Skip to main content

ශ්‍රි ලංකාවෙන් ණය ආධාර ලබාගැනීමට යුරෝපා සංගමය තුල තරඟයක් !

හෙට අනිද්දාට (නුදුරු අනාගතයේ ) තමන් යුරෝපයට ණය ලබාදීමට සූදානම් බව  ශ්‍රි ලංකා  රජයේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ශ්‍රි ලංකාවෙන් ණය මුදල් ලබාගැනීම සඳහා යුරෝපා සංගමයේ රටවල අතර ප්‍රභල තරඟයක් හටගෙන ඇතැයි වාර්ථාවේ . දැනට දරුණු ආර්ථික අවපාතයන්ට මුහුණ දී සිටින ග්‍රිසිය , ඉතාලිය වැනි රටවල් මෙන්ම මහා බ්‍රිතාන්‍ය හා ප්‍රංශයද ශ්‍රි ලංකාවෙන් ණය ලබා ගැනීම සඳහා අයදුම් පත් ඉදිරිපත් කර ඇතැයි වාර්ථා වේ .  උද්ගතවී තිබෙන තත්වය හමුවේ "ෆස්ට් කම් ෆස්ට්"  න්‍යාය යටතේ අදාල ණය ආධාර ලබාදීමට තමන්  කටයුතු යොදමින් සිටිනා බැව්  නිවේදනයක් නිකුත් කරන ශ්‍රි ලංකා රජය අදාල ණය සඳහා තමන් පනවන කොන්දේසි වලට අනුකූලතාවය දක්වන්නන්ට ප්‍රමුඛ තාවය හිමිවීමේ ඉඩකඩක් ඇතිබවද අවධාරනය කර සිටී . පසුගියදා ශ්‍රි ලංකාවේ නිවාස හා ඉදිරිකීරීම් අමාත්‍ය වරයා විසින් ආර්ථික සම්බාධක පනවන ලැබූ ඇමරිකා එක්සත් ජනපදයද මෙම ණය ආධාර ලබාගැනීම උදෙසා අදාල සම්බාධක ඉවත් කරගැනීම වෙනුවෙන් කටයුතු යොදමින් සිටිනා බැව් වාර්ථා වේ . මේ සම්බන්ධයෙන් එකඟතාවයක් ඇති කරගැනීම සඳහා අමාත්‍ය විමල් වීරවංශ මහතා හමුවීමට එක්සත් ජනපද ජනපතිවරයාගෙ  විශේෂ දූත පිරිසක් හෙට දිවයිනට ලඟාවීමට නියමිතය . මේ දූත පිරිසට ධවල මන්දිර  නියෝජිතයින් , ආර්ථික විශේෂඥයන් , සෙනට් සභිකයන් මෙන්ම ප්‍රවීන භාෂා පරිවර්ථකයෙකුද අන්තර්ගත බව ධවල මන්දිර පුවත් සේවා අනාවරනය කර සිටී .ණය ආධාර ලබාගැනීම උදෙසා ශ්‍රි ලංකාවේ හොඳ හිත දිනා ගැනීමේ අරමුණින් මානව හිමිකම් සමුලුවේ ශ්‍රි ලංකාවය එරෙහි යෝජනාවට සහය දීමෙන් වැලකී සිටීමට යුරෝපා සංගමය තීරනය කර ඇති අතර අමාත්‍ය වීරවංශ සමඟ පවත්වන සාකච්ඡා සාර්ථක වුවහොත් එක්සත් ජනපදය විසින්ම අදාල යෝජනා ඉවත් කරගනු ඇතැයිද නිල නොලත් ආරංචි මාර්ග පවසා සිටී .


ප.ලි 1 - මේ මනුස්සයා මේ වගේ කථාවක් කියයි කියල නම් මම හීනෙකින්වත් හිතුවේ නැ

ප.ලි 2 - චීනය හා ඉන්දියාව ලොකු වෙලඳ පොලවල් කියල බැසිල් මහත්තය කියල තියනවා , ඇත්ත ඒත් ඒ වෙලඳ පොලවල් වල අපිට අවස්ථාවක් තියනවද ?

ප.ලි3 - ඉන්දියාවේ නිවාස ගාණෙන් හරි අඩකටම වැසිකිලි පහසුකම් නැතිය කියල අලුත්ම වාර්ථාවක තියනවා , අඩු මිලට වැසිකිලි ඉදිකිරීමේ ක්‍රමයක් ආර්ථික සංවර්ධන සහ නිවාස ඉදිකිරීම් අමාත්‍යංශ දෙකම එකතු වෙලා හොයාගත්තා නම් ඉන්දියාවේ වැසිකිලි වෙලඳ පොලට රිංගන්න අපිටත් පුලුවන් . වැසිකිලි මිලියන ගානක් කියන්නේ හොඳ  අවස්ථාවක් !

Comments

  1. හොඳම ජෝකර් හොයන රේස් එකට බැසිල් මහත්තයත් එක්කාසූ වෙලා. වැසිකිලි හදන ප්‍රොජෙක්ට් එකක් නම් ජීවීතේට එයාට කරන්න බෑ ඒත් වැසිකිලිවල දාන ඒවා හොඳ පෝෂදායි ආහාරයක් කියලා අපේ ගොන්නුන්ට කවන එක නම් කොරන්න පුළුවන් වෙයි

    ReplyDelete
  2. පිටරට ආණ්ඩුවලින් ගොන් කතා කියන්න මිනිස්සු හයර් කරනවනම් ඔන්න අපේ රටේ දේශපාලනේ කරන අම්බරුවන්ට තියනවා හොඳ වෙලඳපොලක්.

    ReplyDelete
    Replies
    1. ඔව් පාට් ටයිම් වුනත් කරන්න පුලුවන් නේ

      Delete
  3. විමලෙට වැසිකිලි අඩුගානට හදන්න පුළුවන්,මෙන්න ම්හෙම විමලෙගේ මුනට ප්ලාස්ට් ඔෆ් පැරිස් තට්ටුවක් දාල වේලුනම මෝල්ඩ් එකක් විදිහට ගන්න පුළුවන්. මේවා ඉන්දියාවට යවන්න පුළුවන්. ලංකාවේ පොදුවසිකිලි සදහා මේවා දැම්මනම් මුගේ කටට මලපහ කරන්න එන ජන ගංගාවෙන් පුංචි රු 10 ගානේ අයකරල මුළු යුරෝපෙටම නය දෙන්න පුළුවන්නේ.
    මම හිතන්නේ *** තුමාට මගේ මේ අදහසම ඔලුවේ ඇති,

    ReplyDelete
  4. ලංකාව යුරෝපයට ණය දෙන්නේත් ඉස්සර ලංකාව ලෝක බංකුවෙන් ණය ගත්ත විධියට, ඒ කියන්නේ අපේ කොන්දේසි අනුව ලෝක බැංකුවෙන් ණය ලබාගත් ක්‍රමයටද?

    ණය දෙන්නෝ ණය ගන්නන්ගේ කොන්දේසි වලට යටත් වී ණයගත් ලෝකේ එකම රට සිරි ලංකාව නොවැ.

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි ආශ්චර්යය වුනාම , ලෝකෙම කැරකෙන්නේ අපි වටේට ලු !

      Delete
  5. හොද වැඩපිලිවෙලකි. ධනාත්මකව සිතන ඇමතිවරුන් අපේ කැබිනට්එකේ සිටීම අප ලැබූ භාග්‍යකි. ණය දීමේදී ෆස්ට් කම් ෆස්ට් න්‍යාය හොදය. මම නං කියන්නේ ප්‍රංශය බ්‍රිතාන්‍ය ජර්මනිය වැනි අපට "සතුරු" රටවලට ණය දීමේදී ඔවුන් "ණය උගුලක" සිරකර ණය දියයුතු බවයි. ඇමෙරිකාව ගැන සදහනක් නැතත් ඔවුන්ද ණය ගැනීම සදහා පැමිණෙනු ඇත. එවිට ඔවුන්ද සිරකල යුතුය. තවද ඔවුන්ගේ ඉල්ලීම් සලකාබැලීමට ප්‍රථම ඔවුන් මානව හිමිකම් ආදිය රකිනවාදැයි සොයාබැලිය යුතුය. යුරෝපයට-ඇමරිකාවට ණය නිර්දේශ කිරීමේදී විමල් වීරවංශ සහ පාඨලී චම්පික රණවක යන ඇමතිවරුන් දෙදෙනාගෙන් එක් අයෙකුගේවත් කැමැත්ත තිබිය යුතුය. චීනය, ලිබියාව, ඉර‍ාණය වැනි රටවලට සහන පදනමක් මත ණය ලබාදීමට අපේ විරෝධයක් නොමැත.

    ReplyDelete
    Replies
    1. ඇමරිකාව ගැනත් සඳහනක් තියෙයි නේ රාජ් , දැක්කේ නැතුවාවත්ද

      Delete
  6. බැසිල් මහත්තයත් දැන් විමල් මහත්තයගෙ ගාණට වැටිලනෙ.

    ReplyDelete
  7. මම බැසිල් මහත්තයගෙ කතාව අපේ බ්‍රාන්ච් එකේ කට්ටියට කිව්ව. ලැබුන උත්තරේ "බැසිල් මහත්තයලට නං පුළුවන් ඇති ඇමරිකාවටත් ණය දෙන්න" කියන එක.

    ReplyDelete
    Replies
    1. ඔය කථාව මම c නිවුස් එකේ කමෙන්ට් වලත් දැක්කා , ඒ කියන්නේ දන්න කට්ටියත් නැත්තේම නෑ

      Delete
  8. මමත් බලාගෙන ඉන්නේ මේ දවස එනකන්.
    මම හිත්න්නේ මෙතුමා කියලා තියන්නේ ඇත්ත. මොකද මෙතුමා කියලා නැහැ මේ ණය දෙන්නේ ලංකාවෙන් කියලා. "අපි" කියලා තමයි කියලා තියන්නේ. දැන් තෙරෙනවනේ කියන්නේ මොකක්ද කියලා. මෙහෙම කට්ටිය මේ වෙනකන්ම හිටියේ ඉන්දියාවේ. උදාහරන විඩියට ටාටා පවුල වගේ. ඔන්න අපිටත් එහෙම අය ඉන්නවා දැන්. වාසනාවයි.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි අපි කිව්වා මිසක් ලංකාව කීවේ නැහැනේ

      Delete
  9. අනේ වාසනාවන්...!!!

    ReplyDelete
  10. ඒයි කවද්ද බං එහෙම කතාවක් කිව්වෙ.
    අම්මප දැන් ජෝකර්ල වැහි වැහැලනේ....

    ReplyDelete
    Replies
    1. අඩු තරමේ ප්‍රවෘත්ති වෙබ් අඩවියක්වත් බලහන්

      Delete
  11. අනෙස්ලි, බර්ටි, සැමුවෙල්, සහ බන්දු, ටෙනී
    මංත්‍රිල ඇමති ලා අපගේ එහෙම උනී

    ReplyDelete
  12. මං නම් හිතන්නේ මේ ඔහේලා හිතන විදියේ එකක් නොවේය...

    අපේ රට මේ දවස්වල අම්බානකට ණය ගැනීම වනාහි මාස්ටර් ප්ලෑනකි! අපි ණය ගන්නා ආකාරයට නුදුරු අනාගතයේ බටහිර රටවල්වල මුදල් හිඟයක් ඇතිවෙනු සුවර් ඇන්ඩ් සොට්ය... අන්න එදාට උන් අපට දුන්නාට වඩා වැඩි පොලියකට උන්ගේම සල්ලි උන්ටම ණයට දීම මාස්ටර් ප්ලෑනක් නොවේ නම් අහවල් කෙංගෙඩියක්ද???

    ReplyDelete
    Replies
    1. සජීව ධනුද්ධරMarch 16, 2012 at 9:25 PM

      අම්මපා එළ මාස්ටර් පැලෑනකි..ඔන්න නියම මොළකරුවෝ..:D

      Delete
  13. ඉතාලි අගමැතිත් උදේ ප්‍රවෘත්ති වලට කිවුවා ලංකාවට යන්න ඕන කියලා ණයක් ගන්න..

    ReplyDelete
  14. සුභානාගාතායාක් නොවැ..

    අකුරු වැරදිද මන්ද ?

    ReplyDelete
  15. ලෙසටම තියෙනවා

    ReplyDelete
  16. යාහූ වෙනුවට හූ.ආ යා, ගූගල් වෙනුවට ගූගාගම් වැනි අන්තර් ජාල් නිශ්පාදන දියත් කිරීමට නියමිතය

    ReplyDelete
  17. Web site wala mewa dakina,Lankawata naya dunna pita ratawala ayata monawa hithenawa adda ?

    ReplyDelete
  18. ඔහෙල දන්නෙ නැති උනාට යුරෝපයේ රටක් වන ස්විට්සර්ලන්තය දුවන්නේ ලංකාවේ මහ එවුන් ආයෝජනය කරන මුදල් වලින්.

    ReplyDelete
    Replies
    1. ආහ් .. ඒ කථාවේ නම් ඇත්තක් තියෙයි තමා

      Delete
  19. ඇනෙස්ලි බර්ටි සැමුවෙල් සහ බන්දු ටෙනී
    මේ අය නැතත් මට නම් නෑ පාලු දැනී
    විලමැද ගෙදර ඉන්නා අය කුමක් වැනී
    විකට රජුන් හමුවේ අදිරදුන් මෙනී

    ReplyDelete
  20. යුරොපා කාරයෝත් බලු උනා අපේ කට්ටියගෙ ප්ලැන් හමුවේ..... වාසනාවන්...!!

    ReplyDelete
  21. මට මේ ටිකේම නිව්ස් මිස් උනා නේ..චක්‍..
    හොදම දේවල් ටික වෙලා තියෙන්නේ මේ ටිකේ නේ :(

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ ...

මුස්ලිම් අන්තවාදය මගේ මතය සහ යොජිත විසඳුම් - සිරාගේ කාමරයට පිලිතුරක්

ඉස්ලාම් අන්තවාදය පිලිබඳ අන්තර්ජාල කතිකාව බොහොම තදබල විදිහට සිදුවෙන බවක් මේ වෙනකොට දකින්න තියනවා . අන්තර්ජාලයෙන් බැහැර සමාජය තුලටත් මේ මතවාදයන් කාන්දු වෙන්න පටන් අරන් බොදු බලසේනා වගේ සංවිධාන වල බිහිවීමත් එක්ක . මේ සම්බන්ධව අන්තර්ජාලය තුල මතුවු නොයෙක් කතිකාවන් වලදි අදහස් දක්වලා තිබුනත් ඒවා අදාල ලිපියේ සමස්ථ අදහසත් එක්ක බැඳෙන නිසා  බ්ලොග් කරුවෙකු වශයෙන්  මගේ ස්ථාවරය පැහැදිලි කලයුතුයි කියල හිතෙනවා . මේ ලිපිය සිරාගේ කාමරය බ්ලොග් අඩවියේ පලවු පහත සඳහන් ලිපිය  වෙනුවෙන් මගේ ප්‍රතිචාරය විදිහටත් සලකන්න පුලුවන් http://siragekamare.blogspot.com/2012/12/blog-post_12.html සංවාදයක් ආකාරයෙන් පහත මතු කරල තියෙන්නේ ඒ පිලිබඳ මගේ සම්පූර්‍න ස්ථාවරය මුස්ලිමුන් අන්තවාදියිද - මේ පිලිබඳ මූලික සාකච්ඡාවක් කලින් ලිපියක සඳහන් කරලා තියනවා . මුස්ලිම් ජාතිකයින් කුරානය හෝ ඉස්ලාම් ධර්මය ආගමික අන්තාවාදයට රුකුල් නොදෙන බවට තර්කයන් ගෙනාඅවත් , කුරානයේ සඳහන් ඇතැම් වාක්‍ය ආගමික අන්තාවාදීන්ට අවශ්‍ය ආකාරයෙන් විග්‍රහ කරගත හැකිවීමට තියන සම්භාවිතාව පිලිබඳ සාර්ථක පිලිතුරක් ගොනුවෙන්නේ නෑ . ඒ වගේම මුස්ලිම් බහුතරය...

පෞද්ගලික විශ්ව විද්‍යාල පනතක අවශ්‍යතාවය

රජය විසින් ගෙන ඒමට නියමිත පෞද්ගලික විශ්ව විද්‍යාල පනත සහ ඊට විරෝධය පල කරනා  විශ්ව විද්‍යාල සිසුන් මේ දිනවල උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබේ . දශක  තුනකටත් එහා ගිය පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමේ වැයමේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස ආදාල පනත හැඳින්විය හැක . එම පනනේ සංයුතිය හා අවශ්‍යතාවය පිලිබඳ සාකච්ඡා කිරීමට මත්තෙන් සුපුරුදු පෞද්ගලික විශ්ව විද්‍යාල "යහපත්ද -අයහපත්ද " යන විවාදය පිලිබඳ යමක් සටහන් කල යුතුය . උක්ත විවාදය කෙලවරක් නොමැතිව දිවෙන්නක් වුවත් ඒ පිලිබඳ මාගේ පැහැදිලි අදහස ඉදිරිපත් කර තැබීම වැදගත්ය . පෞද්ගලික විශ්ව විද්‍යාල සහ/හෝ  මුදලට රාජ්‍ය අංශය විසින් සපයන උසස් අධ්‍යාපනය යන සංකල්පය මා සම්පූර්නයෙන්ම එකඟය . එනිසා පෞද්ගලික විශ්ව විද්‍යාල සඳහා විරෝධය පලකරන්නන්ගේ සමහරක්  තර්කයන්ට පිලිතුරු සැපයීම මාගේ ස්ථාවරයට හේතුන් පාඨකයාට අවබෝධ වීමෙහිලා උපකාරි වනු ඇත . දුප්පත් සිසුනට සිදු කරනා අසාධාරණයක් - යම් පිරිසකට අසාධාරණයක් සිදුවන බව සැබැය . නමුත් වර්ථමානයේ පවතින්නාවු ක්‍රමය තුලද තත්වය ඒසේමය . දිස්ත්‍රික් පදනම නිසා විභාගයේදී වැඩි දක්ෂතාවයන් දැක්වූ සිසුනට  බලාපොරොත්තු වන...