Skip to main content

රිසානාගේ ගෙලසිඳි ම්ලේච්ඡයන් සහ බ්ලොග් කරු මාතලන් !

මිනිසත් කම නොහඳුනනා පාපතර ම්ලේච්ඡයන් විසින් රිසානා නසීක් මෙනෙවිය ඝාතනය කල පුවත  බොහෝ  තැන්හී සාක්ච්ඡාවට ලක්වී ඇත . ජනප්‍රිය බ්ලොග් කරු මාතලන්ගේ බ්ලොග් සටහනක තැබු  කමෙන්ටුව මකා දමන්නට ඔහු විසින් කටයුතු කල නිසා ඉතාම කෙටියෙන් හෝ මේ ගැන යමක් කිව යුතුව ඇත .

01) අඩු වයස් තරුණියක් හොර වීසා සාදා රට පැටවූ ඒජෙන්සිකරුවන් , මෙන්ම එවැනි ඒජෙන්සි කරුවන්ට නිදහසේ කටයුතු කරන්නට ඉඩ දුන් රජයන්ද මෙහි පාර්ශ්ව කරුවෙකු බවට  සැකයක් නොමැත

02) නමුත් මෙහි බරපතල සහ කෲරතර සිදුවීම වන්නේ ඇයව ඝාතනය කිරීම  සහ එය  සිදු කල ආකාරය වන අතර  කලින් කී පාර්ශවකරුවන් මත පමණක් වරදා පටවා අත් පිසදා ගැනීමේ හැකියාවක් නොමැත

03) ලොව බොහෝ රටවල් මේ වන විටත් මරණ දඬුවම ක්‍රියාවට නැංවීම අත්හිටුවා ඇත (මරණ දඬුවම ක්‍රියාත්මක වූ පමණින් අපරාද නොනවතින බැව් ශිෂ්ටාරි මිනිසුන් වටහාගෙන ඇත ) . . මෙසේ ක්‍රියාත්මක රටවල් අතුරින්ද ම්ලේච්ඡතම ක්‍රමවේදයක් ඒ සඳහා අනුගමනය කරන රටවල් අතුරින් ඉදිරියේ සිටින්නේ සෞදි අරාබියයි

04) මිනිසුන් වශයෙන් පලමුව එරෙහිව යුත්තේ මිනිස් කමට එරෙහි ම්ලේච්ඡත්වයටය . දේශපාලනය ගැන කථා කල යුත්තේ ඉන් පසුවය

05) සෞදියේ නිතිය සහ ඉස්ලාමය අතර සම්බන්ධයක් නොමැති බව පෙන්වන්නටද ඇතමුන් උත්සාහ කරමින් සිටියි . මේ සෞදියේ නිතිය පිලිබඳ විකි පිඩියා ලිපියයි . සුදු හුණු ගාන්නන් කුමක් කීවත්  සෞදි රජයටම  අනුව ඔවුන් ක්‍රියාත්මක කරන්නේ ඉස්ලාමීය නිතියයි

http://en.wikipedia.org/wiki/Legal_system_of_Saudi_Arabia

06) එනිසා මේ ම්ලේච්ඡ ඝාතන වල වගකීමෙන් ඉස්ලාමයට නිදහස් විය හැකි යැයි සිතන්නේ නම් එය විහිලුවක් පමණි , අන්තර්ජාලය පිරික්සා බලන ඕනැම අයෙකුට සරලව වටහා ගත හැකි දේ නම් සෞදිය හැරුණු විට ම්ලේච්ඡ මනුෂ්‍ය ඝාතන නීතිගත කර ඇති අන් සියලු රටවල්ද ඉස්ලාමීය රාජ්‍යන් වන බවයි

07) ගෙලසිඳ මිනිසුන් මරණා මොවුන්ට මා සතුව ඇති ශිෂ්ටතම හැඳින්වීම නම් " පාහර බල්ලන්" යනුයි . එම ඝාතන අනුමත කරනා ආගමක් සහ එහි දෙවියන් ගැනද ඊට වඩා ශිෂ්ටව ඇමතීමේ අවශ්‍යතාවයක් මා දකින්නේ නැත .

08) මා කුමන දෙවියෙක් හෝ  අදහන්නේ නැත , නමුත් සතුරාටත් ප්‍රේම කරන්නටය කියූ ජේසුතුමන් වෙනුවෙන් දල්වන  ඉටි පහන්ද විශ්ණු සමන් කතරගම දෙවේයන් වෙනුවෙන්   පුද කරන පුජාවන් ගැනද  ප්‍රශ්න කරන්නට යන්නේ නැත . එහෙත් කුමන හෝ දෙවියෙකුගේ නාමයෙන් මිනි මරන්නේ නම් අදාල දෙවියන්ද අදාල අනුගාමිකයන්සේම පාහරයෙකු බව කියන්නට මැලි වන්නේද නැත

09) රිසානාට අල්ලාගේ පිහිටියි කිවූ මාතලන්ගේ ලිපියට මා දුන් පිලිතුර (මාතලන් විසින් මකා දැමූ ) ඔය අවසන් ටිකය . වැලිකඩ සිරකරුවන් ඝාතනය කරත්දී අත්පුඩි ගැසූ මාතලන් ට රිසානා තවත් එක් ඝාතනයක් පමණක් විය හැක . එනිසා මහින්දට සහ රජයට වරද පටවා නිහඬ වීමේ හැකියාවක් ඔහුට  තිබුනත් මාහට එසේ නොවේ . ඇස් පනාපිට දකින්නට ඇති සත්‍ය  නොපෙනෙන්නට "ආගමික සහජීවන" රෙදි කඩකින් දැස් බැඳ ගන්නට මාගේ සුදානමක් නැත  . ඒ නිසා මිනිමරු  අරාබින් සහ මිනි මරන්නට අනුබල දෙන ඔවුනගේ ශරියාව මත පදනම් වූ නිතියත් , ශරියාව ලොවට හඳුන්වා දුන්නාය කියන දෙවියන්වත් එක සේ හෙලා දකින්නට මා මැලි වන්නේද නැත

10) නුගත් පාහර අරාබින්ට කඹුරන්නට තම ගැනුන්ව යවන්නට සිතනා කොන්දක් නැති ස්වාමි පුරුෂයින්ටත් , ගැණුන්ව අරාබින්ට විකුණා විදේශ විනිමය සොයන්නට සිතනා රජයන්ටත් දැන් වත් සිය වරද නොපෙනෙන්නේ නම් රිසානා ලා තව දහසක් අරාබින්ගේ දංගෙඩියට යෑම වලක්වන්නට ලැබෙන්නේ නැත . තම සිහින වෙනුවෙන් විදෙස් ගතවන  ශ්‍රි ලාංකීය සහෝදරයින්ගෙන්ද  මා ආදරයෙන් ඉල්ලා සිටින්නේ  ශිෂ්ටාචාරි මිනිසුන් සිටිනා රටක්  තමන්ගේ සිහින සැබෑ කරගැනීමට යොදා ගන්නා ලෙසය . මන්ද මිනිසත් කමට නූසුදුසු වනචාරින් යටතේ සේවය කරන්නට යන ඔබ කරන්නේ ඔබගේ මනුෂ්‍යත්වය හැල්ලුවට ලක්කිරීමකි .

11) රිසාන සොහොයුරියනි , ඔබගේ ගෙල සිඳින්නට වරම් දුන් අල්ලා දෙවියන්ගේ පිහිට ඔබවෙනුන් අයදින්නට තරම් මා සාහසික වන්නේ නැත . ම හට කල හැකි එකම ප්‍රාර්ථනාව නම්  ඔබට අත්වූ ඉරණම වෙනත් කිසිවෙකුටත් අත්නොවේවා යන්න පමණය .

12) ස්වාභාවයෙන්  සන්ධාන රජයේ දේශපාලනික ප්‍රතිපත්තීන් පිලිබඳ බරපතල විවේචනයන් මා සතුව ඇත . එහෙත් සෞදි රජයට විරෝධය පල කරමින් සෞදි තනාපතිවරය කැඳවීමට ගත් තීරණයට මාගේ සම්පුර්ණ ස්තුතිය පලකර සිටිනා අතර .මින් මතු  මිලේච්ඡයින්ට කඹුරන්නට ශ්‍රි ලංකික කාන්තාවන් නොයවන්නට තීරණය කරන්නට හැකි නම් වඩාත් අගනේය

පහත ගොසිප් 9 ලිපිය , සාමාන්‍ය්යෙන් ගොස්ප් අඩවි වෙත නොපිවිසෙන කෙනෙකුගේ අවධානයට ලක්වීම පිණිසය .

http://www.gossip9.com/2013/01/blog-post_10.html


Notice-  කලින් ලිපියේ ප්‍රතිචාර සඳහා පිලිතුරු හෙට දෙනයේ ලබාදෙමි . ප්‍රමාදය පිලිබඳ සමාවන්න

Comments

  1. ඉවත් හෙළිය හැකි කිසිවක් නැත. 100% ක් එකගයි.

    ReplyDelete
    Replies
    1. කලබලෙන් ලියා ඇති නිසා 2 කොටස පැටලිලි සහිතය.

      02) නමුත් මෙහි බරපතල සහ කෲරතර සිදුවීම වන්නේ ඇයව ඝාතනය කිරීම සහ එය සිදු කල ආකාරය වන අතර කලින් කී පාර්ශවකරුවන් මත පමණක් වරදා පටවා අත් පිසදා ගැනීමේ හැකියාවක් නොමැත

      Delete
  2. //11) රිසාන සොහොයුරියනි , ඔබගේ ගෙල සිඳින්නට වරම් දුන් අල්ලා දෙවියන්ගේ පිහිට ඔබවෙනුන් අයදින්නට තරම් මා සාහසික වන්නේ නැත . ම හට කල හැකි එකම ප්‍රාර්ථනාව නම් ඔබට අත්වූ ඉරණම වෙනත් කිසිවෙකුටත් අත්නොවේවා යන්න පමණය .//

    ඇත්ත ඇති සැටියෙන්..

    ReplyDelete

  3. ඊළගට රිසානාගේ ප්‍රශ්නේ , හොද දේශපාලන බයිට් එකක් වෙන එකයි මම බලන්නේ

    ReplyDelete
    Replies
    1. දේශපාලන බයිට් එකකින් මේකත් අමතක කරල දාන්න කටයුතු කරනවා නම් තවත් රිසානාලා ගොඩක් ඉදිරියෙත් දකින්න ලැබේවි . බොහො දුරට අපේ දේශපාලකයන් නතර වෙන්න එතන තමා

      Delete

    2. හිතුව හරි ,දනටමක් විපක්ස්හෙන් විකුණන් කෑම අරඹා ඉවරයි වගේ ,

      https://www.facebook.com/photo.php?fbid=468545719848151&set=a.423529141016476.90097.405044626198261&type=1&theater&notif_t=like

      Delete
  4. තානාපතිව කැදෙව්වම සියලු ප්‍රශ්න විසදෙනවද?දැනට එම රටේ ඉන්න ලාංකිකයන්ට මුහුණ දීමට සිදුවන ප්‍රශ්න විසදන්නෙ අපි ගිහිල්ලද?අපි දැන් කොපමණ දුක් උනත් අර අහිංසක දරුවාව කාලකන්නි පාහරයෝ මරල ඉවරයි.දැන් කරන්න ඕන විශාල ජනමතයක් ගොඩනගල ඔය පාහර නීති තිබෙන රටවලට යවනවානම්/යනවනම් යම්කිසි ක්‍රමවේදයක් සකස් කල යුතුයි කියලයි මම හිතන්නේ.මාධ්‍ය වලටත් ලොකු වගකීමක් තිබෙනව ඒජන්සිකරුවන්ගේ මුදල් අරගන දැන්වීම් දමනවා වගේම,බලු නීති තිබෙන රටවලට ගියවිට මුහුණපාන්නට සිදුවෙන භයංකාර තත්වයන් පිලිබදව විස්තර ඇතිව ලියන්නත්.

    ReplyDelete
    Replies
    1. තාතාපතියෙක් හිටියයි කියලත් සේවාවක් වෙන්නේ නම් නෑ , රිසානා වගේ හිරගත වෙච්ච අය නෙවෙයි නිති විරෝධීව වහල් කඳවුරු වල තියාගෙන ඉන්න කාන්තාවන් ගැනවත් තානාපතිය මොකද කලේ . කොහොම වුනත් විරෝධය පලකරන්න කරන්න තිබුනු හොඳම දේ මෙහේ ඉන්න තානාපතියව එලවන එක මුලින්ම . මාධ්‍ය එක්තරා දුරකට කථා කලා නමුත් මදි . සෞදිය වගේ රටවල් වලට කාන්තාවන් නොයවන තැනට නීති අවශ්‍යයි .

      Delete
    2. බුවා සමඟ එකඟයි. ක්ෂණිකව විරෝධය පලකලහැකි එකම ක්‍රමය තමයි තානාපති සම්බන්ධතා අත්හැරීම.

      Delete
    3. තානාපති සබඳතා අත් හැර නෑ.. හිටපු තානාපතියා අයින් කරලා විතරයි...

      Delete
    4. තානාපති සබඳතා අතාරින්න තරම් කොන්දක් නැත්නම් , අර කරපු ස්තුතිය ඉවත්කරගන්නවා .

      @රාජ් ස්තුතියි

      Delete
    5. @ රාජ්; මොලේ මයිල්ද බන්?තානාපතිය ගෙන්වනව කියන්නෙ කතිර ගහන මෝඩ චුන්ලව තවත් චූන් කරන්න.ඇයි ප්‍රකාශයක් කරන්න බැරි අපි මේ රටට ගැහැණු පරාන යවන්නෙ නැහැ කියල?එක බල්ලෙක් ඔය ටික කිව්වද?බලු නීතියක් තියෙන රටක එව්වන්ට පුලුවන්ද බලු නීති නවත්වන්න කියන්න නේද?:)

      Delete
  5. මාතලන්ගේ නරුමවාදය

    * ඇමතිලා නරකයි ලොක්කා හොඳා...යි . කොන්ද පණ තියෙන්නේ ලොක්කට විතරයි . ලොක්කට වෙන විකල්පයක් නෑ

    * මහින්දට කඩේ යන වාසු දේව නරකයි , මහින්දට කඩේ යන මර්වින් සිල්වා හොඳා...යි . මොකද ඌ නිර්භීතයි

    *සිංහල බෞද්ධ සංස්කෘතිය ගෝත්‍රිකයි ... හැබැයි උඹලට කේන්දර බලන්න ඕනි නම් මං ගාවට වරෙල්ලා

    * ස්ත්‍රි දූෂණ නතරකරන්න ගණිකා වෘත්තිය නිතිගත කරන්න ඕනි...... මම අඳුරන ගණිකාවන්ට සිදුවෙන්නේම අසාධාරණකම්

    *බොන එක මාර ආතල් .... ඒ නිසා මද පමණින් ගල් ගහපල්ලා

    * අලුත්ම එක - රිසානගේ බෙල්ල කප්පු එක සෞදියේ නිතිය ...වැරැද්ද අපේ ආණ්ඩුවේ

    මූ හරියන්නේ බ්ලොග් ලියන්න නෙවෙයි පාර්ලිමෙන්තුවට :D

    එක් කාරණයක් හැර බුවාගේ මතයට එකඟයි . විරෝධය පල කරන්න තිබුනේ සෞදියේ ඉන්න ලක්ෂ ගාණක් ශ්‍රි ලාංකිකයින් අනතුරට ලක් කරල තානාපතිව ආපසු ගෙන්වන එක නෙවෙයි . මෙහෙ ඉන්න සෞදි තානාපතියව ආපහු යවන එක .

    ReplyDelete
    Replies
    1. අමතක වුන පොයින්ට් එකක්

      *වැලිකඩ ඉන්නේ අපරාද කාරයො ..ඒ නිසා වෙඩි තියල මරල දැම්මට කමක් නෑ

      Delete
    2. ඇයි හොර වැඩ සේරම වැරදියි... හැබැයි හොර වෙද්දු හොදායි....

      Delete
    3. අනික් කාරණා ඔහුගේ දේශපාලනය නමුත් හිර කරුවන් සහ රිසානා ගැන මානුශිය පැත්ත නොදකින එක ගැන මටත් කණගාටුයි

      Delete
  6. හොඳ ලිපියක් බුවා...

    ReplyDelete
  7. ඇයි දන්නේ නෑ බ්ලොග් රීඩරයේ මේ මාතෘකාව දැක්කම මට කියවෙන්නෙම රිසානාගේ ගෙලසිඳි බ්ලොග් කරු මාතලන් ! කියල, එකත් සත්‍යතාවක් තියෙනවා බලාගෙන යනකොට රිසනවා දෙවෙනි වරට මැරුව වගේ දෙයක් මේ මනුස්සය කරලා තියෙන්නේ

    ReplyDelete
  8. ඔබගේ අංක එක සිට දොළහ දක්වා සියලුම කරුණු වලට මගේ එකඟතාවය පළමුව ප්‍රකාශ කරමි.

    ඔබ හා මගේ මිතුරා මාතලන් සමග වූ අලකලංචිය පිළිබඳව කිසිවක් නොදනිමි. ඒ ගැන මම කිසිත් නොකියමි. අපේ අපේ සුහද සංවාද නොවැ.

    දැන් ප්‍රධාන කරුණ.
    හැමදාම අනාගන්නා අපි මේ ප්‍රශ්නෙත් අනාගෙන යැයි මට සිතේ ඒ,
    1. මුලින්ම රාජ්‍යතාන්ත්‍රිකව මේ ගැන කළ යුතු ක්‍රියාවන් හරි හැටි කළාදැයි මට සැකයි. එනම් මානව හිමිකම් සංවිධාන සමඟ මේ ප්‍රශ්නෙට බැස්සා නම් යම් බුරුලක් හදාගත හැකිව තිබුනා යැයි මට සිතේ. නමුත් අපේ පොල් පරාලේ ඊට වැඩියිනෙ. ඉතින් කොහොම ද එවැනි සංවිධාන වලට කතා කරන්නේ. ඇයි අපේ කිල්ලෝටෙ ඊට වඩා කුණු තියේනෙ, ප්‍රගීත් එක්නැලිගොඩගේ ඉදලා පෝලිමක නම් මගේ මතකෙට එනවා.

    2. දැන් නොකෙරුනු වෙදකමට කළ අබුඩෙ ගැසීම තමයි තානාපති නැවත කැදවීම. ඔන්න තවත් ප්‍රශ්නයක්. එතකොට ලක්ෂගානක එරට රැකියාව කරන ජනතාව????

    ..... වෙච්ච දේට දැන් මක්කොරන්න ද???

    රිසානා දුවේ, ඔබට ඔබ පැතූ ආකාරයක සැනසීමක් ලැබේවා!!! මේ කෘර සමාජයෙන් ඔබට ලැබුනු දේට වඩා, දිනපතා මැරි මැරී උපදින අප ලබනා දෙය වැඩියි. ඔබ වාසනාවන්තයි අපට වඩා.

    ReplyDelete
    Replies
    1. 01) ඔබ කියන්නේ ඇත්ත අපේ රාජ්‍ය තාන්ත්‍රික හැසිරීම අන්තිමයි . නමුත් අපි මොන තරම් රාජ්‍ය තාන්ත්‍රිකව කටයුතු කලත් වැඩක් වේය කියල මම හිතන්නේ නෑ . මොකද සෞදි පාලකයාට මරණ දඬුවමක් ඉවත් කල නොහැකිය කියන නිසා

      02) ඔය කාල කණ්නි රටේ රැකියාව කරන්න කාන්තාවන් යැවීම නතර කලයුතුයි කියල මම නම් හිතන්නේ . එහේ තානාපති ගෙන්න කලින් මෙහේ එකාව පැන්නුවා නම් හරි . ප්‍රේමදාස හෝ ගාමිණි දිසානායක බලයේ හිටියා නම් සිද්ධ වෙන්නේ අන්න ඒක

      Delete
  9. (මාතලන්ගෙ පෝස්ට් එකට දාපු කොමෙන්ටුව මෙතනටත් දානවා ගෙඩි පිටින්ම...)

    මම සාමාන්‍යයෙන් අනුන්ගෙ බ්ලොග් පෝස්ට් වල කුණුහරප කියන්නේ නෑ. අපහාස කරන්නේ නෑ. ඒත් අර රිසානාගේ කතාව දැක්කට පස්සේ මම ගොඩක් කලකිරුණා. අවුරුදු 5ක් දුක් විඳපු ඒ අසරණ කෙල්ල පෙරේදා දවල් කාලකන්නියෙක්ගේ කඩු පහරකින් අපෙන් සමුගත්තා. එක නිසයි මේක කියන්න හිතුවේ...

    ෂරියා නීතිය කියන එක මම දකින විදියට නපුන්සකයෝගේ නීතියක්. රොත්තක් එකතුවෙලා නිරායුද පිරිමියෙක්ට හරි ගෑනියෙක්ට හරි ගල් ගහන එකෙන් තමයි උන්ගේ පිරිමි කම පෙන්නන්නේ. හරියටම කිව්වොත් මෙහෙම. තමන්ගේ පිරිමිකම පෙන්නලා කාන්තාවක් ආකර්ෂණය කරගන්න බැරි කෙනෙක් කරන්නේ මොකද්ද? ආගම ඉස්සරහට දාල නීතියක් ගේනවා love marriages තහනං කරන්න. එතකොට පිරිමින්ට තැන නැති වෙනවා. ගෑනිව රෙදි වලින් ඔතනවා. ඇයි? ඌ බයයි තමන්ගේ ගෑනි තමන්ට වඩා හොඳ පිරිමියෙක්ට හිත යයි කියල. එහෙමත් බැරි එකා කරන්නේ පොඩි ළමයෙක්ව කසාද බඳින එක. ඇයි පොඩි කෙල්ලෙක්ට උගේ නපුංසක කම තේරෙන්නේ නෑනෙ. පොඩ්ඩක් හිතන්න ඒ පොඩි කෙල්ල ලොකු වෙලා යමක් කමක් තේරෙනකොට, තමන්ගේම අවශ්‍යතාවයන් එනකොට (ලිංගික හෝ වෙනත්), තමන් කැමති පිරිමි කෙනෙක්ට හිත යනකොට, තමන් ඉන්නෙ නපුංසකයෙක් එක්ක කියල තේරෙනකොට? ඒ අසරණ කෙල්ල මොනා කරන්නද? තමන්ගේ අයිතිවාසිකම් ගැන කතා කලොත් වෙන්නේ අර නපුන්සකයගෙන් ගුටි කන්න. වැඩිම උනොත් පැනල ගියා කියමු. ඊට පස්සේ මේ නපුන්සකයට අහු උනාම ඌ කරන්නේ කසෙන් ගහල තමන්ගේ පිරිමි කම පෙන්නනවා. අපි හිතමු තව පිරිමියෙක් සම්බන්දයි කියල. ඒ මනුස්සයට වෙන්නෙත් අර නපුංසකයෝ රොත්තකගේ ගල් පාරවල් කාල මැරෙන්න. ගෑනියෙක්ට ගහන එක පිරිමි කමද? තනි පිරිමියෙක්ට රොත්තක් එකතුවෙලා ගල් ගහන එක පිරිමි කමද? තමන්ගේ ගෑනිව ආරක්ෂා කරගන්න බැරි නං පිරිමියෙක්ද? නපුංසක කම මිසක්...
    Honor killing ගැන අහල ඇති. ඒ නීතියේ හැටියට තමාගේ පවුලේ ගෞරවය තකා තමන්ගේම දරුවෙක් මරන්න පුළුවන්. පොඩ්ඩක් හිතන්න මොන දෙමව්පියෝද තමාගේ දරුවා මරන්නේ? මොන අයියද තමාගේ නංගිට ගල් ගහන්නේ? මේවා ඇත්තටම ලෝකේ වෙනවා.
    මව් සෙනෙහස, පිය සෙනෙහස තමයි මේ ලෝකේ උතුම්ම දේ. තමාගේ දරුවා මොනා කලත් තමන්ගේ පන දෙවැනි කරලා දරුවන්ට ආදරේ කරන අය තමයි දෙමව්පියෝ. ගෞරවය වෙනුවෙන් තමන්ගේ දුව මරණ මුන් දෙමව්පියෝද? එහෙව් දෙමව්පියෙක් තමාගේ කිරි දරුවා අවුරුදු 17ක ළමයෙක්ට කවන්න දීල, ඒ ළමය අතින් වැරද්දක් උනාම බෙල්ල කපනවා. පොඩ්ඩක් හිතන්න. අම්ම කෙනෙක් තමන්ගේ අත දරුවා වෙන කෙනෙක්ට දෙනකොට හදවත ලිප උඩින් තියල තමයි දෙන්නෙ. " පුතාව වට්ටයිද? අත අරෙයිද? ලිස්සයිද?" කියලා. එහෙව් එකේ තමන්ගේ ළමයට කවන්න කියල තවපොඩි ළමයෙක්ට දෙන්නෙ අම්මලාද? තමාගේ ළමයට ආදරේ නැති අම්මාකෙනෙක් වෙන අම්මකෙනෙක්ගෙ ළමයෙක්ව බෙල්ල කපල මරණ එක පුදුම වෙන්න දෙයක් නෑ...
    මම දකින විදියට ෂරියා නීතිය කියන එක මව් සෙනෙහට කරන අපහාසයක්. පිරිමි කමට කරන නින්දාවක්.
    *** ඉස්ලාමය ඇර, මම මනුෂයෙක් වීම ගැන ලැජ්ජා කරවන, තව කිසිම හේතුවක් නැති තරම්...***

    ReplyDelete
  10. එය සැබෑවය. තමන්ගේ මතය බ්ලොග් අවකාශය තුල ප්‍රචාරය කිරීමට අවස්ථාව ඇත. එවාට ප්‍රතිචාර එකතු කිරීමටද අවස්ථාව ඇත. නමුත් මෙම රිසානාගේ ප්‍රශ්නය ගැන සලකන විට අප ඇයට කරුණාව දැක්විය යුතුය. බ්ලොග් අවකාශය තුල සිටින සීමිත, ඉතා සීමිත දැඩි මතදාරීන් කිසි සේත්ම ඇයට කරුණාව දැක්වීමට නෝනු මානය. දැන් කල යුත්තේ අපේ සැම එකතු වී බෞද්ධ මුස්ලිම්, හින්දු ආදී සැවොම ඇය වෙනුවෙන් පිහිට වීමය. නැත්නම් මීලඟ ආත්මය දුක නැති වේවා යන්න පිං පමිනවීමය.

    ReplyDelete
  11. මෙතන මුලින්ම සම්පූර්ණ වැරද්ද තියෙන්නේ අපේ අතේ.. ඔබගේ කොමෙන්ටුව මා මකා දැමුවේ ආගමික සාස්තෘවරුයකු (ඒ ගැන මටද විවේචන ඇත.) බල්ලකුට සමාන කර මගේ අඩවියේ අදහස් දැක්වූ නිසායි. ඔබ ගැන කීමට මා නොදන්නා මුත්. මා කිසිම ආගමික නායකයකුට අපහාස වන අයුරින් කටයුතු කරන්නේ නැත. ඔබ ආවේගශීලී වූ අවස්ථා මා අනන්තවත් දැක ඇත. බුදුන්ට කෙනෙකු මෙසේ ආමන්ත්‍රණය කලේ නම්. ඔබ එයද අනුමත කරනවාද...? මා කොමෙන්ට් ඉවත් කරන්නේ ඉතාමත්ම කලාතුරකිනි. මට අපහාස වන අයුරින් ඉදිරිපත් කල ඒවාද ඉවත් නොකරමි. (ගල් අරක්කු පෝස්ට් එකේ කොමෙන්ට්) එහෙත් තුන්වන පාරශවයකට අපහාස කිරීම මම හෙලා දකිමි. ඔබට බ්ලොග් අඩවියක් ඇත. තුන්වන පාර්ශවයකට අපහාස කිරීම ඔබ එමගින් කරන්න. අන් බ්ලොග් අඩවි වල ඒවා පල කිරීමෙන් වලකින්න. මෙතනදි තුන්වන පාර්ශවය "අල්ලා දෙවියන්", මා දැනට ඉවත් කර ඇත්තේ මහ වෙදනා විවේච්නය කල කොමෙන්ටුවක් හා ඔබේ කොමෙන්ටුව පමණි..

    "රිසානා ඔබට අල්ලා දෙවියන්ගේ පිහිටයි....!!!" උඅනුවෙන් මා සඳහන් කල උපහාසය ඔබට තේරුම් ගැනීමට නොහැකිවීම පිළිබඳව මා ඉතා කනගාටු වෙමි.... ආවේගශීලී වීමෙන් ප්‍රශ්ණ විසඳිය නොහැක..

    ReplyDelete
    Replies
    1. බුවා අපි මේ සිංහලෙන් මේ සංවාදය ගෙනියන නිසා හොඳයි. ඒත් මේක පරිවර්තනයක් මඟින් හෝ ව්‍යාප්ත වුවහොත් ඉන් සිඳුවන විනාශය විශාලයි. මට දුක ඔබට එය නොපෙනීමයි. ඔබ මා විවේච්නය කලාට කමක් නෑ. පුළුවන්නම් උඹේ පෝස්ට් එකෙත් ඒ තියෙන වචනය ඉවත් කරපන්. දවසක උඹට දුක්වෙන්න වෙයි. කාළකන්නි ජාතිවාදයක ආරම්බයක් ගත් පුද්ගලයකු ලෙස. මටත් අල්ලා ගැනත් ඉස්ලාම් ධර්මය ගැනත් අනන්තවත් විවේච්න ඇති මුත් ඔබේ ඒ හැඳින්වීම මා ඉතා පිලිකුලෙන් හෙලා දකිනවා.. එය ඔබට තරම් නොවේ... ඔබේ ලිපි වල හා බ්ලොග් අඩවියේ තිබු උසස් බව ආවේගශීලී වීමෙන් නැති කර ගන්න එපා.. මා උඹ කිසි දිනෙක මුන ගැසි නෑ එහෙත් ඔබ අවුරුදු 20 ගනන් වල පසුවන්නකු බව මට ඉතාමත්ම පැහැදිලියි....

      Delete
    2. මා ඔබගේ බ්ලොග් අඩවිය තුල පැවසු පරිද්දෙන් තර්කිකව යමෙක් බුදුන්ට චෝදනා කරයි නම් මා කිසිවිටකත් එම ප්‍රතිචාරයන් මකන්නේ නැත . අනෙකෙක් පවසනා දෙයට එකඟතාවය පල කිරීම හෝ නොකිරීම යනු වචනයෙන් අදාල අදහසට පිලිතුරු සැපයීම විනා ඒවා මකා දැමීම නොවේ . මාතලන් යනු ******* කියා කෙනෙක් මේ බ්ලොගයේ පලකලොත් එය මා මකන්නේ එය කිසිදු අර්ථයක් නොමැති අපහාසයක් පමණක් වන බැවිනි , නමුත් කෙනෙක් මාතලන් අහවල් කාරණය නිසා ******* කියා යමෙක් කියන්නේ නම් එය තිබෙන්නට හරින්නේ ඔහුගේ ප්‍රකාශයට පදනමක් ඇති නිසාවෙනි න්. එම තර්කය පිලි නොගන්නා ඕනැ කෙනෙකුට එයට විරෝධය පල කිරීමේ හැකියාවද එයින් ලැබේ . ආගමික සාතෲන් පිලිබඳ ප්‍රතිපත්තියද එසේමය . අනෙක් අතින් අල්ලා යනු ඉතා සරල තර්කයකින් අසත්‍යයක් බව තාර්කිව ඔප්පු කල හැකි සර්ව බලධාරි දේව සංකල්පයක් පමණි , එවැනි සංකල්පයක් ගැන වචන භාවිතයේදී නබිවරයා ගැන තරම් හෝ සංයමයකින් කථා කිරීමේ අවශ්‍යතාවයක් මා හට නැත . ඔබගේ බ්ලොග් අඩවියේ ප්‍රතිචාර පලකිරීමේදී ස්වයං වාරණයක් පනවා ගැනීමට හේතුවක් මේ දක්වා මා දැක නැත . මා ඔබ පිලිබඳ සිතා සිටි ආකාරය නිවැරදි නොවන දැනගත්තේ මේ සිදුවීමෙන් පසුවය . ඒ නිසා මින් පසු ප්‍රතිචාර පලකිරීමේදී ස්වයං වාරණයක් පනවා ගන්නට හැකිය

      ඔබ ලිපියේ අන්තර්ගතය අනුව අදාල යෙදුම උපහාසයක්ය කියා මා හට නම් වැටහෙන්නේ නැත

      අදාල මාතෘකාව පිලිබඳ ඉංග්‍රිසියෙන් ඕනැ තරම් සාකච්ඡා සිදුවී ඇත . ඒ නිසා මාගේ ලිපියක් පරිවර්ථනය කරන්නට කිසිවෙකුට අවශ්‍යතාවයක් නැත . මිනිසුන්ගේ බෙලි කපන , ත්‍රස්තවාදය ගැටලුවක් වූ සැම රටකම පාහේ හිසරදයක් වූ පිරිසක් ගැන පිලිබඳ එලිපිට කථා කිරීමට ඔබ බිය වුවාට සියල්ලන්ම එසේ බියවන්නේ නැත . පුද්ගලයෙකු වශයෙන් ඔබ තුල ඔනෑ තරම් විවේචනයන් තිබිය හැක . නමුත් ඔබ විසින් ඒවා සටහන් නොකරන තාක් කල් මාතලන් නම් සිංහල බ්ලොග් කරුගේ අදහස් වශයෙන් ඒවා හඳුනා ගැනීමේ හැකියාවක් අපට නැත

      මාගේ වයස නිර්ණය කරන්නට යාමෙන් ඔබට හෝ මට හෝ කිසිදු ප්‍රයෝජනයක් අත්නොවේ .

      Delete
    3. ඔබේ අදහස් හා එකඟ වූවද "අල්ලා දෙවියන්" බල්ලෙකු ලෙස සඳහන් කිරීම හා මා හට එකඟ විය නොහැක. ඒ අප ලත් අධ්‍යාපනය, විනය හා හැදියාව අනුවයි. ඔබේ අදහස් වලින් මා එකඟ නොවන්නේ එයට පමණයි. එහෙත් ඔබ මා සියළුම අදහස් වලට විරුද්ධ යැයි උපකල්පනය කොට මෙම ලිපිය් ලියා ඇත. එය බලවත් අසාධාරනයකි. ඔබේ කොමෙන්ටුව ඉවත් කිරීමට හේතුව මා පැහැදිලිව දක්වා ඇත. මගේ ලිවීමේ ශෛල්‍ය එදා සිට දන්නා කෙනෙක් ලෙස මගේ උපහාසය අවබෝධ කර ගැනීමට නොහැකි වීම පිළිබඳ මට උඹ ගැන කනගාටුයි බුවා....

      ශරියා නීතීය, වත්මන් පාලනය, ශ්‍රී ලාංකික දේශපාලඥයන්, ඊයේ නීතීඥ්ඥයන්ට පහර දීමට පැමිණි මැරයන් හා බුවා අතර වෙනසක් මා නම් දකින්නේ නැත.

      Delete
    4. එසේ නම් ඔබට අදාල කොටස ඉවත් කර ඔබගේ ප්‍රතිචාරයක් ලෙසින් නැවත පල කිරීමේ හැකියාව තිබුනි . මා ගැන කියා ඇති දේ පිලිබඳ විනිශ්චයන් පාඨකයන්ට භාර කරමි . නමුත් ම්ලේච්ඡ ශරියාවට සාපේක්ෂව ශ්‍රි ලංකාවේ දේශපාලකයින් මෙන්ම රාජපක්ෂ පාලනයද ඉතා ඉහල මට්ටමක සිටිනා බැව් අවධාරණය කරමි . අපරටේ ක්‍රියාත්මක වෙන්නේ ශරියාව නම් මාතලන් හෝ බුවා කියා බ්ලොග් චරිත පවතින්නට හෝ අවකාශයක් නැත .

      Delete
    5. ප.ලි - බල්ලා යනු මිනිසාගේ හොඳම මිතුරාය , බල්ලා එසේ හිතවත් වන්නේ අල්ලා එසේ මැවු නිසාය . එසේ නම් මා කර ඇත්තේ අල්ලා, ඔහු විසින් මැවු මිනිසාගේ හොඳම මිතුරාටම සමාන කිරීමය

      Delete
    6. ඔබ ගැන ඉතා කනගාටුයි බුවා... නවතිමි.

      Delete
    7. මෙතනදි පොඩි පරහක් තියනවා මාතලන්. අල්ලා දෙවි පිහිටයි කියන එක උපහාසයෙන් යෙදුව බව ඔබ කියන නිසා පිළිගන්නවා. ඒත් අවංකවම මටත් ඒක ඒ වෙලාවේ එහෙම හිතුනේ නෑ. හේතුව ඔබ ඒ ලිපිය පුරා තිබ්බේ සංවේදී සටහනක්. වෙන කිසිම තැනක උපහාසය ගෑවෙන්නේ නැතුව එක සැරේම අවසානය උපහාසාත්මකව දැක්වීම කෙනෙකුට තේරුම් නොයාම සාධාරණයි. ඒ උපහාසය නොදන්නාබව නොවේ.



      මෙතනදි මට මතක් වෙන හොදම උදාහරණය මාතලන්ගෙම ''පට්ට සිනමා විචාර - Funny Film Critics'' කියන පෝස්ට් එක. ඒක කොච්චර හොදට ලියල තියනවද කිව්වොත්, 'විමල ය චිත්තරපටියේ තිර රචනය කලාට වඩා උඹ විස්තර කරපුවා තාත්වික වැඩී'. කියවපු කෙනෙකුට ඔයා විමලයට පක්ෂව කිව්වද කියල හිතෙන්නත් පුළුවන්. ඒ ඔබේ රචනා ශෛලයේ තියන වෙනසක් වෙන්න පුළුවන්.

      Delete
    8. බුවා...උඹ මේ ප.ලි සිරාවටද කියන්නේ. මේක නම් මෝඩ අදහසක්..අනිත් එක මෙතන විහිළු සංවාදයක් ගියේ නෑනේ බං.

      Delete
    9. නෑ මේක අල්ලා දෙවි කෙනෙක්ය කියන මාතලන්ගේ ප්‍රකාශයට ප්‍රති තර්කයක් . අල්ලා දෙවියන් කියල හඳුන්වන්න ඔහුගේ සර්ව බලධාරිත්වය පිලිගත යුතුයි . සර්ව බලධාරි සංකල්පයට අනුව මම කියපු සමාන කම් ටික කරන්න පුලුවන් . එතකොට මේක සර්ව බලධාරි සංකල්පය ගැන "උපහාසයක්"

      Delete
    10. මමත් විරුද්ධයි අහිංසක සත්තුන්ට අපහාස කරනවට...

      Delete
    11. සල්ලි වලට අරක්කු ප්‍රමෝට් කරන මාතලන්ට හම්බයින්ගෙන් සල්ලි අරන් ඉස්ලාමයට සුදු හුණු ගාන එක කජ්ජක්ද ?

      Delete
    12. @සාතන් - :D :D

      @ඇනෝ - මාතලන්ට කැමති මතයක් දරන්න අයිතියක් තියනවා , ඒක මුදලට කරන දෙයක් කියල චෝදනා කරන්න නම් ඔබට ඒ සඳහා සාක්ෂි තිබිය යුතුයි . බටහිර කුමන්ත්‍රණ , එන්ජීඕ සල්ලි වගේ සාම්ප්‍රදායික චෝදනා කිරීමෙන් පලක් නෑ ඔබට ඔප්පු කරන්න බැරිනම් !

      Delete
    13. \\එහෙත් තුන්වන පාරශවයකට අපහාස කිරීම මම හෙලා දකිමි. ඔබට බ්ලොග් අඩවියක් ඇත. තුන්වන පාර්ශවයකට අපහාස කිරීම ඔබ එමගින් කරන්න. අන් බ්ලොග් අඩවි වල ඒවා පල කිරීමෙන් වලකින්න.//

      Delete
    14. මන් හිතනවා ඒක හරි කියලා.

      Delete
    15. මාතලන්ගේ බ්ලොග් එකේ ලියවෙන දේශපාලන ලිපි වලදි කමෙන්ට් වල සාමාන්‍යෙන් අපහාස කරන්නේ තුන්වන පාර්ශවයකට තමයි , එහෙම කරන්න එපාය කියල මාතලන් කිව්වේ අදනේ , අද ඉඳන් තුන් පාර්ශව වලට අපහාස නොවෙන විදිහට තමයි එතන කමෙන්ට් කරන්නේ

      Delete
    16. මාතලං මා ඔබ සමග සම්පුර්ණයෙන්ම එකග වෙමි.

      Delete
  12. ගොඩක් දුරට එකඟ වෙන්න පුලුවන් ලිවීමක් බුවා.
    පටු දේශපාලනෙන් තොරව ලියල තියෙනව.

    කොහොම උනත් තානාපතිව ගෙන්නුව එක වැඩක් ඇති නිවැරදි තීරනයක් නොවන බව තමයි මගෙත් හැඟීම.

    ReplyDelete
  13. බුවාත් එක්ක එකඟ වෙමි.
    එදා චිත්‍රපටියක් වෙනුවෙන් එකාවන්ව කෑ ගහපු අය මේ ප්‍රශ්නයේදි නිහඩ පිලිවෙතක් අනුගමන කරන එක තමයි පුදුමේ. උන්ගෙත් නිකන් බොරු කෑ ගැහිල්ල විතරයි. උන් දන්නේ ලංකාවේ ඉදගෙන ලංකාවෙම උන්ට කෙලවන්න.
    මේ වගේ අසාධාරණයක් වෙනුවෙන් නැගී සිටින්න ලංකාවේ මුස්ලිම් හැතිකරේ බයයි. ඒ අතින් බලාගෙන යනකොට බේරගන්න බැරි උනත් සිංහලයෝ විදිහට හඬක් නගපු එකත් අගය කල යුතුයි.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ මුස්ලිම්වරුන් කොහේ හඬ නගන්නද

      01) මේක ඔවුන්ගේ ආගමේ නිතිය

      02) හඬ නැගුවොත් මක්කම වන්දනා කරන්න සෞදි රජය ඉඩ දේවිද ?

      Delete
  14. බුවා මාතලන් උඹේ කොමෙන්ටුව කපා දැමීම ගැන හේතුවක් ඉදිරිපත් කර නැද්ද? ඒ කෙසේ හෝ වේවා, මේ මගේ මතයයි.

    ඉස්ලාමීය රටවල පොදුවේ දකින්නට ලැබෙන ම්ලේච්ඡත්වය ගැන විවාදයක් නැත. නමුත් උඹේ 4. කරුණ ගැන ප්‍රශ්නයක් තිබේ. කිසිම ආගමක් ජාතියක් මනුෂ්‍යත්වය නම් සීමාවට යටත් බව මාගේද හැඟීමයි. නමුත් ප්‍රායෝගික සත්‍ය නම්, අද දිනයේ එම රටවල් ජාත්‍යාන්තර පිළිගනීමක් සහිතව මිහිපිට ඇති බවයි. එනම්, ඔවුන්ගේ රටේ ඔවුන්ගේ නීතිය ක්‍රියාත්මක කිරීමට ඔවුනට ඉඩ ඇති බවයි. මනුෂ්‍යත්වය වෙනුවෙන් සටන් කලයුතු බව ඇත්ත. නමුත් ඒ මාවතේ යන අතරතුර දැනට ප්‍රායෝගියක පෙනෙන සත්‍යයටත් අපි මුහුණ දිය යුතුයි. රිසානාගේ මරණය සම්බන්ධයෙන් මගේ ප්‍රථම ඇඟිල්ල දික්වන්නේ රජයට එරෙහිවයි. වසර ගණනාවක් ඇදි ඇදි තිබූ මේ සිද්ධිය සම්බන්ධයෙන් රජය මුලින් ක්‍රියාකලේ ඉතාමත් අලස ආකාරයට බව මගේ හැඟීමයි. සෞදි නීතිය වෙනස් කිරීමට ප්‍රථම, අපට වඩාත් ප්‍රායෝගික වන්නේ අපට කල හැකි දෑ කිරීමයි. ගෘහ සේවයට ශ්‍රමිකයන් යවන රටවල් වල නීතිරීති ගැන පුළුල් අවබෝධයක් ලබාදීම, හොර ක්‍රම මගින් විදේශගත වීමට ඇති ඉඩකඩ ඇහිරීම. ශ්‍රමිකයන්ට යම් ප්‍රශ්නයක් ඇතිවූ විට ලබා ගත හැකි සේවයන් සැලසීම, රාජ්‍යතාන්ත්‍රිකව මැදිහත් වීමට අවස්ථාව ලබා ගැනීම ආදිය වේ.

    නමුත් කිසිම විනිවිදභාවයක් නැති මෙවැනි තීන්දු සහ දඬුවම්ද අනිවාර්යයෙන් හෙලා දැකිය යුතුය. රජයට ඇඟිල්ල දිගු කරන්නා සේම යමෙක් ෂරියා නීතියට විරුද්ධව මේ කාරණයේදී කතා කරයි නම් ඒ ගැන මගේ කිසිම විරුද්ධත්වයක් නැත.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහසට . මාතලන්ගේ හේතුව පැහැදිලියි . "අල්ලාට අපහාස කිරීම "


      රජය කටයුතු කරපු ආකාරය නිවැරදියි කියල මම කියන්නේ නෑ . එදා මාතලන්ගේ කමෙන්ටුවෙත් මම කීව දෙයක් තමයි පාර්ලිමේන්තුවේ 225න් රන්ජන් රාමනායකට ඇර වෙනත් කිසිවෙකු මේ ගැන හරි ස්ථාවරයක නෑය කියන එක . සෞදිය පිස්සු කෙලින්න ඉඩ දීල බලා ඉන්න ඇමරිකාව , එක්සත් රාජධානිය් ඇතුලු බලවතුන්වත් මෙහිදී හෙලා දැකිය යුතුයි .

      Delete
  15. හොද ලිපියක් බුවා. වීශේෂයෙන් 8 වෙනි සටහන වෙනුවෙන් හිස නමා ආචාර කරනවා. මනුෂ්‍යත්වයටත් වඩා පාහර නීතියක් පනවපු කෙනෙක් දෙවියෙක් ලෙස ඇදහීම ලැජ්ජාවක්.

    මෙතනදී රිසානට අල්ලා පිහිටයි කියපු එක ගැන පුද්ගලිකව මගේ මතය නම්, අපි කෙනෙකුට පිහිට පතන්නේ තමන් විශ්වාස කරන ධර්මයක් පදනම් කරගෙන් මිසක්, පිහිට අවශ්‍යය කෙනා ගේ විශ්වාසය පදනම් කරගෙන නෙමේ කියන එක. උදාහරණ විදිහට ක්‍රිස්තු භක්තික වැඩිහිටියෙකුට බෞද්ධ මම වැන්දහම, ඔහු ජේසු පිහිටයි කියනවා මිස 'බුදු සරණයි' හෝ 'තෙරුවන් සරණයි' කියන්නේ නෑ.

    නමුත් මෙතනදී මම හිතන්නේ මාතලන් අල්ලා පිළිබද විශ්වාසයක් නිසා නොව, රිසානා මැරෙන මොහොත දක්වා අල්ලා විශ්වාස කරපු බවට ඇති කරුණු නිසා වෙන්නැති එහෙම පතන්න ඇත්තේ. නමුත් ඒ ගැන විවේචනය අයින් කරපු එක අසාධාරණයි.

    තවත් දෙයක් කියන්න ඕන, වරදවා වටහා ගන්නෙපා. මිනිසත් බවටත් නිගාදෙන ආකාරයේ ම්ලේඡ්ච නීතියක් වෙන ෂරියා කියන්නේ සෞදියේ පිළිගත් නීතිය. ඒ නීතිය යටතේ දුන්න දඩුවම්ක් ගැන අපි සෞදියට කෑ ගහන්න පුළුවන්, ඒත් ඒකෙන් වෙන සෙතේ මොකක්ද? විශේෂයෙන් ඒ රටට සේවය සදහා යන අය ෂරියා නීතියට එකගතාවය ලිඛිතව පළ කරල තියන වෙලාවක රටක නීතිය ඒ කෙනා වෙනුවෙන් පාවිච්චි කිරීම වෙනුවෙන් අපිට කළ හැකි දෙයක් නෑ.

    මෙහිදී වෙන්න ඕන බුවා මේ ලිපියෙදි කියල තියනවා වගේ අපේ රටේ විදේශ ශ්‍රමිකයන් ගැන තියන ප්‍රතිපත්තියේ වෙනසක්. ඒ වගේම මිනිස්සුත් මේ වගේ අශිෂ්ඨයින් ගේ රටක බැල මෙහෙවර කරන එක ගැන තව හිතන්න ඕන. ඒ වගේම නුපුහුණු ශ්‍රමිකයින්, බාල වයස්කරුවන් සේවයට යවන ජාවාරම් නවත්වන්න ඕන.

    ඒ වගේම මම විශේෂයෙන් එකග වෙනවා, අපේ සෞදියේ ශ්‍රී ලංකා තානාපති නැවත් කැදවපු එක ගැන. ශ්‍රී ලංකා විදේශ සේවය ගැන හොද වැටහීමක් ගන්න මේ වගේම අවස්ථාවක් අපේ පාලකයන්ට ආයෙත් එළඹෙන මාර්තු මාසයේ ලැබෙයි. තුච්ඡ දේශපාලන අතපෙවීම් නිසා වෙච්ච/වෙන හානියට රජය සෘජුව වගකියන්න ඕන ඒ නිසා. අපේ නායකයින්ට අති විශිෂ්ඨ පිළිගැනීමක් තියන බවට කෙරෙන බොරු පුරාජේරු, අධි තක්සේරු වහාම නවත්වන්න ඕන.

    අවසාන වශයෙන් මේ වගේ හරවත් සංවාදයක් ගොඩ නැගීම ගැන බුවාට ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. මාතලන්ගේ රිප්ලයි එක දැන් දැක්කේ. මගේ උපකල්පනය වැරදියි. මාතලන් අල්ල දෙවි පිහිට දමා ඇත්තේ ඔහුට අනුව උපහාසාතමක ප්‍රකාශයක් ලෙසයි.

      Delete
    2. තව එක දෙයක් කියන්න තියනවා - රිසානාට වෙච්ච ඉරණමට විරෝධය වගේම කණගාටුව බුකියේ පළ කරපු අය 90%ක්ම සිංහලයින්. අන්තවාදී බෞද්ධ ලේබලය ඇලවිච්ච බොහෝ දෙනාත් ඒ අතර හිටියා. ඒත් මේ සිද්ධිය ගැන බුකිය පුරා ඉස්ලාමය ගැන කථා කරන, පෙනි හිටින කවුරුත් කණගාටුව පළ නොකරපු එකෙන් පේන්නේ ඔවුනුත් මේ අශිෂ්ඨ දඩුවම අනුමත කරන එකද?

      Delete
    3. පපුවෙ තෙතමනය කියන දේ බොහෝ මුස්ලිමුන් තුල නෑ... ජේසු තුමා කියනවා කම්මුලට ගැහුවොත් අනිත් කම්මුලත් පාන්න කියලා, බුදුන් වහන්සේත් සත්ව හිංසාව පවා බැහැර කරනවා... ලෝකයේ ත්‍ර‍ස්තවාදී කල්ලි වලින් 90% ක්ම මුස්ලිම් වීම තුල ඉස්ලාම් දහම ප්‍ර‍චණ්ඩකාරී සිතුවිලි මිනිසුන් තුල ජනිත කරවන්නක් බව පැහැදිලියි.

      Delete
    4. මම මේකට මුකුත් කියන්නේ නෑමයි කියලා හිතාගෙන හිටියේ.. මේක හැමතැනම පට්ට ගහන මාතෘකාවක් වෙලා නිසා... ඒත් මේ පේට්‍රියට් කියපු දේ නිසා දෙයක් කියන්න ඕ‌ෙන් කියලා හිතුනා..

      මෙච්චර දවස් ‌ෆේස්බුක් එකේ ඔය වගේ කතා දාදා, අවුස්ස අවුස්ස හිටපු හැමෝම වගේ ඊයේ පෙරෙදා ඉඳලා හැම ආගමකටම ගරු කරමු කියලා එකක් ෂෙයර් කරනවා මම දැක්කා... ඒ වගේම මම දැක්කා මුස්ලිම් ගොඩ දෙනෛක් රිසානාගේ කතාව ගැන ෆේස්බුක් එකේ ෂෙයාර් කරන්න එපා කියලත් දාලා තියෙනවා... ඒ අස්සෙම අන්වර් මනතුංග මේක සෞදි නීතිය මිසක් ශරියා නීතිය හින්දා වෙච්ච දෙයක් නෙවෙයි කියලා මේක සාධාරණීකරණය කරන්න ලියපු ලිපිය මුස්ලිම් අය ෂෙයාර් කරනවා දැක්කා...

      මං තාම හිතනවා මොකද්ද මේ හිටි හැටියේ වෙච්ච විපර්යාසේ කියලා... මට නම් කියන්න තියෙන්නේ එකම දෙයයි... මුස්ලිම් අය කියනවා වගේම රිසානා මෙහෙම මැරැනේ “අල්ලහ් දෙවියන්ගේ කැමැත්ත” හින්දායි.. ඇය මෙහෙම කෲර විදියට මරා දැම්මේත් “ශරියා නීතියට අනුව නම් ඇය ශහීද් කෙනෙකුගේ තත්වයට” පත් වීමයි. ( මේ ටික උපුට ගත්තේ අන්වර්ගේ බ්‌ලොග් එකේ කමෙන්ට් එකකින්... මේ ටික දැම්මේ මම මේ ආගම ගැන කරුණු දක්වන්න තරම් දන්නේ නැති නිසයි.. ඒ වගේම සෞදි නීතිය ශරියා නීතිය නොවන බව කියන අය ඉන්න නිසයි.. ) එහෙනං ඉතිං අපිත් මේ ගැන කතා කරලා වැඩක් නෑ නේ... මේ මැරුනේ සිංහල ගෑණුකෙනෙක් නොවෙන එකට දෙයියන්ට පිං දෙන මුස්ලිම් අය හිතන්නේ අපි මේ කතා කරන්නේ, ක්‍රියාකරන්නේ මේ කෙල්ල ශ්‍රී ලංකිකයෙක් කියලා හිතලා නෙවෙයි විදියටනේ... ඇත්තටම අපිට තියෙන කැක්කුම මොකද්ද බුවා.. මේ පණ දාගෙන කොටන්න මේවා.... මොනවටද අපි මේවා කතා කරන්නේ...

      නිකම් බොරුවට අපි කාලේ නාස්ති කරනවා විතරයි.... සිංහල ගෑණු කෙනෙක්ට උනා නම් විතරක් අපි කතා කරමු.. නැත්තම් නිකම් ඉමු....

      අර තානාපති ආපහු ගෙන්නපු එක මං දන්නේ මේක කියෙව්වම... ඒක නම් එච්චර හොඳ දෙයක් විදයට මං දකින් නෑ.. එතකොට ඒ රටේ දැනට ඉන්න අනිත් අපෙ අයට මොකද වෙන්නේ කියල බයයි...

      Delete
    5. අන්වර් ගැන මම කථා නොකරන්නේ මිනිහ ඕනම බලු බෙට්ටක් වුනත් තමන්ට ඕන විදිහට සෙන්ට් කුප්පියක් කරල දාන එකක් නිසා.

      මම නම් ඉස්ලාම් ආගම ගැන හදාරල තියනවා. හිරු කියපු කථාව කිව්වේ රිසානා ගැන දුක නැති නිසා නෙමේ, නමුත් අනිත් එවුන් කියන දේවල් ගැන කලකිරීම නිසා බව මම දන්නවා. ඒත් ඒක නොතේරෙන අය ඉන්න පුළුවන් නිසා කියන්නේ, ඔය මුසල්මානුවන් මොනවා කිව්වත් අපි අපේ මනුස්සකම අඩු කරගන්න ඕන නෑ. ඒ උන්. මේ අපි.

      සෞදි තානාපති ගෙන්නුවා කියල තානාපති සේවය අත්හිටවීමක් සිද්ධ වෙලා නෑ. ඒක නිසා හිරුගේ ඒ අදහස වැරදි. අනිත් එක මේක තාවකාලිකව කරපු දෙයක්. ඒ වෙනුවට වෙනත් කෙනෙක් පත් කරනකම් විතරයි.

      හැබැයි ආණ්ඩුව බලාපොරොත්තු වෙනවනම් ඒ මිනිහට වගකීම භාරදීලා අත් දෙක පිහදා ගන්න ඒක නින්දිතයි.

      Delete
    6. @ හිරු... අන්වර් මනතුංග කියන්නෙ උපතින් ක්‍රිස්තියානුවෙක්... දැන් සල්ලි වලට මුස්ලිම් ආගමට කඩේ යන... පොඩ්ඩක් හිතන්නකො මුසල්මානුවෙක්ට කොහෙන්ද මනතුංග කියලා වාසගමක්...

      ඔය වගේ පිස්සන්ගෙ ප්‍ර‍කාශ මෙතනට උපුටා දැක්වීමත් නොවටී...

      Delete
    7. @TMP මාතලන්ගේ මුල් ලේඛනයෙන් නම් මට කිසිම උපහාසයක් දකින්න නෑ ,

      ඔබේ අදහසට ස්තුතියි , මම සාමාන්‍යයෙන් ෆේස් බුකියේ කිසිම ආගමික පේජ් එකක සමාජිකත්වය දරන්නෙවත් , ඒ දේවල් ශෙයා කරන්නෙවත් නෑ . හේතුව ආගමික අන්තවාදයට උත්තරය ආගමික අන්තවාදයක්ම නොවෙන නිසාත් , ඔය ගොඩක් ෆේස් පිටු කරන අයගේ දේශ ප්‍රේමයත් එක්ක මගේ පැහීමක් නැති නිසාත් . නමුත් රිසානා වෙනුවෙන් පලවුනු දේවල් ශෙයා කරන්නත් , ශරියාව හෙලා දකින්නත් මම කටයුතු කලේ මේක ඒ තරම්ම තිරිසන් නිසා . අර ඉන්දුනිසියානු ගෘහ සේවිකාවගේ විඩියෝව බලපු ගමන් ශොක් එක පිටයි මේ ලිපිය ලිව්වෙත් . ඔබ කියනවා වගේ කිසිම මුස්ලිම් වරයෙක් මේකට විරෝධය පලකරනව මම දැක්කේ නෑ , මේ ඔවුන්ගේ ආගමික නිතියෙම කොටසක් නිසා කරන්න බැරුව ඇති , නැත්නම් මක්කම යන්න බැරිවෙයි කියල බය ඇති

      හිරු - එහෙම කියන්න එපා මේක මුස්ලිම් වරුන්ගේ ප්‍රශ්නයක් කියල අයින් කරන්නේ බෑ , මිනිස් කමට එරෙහිව නොමිනිසුන්ගේ ක්‍රියාවක් හෙලා දැකීමක්

      Delete
  16. මගේ හැගිම් ඒ විදියටම උඹ මෙහි සටහන් කරලා තියෙනවා...අපේ රජය දැන්වත් මේ කාලකණ්නි දේශයට අපේ ශ්‍ර‍මිකයන් යැවීම නතර කල යුතුයි. යූ ටියුබ් මාධ්‍යයෙන් මේ මරණ දඩුවම ප්‍ර‍සිද්ධියේ ක්‍රියාත්මක කරන ආකාරය නැරඹූවොත් ඔබටත් දැනේවි එය කාලකණ්නි දේශයක් බව....

    ආසියානු සහ අප්‍රිකානු බෙලි වැඩිපුර කැපෙන්නත්, යුරෝපා සහ ඇමරිකානු බෙලි නොකැපෙන්නත් හේතුව කුමක් විය හැකිද ?

    ReplyDelete
    Replies
    1. බටහිරයන්ගේ බෙලි කපන්න ගියොත් නැතිවෙන්න කන බව තේරුම් ගන්නට තරම් ඔලු ගෙඩියක් සෞදි රජාට තියන නිසා වෙන්න ඇති . ස්තුතියි අදහසට

      Delete
  17. මෙවැනි ගැටළු පිළිබද ආගමික පදනමක ඉද විමර්ශනය කිරීම යාම මහ මෝඩ ක්‍රියාවක්. රටක නිතියක් ආගමික නීති සමුදායක් මත නිර්මාණය වීම පිළිබද සෞදි ආරාබිය රටක් වශයෙන් තවත් සලකා බැලිය යුතුයි. කොහොම කලත් මෙම මරණය පිළිබද ලංකාව තුන්වන පන්තියේ ශ්‍රමිකයන් අපනයනය කරන රටක් වශයනුත්, සෞදි ආරාබිය ඔඋන්ගේ නීති ක්‍රමය පිලිබදවත් දෙවරක් සිත බැලිය යුතු කාරණාවක්.

    ReplyDelete
    Replies
    1. ආගමික පදනමෙන් නෙවෙයි සහෝදරයා නිරාගමික පදනමකින් බලන්න මෙකේ තියන ම්ලේච්ඡත්වය එතකොටත් පේනවා .

      Delete
    2. ඉස්ලාම් කියන්නෙ අගමක් හො දර්මයක් නෙමේ මහ්හම්ත් සහ උගෙ සෙට් එක කරපු වෑරදි වලදි එක අල්ලහ් තමඉ කිඋවෙ කියල අනිත් උන් බයකරා ඊට පස්සෙ මේක තමඉ මුන් සෙරම මුලාකරන්න හොදම ක්‍රමය කියල එදා ඉදන් තමඉ ඉස්ලම් බිහිඋනෙ මහමත් මරුනට පස්සෙ එවට එක එක අර්ත කතන දිල තව අය ත්වත් එව එකතුකර එක තමඉ කුරනය

      Delete
  18. බුවාගේ කරුණු 12 සමග පොදුවේ එකගයි හතර වැනි කරුණ පොඩ්ඩක් වෙනස් විදියට මම හිතන්නේ //04) මිනිසුන් වශයෙන් පලමුව එරෙහිව යුත්තේ මිනිස් කමට එරෙහි ම්ලේච්ඡත්වයටය . දේශපාලනය ගැන කථා කල යුත්තේ ඉන් පසුවය//
    මෙතන මම දේශපාලනය ආර්ථිකයෙන් වෙන්කරන්න කැමති නැහැ. ම්ලේච්ඡත්වයටය විරුද්ධ විමට අපි දේශපාලන සහ ආර්ථික බලය මුලින් ලබාගත යුතුයි. නැත්නම් අපි කියන දේ සහ අපේ විරෝධය බල්ලෙක්වත් ගණන් ගන්නේ නෑ. ආර්ථිකව දියුණුවෙලා දේශපාලන බලයක් තියන රටවල් අරාබියට ගෑනු යවන්නේ නෑ වහල්කමට.

    අනික් කාරනාව තමයි ඉහත හිරු දාපු කොමෙන්ට් එක හරි වැදගත් රිසානා ශ්‍රී ලාංකික ගැහැනියක් ලෙස ගෙන මිස මුස්ලිම් ගැහැනියක් හැටියට අරගෙන නොවෙයි අපිට කැක්කුමක් එන්නේ. මුස්ලිම්වරුන් මේ වෙලාවේ මේක මුස්ලිම් නිතිය නොවෙයි වගේ බයිලා කියන එක උන්ගේ ගෝත්‍රික බලුකම ඇරෙන්න වෙන දෙයක් නොවෙයි.

    ReplyDelete
    Replies
    1. ඔබේ මතයට එකඟයි , මම අදහස් කලේ බ්ලොග් කරුවන් වශයෙන් මේ ප්‍රශ්නයේ දේශපාලනික පැතිකඩට කලින් මානුෂීය පැතිකඩ දකින්න පුලුවන් නම් හොඳයි කියන කාරණය

      Delete
  19. තානාපති ගෙන්වා ගැනීම නෙවෙයි, ගෘහසේවිකාවන් ලෙස කතුන් පිටරට යැවීම නතරකිරීම වගේ විප්ලවීය පියවරක් මේ සිද්ධිය එක්කම ගත්ත නම් එයයි සිදුවිය යුතු.

    ReplyDelete
    Replies
    1. //ගෘහසේවිකාවන් ලෙස කතුන් පිටරට යැවීම නතරකිරීම වගේ විප්ලවීය පියවරක් මේ සිද්ධිය එක්කම ගත්ත නම් එයයි සිදුවිය යුතු//

      එකඟයි

      Delete
  20. අපේ ගෑනු අරාබින්ට කුලියට දීලා ගන්න සල්ලිවලින්නේ ආණ්ඩුව ආතල් ගන්නේ.ඉතිං ගෑනු රට යවන එක නවත්තන එක කෙසේ වෙතත් බොරු ඇඩ් එකක් දාලා තානාපතිව ගෙන්නගෙන පස්සේ අර අපේ රටේ න්‍යායට අනුව සති දෙකකින් ආයේ තානාපතියව ආපහු යවයි තෑගිත් එක්කම.

    අපේ ගෑනු ඔච්චර අවධානමක් අරගෙන ඔය අරාබි රටවලට යන්නේ ඇයි කියන හේතු හොයලා ඒවට විසඳුම් දෙන්ඩ කිසිම රජයක් කටයුතු කළෙත් නෑ කරන්නෙත් නෑ.

    ReplyDelete
  21. ස්තුති යටින් දැමු ගොසිප්9 ලින්කුවට..

    බුවා ඔබට ජය !

    ReplyDelete
  22. සම්පූර්ණයෙන්ම එකඟයි බුවා. රජයටයි ඒජන්සි කාරයෝන්ටයි ඇඟිල්ල දික් කරලා නිකන් ඉන්න එක වැරදියි. මේ සිද්ධියේ ප්‍රශ්නේ තියෙන්නේ බොරු වයසක් දාලා හොර මාර්ගෙකින් දිළිඳු කම හින්දා මෙහෙකාර සේවෙට රිසානා යවපු එක නෙමෙයි. නියමිත වයසෙදි නීත්‍යානුකුලව ගියපු කෙනෙක්ට උනත් මේ වගේ සිද්ධියක් වෙන්න බැරිද? එතකොට ඒවාට අත දික් කරන්නෙත් රජයටද?

    ReplyDelete
    Replies
    1. // නියමිත වයසෙදි නීත්‍යානුකුලව ගියපු කෙනෙක්ට උනත් මේ වගේ සිද්ධියක් වෙන්න බැරිද? එතකොට ඒවාට අත දික් කරන්නෙත් රජයටද?//

      වැදගත්ම ප්‍රශ්නය ඕක තමයි , බොහොම ස්තුතියි

      Delete
  23. menna balapan anver karayage blog eke ekege comment eka.mee wage gonnu ekkane ban sahajewanane inda kiyanne.
    ///////////////////
    රිසානාගේ මරණය අපි සැමටම ශෝකය ගෙන දෙන්නකි.එහෙත් ඒ ගැන කොතෙක් කතාබහට ලක්වුවත් දැන් පලක් නොමැත. හේතුව ඇගේ මරණය මේ ආකාරයෙන් සිදුවීමට දෙවිදුන් විසින් ලියන ලද්දකි. ලෝකයේ ඇති ප්‍රධාන මානව හිමිකම් ආයතන පවා ඇගේ මරණ දණ්ඩණයට එරෙහිව ඉදිරිපත් විය.එම නිසාම ඇගේ සිර දඩුවමද දීර්ඝ විය. අප රජයද යම් තාක් දුරට මේ සදහා උනණ්දුවක් දැක්විය.මෙලෙස වසර ගනනාවක් තිස්සේ කතාබහට ලක්වුවත් සැමගේම උත්සාහය නිශ්පල විය.
    මෙය මා දකින්නේ සර්වබලධාරි දෙවිදුන්ගේ න්‍යායට විරුද්ධව කිසිදු බලවේගයකට සටන් කිරීමට නොහැකි බවය. “ලා හවුල වලා කුව්වත ඉල්ලාහ්බිල්ලාහ්‍“ (අල්ලාහ්ගේ සර්වබලපරාක්‍රමය හැර වෙනත් කිසිදු බලයක් විශ්වයේ නොමැත.)
    මුස්ලිම් නොවන්නන්ගේ සංකල්පයට අනුව ඔවුන් මේ මරණය විවිධ ආකාරයට දකියි. ඒ ඔවුන්ගේ දහම්වල ඇති චින්තනයේ ප්‍රථිපළ වියහැක. එනම්, “එහෙම නොවි මෙහෙම වුනානම් සිදුවන්නේ මෙවැනි යහපතක්නේ“ යනුවෙන්. ඇත්තටම මෙවන්නන්ගේ හදවත් තුල ශේකය හා පසුතැවීම පමණය අවසානයේ ඉතිරිවන්නේ. අදුශ්‍යමාන බලවේගයක් විශ්වය තුල ක්‍රියාත්මක වනබව මොවුන්ගේ විචාර බුද්ධියට නොහැගීම මෙයට හේතුවයි.
    මුස්ලිම් අපගේ සංකල්පය අනුව,ඇය වැරදිකාරියනම් එයට ඇය මෙලවදීම වන්දිගෙවන ලදී. ශරියා නීතියට අනුව මරණයට පත්වීම ශහීද් කෙනෙකුගේ තත්වයට ඇය පත්වීමයි. (අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පිදීම) .
    ඇය සේවය කළ ස්ථානයේ ස්වාමිදුවගේ වරදනම් ඔවුන් අල්ලාහ්ගේ දඩුවමට අනිවාර්්‍යෙයන්ම පාත්‍රවනවා නිසැකයි. සෑම මනුශ්‍යකුගේම වැරදි අයහපත් ක්‍රියාවලට අඩුවැඩි වීමක් නොමැතිව දෙවිදුන් විසින් දඩුවමට හසුකරගන්නවා ඇත.සර්වබලධාරි දෙවිදුන් සර්ව සාධාරණය ඉටුකරයි.
    “අල්ලාහ් වෙත නුඹලා ආපසු යන දිනයේ නුඹලාට ලැබිය හැකි අපකීර්තිය හා අවාසනාවන්ත භාවය පිළිබද පරිස්සම්වනු.කෙනෙකු කළ හොද හෝ නරක දෙයහි ප්‍රථිපළ එහිදි ඔහුට සම්පූර්ණ වශයෙන් දෙනු ලබනු ඇත. තවද, කිසිදු කෙනෙකුට අසාධාරණයක් කරනු නොලැබේ. (අල් කුර්ආනය 2:281)
    ///////////////////

    ReplyDelete
    Replies
    1. @ ඇනෝ...මෙතනදි වැරදි අදහසක් මතු කරන්නේ. Mohamed Farshan Zarook කියන මුස්ලිම් ජාතිකයා අද උදේ බුකියේ දාපු ස්ටේටස් අප්ඩේට් එක මෙන්න. හැමෝම නෙමේ, ඒත් පිරිසක් නිසා තව පිරිසකට පොදුවේ ගැරහීම හරි නැහැ නේද?

      //මේ රටේ බෞධ්ධයින්ට චෝදනා කරන මගේම ආගමේ උන්ටයි මම කියන්නෙ...
      රිසානා වෙනුවෙන් අපිට වඩා අද දුක් වෙන්නෙ කව්ද කියල ඇස් ඇරලා බලනවා හොඳයි...හම්බයින්ගේ රට අරාබියයි කියන සමහර වලිගය පාගා ගත්තු අයටයි මම කියන්නෙ...දැන්වත් තේරෙනවද මගේ උන් උඹලා මිසක් උන් නෙවෙයි කියලා...
      මමත් ඔය කියන රටවල ඉඳලා තියෙනවා...වීසා ඉවරවුනාම එක තත්පරයක් තියාගන්නේ නැහැ, අපිව... උපන් රටට යන්න කියලා EXඓඨ් ගහනවා...මම කියන්නේ ජාතිකත්වයයි....ආගමයි...පටලවාගන්න එපා...
      උඹ කරන්නේ රටට වැරැද්දක් නම්,
      උඹ මගෙ ආගමේ නෙමෙයි මගේම ලේ උනත්
      උඹ මට එපා...
      කරන්නේ හරි දෙයක් නම් වෙන ආගමක උනත්,
      මගේම එකෙක් කියලා මම වැළඳගන්නවා.//

      බොරුනම් බලන්න, මෙන්න බුකියේ ලිංකුව..

      Delete
    2. ඔය කියන මුස්ලිම් ජාතිකයා විතරක් නෙවෙයි හිරු ටිවි එකේ අදහස් පල කරපු රිසානාගේ ගමේ මවුලවි කියන්නෙත් ඔය කථාවමයි . දවස ගානේ කුරාන වැකි ශෙයා කරන මගේ බුකියේ ඉන්න මුස්ලිම් මිතුරු මි තුරියන්ගෙන් එකෙක් වත් රිසානා ගැන වචනයක් ලිව්වේ නෑ . අන්වර් මනතුංග සහ ඒ බ්ලොග් එකේ සමහර ලෙඛකයන් සෞදියේ ශරියාවක් නෑය කියල මතු කරන්න දැඟලුවත් මුස්ලිම් මිනිස්සුන්ගේ ඇහින් මේක ශරියාව අනුව සාධාරණ යි . මොල හේදීමට ලක්වුන අයට හරි වැරැද්ද දකින්න පුලුවන් කමක් නෑ

      Delete
    3. @The Modern Patriot
      එහෙම කට්ටිය නැ කියලා මම කියන්නේ නැ.හබඊ වැඩි පුර ඉන්නේ මම කියපු ජාතියේ අය. ඔය වගේ අදහස් තියන 10 දෙනෙක් හොයා ගන්ඩ පුලුවන්ද.
      Office එකේ මුස්ලිම් අය ඉන්නේ දැන් කටේ පිට්ටු හිර වෙලා වගේ. අපි නම් මාර විදිහට වැඩේ ගැන දුක් උනා.
      ඒ උනාට අන්වර්ගෙ site එකේ ඉන්න අයගේ අදහස් දැක්කම තේරෙනවනේ මෙයාලගේ හැටී.

      Delete
  24. මෙතන මාතලන් අල්ලන් පට්ට ගහන එක වැරදියි බුවා මුලින්ම .
    ඒක තේරුම් ගනින් .කමෙන්ට් එකක් මැකුව කියල පොස්ට් එහෙකට
    යන්නේ ඇයි ? ගානට මුස්ලිම් උන්ට සප් එක දෙන්නෙත් මාතලන්
    වගේ උන් , උන්ව ඉස්සෙල්ල හම ගහන්න ඕනේ වගේ එකක් උබ
    කරන්නේ පැහැදිලිවම මේ කරුණු 12 අස්සෙන්.

    යකෝ මාතලන් මෙච්චර කල් කරපු කියපු දේවල් උබට එක රැයෙන් අමතකද ?
    ඉස්සෙල්ලම තේරුම් ගනින් ආවේගශීලී වෙලා මොන දෙයක් වත් කරන්න බැහැ .

    අනිත් දේ තමයි ලංකාවේ මිනිස්සු සමූල ඝාතනය උනත් සව්දියේදී අපිට කරන්න
    පුළුවන් දෙයක් නැහැ .අද දැක්කනේ මේ රටේ ඉහලම කෙනෙක් අත් වින්ද ඉරණම ? ( 2013 jan 11 )

    මේ මුලින්ම තේරුම් ගනින් උබල අපි මේවට මරාගෙන වැඩක් නැහැ .
    අඩුම තරමේ ඉන්ටනෙට් එකේ ඉන්න සිංහලු ටික වෙන අපිත්වත් හරියට සමගියෙන් ඉන්නේ නැතුව මොනවා කරන්නද ?

    මෙතන ඕනේ නම් වැඩිම උනොත් 2000 ඇති .මේ අපි ටිකත් මෙහෙම මරන් වැඩක් නෑ. මේ වෙන දේවල් රටේ ඉන්න ඉහලම උන්ට එක රැයෙන් නීති හදල , තීරණ අරන් විසදන්න පුළුවන් .ඒත් එහෙම කරන්නේ නැහැ බන්.

    අවුරුදු 30 යුද්දයක් නවත්තපු එකේ මේ වගේ දේවලුත් නවත්තන්න පුළුවන් .
    ප්‍රශ්නේ තියෙන්නේ එහෙම දේවල් කරන්නේ නැහැ..හකීම් කියන ගස් බල්ලට
    තව තව නටන්න දෙනවද කියපන්කො අමු අමුවේ නැගෙනහිරින් කෑල්ලක් ඉල්ලද්දීත් ?

    ඒ වගේ මේ යන වැඩපිළිවෙලට මොකා මැරුණත් මොකාට හෙණ ගැහුවත් වැඩක් නැහැ .රිසානාගේ මිනියත් විකුණන් කනවා අනිවා චන්දයක් තිබ්බ නම් .එහෙම දෙයක් ඕනේ නැහැ දැන් මොකද මිනිස්සුන්ට ශිරාණි මැඩම්ගේ ප්‍රශ්නේ ඇති හිතන්න ..

    ඔය වගේ දේවල් එක්කයි මේ දේවල් තීරණය වෙන්නේ .මට කියන්න තියෙන්නේ
    අරාබි රටවල් එක්ක තියෙන ගනු දෙනු මේ කපේට නවතින්නේ නැහැ ..
    නමුත් අර විනාඩියක නිශ්ශබ්දතාවය වගේ දෙයක් කරාවි සාමාන්‍ය මිනිස්සුන්ව
    පොඩ්ඩක් කූල් ඩව්න් කරන්න..
    තානාපති ගෙන්නීම වගේ දේවල් .

    ඔහොම බයිලා ටිකක් ගැහුවම අපි හැමෝටම ඕක ගානක් නැහැ .
    දැන් අර ඉන්දියාවේ දූෂණය උන ගෑනු ළමය මතකද ?
    රත්මලානේ සිද්දිය මතකද ?
    කට්ටිය හෝ ගාල කියෙව්වා මතකද අද වගේම ?

    මන් කියන්නේ අපි රටක් විදිහට නැගිටින්න ඕනේ මෙහෙම නෙවේ .
    ඉස්සෙල්ල මේ මගුලේ නීතිය හදා ගන්න ඕනේ ගස් බල්ලෝ එළවලා.
    ඉඉට පස්සේ මේ රටේ රස්සා ඇති කරන්න ඕනේ..
    ඉඉට පස්සේ පිට රටවල අන්ත දුක් විඳින මිනිස්සු ටිකට ඒ රැකියා දෙන්න ඕනේ..

    ඊට පස්සේ ඕනේ මගුලෙක් ඕන පුකක් කරගත්තදෙන් කියල ශ්‍රී ලාංකිකයෝ
    විදිහට ඉන්න ඕනේ.

    මොන මගුලෙක් වත් හදන්න අපි යන්න ඕනේ නෑ.අපි හැදිලා , අපේ හිඟන උන් මහත්තුරු නෝනලා කරගෙන හිටියම ඇති.වනචාරීන් , ගෝත්‍රිකයෝ ඕන දෙයක් කරගත්තදෙන් . උන්ගේ ගොදුරු නොවී ඉන්න පුළුවන් එතකොටයි.

    හැබැයි ඒක කරන්න නම් මේ එකට කන එකාට #කේ අ#න එක දැන් වත් නවත්තන්න ඕනේ..

    එච්චරයි ආයේ මේ ගැන කියන්නේ නැහැ ....

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එකක් මැකුවාම ලිපියකට යන්නේ කමෙන්ට් එකේ කියපු දේවල් විස්තරාත්මකව කියන්න අවශ්‍ය නිසා . ඊලඟට මාතලන් කරන සාධාරණී කරණයට විරෝධය පල කරන්න අවශ්‍ය නිසා . ම්ට බ්ලොග් කරණයේ පුද්ගල වන්දනාවක් නෑ . මට මාතලනුත් ඔබත් කවුරුත් මේ අවකාශයට පමණක් සීමා වුනු සහෘදයින් ඒ නිසා කියන්න ඔනී දේ ඕනි කෙනෙක්ගේ මූණටම කියනවා . මාතලන් කිව්ව දේවල් කොහොමටවත් අමතක නෑ . මාතලන් දාන ඊලඟ පොස්ට් එකේ ඉඳන් මාත් කමෙන්ට් කරනවා , බොහෝ වෙලාවට ඔහුගේ අදහසට සමපාතව -මෙච්චර කල් වුනා වගේ . කවුරු කලත් කමෙන්ට් වාරණයට මම විරුද්ධයි , ඒකට විරෝධය පලකල යුතු නිසාත් , මාතලන්ගේ අදහසට විරොධය පල කරන්නත් තමයි ලිපිය අස්සට ඔහුගේ නම ගැවෙන්නේ .

      Delete
    2. සහන් කියන දේට මාත් එකඟයි.. මට සහන්ට තරම් ඔය ගැන දැනීමක් නැති උනාට වෙන්න ඕනේ දේ මොකද්ද කියලා හැඟීමක් තියෙනවා...

      හැබැයි සහන් මේක නිවුස් මත රැඳෙන ලෝකයක්.. ඒක නිසා එක සිද්ධියක් යට ගිහින් තව එකක් මතු වෙනවා... ඒක නවත්තන්න බෑ... ඒක නිසා එකම දේ හැමදාම කතා නොකරනවා කියලා කාටවත් දොස් කියලා වැඩක් නෑ... එකම දේ ඒවා මතක තියාගෙන ඉන්න එක... අපේ රටේ නොවෙන්නෙත් ඒක...

      ///ඉස්සෙල්ල මේ මගුලේ නීතිය හදා ගන්න ඕනේ ගස් බල්ලෝ එළවලා.
      ඉඉට පස්සේ මේ රටේ රස්සා ඇති කරන්න ඕනේ..
      ඉඉට පස්සේ පිට රටවල අන්ත දුක් විඳින මිනිස්සු ටිකට ඒ රැකියා දෙන්න ඕනේ..

      ඊට පස්සේ ඕනේ මගුලෙක් ඕන පුකක් කරගත්තදෙන් කියල ශ්‍රී ලාංකිකයෝ
      විදිහට ඉන්න ඕනේ.///

      මේන්න මේ ටිකට මම 100% එකඟයි... ඔය විදියට මේ රටේම උන් හිතන්න ගත්තනම් හරි...ඒත් මේ ආගම්වාදේ ජාතිවාදේ, සිංහල, දෙමළ, බෞද්ධ, මුස්ලිම්, ක්‍රිස්තියානි, එක පාර්ෂවයකවත් තියෙන කම් මේක කෙරෙන්නේ නෑ... ඒක තමයි ආසියාතික රටවල් වලට තියෙන හෙනේ මට තේරෙන හැටියට...

      Delete
  25. රිසානාගේ මරණය ප්‍රශ්ණාර්ථයකි ?

    අහින්සක දිළිදු දැරිය රිසානා.ඔබගේ මරණය කෙරෙහි ශොකය පළකරන්නෙමි. ඔබගේ මරණය හා එය සිදුවූ අයුරු පිළිබද විවිද අයුරින් නැගෙන ප්‍රශ්ණ රාශියකි. නමුත් ඔබේ මරණය මගින් ඔබ ප්‍රශ්ණාර්ථ ලකුණක් වී ඇතේ අපේම නොහැකියාවන් ,අතපසුවීම් හා අමනකම් වලටය.

    ? ගෘහ සේවිකාවන් ලෙස විදේශ ගතවන අයහට සිදුවන කුරිරුකම් පිළිබද පුවත් හතරවටින් ඇසුනත් තම බිරිද,දියණිය රට පටවා එම මුදලින් තම ජීවිතය සරිකර ගන්නා කොන්ද පණනැති අලස මිනිසුන්.

    ? ජීවිත බිල්ලට දී හො සොයන විදේශ විනිමයට වටිනාකමක් දෙන බලධරයින්.

    ? මනු නීතියේවත් නොමැති මෙවැනි කෲර දඩුවම් සහිත දේවනීතිය අපරටටද කාන්දුකර ගන්නට දගලන මොඩයින්.

    තවත් ජීවිතයක් මෙවැනි ඉරණමකට ගොදුරුවන්නට ඉඩ හරිනවාද.රජය අත ඇති වගකීම සුලුපටු නොවේ.දිලිදුකම අපට ඇති ගැටලුවක් ලෙස ඔබ දකින්නට පුලුවන. නමුත් රැකියා සදහා විදේශ ගතවන්නන් සෞදි වැනි ශරියා නීතිය මගින් පාලනයවන රටවල්වලට හො යැවීම වහාම නතරකලයුතුය.නැතිනම් රිසානලා,සිරිතුන්ගලා වැනි අයගේ කතා අපට හැමදාම ඇසීමට සිදුවේවි.

    ReplyDelete
  26. ෂාරියා නිති යට සුදුහුනු ගාන අයට, ඉස්ලාම් අගම සාමකාමි අගමක් යැයි කියන අයට මේ සිද්ධිය කනේ පහරක්,වේලා.

    ReplyDelete
  27. එහෙත් සෞදි රජයට විරෝධය පල කරමින් සෞදි තනාපතිවරය කැඳවීමට ගත් තීරණයට මාගේ සම්පුර්ණ ස්තුතිය පලකර සිටිනා අතර .මින් මතු මිලේච්ඡයින්ට කඹුරන්නට ශ්‍රි ලංකික කාන්තාවන් නොයවන්නට තීරණය කරන්නට හැකි නම් වඩාත් අගනේය..."

    100% ක් එකඟයි...

    ReplyDelete
  28. මෙය ඉතා සන්වේදී සිදුවීමක් මේ පිලිබඳ මගේ මතය.

    1 ඔවුන් විශ්වාස කරන ආගමට ගැරහීම කිසිවෙකු නොකළ යුතුය එය ඔවුන් විසින්ම තේරුම් ගත යුතුය.
    2 මේ ප්‍රශ්නයේදී මුස්ලිම් ජාතිකයන් හැසිරෙනුයේ මෙම සිදුවීම නිසා ඔවුන්ගේ ආගමට වන හානිය (මිනිසුන්ගේ පිළිකුල) වලක්වා ගැනීමට මිස මේ පිළිබද සැබෑ සංවේදී බවකින් නොවේ.
    3 මෙම සිද්ධිය නිසා දයාවෙන් කම්පිත වූ අපේ හැගීම මෙය හුදෙක් මනුෂයත්වට එරෙහිව සිදුවූ සාපරාධී ම්ලේච්ච අපරාධයක් වන බවයි .
    4 එසේම තම රට වැසියෙකුට පිටරටකදී සිදුවූ කරදරයක් පිලිබදව රාජ තාන්ත්‍රිකව මැදිහත් වීමට නොහැකි දුර්වල රජයක ක්‍රියාකාරීත්වයයි.

    ReplyDelete
  29. This comment has been removed by the author.

    ReplyDelete
  30. මොළ හෝදපු ගෝත්‍ර ජාතියක් එක්ක කතා කරලා ප්‍රශ්න විසඳගන්න බැහැ. කුරණයෙන් පිට කිසි දෙයක් උන්ට හිතන්න මොලයක් නැහැ. ඉතින් මේක රජයක් විදියට ටික ටික මේ ලංකාවෙන් වහල්ලු යවන එක නවත්වන්න ඕනේ.

    ReplyDelete
  31. බුවා උඹේ පෝස්ට් එක කියෙව්වා.

    කොමෙට්ස් ඔක්කෝම කියෙව්වේ නෑ.

    "වැලිකඩ සිරකරුවන් ඝාතනය කරත්දී අත්පුඩි ගැසූ මාතලන් ට රිසානා තවත් එක් ඝාතනයක් පමණක් විය හැක . එනිසා මහින්දට සහ රජයට වරද පටවා නිහඬ වීමේ හැකියාවක් ඔහුට තිබුනත් මාහට එසේ නොවේ".

    මේ ටික කියෙව්වාමයි ෂාරියා නීතියාට් අනුව දුන්නු දඬුවම පිලිගනන්වා කියලා රිසානගේ අම්මයි මුත්තූර් පල්ලේ ලෙබ්බේ කිව්ව එකයි දැක්කට පස්සේ මෙහෙම අහන්න හිතුනා.

    එහෙනම් උඹ මීට එරෙහිව මොකද්ද කරන්න කියලා යෝජනා කරන්නේ?

    ඉස්ලාම් රටවල් අපේ ලංකාවේ ගෑනුන්ගේ බෙලි ආගමේ නාමයෙන් හරි මොන @$@#%ක නාමයෙන් හරි කපන එකට මමත් යෝජනා කරන්නේ ගෑනුන්ව වහල් සේවයට යවන එක නතර කරන්න පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කර ගන්න කියන එකයි.

    පොන්ත නෝනගේ සාය පොන්ත නෝනගේ හැටියටළු කිව්ව වගේ සෞදියේ නීතිය ශාරියා හරි මොන @%#%^ක් හරි ඒක උන්ට ඕන විදිහට තිබිච්චාවේ අපේ මොකෝ . . .

    අපි ගෑනුන්ව එහේ යවන්නේ නැතුව හිටියාම හරිනේ.

    ලංකාවේ ඉස්ලාම් ජනගහනය වර්ධනය වෙන එක වලක්වන්න . .
    පාර්ලිමේන්තුවේ පනතක් ගේන්න ඕන ඕනෑම පවුලක ළමයි ඉන්න පුලුවන් 3යි ඊට වැඩි වෙන කිසිම ළමයෙක්ට ආන්ඩුවේ ඉස්පිරිතාලවල බෙහෙත් දෙන්නේ නෑ, ඉස්කෝල වල ෆ්‍රී උගන්වන්නේ නෑ ඊට අමතරව දෙමවුපියන් රුපියල් ලක්ශ 10ක හෝ ඊට වැඩි දඩයක් ආන්ඩුවට ගෙවන්න ඕන එහෙම බැරි නම් ඒකට හරි යනන් අවුරුදු ගානක් ආන්ඩුවාට් සේවය කරන්න ඕන ඒක පියවන්න.

    සිංහල දෙමළ මුස්ලිම් මොන ජාතියේ උනත් ලංකාව කියන අඹ ගෙඩියේ යම් කිසි ඉඩක් තියෙනවනේ පුරවන්න පුලුවන් තරම් . .

    ඒක ට අනුව ජනගහනය සීමා කරන්න මේ වගේ නීති ඕන කියලා මම නම් තදින්ම විස්වාස කරනවා.

    මාතලන්ට ආන්ඩුවට බැනලා අතපිහදාන්න පුලුවන් වුනාට මට බෑ කියලා පාරම් බාන බුවාට කරන්න පුලුවන් මොනවද?

    ෆේස්බුක් එකේ හලාල් වර්ජනය කරන්න කියලා ෆොටෝ ශෙයා කරන්න . .

    හලාල් එපා, තම්බියෝ සිංහල බෞද්ද මිනිහගේ රටේ සිංහල මිනිහට ඕන විදිහට බෞද්ධ සංස්කෘතිය රැකගෙන හිටපියව් වගේ දේවල් කියලා බ්ලොග් පෝස්ට් එකක් දාන්න . .

    වෙන මොනවද පුලුවන්?

    ඔය දෙකෙන් හා ඒ සමාන ක්‍රියාකරකම් වලිනුයි අපිත් එක්ක එකට ඉස්කෝලේ ගිය මුස්ලිම් යාලුවා තරහ වෙන එකයි . .

    හදිසියේ කිසි කෙනෙක් ගෙදර නැති වෙලාවක මැරෙන්න වැටුනොත් වතුර උගුරක් කටට දාන්න ඉන්න අසල්වැසි මුස්ලිම් ම්නිහයි තරහා වෙනවා ඇර . . .

    සෞදිය අපේ ගෑනුන්ගේ බෙලි කපන එකයි ලංකාවේ මුස්ලිම් ජනගහනය වර්ධනය වෙන එකයි නතර වෙයි කියලා වෙයි කියලා බුවා හිතනවද?

    ReplyDelete
    Replies
    1. අඩේ මේ ටික පෝස්ට් එකක් විදිහට දාන්න හිතෙනවා කොමෙන්ටුවේ දිග දැක්කම

      Delete
    2. දුකා දැන් ඔයා මොන කතන්දර කීවත් ඔයාට මොනවද පුළුවන්?
      අනික ඔයා අනික මිනිස්සු විවේචනය කරලම නැද්ද?
      අසාධාරණය ගැන කතා කරලම නැද්ද?

      Delete
    3. මේක හම්බුනේ ඔබේ බ්ලොග් එකේ,
      http://dukaa.blogspot.com/2011/03/blog-post_29.html
      මහලොකු නූලට සාධාරණ බෞද්ධ මහත්තයෝ,
      පුළුවන් නම් මෙහෙම "බලන්න පිංවතුනි " කියල තමන්ගේ ආගමට හින්ට් ගහගන්න මුස්ලිම් කෙනෙක් හොයල දෙනවැයි?

      ඔයාගේ ලිපිය මං ඔක්කොම කියෙව්වේ නෑ,
      ඒත් දෙයක් කියන්නම්, ඔයා දන්නේ නැතුවට පෙ රටේ මිනිස්සු මුස්ලිම් අය එන්න ඉස්සල්ලා හෙළුවෙන් හිටියේ නෑ,

      "බඩුවල හිලව්වට ගෙදර උන්දැත් එක්ක රැයක් නිදිවදින්න දුන්නා වෙන්නත් පුලුහන්"
      ඔයාගේ පරපුරේ මුලත් මෙහෙම එකක් වෙන්න ඇති සමහර විට, ඒක නිසා තමා මෙහෙම මෝඩ කතා දාන්නේ.
      අපේ මිනිස්සුයි රජවරුයි මුස්ලිම් අය කියන්නේ කපටියෝ කියල නොදැන පිළිකාවක් වගේ පැතිරෙයි කියල නොහිතපු නිසා තමා මේ මිනිස්සු මෙච්චර ව්‍යාප්ත වෙලා ඇණයක් වුනේ.
      ඒක නිසා අර හරකා වුනාට උම්බෑ කියන්න එපා එතකොට දැනගනී කියන කතාව කියන්න තමා තියන්නේ.
      පලි.
      ඒත් අපේ මිනිස්සු හිතන විදිහට මේ මුස්ලිම් ප්‍රශ්නේ විසදන්න බෑ,
      විශේෂෙන්ම අපේ රටේ ඉන්නේ ඔබතුමා වගේ තමන්ගේ ආගම ජාතිය ගැන වටිනාකමක් ආදරයක් නැති මිනිස්සු නිසා තමන්ගේ වත්තේ පල්ලියක් ගැහුවත් බොන්න කන්න හම්බෙනවා නම් හවසට අඩියක් ගහල ඉන්න තියනවනම් හරි කියන මාන්සිකත්වේ පන්සිල්වත් රකින්නේ නැති බෞද්ධයෝනේ ඉන්නේ.
      ඒක තමා අවුල.
      ඔබතුමා නොදන්නවා වුනාට අපේ මෝඩ සිංහලයට ඉස්සර ඉඳලම කරලා තියන්නේ එහෙමයි,
      නුවර නේද ඉන්නේ ගිහින් බලන්න හොයල මුස්ලිම් අය ඉඩම් මංකොල්ලකාපු හැටි,
      අපේ මෝඩයන්ට බොන්ට දීලා වෙරි වුනාම ඇබ්බැහි වුනාම කරෝල කෑලි වලටත් එක්ක ලියාගෙන තියන්නේ.
      අනික තමා අපේ එවුන්ට ඉංග්‍රීසි බැරි නිසා බද්දට ගන්නවා කියල සින්නක්කර ඔප්පු ලියාගෙන ඉංග්‍රීසියෙන්.
      ඒ නිසා මොන බයිලා ගැහුවත් වැඩක නෑ ප්‍රශ්නෙට විසදුම අපේ මිනිස්සු අඩුගානේ පන්සිල්වත් රකින එකෙන් පටන් ගන්න ඕන, එහෙම නැතුව වෙන මොක කරත් වැඩක් නෑ.
      අනික අපි ගහමරාගෙන ම්ලේච්චයෝ වෙලා වැඩකුත් නෑ.
      ඒත් උඩ බලාගෙන කෙල ගහගන්නවත්, තමන්ගේ ජාතියට කෙලවනකන් කටවහන් ඉන්න එකවත් හරි නෑ.

      Delete
  32. ඇත්තටම මෙ සේරම දේවල් හරි කියලා හිතෙනවා...
    ඒත් හැමදේම සති දෙකයිනෙ මතක හැමොටම ඉතින් ඔකටත් හරි විසදුමක් නැහැ..
    අඩුම තරමෙ ජාතිකත්ව න්‍යායවත්(අප රටෙ අයකුට දඩුවමි දියහැක්කේ අප රට තුල පවතින නීතිය තුලින්ම පමණි) හරිහැටි කරන්න බැරිවුණ අපේ පාලකයන් ගැනත් කවරකතාද!...
    අන් කෙසේ වෙතත්....
    ශරියාවට බටහිර ලොව අවි අතට ගන්නා තුරු බලා සිටිමු....

    ReplyDelete
  33. කිසිවක් නොකියා ඉවත්ව යමි....

    ReplyDelete
  34. හේන හත ගහපිය

    ReplyDelete
  35. මම නියම මුස්ලිම් කෙල්ලක්.අපට නියම ආරක්ෂාව අපේ ආගමෙන් ලැබිලා තිබෙනවා.මට නම් හිනා යනවා ඔයගොල්ලො නටන නාඩගම් දැකලා.මම වැරැද්දක් කළොත් මගෙ බෙල්ලත් කපනවා ඒකයි නීතිය.මේ වගෙ දේවල් තියෙන්නෙ මේ වැරදිවල බරපතල කම පෙන්වා දෙන්නයි.ඔයගොල්ලන්ගෙ ආගම්වල වගෙ අල්ලසට ශාරියා නීතිය ගන්න බෑ.එහෙ හොරා පොලිස් සෙල්ලම් නෑ.රජ්ජුරුවන්ටත් නීතිය.මුස්ලිම්ස්ලට කිසිම ප්‍රශ්නයක් නෑ.ඕගොල්ලන්ට පිස්සුද මන්ද.සිංහල ගෑනුන්ට ඇන ගහනව කියල කතාවක් ගෙනිච්ච දැන් රිසානව අල්ලගෙන.ඔයගොල්ලො ඔයගොල්ලන්ගෙ ගෑනු බලාගන්න.අනුන්ගෙ සීනි කිරන්නෙ නැතිව

    ReplyDelete
    Replies
    1. ලිදේ ඉන්න ගෙම්බා හිතාන ඉන්නේ ලිඳ තමයි ලෝකෙම කියලා . හොඳයි ඔහොම යමු ! .

      Delete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව