න විෂයක් ගැන කථා කරන ලිපියකදි ,ලිපියේ මතයට විරෝධය පල කිරීම අත්‍යාවශ්‍යයි කියල හිතෙන අවස්ථාවක වගේම ඉතාම හොඳ නිර්මාණයක් කියෙව්වාම නිර්මාණ කරුවාව අගය කරන්නත් මේ මේ පිරිසෙන් කෙනෙකුට ප්‍රතිචාරයක් පලකරන්න අවශ්‍යතාවයක් ඇති වුනොත් ඒ දේ ඉටුකරගන්න තියන මාර්ගය විදිහට ඇනෝ කමෙන්ට් පහසුකම හඳුන්වාදෙන්න පුලුවන් . ඒ වගේම තොරතුරු තාක්ෂණ සාක්ෂර තාවය අවම , මූලික ඉංග්‍රිසි දැනුමක් පමණක් තියන කෙනෙකුට වුනත් මේ පහසුකම යටතේ ප්‍රතිචාරයක් පල කරන්න පුලුවන් , මොකද ඔහු දැන සිටිය යුත්තේ ප්‍රතිචාරය සටහන් කරන්න ඕනි කොතනද සහ කම්න්ටුව පලවෙන්න අදාල බොත්ත්ම ඔබන එක විතරයි


ඇනෝලට එල්ල වෙන චෝදනා 

කලින් කිව්වා වගේම ඇනෝලට එල්ල වෙන ප්‍රධානම චෝදනාව වෙන්නේ කොන්ද පණ නැති කම . මේ තත්ව්ය වීවාද සම්පන්න මාතෘකා සාකච්ඡා කරත්දි වගේම අනික් අවස්ථාවලදිත් දකින්න  ලැබෙන බවයි මගේ නීරීක්ෂනය .මේ කොන්ද පණ නැති භාවය වශයෙන් බ්ලොග් කරුවන් අදහස් කරන්නේ අයිඩී එකක් නොමැති වීම  නිසා කිසිම හඳුනාගැනීමේ සලකුණක් හෝ කමෙන්ටුව පිලිබඳ වගකීමක් නැති වීම . ඒ නිසා ඇනෝ කමෙන්ට් වල අදහස් වල වැදගත් කමක් නැතිය කියන එකත් , ඒවාට පිලිතුරු දීමේ අවශ්‍යතාවයක් නැතිය කියන එකත් සමහර අය තුල දකින්න තියනවා . ඊලඟ චෝදනාව වෙන්නේ ඇනෝ ඇවිත් කුණුහරුප කීම , මාතෘකාවට කිසිසේත්ම අදාල නොවන විකාර පලකිරීම ඇතුලු ඇනෝ පහසුකම අව-භාවිතා කිරීම . ඒ වගේම  ලේඛකයාට පුද්ගලිකව පහර ගැසීමත් ඇනෝලාට තියන චෝදනාවක් . ඒ අතරම සමහර බ්ලොග් කරුවනුත් තමන්ගේ අයිඩී එකෙන් කියන්න බැරි දේ ඇනෝ ඇවිත් කියනවාය කියල චෝදනාවකුත් දකින්න තියෙයි

අයිඩී එකක් තිබූ පමණික් අනෙන්‍යතාවක් තියෙනවාද ?

අන්තර්ජාලයේ ස්වාභාවය එක්ක සැලකුවොත් මේ ප්‍රශ්නයට දෙන්න තියන උත්තරය වෙන්නේ කොහෙත්ම නැහැ කියන එක . මොකද අන්තර්ජාලයේ නොමිලේ ලබාදෙන අයිඩී ඕනැම එකක් ඕනිම අනුවර්ථනාමයක් භාවිත කරල ලබාගන්න හැකියාව තියන නිසා . මේ අයිඩි එකක් භාවිතා කරල දක්වන අදහසක්  සහ ඇනෝ අදහසක් අතර තියන එකම වෙනස ඇනෝ වෙනුවට අර අයිඩි එකේ නමින් ආමන්ත්‍රණය කිරීමේ හැකියාව තිබීම පමණයි . බ්ලොග් එකක් තියන කෙනෙකුගේ අයිඩී එකක් සැලකීමෙදි මේ තත්වයේ පොඩි වෙනසක් තියනවා , ඒ අදාල අයිඩි එක තුල සයිබර් අවකාශයට පමණක් ආවෙණික අනෙන්‍යතාවයක් තියනවා . ඔහු කලින් තමන්ගේ බ්ලොග් අඩවියේ පලකල ලිපියක අදහස  හෝ වෙනත්  බ්ලොග් අඩවියක පලකල අදහස් මත ඔහු දක්වන ප්‍රතිචාරයකට පසුබිමක් තියනවා . ඒ වගේම සිංහල බ්ලොග් අවකාශය ඇතුලත ඔහු වෙනම පුද්ගල චරිතයක් විදිහට හඳුනාගැනීමක් තියනවා . ඇට මැස්සා , මහ වෙදනා , කණ්ඩුල , නෝ ෆ්‍රේම්, බුවා   ආදි වශයෙන් හඳුනාගන්න මේ චරිත සයිබරයට පමණක් සීමා වුනු ඒවා . ඒ අයගේ සැබැ ජීවිත වල තත්වය , ඔහුගේ නම ගම , ඔහුගේ සමාජ තත්වය මේ කිසි  දෙයක් අනෙකුත් අය දන්නේ නැ . නමුත් සිංහල බ්ලොග් අවකාශය හරහා ගොඩ නැඟුනු මිතුදම් නිසා පෞද්ගලික ජිවිතයේදී සුහද හමුවීම් , සාද ආදිය නිසා සයිබරයෙන් පිටතදි එකිනෙකා හඳුනාගත් අය සැහෙන ප්‍රමාණයක් බ්ලොග් අවකාශය තුල ඉන්නවා. මේ අය  නම් එකෙනිකා සම්පූර්නයෙන් හඳුන්ගත් චරිත , ඒ නිසා ඔවුන්ගේ අදහසත් එක්ක සැබැ ජීවිතයේ අනෙන්‍යතාවට් එකතුවෙල තියනවා . තමන්ගේ සම්පූර්න නමින් බ්ලොග් කරණයේ යෙදෙන අනෙන්‍යතාවය සඟවා නොගත් පිරිසකුත් බ්ලොග් කරණයේ ඉන්නවා . මේ අය සැබැ ජීවිතයේ හඳුනාගන්නා පිරිස තරම් නොවුනත් අනෙන්‍යතාවයක් සහිත අය ,සයිබරයේ වෙනත් ගිණුම් බ්ලොග් කරනයට සම්බන්ධ කිරීම හරහා මේ තත්වය තවත් වැඩි වෙලා තියනවා . බ්ලොග් නොලියන එහෙත් නිරන්තරයෙන් අදහස් පලකිරීම වෙනුවෙන් අයිඩී එකක් භාවිතා කරන අයත් ඉහත කියපු ඕනිම කාණඩයකට අයත් වෙන්න පුලුවන්

ඇනෝ බවේ ප්‍රභලතාවය

ඇනෝ  වීම තුල ප්‍රභලතාවයන් කිහිපයක් හඳුනාගන්න පුලුවන් .ප්‍රධානම දේ තමන් යම් මොහොතක පවසන දෙයක් සම්බන්ධයෙන් අතීතයේ හෝ වර්ථමානයේ කිසිදු සම්බන්ධයක් නොමැති වීම . අයිඩී එකක් තියන ඕනිම කෙනෙක් එක් වාරයකට වඩා අදහස් පල කරනවා නම්  මේ තත්වය අවලංගු වෙනවා . මොකද තමන් කලින් දරපු ස්ථාවරයක් වෙනස් කරනවා නම් හෝ අනාගතයේදී වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා නම්  පල කරන කමෙන්ටුව ගැන වඩාත් සැලකිමත් වෙන්න වෙනවා . සැලකිල්ලකින් තොර ඔහේ හිතට එන ඕනැම දෙයක් ලියන කෙනෙක් වුනොත් අදාල අයිඩි එක තියන පුද්ගලයාගේ අදහස් කිසිම වටිනා කමක් නැති තත්වයට පත්වෙනවා . නමුත් ඇනෝ අදහසකට මේ තත්වය නැ  යම් ප්‍රතිචාරයක් පලකලොත් ඒක ඒ මොහොතට විතරයි , ඒ පිලිබඳ වාදයකට එලඹුනොත් ඒකත් ඒතනට විතරයි . ඒ වගේම එක ඇනෝ කෙනෙකුට වඩා වාදයකට එකතු වෙන ඕනිම අවස්ථාවක වාදයෙන් පැන යන්නත් ඉතාම පහසුයි . ඇනෝ වීම තුල තියන ඊලඟ ප්‍රභලතාවය තමයි ඕනිම අදහසක් බය නැතුව ඉදිරිපත් කිරීමේ හැකියාව . මෙතනදි අයිඩි එකක් තියන කෙනෙක් සමහර විටක තමන් ගේ වචන භාවිතාව ගැන , දේශපාලන කාරනයක් නම් රටේ තත්වය ගැන ආදිය ගැන සිතන්න වෙනවා අනෙන්‍යතාවයක් හඳුනන  කෙනෙක් නම් මේ තත්වය තවත් වැඩියි . නමුත් ඇනෝ අදහසක් ඒ මොහොතේ සටහන් කිරිමට එහා දෙයක් නැති නිසා ඕනිම කාරණයක් වඩාත් විවෘතව ඕනිම භාෂාවකින් ඉදිරිපත් කිරීමේ හැකියාව තියනවා . ලිපියක් හෝ බ්ලොග් කරුවෙක් තදබල ලෙස විවෙචනය කිරීමේ හැකියාව ත් ඇනෝ වීම තුල තියන ප්‍රභල තාවයක් . සැබැ ජීවිතයේදී අඳුනා ගත් අය සයිබරයෙන් එහා ලෝකය තුලදි මිතුරන් බවට පත්වෙනවා . එහෙම ඇතිවුනු මිතුරෙක් යම් ලිපියකට කරන විවේචනයක් නිසා තරහ කරගන්න අකමැත්ත නිසා ප්‍රභල විවේචනයන් එල්ල කිරීම දකින්න ලැබෙන්නේ අවම වශයෙන් . සැබැ ජිවිතයේදී හඳුනන්නේ නැතත් බ්ලොග් කරනය හරහා සයිබරය තුල ගොඩ නැගුනු මිතුදමක් තිබුනත් ප්‍රභල විවේචනයකට යන එක සිදුවෙන්නේ නැහැ . නමුත් මේ කිසිම කාරණයක් බලනොපාන ඇනෝ කෙනෙකුට රිසිසේ තමන්ගේ හිතට දැනෙන අවංකම හැඟිම් සටහන් කරලා විවේචනය කිරීමේ හැකියාව තියනවා

ඇනෝලාට ඉඩ දිය යුත්තේ ඇයි ?



01) ඇනෝලාට ඉඩදිය යුතු වීම සඳහා මම දකින ප්‍රධානතම සාධකය වෙන්නේ කලින් චේදය තුල සටහන් කරපු ප්‍රභලතාවයන් . ඒ හැම ප්‍රභලතාවයක් නිසාම ඇනෝ කමෙන්ට් කරුවෙකුට යම්  ලිපියක් පිලිබඳ ප්‍රභල සංවාදයක් ගොඩ නගන්න , බ්ලොග් කරුවාගෙ ස්ථාවරයට සාර්ථකව පහර ගහන්න හැකියාව තියනවා . මේ තුලදි තමන්ට හිතවත් අය විතරක් පිරිවරාගෙන  එකම අදහස තහවුරු කිරීමේ ක්‍රියාවලිය නතර වෙනවා

02) මම මුලින්ම සඳහන් කරපු විදිහට නිරන්තරයෙන් බ්ලොග් කියවන ඉඳහිට අදහස් දැක්විමේ අවශ්‍යතාවයක් තිබෙන අය ඉන්න පුලුවන් , ඒ අය වෙනුවෙන් ඇනෝ කමෙන්ට් පහසුකම විවරව තැබීම ලේඛකයාගේ යුතුකමක්

03) ඇනෝ භාවිතා නොකර අයිඩී එකක් හරහා ආ පමණික් පුද්ගලයෙකුගේ සැබැ අනෙන්‍යතාවයක් මතුවෙන්නේ නැ , ඒ වගේම යම් මතයක් ප්‍රකාශ කිරීමේදි එය කරන්නේ කව්ද කියන එකට වඩා වැදගත් වෙන්නේ අදාල අදහස . ඒ නිසා ඇනෝ ආ පමණින් කොන්ද පණ නැති වෙන්නේ නැ .

04) අව භාවිතාව කියන්නේ අන්තර්ජාලයට සුලභ කාරනයක් , ඇනෝ පහසුමක විතරක් නෙවෙයි අයිඩී එකක් වුනත් අවභාවිතාවේ යොදවන්න පුලුවන් . ඒ සඳහා උදාහරනත් බ්ලොග් අවකාශයේ අතිතයේ තියනවා (ප්‍රොෆයිල් වලින් දාපු කුණුහරුප කමෙන්ට් ) , තමන් නිතර බ්ලොග් අඩවියට පැත්තේ  නොයෙන කෙනෙක් නම් මේ අව භාවිතාවන් නිසා වෙන හානිය කමෙන්ට් මොඩරේඩ් කිරීමෙන් වලක්වාගන්න පුලුවන් (හැබැයි තමන්ට විරුද්ධ අදහස් මකන්න මොඩරේට් කරනවා නම් ඒක වැරදියි )

මගේ ස්ථාවරය 


මේ බ්ලොගයත් ආලකම්න්දාව  හා බ්ලොග් ප්‍රොමෝ මගේ අනිකුත් බ්ලොග් දෙකත් අනෝ කමෙන්ට් සඳහා  සැමදාටම විවෘතයි . මේ වන විට නම් කිසිම කමෙන්ට් මොඩරේට් කිරීමක් නැ . නමුත් එහෙම අවශ්‍යතාවයක් ඇතිවුනු වෙලාවක යොදාගන්න බලාපොරොත්තු වෙනවා (උදා - එක දිගට දාන කුණුහරුප කමෙන්ට් ) . මාතෘකාවට අදාල දේකට හෝ මාව විවේචනය කරන්න භාවිත කරන කුණු හරුප කමෙන්ට් වත් මැකීමක් සිදුවෙන්නේ නැ , කිසිම අදාලත්වයක් නැති  දේවල් සහ වෙනත් බ්ලොග් කරුවෙක්ව කුණු හරුප කියල විවේචනය කරනවා නම් ඒ දේ මකන්න සිදුවෙනවා . යම්කිසි විදිහකින් කමෙන්ටුවක් මැකුවත් ඒක කරන්නේ පබ්ලිශ් කිරීමක් කරලා , ඒවගේම මකන්න හේතුවත් සටහන් කෙරෙනවා . හැකියාවක් තියේ නම් කුණුහරුප ඉවත් කරපු කමෙන්ටුව මගේ කමෙන්ටුවක් විදිහට සටහන් කරන්නත්  පුලුවන් . \

මේ තමයි මේ පිලිබඳ මගේ ස්ථාවරය . මේ පිලිබඳ ඔබේ ස්ථාවරයත් එක්ක සංවාදයකට එකතු වෙන්න ආරාධනා කර සිටිනවා . මේ ලිපිය භාගෙට ලියමින් ඉත්දි විවේචන බ්ලොග් අඩවියේ මේ මාතෘකාව පිලිබඳ ලිපියක් පලවෙලා තිබුනා එතනදි මේහෙම ලිපියක් ලියාගෙන යනබවත් සටහන් කලා . ඒ  ලිපිය නිසා මේ ලිපිය සම්පූර්න කරන එකේ අවශ්‍යතාවයක් නැතිය කියල හිතුනත් විවේචක බ්ලොග් අඩවියේ ඇඩ්මින් තුමා කරපු ඉල්ලීමක් නිසා මේ ලිපිය පල කරන්න තීරණය කලා

ප.ලි - විවේචක බ්ලොග් අඩවියේ අපුරු  ඇනෝ කමෙන්ටුවක් පලවෙලා තිබුනා , ඒක තමයි පහල තියෙන්නේ , ඇනෝ නිසා සත්‍යතාව තහවුරු කරගන්න බැරි උනත් ඒ කථාව සත්‍යයක් නම් ඇනෝලාගෙ කොන්දේ පණ හොයන අයට ඒක හොඳ පිලිතුරක් වේවි !


ලිපියට බොහොම ස්තුතියි.මා පුර්ණකාලීන අනොනිමසෙයෙක්.මා බ්ලොග් ලියන්නේ නැහැ.මා නම් ප්‍රතිපත්තියක් වශයෙන් කුණුහරුප ලිවීම සහ පුද්ගලික මඩ ගැසීම් කරන්නේ නැහැ.මටනම් ඇනෝ කෙනෙක් ලෙස පෙනී සිටීමට බලපාන හේතු තියෙනවා පළමු කාරණය මා ආරක්ෂක අංශ සාමාජිකයෙක් වීම.එනිසා මාහට යම් යම් සීමා වලට යටත්වීමට සිදුවේ.අනිත් අතට මා කුමන අයුරින් හෝ ප්‍රසිද්ධියට ප්‍රිය නොකිරීම තවත් හේතුවකි.කොන්ද සම්බන්දව මට නම් ගැටලුවක් ඇත මන්දයත් යුද ගැටුමකදී එය බිදී ගීය නිසා.නමුත් එය ලිවීම සඳහා බාදාවක් වී නැත.





Comments

  1. ඔබේ හොඳම පොස්ට් එකක්.

    ReplyDelete
    Replies
    1. බුද්දාගමට අනුව සිත කියන්නේ නිතර වෙනස් වෙන දෙයක් ... එකට පරණ අදහස් එක්ක සම්බන්දයක් නෑ... එහෙම තියෙද්දී නමක් දාගෙන අපි මේ මෙන්ටන් කරන්නේ තනිකරම බොරුවක් (බවුද්ද්යෙක් විදිහට ) , ඇනෝ කියන්නේ ඒ වෙලාවට හිතට එන දේ ... එකය් යථාර්තයට වඩාත්ම සමීප ..........

      Delete
  2. ඇනේ තිබිය යුතුයි...හැබැයි අමු කුනුහරුප කීම නම් අනුමත කරන්නේ නෑ.අයිඩී වලින් ඇවිත් දාන ප්‍රතිචාර සීයක් කැපෙනෙව එක ඇනෝ ක්මෙන්ටුවකින්..බොරුද මම කියන්නේ?

    ReplyDelete
    Replies
    1. නිකං බොරුවට ඇනෝ ඉන්ඩ ඔනේ තමයි වගේ කතා කියල ඊට පස්සෙ කුනුහරුප දානවා කියල ඇනෝලට මඩ ගහන්ඩ එපා. කෙලින් කියන්න ඔය ඇනෝලට කැමති නැහැ, ඔයාට උත්තර දෙන්න බැරි දේවල්, විවෙචන උන් කරන නිසා කියල. හොඳයි ඒත් ගඳයි වගේ ගොන් පාට් දාන්ඩ එපා. බ්ලොග් ලියන එවුන්ම තම්යි 80% ඇනෝලා.

      Delete
    2. බොස් මොකද වලිගෙ පාගගෙන...මාසෙවත් මාරු වුනාද?කමෙන්ට් එක් හරියට කියවල හිටියනම්

      Delete
    3. මේක මුඩුක්කුවයි නෙමෙයි , මේක කියවන්න ස්ත්‍රී පාර්ශවයත් එනව, ඒ හින්ද වැදගත් විදියට ලියන්න.

      අනික ඔබව වදාපු අම්ම කෙනෙක් ඉන්නව නම් ඒ වැදුවෙත් ඔය කියන... මාරු වෙන හින්ද තමයි. දන්නේ නෑ ඔබ හදාගත්ත එකෙක්ද කියල, කතාවෙන් නම් පේන්නේ මතය අභියෝගයට ලක්වෙනකොට සරම කරට ගන්න ජාතියේ ලාමක , හරි හමන් අම්මෙක් අප්පෙක් නැති එකෙක් වගේ.

      Delete
    4. ..කතාවෙන් නම් පේන්නේ මතය අභියෝගයට ලක්වෙනකොට සරම කරට ගන්න ජාතියේ ලාමක ..

      දැන් ඉතින් මෝඩය වගෙ හික් ගාපන් ;)

      Delete
    5. කස්සා - කුණු හරුප නම් මොඩරේට් කරල වලක්වන්න පුලුවන් ?

      Delete
  3. බුවා අයියගේ බ්ලොග් එකේ කුනුහරුප කොමෙන්ට් මකලා දාන්ට. නැත්තම් SBU නැමැති අඩවියේ කාලිංග උත්තමයාන්ට කෝප වී ඔයා බ්ලොග් අවකාශයෙන් පන්නා දමාවි. එහෙම උන අය මේ බ්ලොග් අවකෘශයේ ඉන්නවා හොයලා බලන්න

    ReplyDelete
    Replies
    1. බලමු එහෙම තත්වයක් ආවොත් මොකෝ කරන්නේ කියල

      Delete
  4. අපි නොදන්න කුනුහරුප! වෙන්න ඕනෙ ඇනෝ තහනමක් නොව කොමෙන්ටු මොඩරේට් කිරීමයි. මගේ බ්ලොගයේ දී ඉවත් කිරීමට සිදුවූ එකම කොමෙන්ටුව වෙනත් බ්ලොග්කරුවෙකුට තවෙකෙක් කල අපහාසාත්මක ප්‍රකාශයකි.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ මචෝ! කුනුහරුප දැම්මම මූ බඩ වෙයි වගේ කතාව. හැබැයි කතා කරන්නවත් දන්නේ නෑ

      Delete
    2. මොකද මේ මගෙ පස්සෙ..?පරණ තරහක් වත්ද?

      Delete
  5. ඇනෝ කමෙන්ට් නම් අවුලක් නෑ.ඇනෝලා කියන සමහර දේවල් වලින් අපේ තියෙන වැරදි අඩු පාඩු හදාගන්න පුලුවන්. නමුත් අවුල තියෙන්නේ ඇනෝලා ගෙඩිය පිටින්ම කුණුහරුප ලියන එක !!!

    ReplyDelete
    Replies
    1. කුනුහරුප ලියනව නම් මොඩරේට් කරපංකො උනහපුලුවෝ. උඹලගේ එක්ස්කියුස් එක ඒක පිට දාල ඇනෝලා වාරණය කිරීම නේ? ලැජ්ජයි බං , සල්ලි දීල කොන්දක් ගනිං.

      -රියල් කස්ස

      Delete
    2. මධුරංග - ස්තුතියි අදහසට

      රියල් කස්සා - මධුරංගගේ බ්ලොග් එකේ ඇනෝ කමෙන්ට් දාන්න පුලුවන් බවක් තමයි පේන්න තියෙන්නේ

      Delete
  6. මේක ඉස්සර වෙච සිදු වීමක්, 2009 අන්තිම හරියේ කාලිංග උ‍ගේ කින්ඩියේ නිති වෙනස් කලා. ඕකේ තිබුන එක නීතියක් තමා අසභ්‍ය ප්‍රතිචාර තිබෙුනොත් බ්ලොග් අඩවි ඉවත් කරනවා කියන නීතිය. මෙක ප්‍රයෝජනයට ගත්තා වැප්, බ්ලොග් අවකාශට ඇවිල්ලා මාසයයි වෙනනේ වැප්, හැදුවා ලාංකීය සිතුවිලි කියලා සිංඩිකේටරයක්.

    ඒකට බ්ලොග් නෑ මිනිස්සු හැමෝම විශ්වාස කලේ SBU එක විතරයි. වැප් මේකට ලස්සන මාස්ටර් ගේම් එකක් හැදුවා. (ඒ ගේම් එකට සෙට් උනා වැප්,කනියා,චතුරංග යන අය) මෙයාලා SBU එකේ තියෙන සෑම අඩවියකම කුනුහරුප කමෙන්ට් දැම්මා. කාලිංගත් එයාගේ බ්ලොග් ඉවත් කරන වැඩේ ලස්සනට කරන් ගියා.

    ReplyDelete
    Replies
    1. ගොං කතා කියන්න එපා . මගෙ බ්ලොග් හතරේම කුනුහරුප කොමෙන්ට් තියෙනවා. ඒව අයින් කලේ නැහ. කාලින්ගට කෙලෙවුනේ ඌ දේශපාලන බ්ලොග් වෙනම දාන්න ගිය නිසා. වැප් ගේ සිංඩිය නිකම්ම පිරුනා, කාලින්ගගේ ගොන් වැඩ නිසා.

      Delete
  7. පහන් (හත්මාලුව)January 26, 2012 at 9:08 PM

    කාලිංගයා මතක් වෙනකොට මගේ ඇගේ මාලු නටනවා. උෘ නිසානේ අද මම මේ හැමදාම රෑට ‍මගේ සිංඩියේ Post වල Title Clik කරලා Hits මවන්නේ දැන්නම් ‍මගේ අතත් රිදෙනවා.

    ReplyDelete
  8. සෝන් මාමා ඇවිත්

    ReplyDelete
  9. අමතක උනා
    අර සෙට් එකේ තව හිටියා තරිඳු බුද්දි සුමින්ද

    ReplyDelete
    Replies
    1. ලාංකීය සිතුවිලි සෙට් එකේ හිටපු චතුරංග රෑපසිංහට මොකඩ උනේ.? තමන් කැපු වලේ වැටුනා. විස්තරේ බලාගන්න පුලුවන් උගේ බ්ලොග් එකෙන්ම

      Delete
  10. එදා ඉඳන් අද වෙනකල් කාලිංගයි වැපයි නැත්නම් උබලට තියෙන්නේ වේලිච්ච බ්ලොග් තමයි. කෝ සෝන් මල්ලි උන්නාට දැන් සින්ඩි හදනවයෑ. ඔන්න අදත් ලෝකේ පුරා ඕන කෙනෙකුට ඩවුන්ලොඩ් කරගන්න පුලුවන් වර්ඩ්ප්‍රෙස් තීම් එකක් වෙනස් කරලා එයාගේ නමින් දාගෙන

    ReplyDelete
    Replies
    1. මම උබ හදපු එක බන් Copy කරේ :P

      Delete
  11. කියන්ට කිසිත් නොමැත සියළු කරුණු හා එකඟවෙමි. මුලින්ම දනගන්න ඕන බ්ලොග් කියන්නේ මොකක්ද. අන්තර්ජාලය කියන්නේ මොකක්ද කියන එක. අනික අපි කොහොමද මාධ්‍ය නිදහසක් ගැන කතා කරන්නේ. ඇනෝලට ඉඩක් දෙන්නේ නැතුව.. කුණුහබ්බ අවශ්‍ය තැණුත් තියෙනවා අනවශ්‍ය තැනුත් තියෙන්වා. ඉතින් ඒවා පාලනයටත් මේකේ පහසුකම් තියෙන්වානේ. ප්‍රධාන හේතුව මනුෂ්‍යා කියන සත්වයා ක්‍රිටිසිසම් වලට එහෙම නැත්නම් රුදුරු විවේචනයට කැමති නැති වීම. නමුත් මගේ මතයනම් අගය කිරීමට වඩා වඩින්නේ හෙලාදැකීම්. ඒකේ සාධාරනවත්වය, විවේචකයා, විවේචනයට බදුන් වන්නා සහ විවේචන කියවන්නා හෝ සවන් දෙන්නා අනුව සාපේක්ෂයි..

    ReplyDelete
    Replies
    1. අනිවා අගයකිරීමට වඩා විවේචනය වටිනවා.

      Delete
  12. කාලීන වගේම විස්තරාත්මක විචාරයක් බුවා... මේ බ්ලොග් එකේ මම කියවන්න ආසම මේ වගේ ආකෘතිගත (Structured) ලිපි... මොකද ඕනෙම පොඩි එකෙක්ට ඒවා කියවලා තේරුම් ගන්න පුළුවන් නිසා...

    ලිපියේ අදහස් ගැන නම් උඩින් එකඟයි. මගේ බ්ලොගේත් ඇනෝලට සදා විවෘතයි. බුවා කියපු කොන්දේසි ඇතුලේ.

    ඇනෝ පහසුකම වැරදියට භාවිතා කරන එකෙන් වෙන්නේ හැම ඇනෝම බ්ලැක් වෙන එක. ඒකට මම යෝජනා කරන්නේ ඇනෝ කමෙන්ට් එක යටින් නම සඳහන් කරන එක. එතකොට ස්ථිර අනන්‍යතාවයක් අවශ්‍ය, ඒත් ප්‍රොෆයිල් එකක් හදාගන්න කම්මැලි/නොදන්නා අයට තමන් කවුද කියලා පෙන්නන්න පුළුවන්... ඕකත් ඉතින් වැරදියට පාවිච්චි කරන්න පුළුවන්. මොහොමඩ් ගේ බ්ලොග් එක තිබුණු කාලේ ඔරිජිනල් ප්‍රොෆයිල් වලටත් ෆේක් හදලා තිබුනේ !!!

    @ AnonymousJan 26, 2012 07:34 AM : වැඩේ ඇත්ත නම් මාස්ටර් ප්ලෑනක් නේ !!! හික්ස් !

    ලිපියට ගොඩක් ස්තුතියි බුවා. පුංචි දෙයක්...
    //කලින් චේදය තුල// මෙතනදී ඡේදය තමා නේද හරි. ඔය "ච" යන්නෙම Shipt අකුර... තරහා ගන්න කාරි නෑ හරිය !

    ජයවේවා ! 

    ReplyDelete
    Replies
    1. ස්තුතියි , වැරැද්ද පෙන්නුවාට ස්තුතියි දැන් දැක්කේ

      Delete
  13. "ඇනෝ භාවිතා නොකර අයිඩී එකක් හරහා ආ පමණික් පුද්ගලයෙකුගේ සැබැ අනෙන්‍යතාවයක් මතුවෙන්නේ නැ , ඒ වගේම යම් මතයක් ප්‍රකාශ කිරීමේදි එය කරන්නේ කව්ද කියන එකට වඩා වැදගත් වෙන්නේ අදාල අදහස . ඒ නිසා ඇනෝ ආ පමණින් කොන්ද පණ නැති වෙන්නේ නැ".

    සිංහල බ්ලොග් අවකාශයේ පොරවල්සේ(ස්ත්‍රී පුරුෂ බේදයෙන් තොරව) වැජඹෙන සමහරු ඇනෝ කමෙන්ට්වලට බයයි, ඒ අයගේ බොළඳ තර්කයක් වන්නේ ඇනෝලාට කොන්දක් නැති බවයි. ඒත් ඇත්ත වන්නේ ඔවුන් ඇනෝ කමෙන්වල පලවන මතයන්ට පිළිතුරු දීමට තරම් කොන්දක් ඔවුන්ට නැති බවයි.

    ඇනෝ වේශයෙන් ඇවිත් කුණුහරුප කියන පුද්ගලයින්ට නම් කොන්ද පිළිබඳ ප්‍රශ්ණයක් ඇතියි මාත් හිතනවා. නමුත් මෙය ඇනෝ සියල්ලන්ටම කොන්දක් නැතැයි කීමට හේතුකරගැනීම කුහක කමකි.
    - ප්‍රොෆයිල් එකක් හදා ගැනීමට කම්මැලි ඇනෝ කෙනෙක්

    ReplyDelete
  14. මමත් හිතන්නේ ඔබ ලියූ ඉතාම වැදගත් ලිපියක්. මම නම් ඇනෝලත් එක්ක තරහා නැහැ. ඔබගේ අදහස් වලට 100% එකඟයි. හැම වචනයක්ම පරිස්සමින් ලියා තිබෙනවා. ඇනෝල කරන්නෙත් අපි කරන දේමනෙ. නොසරු වදන් හැර ඕනෙම දෙයක් ලියන්න හැමකෙනෙක්ටම අයිතියක් තියනවා.

    ReplyDelete
  15. ඇනෝලාගේ නිදහසට ජයවේවා!!

    ReplyDelete
  16. සිරා ලිපිය. සෑමා ඇනෝලට උපරිම ඉඩ දෙනවා. කලින් මට කුණුහරපෙන් බැනපු එකක් මම එහෙම්මම තවම තියල තියෙනවා. ඇනෝ කමෙන්ට් වැදගත්. ඒත් සමහරු කරන්නේ කුණුහරපෙන් පෝස්ට් එකට අදාල නැති කමෙන්ට් දාන එක. ඒක වැරදි වුනත් ඒ කමෙන්ට්වත් මම මකන්නේ නැහැ.

    ඇනෝ යනු සයිට් එකක හිට්ස් වැඩි වීමට හේතුවක් බව පැහැදිලිය.

    ReplyDelete
    Replies
    1. බොහොම හොඳ ප්‍රතිපත්තියක් සහෝ..ස්තුතියි අදහසට

      Delete
  17. සෑහෙන්න වැදගත් කමක් ඇති ලිපියක් යාළුවා.. මොන දේට එකඟ නොවුනත් මේ කාරණාව සම්බන්ධයෙන් නම් මම ඔබතුමා සමග එකඟ වෙනවා.. එල!

    ReplyDelete
  18. oya marayage horawa liyana modaya thamai anolata baya.. u thamai apata attack kare mulinma. puduma wenna deyak na ithin. kisima adyapanayak nathi thaman ara porak na kiyala hithana gon thadiyekne ithin u..

    ReplyDelete
    Replies
    1. ado.... ape maarayata kari part daanna enna epa harida

      Delete
    2. මාරයාගේ ඇනෝ විරෝධය මාත් දැකල තියන දෙයක්

      Delete
  19. ම්ම්ම්... වැදගත් ලිපියක්, මමත් තව ටිකක් හිතන්නෝන මේ ගැන!

    ReplyDelete
  20. මාරයා මහ ගොන් බුරුවෙක් ඕකා ඉගෙන ගත් උන් එක්ක ඉරිසියයි. උෘ ඉගෙන ගෙන නැති නිසා ඉගෙන තියෙන උන්ට ඕකා කියන්නේ මානසික ලෙඩ්ඩු කියලා. උගේ ඇනෝ කමෙන්ට් ඩිසිබලි කරලා තියෙන්නේ වැරදිලාවත් මෑන් කියන්නේ අමුම අමු මෝඩයෙක් කියලා කොමෙන්ට් කරොත් හෝ කරලා වෙන්ට ඇති

    ReplyDelete
    Replies
    1. මාරය තමන්ට එන විරෝධතාවලදි හැසිරෙන විදිහ මාත් අනුමත කරන්නේ නැ , ඔබ ඉදිරිපත් කරන හේතුවද කියන්න නම් නොදනිමි

      Delete
  21. එකඟ වෙන්න පුළුවන් ලිපියක්...

    මමත් කවදාවත් ඇනෝ කමෙන්ට් බ්ලොක් කරන්නේ නැහැ කියන මතයේ ඉන්න කෙනෙක්..
    ඇනෝ ඇවිත් මට බැනල ගියත් මම ඒක තියනවා
    හැබැයි ඒක අනවශ්‍ය විදිහට දරුණු කුණුහරප ප්‍රහාරයක්නම් පමණක් මකල දාන්නත් ඉඩ තියෙනවා(සමහර විට)
    නමුත් කමෙන්ට් මොඩරේට් කරන්න බලාපොරොත්තුවක් නැහැ
    ඒක කමෙන්ට් කරන අයට හිසරදයක් කියල මට හිතෙනවා

    ReplyDelete
    Replies
    1. මමත් කාලයක් මොඩරේට් කලා , ඒත් ඒක කමෙන්ට් කරන අයට වදයක් නිසා අයින් කරල තියෙන්නේ , පෙරමුණේ රාල අඩවියේ ලිපියක් ගැන ගිය විවාදයකදි නිකන් ඉලක්කම වගයක් දාපු කමෙන්ට් එකක් මැකුවය කියල චෝදනාවක් ආව නිසා එදා ඉඳන් මොඩරේට් කිරීම නෑ

      Delete
  22. මේ කතාවට මං එකඟයි.

    කතන්දරකාරයා යන්නද එක්තරා ඇනෝ නමකි. එය ඇනෝ නොවන්නේ මං බ්ලොග් සංසදයේ රැස්වීමට පැමිණි දින සිට මේ වන විට බ්ලොග් කියවන අය රාශියක් මුණ ගැසි ඇති නිසාය. මගේ සියළු මිතුරෝ, නෑයෝද කතන්දරකාරයා මා යයි දනිති.

    මට නං ඇනෝලා එක්ක ඇත්තේ ප්‍රශ්ණ දෙකයි.

    1. නිකං බොරු වලි ඇද ගැනීම. (මං නං අහුවෙයි ඕවාට)

    2. උත්තර දෙන්න දෙනකොට ඇනෝලාට හරියට අමතන්න බැරිවීම. මං මේකට වෙලාව (time stamp) සමග ඇනෝ @ Time/Day කියලා යොදා ගත්තා. දැන් නං බ්ලොගර් එකේ වෙනස නිසා මේ අවුල නෑ.

    ඇනෝ ලා සමහරු අපහාස සහ වැරදි මත දාන නිසා හැම ඇනෝටම ඒ පව ගෙවන්න වෙලා!

    අපි ඇනෝට, ඇනෝ අපිට!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහසට , කතන්දරට ඇනෝලගේ වලි වලින් ප්‍රශ්නයක් තියෙන බවක් පෙන්න නම් නැ . ඔබතුමා වලියට බර කෙනෙක් නෙවෙයි නේ

      අපි ඇනෝට, ඇනෝ අපිට!

      Delete
  23. ඇනෝ විරෝධයට බුවාගෙන් හොඳ උත්තරයක්. සම්පූර්ණයෙන්ම එකඟයි. වෙබ් අඩවි වාරණය ගැන රජය කියන්නෙත් ඔය ඇනෝ විරෝධී අය කියන කතාවම තමයි. ඇනෝලාට ජයවේවා !!!

    ReplyDelete
  24. බ්ලොග් කියෝන හැමෝටම බ්ලොග් අයිඩී කොහෙන්ද ? ඉතින් ඇනෝලා නැතිදාට බ්ලොග් වේලේවි.. ලිවීමේ නිදහස අගේ කරනවානම් ඇනොලා අමුතු සත්තු ජාතියක් කියල හිතන්නේ නැහැ.. බුවා හරි.. බහුතරයක් ඇනොලා ලොකු සමාජ සේවයක් කරනවා..

    ReplyDelete
  25. හොද ලිපියක් මචන්,මීට කලිනුත් කොහේ හෝ ලිපියක මම දෑක්කා ඇනෝ කොමෙන්ට් වල අවශ්යතාවය කියලා තිබුනා,ඇත්තටම ඇනෝ කොමෙට් මම ඇක්ටිව් කරේ ඒ ලිපිය කියවු පසුවයි,අපි ලියන දේ ගෑන කියනව අයගේ ඇත්තම මතය දෑන ගන්න නම් ඇනෝ කොමෙන්ට් තියෙන්නෙ ඔන කියන එකයි මගේ පිලි ගෑනීම,හෑබෑයි ඉදලා හිටලා කුනුහරුප පාඩමුත් නොලෑබීම නෑ....

    ReplyDelete
  26. "ඇනෝ වෙනුවෙන් බුවා!" :)
    ඇනෝ ගැන දක්වපු අදහස් එක්ක ටිකක් විතර එකගයි. මම කියන්නං තවත් කාරණයක්. ඇනෝල කොට්ටාස දෙකක් ඉන්නව,
    1.ඇත්තටම අයිඩී එකක් නැතිනිසා ඇනෝ කොමෙන්ටු දාන,
    2.අයිඩී එකක් තිබුනත් විවාදාත්මක කාරණාවකදි අනන්‍යතාවය හංගගෙන කොමෙන්ටු දාන අය.
    ඇනෝ කොමෙන්ටු වාරණය කිරීමෙන් පලවෙනි කොට්ටාසයෙ අයට අදහස් දැක්වීමට තියන හැකියාව නැතිවීම නිසා ඇනෝලට ඉඩදෙන්න ඕන කියලයි මම නං කියන්නෙ. මේ ඇනෝලගෙ අදහස් ඉතාම වටිනව.
    දෙවනි පිරිස සම්බන්ධයෙන් හදුන්වන "කොන්ද පණ නැති ඇනෝ" කියන කතාව නං 100%ක් ඇත්ත.
    ඒවගේම සදහන් කරන්න ඕන තවත් කාරණාවක් තමයි බ්ලොග් කියවීම පමණක් සිදුකරන පිරිස ගැන(අයිඩී එකක් නැති). ඇනෝල විදියට එන්න පුළුවන් මේ අයනේ. එහෙම බැලුවම සාමාන්‍ය ලිපියකට පැමිණෙන ඇනෝ පිරිස ආසන්න වශයෙන් නියතයක් වියයුතුයි. ඒ අනුව සමහර ලිපියකදී වැඩි පිරිසක් ඇනෝනිමස් වීම යනු අනනයතාවය හංගාගත් පිරිසගේ පැමිණීම වැඩි බවයි.

    මාතෘකාවට අදාල නොවුනත් තවත් කාරණාවක් මේකට අමුණන්නම්. ඒ තමයි කොමෙන්ටු මොඩරේට් කිරීම. මේ දේත් ඇනෝ වාරණය තරම්ම බරපතළයි. බුවාත් මේ වැරැද්ද කරනව. විශේෂයෙන්ම විවාදාත්මක ලිපි තියන බ්ලොග් අඩවි මොඩරේට් කරනව කියන්නෙ විවාදය ගලාගෙන යාමට ඉමහත් බාධාවක්. මම නං හිතන්නෙ බ්ලොග් එකකට මොඩරේට් කිරීමක් අවශ්‍ය වෙන්නෙ නෑ. කුණුහර්ප විදියට එන කොමෙන්ටු පබ්ලිෂ් උනාට පස්සෙ උනත් අයින්කරල දැම්මම ඉවරයිනේ. එතකොට නීතිමය ගැටළු ඇතිවෙන්නෙත් නෑ. අනිත් කාරණය කුණුහර්ප නොදන්න කෙනෙක් බ්ලොග් අවකාශයෙ නැතුවැතිනේද?:)

    ReplyDelete
    Replies
    1. නිවැරදි කිරීමයි: බුවා මොඩරේට් අයිංකර ඇත.

      Delete
    2. මොඩරේට් අයින් කරපු කතාව ලොකු පුතාට දීපු උත්තරේ තියනවා , මාත් හිතනව මොඩරේට් කිරීමක් අවශ්‍ය නැ කියල ඒත් කෙනෙකුට කුණුහරුප කමෙන්ට් ප්‍රශ්නයක් නම් ඇනෝ වාරණය නොකර ඒ වැඩෙ කරන්නත් පුලුවන්

      Delete
  27. හදිසියෙ කියෙව්වෙ, ආයෙ එන්නං.

    ReplyDelete
  28. මට නම් ඇනෝලාගෙන් ඒ තරම්ම ගැටලුවක් නෑ! මගේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ලිපියට ඉතා හොඳ ඇනෝ ප්‍රතිචාර ඇවිත් තිබුනා! කුණූහරුප හා ලිපියට අදාල නොවන පුද්ගලික මඩ ගැසීම් නැති කල්හි ඇනෝලාගෙ වැරැද්දක් මං දකින්නේ නෑ!

    ReplyDelete
  29. බුවා සහෝදරයා ඔබට ස්තුතියි.ඔබ රතු අකුරින් සදහන් කලේ මා දැමු කොමෙන්ටුවයි.මා බොරුවක් කියා නැත.මා 90 දශකයේ මැද කාලයේ ආරක්ෂක අංශ බෙහෙවින් අසීරු යුද්දයක පැටලී ඇති සමයකදී විශේෂ සේවයකට බැදුනෙමි.ජයසිකුරු මෙහෙයුම පැවති යුගයේදී තවත් සගයන් පිරිසක් සමග දරුණු ගැටුමකට මුහුණපෑමට සිදුවිය.බොහෝදෙනා මියගිය අතර.මා ආබාදිත බවට පත් විය.වසර ගණනක් රෝහල් වල ගත කර.මීට කලකට පෙර රෝද පුටුවෙන් නිවසට පැමිණියෙමි.පොත්පත් කියවමින්.මල්පැල වලට සාත්තු කරමින්,බ්ලොග් කියවමින් සහ ඉඳ හිට කොමෙන්ට් දමමින් සිටිමි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අදහස් දැක්වීම ට , ඔබගේ ඒ පිලිතුර ඇනෝලාගෙ කොන්ද හොයන අයට හොඳ පිලිතුරක්

      Delete
  30. බුවා සහෝදරයා ඔබට ස්තුතියි.ඔබ රතු අකුරින් සදහන් කලේ මා දැමු කොමෙන්ටුවයි.මා බොරුවක් කියා නැත.මා 90 දශකයේ මැද කාලයේ ආරක්ෂක අංශ බෙහෙවින් අසීරු යුද්දයක පැටලී ඇති සමයකදී විශේෂ සේවයකට බැදුනෙමි.ජයසිකුරු මෙහෙයුම පැවති යුගයේදී තවත් සගයන් පිරිසක් සමග දරුණු ගැටුමකට මුහුණපෑමට සිදුවිය.බොහෝදෙනා මියගිය අතර.මා ආබාදිත බවට පත් විය.වසර ගණනක් රෝහල් වල ගත කර.මීට කලකට පෙර රෝද පුටුවෙන් නිවසට පැමිණියෙමි.පොත්පත් කියවමින්.මල්පැල වලට සාත්තු කරමින්,බ්ලොග් කියවමින් සහ ඉඳ හිට කොමෙන්ට් දමමින් සිටිමි.

    ReplyDelete
    Replies
    1. අපි නොදන්න මේජර් ඇනෝ. තෝ වැරදි සින්හලෙන් අනුන්ගෙ සින්හල වැරදි හදන්න යන බුරු පුතා කියල අපි දන්නවා.

      තොට කැඩෙන්ඩ කොන්දක් කවදාවත් තිබුනද?

      Delete
    2. AnonymousJan 26, 2012 11:59 PM - කලින් කමෙන්ටුව දාපු කෙනාව ඔබතුමා අඳුනන්නේ කොහොමද ?

      Delete
  31. වැදගත් ලිපියක්.. මම හිතන්නේ බුවා මේ සම්බන්දයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තිය හරි කියලා.

    ඇනෝලත් ඉන්ඩ එපැයි..

    ReplyDelete
  32. එල ලිපියක්. බුවා එක්ක බොහෝ වෙලාවට එකඟ නොවුනට අදනම් එකඟ වෙන්න වෙනවා. බුවා දෙයක් ලියන කොට හරියට ඒක ගැන හොයලා ලියනවා. ඔය උඩ ඉන්න ඇනෝලා කීයෙන් කීදෙනාද මාතෘකාවට අදාලව කොමෙන්ට් දමලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. එකඟ වීම පිලිබඳ සතුටුයි . ස්තුතියි අදහසට

      Delete
  33. මමනම් විශේෂයෙන්ම කියවන්න කැමැති ඇනෝනිමස් කොමන්ටුයි. ඒකත් හරියට විකල්ප මාධ්‍ය වගේ තමයි. රාජ්‍ය මාධ්‍ය සීමා පනව ගන්නකොට විකල්ප මාධ්‍ය සීමාවෙන් ඔබ්බට සත්‍ය විමසනව.(මේ කාලෙනම් එහෙම වෙනවද මන්දා).
    ඇනෝනිමස් අදහස දක්වන්නන් විවෘතව අදහස් දක්වනව. ඇත්තටම එවැනි විවෘත අදහස් නිර්නාමිකව ප්‍රකාශ කරන එක තමයි ශරීර සෞඛ්‍යයටත් හොඳ.

    කොහොම වුණත් කුණුහරුප කියන්නෙ ඇනෝනිමස්ලා විතරද කියන එක මටනම් ගැටඵවක්. කුඩා දරුවන්ට කියවීමට නුසුදුසු විදියේ දේවල් ප්‍රසිද්ධ බ්ලොග්කරුවෝ කී දෙනෙක් ලියනවාද? කුණුහරුප ලෙස හංවඩු ගහන්නේ ඒ දේවල්ම ටිකක් දරුණු විදියට පිළිගන්න වචනෙන් ලිව්වොත් විතරයි මට පේන විදියට.

    කොහොමත් කොමන්ට් මොඩරේට් කරන එකත් පාඨකයාගේ සහ අදහස් දක්වන්නන්ට කරන අසාධාරයක් විදියටයි මටනම් හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔබේ කොමෙන්ටුවට මමත් එකගයි දැන් http://waishawaknowe.blogspot.com අඩවියේ තැනත්තිය ලියන්නෙම කුනුහරුප. එයා සමහර අයට කොමෙන්ට් වලින් කුනුහරුපෙන්ම බයිනවා. ඇනෝලා කුනුහරැප දානවා කියලා හොදටම නටනවා.

      Delete
    2. ස්තුතියි අදහසට , කුණුහරුප ලිව්වාම තමන් රැඩිකල්ය හිතාගත්ත පොරවල් ඉන්නවනේ

      Delete
    3. AnonymousJan 26, 2012 11:13 PM - ඔබේ කථාවට එකඟයි , මම නම් නොබලන බ්ලොග් අඩවියක්

      Delete
    4. අප්පොච්චියේ.. ඕව් මාත් ඔය _ _ මඩුව පළාතකවත් යන්නේ නැහැ.

      Delete
  34. පෝස්ට් එක සහ සියලුම කොමෙන්ට් කියෙව්වා. මම ඇනෝ කොමෙන්ට් වාරණය හෝ කොමෙන්ට් මොඩරේෂන් ක්‍රීයාත්මක කර නැත. තාම බ්ලොග් වලට අළුත් නිසා මගේ පෝස්ට් කීපෙට තාම වැටී ඇත්තේ ඇනෝ කොමෙන්ට් අතේ ඇඟිලි වලින් ගනින්න පුළුවන් ප්‍රමාණයක් පමණි. මේ පෝස්ට් එක පිළිබඳව අදහස් දැක්වීමට තරම් මට අත්දැකීම් නැති බවයි මගේ අදහස, නුමුත් බුවා ගේ link එකෙන් ගිහින් විවේචන සයිට් එකේ පෝස්ට් එකත් බැලුවෙමි.

    මෙහි පලවෙන ඉදිරි කොමෙන්ට් කියවා බලන්නද සිතා සිටිමි.

    ReplyDelete
    Replies
    1. ඔබා අය්යා විවෙචනාත්මක ඒවා ලියනව අඩුයිනේ ඒ නිසා ඇනෝ කමෙන්ටුත් අඩු ඇති

      Delete
    2. ඇත්ත...ඇත්ත....මම විවේචනාත්මක අඩුවෙන් නෙමේ ලියලම නෑ.....මාව නං හැබැයි නියමෙට විවේචනේ වෙනව [මඩ බාල්දි ගණන්...හෙහ්...හෙහ්...]

      Delete
  35. සමහර ඇනෝලා නම් කරදරයක් වෙනව,
    මාත් මේ ගැන ලියන්න හිතුවා,
    හිතුනොත් ලියනවා,
    කොහොම වුනත් අර අන්තිමට තියන ආරක්ෂක අංශ නිලධාරියා ගැන නම් දුකයි...

    ReplyDelete
    Replies
    1. ලිව්වාම බලමුකො අදහස මොකක්ද කියලා එහෙනම්

      Delete
  36. සින්ඩි ගැන කතා කරන සියලුම ඇනෝලාට - මම බ්ලොග් කරණයට එනකොට ඔය හැම සින්ඩියක්ම වගේ පටන් අරන් නිසා ඒ පිටුපස සැඟවුන කථාවන් ගැන මගේ දැනුම අවමයි . ඒ වගේම මට නම් කොයි සින්ඩියෙනුත් මේ දක්වා උදව්වක් මිසක් අහිතක් වෙලා නැති බවත් කියන්න ඕනි

    ReplyDelete
  37. බුවා අයියේ පොස්ට් එක එළ.මටත් ඉන්නවා ඇනෝලා කිහිප දෙනෙක් ඒ අය අතරින් නිතරම මගේ බ්ලොග් එකට එන ඇනෝ අයියා කෙනෙක් ඉතා වටිනා අදහස් දෙනවා ඒත් මං තාම දන්නේ නැහැ ඒ කව්ද කියලා.තවත් ඇනෝ කෙනෙක් ඉන්නවා හැමදාම මොකක් හරි ගොන් පාර්ට් එකක් දාල යන ඒත් මං කවදාවත් එයාගේ කොමන්ට් අයින් කරන්නේ නැහැ.ඔය ඇනෝ දෙවර්ගේම අදහස් මට වටිනවා.මං ඒවා ඉතාමත් ආදරෙන් බාරගන්නේ මට ලැබෙන සුබ පැතුම් ලෙස හිතලා.

    ReplyDelete
  38. ලිපිය බොහොම පැහැදිලිව ලියෙවිලා තියනවා බුවා. මගේ මතය අනුව ඔබගේ අඩවිය සිංහල බ්ලොග් අවකාශයේ දේශපාලනික අඩවි අතර ඉහළින්ම ඇති අඩවියක්.(සමහර කරුණුවලට එකග නැතිවීම වෙනමම කාරණයක්)

    ඇනෝ කමෙන්ට්ස් තියෙන්නම ඕනේ කියලා මාත් හිතෙනවා. අදනම් මෙතනත් ලාවට ඇනෝ අතල් යනවා වගේ.ඇනෝ ආතල් වලට හොදම තැන ගොසිප් 9. අනේ හම්මේ.. එහෙමත් ආතල් ගැනිල්ලක්...

    ReplyDelete
  39. ඇත්තටම හොද ලිපියක්.ඇනෝලගෙ අදහසුත් වැදගත්.කාටහරි මඩක් ගැහුවත් ඒකෙත් ගන්න දෙයක් තියෙනවා නේ

    ReplyDelete
  40. ඇනෝලාට විශේෂ වූ වරප්‍රසාදයක් හිමිය.එනම් ඕනෑම ගොන් කතාවක් කියා (මට නෙවෙයි වගේ) ඊට එල්ල වන සාධාරන විවේචන වලින් මුලුමනින්ම නිදහස් වීමේ හැකියාවයි.පුද්ගලිකව මා අනෝලාට අකමැති මේ නිසාය.
    තව ද එක් ලිපියක් සදහා පමණක් යොදාගන්නා තාවකාලික ප්‍රොෆයිල් හදාගෙන (මීලඟ ලිපියට අලුත් නමක් හදා ගනී)අනෙකාට මඩ ගසනා ශූක්ෂම අනෝලා ද සිටිති.
    අනෝ ප්‍රතිචාර වල කිසිදු වගකීමක් නැත, අවධානමක් ද නැත.නමුත් ප්‍රොෆයිල් සහිතව ප්‍රතිචාර දක්වන්නන් තමා දක්වන අදහසට වගකිය යුතුය.එනම් ඔවුනට විශාල අවධානමක් ඇති බව පෙනේ.

    ReplyDelete
  41. බුවාගේ ලිපියත් සමග එකඟයි.මට ඇනෝ කොමෙන්ට් වැටුනේ මගේ අන්තිම පොස්ට් එකට.එත එතන වැදගත් දේවල් ගොඩාක් කියවුනා.

    ReplyDelete
  42. HODAI.anthima comment 1 th marai..GOOD LUCK buwa..

    ReplyDelete
  43. ඉතා ම වැදගත් ලිපියක්. අදයි කියවන්න ලැබුනේ.

    ReplyDelete
    Replies
    1. ආ ටැබූ අයියා කාලෙකින් දැක්කේ.

      Delete
  44. lipiyata godak thanks. kiyawuye adai.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව