පහත ඇත්තේ ජනමාධ්‍ය වරයාගේ ප්‍රකාශයක් උපුටා දක්වන දිවයින පුවත්පතේ ලිපියකි .
//මඩ ප්‍රහාර එල්ල කරන වෙබ් අඩවි සියල්ලම ඉදිරි දින කීපය ඇතුළත මුළුමනින්ම තහනම් කිරීමට පියවර ගෙන ඇතැයි ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා ඊයේ (03 වැනිදා) "දිවයින" ට පැවසීය.
ලියාපදිංචි කිරීමෙන් තොරව ඉතාමත් සූක්‍ෂම අන්දමින් ප්‍රචාරය කරනු ලබන මෙම වෙබ් අඩවි ක්‍රියාත්මක වන්නේ පිටරටවල සිට බව ද ඇමැතිවරයා කීය. මේවා ක්‍රියාත්මක වන නියම ස්‌ථාන තවම හෙළි වී නැතත් ඒවා පවත්වාගෙන යැමට නොහැකි අන්දමට බාධා කිරීමට පියවර ගෙන ඇති බව ද හෙතෙම කීවේය.
මේ අනිසි වෙබ් අඩවි දේශපාලනඥයන්ට මෙන්ම විවිධ තරාතිරමේ පුද්ගලයන්ට දැඩි ලෙස මඩ ප්‍රහාර එල්ල කරමින් අපහාස කිරීම පිළිබඳව ජනමාධ්‍ය අමාත්‍යාංශයට පැමිණිලි බොහෝ ප්‍රමාණයක් ලැබී තිබෙන බව ද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය./
මෙහි හැටියට නම් ඇමතිතුමාට(සහ රජයට ) නප්පියටම තදවී ඇති බවක් පෙනේ .ඇමතිතුමා ලියාපදිංචි නොකල වෙබ් අඩවි වලට චෝදනා එල්ල කලද පසුගියදා වැටලුවේ ලියාපදිංචි කල වෙබ් අඩවිය .අනෙක් අතට ලියාපදිංචි නොකල වෙබ් අඩවි වලට බාධා කිරීම් සිදු කරේ දැන් සැහෙන කලකට පෙරය .ඒ නිසා ඇමතිතුමා අලුතෙන් වයින් වී තිබෙන්නේ කුමටදැයි අපට තේරෙන්නේ නැත .
මහ පාරේ සිදුවන රිය අනතුරකටත් රාජපක්ෂ රජයට චෝදනා කරන වෙබ් අඩවි වල සිට ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ ඇඳන් යට රිංගන වෙබ් අඩවි දක්වා මඩ- අපහාස - ඕපාදූප ගණයේ සැලකිය හැකි වෙබ් අඩවි රාශියක් (ශ්‍රි ලංකාව ආශ්‍රිතව ) අන්තර්ජාලයේ දක්නට ඇත . අමුලික බොරුවල සිට සැඟවුනු සත්‍යන්(ඕපාදූප වූ පමණින් අසත්‍ය යැයි කිව නොහැක ) දක්වා පුලුල් පරාසයක තොරතුරු ඉදිරිපත් කරන මෙම වෙබ් අඩවි වලට සැලකිය යුතු පාඨකයින් පිරිසක්ද ඇත . පිලිගත් ජනමාධ්ය සියල්ල එක අන්තයක ගමන් කරත්දී විකල්ප තොරතුරු කෙරේ ජනතාවගේ යොමු වීමද , ලෝකේ කොතනකත් සිදුවන පරිද්දෙන් ප්‍රසිද්ද පුද්ගලයින්ගෙ කුණු සෙවීමට ජනතාව තුල ඇති කැමැත්තද මේ පාඨක පිරිසට හේතුවී ඇතැයි සැලකිය හැක .
අන්තර්ජාලයේ ස්වාභාවය තුලින්ම ලැබී ඇති නිදහස භාවිතා කර ඕනැම දෙයක් , ඕනැම ආකාරයට පල කිරීම ශ්‍රි ලංකාව තුල පමණක් නොව ලොව ඕනැම තැනක දක්නට ඇත . එවා නුරුස්වන රජයන් කොතරම් බාධා කිරීම් කලත් අදටත් අන්තර්ජාල වාරණයන් 100%කින් සාර්ථක කරගත් රටක් නොමැත (උතුරු කොරියාව මෙන් සමස්ථ අන්තර්ජාලයම ප්‍රතික්ශේප කීරිමෙන් තොරව ) . අන්තර් ජාලය තුල නිර්ණාමිකව ඕනැම තොරතුරක් ඵල කල හැකි වුවත් ඒවාට නිල වශයෙන් පවත්වාගෙන යන පුවත් මාධ්‍යක (අන්තර්ජාලය තුලම හෝ ) වලංගු භාවය ලැබෙන්නේ නැත , ඒනිසා අන්තර්ජාලයේ ස්වාභාවය නිසි ලෙස හඳුනාගත් ජනතාවක් සිටින රටක සාමාන්‍ය මහ ජනයා මෙන්ම දේශපාලකයින් හෝ කලාකරුවනුත් අන්තර්ජාලයේ ලියවෙනා සෑම දෙයක්ම සිරියස් ගන්නේ නැත . එසේ කරනවා නම් බොහෝ සිනමා තරු වලට වෙබ් අඩවි වලට එරෙහිව නඩු පවරනවාට වඩා දෙයක් කරන්නට ලැබෙන්නේ නැත .
වෙබ් අඩවියක දකිනා ඕනි කුණු ගොඩක් සත්‍යයෙන් ලෙස අදහනා මහ ජනතාව මෙන්ම ඒවාට බාල්දි පෙරලන දේශපාලුවන් හා කලාකරුවන් (කියා ගන්නා ) අන්තර්ජාලයේ යථාර්තය තේරුම් ගෙන නොමැත .
රජයට එරෙහිව පුවත් පල කරනා ප්‍රධාන වෙබ් අඩවි සියල්ලම මේ වන ශ්‍රි ලංකාව තුල නිල වශයෙන් වාරණය කර ඇතත් ඒවායේ කටයුතු නතර කිරීමට හෝ පාඨකයින් පිරිස දුරස් කිරීමට හැකිවූ බවක් පෙනෙන්නට නැත . එපමණක් නොව පසුගිය දිනක කාර්යාල වටලා කතෘවරුන් කුදලාගෙන ගිය වෙබ් අඩවි දෙකෙන් එකක් එදින හවසත් යවත්කල් වීම තුලින්ද අන්තර්ජාලයේ තොරතුරු වලට එරෙහි රජයේ ක්‍රියාමාර්ග වල අසාර්ථක භාවය පිලිබඳ ඔවුනට තේරුම් යායුතුය . අසභ්‍ය වෙබ් අඩවි තහනම් කර ඇති යැයි පැවසෙන ශ්‍රි ලංකාවේ වැඩිම පිරිසක් නරඹන වෙබ් අඩවි අතර xhamsters, xvideos වැනි වෙබ් අඩවි ලයිස්තු ගත වන්නේත් , ලොව පුරා බොහෝ රටවල තහනම් කර ඇති piratebay වෙබ් අඩවිය කිසිදු බාධාවකින් තොරව තම කටයුතු කරගෙනයන්නෙත් අන්තර්ජාල වාරණයන් හි අසාර්ථක භාවය නිසාමය
ඒ නිසා අතීසාරයට අමුඩ ගසන්නට ගොස් චාටර් වෙන්නේ නැතිව (සහ ජාත්‍යන්තරය තුල ශ්‍රි ලංකාවේ ප්‍රතිරුපය තවත් කෙලෙසගන්නේ නැතුව ) , වෙබ් අඩවි තුලින් පතුරවනා මතවාදයන්ට එරෙහිව මතවාදයන්ගෙම උත්තර දීමට උත්සාහ කලා නම් හොඳ බැව් සඳහන් කල යුතුය
මේ ‘එරෙහිව ලිවීම‘ කියන එක සාපේක්‍ෂයි නේද? නැත්නම් ඉතින් ඉස්සෙල්ම වාරණය කරන්න ඕන අයිටීඑන් ප්‍රවෘත්ති ස්ක්‍රිප්ට් එක. ඉතින් එයාල මොකටද ඒ හැටි ඔය ගැන වදවෙන්නෙ. අනෙක ලෝකෙ හැමදාම වෙන්නෙ වාරණයකරන්න උත්සාහ කරන්න කරන්න ඒ දේවල් තව තවත් ව්‍යාප්ත වෙන එක, ජනප්‍රිය වෙනඑක. තහනම් කරනව කියන්නෙ නොහැකියාව වහගන්න උපක්‍රමයක් විතරයි. කොන්ද කෙලින් තියන් ඒවට මූණ දෙන්න බැරිනම් ගෙදර යනව නම්බුයි නෙව. මඩවලට උනත් මූන දෙන්න රජයකට පුළුවන් වෙන්න එපෑය. එහෙමනේ සිංහයො. වල්ගෙ කකුල්දෙක අස්සෙ ගහන් කටින් බතලකොල හිටවල හරියනවයැ.
ReplyDeleteaniwa DDT math 100% ekagai obe kathawata.
Delete//මඩවලට උනත් මූන දෙන්න රජයකට පුළුවන් වෙන්න එපෑය. එහෙමනේ සිංහයො. වල්ගෙ කකුල්දෙක අස්සෙ ගහන් කටින් බතලකොල හිටවල හරියනවයැ.//
Delete++++++++++++++
ලංකාවේ දේශපාලකයන් හැමදාම කෙලව ගත්තේ මෙතැනින්ය. කිසිම කමකට නැති ඕපාදූප බව අපිඳු දන්නා වෙබ් අඩවි පොරවල කළේ මේ රටේ දේශපාලකයින්ය. වෙබ් අඩවි තහනම නම් පිස්සු වැඩක්. මගේ පොඩි දුවත් ප්‍රොක්සි පාවිච්චි කරන්න දන්නවා. ඒ නිසා ඒ වගේ වැඩ නම් ගොං ජෝක්. දේශපාලකයන්ට නළු නිළියන්ට තමන්ට ඕනෙම දහජරා වැඩක් කරන්නත් හැකියාව ඇති නම්, ජනතාවට ඒවා දැන ගන්නටත්, වෙබ් මාද්‍යකරුවන්ට ඒවා ලිවීමටත් ඇති අයිතිය එකසේ පිළිගෙන සද්ද වහලා සිටීමෙන් නිකම්ම ඔය නිව්ස් දියාරු වී යනු ඇත. එසේ නැතුව මේ කරනා දෙයින් මේවා තව තවත් වැඩි වනු මිස කාටවත් පාලනයක් නම් කිරීම අතීසාරෙට අබුඩ ගැසිමක් බව කියමි.
ReplyDeleteස්තුතියි අදහසට
Deleteoya nalu niliyo desapaluwo karana magadi gana rate minissu dana ganne gossip web walin.thaman niwaradi nam ai baya wenne mokatada e kastiya.
ReplyDeletethaman niwaradi nam ai baya wenne mokatada e kastiya.//
Deleteඅනේද කියන්නේ
හොද විචාරාත්මක ලිපියක්,පෑහෑදිලි කරුනක් තියනවා,විකල්ප මත මර්දනයේ අවශ්‍යතාවයක් තිබෙන බවනම් පෑහෑදිලි,මඩ කියලා කියන වෙබ් අඩවි වල,අමුලික බොරු කිසි වෑදගෑම්මකට නෑති ලිපි වගේම බොහොම හොද විවාදාත්මක ලිපිත් බොහොමයක් ගියා නමුත් මේවා වාරනය කිරීමෙන් ආන්ඩුව ඒවාට පිලිතුරු නොදෙන බව ප්‍රසිද්දියේ කියා සිටිනවා,මොකද බුවා කීව විදියටම ඔවා වාරනය කලා කියලා වෙබ් සයිට් අප්ඩේට් වෙන එක නවත්තන්න බෑනේ,ඒ වගේම බලන එක නවත්තන්නත් බෑ.
ReplyDeleteස්තුතියි අදහසට
Deleteහෑ .. මගෙත් පොඩි පොඩි මඩ ප්‍රහාර දෙක තුනක් තියනවා... අයින් කලොත් හොඳා වගේ.. සුදු ප්ලේන් එකකින් ඇවිත් ඉස්සුවොත් එහෙම
ReplyDelete:D
Deleteමීවනපලානේ ජයරත්න යනු සුජීව කොකාවලය. අත හිත මාරයාගෙනි.
ReplyDeleteමීපලානෙගේ කේස් එක වෙනමම එකක් නේ
Deleteඅනිත් අතට දේශපාලකයන්ට,නළු නිළියන්ට වල්කම් ජඩකම් කරන්න පුලුවන්නම් ඒවා හෙළිදරව් වීමත් ඉවසිය යුතුය.
ReplyDeleteනමසිය හැට ගණන්වල පත්තර ආණ්ඩු සහ ඒවායේ මැති ඇමතිවරු විවේචනය කල හැටි දැක්කොත් අද වෙබ්සයිට් වල ලියන එවුවත් විවේචනද කියල හිතෙයි.. මතකද ඇත්ත පත්තරේ සිරාගේ කතා ? ඒ කාලේ දේශපාලඥයින්ට ඒවා ප්‍රශ්න උනේ නැහැ.. හැත්තෑ ගණන් වල පටන් ගත්ත විරුද්ද අදහස් නොඉවසීමේ ප්‍රවනතාවය වැඩිවේගෙන වැඩිවේගෙන යනවා. මේවට ඇඟිල්ල දික් කරන්න බැරි දේශපාලකයොයි විරුද්ද පැත්තේ ඉන්නෙත්.. රතු කෂ්ටිය උනත් දේශප්‍රේමී කාලේ පත්තර නිදහස නැති කලානේ..
ReplyDelete//මතකද ඇත්ත පත්තරේ සිරාගේ කතා ? ඒ කාලේ දේශපාලඥයින්ට ඒවා ප්‍රශ්න උනේ නැහැ.//
Deleteමතක හිටින්න මම ඉපදිලා හිටියාද කියලත් සැකයි :)
ස්තුතියි අදහසට , ඒ කාලේ හිටියේ දේශපාලකයින් දැන් ඉන්නේ දේශපාලුවන්
ලංකාවේ කීර්ති නාමයට හානි කරන්නේ දේශපාලකයින් මිසක් ජනමාධ්‍ය නොවේ. උන්ට ජඩවැඩ කරන්න හොඳයි. ඒව එලිවෙනවට අකමැතියි.
ReplyDeleteaniwa
Delete\\වෙබ් අඩවියක දකිනා ඕනි කුණු ගොඩක් සත්‍යයෙන් ලෙස අදහනා මහ ජනතාව මෙන්ම ඒවාට බාල්දි පෙරලන දේශපාලුවන් හා කලාකරුවන් (කියා ගන්නා ) අන්තර්ජාලයේ යථාර්තය තේරුම් ගෙන නොමැත//
ReplyDeleteමෙන්න මේ වාක්‍යයෙන් සියල්ලම කියල තියනව. ජනතාව වගේම ආණ්ඩුවත් "අන්තර්ජාල මාධ්‍ය" කියනදේ තේරුම් අරගෙන නෑ. මම නං කියන්නෙ විශේෂයෙන්ම ගොසිප් අඩවි(නමින්ම තේරෙනවනේ) වල තියන දේවල් ගැන සීරියස් ගන්න හොඳ නෑ.
අනෙක් අතට ආණ්ඩුවට පුළුවන්ද මේව තහනම් කරන්න. ටැමිල්නෙට් බලන්න අපිට පුළුවන් නම් ඊට වඩා මොනවද :)
හතර අතේ වැරදි කරන ආණ්ඩුව හෙවනැල්ලටත් භයයි. ඉතින් තමන්ට එල්ලවන ඕනෑම ආකාරයක හඞක් නිහඞ කිරීමට මේ වගේ බොලඳ උත්සාහයන් දරාවි.
ස්තුතියි අදහසට
Deleteඅනේ මන්ද මොනවා කියන්නද කියලා..
ReplyDeleteආණ්ඩුව නම් කියන්නේ මොකුත්ම නොකියා ඉන්න කියලයි
Deleteමට සිංඩිකේටරයක් තිබේ ඔය කියන වල් පාහාරයා සිංඩිකේටර් වලට තර්ජනය කරනවා. ඇනෝනිමස් ලෙස හා 2133 යන අංකයෙන් ඇමතුන් පවා දී තර්ජනය කරනවා. තර්ජනය කරලා ඔය අඩවි වල අයිතිකාරයන්ගේ විස්තර ඉල්ලනවා. විස්තර ලෙස තියෙන්නේ E-mail address පමනයි කියු විට. අනිත් සිංඩි වල කනෙට් ටැක් අංක පවා ඉල්ලනවා. එවා දැන සිටියත් කාගේ හොදට උන්ට ඒවා දන්නේ නෑ කියු විට අනිත් සිංඩි කරුවන්ට උන ගැනෙන්න අපව මරනවැයි කියා මරන තර්ජන පවා එල්ල කරනවා. ඔක්කෝටම නිර්භීතව කට පියා සිටියා කියුමු.
ReplyDeleteඅන්තිමේ අපිට කරන තර්ජනයම අප සර්වර් අයිතිකරුන්ටද එල්ල කර අපට අවසානයේ ඉදිරියට අනුග්‍රහය ලබා දිය නොහැකි බව ඔවුන් කියා සිටියා.
නොකිවාට ඉදිරියේදි සිංඩි කරුවන්ට හා ඔහුන්ගේ පවුල් වල ඇත්තන්ට ඉදිරි කාලය අපල කාලයකි.
සිංඩි කරුවෙක්.
ලිඛිතව ඉල්ලීමක් කරන්න කියපන්. කවුරු හරි උඹව අන්දනව වගෙ.
Deleteපිස්සු හැදෙයි ඇනෝ බය නොවී හිටපන්.
Deleteහමන සුලං - මකුලු හුයෙන්
ReplyDeleteවලකන්නද මං
-----තාරාවෝ ඉගිලෙති, ලූෂන් බුලත්සිංහල-----
එයාලා බ්ලොග් ගැන එච්චර දන්නෙ නැතුව ඇති නේද ?
ReplyDeleteඇයි බන් ජනාධිපති ලේකම් තුමා බ්ලොග් ලියන සෙට් එක එකකට කැමකුත් දුන්නේ , අපේ සඳරු මලයගේ බ්ලොග් එක කියවනවත් ලුනේ , කෝකටත් පරිස්සමෙන් හිටහන් !
Deleteඇයි බන් ජනාධිපති ලේකම් තුමා බ්ලොග් ලියන සෙට් එක එකකට කැමකුත් දුන්නේ , අපේ සඳරු මලයගේ බ්ලොග් එක කියවනවත් ලුනේ , කෝකටත් පරිස්සමෙන් හිටහන් !
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete