Skip to main content

අන්වර් මනතුංගගේ ප්‍රතිචාර වාරණයට පිලියමක් - පිලිතුරු දැක්වීමට වෙන්වූ බ්ලොග් අඩවියක් !


කලින් ලිපිය පටන් ගනිත්දි සටහන් කලේ දිගින් දිගටම ලියන්න අකමැති බවක් වුනත් නැවතත් ඒ ගැනම ලියන්න සිදුවෙලා තියනවා . නමුත් මේ බුවාගේ සීතුවිලි බ්ලොග් අඩවිය අන්වර් මනතුංග ගැන හෝ ඉස්ලාම් අන්තවාදය ගැන දරන අවසන් ලිපිය බවට නම් සැකයක් නෑ . මොකද මේ ලිපියේ පරමාර්ථය වෙන්නේ ඒ සඳහා යෙදුනු  අලුත්  වැඩපිලිවෙල පාඨකයාට හඳුන්වාදීම  නිසා .

 අන්වර් මනතුංග "සිංහල බෞද්ධ ආචාර්ය " වරයෙක්  යොදාගෙන සිංහල කාන්තාවන් ඉස්ලාම් කරණය කිරීමට ගත් උත්සාහයේදී , අදාල ආචාර්ය වරයාගේ සැබැ ස්වරූපය හෙලි කිරීම වෙනුවෙන් ලියවුනු ලිපියට අදහස් දක්වපු පාඨකයින් අතරින් මතුවුනු එක් අදහසක් වුනේ අදහස් වාරණය කරනා අන්වර් මනතුංගගේ බ්ලොග් අඩවිය තුල තර්ක කිරීමෙන් පලක් නොමැතිය කියන එක .

අන්වර් මනතුංග තමන්ට එරෙහිව එන කිස්දු ප්‍රතිචාරයක් පල නොකරන බව  දැන සිටියත් ඔහුගේම වචන වලට අනුව " මට විශේෂ අවසරයක්" ලබා දීමත් , අන්වර් පතුරවන ආගමික අන්තවාදය  බලාගෙන නිහඬවම සිටීමේ හැකියාවක් නැති  විමත් නිසා මේ දක්වාත් ඔහුගේ බොහෝ ලිපි වලට ප්‍රතිචාර දක්වන්නත් , අන්වර් ඇතුලු මුස්ලිම්  කෙමෙන්ට් කරුවන් රාශියක් සමඟ  තනිවම සංවාදයේ යෙදෙන්නත් කටයුතු කලා . කාලය කා දමන කටයුත්තක් වුනත් , අන්වර් මගේ කමෙන්ට් වාරනය නොකිරීමෙන් ලැබුනු වාසිය  මත කොහොමින් හරි කමෙන්ට් පලකලේ   මුස්ලිමුන් පිරිසක් එක්ව "තනියෙන් ගත්ත ආතල් එකට "  එරෙහිව යමක් එහි ලියන්න අන්වර් සමාන්‍යයෙන්  අවස්ථාව ලබා නොදුන් නිසා 


කොහොම වුනත් ඒ කතන්දරය තව දුරටත් කරගෙන යාම දුෂ්කර වුනේ අන්වර්  ඔහුගේ ආචාර්ය වරයාගේ මට එරෙහි කමෙන්ටුවක් සංවාදයක් අතර මැදින්  අරන් ගිහින් පෝස්ට් එකක් විදිහට පල කිරීමත් එක්ක . එක පැත්තකින් සංවාදයක් කරගෙන යන්නත් , අලුත් පෝස්ට් එකක් දැම්මාම එකම මාතෘකාව ගැන  එකම සෙට් එකක් එක්ක නැවත නැවතත් සංවාද කරන්නත් යාම කාලය කා දැමීමක් පමණක්ම වන නිසා . අදාල ආචාර්ය වරයා එක්ක සංවාදයෙන් පසු අන්වර් මනතුංග බ්ලොග් අඩවියේ කමෙන්ට් පල නොකරන්න තීරණයකට ආවා 

නමුත් ඒ තීරණය වඩාත් ඉක්මනින් ක්‍රියාත්මක කරන්න සිදුවෙන්නේ අන්වර්  මගේ කමෙන්ටුවක් පලමු වතාවට වාරණය කිරීමත් එක්ක . අන්වර් මනතුංග ට අවශ්‍ය විදිහට කපන්න කොටන්න අවකාශය තියන තැනින් එලියට ඇවිත් ඔහුගේ මතවාදයන්ට   විරෝධය පල කිරීමේ ක්‍රමවේදයක් විදිහට කලින් ලිපියේදි පාඨකයෙක් යොජනා කලෙ මේ බ්ලොග් අඩවියෙන් පිලිතුරු සැපයීම . නමුත් දිගින් දිගටම මේ දේවල් සටහන් කිරීම  මගේ සාමාන්‍ය පාඨකයින්ට හිසරදයක් විය හැකි නිසාත් , අන්වර් මනතුංගගේ වාරණයට ලක්වෙන එහෙත් මුස්ලිම් අන්තවාදයට පිලිතුරු සැපයීමේ අවශ්‍යතාවය තියන අයට අවකාශයක් සලසන්න පුලුවන් නිසාත් ඒ වෙනුවෙන් වෙනමම බ්ලොහ්  අඩවියක් ආරම්භ කරන්න තීරණය කලා 


http://anveranswers.blogspot.com/


අන්වර් මනතුංගට පිලිතුරු නම් වු මේ බ්ලොග් අඩවිය , අන්වර් මනතුංගගේ ලිපි වලට පිලිතුරු දිය යුතුයි කියල සිතෙන අවස්ථාවලදී පිලිතුරු දීමට යොදාගන්නයි බලාපොරොත්තුව . ඒ වගේම anver.reply@yahoo.com කියන ඊමෙල් ලිපිනය ඔස්සේ අන්වර් ගේ බ්ලොගය තුලා වාරණයට ලක්වුන , විය හැකි ඔනිම ප්‍රතිචාරයක් ලිපියක් ආකාරයෙන් පලකරනවා ගන්න හැකියාව තියෙයි . ඒ වගේම  කමෙන්ටු හරහා ඕනිම අදහසක් දක්වන්නත් සුපුරුදු පරිදිම අවස්ථාව තියෙයි . අන්වර් තමන්ට එරෙහි මතවාදයන් සඟවන්න කටයුතු කලත් මේ පිලිතුරු බ්ලොග් අඩවිය මුස්ලිම් වරුන් ඇතුලු ඕනිම කෙනෙක්ගේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීම උදෙසා එකසේ විවර බව  අවධාරණය කරන්න කැමතියි 

 අන්වර්ට දෙන්න තියන උත්තර ඉහත ඊමෙල් ලිපිනය ඔස්සේ එවන ලෙසත් , අන්වර්ලාගේ ඉස්ලාම් අන්තවාදී වාදී මතයන්ට විරෝධය පලකරන්න කැමති සියලු දෙනා අතර මේ පිලිතුරු බ්ලොග් අඩවිය ප්‍රචලිත කර්න්න දායක වෙන ලෙසත්  මම බොහොම ගෞරවයෙන් ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.


මේ පිලිතුරු බ්ලොග් අඩවිය මුස්ලිමුන්ට එරෙහිව සිංහල බෞද්ධ ව්‍යායාමයක් නොවන බවත් , ඉස්ලාම් අන්තවාදයට සහ අන්වර් මනතුංග නැමැත්තාගේ වාරණයට එරෙහි මුස්ලිම් නොවන සියලුම  දෙනා වෙනුවෙන් වගේම , තමන්ගේ මතය වෙනුවෙන් සංවාද කරන්න කැමති මුස්ලිම් සහෝදරයින් වෙනුවෙනුත්  එකසේ විවර අවකාශයක් බව නැවතත් අවධාරණය කර සිටිනවා 

ඉස්ලාම් අන්තවාදය ගැන ලිපි පිලිතුරු බ්ලොගයට බාර කරල  ඊලඟ ලිපියේ ඉඳන් ආශ්චර්ය  දීපයේ පොලිටික්ස් ඇතුලු සුපුරුදු ලිපි වලින් ඔබ හමුවට එන්නයි බලාපොරොත්තුව සුභ දවසක් !







ලිපි එවන ඔබේ ඊමෙල් ලිපිනයන්ගේ අනෙන්‍යතාව 100%ක් සුරකින්න මම බැඳිලා ඉන්නවා . ඔබට ලිපිය පලකරන්න අවශ්ය අන්වර්ථ නාමය(එවැන්නක් අවශ්ය නම් ) ලිපිය සමඟින් එවන්න පුලුවන් . ඊමෙල් ලිපිනය කුමන ආකාරයකින් හෝ නිරාවරනය වීම ප්‍රශ්නයක් නම් කලින් ලිපියක ඇනෝනිමස් කමෙන්ටුවක් හරහා අදාල පිලිතුර පලකරලා එය ලිපියක් ලෙස පලකරන ලෙස ඉල්ලා සිටීමත් ප්‍රමාණවත් !






Comments

  1. http://cdn.memegenerator.net/instances/400x/27580333.jpg

    ReplyDelete
    Replies
    1. ස්තුතියි උපදේශයට . ඒත් මගේ බ්ලොග් කරණයේ මුල ඉඳන්ම පැර ඔලිම්පික් දුවපු එකයි කරල තියෙන්නේ , දැන් ඒක පුරුද්දකට ගිහින් !

      Delete
    2. කවදාවත් අන්වර් මනතුංග උත්තර නොදි මගහරින කාරනයක් තියනවා .එය නම් -
      ඉස්ලාම් ආගම හැරයන්නන්ට දඞුවම් ලබාදීම යුක්තිසහාගතයි ද ?. මෙම මාතෘකාව යටතේ ඉදිරියේ දි සංවාදයක් ඇති කරමු.

      Delete
  2. කුමක් හෝ ලියා ප්‍රසිද්ධ කරාට පස්සෙ එහි කොටස් පමණක් සැලකිල්ලට ගැනීම, එයින් නොකියැවෙන වැරදි අදහසක් කියා පෑම අද ඊයේ, ලංකාවේ, සිංහලෙන්, විතරක් වෙන ගුණ්ඩු නෙමෙයි.

    බුදු දහමත් විකෘති කරල ලියන්න පුලුවන් අය බුවා ලියපුවා වෙනස් කරා කියල මොකෝ අමුතු අපායක යාවි ද?!!!!!!!

    ඒවාට රැවටෙන්නේ ද ඒවා කරන අයමයි. ඔවුන් තමන් ද රැවටී ඇසුරු කරන එකිනෙකාව ද රවටා ගනිමින් සිටිය දී ඇයි නිකං තමන්ගෙ කාලය නාස්ති කරගන්නෙ.

    බූවා ලියන ආශ්චර්ය දීපයේ පොලිටික්ස් කියවන්න බලාගෙන ඉන්නම්!!!!!!

    ReplyDelete
    Replies
    1. පිටරටකට යන එක හෝ ගිහින් පදිංචි වෙන එක වැරද්දක් නෙවෙයි. හැබැයි පිටරට ගිහින් පදිංචි වන එක්තරා කොටසකගේ හිතේ තමන්ගේ මව් රට ගැන හීන මානයක් ඇති වෙනවා. එහෙම වැඩිපුරම හීන මානයක් ඇතිවෙන්නේ තමන්ගේ මහන්සියෙන් හැකියාවෙන් නැතුව පොට්ට චාන්ස් එකකින් රට ගිහින් පදිංචි වෙන්න ලැබෙන පිරිසට. ඉතින් මේ හීන මානය නැති කර ගන්න ඔවුන් කරන්නෙ හැකිතාක් තමන්ගේ මව් රටට පලු යන්න බනින එක. ස්ටාලින් නිසාම උපාධියක් ගන්න පුළුවන් වෙලා, ඇමෙරිකාවට යන්න වරම් ලබපු අයින් රෑන්ඩ් එහෙම තමන්ගෙ මව් රටට පලු යන්න බැනපු කාන්තාවක්.

      මේ ටික ලියන්න වුණේ ඉහත කමෙන්ට් එකේ 'ආශ්චර්යයේ දීපය' කියන වචනය දැකලා. ඔය කියන දේවල් වෙන්නේ ආශ්චර්යයේ දීපයේ පමණක් නෙවෙයි. නමුත් ඇස් බැඳගෙන, රෙදි පටියේ පුංචි හිලකින් ලෝකය දිහා බලන අයට පේන්නේ ආශ්චර්යයේ දීපය පමණයි. ඉතින් දාගෙන බනිනවා. ඕවා අගය කරන පිරිසකුත් ඉන්නවා. ඒකයි පුදුමේ.

      Delete
    2. අරුණි - බොහොම ස්තුතියි අදහසට

      ඇනෝ - කෙනෙක් විදේස් රටක හිටියත් තමන්ගේ රට ගැන කථා කරන්නේ සුවිශේෂ වු බැඳීමක් ඒ ගැන තියන නිසා . බොහෝ තැන්වල සිදුවෙන දෙයක් වුනත් තමන්ගේ රටේ සිදුවෙන කොට කථා කරන්නෙ ඒ නිසා . ආශ්චර්ය ද්වීපය කියන යෙදුම භාවිතා කලේ මම . අරුණි කරන්නේ ඒක උපුටා ගැනීම පමණයි !

      Delete
  3. කමෙන්ට් වාරණය කරන එකෙන්ම "අන්තවාදියෙක්" කියන එක පැහැදිලි වෙනවනේ...

    හොඳ වැඩක්.

    ReplyDelete
  4. මගේ අත්දැකීම නම් තමන්ට සහ තමන් දරණ මතයට විරුද්ධ තැබෙන ප්‍රතිචාර වාරණයකින් තෙරව පළකරන්නට තරම් ශක්තියක් තියෙන්නේ බ්ලොග් ලියන්නන් කීප දෙනෙකුට බවයි.

    අරුණි ෂපීරෝ යුදෙව්වන් ගැන ලියූ ලිපියකට මම මගේ මාමා කෙනෙකුගේ යුදෙව්වන් ගැණ දැක්වූ සුභවාදී ආකල්පය ගැන සඳහන් කළ කමෙන්ටුවක් ඇය වාරණය කළා.

    එවිට මට ඒ ගැන වෙනම ලිපියක් ලියන්න වුණා.

    http://kathandara.blogspot.com/2012/08/to-aruni-shapiro-with-love.html

    ඒ ලිපියට ලින්ක් එකක් ෂපීරෝ බ්ලොයේ දැමීමත් ඇය ප්‍රතික්‍ෂේප කළා.

    කමෙන්ටු වාරණය ගැන මගේ අදහස මෙන්න.

    http://kathandara.blogspot.com.au/2013/01/i-hate-censorship.html

    ටැබූ පවා කමෙන්ටු වාරණය කළ බවට අන් අය චෝදනා කර තිබුණා මට මතකයි.

    ළඟදී සමනල විප්ලවය ලියන ලේඛකයාත් කමෙන්ටුවක් කපා ඇති බව ද කොහෙද චෝදනා කර තිබුණා. හැබැයි මා එය දැන ගත්තේත් එතන පළවූ දෙවන කමෙන්ටුවකින්.

    http://samanalaviplavaya.wordpress.com/2012/12/26/altend2/

    .

    ReplyDelete
    Replies
    1. කතන්දර - ඔබ කමෙන්ටු වාරණය පිලිබඳ දක්වන අදහසට එකඟ බව මම නැවතත් සඳහන් කරන්න අවශ්‍යයි . නමුත් කිසිම අදාලවත්වයක් නැති තුන්වන පාර්ශවයන් සැහෙන්න අපහසුතාවන්ට ලක්වෙලා තිබුනා සමහර ප්‍රතිචාර කරුවන් නිසා . ඒ වගේ වෙලාවකට යම් කිසි මැදිහත් වීමක් කරන්න පුලුවන් නම් හොඳයි කියල මට හිතෙනවා

      Delete
    2. තුන්වන ප්‍රාර්ශවයක් කිසිම අපහඩුතාවයකට පත් නොකර, කකාගේ ඔය ලිපියටම අදාලව දමන ලද කමෙන්ට් දින කිහිපයකට පසු තවමත් පළ නොවීමෙන්ම කකාගේ බොරුවෙ තරම මැනවින් පැහැදිලි වේ.

      කකා ගේ දැන ගැනීම පිණිස - මම විජය ඇතුළු කලාකරුවන්ගේ අතීතය ගැන කමෙන්ට් කළ ඇනෝ..

      Delete
  5. මොන ප්‍රතිචාරයක් කොහොම දැම්මත් බ්ලොග් ලියන අයවත් කියවන අයවත් තමතමන්ගේ ආගම්වල වැරදි පිලිගන්නේ නැහැ. ඒනිසා බුවා කරන්න හදන්නේ තේරුමක් නැති වැඩක්...

    ReplyDelete
    Replies
    1. නැහැ මේ අදහස් වෙනස් කරන්න යොදන උත්සාහයක් නෙවෙයි ,ඔවුන් විසින් නිරන්තරයෙක් ඒක පාර්ශවීයව අන්තර්ජාලයට එක් කරන අදහස් වලට ප්‍රවිරුද්ධ මතවාදයක් සටහන් කරල තැබීමක් පමණයි

      Delete
  6. සියලු ගැහැට මැද බුවා ගේ මේ උත්සාහයට මගේ සාහාය. අන්තවාදයට පිළිතුරු දීමත් අනතවාදයක්ම වෙනවා වගේ තමා පේන්නේ. ඒත් එය නොකර බෑ.බුවා මමත් ඔබ සමගයි මෙතැනදී.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි . මේක එක් ආගමකට එරෙහි තවත් ආගමක් විදිහට නැතුව , අන්තවාදී ආගමික මතවාදයට එරෙහිව අනෙක් සියලුම ආගමිකයින්ගේ මතයක් විදිහට ගෙනියන්න මගේ උත්සාහය

      Delete
  7. බුවෝ "මාගේ ව්‍යයාමයද පට්ට අන්තවාදී හම්බයා ගෙන් ලංකාව බේරා ගැනීමය,ගමු බ්ලොග යමු සටනට"

    ඝනකම් අඳුර | The Thick Dark: අපි ජාතිවාදී විය යුතුද ? (මානවකට පිළිතුරු )

    ඔන්න තියනවා සමබර ලිපියක් හැබැයි නියමෙට ලියපු.මුල් ලේකකයාගේ නම විතරක් ඇතුල් කරලා දාන්න.

    ReplyDelete
    Replies
    1. ඔබේ සහ මගේ මූලික අරමුණු වල වෙනසක් තියෙන්න පුලුවන් , නමුත් එක්තරා තැනකදි අදහස් සමපාත වෙනබව පෙන්න තියනවා . කැමති නම් මේ වැඩේට ලේඛකයෙක් විදිහට එකතු වෙන්නේ ඊමෙලයක් දාන්න .


      වෙනත් කෙනෙකුගේ ලිපියක් ඔහුගේ අවසරයකින් තොරව උපුටා පලකිරීම හොඳ මදි නේ ?

      Delete
    2. ඇත්තම කියනවා නම් ඔය ලිපිය ලියවුනේ මාගේ ලිපියකට පිළිතුරක් විදියට..ඔය ලිපියේ අයිතිය සම්පුර්ණයෙන්ම මම සතුයි . "මුල් ලේකකයාගේ නම විතරක් ඇතුල් කරලා දාන්න." කිව්වේ මුල් ලේඛකයාට කරන ගරු කිරීමක් විදියට.

      මම ඉස්සරහට අන්වර් මනතුංග ගේ ප්‍රශ්න වලට උත්තර දෙනවා.හැබැයි බුවෝ උපහාසය නම් තියේවි.දැනට සාම්පල් එකක් විදියට පහල පින්තුර දානවා

      https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-prn1/534265_10200237738046161_1078337838_n.jpg

      https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-ash4/321259_10200241725865854_827078894_n.jpg

      Delete
    3. එහෙමද එහෙම නම් දාමු ! . ඔබට කැමති දෙයක් කැමති විදිහට දාන්න පුලුවන් . ඔබේ රචනය ගැන තීරකය ඔබම පමණයි !

      Delete
  8. බුවා මිත්‍යා දෘෂ්ටිවාද වල පැටලිලා ඉන්න මේ වගේ අයට අපි ඒ අය ඉන්න දෘෂ්ටිවාදයෙන් එළියෙන් ඉඳන් මොන විදියට තේරුම් කරන්න හැදුවත් නුඹලා ඉන්නේ මායාවක නුඹලා වැරදියි කියල උන් පිළිගන්නේ නැහැ. මිනිස්සු දෘෂ්ටිවාද වැළඳගන්නේ හේතුව(REASON)නිසා නොවෙයි ඒ අයට තාර්කිකව තේරුම් ගත නොහැකි අහේතුක දේවල් නිසා. උඹ මේ අයට දෙයක් විද්‍යාත්මකව පෙන්නුවොත් උන් ඊළඟට කියන්නේ විද්‍යාව බොරුයි කියල.
    වචන වලින් කියල කතා කරලා තේරුම් කරලා දීල සත්‍යය පහදලා දෘෂ්ටිවාද වල එල්ලිලා ඉන්න අයගේ ඔලු මනස හදන්න, වෙනස් කරන්න බැහැ. හබැයි මුන් මුන්ගේ දෘෂ්ටිවාද තමන්ගේ මට්ටම් තම්මැට්ටම් කියල තමන්ට තියාගෙන ඉන්නේ නැතිව ඊට එළියෙන් ඉන්න අපේ ඇඟේ ගහන්න එනවනම් මුන්ට විරුද්ධව ලිපි ලියල සංවාද කරලා වැඩක් නෑ.අහේතුවට මුන් කියන දේවල් වලට මුන්ගේ මනසට නොවෙයි ශරීරයට කතා කල යුතුයි. හිස වෙනුවට කඳට කතා කරන ක්‍රම දෙකක් තියනවා.
    එකක් තමයි ජෝර්ජ් බුෂ් ක්‍රමය කුඩු සංසාර වෙන්න ගහල දාන එක. දෙක තමයි ධනවාදය. ධනවාදය කතා කරන්නෙත් මනසට නොවෙයි ශරීරයට.ධනවාදී විදියට ඇත්තටම මේ වහේ තම්බි මත පරාජය කරන්න ඕන නම් මම කියන්නේ අපේ කෙල්ලෝ දාන්න බෞධ්දයන් අකමැතිනම් රුසියාවෙන් තයිලන්තෙන් හරි ගෑනු ගෙනල්ල තම්බි ඉන්න පළාත් වල හන්දියෙන් හන්දියට ස්ට්‍රිප් ක්ලබ් කැසිනෝ කරෝකේ බාර් දැමිය යුතුයි.
    තම්බි පරාජය කරන්න නම් අපිත් ඊට වඩා තම්බි වගේ මුල්ලා මත වල එල්ලිලා ඉඳල බෑ අපි මුලින් වෙනස් විය යුතුයි. බුදුන් වහන්සේ පැහැදිලිවම කියල තියනවා රුපය වලත්තකම නිරුවත තියෙන්නේ ගැහැනියගේ රුපය තුල නොවෙයි බලන කෙනාගේ ඔලුව මනස තුල කියල.
    ඉතින් බෞද්ධයන් වූ අප තම්බි වගේ ගැහැණුන්ගේ නිරුවතට බිය විය යුතු නැහැ.සිංහල බෞධ්දයන් වූ අපි අපේ ගැහැනුන් රෙදි වලින් වැසිය යුතු නැහැ බෞද්ධයන් වන අපි ඕනෑම නිරුවත් ගැහැනියක් ඉදිරිපිට මෝල් කෙලින් නොකරගෙන සිටීමට හැකි දියුණු මනසක් ඔලුවක් ඇති අය බවට පත්වීම තමයි අපි හම්බයින්ට දිය යුතු පිළිතුර.

    ReplyDelete
    Replies
    1. ජෝජ් බුෂ්ගේ ක්‍රමය නම් ලංකාවට අවශ්ය වෙන එකක් නෑ . දෙවෙනි යෝජනාවට මම කැමතියි . ඒත් ලංකාවේ ඔය දේ කීයටවත් කරන්න ලැබෙන්නේ නෑ . ඔහොම දේකදි අන්වර් මනතුංගත් , බොදු බල සේනාවත් එක පෙලටයි හිට ගන්නේ . මේ අන්වර්ලාගේ ඔලුව වෙනස් කරන්න හදන උත්සාහයක් නෙවෙයි . ඔවුන්ගේ ඒක පාර්ශවීය මතවාදයට එරෙහිව යමක් සටහන් කරල තැබීමක් පමණයි . බලාගෙන ඉන්නම බැරි කමට කරන දෙයක් කියන්නත් පුලුවන් !

      Delete
    2. @ උදිත,

      //ධනවාදය කතා කරන්නෙත් මනසට නොවෙයි ශරීරයට// වැරදියි. ධනවාදය ක්‍රියාත්මක වෙන්නේ බුද්ධියට තැනක් දෙන මනස නිසා. පැවතෙන්නේ බුද්ධියට තැනක් දෙන මනස නිසා. ඒ නිසාම එය කතා කරන්නේ ද බුද්ධිය තියෙන මනසටයි.

      උදිත මල්ලි ඔයා එය වටහා ගන්නා තෙක් ඔයාගෙ පිටුවේ අයින් රෑන්ඩ්ගේ පාඨය අයින් කරලා බුෂ්ගෙ පින්තූරයක් දාගත්ත නම් වඩා සුදුසුයි. :D

      Delete
    3. ඔව් බූවෝ ජෝර්ජ් බුෂ්ගේ ක්‍රමය නම් ලංකාවට තියා කිසිම රටකට ගැලපෙන්නේ නැත. මෙහෙටත් ගැලපුනේ නැත.

      ලෝකයේ අනේක වතාවන් ඔප්පු කර ඇති පරිදි දුෂ්ටයන් ජයගන්නා ක්‍රමයක් ඇත. ඒ ඔවුන් හා ඇසුරෙන් නෙමෙයි. ඒ ඔවුන් හා සංවාදයෙන් නෙමෙයි. ඒ ඔවුන් හා තර්කයෙන් නෙමෙයි. දුෂ්ටයන් ජයගන්නා එකම ක්‍රමය සුදනන් ඇසුරටයි. සුදනන් හා සංවාදයයි. සුදනන් හා තර්කයයි. :D

      Delete
    4. @අරුණි
      මම කියන්න උත්සාහ කලේ අදහන ආගම්, දෘෂ්ටිවාද මනසට සම්බන්ධ වන ස්ථානය තාර්කික බුද්ධියට නොවෙයි මනසේ ඇති වචනයෙන් කිව නොහැකි තවමත් අර්ථවත් කර ගත නොහැකි හිස් බවටයි සම්බන්ධ කියන එක. මේ හිස්බව පුරවගන්න තමයි මිනිස්සු දෘෂ්ටිවාද වල එල්ලෙන්නේ ධනවාදයත් මිනිස්සුන්ට සම්බන්ධ වෙන්නේ මේ තැනින් කියල හරි ධනවාදය ක්‍රියාත්මක වෙන්නේ අහේතුව නිසා කියල මම කිව්වේ නැහැ. මම කිව්වේ බුෂ්ගේ බෝම්බ හා සමාන බලයකින් මේ වගේ අහේතුව නිසා හටගත් දෘෂ්ටිවාද කුඩු කරන්නද ධනවාදයට පුළුවන් කියන එක විතරයි. ධනවාදය ඒ කාලේ බටහිර වැඩවසම් දෘෂ්ටිවාද කුඩුකරලා දැම්ම මේ විදියට. ඒ වගේම මම බුෂ්ගේ ක්‍රමය හරියි කිව්වෙත් නැහැ.
      ධනවාදයේ තියෙන්නේ බුද්ධියට තැනක් දෙන මනස පමණක් කීම වැරදියි ධනවාදයේ ශරීර දේශපාලනය නැත්තේම නැහැ නොවෙයි උදාහරණයකට වෙළඳ ප්‍රචාරණයේදී ධනවාදය ආගම් වගේම මිනිස්සු දෘෂ්ටිවාද වලට පටලනවා. සමහරු ඇපල් ෆෝන් එකට මැරෙන්න කැමතියි සම්සුන් ගැලැක්සි එකට වඩා ආගමික විදියට.මනස බුද්ධිය තියේනම් ධනවාදයේත් තියන නරක හොටු හලල ඉවත් කරලා තෝරා බේරා ගත් යුතුයි. ධනවාදය පවා පරිපූර්ණත්වයට පත්වූ සර්ව සම්පුර්ණ දෙයක් විදියට සැලකිය යුතු නැහැ.

      Delete
    5. @ උදිත,

      ඔයා තාමත් ධනවාදය සහ ධනවාදය නමින් පෙනී සිටින 'අණ්ඩපාලවාදය' අතර වෙනස දකින්නේ නැහැ.

      මිනිස්සු බඩගිනි නිසා විතරක් නෙමෙයි කන්නෙ. 'ආගමික' විදියට ඇපල් ෆෝන් එකට මැරෙන්න හදන්නෙත් ඒ මිනිස් ස්වභාවය නිසාමයි. ඒත් එය ධනවාදය නිසා ඇතිවූවක් නෙමෙයි. කිසිම වාදයකට පෙර සිට තියෙන මිනිස් ස්වභාවයක්.

      බුද්ධිය පාවිච්චියට මනස ගන්න නිසා කුසගිනි නිවන්න පමණක් ආහාර බුදින්න මිනිස් ස්වභාවය වෙනස් කරගන්න හැකියාව තිබි පමණින් එසේ කරන අය වැඩිපුර නැත්තෙ යම් සමාජ ක්‍රමයක් නිසා නෙමෙයි. කුසගින්න නිවන්න පමණක් කනවාට වඩා සතුටක් මිනිසාට එතැනින් එහාට තවත් දුරට ආහාර බුදින විට ලැබෙන නිසා. එය ලොව ධනවාදය තිබුණත් වෙන කුමන වාදයක් තිබුණත් වෙනස් වෙන්නෙ නැහැ.

      මිනිසාව කුසගින්නේ තැබුවා කියල එහෙම ලැබෙන තෘප්තිය වෙනස් කරන්නත් බැහැ!!!!!! (දැක්කනෙ බ්ලුම්බර්ග්ගෙ සෝඩා පාලනයට විරුද්ධව strange bedfellows එකතු වෙලා සටන් වදින හැටි.)

      Delete
  9. බුවා උබේ තීරණේ හරි අන්තවාදයක් වෙනුවෙන් බ්ලොග් එක නාස්ති නොකර එකට වෙනම පාරක් කැපීම හෙන සාර්ථකයි......අරකට වෙනම කතිකාවතක් තැනීම තනතැනීම තුල ඒක ගැන ගැබුරට විශ්ලේෂණය කරන්නත් පුළුවන්.

    ReplyDelete
  10. ඔය අරුණි සපිරෝ මොකිද කියන ඒකිගේ මාතෘකා දැක්කම පේනවා ඒකිගේ ලියවිල්ලේ තරම, මන්නම් කවදාවත් ඔය අටමගුල කියවලත්නෑ කියවන්නෙත්නෑ, එහෙම උන කියල ඒකිට පාඩුත් නැ,
    ඔකිගේ නම බලුවමම පේනවනේ ජාතකේ කොහොමද කියල සිංහල අපේ රටේ සිහල නමක් නෑ කියන්නේ ඕකුන් කවලම් එවුන් කියන එකයි,
    එහෙම උන්ගෙන් අපේ රටට ගෞරවයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද?
    රටේ දේශපාලනය එකක් රට දැය සමය තව එකක් කියන එක තේරුම් ගන්න බැරී තරමට බඩගැත්තර උන් හිතෙන ඉන්නේ උන්ගේ හමත් සුදුයි කියල, සුදු හැමට *ක දීගෙන තමන්ගේ රටට අකුල්හෙලන කාලකන්නි මුන් මෙහෙම කරනකොට හම්බයෝ කොහොම නොකරයිද?
    ``අමිල``

    ReplyDelete
    Replies
    1. අමිල - ඔබ අරුණි ශපිරෝගේ පෞද්ගලික විස්තර නොදැන කරල තියන නිගමන වැරදියි , ඒ වගේම කාන්තාවකට නිසි ගෞරවය දීල කථා කරන්න පුරුදු වුනා නම් හොඳයි . මොකද හම්බයො කාන්තාවන්ට සලකන හැටි ගැන කථා කරන්න අපි ඒකට සුදුසු ස්ථානයක ඉන්න අවශ්‍යයි . ආශ්චර්ය ද්වීපය කියන නම භාවිතා කලේ මම . රටට ආදරය කීරීමට විවේචනයත් අදාලයි . අරුණි රටට අදරය නොකරනවා නම් ශ්‍රි ලංකාව ගැන කථා කීරීමේ කිසිදු අවශ්‍යතාවයක් ඇයට නෑ . මොකද ලංකාවේ සිදුවන කිසිම දේකින් ඇයට පෞද්ගලික බලපෑමක් සිද්ධ වෙන්නෙත් නෑ

      Delete
  11. එළ එළ බුවා.මනතුංගගේ බොගේ කොමෙන්ට් එකක් දාලා ආරාධනා කළානං හරි.

    කට්ටිය කොමෙන්ට් කරලා තිබ්බා මේකෙං කාගෙවත් මතයක් වෙනස් වෙන්නෑ කියලා.ඇත්ත ඒත් කවුරු හරි මට බූරුවෙක් කියලා කිව්වොත් උගේ මතය වෙනස් කරන්ඩ නොවුනත් මගේ විරෝධය ඒ වෙනුවෙන් පල කරන්ඩ මම කටයුතු කරනවා. බුවාගේ උත්සාහය මම දකින්නේ ඒ වගේ වැඩක් විදිහට.ඔවුන් ඔවුන්ගේ ආගම ගැන ඕනේ දෙයක් කියාගත්තට කමක් නෑ.ඒත් අනිත් ආගම්වලට අපහාස කරන එක වැරදී.ඒ ආගම්වම හරි වැරැද්ද ගැන තර්ක කළාට කමක් නෑ.ඒත් ඒ සඳහා ප්‍රතිවාදියාටත් අවස්ථාවක් දෙන්ඩ ඕනේ.

    ReplyDelete
  12. පරණ ඒවා කියවලා එන්නම්..මට නො අයිඩියා

    ReplyDelete
  13. මාව මතක ඇති කියලා හිතනවා. මෙවැනි අඩවියක් ආරම්භ කිරීම ඔබගේ අයිතියක් නිසා මට මුකුත් කියන්න බැහැ. නමුත් අන්වර්ගේ අඩවියේ සංවාද කරද්දි ඔබ ලබපු අත්දැකීම මෙතන සඳහන් කරන්න අමතක කරන්න එපා. ඇතැම්විට පුද්ගලයෙක් හෝ දෙදෙනෙකුගේ වැරදි හෝ මතභේදකාරී ක්‍රියාකලාපයන් නිසා සමස්ත සමාජයටම දොස් අහන්න වෙනවා. ඒක මෙතන පාඨක ප්‍රතිචාර වලින් පේන්න තිබ්බා. නමුත් මා විශ්වාස කරනවා ඔබට ඒ පරිසරය තුලත් යහපත් සංවාදයක් ගොඩනගන්න අවස්තාව උදා කරපු පිරිසක් හිටියා කියලා. මං කතා කරන්නේ එගොල්ලන් වෙනුවෙන්.

    ReplyDelete
    Replies
    1. ඔබ එක්කත් සාර්ථක සංවාදයන්ට එලඹුන අනෙකුත් මුස්ලිම් සහෝදරයින් එක්කත් මට කිසිම ගැටලුවක් නෑ . ඔබලා එක්ක මොන සංවාදය කලත් , බ්ලොග් අඩවියේ හිමිකරුගේ හැසිරීම අනුව තමයි අදාල බ්ලොග් අඩවිය ගැන කථා කරන්න වෙන්නේ . අන්වර් ගේ අත්තනෝමතික හැසිරීමට අවනත වෙන්න අවශ්‍යතාවයක් මට නැහැ , ඔහුට පිලිතුරු දීමේ විකල්පයන් මා සතුව තියෙත්දි . මේ ඒ විකල්පය මගේ සාමන්‍ය බ්ලොග් කරණයෙන් වෙන් කරන්න ගත්ත උත්සාහයක් පමණයි . තර්කානුකුලව යහපත් සංවාදයක් ගොඩ නැඟීම වෙනුවෙන් කැපවුනු ඔඅබට බොහොම ස්තුතියි , කැමති නම් ඉදිරියේදී ලියවෙන කාරණා ගැන සංවාද වලට එකතු වෙන්න සුභ රාත්‍රියක් !

      Delete
  14. @Dinuka - කෙමෙන්ට් දාන්න ඕනි නෑ එයා මේක කොහොමත් දැනගන්නවා ඉස්සරහට . අර අනික් ලිපියට ආචාරියා ගැන දීපු ලින්ක් එක නම් මසුරන් . හෙට උදේම අන්වර් අන්කල්ට ආචාරියා ඉස්ලාමය ගැන කලින් කියපුවා මොනවාද කියල පෙන්වලාම ඉන්න ඕනි

    ReplyDelete
  15. අපිට අන්තවාදය අවශ්‍ය නෑ. එය මුස්ලිම්, ක්‍රිස්තියානි මෙන්ම බෞද්ධ විය හැකිය.
    කොහොමත් මේක ආස්චර්ය දීපයක් තමයි බුවා....
    රටේ මොන ප්‍රශ්ණයක් ආවත් මිනිසුන්ට ඒක දැන් සමාන්‍යකරනය වෙලා. මම කියනුයේ ආගම ගැන නොවේ. මිනිසුන්ගේ ජීවත්වීමේ ගැටලු....

    ReplyDelete
  16. Islam is not a religion thats only a political ideology and the tactics of Mohamed and few of his trusted gang who make it as Islam and say all are come from Allah so that no one can come against them so any one will not go against them and if anybody come against them will beheaded by the name of Allah as i was 10 years in saudi Arabia i got so many things about Islam so its batter not to advise them and not try to correct them its only you west your time

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව