බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! »

  • RSS Feed
  • Twitter
  • Facebook
  • Followers

    ලාංකීය සිතුවිලි

    lankeeya sithuwili

    Kottu

    අඹ ගහ යට'

    සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය

    සිංහල බ්ලොග් කියවනය

    මාතලන් සින්ඩිය

    ලඟකදි ලියපුවා

    Thursday, March 22, 2012

    ජිනිවා හිදි නා ගැනීමෙන් පසුව වත් නිවැරදි විය යුතු විදේශ ප්‍රතිපත්තිය

    ක්ෂණික ප්‍රතිචාර : 
    සන්ධාන රජය බලයට පත්වූ දා සිට පරාජයකට ලක්වූ වා නම් ඒ අවස්ථාවන් කිහිපයකදී පමණය .දිනනවා යැයි උදම් ඇනු උතුරේ පලාත් පාලන මැතිවරණය මෙන්ම කොලඹ නගර සභා මැතිවරණයත් පොදු  රාජ්‍ය මණ්ඩලීය සත්කාරකත්වයත් එම අවස්ථාවන් ලෙස හැඳින්විය හැක . (මෙයින් අවසානයට සඳහන් කල පරාජය රටක් වශයෙන් ලද  එක්තරා ආකාරයක ජයග්‍රහණයක් ලෙස හැඳිවීමේද වරදක් නැත) . මේ පරාජයන් අතරට අද දිනයේ එකතු වන්නේ වඩාත් බරපතලතම සහ රටක් වශයෙනුත් ලද පරාජයක් බැව් පැහැදිලිය

    මාසයකට අධික කාලයක් තිස්සේ පෙලපාලි ,උද්ඝෝෂණ, ආගමික වතාවත් , ෆේස්බුක් ඇතුලු සයිබර් උත්සාහයන් , මෙන්ම සියලුම ලාංකීය මාධ්‍ය ආයතවල ඇඬියාවන් පම්පෝරි ඇතුලු සියලු උත්සාහයන් ජාත්‍යන්තර අභියෝගයන් ජයගැනීමේදී   අංශු මාත්‍රියව හෝ පලදායක නොවනා බැව් ඇස් පනාපිට සනාථ වී ඇත . මේ බොහෝ උත්සාහයන් පිටුපස ජනතාවගේ අවධානය  ජිනිවා වෙත බැඳ තබාගෙන දේශපාලනික වාසි ලබාගැනීම මෙන්ම  තම තමන්ගේ දේශපාලන මතයන් හා ප්‍රතිරූප ඉහල නංවා ගැනීම්ද තිබු බවද නොරහසකි . (උදා හරණයක් ලෙස දින දෙක  තුනක සිට පෞද්ගලික බස් රථවල පිටුපස මව් බිම වෙනුවෙන් එකතු වීමක් ගැන සඳහන් ව අලවා ඇති දැන්වීමේ ඇස ගැටෙනා ප්‍රධානම කොටස වන්නේ අදාල අමාත්‍ය වරයාගේ නමයි )

    ඇමරිකානු යෝජනා ක්‍රියාත්මක කිරීම හා  නොකිරීම සම්බන්ධව ඉදිරි කාලය තුලදී  දක්නට ලැබෙනු ඇති අතර ඒ පිලිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවද උදාවෙනු ඇත . එම තත්වය කෙසේ වුවත් රජයේ විදේශ ප්‍රති පත්තියේ අසාර්ථක භාවය හා රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කිරීමේ දුර්වලතාවය  පිලිබඳ කදිම නිදසුනක් ලෙස මෙම අවස්ථාව හඳුනාගත හැක . ජාත්‍යන්තරය තුල මිත්‍රයන් ඇතිකරගැනීමේ හා සමීප මිත්‍රයින් තෝරාගැනීමේ ක්‍රමවේදයන්ම මෙන්ම පවතින යථාර්තය තුල සතුරු බලවේග කලමණාකරනය කරගැනීමටද නැවමු වටයකින්  තීන්දු තීරණ ගත යුතු කාලය එලඹී ඇතිබව අද දින ජිනිවා හී ප්‍රතිඵලයෙන්  තහවුරුව ඇත . ලෝක දේශපාලන බල අරගලයන් හී පාර්ශව කරුවෙකු වීමෙන් ශ්‍රි ලංකාවට කිසිදු වාසියක් අත්නොවෙනා බවත්  සතුරුන්ගේ සතුරන් හා මිතුරු වීමට වඩා, සතුරන්ගේ මිතුරන් සමඟ සබැඳියාවන් තුලින් අත්කර ගැති ජයග්‍රහණයන් අතිමහත් බවත් වටහා ගතයුතුව ඇත

    කාටුනයේ පරිදි නා ගන්නේ විමල් වීරවංශලා වැනි ලිං මැඩි දේශපාලකයින් නම් අපට ප්‍රශ්නයක් නැත , නමුත් ජිනිවා හිදි සිදුවූ පරිදි රජය ජාත්‍යන්තරය තුලා නා ගැනීම සමස්ථ පුරවැසියාටම අදාලය . සැබෑ දේශප්‍රේමිත්වය යනු රටටත් ජනතාවටත් වඩාත් යහපත් ප්‍රථිපලය ලබාගැනීමට ජාත්‍යන්තර තුල කටයුතු කිරීම මිස   වැඩි වැඩියෙන් සතුරන් ඇතිකරගැනීම නොවේ

    49 comments:

    1. උඹට වැරදිලා මචෝ... සැබෑ දේශ ප්‍රේමය කියන්නෙ ඔය ලේබල් එකක්, ලොක්කෙක්ගෙ තාර මූණක් ප්‍රදර්ශනය කරගෙන උද්ඝෝෂනය කරන එක තමයි.

      ReplyDelete
    2. මමත් හිතන් ඉන්නෙ මේක ගැන ලියන්න.. නමුත් මගේ අදහස වෙනත් එකක්...

      ඇල්

      ReplyDelete
      Replies
      1. ලිපිය කියෙව්වා , කමෙන්ටුවකුත් දාලා ඇති

        Delete
    3. මම නම් කිසිම විදියකින් පරාජයක් සේ කියනවාට අකැමතියි. එතකොට ඒක තරඟයක් වෙනවා. තරඟයක් නම් කැමැත්තෙන් අයින් වෙන්නත් ඉඩක් ලැබෙනවානේ.

      එතැන වූයේ වරදක් කළා යැයි චෝදනාවක් එල්ල වී වරදක් කළේ නැතැයි පෙන්වන්න කීමට කන් නොදී අනවශ්‍ය සර්කස් නටන්නට යාමෙන් 'නා ගැනීම' පමණයි.

      විදේශ ආධාර සමඟ එල්ලී එන කොන්දේසි පිළිගන්නවා ද නැද්ද යන්න දෙකෙන් එකක් තීරණය කරලා කැමති පැත්ත තෝරා ගන්න ඉඩක් තිබීම කා එක්ක වත් කරන තරඟයක් නෙමෙයි නේද?

      තවත් විදියකින් කිව්වොත් පක්ෂ වූ රටවල් එක්ක ගියොත් ද වැඩියෙන් ලංකාවට වාසි? නැත්නම් විපක්ෂ වූ රටවල් එක්ක ගියොත් ද? ලංකාවට? පාලන බලයේ ඉන්න අයට නෙමෙයි!!!!

      ReplyDelete
      Replies
      1. හා හා දැන් කවුරුවත් ඇමරිකාවට එහෙම බනිනවා නෙවෙය් ... මේ ඇමරිකන් නෝනට තරහ යය්...

        Delete
      2. //ලංකාවට? පාලන බලයේ ඉන්න අයට නෙමෙයි!!!!//

        බොහොම වැදගත් කරුණක් , ඒ වගේම පාලන බලයේ ඉන්න සමහරුන්ට නම් ඔය විරුද්ධ වුනු රටවල් එක්ක සමීප සබඳතාත් තියෙයි , ඒ විනාශ කරන්න හදන්නේ ඒ රටවලින් ලංකාවට වාසි ලැබීමයි

        @ඇනෝ - ඇමරිකාවේ ඉන්න අරුණි නෝනට නෙවෙයි , අරුණි නෝනා කියලා තියන දේවල වැදගත් කම තියෙන්නෙ ලංකාවේ ඉන්න අපිට

        Delete
    4. නිකං බොරු බයක් ඇති කරන්න එපා බුවා. අපි කොටින්ට ගහන කොටත් ඔයාල බෑ කියලම තමයි කිව්වෙ. අපි මහසෝනගෙන් පැවත එන කට්ටිය හරිද?
      ඇමරිකාව අපිට මොනවා කරන්නද? හෙට අනිද්ද බලන්නකො අපි පාරට බැහැල කෑ ගහපුවාම ඉන්දියාවත් දෙකට නැවිල එන හැටි.

      ReplyDelete
    5. බීරි අලියන්ට වීනා ගායනාවක්..

      ReplyDelete
      Replies
      1. මුන් බිරි අලින්ටත් වඩා කපටි කමට අත් දෙකෙන් කන් වහගෙන ඉන්න අලි ජාතියක්ය කිව්වොත් නිවැරදියි

        Delete
    6. //මේ බොහෝ උත්සාහයන් පිටුපස ජනතාවගේ අවධානය ජිනිවා වෙත බැඳ තබාගෙන දේශපාලනික වාසි ලබාගැනීම මෙන්ම තම තමන්ගේ දේශපාලන මතයන් හා ප්‍රතිරූප ඉහල නංවා ගැනීම්ද තිබු බවද නොරහසකි . //

      සිරා මචං.. මුන් පෙලපාලි ගියේ රට ගැන කිය කිය නෙවේ බොහොමයක් වෙලාවට. රජතුමා ගැන කිය කිය. විපක්ෂයට බැන බැන.. ‍ප්‍රතිරෑප ගැන නොසිතා රට ගැන සිතීම වටින්වා..

      ReplyDelete
      Replies
      1. සජීව ධනුද්ධරMarch 23, 2012 at 9:43 AM

        @ සෑම්,
        ඇත්ත මචං

        Delete
    7. මේ ඔක්කොම බලන් ඉන්නේ වරදින තුරු අපිට....

      මම තවමත් මේ දිහා විමසිල්ලෙන් බලාගෙන ඉන්නවා... මට තාමත් හිතෙනේ මේක නිකන් නාට්ටියක් කියලයි.... ඒ මගේ දේශපාලන දැනුම දුර්වල නිසා වෙන්න පුළුවන්....

      ලෝකයා නැති වුනත් රට වැසියාවවත් තමන්ට ඉතුරු කරගන්න ඕන කියලා පාලකයින්ට හිතෙන්න තව කොච්චර කල් යයිද මදා....

      ReplyDelete
      Replies
      1. රට වැසියා නම් ගානට ඇන්දිලා තාම ඔය ඉන්නේ මචන්

        Delete
    8. ඔබේ ලිපිය මම බලාගෙනම සිටියා. සියල්ලම හොදින් කියවූවා. කමෙන්ටුත් බැලුවා. මගේ අදහසත් ඔබ සියල්ලන්ගේම අදහස්වල එකතුවක්. මම එකින් එක කියන්නම්. දිග වැඩි වෙයිද දන්නේ නැහැ. එහෙම වුනොත් බුවා මට සමාවෙන්න.
      1. මේක රටක් ලෙස එතරම් හානියක් නෙමෙයි. නමුත් 3 වැනි වගන්තියේ තිබෙන කරුණු ටිකක් බරපතලයි නේද? ඒ හරහා අධිරාජ්‍යවාදී මැදිහත් වීමකට යම් ඉඩක් තිබෙන බව මට හිතෙනවා. කොහොමත් මේ ආරම්භය බවයි මට හිතෙන්නේ. මෙතැන් සිට ටික ටික කාලෙ අරන් අපිව ගානට හිර කරයි කියලා මට නම් හිතෙනවා.
      2. අපේ ඩිප්ලොමැට්ස්ලා බබ්බු වගේ නේද හැසිරුනේ. කොහොමත් ඔතැනට යා යුතුව තිබුනේ ඔය ගිය නඩය නෙමෙයි. මුන්ට උතුර දකුණ දන්නේ නැති මෝඩ හැත්තක්. උපක්‍රමශීලී වීම කියන දේ ගෑවිලාවත් නැති අමනයෝ රෑනක් ගිහින් වැඩේ අල කලා. කට්ටියක් ගණිකා නිවාසවල හිටි බවක් ආරංචි වුනා.
      3. අපේ දේශපාලකයෝ මෙහෙ දාපු සංදර්ශනත් අපිට හරහට හිටියාද ? උදාහරන විදියට විමලා කියූ දේවල්, චම්පික කියපු දේවල් වගේ අඳබාල කථා. ඉතාම සුළු ප්‍රතිශතයක් වගේ එහෙමත් වෙන්න ඇති නේද? අනික මුන් නැටුවේ හරියට මේක සම්මත වුනොත් අපිට හෙට ඉදලා මැරෙන්න වෙනවා වගේනෙ.
      4.ප්‍රධානම දෙ තමයි මේ වගවීමේ හා උගත් පාඩම් කොමිසම පත්කලේ කවුද? අපේ නායකයා,. ඊලගට ඒ වාර්ථාව මුලින්ම පිලිගත්තේ කවුද ? අපේ නායකයා නේද? එහෙම නම් ඇයි අපිට මේක ක්‍රියාත්මක කරන්න බැරි ? හෙට වෙන දෙයක් නෙමෙයි. මේ වැනි දේකට කාලයක් යනවා. ඒ සදහා මූලික අඩිතාලම දැම්ම නම් අපිට මේවගේ දේකට මුහුණ දෙන්න වෙන්නෙ නැහැ.
      4. රටේ ප්‍රශ්න වලින් බේරෙන්න මේක උදව් කර ගැනීම. මම හිතන්නේ අපේ අයියලා ජිනීව වලින් පැරදුනත් සෑහෙන දෙයක් කර ගත්තා. මිනිස්සුන්ගේ වෙලිලා යමින් තිබූ දේශප්‍රිමය නැවත ක්ළු ගන්වලා ජීවන ප්‍රශ්න ටික කාලෙකට හරි යට ගහගත්තා.
      5. ඉන්දියාවේ හැසිරීම. මේ වෙලාවේ ඉන්දියාව තුන් පැත්තකින් හිරවෙලා හිටියේ. ඒ චීනය සමග අපේ ඇති ඇගෑළුම්කම, තමිල් නාඩුවේ ප්‍රශ්න සහ අපේ තෙල් සම්පත හැසිරවීමේ බලය ඉන්දියාවට නැති වෙන එක. මේ තීරනයට ඉන්දියාවත් යන්නේ අපිට කෙලවන්නම විතරක් නෙමෙයි එයිට වඩා උන්ටත් කරන්න දෙයක් නැති නිසා. තෙල් ටිකේ වගකීමෙන් යම් ප්‍රතිශතයක් ඉන්දියාවටත් ලැබුනනම් ඉන්දියාව ජයලලිතව ගානට මැනේජ් කර ගන්නවා. නමු අපිට පාඩමක් ඉගැන්වීමේ අවශ්යතාවක් ඉන්දියාවට තිබුනා.
      5. අපි කල යුත්තේ මොකක්ද? දැන් උපක්‍රමශීලී විය යුතුයි. ඉක්මනින් උගත් පාඩම් කොමිසම කියනා දේවල් අධ්‍යනය කරලා කාටත් පේන්න මූලික අඩිතාලම් දැමිය යුතුයි. අනික ඒක ඉතාම විනිවිද පෙනෙන ක්‍රමයකට කළයුතුයි.
      6. මේ මොකටත් කලින් අපි ජාතියක් විදියට එකතු විය යුතුයි. රටේ නියම බලය ඇත්තේ එතැනයි.

      දිගවැඩි වන නිසා නවතිනවා. මම හිතන්නේ අපිට මෙකෙන් ගොඩ එන්න හොදින්ම පුළුවන්.

      ReplyDelete
      Replies
      1. බොහොම ස්තුතීයි වෙද මහත්තයා කරුණු දැක්වීමට , ඇත්තටම තුන් වෙනි කරුණ ඉවත් කරගන්න සාක්ච්ඡා කලා නම් , ජපානය ඉන්දියාව වගේ රටක් (ඇමරිකාවට හිතවත් ) ඒ කට මැදිහත් කරගත්තා නම් ඒ දේ කරගන්නත් තිබුනා'

        විමල් ලා චමිපිකලාගේ මතයත් ලෝකෙට යන්නේ රජයේ අමාත්‍යවරුන්ගේ මතයක් විදිහට නිසා බලපැමක් නැත්තෙමත් නෑ , අඩුම තරමේ විමල්ලා මොනවා කිව්වත් ජිනිවා ගිය නියෝජිතයො හරි නම්‍යශීලී තාවයකින් කටයුතු කලා නම් තත්වය වඩා යහපත් වෙන්න ඉඩ තිබුනා

        Delete
      2. 100% ක්ම වගේ එකඟයි! (අර අංක 6 ට කියල තියෙන ජාතිය 'ශ්‍රී ලාංකික ජාතිය' වෙන්ට ඇතැයි සිතමි.)

        Delete
    9. මේ සිද්ධ වුනේ සැබෑවින්ම ඇදගෙන නා ගැනීමක්. මෙතන අපිට වැරදුන තැන් කීපයක් තියෙනවා.
      1. උගත් පාඩම් කොමිසම් වාර්තාව එලි දක්වන්න අවුරුදු 3කට කිට්ටු කාලයක් මිඩංගු කිරීම.
      2. යුද්ධයෙන් මියගිය දෙමළුන්ගේ මානව හිමිකම් ගැන කතා කිරීම වැරදිය ඒගැන කථා කරනවා නම් කොටින් මරා දැමූ සිංහලයන් ගේ මානව අයිතිවාසිකම් ගැනත් කථා කලයුතුයි කියා දෙකෙන් එකක්වත් ගැන කථා නොකර සිටීමට උත්සාහ කිරීම.
      3. ඇමරිකාව ගෙන එන්නේ කෙබඳු යෝජනාවක් දැයි කලින් ඉඟි පලවී තිබුනා. එනිසා එය කපා හැරීමට ප්‍රමාණවත් ප්‍රති-යෝජනා ගෙන ඒමේ හැකි කමක් අපට තිබුනා.
      4. මානව හිමිකම් ක්‍රියාකාරිකයන් ලෙස ජාත්‍යන්තරය පිලිගත් රාජ්‍ය නොවන සංවිධාන වල පිරිස් ආණ්ඩුවේ සතුරන් කර ගැනීම හා ඔවුන් සමග ගේමට යාම.
      5. නිසි කරුණු කාරණා ඉදිරිපත් කර, තර්ක/වාද ඉදිරිපත් කර මෙම තත්වය තමන්ට වාසි තත්වයකට පත් කර ගන්නවා වෙනුවට දුටුගැමුණුගේ කඩුවේ හා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ආදී ක්‍රම වලින් වැඩේ ගොඩ යන්නට උත්සාව කිරීම.
      6. විමලාගේ හා චම්පිකගේ ආවේගශීලී අවිචාරවත් ප්‍රකාශ හරහා මානව හිමිකම් සමුළුවේ ක්‍රියාකාරී රට වලට මඩ ගැසීම.

      ReplyDelete
    10. අපි මානව හිමිකම් කැඩුවම වුනත් අපේ ඉන්නේ බුරු පාලකයෝ වුනත් මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් බලන්නකෝ . පෙර සටහනක් විදිහට ඇමරිකන් වියට්නාම යුද්ධය ඉවර වුනේ 1975 කියල සඳහන් කරන්න කැමතියි . ඔන්න මට බනින්න එපා මෙයා වෙන උලව්වක් කියනව කියල .

      http://vietnamnews.vnagency.com.vn/Miscellany/222479/bombs-discovered-in-southern-provinces.html

      ReplyDelete
      Replies
      1. ලින්කුව වැඩ කරන්නෙ නැ වගේ ගතියක් පේන්න තියෙයි

        Delete
    11. මේ ගැන වැඩිපුර කියන්න නම් මගෙ දේශපාලන දැනුම මදි. ඒත් රජයේ නාලිකා මේ ගැන හරියට ජනතාව දැනුවත් කරන්නෙ නැතුව ගොන් පාට් දානවා.

      ReplyDelete
      Replies
      1. රජයේ විතරක් නෙවෙයි පෞද්ගලික නාලිකාත් එමමයි (මම සිරස ගැන නම් දන්නේ නෑ )

        Delete
    12. තමන් ම පත්කරපු උගත් පාඩම් කොමිසම දුන් නිර්දේශ ක්‍රියාත්මක කරන්න ඇයි බය?ඇයි මේක මෙච්චර issue එකක් කරගත්තේ?

      ReplyDelete
    13. රජය විසින් කළ යුතුව තිබුණේ අමෙරිකානු යෝජනාවේ කොටසකට පක්ෂ වී අංක 3 දරන කරුණට විරුද්ධ වීමයි. එවිට කාල පරාසය ගැන ප්‍රශ්නයක් ඇති නොවේ. නමුත් දෙමළ ඩයස්පෝරාවෙන් මේ සඳහා පළි ගැනීම ඇරඹිය යුතු අතර එහි කෙරෙන සියලු තක්කඩි කම් මාධ්‍ය හමුවට ගෙනවිත් ඩයස්පෝරාව එම රටවල අපකීර්තියට පත්කොට රෙෆියුගී වීසා අවලංගු වන තැනට වැඩ කළ යුතු වේ.

      ReplyDelete
      Replies
      1. එකඟයි , තුන්වෙනි යෝජනාව සාකච්ඡා මාර්ගයෙන් ඉවත් කරගැනීමට උත්සාහයක් දරන්නත් තිබුනා . යෝජනාවෙන් කොටසකට පක්ෂ වීම එක්ක ශ්‍රි ලංකා රජයේ නම්‍යශිලි තාවය ලෝකයාට ඉදිරිපත්වීම වාසි සහගත තත්වයක්

        Delete
    14. මිගාර මමත් හිතන්නේ අපි කළ යුතුව තිබුනේ ඔබ කිව් දෙයයි. 1සහ 2ට පක්ෂ වී තුනට විරුද්ධ වුනා නම් හරියටම හරි. අනික ඩයස්පෝරාව දගලන්නේ ජාති ආලයකින් නෙමේ. උන්ගේ ර්ෆියුජී විසා කැන්සල් වෙන නිසා. කොහොම හරි උන්ට නැවත මෙහෙට පටවන තැනට වැඩ සලස්සන්න ඕනෙ. ඔබ හරි.

      ReplyDelete
      Replies
      1. මෙහාට ? අය්යෝ ආයේ කරදර වැඩි වෙයි

        Delete
      2. @වෙද මහත්තයා , මිගාර , බින්දි - ඔය ඩයස්පොරා සමාජිකයින් බහුතරයකට දැන් පුරවැසිකම් ලැබිලා නැද්ද ? සරණාගත වීසා වලින්ද තාම ඉන්නේ ?

        Delete
      3. මම දන්න තරමින් සහ මට දකින්න ලැබුනු කරුණු අනුව නම් තාමත් බහුතරයක් ඉන්නේ රිෆියුජි වීසා වලින්. බොහෝම ටිකක් ඉන්නවා නියම විදියට පුරවැසිකම් ගත් ඒ අය අතරිනුත් බහුතරයක් ඩුවල් සිටිසන්. ආන්ඩුව ඩුවල් සිටිසන් දෙන එක නවත්තපු එක වැරදී. මෙයාලව අපේ පැත්තට නම්ම ගත යුතුයි. මගේ අදහස නම් ලාංකීය ජාතියක් විතරයි.

        Delete
      4. තත්වය එහෙම නම් ලංකාවෙ දෙමල ජනතාවට සෙතක් වෙනවාට අකමැතිම පිරිස වෙන්නේ ඔවුන් , ඒ නිසා ඔවුන්ගේ හැසිරීම ට හේතු පැහැදිලියි

        Delete
    15. අවංක වීම කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැති පාලකයන්ගෙ අතේ බලය තියෙන විට ඔවුන් කවදාවත් රටට අවංක වූ මෙහෙවරක් නොකරයි. එදිනෙදා ලාභ ජනප්‍රියතාවය වෙනුවෙන් ඕනෑම ගොන්පාර්ට් එකක් දැමීමට මෙන්ම ඕනෑම තක්කඩිකමක් කිරීමටද පසුබට නොවේ.
      ඇත්තෙනම් රටක යහපාලනය සම්බන්ධව වෙනත් රටවල් වලින් කරුණු පෙන්වා දෙමින් අත දිගු කරන තෙක් ඒ කරුණු නොපෙනෙන වල් සතුන් ‍වගේ කටයුතු කිරීම පිළිබඳ ලැජ්ජාවීම මිස පෙන්වා දෙන්නන්ව හම ගහන්න උද්ඝෝෂණ කිරීමත් තක්කඩිකමක්මය.
      මේ යෝජනාව ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් ලෙස එම වචනයෙන් හැඳින්වීම තුළින්ම පාලකයින් උත්සාහ කළේ ඒ හරහා තමන් වෙත වාසි සහගත ජනප්‍රියතාවයක් ලබා ගැනීමයි.

      ReplyDelete
      Replies
      1. ඇත්තටම මිත්‍රයා "ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක්" කියන එක මහ මෝඩම මෝඩ කතාවක්.
        දැන් අපේ මිනිස්සුන්ට ඒක (ගොබෙල්ස් න්‍යායට අනුවම) ඇත්ත වෙලා.

        Delete
    16. මගේ අදහස නම් - රට නිසි මගට යොමු කර ප්‍රජානන්ත්‍රවාදය, මානව හිමිකම් රකින රාජ්‍යයක් බිහි කිරීමට මෙය අනගි අවස්ථාවක් බවයි.

      ReplyDelete
      Replies
      1. අර එළුවගෙ ෆැමිලි ජුවෙල්ස් හැලෙන කම් නරිය පස්සෙන් ගියා වගේ තියේවි :-)

        Delete
      2. ආන්ඩුව පෙරලන්නට නම් අන්ගි අවස්ථාවක් බව ඇතැමුන්ගේ කතා විඅලාශය අනුව පෙනේ

        Delete
      3. @ Ano
        ආණ්ඩුවක් පෙරලීම ගැන මං කියා නෑ.

        කරුණාකර "උගත් පාඩම්" යන්නේ තේරුම ගැන සිතන්න.

        Delete
      4. @ Ano:
        මෙච්චර බහුතරයක් ඇති ආණ්ඩුවක්, විපක්ෂයක තර්ජනයක් නොපෙනෙන ආණ්ඩුවක් තමන් පෙරලේ යැයි මෙතරම් බයෙන් ඉන්නේ ඇයි දැයි මට නම් නොතේරේ! තමන් නිවැරදි දේ නොකරන බව සිතන නිසාද???

        Delete
      5. කතන්දර - ඇත්තටම වෙලා තියෙන්නේ අපේ අය ලැබෙන අවස්ථාවන් ප්‍රයෝජනයට නොගන්න එක , ඒ නිසා ඔබා අය්යා කීවා වගේ තත්වයක් තමයි ඇතිවෙන්නේ

        ඇනෝ - කතන්දර කියල තියෙන්නේ //රට නිසි මගට යොමු කර ප්‍රජානන්ත්‍රවාදය, මානව හිමිකම් රකින රාජ්‍යයක් බිහි කිරීමට මෙය අනගි අවස්ථාවක් බවයි// කියල , ඔබ ඒක ආණ්ඩු පෙරලීමක් විදිහට සලකනවා නම් , ඒ කියන්නේ රට නිසි මඟට යොමු කරන්නේ මේ ආණ්ඩුවට බැහැය කියල ඔබම පිලිගන්නවාය කියන එකයි

        ගීතක - අනේ මන්ද් අප්පා , මොකට බය වෙනවද කියලා

        Delete
    17. මානව හිමිකම් නිසි අයුරින් රැක්කා නම් අද මෙහෙම තත්වයක් ශ්‍රී ලංකාවට කිසිම විදිහකින් උදා වෙන්නේ නැහැ.ඒත්?????

      ReplyDelete
      Replies
      1. වැරදියි. ඇමෙරිකාවට කඩේ ගියා නම් මානව හිමිකම් වලට කෙල වුණත් මොකුත් වෙන්නෙ නෑ

        Delete
      2. @ Ano:
        ඇයි වැරදි පාරකම යන්න හදන්නේ??? ඇමරිකාවට කඩේ යන එක බල්ලට දාලා මානව හිමිකම් රකින්න උත්සාහයක්වත් ගත්තානම්, ඇමරිකාව කොච්චර දැඟලුවත් ඔය යෝජනාවට ඡන්ද ගන්න බැරිවෙන්න තිබුනා...

        Delete
      3. ඇනෝ | නිශාන් - ඔබ දෙදෙනාගේම තර්ක හරි , ඒ වගේම ඔය අතර මැද තැනකත් නිදහසේ ඉන්න අවස්ථාව තියනවා , නමුත් මානව හිමිකම් කඩන ගමන් ඇමරිකාවෙනුත් ගේම ඉල්ලනවා නම් ඒක ලොකු අවුලකට හේතුවක් . ඇමරිකාව මැදිහත් වීම් කල හැම තැනකම ඊට අවස්ථාව සලසා දුන්නේ අදාල රටේ පාලකයින් . කොයිතරම් ඇමරිකන් විරෝධි වුනත් (බටහිර විරෝධය මම අනුමත කරන ප්‍රතිපත්තියක් නොවුනත් ) අපි හරි නම් කාටවත් අත පොවන්න බැහැ

        ගීතක - ඔබගේ අදහස සමඟින් එකඟයි

        Delete
    18. පොඩි වැඩ වගයක් තුබූ නිසා පරක්කු උනා.. අපි මේ ප්‍රශ්නේ මුල ඉඳලම නා ගත්තා. ආරන්චි විදියට මෙහේ දාන චන්ඩි පාට් එහෙත් දාලා. යෝජනාව ගෙන එන්න පෙර සභාපති තුමිය කළ කතාවෙත් ඒ ගැන අඩංගුයි. මේ වගේ බූරූ ඔල මොට්ටල පාලකයෝ ටිකක් ලංකාව පාළනය කරන මුල් වතාව මෙය වෙන්න ඇති.

      ReplyDelete
    19. තමන්ගේ නැතිවී යන ජන ප්‍රසාදය හා ඉන්ධන, බස් ගාස්තු වැඩි වීම මත ඇතිවුණු ජන පීඩනය සමනය කරන්නට ගත්තු කදිම උත්සහයක්.

      ReplyDelete

    Related Posts Plugin for WordPress, Blogger...