Ambalama - සැබැ සමාජ කතිකාවක සොඳුරු නවාතැන්පල

BRICS සමුලුව සහ ලෝකය

BRICS සමුලුවේ සැසිවාරයක් ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වුනා. බ්‍රසීලය , රුසියාව , ඉන්දියාව චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවල් පහේ එකතුව නැගී එන ලෝක බලවතුන්ගේ එකතුව විදිහටත් හඳුන්වා දෙන්න පුලුවන් . සමුලුවේ සමාජික රටවල් මෙවර සමුලුවෙන් අනතුරුව නිකුත් කරපු ඒකාබද්ධ ප්‍රකාශයේ අන්තර්ගතය  ආර්ථික හා දේශපාලනික වශයෙන් වැදගත් කමක් දරන නිසා ඒ ගැනත් සමස්ථයක් වශයෙන් BRICS ගැනත් පොඩි කථා බහක් කරන්නයි සුදානම.




BRICS සැබැවින්ම ආරම්භ වෙන්නේ BRIC විදිහට . ඒ කියන්නේ දකුණු අප්‍රිකාවේ සහභාගීත්වයකින් තොරව . ආර්ථික වර්ධනයේ එක හා සමාන ස්ථරයක සිටින සහ එකම ආකාරයේ අභියෝගයන්ට මුහුණ දෙන රාජ්‍යයන්ගේ එකතුවක් විදිහට තමයි BRIC එකතුව ගොඩ නැගෙන්නේ . වසර 2050 වන විට මේ රටවල්  ලෝක ආර්ථිකයේ අත්කර ගත හැකියැයි සැලකෙන ස්ථාවරත්වය සලකලා බැලුවාම BRIC මේ සියවස තුල ඉතාමත් වැදගත් කාර්යභාරයක් කල හැකි එකතුවක් විදිහට සැලකීමේ වරදක් නැහැ

                   2050   දක්වා  දල ජාතික නිෂ්පාදනයන් පිලිබඳ පුරෝකථනය 

Gross Domestic Product in 2006 US$ billions[24]
Rank 2050Country2050204520402035203020252020201520102006
1China70,71057,31045,02234,34825,61018,43712,6308,1334,6672,682
2United States38,51433,90429,82326,09722,81720,08717,97816,19414,53513,245
3India37,66825,27816,51010,5146,6834,3162,8481,9001,256909
4Brazil11,3668,7406,6314,9633,7202,8312,1941,7201,3461,064
5Mexico9,3407,2045,4714,1023,0682,3031,7421,3271,009851
6Russia8,5807,4206,3205,2654,2653,3412,5541,9001,371982
7Indonesia7,0104,8463,2862,1921,4791,033752562419350
8Japan6,6776,3006,0425,8865,8145,5705,2244,8614,6044,336
9United Kingdom5,1334,7444,3443,9373,5953,3333,1012,8352,5462,310
10Germany5,0244,7144,3884,0483,7613,6313,5193,3263,0832,851
11Nigeria4,6402,8701,7651,083680445306218158121
12France4,5924,2273,8923,5673,3063,0552,8152,5772,3662,194
13South Korea4,0833,5623,0892,6442,2411,8611,5081,3051,071887
14Turkey3,9433,0332,3001,7161,279965740572440390
15Vietnam3,6072,5691,7681,1697454582731578855
16Canada3,1492,8492,5692,3022,0611,8561,7001,5491,3891,260
17Pakistan3,0702,0851,4721,026709497359268161129
18Philippines3,0102,0401,353882582400289215162117
19Italy2,9502,7372,5592,4442,3912,3262,2242,0721,9141,809
20Iran2,6632,1331,6731,273953716544415312245
21Egypt2,6021,7281,124718467318229171129101
22Bangladesh1,4661,0016764513042101501108163
2050 දක්වා G7 සහ BRIC සමුලු වල සමාජික රටවල් හී දල ජාතික නිෂ්පාදනයන්හි එකතුව පිලිබඳ පුරෝකථනය 


Gross Domestic Product in 2006 US$ billions[24]
GroupsCountries2050204520402035203020252020201520102006
BRICBrazil, Russia, India, China128,32498,75774,48355,09040,27828,92520,22613,6538,6405,637
G7Canada, France, Germany, Italy, Japan, United Kingdom, USA66,03959,47553,61748,28143,74539,85836,78133,41430,43728,005



ඉදිරියේදී ලෝක ආර්ථිකය ඔය වගුවල දැක්වෙන ආකාරයේ බලයක් ලබාගනිතියි කියල විශ්වාස කරන BRIC රටවල්  ගොන්න අතරට දකුණු අප්‍රිකාව එකතු වෙලා BRICS සමුලුව බවට පත් වෙන්නේ පහුගිය අවුරුද්දෙදි . අනාගත ආර්ථික අනාවැකි තුල අරවගේ බලවතෙක් වීමේ ස්වභාවයක් දකුනු අප්‍රිකාව වෙනුවෙන් කිය නොවුනත් , වර්ථමාන ආර්ථික වර්ධනය තුල BRIC සමාජිකයන් හා ඔවුන්ගේ අවශ්‍යතාවයන් එකිනෙක පැහෙන නිසා  BRIC(S) බවට පත් වුනාය කියල කියන්න පුලුවන්

මේ ආකාරයෙන් සැදුනු BRICS මේ වෙනකොට ලෝක ජනඝහනයෙන් හරි අඩක් නියෝජනය කරන සමුලුවක් බවට පත්වෙලා තියනවා . 2012 සමුලුවේ ඒකාබද්ධ ප්‍රකාශනයේ අන්තර්ගතය තුල ඒ ජනගහනය වෙනුවෙන් වගේම පරිභාහිර ජනකොට්ටාශයන් වෙනුවෙනුත් බලපාන්නාවු තීන්දු තීරණ තියන බවක් නීරික්ෂනය කරන්න පුලුවන්


2012 ඒකාබද්ධ ප්‍රකාශයේ අන්තර්ගතය(කොටසක්  )  ඉතාම සැකවින් පහත  සඳහන් කරල තියනවා


01)සාමකාමි න්‍යශ්ටික පර්යේෂන සඳහා ඉරානයට ඇති අයිතියට ගරු කරන අතර බටහිර මැදිහත් වීමේ අර්බුධය  වඩාත් තිව්‍ර කරනු ඇත යන්න විශ්වාස කරයි , රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ග හරහ විසඳුමකට එලඹීම පිලිබදව සහය පල කර සිටි

02)සිරියාවේ සිදුවෙන මානව හිමිකම් උල්ලංඝනය වීම අවසන් විය  යුතු බව අවධාරණය කරන අතරම , සිරියානු දේශපාලනික විසඳුමක්  වෙනුවෙන් සහය පල කර සිටීම

03)සමාජික රටවල මුලිකත්වයෙන් ලෝක බැංකුව පන්නයේ විකල්ප මූල්‍ය ආයතනයක් සඳහා කටයුතු  යෙදීම

04) ලෝක ආර්ථික අර්බුධය වෙනුවෙන් ධනවත් රටවල  ක්‍රියකාලපය  විවේචනය කර සිටි

05) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තුල සංවර්ධනය වෙමින් පවතිනා රටවල නියෝජනය ශක්තිමත් කිරීමට  කටයුතු යෙදීම , ඉන්දියාව හා බ්‍රසීලය  එක්සත් ජාතින්ගෙ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය අසුන් ලබා ගැනීම පිලිබඳව අවධානය යොමු කිරීම

06) යුරෝපයට හා ඇමරිකාවට හිමිව ඇති ලෝක බැංකු සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නායකත්වයන් සඳහා තෝරාගැනීම් ක්‍රමවේදයක් යෝජනා කිරීම

07)ජාත්‍යන්තර මුල්‍ය අරමුදල , ලෝක බැංකුව සහ එක්සත් ජාතින්ගේ සංවිධානයේ ප්‍රතිසංස්කරනයන් දිරිමත් කිරීම

08) ඩොලර් වෙනුවට සමාජික රටවල මුල්‍ය ඒකක හරහ ගණුදෙනු කිරීමේ පහසුකම් ඇති කිරීම

ඔය ආදි වශයෙන්  ඉදිරිපත් වෙලා තියන සමුලු යෝජනා සමාජික රටවලට විතරක් නෙවෙයි දියුණු වෙමින් පවතින සෑම රටකටම පාහේ වැදගත් බව නිරික්ෂනය කරන්න පුලුව්න් . ඒ වගේම සිරියාව සහ ඉරනය තමන්ගේ අර්බුධ සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්න කැමති නම් මේ හරහා ඒ වෙනුවෙන් නව ප්‍රවේශයක් ගැනීමේ හැකියාවකුත් පවතිනවා . ජාත්‍යන්තර අරමුදලේ සහ එක්සත් ජාතින්ගේ සිදුවන ප්‍රතිසංස්කරණයක්  දියුණු වෙමින් පවතින රටවලට ලැබෙන හොඳ අවස්ථාවක් වීමේ හැකියාක්ද පවතිනවා . ඒ වගේම ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සමාජිකයන් ප්‍රමාණය ඉහල යාම සහ BRICS සමුලුවේ සමාජිකයන්  සිව් දෙනෙක් ඒ තුල අන්තර්ගත වීම ලෝක දේශපාලනික බලතුලනයේ පැහැදිලි වෙනසක් කිරීමට සමත් වෙවි කියලත් හිතන්න පුලුවන් . කොහොම වුනත් සමාජික රටවල් මේ යෝජනා සාර්ථක කරගැනීමට දක්වන කැපවීම වගේම මේ වනවිට ලෝකයේ අධිකාරි බලය හොබවන එක්සත් ජනපදය හා බටහිර සමඟ අනුගත වීමේ ස්වාභාවය අනුව මේ යොජනා වල ප්‍රයෝගිකත්වය රඳ පවතිවි


 BRICS සම්බන්ධ ගැටලු !

 අනාගත ආර්ථික තත්වයන් පිලිබඳ පුරෝකථනයන් පිලිබඳ තත්වය කොහොම වුනත් BRICS සමාජික රටවල් සම්බන්ධව මතුව තියෙන ගැටලුත් බොහොමයි . අධි සම්පත් පරියෝජනය සහ පරිසර දූෂනය වලක්වාලීමේ විකල්ප අනුගමනය නොකිරීමත්  මේ රටවල් නිසා ලෝකය මුහුණ දෙන ප්‍රභ්ලතම අභියෝග විදිහට හඳුන්වාදෙන්න පුලුවන් . මානව හිමිකම්  බරපතල ලෙස උල්ලංඝන  කරන චීනය හා රුසියාව  අතට ලෝක දේශපාලනික බලය  ධ්‍රැවීකරනය වීමක් සිදුවීමත් ලෝකයාට ඒ තරම්   හිතකර නෑ . මීට අමතරව  චීනය හා ඉන්දියාව අතර විශ්වාසනීයත්වය පිලිබඳ ගැටලු කාරි තත්වයක් පැවැතීම , ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව බටහිර හිතවාදි ස්වරුපයෙන් කටයුතු කිරීම ආදි ගැටලුත් පවතිනවා . ඒ වගේම තනි රටවල් වශයෙන් චීනයේ  ශ්‍රමයේ වටිනාකම් ඉහල යාමත් එක්ක  කලින් නිගමනය කල කාලයට පෙර චීන ආර්ථික වර්ධනය අඩාල වීම ,සිඝ්‍ර ආර්ථික සංවර්ධනයක් දකින්න තිබුනත් ඉන්දියාව තුල බරපතල සමාජීය ගැටලු රාශියක් පැවැතීම , ත්‍රස්තවාදය සහ අනෙකුත් රටවල් සමඟ ඇතිවන මතබේදකාරි තත්වයන් ආදියත් ඔවුන් හමුවේ තියන අභියෝග විදිහට හඳුවන්න පුලුවන් . (මේ කාරණා සැලකුවාම BRICS දැවැන්තයන් සිවු දෙනා අතුරින් වඩාත්ම ස්ථාවර  බ්‍රසීලය බව තමයි සමහර විශේෂඥයින්ගේ අදහස  වෙන්නේ)  . මීට අමතරව ඇතිව්ය හැකි දේශගුණික බලපැම් සහ  දේශපාලනික සහ ආර්ථික අර්බුධත් සමාජික රටවල අභිලාෂයන්  සපුරා ගැනීමේදි මතුවන අභියෝගයන් විය හැකියි


BRICS සහ ශ්‍රි ලංකාව 

බටහිරත් සමඟ ගැටුමක ඉන්න ශ්‍රි ලංකාවේ දේශපාලකයින් ඇතැමෙක් මේ සමාජික රටවල් සමඟ මිත්‍රත්වය තුලුන් ශ්‍රි ලංකාවට වාසි සහගත තත්වයක් උදාවේය කියන මතයක ඉන්න බව පේන්න තියනවා .නමුත්  සමුලුවේ තීරන නිසා පොදුවේ සිදුවන යහපතක් ඇරුණාම චීනයේ ආර්ථික ආධිපත්‍යයට හා ඉන්දියාවේ දේශපාලනික / ආර්ථික ආධිපත්‍යයට යටවීමත් මිසක්   වෙනත් යහපතක් සිදුවේද සහ ඒ සඳහා අපේ දේශපාලන නායකයින් කටයුතු කරනවාද කියන එක නම් ප්‍රශ්නාර්ථයක් !






8 Comments

  1. මුල සිට අග දක්වා කියවන්න පුළුවන් සටහනක් බුවා!

    ReplyDelete
  2. BRIC ගැන දැනගත්තට ඒකේ S එක ගැන අදයි දන්නේ. අනිවා බුවා ! මේ කට්ටිය අනාගත ලෝකයේ බල තුලනයට ලොකු බලපෑමක් එල්ල කරාවි. ලෝක ජනගහනයෙන් අඩක් කියන්නේ නොසලකා හරින්න පුළුවන් තරම් ප්‍රමාණයක් නෙවේනේ. අනික භූමි ප්‍රමාණය ගත්තොත් ලෝකයේ භූමි ප්‍රමාණයෙන් භාගයකටත් වඩා මේ රටවල් 05 ට අයිතියි. හැබැයි අනාගතයේ BRICS ඒකාධිකාරියක් ඇති වෙනවාට වඩා ඇමෙරිකා / යුරෝපා ඒකාධිකාරයට නිශේධනයක් විදියට වැඩකරන්න පුළුවන් නම් හොඳයි. එහෙම වුනොත් ලෝකයේ බලය හොඳින් තුලනය වේවි.

    //මානව හිමිකම් බරපතල ලෙස උල්ලංඝන කරන චීනය හා රුසියාව//
    ඔය ප්‍රකාශයට එකඟ නමුත් ඒ හා ප්‍රමාණයකින් ඇමෙරිකාවේ ද බ්‍රිතාන්‍යයේද මානව හිමිකම් උල්ලංඝණය වීම් ඇති වී ඇති බව පෙන්වා දෙන්නට කැමැත්තෙමි. කාගේ කාගේත් කිල්ලෝට වල හුණූ ඩිංග ඩිංග ඇති නිසා, මානව හිමිකම් කතන්දර වලදී ඇමෙරිකාව උපාසක චරිතය රඟදැක්වීම අනුමත කල නොහැකියි.

    දැනුවත් කිරීමට ස්තුතියි බුවා... ජය !!!

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි මචන් බටහිර රටවල් වෙන රටවලදි කරන ඒවා මොනව වුනත් තමන්ගේ රටවල් තුල සතුටු දායක මානව හිමිකම් මට්ටමක් තියනවා , චීනයේ ඒක කණපිට !

      Delete
    2. ඔබ කියන කතාව හරියටම හරි. බටහිර රටවල් තමන්ගේ රටින් පිටත මොනවා කලත්, රට ඇතුලේ තියන යහ පාලනය ලෝකේ වෙනත් තැන්වල දකින්න නැහැ. පරමාදර්ශී පාලන ක්‍රමයක් මේ ලෝකේ නැහැ. චීනය කියන්නේ තුන්වන ලෝකයේ අනෙකුත් රටවලට ආශිර්වාදයකටත් වඩා, හිඟන්නාගේ පාත්තරේට වැටුන හෙනහුරෙක් වගේ මට නම් පෙනෙන්නේ.ඇෆ්රිකානු රටවලත් අද සිදුවන චීන ව්‍යාප්තවාදය, කොයිතරම් දුරට ඒ රටවල දියුණුවට දායක වෙයිද කියලා අනාගතයේදී බලාගන්න පුළුවන්. මේ වගේ ලිපි වලට වැටෙන අඩු ප්‍රතිචාර වලින් සිංහල බ්ලොග් කියවන්නන්ගේ රසය පිළිබඳත් හොඳ අවබෝධයක් ගන්න පුළුවන්

      Delete
  3. නියම පැහැදිලි කිරීමක්. බොහෝ දේ දැනගත්ත. ඒත් ජී7ත් එක්ක බැලුවම BRICS කන්ඩායමේ මොකක්දෝ අවුලක් තියනව කියල හිතෙන්නෙ නැද්ද බුවා?

    Canada, France, Germany, Italy, Japan, United Kingdom, USA බැලුවම ගැලපීමක් තියනව. ඔය ටීම්එක හරි හෝ වැරදි දේකට එකට පිටියට බහින ගතියක් තියනව. ඒත් Brazil, Russia, India, China, RSA කන්ඩායමේ Russia, India, China කියන රටවල් තුන එච්චරම එකිනෙකාට අවංකද? එහෙම උනොත් ටාගට් එකට යයිද?

    මේ ලිපිය මගේ බ්ලොග් රෝලෙ අප්ඩේට් වෙලා නෑ. අනිත් සයිට් වලත් එහෙමද දන්නෙ නෑ. කොමෙන්ටුත් දෙකයි තියෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. රාජ් සහෝදරය කියනව වගේ අප්ඩේට් නොවුන අවුලක් ඇති එහෙනම් , කමෙන්ට් විතරක් නෙවෙයි ලිපිය බලපු ගාන අවුරුද්දක් ඇතුලත වාර්ථා වුනු අවම ප්‍රමානය

      ඇත්තෙන්ම රාජ් සහෝ කියන නොගැලපීම මෙතන තියනවා විශේෂයෙන්ම චීනය හා ඉන්දියාව අතර , රුසියානු -චීන සබඳතා සහ ඉන්දු -රුසියන් සබඳතා වෙන වෙනම සැලකුවොත් සැහෙන්න ප්‍රභලයි , ඉන්දියාවේ යුධමය ශක්තිය පිටිපස්සේ ඉන්නේ රුසියානු නිෂ්පාදන , කොහොම වුනත් ඉන්දියාව ලෝක දේශපාලනයේ උපක්‍රමශිලි භූමිකාවක ඉන්න බවක් පේන්න තියෙයි , එක පැත්තකින් රුසියාවත් එක්ක අඟහරු ගවේශන සැලසුම් ගහන ගමන් ප්‍රංශයෙන් යුධ ගුවන් යනා ගෙන්වා ගන්න සැලසුම් කරන එක ආදිය ඉන්දියාව එක කඳවුරකට සීමා නොවෙන බවට උදාහරනයක් , කොහොම වුනත් මේ පරස්පරතා නිසා බ්‍රික් සමුලුව කථා පමනක් විතර වෙන සමුලුවක් වෙන්නත් බැරි නෑ

      Delete
  4. වැදගත් සාකච්ඡාවක් දිගටම ගෙනයන්න. මා කලින් ෆුකුශිමා සම්බන්දව සඳහනක් කලා ඉන්දියාවේ න්‍යශ්ටික බලාගාර පිලිබඳව අද එය ප්‍රශ්නයක් ලෙස ලංකාව විසින් මතුකරනවා
    http://dayal-bathee.blogspot.com.au/search/label/fukushima

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...
Back to Top