Skip to main content

නව අමාත්‍යධූර සඳහා දේශප්‍රේමි යෝජනා !

ආශ්චර්ය ද්වීපයට අලුතෙන් ඇමති තුමන්ලා පිරිසක් පත්ව තිබේ . රට ආශ්චර්යමත් කිරීමට දායක වන අමාත්‍යවරුන් තව තවත් පත්කල යුතු යැයි අපි සිතමු . විද්‍යා තාක්ෂණ සහ තාක්ෂණ පර්යේෂන කියා ඇමති කම් දෙකක් තිබීම ගැන අවලාද නගන විජාතික බලවේග වල බලල් අතක් වූ ඊ නිවුසිය වැනි දේශද්‍රෝහි පාහරයන්ගේ නම් පටලැවිලි චෝදනාවලට ලක්නොවී අනාගතයේදී පත්කල හැකි අමාත්‍ය වරුන් ලයිස්තුවක් මෙසේ පලකර සිටින්නේමු 


සිනි කර්මාන්ත අමාත්‍යාංශය අනුව යමින් 


  • පැණි කර්මාන්ත
  • හකුරු කර්මාන්ත


නියෝජ්‍ය අමාත්‍යදූර වශයෙන්


  • මි පැණි භාර නියෝජ්‍ය ඇමති 
  • කිතුල් පැණි භාර නියෝජ්‍ය ඇමති 
  • කිතුල් හකුරු භාර නියෝජ්‍ය ඇමති
  • තල් හකුරු භාර නියෝජ්‍ය ඇමති  
-----------------------------------------------------------------------

පොල් සංවර්ධන අමාත්‍යාංශය අනුව යමින්
  • කොස් සංවර්ධන
  • දෙල් සංවර්ධන 
  • එලවලු සංවර්ධන 

කොස් සංවර්ධන අමාත්‍යාංශය යටතේ
                     කොස් , වරකා , වැල සහ පොලොස් වෙනුවෙන් නියෝජ්‍ය අමාත්‍ය ධූර 4ක් 

දෙල් සංවර්ධන අමාත්‍යාංශය යටතේ 
                        නිකන් දෙල් සහ කැලෑ දෙල් වශයෙන් නියෝජ්‍ය අමාත්‍ය දූර 2ක්

එජාපයෙන් ඉදිරියෙදී පැමිණෙන්නන් සඳහා එලවලු අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය දූර හිස්ව තබා ගත යුතුය 
----------------------------------------------------------------------

අධ්‍යාපන සේවා අමාත්‍යාංශය අනුව යමින් 
  • කෘෂිකාර්මික සේවා
  • සෞඛ්‍ය සේවා
  • වාරි මාර්ග සේවා
  • උසස් අධ්‍යාපන සේවා
  • යටිතල පහසුකම් සේවා....

ආදී වශයෙන් සේවා අමාත්‍යංශ පිහිටිවා ගත හැක 

---------------------------------------------------------------------


ඊට අමතරව පහත අමාත්‍ය ධූරද යෝජනා කර සිටින්නෙමු 


  • දියවැඩියා මර්ධන අමාත්‍යංශය 
  • මහජන නොවන ව්‍යාපාර අමාත්‍යංශය 
  • ලමා උද්‍යාන සහ ප්‍රේම උද්‍යාන අමාත්‍යාංශය
  • ගෘහස්ත ජීවී සංරක්ෂණ අමාත්‍යාංශය 


ඔබ සැමට සුභ අනාගතයක් !


ප.ලි- දේශප්‍රේමි ඔබටත් නව අමාත්‍යදූරයන් යෝජනා කර සිටිය හැක 












Comments

  1. මානෂික රෝගින් කියලා හිත හදා ගන්නවා ඇරෙන්න වෙන මොනවා කියන්නද?

    ReplyDelete
  2. හැබැයි බුවා සීනි ඇමතිට මෙහෙම දෙයක් කරන්න පුලුවන්. සීනි කර්මාන්තෙ නග්ගනවට වඩා සීනි භාවිතය අඩු කරන එක. දියවැඩියාව ලොකුවට තියෙන ප්‍රස්නයක්.
    (එක අතකට ඒකට මොකටද බං ඇමතියෙක් නේද? ඔය අනික් මගුල් වගේ එකපාරට රුපියල් 100කින් විතර ගණං ඇරියනං ඉවරනේ)

    මචං මේ සයිට් එකේ ඔක්කොම තිබ්බත් උඹේ ඊමේල් එක නෑ වගේ. මට මැසේජ් එකක් එවනවද?

    ReplyDelete
    Replies
    1. සිනි කරුමාන්ත ඇමති ගේ නම මාරු කරන්න වෙයි එහෙම නම් . ඔය පහල මේල් එකට ඊමෙල් කෙරුව හැකි . තව එකක් තිබුනා දැන් වැඩිය බැලෙන්නේ නෑ ඒක


      anver.reply@yahoo.com

      Delete
    2. චිකේයියා අනේ වනිතා කටයුතු ඇමතිනියකට දුන්නා නම් හරි. මම නම් කැමති පිරිමි කෙනෙකුට දුන්නාම. මොකද ඒක හරි ආතල් බුවා මල්ලි

      Delete
  3. සිනහ වෙන බොහෝ දෙනෙකුට සිනහා වෙන්න ඇති තරම් ඇමතිකම් තිබෙනවා. තනිකරම සීනි සඳහා ඇමතිකමක්,
    අධ්‍යාපන සේවා ඇමති, (ළමා නිල ඇළුම් බෙදීමට)
    පොල් ඇමතිලා, වී ඇමතිලා ඉන්න එකේ ඉහත පොස්ටුවේ යෝජනාව ගැලපෙනවා.

    ReplyDelete
  4. ලැම්බොගිනි භාර ඇමති
    නිකම් ගිනි භාර ඇමති
    බඩගිනි භාර ඇමති

    ReplyDelete
  5. රටේ ජනගහනයෙන් 50% වැඩි කාන්තාවන් වෙනුවෙන් 'මාසික ඔසප් චක්‍ර සේවා ඇමති' යන තනතුර වහාම ඇති කළ යුතුය.

    ReplyDelete
  6. තොගේ අකුරු ලොකු කරපිය.. කන්නාඩුඑනුත් පේන්නේ නෑ රෑට.. හෙට දාන්නම් කොමෙන්ට් එක...

    ReplyDelete
    Replies
    1. සිරාවට ? මම ලොකුම ෆොන්ට් සයිස් එකක් සිලෙක්ට් කරල තියෙන්නේ , බ්‍රව්සර් එකයි වර්ශන් එකයි කියන්න පුලුවනිද ?

      Delete
  7. සුභ අනාගතයක්!!!!!!!!!!!

    ReplyDelete
  8. එහෙම තමා... ලෝක ස්බාවය...

    මුට්ටි අල්ලපු ගානට ඇමති කම් තියෙනව්. අනිත් පැත්තෙන් එකෙක් පැන්නොත් බලන්නකො. තම ඇමති කමක් අනිව හැදෙනව.


    හොඳ උන් හොයන්න නැ.. ඉන්න උන්ගෙන් අඩුවෙන්ම නරක සෙට් එක ‍තෝර ගමු.

    @සුබ අනාගතයක් ......!!!! :D

    ReplyDelete
    Replies
    1. අඩු නරක හොයන එක තමයි ඡන්දෙති අපි කරන්නේ , ඒත් ඇමතිකම් දෙනකොට ඒහෙම බැලිලක්වත් නෑ , විදුලි බල ඉංජිනේරුවගෙන් විදුලි බල අමාත්‍යාංශය ගලවල ලෝයර් කෙනෙක්ට දෙයිද එහෙම හිතනවා නම්

      Delete
  9. මම මීට ඉස්සර වෙලාත් කමෙන්ට් එකක් දැම්මා.ඔය සම්බන්දව.මට නම් ලංකාවේ සියළු දේශපාලන පක්ෂ තිත්ත වෙලයි තියෙන්නේ.ඒ නිසා ලංකා දේශපාලනය ගැන කතාකරන්න ඇත්තටම ආස නෑ.

    ReplyDelete
  10. ඉතින් ඇත්ත ලිස්ට් එකත් ඔයිට වඩා වැඩි වෙනසක් නැහැනේ බුවෝ .

    කෝ පාන් ඇමති ..පරිප්පු ඇමති .

    හිනා වෙලා පන යනවා මෙව්වට නම් ..සික්

    විභාග ප්‍රශ්න පත්තර පරිස්සන්කරන්නත් එක්කෙනෙක් දාන්න පුළුවන් නේ

    ReplyDelete
    Replies
    1. පාන් , පරිප්පු ඇමතිලට තිස්ස . විජිතගේ යෝජනා නිසා මම පොඩ්ඩක් අත්හැරියා

      Delete
  11. එක් තැනකට වැඩි බලයක් ගන්න නම් කළ යුතුම දේ එතුමකර තිබෙනවා. අපිට හිනහ ගියාට එතුමා කර ඇති වැඩෙන් වැඩි වාසි එතුමටමයි. එනම් යම් ආයතනයක් ගෙඩිය පිටින් එක්කෙන්ක්ගෙ පාලනයට යට කලහම එන සියලු ප්‍රශ්න සහ ප්‍රතිලාභ වැටෙන්නේ ඒ පුද්ගලයගේ මල්ලට. දැන් පාලනේ අවුල්, වගකිවයුත්තෝ බොහෝමයි, එතකොට අවසන් තීරණය දෙන්නෙ එතුමා. එතනදි ප්‍රශ්න ඒ ඒ පුද්ගලයන්ට බෙදල දෙන අතරේ ප්‍රතිලාභ එකම මල්ලකට දා ගැනීමේ පහසුව වැඩියි. කොහොමද ටිකිරි මොලේ.

    මොකක් කිව්වා ජහමනයා....????? ඌට කෙලවෙලාම ගියදෙන්. ඡ්න්දෙකට හිටියම ඇතිනෙ. මන්දිරේට ගෙනල්ල කෑමක් දුන්නම ඒක කර ගන්න ඇහැකිනෙ.

    ReplyDelete
    Replies
    1. ඒ ටිකිරී මොලේ නම් මල් හතයී(ඒ වගේ වැඩ වලට )

      Delete
  12. මමනම් කියන්නෙ රනිල්ට අගමැතිකම දීල යු.එන්.පි.යේ ඉතිරි එව්වො ටික දෙනාටත්,කොස්,දෙල්,කැන්ද,තේක්ක ගස්වලටයි,ඇල,දොළ,ගංගා වලටයි නියෝජ්‍ය ඇමතිල කෙරුවනම් ඉවරයි කියල.අර ලක්ෂ්මන් සෙනවිරත්න කියන මනුෂ්‍යය "දියවැඩියා"ඇමතිකම ගන්න නැමෙන නැමිල්ල කොහොමද?[දියවැඩියා ඇමතිකම කියන වචනය සොරකම් කලේ අපේ මාතලන් සහෝදරයාගෙන් බව කරුණාවෙන් සලකන්න]

    ReplyDelete
    Replies
    1. ඔව් ඊට වඩා හොඳ එකක් උට දුන්න නම් මෙසේ උඩ වැටිලාම වඳියි

      Delete
  13. පුනර්බවය විස්වාසකරණ පුද්ගලයෙක් හැටියට මටනම් හිතෙන්නේ , අතීතයේ කෘෂිකර්මනතයෙන් දියුණු වට උපකරවූ මීහරක් මහජනතාව ලෙස උප්පත්තිය ලබා ඇති බවයි.

    තිලින

    ReplyDelete
  14. තව ටිඅක කලක් ගිහින් ඔය අමාත්‍යංශේ දෙකට බෙදනවා.. "සී" ඇමති.. "නී" ඇමති...

    ReplyDelete
    Replies
    1. ithaama lol sahagathayi...
      +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      buwo akuru loku karapan penne naha...

      Delete
  15. ඇයි බං රට දෙල් භාර නියෝජ්‍ය ඇමති ???

    ReplyDelete
    Replies
    1. අප්ප අමතක වුනා , එතකොට දෙල්වලින්ම 3යි

      Delete
  16. බල්ලෝ ටිකක් පැටවූ ගසා තිබේ.උන් පැටව් ගසන වාරයක් පාසා අපි ඒ ගැන කතා කරන්නට ගියොත් අපතේ යන්නේ අපේ වචනයි.

    ඒක නෙමෙයි බුවා . පහුගිය කාලේ සිද්ද වුනු හැකර් ප්‍රහාර ගැන මොකුත් නොකීවේ ඇයි ?

    ReplyDelete
    Replies
    1. ඒ වැඩේ ගැන ටච් එකේ හිටියේ නැති නිසා මොකුත් ලියන්න අයිඩියාවක් ආවේම නෑ

      Delete
  17. ඔය ඔක්කොම ඇමතිලා වැඩ කරන්නේ එකම අමත්‍යන්ශේනේ. ඒ මිනිසුන් ගොනාට ඇන්දවීමේ අමත්යන්ශේ

    ReplyDelete
  18. මොකද ගෙට්ටුවට ආවේ නැත්තේ?

    ReplyDelete
    Replies
    1. පෞද්ගලිකව අඳුනගන්න අවශ්‍ය චරිත වගේම අවශ්‍ය නැහැය කියල හිතෙන චරිතත් ඉන්නවා , ඒ නිසා සයිබර් ප්‍රොෆයිලකින් විතරක් තමයි බ්ලොග් කරුවන් සාතිශය බහුතරයක් එක්ක සබඳතාව තියෙන්නේ . මේ විදිහ හොදයි . පෞද්ගලික හිතවත්කම් නැති එක ඕනි කෙනෙක් එක්ක මතවාදිව ගැටෙන්නත් හොඳ අවස්ථාවක්

      Delete
  19. මචං ලංකාවට පොඩි අමාරුවක් තියනවා ලෝකයේ ලොකුම දේවල් කරන්න. හැබැයි අපේ උන්ට පුළුවන් ඔය වගේ බොලද ලොකු වැඩ විතරයි. ලංකාවේ ඇමති වරුත් බොළදයි වැඩත් බොළදයි................

    ReplyDelete
  20. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  21. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  22. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  23. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  24. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. @අරුණි - ලිපියට අදාල නොවන දීර්ඝ විස්තර පල කරන්නේ ඇයි ? ලිපියට අදාල වන දෙයක් හෝ අවම වශයෙන් අදහස් කෙටි කර දැක්වීමක් සිදු කරන්න . මෙය අනෙකුත් පාඨකයන්ගේ රසාස්වාදයට බලපැමකි . ඔබ මේ කමෙන්ටු වශයෙන් පලකරන්නේ , වෙනත් තැනක පලවූ ලිපියක්ද යන සැකයක් මාතුල ඇත , එය එසේ නොවන්නේ නම් , අදාල කමෙන්ටු සියල්ල මාගේ අන්වර්ට පිලිතුරු බ්ලොග් අඩවියේ ලිපියක් ලෙසින් පලකල හැක

      Delete
  25. බුවාගේ සිතුවිලි,

    ඔබගේ අන්වර් මනතුංග මහතාගේ බ්ලොගයට පිළිතුරු වශයෙන් පළ වූ බ්ලෝගයට යොමුකළ යුතු වූ තරමක දිගු ලිපියක් හා අන්වර් මනතුංග මහතා හට යොමු කර වාරණයට ලක් වූ එහෙත් සිංහල බෞද්ධ සමාජය දැනුවත් කළ යුතු ලිපියක් ප්‍රමාද දෝෂයකින් ඊට අදාළ නොවන ස්ථානයකට එවා ඇති බව දැක්කේද දැන්ය. මටද අවශ්‍ය වූයේ එම දිගු ලිපිය අන්වර්ට පිලිතුරු බිලොග් අඩවියේ ලිපියක් ලෙසින් පල කරවා ගැනීමටය. නමුත් එය සිදු කරන ක්‍රමය කාලවේලා අපහසුතාව මත හා රාජකාරි බහුලතාව නිසා කඩිමුඩියේ සොයා ගැනීමට මාහට අපහසු විය. අනික ඔබේ බිලොග් අඩවිය මම දැක්කේද අදමය. නමුත් සිංහල බෞද්ධ මතවාදය අගය කිරීම පිලිබඳව ඔබතුමා ගෙන ඇති මෙහෙවර පිළිබඳව මා බෙහෙවින් කෘතඥ වෙමි. එසේම මගේ මේ ප්‍රතිචාර සියල්ලම එකතුකොට ලිපියක් ලෙස අන්වර්ට පිලිතුරු බිලොග් අඩවියේ පලකරන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ස්තූතියි
    - @අරුණි මුතුමාලි -

    ReplyDelete
  26. කාර්යභාරයක් නොමැති ඇමති මේපාර නෑ වගේ. (ඒ නම නැති උනාට හැමෝම එහෙම තමා)

    වෙලාව තියේ නම් අපේ පැත්තටත් ඇවිත් යන්න මමත් මේ ගැනම ලීවා,

    http://meeghaya.wordpress.com/2013/02/03/%e0%b6%9a%e0%b7%90%e0%b6%b6%e0%b7%92%e0%b6%b1%e0%b6%a7%e0%b7%8a-%e0%b6%b8%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b6%bd%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%ba%e0%b6%b1%e0%b7%94-what-could-be-a-cabinet

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව