Skip to main content

සනා අය්යගේ නැටුම්,සල්ලි වලට ක්‍රිකට්,ඉරාන තෙල් ,ජනපතිවරයාගෙ බ්‍රිතාන්‍ය සංචාරය ,ආගමික නායකයින්ට දේශපාලනය තහනම්

කාර්ය බහුල බවත් එක්ක බ්ලොග් කරණය සැහෙන දුරට අතපසු වෙලා ගිහින් , කොහොම වුනත් ලැබුනු පොඩි විවේකය යොදාගෙන මේ සටහන් කරන්න යන්නේ මේ දවස් වල කථා බහට ලක්වෙන කාරණා කිහිපයක් ගැන . ඔය මාතෘකාවේ තියෙන්නේ අදාල කාරණා ටික තමයි






සනා අය්යගේ නැටුම්

සනත් ජයසුරිය කියන පුද්ගලයා ක්‍රිකට් නොබලන කෙනෙකුට වුනත් අමුතුවෙන් කියා දීමක් අවශ්‍ය වෙන්නේ නැති තරමට සුවිශේෂි චරිතයක් . ස්වාභාවයෙන්ම වේගවත් පිතිකරණ රටාවන්ට ආදරය කරන ක්‍රිකට් ක්‍රිඩා ලෝලියෙක් විදිහට  එදාත් අදත් මගේ ප්‍රියතම ක්‍රිඩකයා වෙන්නේ සනා තමයි . සනාගේ දේශපානයත් එක්ක බොහෝ දෙනෙක් ඔහුව විවේචනය කලත් , කැමති දේශපාලනයක් කිරීමේ සනාට ඇති අයිතියට ගරු කිරීමත් , ඔහු තරම් වත් දේශපාලනයේ හයක් හතරක නොදත් මිනිසුන් දේශපාලනය කරන නිසාත් සනාගේ දේශපාලනය ඔහු තුල  සිටින ක්‍රිඩකයාට ආදරය කිරීම වලක්වන තරම් ප්‍රභල වුනේ නෑ . දේශපාලනයට ඒම නිසා විවේචනයට ලක්වුනු සනා මේ දවස් වල ශ්‍රි ලාංකිකයින්ගේ දරුණු වීවේචනයට ලක්වෙලා තියෙන්නෙ ඔහු සහභාගි වෙන ඉන්දියානු නර්ථන තරඟයක් නිසා . ක්‍රිකට් ගැසීමේ හැකියාව සහ නර්තනය අතර කිසිම සම්බන්ධයක් නැති නිසා වගේම සනාගේ ඇගේ නර්තන රිද්මයන් පිහිටලා නැති නිසාත් අදාල රූප දැක්කාම මතුවෙන්නේ විසුලු සහගත ස්වරුපයක් . තනියම නර්ථනයේ යෙදෙන විඩියෝ වලටත් වඩා  තත්වය දරුණු අතට පත්වෙන්නේ අතිදක්ෂ නර්ථන ශිල්පිනියක් වෙච්ච මධුරිත් එක්ක හරි හරියට නටන්න ගිය තැනදි . සනාගේ නර්ථනය කොයි තරම් කැත වුනත් ජනප්‍රිය තරුවක් (ලංකාවේ වගේම අදාල වැඩසටහන විකාශය වෙන ඉන්දියාවෙත් ) රියලිටි වැඩසටහනටකට දායක වීමේ කිසිම වරදක් මම නම් දකින්නේ නෑ , ක්‍රිකට් තරුවක් වූ පමණින් නටන්න බැරිවා වගේම නටන්න බැරි වූ පමණින් ක්‍රිකට්  තරුවකට රියැලිටි වැඩසටහනකට නොයා සිටිය යුතුය කියලා නියමයකුත් මම දකින්නේ නෑ .  සනත් ජයසුරිය කියන ජනප්‍රිය ක්‍රිඩා තරුවට ඒ තත්වය එහෙම වුනත් ශ්‍රි ලංකා පාර්ලිමෙන්තුවේ මන්ත්‍රිවරයෙකු වෙනත් රටක  එවැනි වැඩසටහනකට දායක විම පිලිබඳව නම් ගැටලුවක් තියනවා (ඉතාම හොඳින් නටන්න පුලුවන් කෙනෙක්ට වුනත් )



සල්ලි වලට ක්‍රිකට්

මගේ අදහසේ වගේම ක්‍රිඩා ලෝලින් බොහෝ දෙනෙකුගේ අදහස අනුව සාර්ථකම අයිපීල් තරඟාවලිය පැවැත්වුනේ මෙවර . ඉන්දියානු විරෝධය ක්‍රිකට් වලට ගාවා නොගන්න සහ  ක්ලැසික් ක්‍රිකට් විතරක්  සොයන්නේ නැති ශ්‍රි ලාංකික ක්‍රිඩා ලෝලින් අතරත්  මෙවර තරඟාවලිය සැහෙන්න ප්‍රචලිත වුනා කිව්වොත් නිවැරදියි .  ඒ ගැන විස්තරාමත්ක විග්‍රහයකට දැන් පරක්කු වැඩි වුනත් අයිපීල් එක්ක කරලියට ආපු රට වෙනුවෙන් නැතුව සල්ලි වලට ක්‍රිකට් ගැහීමේ කතන්දරය නම් තාමත් එහෙමමයි . මේ කථාව කරලියට එන්නේ ලසිත් මාලිංග ශ්‍රි ලංකා ක්‍රිකට් කොන්ත්‍රාත්තුව ප්‍රතික්ෂේප කිරීමත් එක්ක සහ තමන් සෙල්ලම් කරන්නේ සල්ලි වලට බව  ප්‍රකාශ කර සිටීමත් එක්ක . ටෙස්ට් ක්‍රිඩා නොකල පමණින් මුලු ගාස්තුවෙන්  60%ක්ම නොගෙවා ඉන්න   ශ්‍රි ලංකා ක්‍රිකට් බලධාරින් අරගත්ත තීරණය මම කිසි සේත්ම අනුමත නොකරන නිසා මාලිංගගේ තීරණයේ වරදක් දකින්නේ නෑ , නමුත්  මුලු මුදලම ඉල්ලීමේ දැඩි ස්ථාවරේ නොසිට සාධාරණ ප්‍රතිශතයක එකඟතාවයකට එන්න මාලිංගත් කටයුතු කල යුතු බවත් කියන්න අවශ්‍යයි . මාලිංග සහ ක්‍රිකට් පාලක මණ්ඩලය මෙහෙම හැප්පෙද්දි අපේ දේශප්‍රේමි ක්‍රිකට් ලෝලීන් සමහරෙක්ට  සැහෙන්න තදවුනේ මාලිංග ක්‍රිකට් ගහන්නේ සල්ලි වලට යි කියපු එක ගැන . රට නියෝජනය කරන කණ්ඩායමට සෙල්ලම් කලත් ඇත්තටම ක්‍රිකට් ක්‍රිඩකයිනුත් කරන්නේ රැකියාවක් , ක්‍රිකට් විතරක් නෙවෙයි ඕනිම පූර්න කාලින ක්‍රිඩාවක නිරත වෙන ක්‍රිඩකයෙකුගේ රැකියාව තමයි අදාල ක්‍රිඩාව .ඒ නිසා රටවෙනුවෙන් වගේම විවිධ ක්‍රිඩා සමාජයන් ආදිය වෙනුවෙනුත් සෙල්ලම් කරල මුදලක් උපයා ගැනීමේ ඇති වැරැද්දක් නෑ . ලෝක පුජිත ෆුට් බෝල් ක්‍රිඩකය්නුත් වැඩි ආදයමක් උපායා ගන්නේ  රට වෙනුවෙන් සෙල්ලම් කරන තරඟ වලින් නෙවෙයි . එහෙම බැලුවාම මෙතන තියන තත්වය වෙන්නේ  මාලිංගට නොගැලපෙන තරම් අඩු පඩියකට ඔහුගේ රස්සාව කරන්න කථා කිරීම වගේ වැඩක් , මාලිංගට බනින බහුතරයක් දෙනා රට වෙනුවෙන්ය කියලා අඩු පඩියකට වැඩ කරන්න සුදානම්  අය නොවෙන නිසා මේ විවේචනයන් වල තියෙන්නේ පැහැදිලි කුහක  කමක් බවයි මට හිතෙන්නේ , මේ විවේචකයන් අතර ලංකාවේ පඩි මදිය කියලා  පිටරටවල රස්සාවල් කරන වුනුත් ඉන්නවා දැක්කාම අහවල් එකෙනුත් හිනා යනවා . ඒ වගේම මාලිංගට ක්‍රිකට් ආයතනය වියදම් කරපු සල්ලි ගැන කථා කරන අයට මතක් කරල දෙන්න ඕනි පිටරට වැඩි පඩියට  ගිහින් ඉන්න එවුන්ටත් ඉස්කොලේ යන කාලෙත් විශ්ව විද්‍යාලේ ගියා නම් ඒකටත් වියදම් කලේ රජයම තමයි කියන එක . එහෙම තත්වයක් තියෙත්දි රට වෙනුවෙන් විශාල සේවයක් කරපු , සහ ඉස්සරහටත් කරන්න සුදානමින් ඉන්න මිනිහෙක්ගේ දේශප්‍රේමය ගැන විතරක් ප්‍රශ්න කරන එක නම් මහ  පාහර වැඩක් කියලයි මම නම් දකින්නේ


මේ වෙනකොට පලවෙලා තියන මාධ්‍ය වාර්ථා අනුව කොන්ත්‍රාත්තුව අත්සන් නොකරන ක්‍රිඩකයින්ට තරඟ තහනමක් පනවන්න ක්‍රිඩා ඇමතිවරයා සුදානම් වෙලා ඉන්නවා . නාවලපිටියේ ඡන්ද කරන විදිහට ඇමති කම් කරන්න යන බක පණ්ඩිත ක්‍රිඩා  ඇමතිවරයාගේ මේ පියවර කෙලින්ම මාලිංගව ඉලක්ක කරගත්ත එකක් බව පැහැදිලියි . මෙහෙම දෙයකින් මාලිංගට පෞද්ගලිකව දැවැන්ත පාඩුවක් සිද්ධ නොවුනා වුනත් අනික් රටවලට සාපේක්ෂව 20-20  තරඟ රටාවේ පිතිකරුවන් ඉතාම අවම ශ්‍රි ලංකා කණ්ඩායම 20-20 ලෝක කුසලානයට යත්දි ලෝකයේ හොඳම 20-20 වේග පන්දු යවන්නාත් අත්හැරලා යනවා කියන එක නම් අවසන් තරඟය දක්වා එන්න තියන පුංචි අවස්ථාවත් අහිමි වෙනවාය කියන එක යි .


ඉරාන තෙල්

ඉරානය කියන්නේ අපිට බොහොම හිතවත් යුද්ධයට උපකාරපු කරපු අධිරාජ්‍ය විරෝධී  ප්‍රගතිශිලි රටක් විදිහට තමයි හැඳින්වුනේ . රජය ඉරානය තමන්ගේ ලඟම මිතුරෙක් විදිහට සලකත්දි අපේ රටේ දේශප්‍රේමි ජනතාවත් ඉරාන ජනපති වරයාගේ ගුණ කියවෙන ෆේස් බුක් ස්ටේටස් ශෙයා කලේ තරඟයට (අන්තවාදි ඉස්ලාමිය පාලනයන් ගැන තියන ස්වාභාවික විරෝධය  කෙසේ වෙතත් අහමදි නෙජාඩ් ගැන කතා බහ වුනු ලක්ෂන සත්‍ය නම් මමත් ඒවා ඉහලින් අගය කරන බව නම් කියන්න ඕනි ) . ඉරානය ගැන මෙහෙම කථා වෙත්දි ඇමරිකාව ගැන කථා කලේ කොටි හිතවාදි , අපිව යටත් කරගැනීමේ න්‍යාය පත්‍රයකින් කටයුතු කරපු සහ කරන රාජ්‍යයක් විදිහට . තත්වය ඔහොම තිබියදී දේශප්‍රේමින්ගේ අත්පොත වගේ වෙච්ච දිණමින පත්තරේ මෙන්න මෙහෙම  පුවතක් පලවෙනවා


//ශ්‍රී ලංකාව මේ වසරේදි ඉරානයෙන් කෙරෙන බොරතෙල් ආනයනය සියයට විසි හතරකින් අඩුකර ඇති හෙයින් මෙරටට බොර තෙල් ආනයනය කිරීමේදී අමෙරිකා එක්සත් ජනපදයෙන් ශ්‍රි ලංකාවට සහනාධාරයක් ලබාදෙනු ඇතැයි රජය අපේක්ෂා කරයි.
ඉරානයෙන් බොර තෙල් ආනයනය කරන රටවල් සදහා අමෙරිකා එක්සත් ජනපදයෙන් සම්බාධක පනවන බවට අනතුරු හගවා තිබුණි. ජපානය හා යුරෝපා සංගමය ඉරාන බොරතෙල් ආනයනය සියයට පහළොවකට කප්පාදු කිරීම මත අමෙරිකා එක්සත් ජනපදයෙන් ඔවුනට සහනාධාර ලබාදුන් පරිදි ශ්‍රි ලංකාවටද සහනාධාරයක් ලබාදෙනු ඇතැයි රජය අපේක්ෂා කරයි.
මේ වසරේදී ඉරානයෙන් කෙරෙන බොරතෙල් ආනයනය අඩුකර ඒ වෙනුවට ඕමානයෙන් හා සවුදි අරාබියෙන් තෙල් ආනයනය කිරීමට අවශ්‍ය කටයුතු රජය විසින් ගෙන ඇත.
ලබන වසරට ශ්‍රි ලංකාවට අවශ්‍ය කරන තෙල් ප්‍රමාණය සපයා ගැනීමට අවශ්‍ය සියලුම පියවර මේවන විටද රජය විසින් ගෙන ඇතැයි බලධාරියෙකු දිනමිණට පැවසීය.//


ඕන් බලමුකො වෙලා තියන දේ , අච්චර අපිට හිතවත් මිනිස්සු අමතක කරලා අධිරාජ්‍ය වාදී , කොටි හිතවාදි ඇමරිකාවේ කීමට අවනත වෙලානේ , ඊටත් හපන් ඉරාන තෙල් ප්‍රතිශතය අඩු කරලා ඇමරිකාවේන් සහන ලැබෙන කන් දේශප්‍රේමීන් ටික කර ඇරගෙන ඉන්න අපුරුව බලන්නකො . ඔබාම කොටින්ට _ක දෙයි කියලා කොලඹ තාප්පයක් ගානේ ලියපු දේශප්‍රේමින්ට දැන් මොනවා හිතෙනවා ඇද්ද ?  ඔබාම කොටින්ට _ක දීල තියෙත්දි ඔබාමට _ක දීල අවසානයේ දී කොටින්ටම _ක දීමක් සිද්ධ වෙලා නේද ? . ඉරානයේ ප්‍රධාන  ගැනුම් කරුවන් තාමත් තෙල් ගන්න නිසා අපේ සොච්චම උන්ට නොදැනුනත් අපේ කට්ටියගේ විලි සංගේ නැති   ගුණමකු කමද මේ පේන්නේ ? එහෙමත් නැත්නම් ඉරානයේ වාචික සහයට වඩා වැදගත් වෙච්ච උපාය මාර්ගික  සහයන් (පසුගිය කාලයේ ඇතැම් ලිපිකරුවන් මතුකරල තිබුන පරිදි ) ඇමරිකාවෙන් ලැබුනාද ?  නැතිනම් කටින් බොරු චණ්ඩි පාට් දැම්මත් ඇමරිකාව එක්ක හැප්පෙන්න ගියොත් නාගන්න වෙන බව තේරුම් ගියාද ? එහෙමත් නැතිනම් "හෝම් වර්ක්" පෙන්නන්න හිලරි ටීචර් ලඟට ගිය ජී ඇල් ළමයාට  ලැබුනු අවවාදයක්ද ?


ජනපතිවරයාගෙ බ්‍රිතාන්‍ය සංචාරය

ජනාධිපති තුමාගේ බ්‍රිතාන්‍ය සංචාරය සහ එහිදි එල්ල වුනු එල්ටිටියි හිතවාදීන්ගේ විරෝධතාත් ඒ නිසාවෙන් ඔහුගේ දේශනයක් අවලංගු වීමත් පසුගිය දවස් වල සැහෙන්න කථා බහට ලක්වුනා . ඇතැම් අය මේක  රජයේ වරදක් විදිහට විග්‍රහ කරත්දි තවත් පිරිසක් බ්‍රිතාන්‍ය රජයේ දුර්වල තාවයක් විදිහට චෝදනා කලා . කොහොම වුනත් මම දකින විදිහට නම් මෙතන මේ දෙපාර්ශවයේම වැරදි තියනවා . තමන්ගේ රටට එන (ආරාධානාවක් අනුව ) රාජ්‍ය නායකයෙකුට එරෙහිව තහනම් සංවිධානයක කොඩි රැගෙන  විරෝධතා පලකරන්න ඉඩ දීම සහ විශේෂයෙන් ඒවා රටක ධජය ගිනි තියන තරම් පහල තත්වයට වැටෙන්නට ඉඩ දී බලා සිටීම කියන්නේ බ්‍රිතාන්‍ය රජය ලැජ්ජාවට පත් විය යුතු කාරණයක් . ඒවගේම මේ තත්වය ඔහු බ්‍රිතාන්‍යට පැමිනි දෙවතාවකම සිදු වීම හා ඒ හේතුවෙන් ඔහුගේ දේශනයන්   අවලංගු කිරීමට සිදුවීමත් ප්‍රජාතන්ත්‍රවාදය  ඉහලින් සුරැකිලා තියන රටකට යෝග්‍ය නොවන දෙයක් .  මහින්ද රාජපක්ෂට විරෝධය පල කරන්න විරෝධතා කරුවන්ට තියන අයිතිය සුරැකීමේ වරදක් නැතත් ඒ හරහා දෙවතාවකදීම  අදාල නායකයගේ කටයුතු අවංගු වීම අනුමත කරන්න බැ . අවම වශයෙන් මේ වතාවේ හෝ එහෙම නොවෙන තැනට කටයුතු යොදන එක (කලින් වතාවේ අත්දැකීම් අනුව ) බ්‍රිතාන්‍යයේ වගකීමක් . ඒ වගේම මීට කලින් වතාවක අත්දැකීම් තිබියදීත් නියමිත කාර්යභාරයට පිටින් දේශනයන්  පවත්වන්න සුදානම් කරගෙන ඒක අවලංගු වීමේ අපකීර්තියට  ලක්වීම සම්බන්ධයෙන් අපේ රජය සතුවත් වගකීමක් තියනවා . රජයට හිතවාදි ලේඛකයන් සමහරක් මතුකරන කාරණයක් වුනේ ඔබාමා බ්‍රිතාන්‍යට එන විට අල්කයිඩා හිතවාදින් හෝ මන් මෝහන් සිං එන විට කාශ්මීර ගරිල්ලන්ට හෝ මෙහෙම විරෝධතා පලකිරීමේ අවස්ථාක් ලැබෙන්නේ නැහෑ කියන එක , ඉතින් බ්‍රිතාන්‍ය රජය තමන්ගේ හිතවාදීන්ට හා විරුද්ධවාදින්ට සලකන විදිහේ වෙනසක්  නිරීක්ෂනය කරලා තිබුනා නම් දැන දැනත් ඉල්ලං කැවේ ඇයි



ආගමික නායකයින්ට දේශපාලනය තහනම් 


(මේ ගැන අමුතුවෙන් විස්තර නොකලට ඕනිම කෙනෙක් දන්නවා ඇති) .

හාමුදුවරු දේශපාලනයට යැමෙන් සාසනයට හෝ රටට සිදුවෙච්ච කිසිම සේවයක් නොමැති නිසා විජේදාස රාජපක්ෂ මහතාගේ මේ පනත සම්බන්ධයෙන් මම නම් 100%ක් එකඟයි . මේ පනතෙන් ගැටලුවක් මතුවෙන එකම පක්ෂය වෙච්ච හෙල උරුමයට තමන්ගේ මතවාදයන් රටට ගේන්න  චම්පික , ගම්මන්පිල ඇතුලු ගිහි නායකයින් හොඳටම ප්‍රමාණවත් බවයි මගේ හැඟීම


Comments

  1. ipl kiyanne kawadahari lankawe cricket winasa wenna palaweni hethuwa.malinga gana kiwwoth waradda ape rate yana kramayai.

    ReplyDelete
    Replies
    1. අනුන්ට අපිව විනාස කරන්න බෑ , විනාසය ලංකර ගන්නේ අපිමයි . අයිපීල් දැන් පස් වෙනි අවුරුද්දටත් ගැහුවා තවමත් අපේ අය කියන තරම් හානියක් වෙලා නෑ

      Delete
  2. 1.සනත් - ඔන්න ඔහෙ ඔනි දයක් කරගත්තාවේ
    2.මාලිංග - ජාතික පිලේ ක්‍රීඩා කිරීමෙන් පෙන්වන දක්ෂතා නොවේ නම් අයි පී එල් හි අවස්ථාව ලැබේද?නැංග ඉනිමගට පයින් ගසන්නෙන් ඇයි. නාවලපිටියේ කතාවට නම් 100% ක් එකඟයි.
    3.ඉරාන තෙල් - දේශපාලනයේ දී සදාකාලික සතුරන් හෝ සදාකාලික මිකුරන් නොමැත.මොනව උනත් අපි ඇමරිකාවට බයයි - ඒකයි ඇත්ත
    4.හාමුදුවන්ගේ දේශපාලනය - කතාකරලම ඇති වෙලා(රාජ් සහෝදරයගේ නවාතැනේදී,රැඩිකල් අදහස් හි).කෙටියෙන් කියනව නම් විජයදාසගේ යෝජනාවට විරැද්ධයි.ස්වාමීන් වහන්සේ අපේ රටේ දේශපාලනයේ තීරණාත්මක සාධකයක්.බලෙන් ඉවත් කරන්න බෑ.(පාර්ලිමේන්තුවේ ඉන්න එක ගැන නෙවේ මේ කියන්නේ ජාතික දේශපාලනයේ මැදිහත් වීම ගැන)

    ReplyDelete
    Replies
    1. //ජාතික පිලේ ක්‍රීඩා කිරීමෙන් පෙන්වන දක්ෂතා නොවේ නම් අයි පී එල් හි අවස්ථාව ලැබේද?නැංග ඉනිමගට පයින් ගසන්නෙන් ඇයි//

      තව දුරටත් සත්‍යයක් නෙවෙයි , දැන් මාලිංග අයිපීල් තුල ස්ථාවරයි . මාලිංග රට වෙනුවෙන් ක්‍රිඩා කරන්න සුදානම් , එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රිඩා කිරීමත් අතැරල දැම්මේ 20-20 ලෝක කුසලානය වෙනුවෙන් විවේක ගන්න , ප්‍රශ්නය තියෙන්නේ පාලකයින් මාලිංගට සලකන විදිහේ

      //පාර්ලිමේන්තුවේ ඉන්න එක ගැන නෙවේ මේ කියන්නේ ජාතික දේශපාලනයේ මැදිහත් වීම ගැන)/

      පනතකින් කරන්න පුලුවන් ඡන්දය ඉල්ලීම වලක්වන එක විතරයි , ජාතික දේශපාලනයේ මැදිහත් වීම වලක්වන්න පනතකින් බැහැ

      Delete
    2. මාලිංග ජාතික කන්ඩායමට එන්න කලින් ක්‍රිකට් ගැහුවෙන නැද්ද?

      මාලිංගගේ දක්ෂ තාවයක් නොවේ නම් ජාතික කන්ඩායමට ගන්නෙත් නෑ. ඒක මාලිංගගේ දක්ෂතාවය. ක්‍රිකට් ආයතනය කරල තියෙන්නෙ එයට පැවරිලා තියන වගකීමක්.

      Delete
  3. සනා සුපර් සික්ස් එකෙත් මෝඩ චූන් එකක් දෙනවා.

    ක්‍රීඩාවට දක්ෂයෙක්. පාර්ලිමේන්තුවට, නැටුමට තම හැකියාවේ තරම දැනගෙන ගියා නම් හොදයි.

    නැත්තං පව් !

    ReplyDelete
    Replies
    1. පව් නම් තමා , ඒත් අහිංසකයගේ කැමැත්තනේ , නැටුම කෙසේ වෙතත් . කුඩ්ඩො ස්ත්‍රි දූෂකයො ඉන්න පාර්ල්මෙන්තුවට සනා හොඳ වැඩියි

      Delete
  4. ඔල මොල මිනිසුන් ලොකු පුටු වලට ආවාම ඔය වගේ හරක් වෑඩ කරනවා මචන්,ලංකාවේ ක්‍රීඩාවත් ඉවරයි වගේ,අනේ වාසනාවන්....

    ReplyDelete
    Replies
    1. //ඔල මොල මිනිසුන් ලොකු පුටු වලට ආවාම ඔය වගේ හරක් වෑඩ කරනවා මචන්//

      +++++

      Delete
  5. සනා ක්‍රීඩාවේදී රටට ලොකු මෙහෙයක් කළා හැබැයි පාර්ලිමේන්තුවේදී නම් පතෝල වගේ ගුණත් නැහැ අගුනත් නැහැ.. මට පෙනෙන්නේ නැටුමත් ඒ වගෙයි.. අනිත් අය හෙලුකුටු නැටුම් නටන කොට සනා ඔහේ ඕකවත් නටපුවාවේ. සල්ලි නරක මාලිංගට විතරයිනේ.. පහත් තැනින් යයි ගලා ජලේ ! ඊළඟ දෙක නම් ඉතින් ආඳ මාළු ඉරට්ටෙන් කන එවුවා.
    හාමුදුරුවන්ට පාර්ලිමේන්තුව තහනම් කිරීම නම මම ඉස්මුදුනින් අනුමත කරන දෙයක්.. එක බුදු දසුනට හාත්පසින්ම විරිද්ධ දෙයක්.. රාජ්‍ය පාලනේ රජුන්ට.. උපදෙස් දීම ගුණදොස් කීම සඟුන්ට..

    ReplyDelete
    Replies
    1. // රාජ්‍ය පාලනේ රජුන්ට.. උපදෙස් දීම ගුණදොස් කීම සඟුන්ට..//

      ++++++++++++++++++++++++++++

      Delete
  6. 1.ජයශ්‍රී කියන්න වගේ ඔන්න ඔහෙ ඔනි දයක් කරගත්තාවේ කියල ඉන්නත් පුළුවන්. ඒත්....... පාර්ලිමේන්තුවෙ ඉන්න නිසා.... පාර්ලිමේන්තුවෙ ඉන්න එවුන්ගෙ නාඩගම් වල හැටියට කමක් නෑ කියන්නම්.3

    2.කලිනුත් කොහේදෝ ලිව්ව. කරන්න තියන හොඳම දේ තමයි එක එක කැටගරි අනුව සාධාරණව මුදලක් ලැබෙන විදියට වෙනස් ගිවිසුම් අත්සන් කිරීම. හැබැයි මෙතනදි මාලිංගගෙ දක්ෂතාවය අනුව 60%ක් කපනව කියන්නෙ අසාධාරණ වැඩක් කියල ඕන කෙනෙකුට තේරෙනව. (ක්‍රිකට් පාලක මණ්ඩලයේ පාඩු දිහා බැලුවම).

    3.ඔන්න ඕක තමයි ලංකාව ලෝකය තුල අත්කරගෙන ඉන්න තත්වය. ඇමරිකාව කිව්වොත් තෙල් ගන්න එපා කියල ඊට එකඟවෙනව හැරෙන්නට වෙන කරන්න දෙයක් තියනවද? මම දැක්ක ඉරානයට යවන තේ ප්‍රමාණයත් අඩු කරනව කියල තිබුන. මෙතන තියන එකම අවුල තමන්ගෙ තත්වය නොදැන බොරුවට කෑගහන දේශප්‍රේමීන්. (පුක යනු කුණුහර්පයක් නොවේ)

    4.එංගලන්තය ලැජ්ජාවෙන්න ඕන කාරණාවක්. ප්‍රජාතන්ත්‍රවාදයේ මහලොකු ආරක්ෂකයන්ට, උද්ඝෝෂණයක් නිසා, තමන්ගෙ න්‍යායපත්‍රය වෙනස් කරන්න සිදුවීම නිවට කමක් විදියටයි මම නං දකින්නෙ.

    5.පෝස්ටුවක්ම දැම්මෙ. ඊයෙ කිව්ව හාමුදුරුවරුන් වැඩිදෙනා මියයන්නෙ හෘදයාබාධ වලින් කියල. පාර්ලිමේන්තු බත් වලින් ඒක අඩුවෙයිද?

    ReplyDelete
  7. මාලිංගට වසරකදී කොන්තරත්තුවෙන් ලබෙන මුදල

    40000$=5000000Rs

    මාසෙකට=416666.66Rs

    මෙයිට අමතරව තව පහසුකම් හා වරප්‍රසාද ලබෙනවා විය හැකී. නමුත්, මුං ටික ලංකාවට ගේන වටිනාකම මෙච්චරද????

    ReplyDelete
    Replies
    1. 20/20 ලෝක කුසලාන නිල තානාපතිත්වය ලසිත් මාලිංගට

      http://sinhala.adaderana.lk/news.php?nid=24859

      දැං මොකද කරන්නෙ.

      Delete
    2. පලමු කමෙන්ටුවේ අදහසට එකඟයි , ක්‍රිඩා ඇමතියට මොනව හිතුනද දන්නේ නෑ ඔය නිවුස් එක දැකලා

      Delete
  8. මේ සියල්ලම ගෙන එක් ප්‍රතිචාරයක් දෙන්නම්. මම මේ හැමදේකටම කියන්නෙ මෙච්චරයි. "අනේ සකෝ බල ලෝ"

    ReplyDelete
  9. සනත්ගෙ වැඩ ගැන නම් කතා කරල වැඩක් නෑ. මාතර ආසන සංවිධායක. අඩු තරමෙ මාතර එනවද මන්ද. ඡන්දෙ දීපූ එවුන් පළු යන්න බනින්නෙ. ඌ පජාත වුණා මදිවට දැන් රටත් පජාත කරනව. ඉන්දියන්කාරයො අපිට _කෙනුත් හිනාවෙනව ඇති.

    ක්‍රිකට් කියන්නෙ කොහොමත් සල්ලි නේ. ලංකාවෙ ක්‍රිකට්වලට නම් හෙනහුරා ලැබුවෙ ඔය සල්ලි නිසා. රටේ ඉන්න තරමක් පඩත්තල දේශපාළුවොයි, බිස්නස්කාරයොයි ඕකෙ සල්ලි වලට කෙළ හල හල හිටිය. දැන් ක්‍රිකට් ආයතනය රටට බරක්, ක්‍රීඩකයොන්ට පඩි ගෙවන්වත් උන්ට සල්ලි නෑ.

    අපේ රටේ ඉන්නෙ _කේ දේශප්‍රේමියො. ඇමරිකන් බඩු වර්ජනය කරන්න _ක උඩ දාගෙන කෑ ගහපු එවුන් දැන් ඇමරිකන් ඇඩ්වයිස්වලට ආණ්ඩුව වැඩකරනකොට සද්ද නෑ. පහුගිය කාලෙ ලෝකෙ කොන් කරපු රටවල් එක්ක උඩදාගෙන මිත්‍රකම් පවත්වන්න යනකොට මට නම් හිතුන අන්තිමට හිටපු තැනත් නැතිව අපහාස කරපු රටවල්වල කකුල් දෙක මුලට බඩ ගාගෙන තමයි යන්න වෙන්නෙ කියල. ඉරානෙන් දුන්නු ගානට අපිට කෙහෙන්වත් තෙල් හම්බවෙනකක් නෑ. උන්ට මොකෝ, අපිනේ ඒවට ගෙවන්නෙ.

    මොකට යනවද මන්ද ඔය ලොකු ලොකු රටවල්වලට. අර මියන්මාරෙට ගියානම් ඉවරනේ දේශන පවත්වන්න. මියන්මාරෙ තියන සුපිරි ප්‍රජාතන්ත්‍රවාදෙට පින්සිද්ධ වෙන්න එක කොටියෙක් කෑ ගහනකන් නෑ.

    හාමුදුරුවොනම් පන්සල්වලටම වඩින එක හොඳා. ඔය කරපුහරිය මදි ද?

    ReplyDelete
    Replies
    1. දැන් ඔන්න ඇමරිකාවේන් කමක් නැ කියලලු !

      Delete
  10. අපි ඇමරිකාව භංගවේවා කියලා කෑ ගැහුවාට , ඇමරිකාවට කෙළ වුනොත් මුලින්ම කෙළ වෙන්නෙත් අපිට.මොකද අපේ අපනයන වලින් 40%ක් ම අරගන්නේ ඇමරිකාව. කළ යුත්තේ ඇමරිකාව දිනේවා කියන ගමන් අනිත් රටවල් සමග රාජ්‍ය තාන්ත්‍රික උපක්‍රම මගින් උපරිම සුහදතාවය පවත්වා ගනිමින් අප රටට ගක යුතුදේ ගබා ගැනිම මිස බොරු දේශප්‍රේමය මගින් රටට කෙළවා ගැනිමනෙමේ. සතුරා‍ගේ සතුරා මාගේ මිතුරා වුවත් සතුරා‍ගේ මිතුරාද මාගේ සතුරෙක් නොවිය යුතුවේ.

    ReplyDelete
  11. රාජ් කියනවා වගේ පුක කියන්නෙ කුණුහරුපයක් නොවේ. නිරුවත කියන්නෙත් වැරදි දෙයක් නෙමේ. ඒ වචන පාවිච්චි කරන ආකාරයෙනුයි ඒවා කුණුහරුප වෙන්නෙ, කැත වැඩ වෙන්නෙ!!!!

    මුතු ඇටයක් සයිස් ලංකාව ලෝකේ දැවැන්තයෝ ගැන තමන්ගෙ රටේ දී කටපූච්චම් ඔළුබක්කෝ විදියට නැටුවට තමන්ගෙ වැඩය නොකර හැම තිස්සෙ ම පාරට බැහැලා පෙලපාලි යන මිනිස්සුන්ට කන්න දෙන්නත් එපායෑ. ඒකට සල්ලි ඕන. බනින අයටත්, දුන්නට කිසිම ලාභයක් ආපහු ලැබෙන්නෙත් නැති අයටත්, සල්ලි දෙන එකම එක රටයි ලෝකේ තියෙන්නෙ, උන්ට අන්දකයිප්පු කැවිලා ද මන්දා එහෙම මෝඩකම් කරන්නෙ!!!!

    කාගෙවත් පැත්තකට හේත්තු වෙන්නෙ නැතිව තමන්ගෙ දියුණුව තමන්ට සලසා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. හැබැයි ඒක ගැන කතා කරන එකම එක්කෙනෙක් විතරයි අද ලෝකයේ ඉන්නෙ, ඒ රොන් පෝල්. ඒත් එයා කියන දේවල් වැටහෙන මිනිස්සු ඇමෙරිකාවෙත් කොච්චර සොච්චමක් ද? ඉතින් ලංකාව වගේ අනිත් රටවල් ගැන කුමන කතා ද?

    ඔපෙක් රැස්වීම් හෙටයි අනිද්දාටයි (13-14) වියානාවේ දී. අවුල් ගොඩක් ලිහන්න බැරි වේවි දවස් දෙකකින්. එහෙන් චීනයේ තෙල් ඉල්ලුම ටිකක් අඩුවෙලා. එයාලගෙ 2009 දීපු සහනාධාර නිසා වැඩි වැඩක් වුනේ නැහැ කියල එයාලටත් තේරුම් යන්න පටන් ගෙන. ජර්මනිය පිස්සු නටනවා ග්‍රිසියයි, ඉතාලියයි, ස්පාඤ්ඤයයි යුරෝපා හවුලේ තියාගන්නවා ද නැද්ද කියන එක ගැන හරි තීරණයක් නොගෙන. ඉරානයට සම්බාධක වැටුනොත් වැඩියෙන් නිපදවන්න හැකියාව ඇති සවුදි අරාබියට හෙන වාසියි. වෙනිසියුලාවේ තෙල් වැඩියෙන් නිෂ්පාදනය බැහැ එයාල තියන සම්පත් කනවා මිසක් අලුත්වැඩියා කරන්නෙ නැති නිසා. ඒත් තෙල් සල්ලි වලින් දෙන සහනාධාර නැතිවුනොත් චාවෙස්ට ගෙදර යන්න වෙයි මේ මැතිවරණයෙන්. අනිත් පැත්තෙන් සිරියාව සිට සුඩානය දක්වා සිවිල් යුද්ධ. ඇමෙරිකාවේ ඉන්න අපිට නම් තව අවුරුදු සීයක් යනකම් තෙල් තියෙනවාලු.... ඉතින් ඔව්නෙ බැන්නත් තෙල් ගන්න සල්ලි ටිකක් එවන්න බැරි යැ ඒ නිසා!!!!

    ReplyDelete
    Replies
    1. සීයක් නොවෙයි අක්ක, ඊට වඩා අල්ල ගෙන ඉන්න පුළුවන් වේවි. ඇමරිකන්කාරයො උන්ගෙ තෙල් සම්පතට අතවත් තියන්නෙ නැතිව වහගෙන, අර මෝඩ අරාබිකාරයොන්ගෙ තෙල්වලටම කෙලිනව නෙව. අරාබිකරෙත් තෙල් ඉවර වුණ දවසක උන්ටත් පුළුවන්වෙයි නැවත වටයකින් ඇමරිකාවෙ ලොකුකම් බලන්න. සමහර විට අපේ ජීවිත කාලෙ දි ඕක වෙනකන් නැති වෙයි.

      Delete
    2. @aruni - තෙල් සංචිත පැත්තෙන් ඇමරිකාව වගේම රුසියාවත් ස්ථාවරයි මම හිතන්නේ , ශ්‍රි ලංකාව ඇතුලු රටවල් කිහිපයක් ඉරාන තෙල් සඳහා නිදහස් කරලා ය කියනවා . ඉරානයට එරෙහි සම්බාධ සාර්ථකද කියන එක තවමත් ප්‍රශ්නයක් . ගිලෙන උන්ට තනියම ගිලෙන්න ඉඩ හරිනවාද ,අනික් අයත් ඔවුන් එක්කම ගිලෙනවාද කියන තීරණය යුරෝපා සංගමය සතුයි , ඒ තීරණ යුරෝපයේ විතරක් නෙවෙයි මුලු ලෝකයේම දිශානතිය තීරණය කරාවි

      @ DDT - අරාබි කාරයින්ගෙ තෙල් ඉවර වෙනවාය කියන්නේ ඔක්කොම පණ්ඩිත කම් ටික ඉවරයි කියන එක . මෝලේ කලඳක් නැති , අන්තවාදි කාලකණ්නින්ගෙ රටවල් ටික මහා ලොකු පොරවල් වෙලා තියෙන්නේ තෙල් සල්ලි වලින් විතරයි . අරාබියේ සුපිරි නගර වල පිටිපස්සෙ ඉන්නේ යුරෝපයේ සහ ආසියාවේ නිර්මාණ ශිලි මිනිස්සු . තෙල් නැත් නම් ඔටුවන්ගෙයි අරාබි සුල්තාන්ලගෙයි ඇති වෙනසක් නෑ

      Delete
  12. සල්ලි වලටනේ. ඒ නිසා මොක කලත් මොකෝ...
    ඒ උනාට දක්ෂ ක්‍රීඩකයෙක් නේ මේ වගේ පච වෙන්නේ කියලා හිතෙනකොට නම්....

    ReplyDelete
  13. සනත් ගැන: මට මතක් වෙනවා එන්ගලංතයට ක්‍රිකට් ගහපු ඩැරන් ගෆ් බීබීසී එකේ 'Strictly Come Dancing' කියන නර්තන තරඟයට මුලින්ම ආපු වෙලාවේ නැටුවෙත් සනත්ට වඩා අජූ විධියට. නමුත් ඩැරන් සති 10 කට පස්සේ තරඟයේ ජයග්‍රාහකයා වෙලා තමයි නැවතුනේ. ඉතින් සනාටත් බැරි මොකද?
    http://youtu.be/HiNZTlrsRI8


    දැන් ඉරාන තෙල් ගන්න ඔබාමා අපට අවසර දීලා කියල ඉන්ටර්නෙට් එකේ දැක්කා.

    ReplyDelete
    Replies
    1. බලමු සනාටත් පුලුවන්ද කියලා , මාත් දැක්කා ලංකාව නිදහස් කරලාය කියලා

      Delete
  14. රාජපක්ෂ ආණ්ඩු සමය තුල මම ආසම දේ තමයි දේශප්‍රේමී කලාකරුවෝ ක්‍රිකට් විරුවෝ රණ විරුවෝ ආදී වශයෙන් ප්‍රතිරුප ගොඩ නාග ගෙන හිටපු කට්ටිය ඔක්කොම තමන්ගේ ප්‍රතිරුප කුඩු කරගෙන සළුපිලි ලිහා දාල හෙලු වැල්ලෙන් ඉන්න එක.කොටින්ම ඔක්කොමල සල්ලි වෙනුවෙන් ගු බෙට්ටක් උනත් කන්න ලෑස්තියි.සනාටත් එම සෙතමයි.ක්‍රිකට් ලෝකෙ LEGEND කෙනෙක් වගේ හිටපු පොරක් අද ඉන්දියාවේ කොමඩි ස්ටාර් කෙනෙක් බවට පත් කරලා තියෙන හැටි දුකයි.වසීම් අක්රම් පවා ඉන්දියාවට තමුන්ගේ ටැලන්ට් එක විකුනනවා.හැබැයි මේ වගේ මෝඩ ජෝකරයෙක් වෙලා නෙමෙයි.KKR ටීම් එකේ බෝලින් කෝච් වෙලා.
    වෙස්ට් ඉන්දීස් කියන්නේ අදටත් ක්‍රිකට් ලෝකෙ ඉහලින්ම ඉන්න ඕන රටක්.ක්‍රිස් ගේල්,පොලාර්ඩ්,බ්‍රාවෝ ,සුනිල් නරින් වගේ ක්‍රිකට් තරු ගොඩක් ඉඳලත් IPL කට්ටිය මෙයාලගෙන් ගන්න වැඩ ටික තමන්ගේ රටට ගන්න බැරි වෙලා තියෙන්නේ දුර්වල පරිපාලනය සහ ක්‍රීඩකයන් කළමනාකරණය කර ගැනීමේ නොහැකියාව.ලංකාවටත් එචචරයි.අද කොදෙව්වන් කියන්නේ තමන්ගේ අතීතය ගැන කයිවාරු ගහන වර්තමානය ඇන ගත්ත ක්‍රිකට් ජාතියක් ...හෙට ඔතෙන්ට එන්න ඉන්නේ ශ්‍රී ලංකාව තමයි.....(මහින්දානන්ද ඇතුළු ගොන් නඩයට පින් සිද්ද වෙන්න)

    ReplyDelete
    Replies
    1. //අද කොදෙව්වන් කියන්නේ තමන්ගේ අතීතය ගැන කයිවාරු ගහන වර්තමානය ඇන ගත්ත ක්‍රිකට් ජාතියක් ...හෙට ඔතෙන්ට එන්න ඉන්නේ ශ්‍රී ලංකාව තමයි.....(මහින්දානන්ද ඇතුළු ගොන් නඩයට පින් සිද්ද වෙන්න)//

      කණ්ගාටුදායක වුනත් ඇත්ත තත්වය ඕක තමා

      Delete
    2. sahathika aththa.

      Delete
  15. සනත්ගේ කේස් එක ගත විට පුද්ගලයෙකුගේ සමාජ පසුබිමද මීට බලපාන බව පෙනේ...අර්ජුන රණතුංග අරවින්ද හෝ රොෂාන් මහානාම, මඩුගල්ලේ කවදාවත් මේවගේ දෙකේ කොලයට වැටෙයිද...ඔවුන් බිහිවූ සමාජ පසුබිම අනුව අද ඔවුන් ගත කරන සමාජය ඔවුන්ට මැජික් එකක් නොවේ..එනිසා මේ ක්‍රමය තුල මොන කෙලියක් කලද හත් පොලේ ගා නොගන්නට ඔවුන් දනී ..සනත්ට සුසන්තිකාට එහෙම නොවේ..අර මහජන සම්පතේ කොටියෙ දිනුම ඇදුන මිනිහාට ඒක දිරවා ගන්න බැරි උනා වගේය....

    ReplyDelete
    Replies
    1. ඔබ පවසන කථාවේ ඇත්තක් තියනව , කොහොම වුනත් අර්ජුනගේ දේශපාලන භුමිකාව සහ පසුගිය කාලේ හැසිරීම් ඔහුගෙන් බලාපොරොත්තු වුනු දේවල් නෙවෙයි . ජයසුරිය වගේ කිච නොවුනත් අර්ජුන කුහක හැසීරීමත් මට අපුලයි

      Delete
  16. 1. සනා ඔහේ නටන නැටුමක් නැටුවාට මගේද අකමැත්තක් නැත. ඇත්තෙන්ම කැමති අකමැති වීමට මට අයිතියක්ද නැත. ඒත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් මෙහෙම කරන එක ගැන? ඒත් අවුලක් නෑ බුවා. පාර්ලිමේන්තුවේ උගත් කියල ඉන්නේ කී දෙනාද? තැනකට ගිහින් හැසිරෙන්න දන්නේ එකෙත් කී දෙනාද? ඒ ටිකදෙනා අතරත් මහත්තුරු කීයද? 1-10 අතර ගානක් ආවත් මම පුදුම වෙන්නේ නෑ.

    2.සල්ලි වලට සෙල්ලම් කරන එක ගැන ඔබේ අදහස මගේ අදහස් වලට ඉතා සමාන නිසා කමෙන්ට් නැත.

    3.අත පුච්චාගන්නේ නැතුව සරම ඔළුවේ ඔතාගැනීමක්. -හිඟන්නාටත් රජාටත් ලජ්ජා කල නොහැක. ඒ හිඟන්නා පහත්ම තැන හිඳිම ලැජ්ජාව නැතිවීමට හේතුවීමත් රජා ඉහලම තැන හිඳීමෙන් ලැජ්ජාවට පත් නොවීමත් නිසයි.-

    4.උන්ට මෙන්ම අපිටද පසු බසින්නට නොහැකි තැනකි. ලංකාව ප්‍රභල රටක්නම් (චීනය වැනි හෝ) බ්‍රිතාන්‍යට යම් පාඩමක් ඉගැන්විය හැකි නමුත් එසේ කරන්නට ඇති නොහැකියාව මේ දෙපාර්ශවයම භාවිතා කරන්නේ අපට එරෙහිවයි. එහෙත් සහයට පැමිණි ශ්‍රී ලංකා හිතවාදීන් මැදට ජනපති ගමන්කිරීම අගය කලයුතුයි. ඒ එක්කම පක්ෂ විපක්ෂ සියල්ලෝම මේ සඳහා වඩා ක්‍රියාකාරිව පැමිණිය යුතුයි. ඒත් දේශප්‍රේමයේ තරම ඒ සියල්ලෝ ක්‍රියාවෙන් ඔප්පු කළහ.

    5.ධර්මය දිගේ ගමන් කිරීමට පැවිදිවූ භික්ෂුව කටයුතු කල යුතු නමුත් මේ ගමන් කරන්නේ කොයි මාර්ගයේද යන්න ඔවුන්වත් නොදනී. ඉතින්?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව