Skip to main content

13 එපා එපා - විමල් , 13 ඕනි ඕනි -ජී .එල් සමඟින් ආගමික සහජීවනය

මීට මාස කිහිපයකට පෙර විමල් වීරවංශ , දේශ හිතෛශීන් , හෙල උරුමය ඇතුලු  රජයේ නිල "දේශප්‍රේමීන්ට" තිබු එකම ගැටලුව වූයේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය පමණි . අගවිනිසුරු වරිය එලවීමේ අධිකරණ වසන්තයේ කොටස් කරුවන් වීමට ගිය නිසාදෝ පසුව ඔවුනට එය සහමුලින්ම අමතක  බවක් දක්නට ලැබුණි . දැන් නැවතත් රජය විසින් 13 එලියට ඇදගෙන තිබේ ඒ ජී.එල් පිරිස් අමාත්‍ය වරයායි . ඉන්දියාවේ සංචාරයක නිරත වෙන ඔහු 13 වන සංශෝධනය වෙනුවෙන් රජයේ ඇති කැපවීම පිලිබඳ සහතිකයක් ඉන්දියානු රජයට ලබාදී තිබේ 

විමල් වීරවංශගේ හෝ දේශ හිතෛශීන්ගේ *කේ අමාරුවට 13 අහෝසි කිරීම මෙන්ම ඉන්දියාවේ වුවමනාව වෙනුවෙන් පමණක් 13 තබා ගැනීමද විකාරයකි . යුද්ධයෙන් පසුව සිදුවිය යුතුව තිබුනේ දෙමල ජනතාවගේ දේශපාලනික අයිතිවාසි කම් ලබාදීමේ ක්‍රමවේදයක් පිලිබඳ පුලුල් සාක්ච්ඡාවක් ඇතිවීම වුවත් යුද්ධයෙන් වසර 4කට ආසන්න කාලයක් ගතවී ඇතත් , රජය ජාත්‍යන්තරය සමඟින් ඔට්ටු සෙල්ලම් කරනවා විනා එවැනි ප්‍රවේශයක් ලබාගත් බවක් දැකගන්නට නොලැබේ . 13 වන සංශෝධනයේ ප්‍රතිපාදන ප්‍රමාණවත් වේ නම් උතුරු පලාත් සභා ඡන්දය පැවැත්වීම සිදු කර එමගින් ජාත්‍යන්තර පීඩනයත් සැහෙන පමණ අඩුකර ගැනීමට අවකාශ තිබුනත් , රජය 13+ යොදා ගත්තේ ඉන්දිය නියෝජිතයින් රැවටීමට පමණි . ශ්‍රි ලංකා රජය දිගින් දිගටම තමන් රවටන බැව් තේරුම් ගත් ඉන්දියානුවන් පසුගිය ජිනිවා සමුලුවේදී දැවැන්ත කනේ පහරක් දුන් නමුත් , එයින්හෝ පාඩමක් ඉගෙන  ගත් බවක් දකින්නට නොලැබෙන්නේ බටහිරත් ඉන්දියාවත් ප්‍රතික්ෂේප කරමින් තව තවත් චීනය දෙසට ලං වීමට කටයුතු කිරීමත් වීරවංශලා වැනි රජයේ නියෝජිතයින්  තිබෙන 13ත් අහෝසි කරන්නට කථා කරත්දී  විකල්ප දේශපාලනික විසඳුමක් හෝ ජාතින් අතර සංහිඳියාව ඇති කිරීමේ වැඩපිලිවෙලක් යෝජනා නොකිරීමත් තුලිනි 

වසරක් පුරා තම සුපුරුදු ක්‍රියාදාමයේ නිරත වුනු රජය හිටි අඩියේ කලබල වී ඉන්දියාවේ දුවගොස් 13 ට ඇති කැපවීමක් ගැන කියන්නේ ලබන මස ආරම්භ වන ජිනිවා සමුලුවේදී ඉන්දියානු සහය ලබාගැනීම වෙනුවෙන් බව උපකල්පනය කල හැක . කලින් වතාවේ ශ්‍රි ලංකාව පැරදීමට කටයුතු කල ඉන්දියානු රජය ජී එල් පිරිස් මහතාගේ සහතික කිරීම  විශ්වාසයට ගෙන  තම ප්‍රතිපත්තියේ දැවැන්ත වෙනසක් කරාවි සිතිය නොහැක . කෙසේ වුවත් ඉන්දියානු සහය නොමැතිව හෝ එක්සත් ජනපදය  ප්‍රමුඛ බටහිර රටවලින් ගෙනනා යෝජනාවක් සම්මත වීමේ අවකාශයක් ඇත්නම් ඔවුන් නිහඬ ප්‍රපත්තියක් අනුගමනය කරන්නටත් තමන්ගේ කලාපීය ආධිපත්‍යට හානිදායක යෝජනාවක සැර බාල කරගැනීමට පමණක්  කටයුතු කරන්නටත් ඉඩ ඇත  


ඉන්දියාව රැවටීමට 13+ කිමෙත් , ශ්‍රි ලාංකීය ජනතාව රැවටීමට 13 එපා කීමෙනුත් රටට මෙන්ම රජයටත් අත්වන සෙතක් නොමැත.  රජය ජාත්‍යන්තරව නා ගන්නා සෑම විටකටම එහි  අහිතකර ප්‍රථිපල භුක්ති විඳින්නට වන්නේ සමස්ථ රටවැසියාටමය . දෙමල ජනතාවගේ දේශපාලනික අයිතීන් සුරැකීමේ ක්‍රමවේදයක් මෙන්ම දේශපාලකයින් විසින් ඇති කල සිංහල දෙමල විරසකය දුරලීමේ දිගුකාලීන වැඩපිලිවෙලකට යාම රජය මේ දක්වාත් පැහැර ඇති වගකීමයි  .සැබැ වුවමනාවකින් මෙවැනි ප්‍රවේශයක් ලබාගත්තා නම් , විරවංශලාගේ සක්කිලි කට්වල්  පාලනය කරගත්තා නම් 13 ගැන කියමින් ඉන්දියාව රවටන්නට (රවටන්න තැන්කිරීමට ) හෝ අධිරාජ්‍ය වාදී  කුමන්ත්‍රණ ගැන කියමින් බටහිර රටවල් සමඟින්  ගැටෙන්නට හෝ අවශ්‍ය වන්නේ නැත . 

රටේ ප්‍රශ්න විසඳීම වෙනුවෙන් ලෝකයා පිලිගන්නා ක්‍රමවේදකයට කටයුතු කිරීමටත් බොරු චණ්ඩි කම් පසකා ලා , තමන් සිටින්නේ හුදකලා වී සිටිය නොහැකි ලෝකයක බව අවබෝධ කරගන්නටත් යොමූ වූවා නම් අභ්‍යන්තර ප්‍රශ්න වලට  සාර්ථක විසඳුම්  ලබාගැනීමත් ජාත්‍යන්තර පීඩනයන් අවම කරගැනීමත් එක් වරම කර ගැනීමේ හැකියාවක් ඇත . එම මහඟු අවස්ථාව පසෙකලා ජාත්‍යන්තර ප්‍රජාව රැවීමටීමට පමණක් විසඳුම් පෙන්වීමෙන් රටේ ප්‍රශ්න වලට විසඳුමක් හෝ  ජාත්‍යන්තර පීඩිනය අවම වීමක් හෝ සිදුනොවෙනා බව වසර 4ක් කට පසුවත්  අවබෝධ කරගත් බවක් පෙන්නට නැත  

දිගුකාලීන සහජිවන ක්‍රියාවලි පසෙකලා හිටි අඩියේ ජාතික ගීයට දෙමල එබ්බවීමට කටයුතු කිරීමෙන් හෝ  ,මුස්ලිමුන් බෞද්ධ සිද්ධස්ථාන ඩෝසර් කරත්දී , සිංහලයාගෙන් මුස්ලිමුන්ට සිදුවෙන අකටයුතුකම් සොයන්නට පමණක් කමිටු පත්කීරීමෙන්  හෝ තමිල්නාඩු රජයේ ගොබ්බ තීරණ අනුව යමින් චිත්‍රපට තහනම් කිරීමෙන්  ජාතීන් අතර සහජීවනයක්  ඇතිනොවෙනවා මෙන්ම අලුතින් ප්‍රශ්න ඇති කරන්නටද  මේ ඇතැම් තීරණයන් හේතුපාදක විය හැක

Comments

  1. ආන්ඩුව දැන් අගටයි,මුලටයි දෙකටම ඔට්ටු දාල බූරු ගහනව... පරදින්නෙත් නෑ. දිනන්නෙත් නෑ. පිට ඔට්ටු අල්ලපු අපි හැමදාම පරාදයි....

    ReplyDelete
  2. බුවා....උඹ ඕන එකෙකුට බැනපං උන්ගේ වැරදි වලට මම උපරිම සප් එක දෙනවා.

    ඒත් මේ සක්කිලි පොන්න බලුවංශයට බැනලවත් ඌට ප්‍රසිද්ධියක් දෙන්න කැමති නෑ. මූ තරම් මේ රටේ මිනිස්සුන්ව අන්දන, තමන්ගේ වාචාලකම රටට කෙළ කරන්න පාවිච්චි කරන කාලකන්නියෙක් නෑ. මූ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පොන්නයෙක්. වෙන වචන නෑ මූ ගැන කියන්න.

    මගේ පෞද්ගලික සුභ හීනය; රට, ජාතිය ගැන සැබෑ කැක්කුමක් තියන බව මිනිස්සු විශ්වාස කරන, ඒත් රටට වින කරන තීරණවලදී කඩේ නොයන 'නූතන දේශප්‍රේමියෙක්' රටේ බිහි වෙනවා දකින එක.

    13 ගැන කියනවනම් කියන්න තියෙන්නෙත් මේ ගැන ආණ්ඩුව කථා කරන කරන වාරෙට අපිට රටක් විදිහට අවාසියි. උඹ කියන එක හරි. ආණ්ඩුව මේ ප්‍රශ්නේ අනාගෙන තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි , ඇත්තටම නූතන දේශප්‍රේමියෙක් තමයි රටට අවශ්‍ය

      Delete
  3. 13 ගැන වධ වෙනවට වඩා, ආණ්ඩුව උපායශීලී නම් කළයුත්තේ වඩ වඩාත් ඇමරිකාවට ළං වීමයි.

    ReplyDelete
    Replies
    1. ඇමරිකාවට ලං වීම අත්‍යාවශ්‍ය දෙයක් හැබැයි ජේ.ආර් කරපු වැරැද්ද කරන්නේ නැතුව , දැන් ඒ කාලේට වඩා ඇමරිකාවයි ඉන්දියාවයි දෙකම ශේප් කරගන්න තියන පහසුකම් වැඩියි

      Delete
  4. මටත් තේරෙන්නෙ නැත්තෙ චීනෙට රුසියාවට ලංවෙනවට වඩා ඇමෙරිකාව යුරෝපෙ එක්ක සහයෝගෙන් වැඩ ක‍රන එක න‍රකක් වෙන්නෙ කොහොමද කියල. එහෙම උනානම් අරබි ඇමෙරිකාව ඉන්න අරබි කාරයොන්ගෙන් තෙල් ටිකත් ලැබෙනව අනිත් ප‍්රශ්නත් අඩුවෙනව
    හොදම උදාහ‍රනෙ තමයි චීන්නු එක්ක ඉන්න උ.කොරියවෙයි ඇමෙරිකාව එක්ක ඉන්න ද.කොරියාවෙයි වෙනස

    ReplyDelete
    Replies
    1. කිසිම නරකක් වෙන්නේ නෑ , හැබැයි ඉතින් අධිරාජ්‍ය වාදය විකුණගෙන කන්න බැරි වෙනවා එතකොට

      Delete
  5. @Sumith Niriella
    @malith
    ආණ්ඩුව ඕක දන්නවා නොදැන නොවෙයි නමුත් ලංකාවේ ගමයෝ අතරේ ඇමරිකන් විරෝධයට තාම හොඳ මාර්කට් එකක් ඉල්ලුමක් තියනවා ඉතින් උන්ගේ චන්දේ ගන්න කියන බොරුවට ටික දවසක් යනකොට නසුර්දින් වගේ තමන්මත් රැවටෙනවා. ඉන්දියාවේ ජනතාව අතරේ එහෙම ප්‍රශ්න නෑ ජෝර්ජ් බුෂ් ඇමරිකාවේ පවා ජනප්‍රිය නැති කාලේ ඉන්දියාවේ ජනප්‍රියයි. ඉන්දියාව කෙලින්ම දැන් ඇමරිකාවේ පිට උඩ නැගල ඉන්නේ දිග ගමනක් යන්න. අපි හිතනවා චිනා අපිව පිට උඩ ගෙනියයි කියල. චීන කවදාවත් මිනිහෙක් තමන්ගේ පිටේ නග්ගගෙන ගගෙන් එතෙර කරන්නේ නෑ. ජෙනරලයිස් කරන එක වැරදියි එත් නිකමට අහන්නේ උඹල කවුරු හරි චීන්නු පුද්ගලිකව ආශ්‍රය කරලා තියනවද? චිනෙක්ගෙන් සත පනහක් ලේසියෙන් එලියට ගන්න බෑ මචං.

    ReplyDelete
    Replies
    1. චීනගේ කරේ එල්ලෙන එක තරම් බුරු වැඩක් තවත් නෑ , හැබැයි ඉතින් අධිරාජ්‍ය වාදය විකුණන්නේ නැතුව මේ අයට පැවැත්මකුත් නෑ . ඊයේ ජාතික රූපවාහිනියේ එක් වැඩසටහනක විජය දිසානායක ගියන ගොය්යා ගේ විග්‍රහය බටහිර රටවල් අනෙක් රටවල් සූරගෙන කැම සහ ප්‍රජාතන්ත්‍රවාදයෙන් තොරව දියුණුවෙන ආකාරය . හිනා ගිහින් *කත් රිදෙනවා

      Delete
  6. @උදිත
    හොදම උදාහ‍රණය ලිබියාව සහ ගඩාෆි
    අන්තිමෙ ගඩාෆි කන බව තේරුණාම චීන කිව්වෙ උන්ගෙ දේපල ටික ආරක්ෂාක‍රල උබල ඕන දෙයක් ක‍රගනිල්ල කියල

    ReplyDelete
  7. අපේ වුන්ට මොලේ එන්නේ ආපුවට පස්සෙනේ. එන්න කලින් මෙලෝ දෙයක් දන්නෙ නෑ. ඕක එදත් වුනා අදත් වෙනවා.

    ReplyDelete
  8. පෙනෙනා පරිදි අළුත් නාට්‍යක් දගහැරෙනවා විය යුතුයි. මේ නළුවන් කියන වචනවල, ඉස්පිලි පාපිලි සියල්ලක් ම බැඳී ඇත්තේ ආශ්චර්යේ තිර පිටපත හා සැබැඳයකයි.

    ReplyDelete
    Replies
    1. මේක නාට්‍යයකට වඩා සුපුරුදු පරිදි නාගැනීම කියලයි මට පේන්නේ

      Delete
  9. බාල බඩු ලාබෙට දෙන රටක් තෝරගත්ත ලොක්ක ට තරු විසිවෙන්නෙ මාර්තු වලදී UN එකේදි චන්දෙ විමසන වෙලාවට මෙයාල කක්කුස්සි ගිහිල්ල හිටියම තමයි.

    ReplyDelete
    Replies
    1. බාල බඩු ලාබෙට දෙන රට මේ පාර කමිටුවේ නෑ . ඒ නිසා කොහොමත් ලස්සනට වැඩේ පත්තුවෙයි . ඒකනේ දැන් මුස්ලිම් රටවල් පස්සේ යන්න පටන් අරන් තියෙන්නේ

      Delete
  10. ඔක්කොම උං එකයි..
    ලෝක විනාසේ උනානං එකක්..

    ReplyDelete
  11. 13+ වෙනුවෙන් කතා කරන ඕන කෙනෙක් පිළිතුරු දිය යුතු ප්‍රශ්න කීපයක් තියනව.

    1. අපි බලය විමධ්‍යයගත කරනවනම් කොච්චරක් දුරට අපි ඒක කරන්න ලෑස්තිද? හරියටම මොකද්ද අපි මේකට දෙන විසදුම?දෙමළ ජනතාවට අයිතිවාසිකම් ලබාදීමේ ක්‍රියාපිළිවෙතක් ගැන පුලුල් සාකච්ඡාවකට යා යුතුයි කියල කිව්වට මදි. සාකච්ඡාවට යන්න කළින් අපේ ස්ථාවරය ගැන අපි දැනගන්න ඕන. හුග දෙනෙක් 13 ප්ලස් 13 ප්ලස් කිව්වට ඔවුන්ට හරියටම මොකද ඒ ගැන කරන්නෙ කියල වැටහීමක් නැහැ.

    2. මේ විසදුම හරහා විසදන්න හදන්නේ දෙමළ ජනතාවගෙ කුමන ප්‍රශනද?

    3. මෙවැනි විසදුමක් දීමෙන් සිංහල ජනතාවට ලැබෙන වාසිය කුමක්ද? මොකද ඡන්ද බලය තියෙන්නෙ සිංහල ජනතාව අතේ. ඔවුන්ට මේ විසදුම හරහා කිසිම වාසියක් වෙන් නැත්නම්, වෙන්නෙ අවාසියක් පමණයි නම්, මොකටද ඔවුන් ඒ විසදුම අනුමත කරන්නෙ?

    ReplyDelete
    Replies
    1. 01) සිද්ධ වෙන්න ඕනි මොකක්ද , මොනවද දෙමල ජනතාවට තියන ප්‍රශ්න කියල සාක්චඡාවකට යන්න අවශ්‍ය රජය . පුද්ගලික ස්ථාවරන්ගෙන් පලක් නෑ . යුද්ධය අවසන් වුනු ගමන් පාර්ලිමෙන්තුවේ සියලු පක්ෂවල එකතුවෙන් සාකච්ඡාවකට ගියා නම් මොනවද කරන්න අවශ්‍ය මොනවද සීමාවන් කියන එක ගැන පුලුල් විග්‍රහයකට එන්න තිබුනා . මේ වෙනකොට 13+ නෙවෙයි උතුරට 13වත් දෙනවද කියන එකයි ප්‍රශ්නය

      02) ප්‍රශ්නය දේශපාලනිකයි ,දෙමල ජනතාවට අවශ්‍ය දේශපාලනික බලය තමයි විසඳුම වෙන්නේ , ඒක පලාත් සභාවක්ද , සෙනට් සභාවක නියෝජනයක්ද කියන එක පාර්ලිමෙන්තුව තුලින් සාක්ච්ඡාවට ලක්විය යුතු දෙයක් . එතන ප්‍රධාන සිංහල පක්ෂ වගේම දෙමල නියෝජනයත් තියනවා

      03) සිංහල ජනතාව විසින් දෙමල ජනතාවට විසඳුම් දෙන්න යන සිත්විල්ලම ප්‍රශ්නයක් . යුද්ධයෙන් පස්සේ අපි ආතල් එකේ ඉන්න නිසා දෙමල ජනතාවගේ ප්‍රශ්න ගැන කරදර වෙන්නේ මොකටද කිය්ල ඉන්නවා නම් මේ ගැන කථාකරන එකේ අවශ්‍යතාවයක් නැනේ . දෙමල ජනතාවට විසඳුමක් දෙන එකෙන් සිංහල ජනතාවට දිගු කාලීන වාසින් දෙකක් තියනවා 1. දේශපාලනික විසඳුමක් වෙනුවෙන් එල්ල වෙන ජාත්‍යන්තර පීඩනයෙන් රටට සිදුවෙන හානිය වැලකීම . 2, තවත් ඊලාම් යුද්ධයක් අනාගතයේ ඇතිවීම වැලකීම . ජාත්‍යන්තර පීඩනය අපිට වැඩක් නෑ ආර්ථික සම්බාධක දැම්මත් අපි වවාගෙන කන්නම් කියලත් , උතුරේ හමුදාකඳවුරු දාගෙන එන්න තියන ඕනිම ඊලම් කැරැල්ලක් පටන් ගන්නකොටම මර්ධනය කරන්න පුලුවන් කියලත් හිතනවා නම් ඔය ගැන හිතන්නේ නැතුව සුජාත දියණිත් බලාගෙන ආතල් එකේඉමු !

      Delete
  12. මෙය බලන්න.
    http://www.groupon.my/deals/klang-valley-kuala-lumpur/hakka-yuen-restaurant/716494585?nlp=&CID=MY_CRM_1_0_0_323&a=715827975

    ReplyDelete
  13. පසුගිය අවුරුදු හැට මුලුල්ලේම
    බොහෝ පාලකයන්ව බලයට ගෙනා
    බලයට ආ පසු අමතක කරන
    වට මේසෙට තලු කරන
    අවුරුදු 30ක් මුලුල්ලේ වට මේසෙ ඇදෙන
    මේ ප්‍රශ්නෙ ගැන මතක් කලාට තුති

    කතා කරමු මීලඟ මාධ්‍ය ශෝ එක එනකම්,..
    දෝශාභියෝගය එනකම්,...
    ???????????????????????????????
    whats next??
    කැලණියේ සංවිදායක කම?

    ReplyDelete
    Replies
    1. කැලණිය ඕනි වෙන්නේ තව පස්සට . අප්‍රේල් වෙනකන් ඇදගන්න ජිනිවා ඇති

      Delete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව