Skip to main content

ජිනිවා............ නිහැඬියාව,ඩීල් සහ තවත් කථා

ජිනිවා සමුලුවට ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවට සිදුවන්නේ කුමක්දැයි දැන ගැනීමට ඉතිරිව ඇත්තේ දින කිහිපයක් පමණි. පසුගිය වසරේ ජිනිවා සමුලුව වෙත මෙවැනිම යෝජනාවක් ඉදිරිපත් වූ අවස්ථාවේ ශ්‍රි ලංකාවේ වාතාවරණය සහ වර්ථමාන වාතාවරණය ඉතා පැහැදිලි වෙනසක් නීරීක්ෂණය කල හැක ."සුද්දන් අපිට කෙලවන්නට එනෝ..." යන ජනප්‍රිය  ශ්‍රි ලාංකීය තේමාවේ දිගුවක් වශයෙන් පශ්චාත් යුධ සමයේ ජාත්‍යන්තර  බලපැම් විස්තර කරන්නට යෙදුනු රජය, රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය , සිවිල් ක්‍රියාකාරකම් ආදී නොයෙකුත් දෑ මගින් සමස්ථ රට වැසියා (බහුතරය ) ජිනිවා "ගැටලුව"  විශයෙහි සංවේදී කොට තැබීමටත් , ඒ හරහා රටේ අභ්‍යන්තර කටුක දේශපාලනික යථාර්තයන් අමතක කර රජය වටා ජනතාව එක් රැස් කර ගැනීමටත් කටයුතු යොදනා බවක් පසුගිය වතාවේ ඉතා පැහැදිලිව දක්නට ලැබිණි .


රට අභ්‍යන්තරයෙන් නඟනා කුමන හඬකින් හෝ අබමල් රේණුවක බලපැමක් ජිනිවා වෙත සිදු කල නොහැකි බව රජය විසින් සැබැවින්ම වටහා ගෙන නොතිබුනේද කියා සැකයක් මතුවන්නේ විදුලි ගාස්තු වැඩි කීරිම් , බස් ගාස්තු වැඩි කිරීම් ආදී දෑ ආවරණය කිරීම සඳහා ඉතා පහසුවෙන් යොදා ගත හැකිව තිබු ජිනිවා පිලිබඳ මෙවර සැහෙන නිහැඬියාවක් අනුගමනය කිරීම තුලිනි .

රුසියාව , චීනය ඇතුලු රජයට හිතවත් රාජ්‍යයන් මානව හිමිකම් කවුන්සියලය තුල සිටි පසුගිය යෝජනාව තමන්ට ජයග්‍රහණය කිරිමේ හැකියාවක් පිලිබඳ රජය අවංකවම විශ්වාස කරන්නටත් ඒ අනුව දේශීයව ඒ සඳහා ජනබලයක් ගොඩ නගන්නටත්  , මේවර මානව හිමිකම් කවුන්සියේ අවාසි සහගත සංයුතිය තුල පරාජය වලක්වා ගත නොහැකි නිසා ඒ වෙනුවෙන් නිහඬව සිටින්නටත් තීරණය කලාදෝයි සැකයක් මා තුල ඇත


කෙසේ වුවත් ජිනිවා ආශිර්වාදයක්  කොටගෙන ව්‍යාජ දේශප්‍රේමින් ලවා ඩෙඟා නටන්නට උත්සාහ නොකොට සිටීම බුද්ධිමත්  තීරණයක් ලෙස සැලකුවත් , සැබෑ අභියෝගය ජයගැනීමට රජය නිසි රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ගයන් වෙත යොමුවෙනවාද යන්න තවමත් ගැටලු සහගතය

විශේෂ ජන පෙලගැස්මක් නොමැති වීමෙන් දේශප්‍රේමී , දේශහිතෛශී  කැගැසීම් , දේශන , උද්ඝෝෂණ නොමැතිවීමෙන් හිස් වූ පෞද්ගලික නාලිකාවන් හී ප්‍රවෘත්ති අවකාශය රජයේ විදේශ ප්‍රතිපත්තීන් සහ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ගයන් ප්‍රශ්න කරනා මාධ්‍ය හමු සහ සාකච්ඡා ආදීයට වෙන්වී ඇත , මෙහිදී   එජාප නියෝජිතයන්ගේ අදහස් මෙන්ම දයාන් ජයතිලක , ගෝමින් දයාසිරි වැනි කලක් රජයේ ආරක්ෂකයන් වූ විද්වතුන් විසින් රජයේ ක්‍රියාදාමයන් ප්‍රශ්න කරනා අදහස් ද ඉස්මතු වෙමින් ඇත . අයිටින් වලට සිමාවූ ග්‍රාමීය ජනතාවගේ සිතුම් පැතුම් කෙසේ වෙතත් නාගරික සහ අර්ධ නාගරික ජනතාවගේ  මතවාදයන් යම් පරිවර්ථනයකට ලක්කිරීමට මේ තත්වය හේතුවී ඇති බව මාගේ පුදගලික නිරීක්ෂණයයි .පෙර වසරේදී බටහිර විරෝධී දැඩි ස්ථාවරයක සිටි සමහරක් දෙනෙක් රජය පාර්ශවයෙ අඬුලුහුඬුකම් නිරීක්ෂනයට මෙවර පෙලඹී ඇති බව එම නීරික්ෂනයයි.  එය රජයට දේශපාලනික වශයෙන් අවාසි දායක වුවද රටක් වශයෙන් සාධනීය තත්වයක් ලෙස හැඳින්වීමට හැක . පහත විස්තර කෙරෙන්නේ මාගේ එවන් එක් අත්දැකීමකි


මා උපන් ප්‍රදේශයේ ප්‍රධාන නගරය ආශ්‍රිතව තම රැකියාවේ නියුතු ත්‍රිරෝද හිමි මිතුරෙක් සිටි . ඔහු  නිදහස් පක්ෂ , පොදු පෙරමුණු සමයේ සිටම කල පරිද්දෙන් මෙ වන විට සන්ධානයේ ක්‍රියාකාරි ආධාර කරුවෙකි . මැතිවරණ සමයන්හිදී දේශපාලන කටයුතු වල නිරත වීම හැරුණු විට සිය ත්‍රිරෝද රථයෙන් ගමන් ගන්නා නොයෙකුත් පුද්ගලයින් සමඟින් දේශපාලනය සා සබැඳි කථා බහක යෙදීමද ඔහුගේ දිගු කාලින පුරුද්දකි 

පසුගිය වසරේ ජිනිවා ඡන්ද විමසීම පැවතුනු දිනයේ මා සිටියේ  කොලඹත්  ගම් ප්‍රදේශයත් අතර ගමනේ යෙදෙමෙනි . මාගේ දේශපාලනික කියැවීම් අනුව රජය පරාජය වීමට ඉතා ඉහල සම්බාවිතාවක් ඇති බව දැන සිටියත් නිශ්චිතවම සිදුවූයේ කුමක්දැයි  දැන ගැනීමට තිබුනේ දැඩි ආශාවකි . වාසනාවකට මෙන් බසයෙන් බසින විටම මුණ ගැසුනේ පෙරකී  ත්‍රිවිල් මිතුරායි .

"මල්ලි .. ජිනිවා වලදි අපි පැරදිලා නේ ? "

නෑ.... (දේශප්‍රේමියෙකු ඉදිරියේ මාගේ දේශප්‍රේමිත්වය රැක ගත යුතු නිසා විශ්මයක් පල කර සිටියෙමි )

"ඒකනේ මල්ලි කියන්නේ ...ඉන්දියාවත් ඇමරිකාවට  *ක දීලනේ " ...

හ්ම්......


ඕකුන්ට ...... (මෙතැන් සිට මාගේ ගමනාන්තයට ලඟාවනතෙක් ඔහු කලේ ඇමරිකාවට, ඉන්දියාවට ඇතුලු "සියලුම රටට එරෙහි බලවේග වලට " නොනවත්වා බැන වැදීමයි , ඔහුගේ කථාව තුල එකල විවිධා මාධ්ය හරහා මතුවූ දේශපාලකයින්ගෙ අදහස් මෙන්ම , වාර්ථාකරනයෙන් නතර නොවී විචාර දෙන්නට යන ඇතැම් මාධ්‍යන්හි පලවූ දැද වරින් වර ඇසිනි ) 

ගතවූ වසරක කාලය තුල  ඔහු සමඟින්  බොහෝ කාලින මාතෘකාවන් කථා බහ කලත් අගවිනිසුරුවරිය සම්බන්ධ සිදුවිමේදී හැර ඔහු 100%ක් සිටීයේ රජයේ ස්ථාවරය තුලය . අගවිනිසුරුවරිය  පිලිබඳවද ඔහුගේ කියැවීම  කාන්තාවක් බලහත්කාරයෙන් ඉවත් කිරීමේ "කැත" කම නිසා සාකච්ඡා මාර්ගයෙන් අගවිනිසුරු වරිය ඉල්ලා අස්වීම  සිදුවූ වා නම් වඩා යහපත් බව පමණි 

මීට සති දෙකකට පමණ පෙර නැවතත් ඔහු සමඟින් කථා බහකට අවස්ථාක් ලැබුණි, එයද ජිනිවා පිලිබඳවමය . කලින් වතාවේ ඇමරිකානුවන් මරා කන්නට සිටි ඔහු මෙවර කථා කරන්නේ රාජ්‍ය තාන්ත්‍රික කථා බස් ගැනය , ආර්ථික සම්බාධක පැමිණිම වලක්වා ගැනීමේ අවශ්‍යතාවය ගැනද ඔහු කථා කරමින් සිටි . ඉන්දියානු විරෝධයක් ශේෂව ඇතත් (මූලික වශයෙන් තමිල්නාඩු දේශපාලකයින් පිලිබඳ ) කලින් වසරේදී වැලඳගෙන තිබූ ඇමරිකානු විරෝධය මෙවර දකින්නට නැත . ඒ වෙනුවට රජයේ නොයෙකුත් අඬු ලුහුඬු කම් දකින්නට ඔහු පෙලඹී ඇත .  ඔහුගේ මේ අදහස් තුලින්ද විද්‍යාමාන වන්නේ  ප්‍රභල බටහිර විරෝධයක් නොමැති වීමෙන් පෞද්ගලික මාධ්‍යන් හී විකාශය වූ  විකල්ප මතවාදයන්  ප්‍රහ්ල සන්ධාන පාක්ෂිකයෙකු වූ ඔහු තුලටද එක්තරා ප්‍රමාණයකින් අවශෝෂනය වී තිබීමයි . නොයෙක් විට *න්නයෙකු වශයෙන් ඔහු විසින් හඳුන්වනු ලබන විපක්ෂ නායකවරයා විසින් මතුකල අදහස්ද නොදැනුවත්වම ඔහුගේ අදහස් තුලින් නිරූපණය වේ  



ඉහත දක්වා ඇත්තේ එක් සිදුවීමක් පමණක් වුවත් ,මා ලැබු මේ සමාන අත්දැකීම් කිහිපයක් ඉහත සඳහන් කල නිරීක්ෂයට පාදක වූ බව සඳහන් කල යුතුය . කෙසේ වුවත් සමස්ථ ලාංකීය සමාජය අරභයා මාගේ නිරීක්ෂය වැරදි බැව් යමෙකු පවසන්නේ නම් ඒය නොපිලිගෙන සිටීමට තරම් ශක්තිමත් පදනමක් මා සතුව නොමැති බවද සඳහන් කල යුතුය .

ජනතාව පිලිබඳ නිරික්ෂනය කෙසේ වුවත් ජාත්‍යන්තර අභියෝග ජයගැනීමේ ලා සන්ධාන රජය දිගින් දිගටම අසාර්ථකය යන්න මාගේ මතයයි . එය දයාන් ජයතිලක වැනි තානාපති සේවයේ පලපුරුදු සැහෙන කාලයක් සන්ධාන රජය වෙනුවෙන් පෙනි සිටි නිලධාරින්ද මේ වන විට දක්වන අදහස් තුලින් සනාථ වේ .


ශ්‍රි ලංකාවේ රුසියානු තානාපතිවරයාද වරක් ප්‍රකාශ කල පරිද්දෙන් මෙවර ශ්‍රි ලංකාවට ජයග්‍රහණය කිරීමේ හැකියාව ඉතාමත් අල්පය . එනිසාවෙන් ඡන්ද වීමසීමකට ගොස් පරාද වීමට වඩා ඉදිරිපත්වෙන යෝජනාවක් වෙනස් කම් සහිතව භාර ගැනීමට ඇති හැකියාවක් පිලිබඳව නොහොත් "ඩීල් " එකක් දමා ගැනීම පිලිබඳවද පසුගිය සමයේ විවිධ මාධ්‍යන් හරහා අදහස් පලවී තිබෙනු දක්නට ලැබිනි . පසුගිය වතාවේ තීරණාත්මකම සාධකය වශයෙන් ශ්‍රි ලංකාවට එරෙහිව ඡන්දය භාවිතා කලත් , මෙවර එවන් තීරණාත්මක බලයක් හිමිව නොතිබීම  හෝ ශ්‍රි ලංකාව තව තවත් චීනය දෙසට තල්ලු කිරීමේ දිගු කාලීන අවාසියක් නිරීක්ෂනය කිරීම නිසා හෝ ඉන්දියානු රජය එවන් ඩීල් එකක් වෙනුවෙන් කපු කම් කිරීමේ සුදානමක් ඇති බවද ප්‍රකාශ වූ අදහස් අතර විය . මේ සැඟවු පරමාර්ථයන් අතර තුර ඉන්දියානු විදේශ අමාත්‍ය වරයා දක්වන " රටක අභ්‍යන්තර කටයුතු සඳහා  භාහිර පාර්ශව මැදිහත් නොවීමේ ප්‍රතිපත්තිය" ද එවන් "ඩීල්" එකක් සඳහා කපු කම් කිරීමේ සුදානම පිලිබඳ එලිපිට මතුවී ඇති සාධකය්ක් ලෙස හැඳින්විය හැක (එම ප්‍රතිපත්තිය ඔවුන් ශ්‍රි ලංකාව අරඹයා අනුගමනය කල යුතුව  තිබුනේ දැන් නොව ඉන්දිරා ගාන්ධි , රජිවි ගාන්ධි පාලන යුගවලයි ) .
මේ දක්වා ශ්‍රි ලංකාව පිලිබඳ අදහස් දැක්වීම් වලදී නිහඬතාවය පලකරමින් සිටියත් තමිල්නාඩුවෙන් එල්ල වී ඇති තර්ජන නිසා වෙන් ඡන්දයෙන් වැලකී සිටීමද සිය රජයේ පැවැත්ම  අවධානමට ලක් කරනා කාරණයක්  විය හැකිවීමද ඉන්දියානු රජය "ඩීල්" එකක් වෙනුවෙන්  සහය දැක්වීමට මනා උත්තේජනයකි .


ඇමරිකාවට ඉන්දියාවට මෙන්ම ශ්‍රි ලංකාවටද මේ මොහොතේ "ඩීල්" එකකට යාමේ සැලකිය යුතු මට්ටමේ ප්‍රතිලාභයන් තිබේ . විශේෂයෙන්ම ඇමරිකානු යෝජනාව තුල ඇති වඩාත්ම අහිතකර කොටස් ඉවත් කර ඉතිරි කාරණා සඳහා එකඟවීම මත එම අහිතකර යෝජනාව  ක්‍රියාත්මක කිරීම මත ඇතිවිය හැකි පලවිපාක , ශ්‍රි ලංකා රජය එම යෝජනාවන් ක්‍රියාත්මක නොකිරීම නිසා ඉදිරියේදී මානව හිමිකම් කවුන්සියලය හරහා ගනු ලැබිය හැකි  අහිතකර ක්‍රියාමාර්ග ආදියෙන් ගැලවීමට හැකියාවක් ලැබෙනවාක් මෙන්ම මානව හිමිකම් සම්බන්ධයෙන් පලු වී ඇති ප්‍රතිරූපය  ගොඩ නගා ගැනීමෙ හැකියාවක්ද ලැබේ


කෙසේ වුවත් ශ්‍රි ලංකා රජය එවන් ඩීල් එකක් වෙනුවෙන්  නම්‍යශිලි බාවයක් නොදක්වන බව මේ වන විට පෙනි ගොස් තිබේ . එකඟතාවයක් මත ඉදිරිපත් වන යෝජනා කිහිපයක් ක්‍රියාත්මක කිරීමට වඩා බලහත්කාරයෙන් දෙනුලබන එකදු යෝජනාවක් හෝ ක්‍රියාත්මක නොකිරීමේ ස්ථාවරයකට රජය තල්ලුවී ඇති බවක් මෙයින් ගම්‍ය වේ . මේ දේශ හිතෛශී ජාතික ව්‍යාපාරය වැනි රජයට සම්බන්ධ දේශපාලනික ලිං මැඬියන්ගේ මතය සමඟින් රජයේ ස්ථාවරය සමපාත වීමකි .  මේ හරහා රජය ලබා ගන්න කුමන ඉඩ ප්‍රස්ථාවක් වුවත් එය තාවකාලික සහ ඉදිරි අනාගතයේ වඩාත් බරපතල ගැටලුවලට මුහුණු දීමට හේතුවන්නක් බවත් මාගේ මතයයි

එනිසා දේශීය වශයෙන් දේශප්‍රේමය උලුප්පමින් හරඹ කිරීමේ වැරදි ප්‍රතිපත්තිය අත්හැරියත් , ජාත්‍යන්තරය තුලදී නිසි රාජ්‍යතාන්ත්‍රික උපාය මාර්ගයන් තෝරමින් කටයුතු කිරීමට රජය තවමත් සමත්ව නොමැති බව මාගේ අදහසයි . අවසාන මොහොතේ හෝ ඡන්ද විමසීමකට නොගොස් විසඳුමකට එලඹීමේ හැකියාවක් තිබේ නම් , රජය විසින් ඒ වෙත යොමුවේවායි පතන්නේ රජයේ යහපත වෙනුවෙන් පමණක් නොව සමස්ථ රට වැසියාගේම අනාගතය වෙනුවෙනි

Comments

  1. දැන් මහින්ද S.උන්නැහෙ නැවත ජිනීවා ගියේ ඕන දෙයකට උත්තර දෙන්න සුදානම් වෙලාය කියනව නොවැ.
    අනිත් එක,මොනවද කරුණු දෙක තුනක් කලොත් රජයට සහය දෙනවය කියල රනිල් ලොක්ක කියල තියෙන්නෙ.
    ඉතින් ඔය කරුණු කාරනා නිසා බියක් වෙන්න උවමනා නැතිව ඇති මයේ හිතේ.

    ReplyDelete
    Replies
    1. රනිල් කියන ඒවා කොරනවා නම් ජිනිවා වලින් අපිට අවුලක් වෙන්නෙත් නෑ . මොකද රනිල් ගේ කරුණු තනි වාක්‍යයෙන් කිව්වට ආණ්ඩුවට කරගන්න බෑ උදා - උතුරු පලාත් සභා ඡන්දය පවත්වනු, එල් එල් ආර් සී ක්‍රියාත්මක කරනු . රනිල් හදන්නේ ආණ්ඩුව අතේ වැරැද්ද තියන බව ජනතාවට ගෙනියන්න හදන එක . මට හිතෙන විදිහට නම් කාලෙකට පස්සේ ගත්ත හොඳ දේශපාලන උපායක්

      Delete
  2. බුවා ගියවර වගේම කාරණයක් මෙදාත් තියනවා. ඒ මත්තලයි. ජනතාව මත්තල සතුට විඳින අතරේ මේ විපර්යාස සිදුවෙයි.
    මෙතනදි ප්‍රභලම කාරණාව වන්නේ අපි මේකට මුහුණ දුන්නාද කියන එක. මම නම් දකින්නෙ නැට්ට දෙපරැන්දෙ ගහගෙන ඉන්නවා මිසක මෙලෝ උත්සාහයක් ගත්තේ නැහැ. ඔය පහුවුනු අවුරුද්ද හොදටම ඇති අපි යමක් කරන්න උත්සාහ කරන බව පෙන්වන්න. එහෙම කළානම් ලෝක මතය දෙකට බෙදන්න අපිට තිබුනා. ඒක රටේ සෞඛ්යයට බොහෝ හිතකර වීමට තිබුනා. නමුත් මේ අලුත් සන්දර්භය ඉතාම නරකයි. ඒ කෙසේ වෙතත් හදිසියේ යමක් වෙන්නෙ නැහැ.
    ඔබ දන්නවනේ මාලු පනපිටින් කෑමට ගන්න රටවල් අපේ කෙන්ජි දන්නව ඇති මම මේ කියන කාරණාව. මුහුදෙන් හෝ මිරිදියෙන් අල්ලපු මාලු විශාල ටැංකිවල පාවිච්චියට ගන්නකම් තියා ගන්නවා. අපිත් දැන් ඒ මාලු වගේ කාලය පිළිබඳ ප්‍රශ්නයක් විතරයි තියන්නෙ.

    මම නම් හිතන්නෙ තාමත් පරක්කු නැහැ. සංහිදියාවකට එන්න පුළුවන්. පොර මේනියාවෙන් තොරව විවෘතව බැලීමයි අවශ්‍ය.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මානව හිමිකම් කවුන්සියලයෙන් වැඩ සිද්ධ වෙන්නේ හෙමින් , අපේ අයත් ඒක දන්න නිසා තමයි කල් මර මර ඉන්නේ . හැබැයි ඉතින් ඒකෙනෙ රටට සිද්ධ වෙන හානිය සුලුපටු නෑ . උදාහරණයක් විදිහට අනාගතයේ සම්බාධක වැටෙන්න ඉඩක් තියන රටකට ආයෝජකයො එයිද (මොකෝ යන්න වෙන තැන් නැතුව නෙවෙයි නේ )

      Delete
  3. ඇමරිකාව, සීන් එකේ පොලෝසියෙ චරිතෙ රඟපාන්නේ දෙමළ ජනතාව ගැන සැබෑ කැක්කුමෙන්ද?
    නැත,
    මිලිටරි උපායමාර්ගික වශයෙනි, අපි චීනෙන් ණය ගන්නා බැවිනි.
    ඉන්දියාව සනසන්නත් එක්කය.
    රාජපක්ශ රෙජිමය ඉවත් කර, පත් කරවන්නේ කාවද?
    රනිල්ගේ යූ එන්පියයි. රනිල්ගෙන් අසා මිසක් ලංකාවට ඇමරිකාව අත තියන්නේ නැත. අනුර හිටියනන් එයාගෙනුත් අහනව;
    ජී එස් පී සහනය කියන දෙය දැනටමත් කපා ඇත. නිමි ඇඟලුම් කර්මාන්තයට එය බලපාලා තියෙනව කියනව නේද!
    යූ එන් පිය මේ මොහොතේ කියන්නේ මොකද්ද?
    අපි ආන්ඩුවට 'අර' කොන්දේසිය යටතේ සහයෝගය දෙනවා, අපි එම් ඕ යු mou- memorandum of understanding එකක් අත්සන් කොරමු.

    රනිල් කැමතිද රට මේ තිබෙන තත්වෙටත් වඩා අන්ත තත්වෙට යනවට
    නෑ
    එහෙම උනොත් ලංකාවට සිදුවෙනවා චීනෙ මත සම්පූර්ණව යැපෙන්න
    එතකොට රනිල්ගෙන් රටට වැඩක් නෑ.
    එයත් පෙන්වන්න ඕනෙ මටත් යමක් කරන්න පුලුවන් බව,
    නැත්නම් අපිටත් එයාටත් නූඩ්ල්ස් සරණං ගච්ඡාමී.
    කොහොමත් දෙගොල්ලොම එකතුවෙලා ජනතාවගෙ කර අඹන්න සෙට් වෙයි අවසානෙදි.
    දෙමල ජනයාත් සිංහල ජනයාත්, මුස්ලිම් ජනයාත් අනෙකුත් සාමාන්‍ය ජනයාත් කටවල් ඇරගෙන බලා ඉන්න සෙට් කරයි.
    LLRC වාර්තාව කුණු ගොඩට.

    සැම ජන කොටසටම සමානව ජීවත් වීමේ අයිතිය ස්තාපිත කිරීම අප ඉදිරියේ ඇති මහා ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයයි,
    එය සිදුවෙන්නේ ආර්තිකයේ මහ වර්ධනයත් සමගය, අපේ ආර්තිකය නංවන්න
    එයට අමෙරිකාව හෝ ඉන්දියාව නායකත්වය දේවිද?
    එහෙම සිදුවූවොත් ලංකාව දකුණු ආසියාවේ සුරපුරයයි.
    මහ බලවතුන් හා ලොකු අයිය, සුර පුරයක් කරන්න සපෝර්ට් එකක් දේවිද?
    FBS, fxxxing Bxll shix

    තම හිසට තම අතමය සෙවනැල්ල
    ඒ වගේම හොඳ මිතුරන් අපට අවශ්‍යයයි
    අප ජනතාවට හිතවත් ප්‍රතිපත්ති සැකසීම හා ඒ ප්‍රතිපත්ති ජාත්‍යන්තර ප්‍රජාවට අහිතකරව බලපෑ නොයුතුය යන්න පදනම විය යුතුනේද?

    ---පණ්ඩීත දයාල් බතී උපකල්පනයකි.

    ReplyDelete
    Replies
    1. රනිල් කරන්න හදන වැඩේ ගැන මගේ අදහස කෙන්ජිට දීපු උත්තරේ තියනවා .ඇමරිකාවත් ඉන්දියාවත් අපිට ආදෙරේ නෑ , හැබැයි චීනෙට දෙන්න ගිහින් තරහා කරගන්නෙ නැති තරමට අපිට වාසියි

      Delete
  4. මචං දයාන් මහත්තයා යුද්ධය ඉවර උන ගමන් අපට විරුද්ධව ආපු රෙසලූශන් එක් අපිව වර්ණනා කරන රේසලූශන් එකක් වබට පත් කොරලා රාජත්‍රාන්ත්‍රික ප්‍රාතිහාර්‍යක් කලා. ඒක එහෙම කර ගන්න පුලුවන් උනේ ඒ මහත්තයගේ දක්ශතාවයට වගේම , ඒ වෙන්කොට යුද්ධය ඉවර වෙලා ගත වෙලා තිබ්බේ දවස් කීපයක් වීමත් නිසා...ඒ හින්දා අපි හොද ලමයි වගේ වැරදි තියෙනවනම් හොයා ගන්නවා කිව්ව හින්දා චාන්ස් එකක් ගත්තා. අනිත් එක දයාන් මහත්තයා නොන් එලමයින්ට් ගෲප් එකෙත් සහය නියමේට ගත්තා. ඒක උනේ ඒ මහත්තයගේම දක්ශතාවයට තමයි...

    හැබයි ටික දවසකින් දයාන් 13+ කථා කරන්න ගිහිල්ලා ලොක්කා සජින් ලගේ කේලම් අහලා මිනිහට කෙලවලා දැම්මා..ඊලගට ආවේ තාමාරා කුමානයගම්. ඒයත් ලතින් ඇමෙරිකන් රටවල් එක්ක හොදින් හිටපු දෙමල කාන්තාවක්. ඒයත් ගේම නියමේට දුන්නත් , ඒයාගේ අදහස උනේත් කොක්කෙන් නෙම්යි ඩීල් එකකට යන ගමන් වැරදි හදා ගන්න ඕනා කියලා...

    මේ දෙන්නම කොන්ද කෙලින් තියන් තමන්ගේ මතවාද වෙනුවෙන් හිට ගත්ත නිසා ලොක්කට මේ ගොල්ලොත් එක්ක වැඩ කරන්න බෑ.. ඒ හින්දා මේ පාර විදේශ අමත්‍යාංශ්යේ නිලධාරින් යවනව කියලා ඉදලා අන්තිම මොහොතේ මහින්ද සමරසිංහ මහත්තයවත් යැව්වා...ඒකත් ඇමතිවරයෙක් ගියොත් කථා කරන්න වැඩි පුර කාලේ හම්බෙන නිසා...නිලධාරීන්ගේන් නම රවිනාත මහත්තයා හොදයි....කොහොමත් ප්ලෑන් එක තියෙන්න මේ පාරත් කොක්කෙන්ම යන්න වගේ තමයි..ඊයේ මහින්ද සමරසිංහ මහත්තයගේ කථාවෙනුත් තේරුම් යන්නේ එහෙහ්මයි....

    කොහොම උනත් අර ගෝමීන් මහත්තය කියනවා වගේ මේක ගොඩ දා ගන තිබ්බ කේස් එකක්..ඒත් අපේ කට්ටිය හරියට ගෙදර වැඩ ටික හරියට කරලා නෑ...ගෘප් එක හරියට ලැහැස්ති වෙලා නෑ,,ඒක හින්දා අමෙරිකාවේ රෙසලූශන් එක එදිරියේ අපි ජන්දකට ගිහිල්ලා පරාද වෙනවා...පරද වෙන එකනම් ඉතින් ස්ථිය්රයි...

    ඩීල් එකකට යන්න තියෙන ඉඩ කඩ අඩුයි වගේ පේන්නේ,,,,

    රට ඇතුලේ මුස්ලිම් විරෝධයයි, ඇමරිකන් විරෝධයයි..ඉන්දියාන්නු විරෝධයයි ඒක පාර පාලනය කරන්න අමාරුයි.....ඒකයි මට හිතෙන විදිහට හලාල් කේස් එක විතරක් ඇදගෙන යන්නේ.....මත්තල වෙනකන් ඇදගෙන යන්න හලාල් එක හොදටම ඇති...

    ReplyDelete
    Replies
    1. ආ තව එකක් කියන්න බැරි උනා.....දයාල් ලා තමාරා ලා රජීව් ලා විතින් ද බොක්ස් හිතන කට්ටියයි..ඒ එගොල්ලන්ගේ සාමාජ් වටපිටාව හා අධ්‍යාපනය හින්දයි..ඒත් ලොක්කා අවුට් ඔෆ් ද බොක්ස් හිතනවා..හැබයි සමහර වෙලාවට විතරයි..විතින් ද බෝක්ස් හිතන්න ඒච්චර ලොක්ක ඉගෙන ගෙනත් නෑනේ... අනිත් එක මොනා උනත් බෙන්තර ගගෙන් එහා කොල්ලේක් නේ...

      මැච් එකක් ගහන කොට උන්ත ටෙක්නිකල් ශොට් ගහන් මහේල ලා , සංගලා ත් ඉන්න ඕනා වගේම පොල් අඩි වනන ජයසූරියලා, තීසරලත් ඉන්න ඕනා....

      Delete
    2. හැබැයි මචන් කැප්ටන් පොල් අඩි ගහන්න ඕනි පරිස්සමෙන් , එක්කො කැප්ටන් පොල් අඩිගහන කොට පිටිපස්සෙ ඉන්න ඕනි ටෙක්නික් වලට ගහන උන් (සනත් කැප්ටන් කාලේ මැච් දිනුවේ එහෙම ) . එහෙම නැත්නම් ටෙක්නික් ගහන උන් මුලට දාල කැප්ටන් පිටිපස්සෙ ඉඳන් පොල් අඩි ගහන්න ඕනි (දෝනි මැච් දිනන්නෙ එහෙම ) . හැබැයි දැන් අපෙ ටෙක්නික් කාරයෝ නැතුව කැප්ටන්ගේ ඉඳන් හැම එකාම පොල් අඩි ගහනවා වගෙයි මට පෙන්නේ . පොතේ හැටියට ටෙක්නික් විතරක් ගහන්න ඕනි ජිඇලුත් පොල් අඩි ගහන කොට අතපත්තු දිල් ස්කූප් , හෙලිකොප්ටර් ශොට් ගහනවා වගේ ඔඩ් ගතියක් තියෙයි , මැච් එකත් පරදිනවා . ස්තුතියි විස්තරාත්මක අදහසට

      Delete
  5. ජීනීවා නාඩගම පසුගිය වසරෙත් කළා. මේ වසරේත් එලෙසමයි. එමෙන්ම තවත් වසරකින් නැවත රඟ දක්වන්නේ යැයි කීවෝත් අපි පුදුම නොවිය යුතුය.
    රජයේ මහා ලොකු ඇමරිකන් විරෝධීන් සිටිනවා. නමුත් සම+හරක් ඔවුන්ගේ ඇමරිකන් පුරවැසිකම පවා ඉවත්කරගෙන රටට පූර්වාදර්ශයක් දෙන්නේ නෑ. කාවද රවටන්නේ.

    ReplyDelete
  6. ගේම දීලා ඉවරයි නේද. ඉන්දියාවත් ලංකාව දැඩි ලෙස විවේචනය කරලා තියෙනවා. එක රටක්වත් ඇමරිකාවේ යෝජනාවලට විරුද්ධ වෙලා නෑ. කොටිම මර්වින් සිල්වා කියපු කුණුහබ්බත් ක්‍රිටිසයිස් කරලා තියෙනවා. අපි ඕවා මෝඩ වැඩ කිව්වාම අපිව මරාගෙන කනවා. නමුත් ජාත්‍යන්තරය සමග ගේම් ගහන්න ඕන මීට වඩා පරෙස්සමින්. ඒ කියලා ඉතින් මුකුත් වෙන්නෙ නම් නෑ.

    ReplyDelete
    Replies
    1. කලබල වෙන්න එපා ....තාම ඇමෙරිකාව යෝජනාවා ඉදිරිපත් කලේ නෑනේ....යුනිවර්සල් පීරීයෝඩික් රිවිව් එක විතරයි ඉවර උනේ...කොහොමත් ජ්න්දයක්ට ගියොත් ලංකාව පරදිනවා....ඒත් තාම මුකුත් වෙලා නෑ,,තාම අපි ඔලුව කෙලින් තියෙන ඉන්නවා,,,,,,,,,,

      Delete
    2. චීනේ , රුසියාව , පකිස්ථානෙ එහෙම විරුද්ධ වුනාය කියන්නේ . මොකුත් වෙන්නේ නැ කිව්වේ ලෝක මට්ටමෙන්ද , ලංකාව ඇතුලෙද

      Delete
  7. රටේ බහුජන අයියලා ඉල්ලන්නේ ඩිංගි මහත්තයාගෙ ගජංගේ චරිතමයි..ඉතිං ආන්ඩුවත් එවුවම දෙනවා. අන්තර්ජාතික සමුලුවලදීත් ඒකම කරන්න ඕනේ කියල ආන්ඩුව හිතන් ඉන්නෙ ...

    ReplyDelete
  8. ජිනීවා සමුලුව ගැන ඔච්චර බය වෙන්න දෙයක් නෑ. ඔයසමුලුවෙන් අපේ රටේ හමුදාව හරි නායකයින් හරි වරදකරුවන් කලොත් උන් එතනින් එහාට මොනව කරන්නද? ජිනීවා සමුලුවට කුදගහගනින් කියලා අපි අපේ වැඩක් බලාගමු. ල\කාව කියන්නේ ස්වාධීන රටක්.

    ReplyDelete
    Replies
    1. ඔය කියන "ස්වාධීන " රටට ආර්ථික සම්බාධක එහෙම දරාගන්න පුලුවන් නම් හොඳයි

      Delete
  9. අපේ ගේ විදේශ ප්‍රතිපත්තියේ වැරදි සහගත ස්වාභාවය වසරක් පාසා මාර්තු වල රැස්වෙන එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් කවුන්සිලයේ රැස්වීමත් එක්ක අපට පෙනෙන්න ගන්නවා.ඒ වාගේම අපි දන්නව රටේ ඇතුලත පාලනයත් සෑහෙන දුරට අවුලු කියල.විශේෂයෙන් ඊයේ පෙරේදා කිසිඳු පදනමකින් තොරව තෙල් මිල වැඩිවීම, හෙට අනිද්දට බස්ගාස්තු - විදුලි බිල වැඩිවීම හරහා රටේ අභ්‍යන්තර පරිපාලනයේ අකාර්යක්ෂම බව, මට හිතෙනවා කාලයා ගේ ඈවෑමෙන් මේ පීඩනය ජනතාවගේ සිත්තුලට වැදිල මැතිවරණයක් තුල දී ප්‍රකාශයට පත්වෙන්න ඉඩ තියෙනව කියල.මත්තල පෙන්නල මේවා වහල දැමීමේ සීමාවක් තියෙනව.බුවා ගේ ත්‍රීරෝද මිතුරා පෙන්වනනේ මේකයි කියලයි මට නම් හිතෙන්නේ.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව