ආශ්චර්ය ද්වීපයට අලුතෙන් ඇමති තුමන්ලා පිරිසක් පත්ව තිබේ . රට ආශ්චර්යමත් කිරීමට දායක වන අමාත්‍යවරුන් තව තවත් පත්කල යුතු යැයි අපි සිතමු . විද්‍යා තාක්ෂණ සහ තාක්ෂණ පර්යේෂන කියා ඇමති කම් දෙකක් තිබීම ගැන අවලාද නගන විජාතික බලවේග වල බලල් අතක් වූ ඊ නිවුසිය වැනි දේශද්‍රෝහි පාහරයන්ගේ නම් පටලැවිලි චෝදනාවලට ලක්නොවී අනාගතයේදී පත්කල හැකි අමාත්‍ය වරුන් ලයිස්තුවක් මෙසේ පලකර සිටින්නේමු
සිනි කර්මාන්ත අමාත්‍යාංශය අනුව යමින්
නියෝජ්‍ය අමාත්‍යදූර වශයෙන් -
පොල් සංවර්ධන අමාත්‍යාංශය අනුව යමින්
කොස් සංවර්ධන අමාත්‍යාංශය යටතේ
කොස් , වරකා , වැල සහ පොලොස් වෙනුවෙන් නියෝජ්‍ය අමාත්‍ය ධූර 4ක්
දෙල් සංවර්ධන අමාත්‍යාංශය යටතේ
නිකන් දෙල් සහ කැලෑ දෙල් වශයෙන් නියෝජ්‍ය අමාත්‍ය දූර 2ක්
එජාපයෙන් ඉදිරියෙදී පැමිණෙන්නන් සඳහා එලවලු අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය දූර හිස්ව තබා ගත යුතුය
----------------------------------------------------------------------
අධ්‍යාපන සේවා අමාත්‍යාංශය අනුව යමින්
ආදී වශයෙන් සේවා අමාත්‍යංශ පිහිටිවා ගත හැක
---------------------------------------------------------------------
ඊට අමතරව පහත අමාත්‍ය ධූරද යෝජනා කර සිටින්නෙමු
ඔබ සැමට සුභ අනාගතයක් !
ප.ලි- දේශප්‍රේමි ඔබටත් නව අමාත්‍යදූරයන් යෝජනා කර සිටිය හැක
සිනි කර්මාන්ත අමාත්‍යාංශය අනුව යමින්
- පැණි කර්මාන්ත
- හකුරු කර්මාන්ත
නියෝජ්‍ය අමාත්‍යදූර වශයෙන් -
- මි පැණි භාර නියෝජ්‍ය ඇමති
- කිතුල් පැණි භාර නියෝජ්‍ය ඇමති
- කිතුල් හකුරු භාර නියෝජ්‍ය ඇමති
- තල් හකුරු භාර නියෝජ්‍ය ඇමති
පොල් සංවර්ධන අමාත්‍යාංශය අනුව යමින්
- කොස් සංවර්ධන
- දෙල් සංවර්ධන
- එලවලු සංවර්ධන
කොස් සංවර්ධන අමාත්‍යාංශය යටතේ
කොස් , වරකා , වැල සහ පොලොස් වෙනුවෙන් නියෝජ්‍ය අමාත්‍ය ධූර 4ක්
දෙල් සංවර්ධන අමාත්‍යාංශය යටතේ
නිකන් දෙල් සහ කැලෑ දෙල් වශයෙන් නියෝජ්‍ය අමාත්‍ය දූර 2ක්
එජාපයෙන් ඉදිරියෙදී පැමිණෙන්නන් සඳහා එලවලු අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය දූර හිස්ව තබා ගත යුතුය
----------------------------------------------------------------------
අධ්‍යාපන සේවා අමාත්‍යාංශය අනුව යමින්
- කෘෂිකාර්මික සේවා
- සෞඛ්‍ය සේවා
- වාරි මාර්ග සේවා
- උසස් අධ්‍යාපන සේවා
- යටිතල පහසුකම් සේවා....
ආදී වශයෙන් සේවා අමාත්‍යංශ පිහිටිවා ගත හැක
---------------------------------------------------------------------
ඊට අමතරව පහත අමාත්‍ය ධූරද යෝජනා කර සිටින්නෙමු
- දියවැඩියා මර්ධන අමාත්‍යංශය
- මහජන නොවන ව්‍යාපාර අමාත්‍යංශය
- ලමා උද්‍යාන සහ ප්‍රේම උද්‍යාන අමාත්‍යාංශය
- ගෘහස්ත ජීවී සංරක්ෂණ අමාත්‍යාංශය
ඔබ සැමට සුභ අනාගතයක් !
ප.ලි- දේශප්‍රේමි ඔබටත් නව අමාත්‍යදූරයන් යෝජනා කර සිටිය හැක
මානෂික රෝගින් කියලා හිත හදා ගන්නවා ඇරෙන්න වෙන මොනවා කියන්නද?
ReplyDeleteකව්ද ඇමතිලද ?
Deleteහැබැයි බුවා සීනි ඇමතිට මෙහෙම දෙයක් කරන්න පුලුවන්. සීනි කර්මාන්තෙ නග්ගනවට වඩා සීනි භාවිතය අඩු කරන එක. දියවැඩියාව ලොකුවට තියෙන ප්‍රස්නයක්.
ReplyDelete(එක අතකට ඒකට මොකටද බං ඇමතියෙක් නේද? ඔය අනික් මගුල් වගේ එකපාරට රුපියල් 100කින් විතර ගණං ඇරියනං ඉවරනේ)
මචං මේ සයිට් එකේ ඔක්කොම තිබ්බත් උඹේ ඊමේල් එක නෑ වගේ. මට මැසේජ් එකක් එවනවද?
සිනි කරුමාන්ත ඇමති ගේ නම මාරු කරන්න වෙයි එහෙම නම් . ඔය පහල මේල් එකට ඊමෙල් කෙරුව හැකි . තව එකක් තිබුනා දැන් වැඩිය බැලෙන්නේ නෑ ඒක
Deleteanver.reply@yahoo.com
චිකේයියා අනේ වනිතා කටයුතු ඇමතිනියකට දුන්නා නම් හරි. මම නම් කැමති පිරිමි කෙනෙකුට දුන්නාම. මොකද ඒක හරි ආතල් බුවා මල්ලි
Deleteසිනහ වෙන බොහෝ දෙනෙකුට සිනහා වෙන්න ඇති තරම් ඇමතිකම් තිබෙනවා. තනිකරම සීනි සඳහා ඇමතිකමක්,
ReplyDeleteඅධ්‍යාපන සේවා ඇමති, (ළමා නිල ඇළුම් බෙදීමට)
පොල් ඇමතිලා, වී ඇමතිලා ඉන්න එකේ ඉහත පොස්ටුවේ යෝජනාව ගැලපෙනවා.
Thanks for the Comment
Deleteලැම්බොගිනි භාර ඇමති
ReplyDeleteනිකම් ගිනි භාර ඇමති
බඩගිනි භාර ඇමති
එල තවත් අමාත්‍ය දූර 3ක් සෙට්
Deleteරටේ ජනගහනයෙන් 50% වැඩි කාන්තාවන් වෙනුවෙන් 'මාසික ඔසප් චක්‍ර සේවා ඇමති' යන තනතුර වහාම ඇති කළ යුතුය.
ReplyDeleteහොඳ යෝජනාවක්
Deleteතොගේ අකුරු ලොකු කරපිය.. කන්නාඩුඑනුත් පේන්නේ නෑ රෑට.. හෙට දාන්නම් කොමෙන්ට් එක...
ReplyDeleteසිරාවට ? මම ලොකුම ෆොන්ට් සයිස් එකක් සිලෙක්ට් කරල තියෙන්නේ , බ්‍රව්සර් එකයි වර්ශන් එකයි කියන්න පුලුවනිද ?
Deleteසුභ අනාගතයක්!!!!!!!!!!!
ReplyDelete:D
Deleteඑහෙම තමා... ලෝක ස්බාවය...
ReplyDeleteමුට්ටි අල්ලපු ගානට ඇමති කම් තියෙනව්. අනිත් පැත්තෙන් එකෙක් පැන්නොත් බලන්නකො. තම ඇමති කමක් අනිව හැදෙනව.
හොඳ උන් හොයන්න නැ.. ඉන්න උන්ගෙන් අඩුවෙන්ම නරක සෙට් එක තෝර ගමු.
@සුබ අනාගතයක් ......!!!! :D
අඩු නරක හොයන එක තමයි ඡන්දෙති අපි කරන්නේ , ඒත් ඇමතිකම් දෙනකොට ඒහෙම බැලිලක්වත් නෑ , විදුලි බල ඉංජිනේරුවගෙන් විදුලි බල අමාත්‍යාංශය ගලවල ලෝයර් කෙනෙක්ට දෙයිද එහෙම හිතනවා නම්
Deleteමම මීට ඉස්සර වෙලාත් කමෙන්ට් එකක් දැම්මා.ඔය සම්බන්දව.මට නම් ලංකාවේ සියළු දේශපාලන පක්ෂ තිත්ත වෙලයි තියෙන්නේ.ඒ නිසා ලංකා දේශපාලනය ගැන කතාකරන්න ඇත්තටම ආස නෑ.
ReplyDeleteගොඩ දෙනෙකුට දැන් එහෙමයි
Deleteඉතින් ඇත්ත ලිස්ට් එකත් ඔයිට වඩා වැඩි වෙනසක් නැහැනේ බුවෝ .
ReplyDeleteකෝ පාන් ඇමති ..පරිප්පු ඇමති .
හිනා වෙලා පන යනවා මෙව්වට නම් ..සික්
විභාග ප්‍රශ්න පත්තර පරිස්සන්කරන්නත් එක්කෙනෙක් දාන්න පුළුවන් නේ
පාන් , පරිප්පු ඇමතිලට තිස්ස . විජිතගේ යෝජනා නිසා මම පොඩ්ඩක් අත්හැරියා
Deleteඑක් තැනකට වැඩි බලයක් ගන්න නම් කළ යුතුම දේ එතුමකර තිබෙනවා. අපිට හිනහ ගියාට එතුමා කර ඇති වැඩෙන් වැඩි වාසි එතුමටමයි. එනම් යම් ආයතනයක් ගෙඩිය පිටින් එක්කෙන්ක්ගෙ පාලනයට යට කලහම එන සියලු ප්‍රශ්න සහ ප්‍රතිලාභ වැටෙන්නේ ඒ පුද්ගලයගේ මල්ලට. දැන් පාලනේ අවුල්, වගකිවයුත්තෝ බොහෝමයි, එතකොට අවසන් තීරණය දෙන්නෙ එතුමා. එතනදි ප්‍රශ්න ඒ ඒ පුද්ගලයන්ට බෙදල දෙන අතරේ ප්‍රතිලාභ එකම මල්ලකට දා ගැනීමේ පහසුව වැඩියි. කොහොමද ටිකිරි මොලේ.
ReplyDeleteමොකක් කිව්වා ජහමනයා....????? ඌට කෙලවෙලාම ගියදෙන්. ඡ්න්දෙකට හිටියම ඇතිනෙ. මන්දිරේට ගෙනල්ල කෑමක් දුන්නම ඒක කර ගන්න ඇහැකිනෙ.
ඒ ටිකිරී මොලේ නම් මල් හතයී(ඒ වගේ වැඩ වලට )
Deleteමමනම් කියන්නෙ රනිල්ට අගමැතිකම දීල යු.එන්.පි.යේ ඉතිරි එව්වො ටික දෙනාටත්,කොස්,දෙල්,කැන්ද,තේක්ක ගස්වලටයි,ඇල,දොළ,ගංගා වලටයි නියෝජ්‍ය ඇමතිල කෙරුවනම් ඉවරයි කියල.අර ලක්ෂ්මන් සෙනවිරත්න කියන මනුෂ්‍යය "දියවැඩියා"ඇමතිකම ගන්න නැමෙන නැමිල්ල කොහොමද?[දියවැඩියා ඇමතිකම කියන වචනය සොරකම් කලේ අපේ මාතලන් සහෝදරයාගෙන් බව කරුණාවෙන් සලකන්න]
ReplyDeleteඔව් ඊට වඩා හොඳ එකක් උට දුන්න නම් මෙසේ උඩ වැටිලාම වඳියි
Deleteපුනර්බවය විස්වාසකරණ පුද්ගලයෙක් හැටියට මටනම් හිතෙන්නේ , අතීතයේ කෘෂිකර්මනතයෙන් දියුණු වට උපකරවූ මීහරක් මහජනතාව ලෙස උප්පත්තිය ලබා ඇති බවයි.
ReplyDeleteතිලින
තව ටිඅක කලක් ගිහින් ඔය අමාත්‍යංශේ දෙකට බෙදනවා.. "සී" ඇමති.. "නී" ඇමති...
ReplyDeleteithaama lol sahagathayi...
Delete+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
buwo akuru loku karapan penne naha...
:D :D
Deleteඇයි බං රට දෙල් භාර නියෝජ්‍ය ඇමති ???
ReplyDeleteඅප්ප අමතක වුනා , එතකොට දෙල්වලින්ම 3යි
Deleteබල්ලෝ ටිකක් පැටවූ ගසා තිබේ.උන් පැටව් ගසන වාරයක් පාසා අපි ඒ ගැන කතා කරන්නට ගියොත් අපතේ යන්නේ අපේ වචනයි.
ReplyDeleteඒක නෙමෙයි බුවා . පහුගිය කාලේ සිද්ද වුනු හැකර් ප්‍රහාර ගැන මොකුත් නොකීවේ ඇයි ?
ඒ වැඩේ ගැන ටච් එකේ හිටියේ නැති නිසා මොකුත් ලියන්න අයිඩියාවක් ආවේම නෑ
Deleteඔය ඔක්කොම ඇමතිලා වැඩ කරන්නේ එකම අමත්‍යන්ශේනේ. ඒ මිනිසුන් ගොනාට ඇන්දවීමේ අමත්යන්ශේ
ReplyDeleteඒක නම් ඇත්ත
Deleteමොකද ගෙට්ටුවට ආවේ නැත්තේ?
ReplyDeleteපෞද්ගලිකව අඳුනගන්න අවශ්‍ය චරිත වගේම අවශ්‍ය නැහැය කියල හිතෙන චරිතත් ඉන්නවා , ඒ නිසා සයිබර් ප්‍රොෆයිලකින් විතරක් තමයි බ්ලොග් කරුවන් සාතිශය බහුතරයක් එක්ක සබඳතාව තියෙන්නේ . මේ විදිහ හොදයි . පෞද්ගලික හිතවත්කම් නැති එක ඕනි කෙනෙක් එක්ක මතවාදිව ගැටෙන්නත් හොඳ අවස්ථාවක්
Deleteමචං ලංකාවට පොඩි අමාරුවක් තියනවා ලෝකයේ ලොකුම දේවල් කරන්න. හැබැයි අපේ උන්ට පුළුවන් ඔය වගේ බොලද ලොකු වැඩ විතරයි. ලංකාවේ ඇමති වරුත් බොළදයි වැඩත් බොළදයි................
ReplyDeleteaniwa
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDelete@අරුණි - ලිපියට අදාල නොවන දීර්ඝ විස්තර පල කරන්නේ ඇයි ? ලිපියට අදාල වන දෙයක් හෝ අවම වශයෙන් අදහස් කෙටි කර දැක්වීමක් සිදු කරන්න . මෙය අනෙකුත් පාඨකයන්ගේ රසාස්වාදයට බලපැමකි . ඔබ මේ කමෙන්ටු වශයෙන් පලකරන්නේ , වෙනත් තැනක පලවූ ලිපියක්ද යන සැකයක් මාතුල ඇත , එය එසේ නොවන්නේ නම් , අදාල කමෙන්ටු සියල්ල මාගේ අන්වර්ට පිලිතුරු බ්ලොග් අඩවියේ ලිපියක් ලෙසින් පලකල හැක
Deleteබුවාගේ සිතුවිලි,
ReplyDeleteඔබගේ අන්වර් මනතුංග මහතාගේ බ්ලොගයට පිළිතුරු වශයෙන් පළ වූ බ්ලෝගයට යොමුකළ යුතු වූ තරමක දිගු ලිපියක් හා අන්වර් මනතුංග මහතා හට යොමු කර වාරණයට ලක් වූ එහෙත් සිංහල බෞද්ධ සමාජය දැනුවත් කළ යුතු ලිපියක් ප්‍රමාද දෝෂයකින් ඊට අදාළ නොවන ස්ථානයකට එවා ඇති බව දැක්කේද දැන්ය. මටද අවශ්‍ය වූයේ එම දිගු ලිපිය අන්වර්ට පිලිතුරු බිලොග් අඩවියේ ලිපියක් ලෙසින් පල කරවා ගැනීමටය. නමුත් එය සිදු කරන ක්‍රමය කාලවේලා අපහසුතාව මත හා රාජකාරි බහුලතාව නිසා කඩිමුඩියේ සොයා ගැනීමට මාහට අපහසු විය. අනික ඔබේ බිලොග් අඩවිය මම දැක්කේද අදමය. නමුත් සිංහල බෞද්ධ මතවාදය අගය කිරීම පිලිබඳව ඔබතුමා ගෙන ඇති මෙහෙවර පිළිබඳව මා බෙහෙවින් කෘතඥ වෙමි. එසේම මගේ මේ ප්‍රතිචාර සියල්ලම එකතුකොට ලිපියක් ලෙස අන්වර්ට පිලිතුරු බිලොග් අඩවියේ පලකරන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ස්තූතියි
- @අරුණි මුතුමාලි -
කාර්යභාරයක් නොමැති ඇමති මේපාර නෑ වගේ. (ඒ නම නැති උනාට හැමෝම එහෙම තමා)
ReplyDeleteවෙලාව තියේ නම් අපේ පැත්තටත් ඇවිත් යන්න මමත් මේ ගැනම ලීවා,
http://meeghaya.wordpress.com/2013/02/03/%e0%b6%9a%e0%b7%90%e0%b6%b6%e0%b7%92%e0%b6%b1%e0%b6%a7%e0%b7%8a-%e0%b6%b8%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b6%bd%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%ba%e0%b6%b1%e0%b7%94-what-could-be-a-cabinet