Skip to main content

ගාසා තීරයේ හමාස් අන්කල්ලාට තණමල්විල හිච්චි එකාගෙන් ලියුමක් !


ආදරණීය හමාස් අන්කල්ලා වෙතය

මේ වෙනකොට නම් ඔයාලා ඩිංගක් සැනසීමෙන් ඉන්නවා ඇතිය කියා සිතමි . ඊජිතුවේ ජනාධිපති අන්කලුයි ක්ලින්ටන් ආච්චිටයි පින් සිද්ධ වෙන්නට හිතේ ගින්දරක් නැතුව බත් ඩිංගක් හෝ කන්නට  චාන්ස් එකක්  ටික දොහකට පස්සේ අන්කල්ලාට ලැබි ඇතැයි කියා මට හිතෙනවාය  , අන්කල් ලා ගැන මම හරියට දන්නේ නැති වුනාට පලස්තීයනය කියන්නේ අපේ ආඩම්බර කාර පියා අන්කල්ගේ හොඳම යාලුවෙක් කියා නම් දන්නවාය , අන්කල්ලා අල්ලන් ඉන්නේ පල්ස්තීනයෙන් කැල්ලක් විතරක් උනත් අන්කල් ලා කරන්නේත් අධිරාජ්‍ය විරෝධි සටනක්ය කියා , කොහොමටත් දේශප්‍රේමි අධිරාජ්‍ය විරෝධී හිච්චි එකාටත් හිතෙනවාය . මීට කලින් ගඩාෆි අන්කල්ටයි අසාද අන්කල්ටයිත් මම මෙහෙම ලියුම් යවලා තියනවාය .

අන්කල්ලා පහුගිය සතියම කලේ ජල්ලි අල්ලපු එකය , ඇත්තටම කිව්වොත් ඊශ්‍රාලයෙන් කාපු එකය . ඒ වුනාට ආශ්චර්යයේ අපට නම් පහුගිය සතිය මාර සතුටුය . ඒ අපේ ආඩම්භර කාර චූටි අය්යා චන්ද්‍රිකාවක් උඩ යවන නිසාය , අන්කල් ලා වගේ නෙමේය එතකොට අපිත් අපේම කියලා චන්ද්‍රිකාවක් තියන රටක් වෙනවාය . අපේ තාත්තා නම් චන්ද්‍රිකා කෙලියට විරුද්ධය . තාත්තා කියන්නේ  ඔය යවන චන්ද්‍රිකාව චිනුන්ගේ කසි කබලක් කියලාය , ඕවට අපේ ලමයින්ටවත් ගෙවන්න වෙනවා කියලාය . තාත්තා කොහොමත් දේශද්‍රෝහි අධිරාජ්‍ය වාදි පොරක්ය . ඒ නිසා හොඳ වැඩක් කරන්න හදන හැම වෙලාවකම කියන්නේ ඔය වගේ කුප්ප කථාවක්ය . හැබැයි තාත්තා අම්මාට ඇහෙන්න නම්  චන්ද්‍රිකාවට බනින්න යන්නේ නැය , මොකද අපේ අම්මා 94දී යවපු චන්ද්‍රිකාවටත් වඩා සැර බව තාත්තා දන්නවාය . මාත් අම්මාත් අන්කල් ලාගේ පැත්තේ වුනත් තාත්තා නම් කඩේ යන්නේ ඉශ්‍රාලයටය . තාත්තා කියන්නේ ඕනි වටවඩා  බෝ කරන්න ගියාම යුද්ධ වෙලා හරි මැරෙනවා තමයි යකුනේ කියාය . මුස්ලිම් රටක් යුද්ධයක් යන හැමවෙලාකම තාත්තා කියන්නේ ඔය කථාවය . ගහපු සාම ගිවිසුමට තාත්තාට හොඳටම මලය . පැය දෙකක් තිස්සේ බැන්නේ ඇමරිකාවේ මිනිස්සුන්ටය ඒ රොමේනි වෙනුවට ඔබාමා අන්කල්ව ආපහු සැරයක් දිනවපු එකටය . තාත්තා කියන්නේ රොමේනි අන්කල් ජනාධිපති වුනා නම් මේ වෙනකොට  අන්කල් ලා තියා ගාසා තීරයවත් හොයා ගන්නට ලැබෙන්නේ නෑ කියාය . තාත්තා නිවාඩු දාගෙන ඇමරිකන් චන්ද ප්‍රතිපල බැලුවේ රොමේනි අන්කල් දිනයි කියලාය , අම්මාත් මාත් සපෝට් කලේ ඔබාමා අන්කල්ටය , අම්මා කියන්නේ හම ඩිංගක් කලු නිසා ඔබාම චුට්ටක් විතර අධිරාජ්‍ය විරෝධි කියලාය .

අපේ අය්යා නම් කියන්නේ ඔබාමත් රෝමෙනිත් වෙනස් දවටන වල එතුව එකම ටොපියක්ය කියලාය . ඌ කොහොමත් දෙන්නේ මේ වගේ දාර්ශනික ටෝක්ය . කැම්පස් ඉවර වෙලා ගෙදර ඉන්න ගත්ත එකෙන් උගේ දාර්ශකින ටෝක්  අහන්න වෙලා තියෙන්නේ මටය . අය්යා නම් කියන්නේ චන්ද්‍රිකාවක් යවන එකේ වැරැද්දක් නෑ කියලාය . හැබැයි ඊට කලින් "කොස් බෙනිෆිට් පැරලයිසිස්ද" මොකක්ද කරලා බලලා ඉන්න ඕනැය , එක එක්කෙනාට හිතුන හිතුන විදිහට යැව්වොත්  නම් අපරාදේ ලුය.අය්යා කියන්නේ "ලෝන්චින් කේප්පබිලිටිස්" ද මොනවද තියෙන්නේ රටවල් කිහිපයකට විතරක්ලුය , ඒ නිසා අපිට කොහොමටත් යවන්න වෙන්නේ ඒ රටකට කියලාය . ඒ වුනත් චීනෙට නැතුව රුසියාවට හරි ඉන්දියාවට හරි කියා ඇර ගත්තා නම් අපේ විදේශ ප්‍රතිපත්තිය පොඩ්ඩක් බැලන්ස් වෙනවාලුය . අය්යා  අන්කල්ලාත් ඊශ්‍රාලය ගැනත් ලොකු දේශනාවක් දුන්නාය . මට එයින් බාගෙට බාගයක් තෙරෙන්නේ නෑය. ඌ නොදන්න කෙහෙල් කියවනව මදිවාට අතරමැද්දට කඩු කැලිත් බස්සනවාය . මූ කැම්පස් යන කාලේ මලාට කඩ්ඩෙන් කථා කලේ නැය . සුද්දෙක් පාර ඇහුවත් කියන්නේ සිංහලෙන්ය . ඒත් ජොබ් ඉන්ටර්විව් යන්න පටන් ගත්ත දවසේ ඉඳහන් දෙකෙන් පංගුවක් කථා කරන්නේ කඩ්ඩෙන්ය . මේ වැඩේට තාත්තාත් අම්මාත් සාම ගිවිසුමක් ගහලා සප් එක දෙන නිසා මම අනාථය , මට හෝඩියෙන් එහාට කඩ්ඩ කොටා ගන්න බැරිය . අපේ  ඉංගිරිස් මිස් ගිය අවුරුද්දේ ප්‍රසුත නිවාඩු ගිය ගමන් තාමත් ආවේ නෑය . ඒයා ගෙවල් ලඟ ඉස්කෝලෙකට මාරුවක් හදාගෙනලුය . ඒ හින්දා මට දන්න ඉංග්‍රිසියත් දැන් මතක නෑය . කොහොමින් හරි අය්යා කියන විදිහට ඉශ්‍රාලේ අන්කල්ලා අවුරුදු පනහෙන් සැහෙන දියුණු වෙලාය . "ප කැපිටල්" "එච් වී අයි" ඔන්න ඔහොම  ජාති ගොඩකින් ඒ අන්කල් ලා ඉන්නේ සැහෙන ඉහලින්ලුය .මුල ඉඳන්ම සප් එක දුන්න ඔබාමා අන්කල්ට වගේම ලඟකදී සෙට් වෙච්ච මන් මෝහන් සියාටත් ආයුධ විකුණනවාය.  ඒ ගොල්ලන්ට සැටලයිටුත් යවන්න පුලුවන්ලුය , "බලාස්ටික්ද " මොකක්ද පට්ට දුරක් යවන්න පුලුවන් මිසයිලත් තියනවාලුය. ගහන මිසයිල නවත්තන්න පුලුවන් "මිසයිල ෆීල්ඩ්" ද මොකක්ද ඒවත් තියනවාලුය . ඉතින් එහෙව් රටක් එක්ක හැප්පෙන්න යන්නේ අන්කල්ලාට මොලේ උණලුය . අන්කල් ලා කන්නේ ඉල්ලාගෙනලුය . හැබැයි "සිවිලියන් කැශූනට්" කියල ජාතියක් නිසා අය්යා ඉශ්‍රාල අන්කල් ලා ගේ ගැහිල්ලත් තරයේ හෙලා දකිනවාය .

කැම්පස් ඉන්න කාලේ නම් අය්යා  කෙලින්ම අධිරාජ්‍ය විරෝධීය . හැබැයි දැන් නම් කියවන්නේ ඔය වගේ දෙපැත්තටම නැති පිචං කථාය .  තාත්තා ඉශ්‍රාලය ගහන එකෙන් ආතල් ගන්නවාට අය්යා තරහය . ඒත් ඉස්සර වගේ අය්යා තාත්තා එක්ක වාදෙට යන්නේ නෑය .මොකද   තාත්තාගේ පර්මිට් එකට ලැම්බෝගිනියක් ගන්නවා කියලා තාත්තා අය්යාට කියලාය , අය්යා ඉන්නේ ඒකෙන් වැඩට යන්න බලාගෙනය .  දැන් පර්මිට් විකුණන්න පුලුවන් නිසා ඒක විකුණා ගේ හදන්න ගත්ත ණය බේරන්න තාත්තා අම්මාට පොරොන්දු වුනා කියා අය්යා තාම දන්නේ නෑය . දැන ගත්තා වුනත් අය්යාට ඉස්සර වගේ වාද කරන්න පුලුවන්ය කියලා මට හිතෙන්නේ නෑය . කැම්පස් යන කාලේ අය්යා අධිරාජ්‍ය විරෝධී කඳවුරේය , තාත්තා අධිරාජ්‍ය වාදි කඳවුරේය ඉතින් දෙන්නා වාද කරන්න ගත්තාම පාර්ලිමෙන්තුව පරාදය . ඒත් දැන් අය්යා මොන කඳවුරකත් නෑය , ඌ ඉන්නේ කඳවුරු දෙක අතරමැදය .ඉන්ටව් යන්න රැවුල කපන කොට අය්යාගේ විප්ලවයත් කැපී ගිහිල්ලාද කොහෙදය . ඉතින් වාද කරන්න බෑය . තාත්තා නම් කියන්නේ අය්යා ජොබ් එකකට ගිහින් සති දෙකෙන් අධිරාජ්‍ය වාදී කඳවුරටම තල්ලු වෙනවාය කියලාය . කැම්පස් යන කාලේ අරගල කරපු තාත්තාට වුනේත් ඒකලුය .

තාත්තා අධිරාජ්‍යවාදි කඳවුරට එකතු වුනාට තාත්තාගේ කැම්පස් කාලේ ඉඳන්ම ෆිට් එකක් වූ වීරසිංහ අන්කල් නම් එහෙම වුනේ නෑය . තාත්තාට කාර් පර්මිට් හම්බුවුනාට වීරේ අන්කල් තාම යන්නේ තාත්තාගේ පරණ නයින්ටියේය . විරේ  අන්කල් හිත හොඳ මිනිහාය , කාගේත් දුකට පිහිට වෙනවාය ඒ වුනාට අපි දන්න කාලේ ඉඳන් වීරේ අන්කල් එක තැනය .  තාත්තා වගේ  නොවේය විරේ අන්කල් ෆේස්බුකියෙත් ඉන්නවාය . හැබැයි මුණු පොතෙන් කියන්නෙත් වික්‍රමබාහු සීයා කියන ජාතියේ කථාය . වේ  ගුවෙරා අන්කල් ඉස්කෝලේ යනකාලේ ගත්ත ෆොටෝ එකක්  ප්‍රොෆියලයට දාගෙන ඉන්න නිසා විරේ අන්කල්ට මට වඩා කෙල්ලන්ගෙන් ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එනවාය . මුණු පොතෙ කොල්ලො කෙල්ලන්  අන්කල්ලාගේ ජනතාව වෙනුවෙන් ෆොටෝ ශෙයා කලාට විරේ අන්කල්ට නප්පියට මල පැනලාය . ඒ නන්දිකඩාල්වල දෙමල මිනිස්සු මැරෙත්දි හුරේ දාපු උන් වෙන රටක මිනිසුන් ගැන විතරක් ෆොටෝ ශෙයා කරනවා කියලාය . හැබැයි විරේ අන්කලුත් ඊශ්‍රාලයේ ගැහිල්ලට අපි වගේම විරුද්ධය , ඒ ඊශ්‍රාලය අධිරාජ්‍ය වාදි කඳවුරේ නිසාය .හැබැයි විරේ  අන්කල්  තාත්තා එක්ක නම් ඕවා කියවන්න යන්නේ නැය , මොකද එහෙම වුනොත් තාත්තාට රට ඉන්න යාලුවෝ ගෙනත් දෙන බෝතල් වලින් මතට තිත තියන්න බැරි වෙන නිසාය . ඒ නිසා ඒ දෙන්නා එකතු වුනාම කරන්නේ අපේ ආඩම්භර කාර පියා අන්කල්ට බනින එකය . ඒ නිසා විරේ අන්කල්වත් මට දිරවන්නේ නෑය .

අපේ අය්යාගේ ඉස්කොලෙ යන කාලේ බොක්කක් ඊයේ අපේ ගෙදර ආවාය . පොර පෝයටවත් පන්සල් යන්නේ නැය ඒ වුනාට ෆේස් බුකියෙන් රටයි ජාතියයි ආගමයි බේර ගන්න කථා කරනවාය . ඌ හොඳම බොක්කක් වුනත් අය්යා ඌව ෆේස් බුක් එකේ බ්ලොක් කරලාය , ඒ ඌගේ ජාතිවාදි පෝස්ට් දැක්කාම අය්යාට මල පනින නිසාය . ඌට නම් අන්කල්ලාගේ රටේ මිනිස්සු මැරෙන එකත් මාර හැපිය , ඌ කියන්නේ ඒ බංග්ලාදේශයේ පිලිම කැඩුවාට පඩිසන් දෙන හැටි කියාය . බංගල්දාසේ උන් කරපු වැරැද්දට පලස්තීන කාරයින්ට පඩිසන් දෙන්නේ කොහොමද කියා අය්යා ඇහුවාම ඌ කියන්නේ මුස්ලිම් ව්‍යාප්තවාදය කොහෙන් කෝ කෙල වෙන්නට ඕනිය කියාය , ඌට අනුව කොයි තම්බියාත් එකය . පල්ස්තීනයේ  මිනිස්සු මැරුණාට ලංකාවේ මුස්ලිම් ව්‍යාප්තවාදයට බලපාන්නේ නෑය කියන්නට අය්යා දේශනයක් පටන් ගත්තාය . ඒත් අරුට අය්යාගේ මහප්ප්‍රාණ දිරවන්නේ නෑය .ඌ මගෙන් ෂාරුක් ඛාන්ගේ ෆිල්ම් එකක් පෙන් එකට දාගෙන  ගෙදර ගියාය .

අනන් මනන් වල් පල් ගොඩක් කියලාය . මගේ හැටි එහෙමය කියන්න  ඉන්න දේ කියවෙන්නේ නැය . මට කියන්න ඕනි වුනේ අන්කල්ලාට පරිස්සමෙන් ඉන්න කියන්නය . මොකද අන්කල්ලා ඕනිවට වඩා සද්ද දාන්න ගියොත් ඔය තියන තීරුවත් නැතිවෙන්න පුලුවන්ය . එහෙම නම් මම නවතිනවාය . අන්කල්ලාට ගොඩ් බ්ලෙස් යූ ය .

                                                                                                            මීට තණමල්විල හිච්චි එකා

Comments

  1. හතර අතටම නෙලල තියෙන්නෙ! හමාස් අංකොල් ලා ගැන නං දුකයි. ඊට වඩා දුකයි ගාසා තීරයේ පොඩි එවුන් ගැන. ඒත් මේ හමාස් අංකොල්ලා හැමදාමත් කරන්නෙ නයාට ගහල පොල්ල වරද්දගන්න එකයි. මල්ටිබැරල් තියන ඊශ්‍රායල් කාරයන් එක්ක ටී පනස්හයෙන් ෆයිට් කරන්න ගියාම ඕක තමයි වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ටී 56 නෙමෙයි අහස් ගුන්ඩු ගහන්නේ. මේ සෑරේ නම් ටිකක් පවර්පුල් ඒවා ඉරානෙන් හම්බ වෙලා කියලා ආරංචිය. ඒකත් අතේ රෝලක් දැයි හරියටම කියන්න දන්නෙ නැතිය. ජෝජ් බුෂ් ගේ මෑස් වෙපොන් වගේ වෙන්න පුළුවන්ය. මම ඔය දෙපැත්තේම කාලයක් හිටියේය. ඊශ්‍රායල් කාරයෝ මැරෙන්නෙ නැත්තේ උන්ට සේප්ටි ප්‍රිකෝසම් තියෙනවාය. අරුන්ට් මුකුත් නැතිය. උන් ගහන්නේම පොඩි උන් ඉන්න තැනවල ඉඳලාය. ඊට පස්සෙ පොඩි උන්ගේ මිනී විකුණන් කනවාය. ඊශ්‍රාලය නැත්නම් ගාසා එකේ උන් බඩගින්නේ මැරිලාය.

      Delete
  2. 94 චන්ද්‍රිකාව උඩ යවල පුම්බපු උන්ම තමා පස්සෙ ගහල එලෙව්වේ..

    ඒ වරදම ආයෙත් වෙලා, බලමු දවසක එලවන හැටි !

    රාජ් කිව්ව වගේම වටේටම ගහලා !

    ReplyDelete
    Replies
    1. සෑම් හරියටම හරි. දැන් බලන්නකෝ සෑම්ලයි ආතක් පාතක් නැතිව හිටිය අනිත් UNP කාරයොයි පුම්බලා උඩ දාගෙන හිටිය SF ටත් හොඳම ගැහිල්ල ගැහුවේ වටේ හිටිය උන් ටිකමනේ. සෑම් තාම නෝන්ඩි නැතිව මාරුව දාන්න හම්බ උනේ නැති හින්දා එල්ලිලා හිටියට වටේ හිටිය අනිත් උන් බුදු ගැහිල්ලක්නේ SF ට ගැහුවේ. අන්න එලවිලි.

      Delete
    2. පෂ්ෂ නැත! අයියෝ!

      Delete
  3. පට්ට...ආඩම්බරකාර පිය අන්කල් නිසා අපිට නම් කන ටිකත් ලඟදීම අඩු කරන්න වෙනවය.

    ReplyDelete
  4. හැමදාම වගේ කම්මැලි නැති පොස්ට් එකක් එක හුස්මට කියෝගෙන ගියා. උඹේ තාත්තා , අයියා , අංකල්ලා ඇතුළු සෙට් එකෙන් මම හිතන්නේ මොන විදිහට කියලා තමයි දැන් කල්පනා කරන්නේ

    ReplyDelete
  5. විමර්ශනාත්මක වගේම සමබර ලිපියක්.

    ReplyDelete
  6. බුවාගේ මැෂින් තුවක්කු ප්‍රහාරයක්... යුද්ධය නිසා අපහසුතාවයට ලක් වන දරුවන් ගැන ඔය කොයි අයියලත් හිතනවනං හොදයි. මොකද උං වැඩ කරන්නේ උං එක පාරටම ආයුධ අතට අරගෙනම ඉපදිච්ච උන් කියල හිතාගෙන

    ReplyDelete
  7. නියම ලියුමක් .

    ReplyDelete
  8. මෙන්න මේකයි බුවාගේ විශේෂත්වය. කියන දේ වෙඩි වගේ හැබැයි කියවන කෙනාට තමන් කැමති තැනකට දාගන්න පුළුවන්.

    හමාස් අංකොල්ලයි අපේ අංකොල්ලයි ඔක්කොම එකතු වෙලා කෙලින්නෙම අහිංසකයට ඒකනේ ඉවසලා ඉන්න බැරි.

    මේ හැම දේටම වඩා අපේ ආඩම්බොරකාර තාත්තා වැඩ්ඩ. එයා දන්නව ගැල විජ්ජාව. ඒ නිසා තව කාලයක් අල්ලයි. අපි මෙහෙම බ්ලොග් ලිය ලිය ඉමු එවරෙඩි බැටරියක් බහින කල්ම.

    ReplyDelete
  9. බුවා ඔබගේ නිර්මාණශිලි රචානා ශෛලියට නම් මම හරිම කැමතියි.ඒත් අප අතර ඇත්තේ මත වාද දෙකකි.

    ReplyDelete
  10. තණමල්විල හිච්චි එකාගේ තාත්තට ජය වේවා. අපි පියාට පියා අපිට

    ReplyDelete
  11. ඔන්න මං මෙතන කොටන්න ගිය කමෙන්ට් එක තව පොඩ්ඩක් වවලා මගේම බ්ලොග් එකේ එල්ල ගත්තා. තව පෝස්ට් එකක් වැඩි වෙනවා නෙව.......

    ReplyDelete
  12. ඔබේ මතවාදයට මමත් එකගයි...

    ReplyDelete
  13. මට මේ ටිකේම නිව්ස් එහෙම මිස් උනා..ඒක නිසා වැඩිය අප්ඩේට් නැහැ ඔය ගැන.ඇරත් ඉතින් හැමදාම වෙන දේම වෙන විදියකට වෙනවා ඇති..

    ReplyDelete
  14. ම අමනම් කැමතියි ඔය හමාස් කාරයොන්ට නෙලනවට

    ReplyDelete
  15. ඇමෙරිකාවේ විශ්ව විද්‍යාලයක් තියෙනවා උපාධියක් ගන්නට අනිවාර්ය පංති නැති සහ ලකුණු අනවශ්‍ය වූ. වොංෂිටන් ප්‍රාන්තයේ ඔලිම්පියා නගරයේ තියන එහි නම එවර්ග්‍රින් ස්ටෙට් කොලෙජ්. ඒකෙ උපාධියක් ලැබූ අයෙක් තමයි Rachel Corrie. රැඩිකල් ත්‍රස්තවාදී පලස්තීන සානුකම්පිත හදවතින් යුත් අයෙක්. ගාසා තීරයේ විරෝධය පාන්නට ගිහින් ඊශ්‍රායෙල් බුල්ඩෝසරයකට යටවෙලා මිය ගියා. රැවටෙන්නේ එහෙම අයට වුනාම අන්කල්ලා ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නෙ කවදා ද?

    ReplyDelete
  16. සියලුම අදහස් වලට බොහොම ස්තුතියි

    ReplyDelete
  17. හැම අදහසක්ම ඔස්සේ සිතා බැලුවිට තවත් කිව යුතු දෙයක් නැත...මම හිතන්නේ හසන්ත මහත්තයාගේ තැන ගන්න බැරිවෙන එකක් නැ ඔබටත්..

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව