Skip to main content

දිනමින කතු වැකියේ මඤ්ඤං කථා

මාතෘකාව දකිනා කෙනෙකු දිණමිනේ මඤඤං නොවන  යමක් පලවූයේ කවදා දැයි විමසා සිටියත් මා පුදුමයට පත්වන්නේ නැත . නමුත් රජයට සුදු හුණු ගැමෙන් නොනැවතී ලෝක දේශපාලනයත් ඇඳා ගත් කරුණු කාරණා සම්බන්ධයෙන් "මඤ්ඤං" කථා රාශියක් ඇතුලත් ලිපියක් අද දින කතු වැකිය වශයෙන් පලවී ඇත . මේ ඒ පිලිබඳ විග්‍රහයකි (කරුණු උපුටා ගන්නේ කතුවරයා සටහන් කර ඇති අනුපිලිවෙලට නොවේ )

//තායිලන්තය, පිලිපීනය, බ්‍රසීලය, චිලී, ආර්ජන්ටිනාව වැනි රාජ්‍යයන් ගැන අමුතුවෙන් කතාකළ යුතු නැත. එම රටවල් අමෙරිකාව හා යුරෝපය මත යැපෙන රාජ්‍යයෝය. //

ඉහත වාක්‍යය දුටු සිනහ පහල නොවනා කෙනෙක් සිටී නම් ඒ දිණමින , අයිටින් සහ ස්වාධීන රූපවාහිනියෙන් තොර ලෝකයක් නොදන්නා අයෙකු විය යුතුය .  බ්‍රික්ස් කණ්ඩායමට අයත් නැගී එන ආර්ථික බලවතෙකු වන බ්‍රසීලය  , අදාල සංගමේ වඩාත් පරිපූර්න  සංවර්ධනයක් අත්කරගත් සාමාජිකයා ලෙස හැඳින්වීමේ වරදක් නැත. එනිසා ආර්ථික හෝ දේශපාලනික වශයෙන් කිසිදු රාජ්‍යක් මත "යැපීමේ" අවශ්‍යතාවයක් බ්‍රසීලයට නැත . බ්‍රසීලය ලෝක දේශපාලනය තුල ක්‍රියාත්මක වී ඇති අන්දමෙන්ද ඔවුන් කිසිසේත්ම ඇමරිකන් හිතවාදීන් නොවෙනා බැව් නිරික්ෂණය කල හැක . බ්‍රසීලයේ  ප්‍රධාන ගැනුම් කරුවා වන්නේද චීනය මිස ඇමරිකාව නොවේ . ඇමරිකාව සමඟ වෙලඳ ගණුදෙනු ප්‍රතිශතය 10% කට ආසාන්නය . ආර්ජෙන්ටිනාව පසුගිය දිනවල  බ්‍රිතාන්‍ය සමඟින් ඇති කරගත් දේශපාලනික උණුසුම නිරික්ෂනය කලේ නම් ඔවුන්  බටහිරින් යැපෙන්නන් වශයෙන් හැඳින්වීමේ හැකියාවක් නොමැති බවද  තේරුම් ගත හැකිව තිබුනි . ආර්ජෙන්ටිනාවේ ප්‍රධාන වෙලඳ සහකරුවා වන්නේ බ්‍රසීලයයි . මෙහිදී වඩාත් හාස්‍ය ජනකම කාරණය වන්නේ අනෙක් රටවල යැපීම ගැන කථා කලත් ශ්‍රි ලංකාව  එක්සත් ජනපදයට පමණක් 22%ක ආසන්න ප්‍රමාණයක අපනයනයක් සිදු කරන , බ්‍රසිලයේ ආර්ථික ශක්තියට අලගු තැබීමට තරම්වත් හැකියාවක් නොමැති රටක් වීමයි 

ජපානය, ඉතියෝපියාව, මැලේසියාව, කසකස්ථානය, ඇන්ගෝලාව, බොට්ස්වානා, බුර්කිනා, කෙන්යාව යන රාජ්‍යයෝ ඡන්දය දීමෙන් වැළකී සිටියහ. නියම අර්ථයෙන් ගත හොත් ඔවුන් සහයෝගය දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවට ය. මෙහිදී මේ රාජ්‍යයන් අමෙරිකාව හා යුරෝපා සංගමය වැනි බලවත් ආයතනවලට අභියෝගාත්මක ලෙස හැසිරී ඇත. ජපානය කවදත් ශ්‍රී ලංකාවට හිතැති රාජ්‍යයෙකි.

මේ තිස්ස අත්තානයක /මංගල සමරවීර තියරියයි . මෙම තියරිය නිවැරදි නම් පසුගිය සමයේ සන්ධාන රජය විශ්ෂ්ට ලෙසින් ජයගත් කිසිදු  මැතිවරණයක් සැබවින්ම ජය ගෙන නැත . මන්ද ඡන්දය නොදී සිටි ජනතාවද රජයට විරුද්ධය . ජපානය ශ්‍රි ලංකාවේ සැබැ මිතුරෙකු බව සැබැය ,  සටන් විරාමය වෙනුවෙන්  පැමිණි ජපන් නියෝජිතයාට කොටි ලේබල් අලවා ජපානය සමඟින් පැවති සබඳතා හීන කරගෙන ජපානය "මධ්‍යස්ථ" වීම පිලිබඳ උදම් ඇනීමේ පලක් නැත , මන්ද ජපානය  ශ්‍රි ලංකාව වෙනුවෙන් පෙනි සිටිය හැකිව තිබු , එසේ වී නම් එය අනෙක් රටවල මතයටද බලපැම් කල හැකිය තිබූ රාජ්‍යයකි .   බ්‍රසීලය ඇමරිකාව මත යැපෙන්නේ යැයි  පවසන කතෘ වරයාට ජපාන- ඇමරිකානු සබඳතාවයන් සහ මුලින්ම අමතක වී ඇත .  භාහිරව නිරීක්ෂනය කල නොහැකි ඇමරිකානු -බ්‍රසිල සම්බන්ධය වෙනුවෙන් බ්‍රසීලය ඇමරිකාවේ ස්ථාවරය ගනී නම් , ඉතා පැහැදිලි සම්බන්ධාවන් (විශේෂයෙන් ආරක්ෂාව සම්බන්ධයෙන් )  සහිත ජපානය ඇමරිකානු ස්ථාවරය නොගන්නේ මන්ද ?

ඉන්දුනීසියාව, කුවේටය, මාලදිවයින, පාකිස්ථානය, කටාර් රාජ්‍යය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය ය, යන ඉස්ලාම් රටවල් සෘජු ලෙස ම ශ්‍රී ලංකාව සමඟ සිටියේ ය


කතෘ තුමාගේ යැපීම් සංකල්පය ආදේශ කර්න්නේ නම් කටාර් රාජ්‍යය සිටිය යුත්තේ ඇමරිකානු කඳවුරේය ඒ අපනයනයන් පමණක් සැලකීමෙනි . දේශපාලනික සබඳතා සැලකීමෙදී එමිර් රාජ්‍යය සහ කුවේටයත් සිටිය යුත්තේ මෙතනයි . නමුත් එම මුස්ලිම් රාජ්යන් ශ්‍රි ලංකාවට සහය දක්වා ඇත .ඒ ශ්‍රි ලංකාවේ මානව හිමිකම් පිලිබඳ අම්තු පැහැදිමකින් නොව ශ්‍රි ලංකාවෙ ව්‍යවස්ථාපිතව ඇති මූලික මානව හිමිකම් පවා මෙම මුස්ලිම් රාජ්‍යන් තුල නොමැති වීම නිසාවෙනි . දිණමින කතෘතුමාට මෙම තත්වය නොපෙනීම කණගාටුදායකය 

කෙසේ වෙතත් එතුමාගේ බටහිර මත යැපීමේ සංකල්පය , ආර්ථික වශයෙන් තදබල ලෙස බැඳි ඇති එක්සත් ජනපදය සහ චීනය හාත්පසින් වෙනස් දේශපාලනික තීන්දු තීරණ ගැනීම තුලම බිඳ වැටි බව සිහිපත් කල යුතුය 

ශ්‍රී ලංකාව මේ යෝජනාව සම්බන්ධයෙන් හෝ එහි නිර්දේශ සම්බන්ධයෙන් හෝ තැතිගැන්මකට ලක්විය යුතු නැත. එහෙත් මෙය හෑල්ලුවට ගත යුතු ද නැත. අප මෙතෙක් රටේ සාමය, නිදහස හා ජාතීන් අතර සංහිඳියාව පිළිබඳ ගෙන ඇති පියවර බොහෝ ය. උගත් පාඩම් හා සංහිදියා කොමිසමේ නිර්දේශ බොහොමයක් ද ක්‍රියාත්මක කොට තිබේ. එහි ප්‍රගතිය සම්බන්ධයෙන් බොහෝ රාජයයන් තෘප්තිමත් බවද ප්‍රකාශ වී තිබේ. ඒ අතර අමෙරිකාවට, යුරෝපා සංගමයට හා කැනඩාව වැනි රටවලට ශ්‍රී ලංකාව තවදුරටත් හිර කිරීමේ වුවමනාවක් ද තිබේ. මේ සියල්ලටම ඉතා බුද්ධිමත් ලෙස මුහුණදීම අප විසින් කළයුතුව තිබේ.

හැල්ලුවට  ගැනීමේ හැකියාවක් නොමැති නම් ඒ සඳහා කල යුත්තේ කුමක්ද යන්න හෝ හැල්ලුවට ගත නොහැකි වීමේ පදනම කුමක්ද යන්න පිලිබඳ ව හෝ කතෘවරයා මෙහිදී සඳහන් කිරීමට අපොහොසත්ව ඇත . එවිට  තැති නොගෙන සහ හැල්ලුවට නොගෙන සිටිම යන්න  හුදු වචන පෙලක් පමණක් බවට පත්වීම වැලැක්විය නොහැක 

අපට පෙනී යන වැදගත් ම සාධකයක් වන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරකම් පිළිබඳ පුළුල් ප්‍රචාරණයක්ද අවශ්‍ය බව ය. එය දේශීය වශයෙන් සාර්ථකව සිදුවෙනවා ද යනු ප්‍රශ්නයකි. ඒ ගැන බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය


දේශීය වශයෙන් ප්‍රචාරණය කරනා තරම් ගැන  අම්තුවෙන් විස්තර කල යුතු නැත . සැබවින්ම දේශීය වශයෙන් ප්‍රචාරණය කීරීම වැදගත් වන්නේ රජය මුහුණ දෙන මැතිවරණ වලින් ජයගැනීමට මිස ජාත්‍යන්තර අභියෝග ජය ගැනීමට නොවේ . දේශීයව තමන්ගේ හොරනැ වැයු පමණින් ජාත්‍යන්තර අභියෝග ජයගත හැකිය යන මුග්ධ සිතුවිල්ල ජාතික පුවත්පතක කතෘ වරයෙකු විසින්  දරන්නේ නම් ෆොටෝ ශෙයා කරමින් ජාත්‍යන්තර ගේම් දෙන්නට දතකන ෆේස් බුක් වීරයන්ගේ දූපත් මානසිකත්වය  අරුමයක් නොවේ 

Comments

  1. ඔය පත්තරේ කතු වැකිය ගැන විශ්ලේෂණ ලියන්න් ගියොත් උඹට වෙනම බ්ලොග් එකක් පටන් ගන්න වෙනවා... දිණමින, රූපවාහිනි, නයි ටී ඇන් විදෙස් විත්ති විචාර සිංහලෙන් කියන් නිසාම හොඳා... අපේ හරකුන්ට පුන්නක්කු දෙන්නත් කවුරුන් හෝ ඉන්ට එපෑයෑ...

    ReplyDelete
    Replies
    1. අන්වර්ට උත්තරදෙනවට වැඩිය වේගයකින් උත්තර දෙන්නත් වෙයි බුවාට. සමහර විට රස්සාව අත්හැරල බ්ලොග් පෝස්ට් ලියන්න වෙයි.

      Delete
    2. හ හා .. අ.මනතුංගට උත්තර දෙන එක තාවකාලිකව නතර කලා අපේ දේශප්‍රේමින් ගේ "වීරකම්" බලා ඉන්න තරම් හිරිකිත හින්ද . දැන් දිණමින කතු වැකි විචාර ලියන්න වෙලාව තියෙයි :D

      Delete
  2. දිණ්මිණ කතුවැකිවල තියෙන දේවල් ඒච්චර සිරා ගන්න එපා... කන්න අදින්න කියලා රස්සාවක් ඔනේ කමට ලියන දේවල් නේ.... :)
    බුවා දිණමිණ කියවනවා කියලා දන්නවනම් ඒක ලියපු මහත්තය කොච්චර සතු‍ටු වෙයිද?
    දිණමින බලපු කාලයක් මතක නෑ..

    ReplyDelete
    Replies
    1. ඒකත් හැබෑව , ඔන්ලයින් තියන හින්ද තමා මාත් කියවන්නේ . උදේ පාන්දරම ලේ පිරිසිදු කරගන්න පුලුවන් විහිලු එහෙමත් තියෙයි නේ

      Delete
  3. බුවා,
    මාතලන් සහ මයියාගේ කතා වලටත් ඔබගේ ලිපියටත් එකඟයි. හැබැයි සහෝදරයා මම ඔය කඩමාල්ල බලපු කාලයක් මතක නැහැ. මම ඕක අල්ලන්නත් බයයි. මොකද ඕකෙ තියන විෂ බීජ ගියොත් හැදෙන ලෙඩේ හොයාගන්න සෑහෙන කට්ටක් කන්න වෙනවා. අන්න ඒ නිසා අපේ පැත්ත පළාතක වද්ද නොගනිමු. කොටින්ම අපි දිණමිණ හරාම්!!!!

    ReplyDelete
    Replies
    1. මාත් අල්ලන්නේ නෑ , ඔන්ලයින් නේ බලන්නේ :D

      Delete
  4. බුවාගෙ කතාව හරි. මයියා සහ මාතලන් එක්ක එච්චර එකඟ නෑ. මොකද දිනමින පත්තරෙන් අපි අපක්ෂපාතී යමක් බලාපොරෙත්තු නොවෙනබව සැබෑව. ඒ උනාට යමක් ලියද්දි තමුන් ලියන දේ නිරවද්‍ය වියයුතුයි. උදාහරණයක් විදියට මහින්ද රාජපක්ෂ හොඳද නරකද කියනඑක කොච්චර තර්ක කලත් එකඟත්වයකට එන්න පුළුවන් කාරණාවක් නෙවේ. ඒ දේවල් ගැන මොන විදියට ලිව්වත් අවුලක් නෑ. හැබැයි බුවා මතුකරල තියන කාරණා බැලුවම මේගොල්ල ලියන්නෙ සාමාන්‍ය දැනීමවත් නොදැන.

    හැබෑට ලේක්හවුසියෙ ඉන්න නලින් මොකද දන්නෑ මේ ගැන කියන්නෙ?

    ReplyDelete
    Replies
    1. නලින් දිනමිණ කතෘ මහින්ද අබේසුන්දර සමග

      ww.facebook.com/photo.php?

      Delete
    2. රාජ් - ස්තුතියි

      ඇනෝ - නලින් මහත්තයගේ රස්සාවනේ බන් , ලොක්ක එක්ක ශේප් එකේ ඉන්න එපැයි

      Delete
  5. මට පේන්නේ බුවාටත් මඤ්ඤං වගේ. නැත්තං මේ මාසේ පඩියටයි ලැප්ටොප් එකටයි අරක්කු බාගෙටයි ඕනැ මල ජරා ගොන් කතාවක් ලියන දිනමිණේ අබේසුන්දර උන්නැහැගේ ලියවිලි ගැන පෝස්ට් එකක් ලියයි යැ. අනික මෑන් ලියන්නේ අයිටීඑන්, රූපවාහිනී සහ ලේක්හවුස් පත්තරම විතරක් බලන ළිංමැඩි රාජපාක්ෂික ගැලරියට.ඉතිං ඔය විදිහට කතුවැකියක් නොලිව්වනං තමා පුදුමේ.
    මයියා කිව්වා වගේ මේක දැක්කනම් අබේසුන්දර ලොක්කා අම්බානකට සතුටුවෙයි "යකෝ මගේ කතුවැකිය මෙහෙම උනුත් බලනවා මදිවට ඒ ගැන ලියනවත් එක්ක"කියලා.
    කොහොම උනත් හොඳ ලිපියක්. මේකට ප්‍රස්තුතය කරගත් ලිපිය තමයි අවුල...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි , කඩේ යනවා නම් බලාගෙන ඉන්න පුලුවන් ඒත් මේ වගේ ඒවා දැක්කාම මොකුත් නොකිය ඉන්න හිතෙන්නෙම නෑ

      Delete
  6. සහතික ඇත්ත. රජය කරන දේවල් ජාත්‍යන්තරේ හරියට දැන ගත්ත නම් උන් අපිට කවදාවත් ඔය යෝජනාව ගේන්නෙ නෑ. මොකද ලංකාවෙ ජීවත් වෙන අපිට ආපහු වෙනම දඬුවම් දෙන්න ඕන නැති හින්ද. අපේ ආඩම්බරකාර තාත්ත ඒව ටික හරියට කරනවනේ. හෙට අනිද්දම බස් ගාස්තු, විදුලිබිල වැඩි උනාම යස අගේට මහජනාවට දැනෙයි සංවර්ධනේ තරම. තව ඉස්සරහට ඔය අලුත් එයාපෝට් වල නය එහෙම ගෙවන්න උනාම. ආයි මොකටද අපිට ආර්තික සම්භාදක.

    ReplyDelete
    Replies
    1. // රජය කරන දේවල් ජාත්‍යන්තරේ හරියට දැන ගත්ත නම් උන් අපිට කවදාවත් ඔය යෝජනාව ගේන්නෙ නෑ. මොකද ලංකාවෙ ජීවත් වෙන අපිට ආපහු වෙනම දඬුවම් දෙන්න ඕන නැති හින්ද.//


      මරු කියමන

      Delete
  7. දිනමිණ කතුවැකිය ලියන එකා (ජනමාධ්‍යවේදියා කියලා කියන්න බෑනේ ඒ අය) මේක දැක්ක නම් වෙනදට හවසට බොන්නේ අරක්කු කාලයි නම් අද බොනවා බෝතලයක්.

    යකෝ මගේ කතුවැකිය එකෙක් කියෝලා විතරක් නෙමේ ඒකට පිලිතුරකුත් ලියලා කියලා ආතල් එකට . .

    හික්ස්

    ReplyDelete
  8. බුවාගේ උඩ වොට් පෝල් එකට මෙහෙම දෙයක් එකතු කරන්නම්...

    හැම අවුරුද්දේම එන මේ හිසරද වලට අපි පුලුවන් තරම් අවදානයේන ඉදගෙන අවුරුද්ද පුරාම පහරක් ගහන්න ඕනා.. උන්ට උත්තර දෙන්න.. channel 4, geneva වගේ දේවල් වලට උන්ගේ, ඇමරිකාවේ වැරදි හොය හොයා ගහන්න ඕනා.

    උන්ගෙත් වැරදි ගැන ලෝකෙටම කියන්න ඕනා.... උන්ටත් මලවදයක් හිසරදයක් වෙන තරමටම වැඩ කරන්න ඕනා...

    කවුද මේකට කැමති? මේ පණිවිඩය යවන්න ඕනා FB වලයි හැමතැනමයි...

    ReplyDelete
    Replies
    1. සිංහලෙන් නම් අවුරුද්ද පුරාම ඇමරිකාව පතුරු අරින්නේ කට්ටිය

      Delete
  9. මම පුරුද්දක් විදිහට පත්තර බලන්නේ නෑ. ඒත් උදේට රූපවාහිනියේ/ අයි ටී එන් යන විදෙස් පුවත් විශේෂාංග සමහර විට බලන්නවා. ඒ වැඩසටහන් වලින් මම අඩුම රේටින් එක දෙන්නේ විජය දිසානායකට, එයා වෙනුවට එන ප්‍රසාද් දොඩංගොඩගේ වැඩසටන යම් ප්‍රමිතියකට කරනවා. අයි ටී එන් එකේ වැඩසටහන කරන ලලිත් ද සිල්වා කරන වැඩසටහනේ සුපුරුදු කඩේ යාම් නොසලකා හැරියොත් හොඳ වැඩසටහනක්. සිරසේ/ දෙරණේ මේ ආකෘතියේ වැඩසටහන් නැති වීම අඩුවක්

    (අදාල නැති කරුණක්- මම නම් පත්තර නෙට් එකේ බලනවා ඇරෙන්න මුද්‍රිත ඒවා අල්ලනේ වත් නෑ, පත්තර මුද්‍රණය කරන තීන්ත වල ඊයම් අතේ ගැවෙන එක සෞඛයට හිතකර නෑ. ලංකාවේ කට්ටිය අතින් කෑම ගන්න නිසා ඊයම් ඇගට ඇතුලත් වෙන සම්බාවිතාව වැඩියි)

    ReplyDelete
    Replies
    1. මාත් බලන්නෙ නෙට් එකේ . ලලිත් ගේ කථා විලාශය මට දිරවන්නේ නැ . විජය දිසානායක ඒ අතින් හොඳයි හැබැයි කියවන්නේ මඤ්ඤං .

      Delete
  10. දිනමිණ,I T N බලන්න ඕනේ පොඩි විනෝදයක් නැත්නම් ගොන්ආතල් එකක් ගැනීමේ මානසිකත්වයෙන් පමණයි.

    ReplyDelete
  11. මහින්ද අබේසුන්දර දැන් දිනමිණ කර්තෘ නොවෙයි බුවා..ඒ වගේම වැකිය ලියන්නෙත් එයා නොවෙයි. මං ගියා.

    ReplyDelete
    Replies
    1. යන්න කලින් කියනවකො මොකාද ලියන්නේ කියලා

      Delete
  12. දේශීයව තමන්ගේ හොරනැ වැයු පමණින් ජාත්‍යන්තර අභියෝග ජයගත හැකිය යන මුග්ධ සිතුවිල්ල ජාතික පුවත්පතක කතෘ වරයෙකු විසින් දරන්නේ නම් ෆොටෝ ශෙයා කරමින් ජාත්‍යන්තර ගේම් දෙන්නට දතකන ෆේස් බුක් වීරයන්ගේ දූපත් මානසිකත්වය අරුමයක් නොවේ

    ++++++++++++++++++++++++++

    ReplyDelete
  13. මූටත් අර W3Lanka ලියන පැරා ගේ ලෙඩේ!

    මං නං දිණමිණ බලපු කාලයක් මතක නෑ. සිළුමිණේ පුන්කලස නම් කියවනවා ලැබෙන පරිදි.

    ReplyDelete
    Replies
    1. ඔන්ලයින් නිකන් තියන එකෙනේ සැරින් සැරේ කියවනවා ආතල් එකටත් එක්ක

      Delete
  14. මේ කේස් එක ගැන නම් මට කියන්න තියෙන්නේ මෙච්චරයි.

    ලෝකෙම අපහාස කරන කම්ම තමන් කළ වැරදි ගැන කණගාටුවක්වත් පෙන්නන්නේ නැතුව කයිය දෙන අපි, අපේ වැරදි පෙන්නා දෙන උන්ට බණින එක තරම් කඩප්පුලි වැඩක් තව නැත.

    ලංකාවට පක්‍ෂව ඡන්දය දී ඇත්තේ අපාය සහායක මිත්‍රයෝය.

    ReplyDelete
    Replies
    1. ලේ කෝප නොකර ඉඳින් බන්...

      Delete
  15. කරුණාදාස සූරිය ආරච්චි වගේ අධෝමුඛය කටේ තියාගත්ත බොරු නාමික මානව හිතවාදින්ගෙන් මීටවඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ නේද? ජන්මයක් නෑති බූරුවා සල්ලි වලටයි බෝතලයටයි නොකරන දෙයක් නෑ. සුන්දර කතන්දර නම් ලියනවා, හෑබෑයි සෑබෑ ජීවිතයදි බලු වටී.

    ReplyDelete
  16. මම නම් තවමත් දිවයින, දිණමිණ යනාදී අන්තර්ජාලයෙන් කියවත හැකි ලංකාවේ පත්තර ගොඩක් කියවනවා.

    ලෝකේ අනිත් රටවල් වල පත්තර සඟරා ද කියවත හැකි ප්‍රමාණයක් කියවනවා.

    මතවාදයක් වෙනුවෙන් ලියන එක අද ඊයේ පටන් ගත්තු දෙයක් නෙමෙයි, ලංකාවේ පමණක් සිද්ධ වෙන දෙයක් ද නෙමෙයි. ඒත් අනුන්ගේ මතවාද නොකියවා සිටීමෙන් නොව කියැවීමෙන්ම පමණයි නොදන්නා බහුතරය කැන්ඳන් යන්න හදන්නේ කොහාටදැයි දැනගන්නට ලැබෙන්නේ.

    මෙවැනි සටහනක් දැම්මට බූවාට ස්තූතියි. මඤ්ඤං අවුල් ගැන සටහන් නොදා සිටීමට වඩා සටහන් ලිවීම වැඩියෙන් වැදගත් යැයි මගේ සිතුවිල්ලයි.

    ReplyDelete
  17. බුවා ඔව්ව කියවන්ට ගිහින් පහුගිය දොහක දේශකයට වෙලා තිබුන දේම වෙයි ඇ.

    මං ගියා ;)

    ReplyDelete
  18. මගෙ බල්ලවත් බලන්නෙ නැහැ දිව-මිණ !

    ReplyDelete
    Replies
    1. හුටස් දිවමිණ එන්නෙ ඉරිද රුපියල් විස්සට නොවැ..

      මෙය දිණ*මිණ ලෙස නිවැරදි විය යුතු !

      Delete
    2. බල්ලා නොබැලුවට උඹ බලපන් , අර එකෙක ඔහොම කියලා බල්ලගෙදර තියල ආණ්ඩුවට ගියේ. අඩුම තරමේ ආතල් එකක් ගන්න වත්

      Delete
  19. අනේ මන්දා සිළුමිණේ පුන්කලස කොටසේ කතුවැකි ගැන විශ්ලේෂණයක් යනවා ඩි.එෆ්.කාරියකරවනගේ,මිනිහට ඕක පෙන්වන්න ඕන.අනිත් පත්තර වල වැරදි පෙන්වන ඔහු ඔකේ වැරැද්ද දකියිද කියලා බලන්න.

    ReplyDelete
    Replies
    1. එහෙම එකක් තියනවා කියල දන්නේ දැන් , බලන්න ඕනි ඒකත් කියවලා

      Delete
  20. දිණමිණ/සිඏමිණ පත්‍ර වල ජනතාවට තියෙන වැදගත් ම කොටස තමයි ලුහුඬු දැන්වීම් තීරය.හුඟක් ප්‍රයෝජනවත්.හැබැයි මුලු පත්තරේ ම ප්‍රයෝජනවත් බත් ඔතන්ට.

    ReplyDelete
  21. “දිනමිණ“ රජයේ නිලනොලත් මාධ්‍ය පුරෝගාමියා. ම්.... එවාගෙම ජයශ්‍රී කියන පරිදි බත් ඔතන්නත් කදිමයි.

    ReplyDelete
    Replies
    1. නිල නොලත් නෙවෙයි නිල ලත් , බත් ඔතන්න මුද්‍රනය කරපු කඩදාසි ගන්න එපාය කියනවනේ . අපි නම් දැන් බත් ඔතන්නෙත් සුදු පත්තරෙන් .

      Delete
  22. පිලිතුරු දීමට ප්‍රමාද වීම පිලිබඳ සමාවන්න

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව