Skip to main content

කීර්ති වර්ණකුල සුරිය මහතා හෙලිකරණ ඩොලර් කාක්කන්ගේ යෝජනා

කීර්ති වර්ණකුල සුරිය යන අසා නැති  කෙනෙක් ශ්‍රි ලංකාවේ පුවත් පත් පාඨකයින් අතරින් සොයා ගැනිමට හැකිවේ යැයි මා සිතන්නේ නැත . දිවයින ඉරිදා සංග්‍රහයේ ආරක්ෂක තොරතුරු වාර්ථාකරු වූ  ඔහු මෙවර ජිනිවා හි සිට සිය සුපුරුදු ආරක්ෂක  විග්‍රහය දිවයින පුවත් පතට යොමු කර ඇත . ඒ තුල වැඩි ඉඩ කඩක් වෙන් වන්නේ ශ්‍රි ලංකාව පිලිබඳ විශ්ව කාලාන්තර සමාලෝචනය වෙනුවෙන් ඉදිරිපත් වූ යෝජනා පිලිබඳ වයි . එම යෝජනා පිලිබඳ කතුවරයා මෙසේ කියා සිටියි 

ශ්‍රී ලංකාව ඉටු කළ යුතු යෑයි දක්‌වමින් නිර්දේශ 204 ක්‌ එකී වාර්තාවට ඇතුළත් කර තිබූ අතර ඉන් 94 ක්‌ රජය විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබීය.

මෙලෙස ප්‍රතික්‍ෂේප වූ නිර්දේශ පිළිබඳව විමර්ශනය කරන විට හෙළි වූයේ ඩොලර් මුදල් ලබන කොළඹ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් විසින් විදේශ රටවල් ලවා එකී නිර්දේශ ඉදිරිපත් කර ඇති බවයි.
ඩොලර් සහ යුරෝ අරමුදල් ලබන කොළඹ එන්.ජී.ඕ. කල්ලිය විදේශ රටවල් නටවන අන්දම මෙකී නිර්දේශවලින් තවදුරටත් හෙළිවී තිබේ.

එන්.ජී.ඕ. කල්ලිය හෙවත් ඩොලර් කාක්‌කන් විසින් විදේශ රටවල් ලවා යොමු කරනු ලැබූ නිර්දේශ මෙසේය.
 රාජ්‍ය නොවන සංවිධාන හෝ "ඩොලර් කාක්කන්" විසින් යෝජනාවක් ඉදිරිපත් කරන යෝජනාවකට අප විරෝධය පල කල යුත්තේඑය ජාතික ආරක්ෂාව හෝ ශ්‍රි ලංකාවේ ස්වාධිපත්‍යට අභියෝගයක් වන යෝජනාවක් නම් පමණි . ඩොලර් කාක්කන් වැනි "ආදරණීය "  විශේෂණයකින් ඔවුන්ව ඇමතිය යුත්තේද ශ්‍රි ලංකාවට "අහිතක්" කරන්නේ නම් පමණි . පහතින් විමසා බලන්නේ කිර්ති වර්නකුලසුරිය මහතා විසින් ඉදිරිපත් කර ඇති "ඩොලර් කාක්කන්ගේ " යෝජනා පිලිබඳවයි 

මරණ දඬුවම අහෝසි කරනු - (ඉතාලිය, නවසීලන්තය, ස්‌පාඤ්ඤය)

ලෝකයේ බොහෝ රටවල මේ වට විට මරණ  දඬුවම සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇත . ඉතිව ඇති රටවලිනුත් සැහෙන ප්‍රමාණයක් ප්‍රායෝගිකව මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ නැත (ශ්‍රි ලංකාවද අයත් වන්නේ ඒ ගණයටයි ) . ඒ  නීතිය  නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සහ ආකල්ප වර්ධනයෙන් මිස දඬුවම දැඩි කිරීම තුලින් අපරාධ වැලැක්විය නොහැකි බවට ශිෂ්ටාරී මිනිසුන් අවබෝධ කරගෙන සිටීම නිසාවෙනි . පසුගියදා එක්සත් ජාතින්ගේ සංවිධානයේ මේ පිලිබඳ පැවැති ඡන්ද විමසීමෙදී රටවල් බහුතරයක් මරණ දඬුවම ඉවත් කිරීමට පක්ෂව ඡන්දය ප්‍රකාශ කල බවද අවධාරණය කල යුතුය . ශ්‍රි ලංකාවට යෝජනාව ඉදිරිපත් කර ඇති රටවල්ද මරණ දඬුවම ඉවත් කර ඇති රටවල් වේ . එනිසා පරස්පරයක්ද නැත, ජාතික ආරක්ෂාවට හෝ ස්වාධීනත්වයට තර්ජයක්ද නැත 

 සමලිංගික සබඳතාවලට දඬුවම් කිරීමේ දණ්‌ඩ නීති සංග්‍රහය සංශෝධනය කරනු (කැනඩාව)

මෙයද ජාතික ආරක්ෂාව පිලිබඳ හෝ ස්වාධීනත්වය පිලිබඳ ප්‍රශ්නයක් නොවේ . මානව හිමිකම් යනු කුමක්දැයි හඳුනානොගත් සමාජයකට මෙය බරපතල වැඩි වුවත් , ලෝකයේ බොහෝ රටවල් අවම වශයෙන් සමලිංගික සබඳතා අපරාධයක් වශයෙන් සලකනා  නිතින් ඉවත් කර ඇත . සමලිංගික විවාහයන් පිලිගන්නා තරම් දුර යාතු නැතත්  ඩීක්‍රිමිනලයිස් කිරීම සාධාරණය . 2011 මානව හිමිකම් සැසියේදී මේ පිලිබඳ නියුට්‍රල් රටක්  ලෙසින් හැසිරි ඇති ශ්‍රි ලංකාවේ එසේ කිරීම ගැටලුවක් නොවේ . විකි පිඩියාවේ සිතියම් අනුව සම ලිංගික සබඳතා අපරාධයක් වශයෙන් සලකන එකම මුස්ලින් නොවන රාජ්‍ය ශ්‍රි ලංකාව දැයි මට සිතේ 

තොරතුරු දැන ගැනීමේ පනත ක්‍රියාත්මක කිරීමේ නීතිරීති පනවනු (නෝර්වේ)

තොරතුරු දැනගැනීමේ පනතක් යනු ජනතාවට රජයේ ආයතන වල සංවෙදී නොවන ලබා ගැනීමට ඇති අයිතියයි . රජය යනු ජනතාව වශයෙන් සැලකෙන ප්‍රජාතන්ත්‍රවාදි රාජ්‍යක මෙය කිසිසෙත් හානි දායක දෙයක් නොවේ . ලොව බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යන්  මෙවනි පනත් සම්මත කර තිබේ 



 ශ්‍රී ලංකාවේ මැතිවරණවලදී සියයට 30 ක්‌ කාන්තාවන්ට නියෝජනය කිරීමට ඉඩ දෙනු. (නෝර්වේ)

මේ යෝජනාවේද කිසිදු වරදක් ඇත්තේ නැත. දේශපාලනය තුල කාන්තා නියෝජනය ඉහල නැංවීම කාන්තා අයිතිවාසිකම් ඉහලින් සුරැකීමක් නොවන අතර ,බෞද්ධ රාජ්‍යයකට මේ සඳහා කිසිදු ප්‍රතිරෝධයක් තිබිය නොහැක . කෙසේ වුවත් කාන්තාවන්ට නාම යෝජනා දෙත්දී පබා, අනර්, ගීතා වැනි අයට නොදි සිටිය යුතුයි කියා උපලේබනයක් ඇමිණුවා නම් යෝජනාව වඩාත් සම්පූර්නය 

 අධිකරණයේ ස්‌වාධීනත්වය රකිනු (පෝලන්තය හා ස්‌ලෝවැකියාව)

- මේ යෝජනාවේද කිසිදු හානිකර භාවයක් නොමැත , අධිකරණයේ ස්වාධීන බව රැකිම අන් සියලුම දෙනාට මෙන් කීර්ති වර්ණකුල සුරිය මහතාටත් හොඳය . යම් කිසි විදිහකින් කිර්ති මහතාට  කෙනෙක් පහර දුන්නොත් යන්නට තියෙන්නේද අධිකරණයටය , එහිදි කිර්ති මහතා විසින්ම  පහර දීගත්තාය කියා ඔප්පු නොවෙන්නට නම් අධිකරණය ස්වාධීන විය යුතුය 
වෙබ් අඩවියේ ලියාපදිංචි කළ යුතු බවට දක්‌වමින් 2011 නොවැම්බර් 5 දා පැනවූ නියෝගය අකුළා ගනු (නෙදර්ලන්තය)

වෙබ් අඩවි තහනමෙන් මානව හිමිකම් උල්ලංඝනය පිලිබඳ කැත නමක් ගාගැනීම හැරුණු ප්‍රායෝගික ප්‍රථිපලයක් අත් නොවුනු බව මේ වන විටවත් රජයට තේරුම් ගොස් තිබිය යුතුය . ලියාපදිංචී නොවූ ඊ නිවුසිය හිතේ හැටියට මඩ ගසයි නම් , ඒවා මිනිසුන් විසින් කියවයි නම් තව දුරටත් වෙබ් අඩවි තහනමෙන් ඇති ඵලය කිම ?


උගත් පාඩම් කොමිසමේ නිර්දේශ සියල්ල ක්‍රියාත්මක කර මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන විමර්ශන පවත්වනු (ඕස්‌ටි්‍රයාව)


 වන්නි මෙහෙයුමේදී සිදුවූ ම්ලේච්ඡ ක්‍රියා ගැන විමර්ශනය කිරීමේ ජාත්‍යන්තර යාන්ත්‍රණයට සහාය වෙනු (ටියුනීසියාව)

 උතුරු නැගෙනහිර බලය විමධ්‍යගත කරනු - හමුදාව සිවිල් කටයුතුවලින් ඉවත් කරනු (ඇමරිකාව)

 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනය කරනු (ස්‌විට්‌සර්ලන්තය)

රාජ්‍ය නොවන සංවිධානවල පාලනය ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් ඉවත් කර සිවිල් ආයතනයකට පවරනු - උතුරේ පළාත් සභා මැතිවරණය පවත්වනු (කැනඩාව)

මානව හිමිකම් ආරක්‍ෂකයන් රකිනු (චෙක්‌ රාජ්‍යය)

සියලු දෙනාටම නිදහස්‌ ලෙස අදහස්‌ ප්‍රකාශ කිරීමට ඉඩ දෙනු. ඒ ගැන සෙවීමට විශේෂ නියෝජිතයකුව ශ්‍රී ලංකාවට එමට ඉඩ දෙනු. (බ්‍රිතාන්‍යය)

 අත්අඩංගුවේ සිටින පුද්ගලයන්ගේ (කොටින්ගේ) නම් සහ ඔවුන් රඳවා සිටින්නේ කුමන ස්‌ථානයක දී ද යන්න හෙළි කරනු (ප්‍රංශය, මෙක්‌සිකෝව)

 මානව හිමිකම් උල්ලංඝනය කිරීම ගැන ක්‍රියා කිරීම සඳහා වරප්‍රසාද නීතිය ඉවතු කරනු (ඇමරිකාව)

 රැඳවියන් (කොටි සැකකරුවන්) සම්බන්ධව නිරීක්‍ෂණය කිරීමට ස්‌වාධීන යාන්ත්‍රණයක්‌ ස්‌ථාපිත කරනු (ඩෙන්මාර්කය)

රාජ්‍ය නොවන සංවිධානවල කටයුතු සිවිල් සංවිධානයකට පවරනු (ඇමරිකාව)

 මානව හිමිකම් ආරක්‍ෂකයන්ට එරෙහිව විවිධ ප්‍රචාර දියත් කිරීමෙන් වළකිනු (නෙදර්ලන්තය - ස්‌ලෝවැකියාව)

 ත්‍රස්‌තවාදී මර්දන පනත සංශෝධනය කර අත්අඩංගුවේ සිටින අය පිළිගත් ස්‌ථානවල පමණක්‌ රඳවනු (කැනඩාව)


මෙවා ජාතික ආරක්ෂාව සහ ස්වාධීනත්වය පිලිබඳ ගැටලුවක් ලෙස සැලකිය හැක , ඒ රජයේ නිර්නායකයන් (මතවාදයන් ) අනුවය . මෙහි එන ඇත්ම් යෝජනා පිලිබඳ මාගේ ස්ථාවරය වෙනස් වුවත් , ලිපියේ අරමුණු කීර්ති වර්ණ කුලසුරිය මහතාගේ අදහස් දැක්වීම පිලිබඳ විවරණය කිරීම නිසා කලින් කී නිර්ණායකයන් එලෙසින්ම භාවිතා කර ඇත 

කෙසේ වුවත් රජය තම  නිර්ණායකයන් මදක් වෙනස් කරන්නට නම්‍ය ශිලි නම් , මේවායින් ඇතැම් ඒවා ක්‍රියාත්මක කර රටේ ප්‍රතිරූපය ආරක්ෂා කර ගැති බව මාගේ විශ්වාසය බව අවසන් වශයෙන් අවධාරණය සිටීමට  කැමතිය . මා සිතන එම යෝජනා කහ වර්ණයෙන් සටහන් කර ඇත 



Comments

  1. මැතිවරණවලදී සියයට 30 ක්‌ කාන්තාවන්ට නියෝජනය කිරීමට දීම හැර අනික් එවායේ වරදක් මම දකින්නේ නැහැ. කෘතීම ලෙස සලාක ක්‍රමයට නියෝජනයක් දීමෙන් කාන්තා සමානාත්මතාවය ‍රැකීම හිතළුවක් විතරයි. සලාක ක්‍රමයක් සුදුසු වෙන්නේ දැඩි ලෙස පසුගාමි රටකට විතරයි

    ReplyDelete
    Replies
    1. ලෝකේ මුල්ම අගමැතිනි ආව රට වුනාට කාන්තා නියෝජනය පැත්තෙන් අපි පසුගාමි තමයි (දකුණු ආසියාවට සාපේක්ෂව හොඳම රට වෙන්න පුලුවන් ) . දේශාපාලන පවුලකින් තොරව කාන්තාවකට දේශපාලන ගමනක් යන්න අවකාශය දෙන්න මේක හොඳ යෝජනාවක්

      Delete
  2. පුවත් පත් (newspaper) කතුවරැන් (editors) ලෙස මොලය (brain) ඇති එවුන් පත් (appoint) කිරීමට දිවයින (Divaina) පත්තරේ අයිතිකාර මුදලාලිට (owner) බල කරනු.
    (කතන්දරලන්තය)

    ReplyDelete
    Replies
    1. වැදගත් යෝජනාවක් , දිවයින මුදලාලිට ඕනි ඔලුව තියන ඇයො නෙවෙයි තමන්ට ඕනි ගාණට කඩේ යන ඇයෝ

      Delete
  3. විවේචනයක් නැහැ බුවා ඔබේ ලිපිය සමග හදවතින්ම එකඟයි. මටත් ඔය ටිකමයි කියන්න තියන්නෙ.

    ReplyDelete
  4. සමහර ඒවා නම් ක්‍රියාත්මක කළ යුතු නෑ. මොකෝ ඕවා යෝජනා කරන් රටවල යුද්ධයක් තිබුනේ නෑනේ. තුවාලේ තිබුන එකා තමයි දන්නේ ඒකේ වේදනාව.

    ReplyDelete
    Replies
    1. සමහර ඒවා ප්‍රශ්න ඇති , මම ඔය රතුපාටින් තියලා තියෙන්නේ ඒකයි . කිර්ති අන්කල් ඔක්කොම දාන්නේ එක ගොඩටනේ

      Delete
  5. යුධමය කරුණු ගැන කිව්වොත් නම් බුවා මට කියන්න
    තියෙන්නේ " අපිට හැමෝම සතුටු කරන්න බැහැ "
    කියල තමයි ..

    ReplyDelete
    Replies
    1. හැමෝම සතුටු කරන්න ඕනි නෑ බහුතරය සතුටු කීරීම ප්‍රමාණවත් (ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ බහුතරයේ කැමැත්ත )

      Delete
  6. මේ එන්.ජී.ඕ. කල්ලිය හෙවත් ඩොලර් කාක්‌කන් මේ සමහර හොඳ පොදුජන හිතකාමී යෝජනා මේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන දේවල් අස්සේ දාල එකට මික්ස් කරලා ඉල්ලන්නේ ෂුවර් එකට මේවා දෙන්නේ නෑ කියල දැනගෙනද? බලන කොට මේ අයගේ අරමුණ මේ සමහර හොඳ දේවල් පවා අහිමි කරලා දාන එක වගේ?
    සමහර දේවල් ඇත්තටම බටහිර අපි ගැන තියන නොදැනුවත් කම. උන් උන්ගේ දේවල් හිතන විදියට අපි ගැනත් සිතීම. ඇමරිකාව හමුදාව සිවිල් කටයුතුවලින් ඉවත් කරනු කියල කියනවා මොකද ඇමරිකාව රට ඇතුලේ හමුදාව එහෙම දාන්නේ නෑ නේ. හමුදාව තුවක්කු තියං පාරේ ඉන්න එක ඇමරිකන් කාරයෙක්ට මාෂල් ලෝ එක දැම්මොත් විතරක් අත් විදින්න වෙන දෙයක් නමුත් ලංකාව වගේ රටක අවු 30 ක යුද්ධෙකට පස්සේ දැන් විශාල හමුදාවක් නිකං ඉන්නව අපි වගේ කුඩා දුප්පත් රටක් හමුදාව නිකං තියං ඉන්න එකේ තේරුමක් නෑ. උතුරේ විතරක් නොවෙයි දකුණේත් හමුදාව සිවිල් වැඩ වලට දැමීම අපේ මිනිස්සුන්ට එතරම් ගැටළුවක් නොවෙයි.මේක කරන්න වෙනවා සාමකාමී කාලයක් ඇවිල්ලා හමුදාව ප්‍රමාණයෙන් අඩු කරන්න පුළුවන් වෙනකං වැඩ ගත්තට මොකද අපේ මිනිස්සුන්ගේ අමනාපයක් නැහැනේ.

    ReplyDelete
    Replies
    1. දකුනේ කරන සිවිල් කටයුතු වලට ජනතාව විරෝධයක් නෑ , ඒ කියන්නේ හමුදාවෙන් අපිට බලපැමක් වෙනවා කියන පැත්තෙන් ,නමුත් හමුදාව කාර් රේස් තියන්න වැලි කොට්ට අදිනවා දැක්කාම නම් මට වගේ තවත් ගොඩ දෙනෙකුට බොක්කෙන්ම දුකයි . සිවිල් සේවාවට ගන්න ඕනි හමුදාවේ ගෞරවය රැකෙන්න . නමුත් උතුරෙදි තත්වය වෙනස් . ඔන්න බලන්න යුද්ධය ඉවර වුනත් එකම රට ගැන තවමත් කථා කරන්න වෙලා තියෙන්නේ උතුර දකුණ කියල දෙකට බෙදාගෙන

      Delete
  7. එක්සත් ජාතීන්ගේ ප්‍රඟප්තිය පදනම් වන්නේ මූලිකම කරුණු 3 ක් මතය. ඒය එම ප්‍රඟප්තියේ ආටිකල් 1 හා 2 මගින් නිවැරදීව හා පැහැදිලි ව ප්‍රකාශ කරලා තියෙනවා...

    1.) එක්සත් ජාතීන් රටවල සෛවෛරීභාවයට හා රටවල අතර සමානාත්මතාවය ගරු කරයි
    2.) රටවල අභ්‍යන්තරික නීතීයට අදාල වන දේ සම්භන්දව අත පෙවීම නොකල යුතුය
    3.) අන්තර්ජාතීක මානව හිමිකම් අදාල ගැටලුවකදී අදාල රටේ එකගතාවය මත මිස බලහත්කාරකම මත ඊට අත නොපෙවිය යුතුය.

    ඒ අනුව ඉහත ඔබ පෙන්වා ඇති යෝජනා එක්සත් ජාතීන්ගේ මූලික පදනම එනම් ආටිකල් 1 සහ 2 ට කොතරම් දුරට අනුකූල දැයි ඔබගේ බුද්ධිය මත තීරණය කරන්නැයි මා යෝජනා කරනවා..

    උදාහරණයක් ලෙස ඇමෙරිකාව යොජනා කර ඇති බලය බෙදීමේ යෝජනා සලකන්න. ඒය රටක පාලන ක්‍රමය හා සම්භන්ධ යෝජානවකි. ඒය අදාල රට ප්‍රජාත්‍රන්තිකව නිර්ණය කරනු විනා අන්තර්ජාතික සභාවකදී ඒ සම්භන්දව යෝජනා ගෙන ඒම එකසත් ජාතිඟේ මූලික අරමුනු වලට පටහැනිය.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මම කීවේ අපේ පැත්තෙන් නම්‍යශිලි තාවයක් දක්වමුය කියන එක . කොහොම වුනත් මේ අතර එහෙම බලපැමක් නැති යෝජනාත් තියන බව ඉස්මතු කිරීමයි අරමුණ

      Delete
  8. රාජ්‍ය නොවන සංවිධාන පිළිබද කාරනය හැර අනෙක් සියල්ලම නම් හොද යෝජනා තමයි.රාජ්‍ය නොවන සංවිධාන නම් දැඩි ලෙස පාලනය කරන්නම ඕන.ආන්ඩුව මේවට එකග වෙන්නයි තිබුනෙ

    ReplyDelete
    Replies
    1. ඔබ මේ දක්වා පල කර ඇති දේශපාලනිකමතවාදයන්ට අ නුව ප්‍රතිචාරය ගැන පුදුමයි

      Delete
  9. ඔය හැම එකක්ම කරන්න ඕන නැහැ මට නම් හිතෙන හැටියට.ඒත් සමහර ඒවා ක්‍රියාත්මක කරනවා නම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. හැම එකක්ම අවශ්‍ය කියල මාත් කියන්නේ නැ

      Delete
  10. හොඳ වෙලාවට කීර්ති වර්ණකුලසූරිය වගේ අය මේවා ගැන හොයලා බලලා විරුද්ද වෙන්නේ . . යකෝ මේ දේවල් ඔක්කෝම කිව්වත් වගේ ඩොලර් කාක්කන්ගේ යෝජනා නෙව.

    අපේ වගේ ස්වෛරී රටක මේවා ඕනම නෑ . . හික්ස්

    ReplyDelete
    Replies
    1. අපේ වගේ ස්වෛරී රටක මේවා ඕනම නෑ . . හික්ස්

      Delete
  11. නාම යෝජනා දෙත්දී පබා, අනර්, ගීතා වැනි අයට නොදි සිටිය යුතුයි කියා උපලේබනයක් ඇමිණුවා නම් යෝජනාව වඩාත් සම්පූර්නය

    මොනව නැතත් මේ ටිකම මදෑ..

    කකාගේ කමෙන්ට් එක දැක්ක ගමන් බකස් ගාව හිනා ගියා.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව