Skip to main content

IPL6 , විරෝධතා , ක්‍රිඩාව සහ දේශපාලනය , චන්දිමාල් & අර්ජුන

අයි පි එල් තරඟ මාලාවේ 6 වෙනි අදියර උත්සවශ්‍රියෙන් අද දින ආරම්භ වීමට නියමිතය. දැඩි ආන්දෝලනයකින් පසු නුවන් කුලසේකරත් , අකිල ධනංජයත් හැර අන් සියලුම ක්‍රිඩකයින් මෙම තරඟාවලිය සඳහා සහභාගී වන බැව් මේ වන දැන ගන්නට ඇත . ඇතැම් මාධ්‍ය දිනේශ් චන්දිමාලුත් මෙම ගොඩට දමා අයි පි එල් යන්නේ ක්‍රිඩකයින් 10 ක් පමණක් යැයි පවසමින් සිය සමාන්‍ය දැනීමේ සහ අංක ගණිත දැනුමේ ප්‍රමාණය පල කලත් චන්දිමාල් යනු වෙනමම කථා කල යුතු මාතෘකාවකි .

පසුගිය දින කිහිපය තුල මුහුණු පොතේ වැඩියෙන්ම ශෙයා වූ කාරණා අතර ඉහලින්ම තිබෙන්නේ ශ්‍රි ලාංකීය ක්‍රිඩකයින් අයි පි එල් තරඟ සඳහා සහභාගී නොවිය යුතු බවයි . විශේෂයෙන්ම මුහුණු පොත හරහා සිංහල- බෞද්ධ උරුමය රැක ගැනීමට වෙහෙසෙන බුකි ප්‍රේමින් අතර මේ විරෝධතාවයන් වැඩි වශයෙන් දක්නට ලැබුනි. ජයලලිතා, වයිකෝ, රැජිනි කාන්ත් වැනි අන්තවාදි ගොබ්බයින් සහ තමන් අතර කිසිදු වෙනසක් නොමැති බව සනාථ කල බොදු බලසේනාවේ ඥාණ සාර හිමියන් ගේ කුණු බිත්තර ප්‍රකාශයෙන් , මෙමෙ  විරෝධතාවයන්ගේ  පසුබිම කුමක් දැයි වටහා ගැනීමේ හැකියාව තිබේ

ක්‍රිඩාව දේශපාලනය සහ ජයලලිතා 

"ආසියාවේ ආශ්චර්ය" වීමට දඟලන ශ්‍රි ලංකාවෙ මෙන්ම ,  සුපිරි බලවතෙක් වීමට වලිකන "ඉන්ක්‍රෙඩිබල් ඉන්ඩියා" වේත් ජරා ජීර්න දූෂිත දේශපාලනය නොගැවුනු  ඉසව්වක් සෙවීම යනු කිසිවෙකු නොමල ගෙයකින් අබ ඇට සෙවිම හා සමාන ක්‍රියාවකි . ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ දේශපාලනීකරණය වූ ක්‍රියාවන්ට හොඳම උදාරණය නම් පකිස්ථාන ක්‍රිඩකයින් අයි පි එල් තරඟාවලියෙන් එලවා දැමීමයි . මුම්බායි ප්‍රහාරයට පකිස්ථාන ඔත්තු සේවාවේ මිස ක්‍රිඩකයින්ගේ සම්බන්ධයක් නොමැති නිසාවෙන් එය ඉතා පැහැදිලිවම දේශපාලනික තීරණයකි

සිය දේශපාලන අභිලාශයන් උදෙසා තමිල්නාඩුව තුල "සිංහල විරෝධයක්" අවුලවමින් සිටිනා ජයලලිතා මහ ඇමතිණියද , අයි පි එල් තරඟා වලියට ශ්‍රි ලාංකික ක්‍රිඩකයින්ගේ සහභාගීත්වය තහනම් කරමින් නැවත වතාවක් ක්‍රිඩාව සහ දේශපාලනය මුසු කරන්නට සමත් ව තිබේ . තමිල්නාඩුව තුල ශ්‍රි ලාංකිකයින්ට එරෙහිව ගොඩ නැඟි ඇති මතවාදයන් සැලකිල්ලට ගත් විට කිසිදු ශ්‍රි ලංකිකයෙක් තමිල්නාඩුවේ පය තැබීම නුසුදුසු වන බැව් මා කලින් ලිපියකදී සඳහන් කලෙමි . එහිදී ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රිඩකයින්ද තමිල්නාඩුව මඟ හැරිය යුතු බව යෝජනා කලේ ගෝත්‍රිකයින් සමඟින්  ශිෂ්ට සම්පන්න ලෙස ගණුදෙනු කිරීමේ අවස්ථාවක් නොමැති හෙයිනි . ශ්‍රි ලංකා රජයද ක්‍රමානුකුලව තමිල්නාඩුව  ශ්‍රි ලාංකිකයින්ට තහනම් කලාපයක් බවට පත් කරමින් සිටියදී , චෙන්නායි හි පැවැත්වෙන අයි පි එල් තරඟ පිලිබඳ ශ්‍රි ලංකා රජයට දේශපාලනික තීන්දුවකට එලඹීමට පෙර ජය ලලිතා විසින්ම එම තීන්දුව ගැනීම එක්තරා දුරකට වාසී දායක තත්වයකි

ජය ලලිතාගේ ඝර්ජනය හමුවේ ඒයට අනුකුලතාවයක් දක්වමින්  චෙන්නායි හි පැවැත්වෙන තරඟ වලින් ශ්‍රි ලාංකික ක්‍රිඩකයින් ඉවත් කිරීමේ තීරණයට ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය එලඹෙන්නේ , ඉන්දිය මාධ්‍ය මෙන්ම ,අනෙකුත් ප්‍රාන්තවල ජනතාවගේද(අන්තර්ජාලය තුල නියෝජ්නය වන )  විරෝධයන් හමුවේ වීම විශේෂත්වයකි ( ඉන්දියානු පුවත් වෙබ් අඩවි වල කමෙන්ට් කරුවන්ගේ අදහස් අනුව ) . ඒ වඩාත් සාධාරණ විකල්පය වූ චෙන්නායි වෙනුවට වෙනත් ප්‍රාන්තයක් තෝරා ගැනීමේ විකල්පය තෝරා නොගැනීම සහ එම විකල්පය දැනටමත් හයිද්‍රාබාද් කණ්ඩායම  සම්බන්දයෙන් තෝරා තිබියදී  චෙන්නායි කණ්ඩායමට සුවිශේෂි වාසියක් අත්වෙන පරිද්දෙන් කටයුතු කිරීම හේතුවෙන් , මෙම තීරණය හේතුවෙන් කණ්ඩායම් තුනකට සිය නායකයා නොමැතිව වෙන්නායි තරඟ සඳහා මුහුණු දීමට සිදුවීමත් , තවත් කණ්ඩායම් දෙකකට තමන්ගේ තීරණාත්මක ක්‍රිඩකයින් නොමැතිව ක්‍රිඩා කිරීමට සිදුවීමත් (කුසල් ජනිත් ගේ දක්ෂතාවන් අනුව  මේ ගණ න කණ්ඩායම් තුනක් දක්වා ඉහල යා හැක ) මෙම විරෝධයන්ගේ මූලික පදනම ලෙස සැලකිය හැක . අයිපි එල්  විධායක වරයා විසින් ප්‍රකාශයට පත් කරන්නට යෙදුනත් මේ තීරණය පිටුපස ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති මෙන්ම චෙන්නායි කණ්ඩායමේ හිමිකරු වන සිරිනිවාසන් ගේ බලපැමක් ඇතැයි  යන සාධාරණ සැකයද මෙහිදී මතුවේ

  Results of a Poll From NDTV




කෙසේ වුවත් ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ එම අසාධාරණය අනෙකුත් කණ්ඩායම් හිමිකරුවන්ගේ ප්‍රශ්නයක් මිස රටක් වශයෙන් ශ්‍රි ලංකාවේ ප්‍රශ්නයක් නොවන බවද අවධාරණය කල යුතුය

අයිපි එල් විරෝධය 

දේශපාලනික පසුබිම් වලින් ස්වායක්තවත් අයි පි එල් විරෝධයක් ඇතැම් ශ්‍රි ලාංකිකයින් තුල දක්නට ලැබේ . ඒ පිලිබඳ කලින් ලිපියකදී පැහැදිලි කර ඇති නිසා මෙහිදි අවධානය යොමු කරන්නේ මෙවර එල්ල වූ දේශපාලනික විරෝධය පිලිබඳව පමණි .  ජාතිකත්වය මත පදනම් වූ ෆෙඩරල් රාජ්‍යක් වූ ඉන්දියාව පිලිබඳ නිසි දේශපාලන අවබෝධයක් බහුතරයක් ශ්‍රි ලාංකිකයින්ට ඇති බවක්  දකින්නට නැත . මෙම තත්වය  අන්තර්ජාල සමාජය තුලද බහුලව නිරික්ෂනය කිරීමට ලැබෙන්නේ  මුහුණු පොතටත් , ගොසිප් අඩවි වලටත් සීමාවු , භාහිර ලෝකයාට විවර නොවූ පරම්පරාවක් සහ ලෝකයේ අන් සියල්ල ශ්‍රි ලංකාවට එරෙහි කුමන්ත්‍රණ කරුවන්ය යන දූපත් මානසිකත්වයෙන් යුත් පිරිසත් නිසා යැයි සිතමි .

මෙම පිරිස් විසින් සිදු කරනා මූලික වරද නම් ඉන්දිය මධ්‍යම රජය සහ තමිල්නාඩුව වෙන්කොට  දැකීමේ හැකියාවක් නොමැති වීමයි . ඉන්දිය මධ්‍යම රජය සහ ශ්‍රි ලංකාව අතර ඇති සංකීර්ණ සබඳතාවය වෙනම විග්‍රහ කරගත යුතු මාතෘකාවක් වන අතර මෙම අවස්ථාවේදී අදාල නොවන්නකි .ඒ  මේ වන ශ්‍රි ලංකා විරෝධයක් දක්නට ලැබෙන්නේ තමිල්නාඩුව තුල පමණක් වීම නිසාවෙනි . තමිල්නාඩු රජය ශ්‍රි ලංකා විරෝධයේ  උච්ඡතම අවස්ථාවට යමින්  ඉදිරිපත් කල යෝජනා මාලාව ඉන්දිය මධ්‍යම රජය විසින් ප්‍රතික්ෂේප කර ඇති වටපිටාවක , තමිල්නාඩුව සහ මධ්‍යම රජය වෙන් කර  වටහා ගැනීම අත්‍යාවශ්‍ය කරුණකි . ඉන්දිය රජය විසින් ආරක්ෂාව සහතික කර තිබීම මෙන්ම ශ්‍රි ලාංකික ක්‍රිඩකයින්ට තමන්ගේ ප්‍රාන්තය වෙනුවෙන් ක්‍රිඩා කිරිම වෙනුවෙන් ආදරය කිරිම හැර වෛර කිරිම ට කිසිදු හේතුවක් නොමැති අනෙකුත් ප්‍රාන්ත වලදී ආරක්ෂාව පිලිබඳ  තර්ජනයක් නොමැති වීමත් අයි පි එල් තරඟ සඳහා ක්‍රිඩකයින් යොමු කරවීමේ බාධක ඉවත් කර ලීමකි . එමෙන්ම ඔස්ට්‍රේලියානුවන්  , කොදෙව්වන් ශ්‍රි ලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කල මොහොතක පකිස්ථානයත් සමඟින් ශ්‍රි ලංකාවේ සුහද තරඟයකට එකතු විමට තීරණ්ය කල ඉන්දියා ක්‍රිකට් පරිපාලනයට කෘත ගුණ දැක්වීමක් ලෙසද මේ මොහොතේ ක්‍රිඩකයින් යැවීම  සැලකිය හැක

ප්‍රශ්නය නැට්ටෙන් අල්ලා ගත් ඇතැමුන්ට නම් මෙය රටේ ගෞරවය පිලිබඳ ප්‍රශ්නයකි . හාමුදුරුවන්ට පහර දීම ඇතුලු ශ්‍රි ලංකා විරෝධයන් නිසා වෙන් අයි පි එල් නොයා වර්ජනය කිරීම යනු මොවුනට අනුව රටේ ගෞරවය රැකීමකි . අසල්වාසී දැවැන්ත  නිවසක , අප පැමිණීමට විරෝධය පල කරනා මානසික විකෘති තාවයකින් පෙලෙන්නෙක් වේ නම් අප එහි යාමට පෙර දෙවතාවක් සිතිය යුතු බව සැබැය , එහෙත් එම පිස්සා  ඔහුගේ කාමරයට කොටුවී සිටී නම් , අනෙකුත් නිවැසියන් සුහද ශීලී නම් එම නිවසට යාමට පැකිලීමක් ඇති කරගත යුතු යැය් මා සිතන්නේ නැත . එයින් අපගේ අභිමානයට ගැටලුවක් වන්නේද නැත . නමුත්   එක් කාමරයකට කොටු වූ පිස්සෙකුට බියෙන් එම නිවසට යාම ප්‍රතික්ෂේප කරන්නේ නම් එය නිවට බිය ගුලු කමකි . එලෙසින්ම මේ මොහොතේදී අයි පි එල් වර්ජනය කිරීම යනු අභිමානවත් ක්‍රියාවක් නොව බිය ගුලුකමක් සහ ජය ලලිතා ඇතුලු ඊලම් වාදි දේශපාලුවන් සහ රැජිනි කාන්ත විජේ ප්‍රමුක නලු බට්ටන්ගේ මතවාදයන් ට ජය ග්‍රහණය ලබා දීමකි

අයි පි එල් නිසා ශ්‍රි ලංකා ක්‍රිකට් වලට හානියක් වේ නම් බලන වසරේ සිට ක්‍රිඩකයින් අයි පි එල් නොයැවීමේ තීරණයක් ගෙන , අර්ධ අයි පි එල් විරෝධයක්  පෙන්වන එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයට වඩා ඉදිරි පියවරක් ශ්‍රි ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට දැක්විය හැක . නමුත්  තමිල්නාඩුවේ විරෝධතාවයන්ට යට නොවී මෙවර නම් අනිවාර්යයෙන්ම අයි පි එල්  සඳහා සහභාගීත්වය පල කල යුතුය . මේ  සංගක්කාර විසින් මේ පිලිබඳ දැක් වූ අදහසයි
India is much more than Chennai and Tamil Nadu and I think the rest of India has been very welcoming of us. We are here to play cricket on behalf of Sri Lanka as well as our franchisee - Sanga 

 දිනේෂ චන්දිමාල් 

දිනේශ් චන්දිමාල් මෙවර වෙන්දේසියේදී තේරී පත්වූ ක්‍රිඩකයින් 13 දෙනා අතරට අයත් වූවෙකු නොවේ . මේ දක්වාත් ඉතා දුර්වල 20-20 පිතිකරණයක් දක්වා ඇති චන්දිමාල්  එසේ වීමද  අරුමයක් නොවේ .  චන්දිමාල් වෙත අයි පි එල් ඇරයුමක් ලැබෙන්නේ ආබාධයට ලක්වූ ක්‍රිඩකයින් දෙදෙනෙක්  වෙනුවෙන් ආදේශකයක් ලෙසිනි . චන්දිමාල් විසින් එම ආරාධනාව ප්‍රතික්ෂේප කරන්නේ සිය ආත්ම ගරුත්වය පිලිබඳ ප්‍රශ්නයක් වන හෙයිනි , එමෙන්ම මෙවන් අවස්ථාවකදී ආරම්භක ලන්සුවට වඩා මිලක් නොලැබීමත් , කලින් වතාවල සිදු පරිද්දෙන් බංකුවට පමණක් සීමා වුවහොත් එම මුදලෙන්ද කොටසක් අහිමි වීමත් මෙම තීරණයට බලපැවා විය හැක . කෙසේ හෝ එය චන්දිමාල් ගේ අයිතියයි . සිදුවූ දෙය වටහා නොගත්/වසන් කල  දේශප්‍රේමි/ෆේස් බුක් දේශ ප්‍රේමින් සහ ඇතැම් මාධ්‍ය විසින් චන්දිමාල් ගෙ තීරණය සිය අයි පි එල් විරෝධය සමඟින් එක් කර ගැනීම  පිලිබඳ අනුකම්පා කරනවා හැර අන් විකල්පයක් නැත


අර්ජුන රණතුංග 

 වර්ථමාන ක්‍රිකට් ක්‍රිඩකයින්ගෙ මුදල් පසුම්බියේ බර කිරන්නට යන රණතුංග මහතාගේ කෙරුවාවල් පිලිබඳ  කියන්නට තිබෙන්නේ දන්නෝ දනිති කියා පමණි . අර්ජුන මහතා ගේ ප්‍රකාශයන් පුරුෂාර්ථයන් කරගන්නා  ක්‍රිඩා ලෝලින් හට මතක් කර දීමට තිබෙන්නේ 2007 ලෝක කුසලානයේදී බංග්ලාදේශයෙන් සහ ශ්‍රි ලංකාවෙන් පරාජයට පත්වී මුල් වටයෙන් ව්ලියට විසිවූ ඉන්දියාව ලෝක කුසලානය ලබා ගන්නවා යැයි  ප්‍රකාශ කරමින් රණතුංග මහතා විසින් බා ගෙන නා ගැනීමේ සිදු වීමයි .තවමත් තමන් ක්‍රිකට් ගැසු 90 දශකයේ මානසිකත්වයෙල් එලියට පැමිණීමට නොහැකිව 20-20 විරෝධය සිටිනා රණතුංග මහතා ගේ අයි පි එල් විරෝධය , නිසැකයෙන්ම ලොව ජන ප්‍රියතම ක්‍රිකට් විලාශයට එරෙහි හණමිටි මතවාදයන්ගේ ප්‍රතිපලයකි


පසුගිය වතාවන් හී මා නිරික්ෂනය කල දෙයක් නම් ස්වභාවික අයි පි එල් විරෝධීන්ද අයි පි එල් තරඟ නැරඹීම වර්ජනය නොකරනා බවයි . එය ෆේස් බුකියේ ඉන්දියානු විරෝධී ෆෝටෝ ශෙයා කරමින් හින්දි - දමිල චිත්‍රපට බැලීමට , මරුටියේ , ලේලන්ඩ් බසයේ ගමන් යැමට සමානය . එනිසා මෙවරද අයි පි එල් විරෝධීන් සැලකිය යුතු පිරිසක්ද  අද සමාරම්භක උත්සවයේ සිටම අයි පි එල් නරඹනු ඇත

මේ ඔවුන්  ඇතුලු සියල්ලන්ම වෙනුවෙන්

01) සමාරම්භක උලේලේ තොරතුරු 

02) තරඟ කාල සටහන



















Comments

  1. එකඟයි. ඒ වගේම ලංකාවේ ක්‍රීඩකයින්ට IPL වර්ජනය කරන්න බැරි ඇයි කියන එක ගැන ලිපියක් මං ලියමින් ඉන්නවා. ඉවර කරගන්න පුලුවන් උනොත් පල කරන්නම්!

    ReplyDelete
    Replies
    1. අපි නිකම් හරි හිතමු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට මේක වර්ජනය කරන්න උවමනා උනා කියලා. ඒත් කවදාවත් SLC එක ඒකට ඉඩ තියන්නෙ නෑ. පවතින තත්ත්වය එක්ක එයාලට ක්‍රිඩකයින් ඉන්දියාවට යන එක වලක්වන්න ඕන කම තිබුනා නම් කරන්න තිබුන හොදම දේ තමයි NOC (non objection certificate) එක නොදී ඉන්න එක. IPL කොන්ත්‍රාත් මුදලින් 10%ක් SLC එකට මේ නිසා හම්බෙනවා වගේම මේ මාස දෙක තුලදී SLC එක මගින් ගෙවන වැටුප් ලබා නොදීම ගැන කොන්දේසියක් මේ පාර හෙන ගේමක් දීලා ක්‍රීඩකයන්ගෙන් කොන්ත්‍රාත් ගිවිසුමට ඇතුලත් කලා. ඒ නිසා නිකං හරි ක්‍රීඩකයින් IPL ප්‍රතික්ෂේප කලා නම් SLC එක කබලෙන් ලිපට වැටෙනවා ආර්ථිකමය වශයෙන්.

      ඒ වගේම තමයි SLC එක මූල්‍යමය අතින් වැටුන වෙලාවක ඉන්දියාව එක්ක කතා කරලා තරඟාවලියක් සංවිධානය කරගන්නවා ඒ තත්ත්වයෙන් ගොඩ එන්න. අහුගිය කාලේ වසරකට වරක් වගේ ඉන්දියාව ලංකාවට ආවෙ හෝ අපි එහෙ ගියේ ඒ නිසා. නිකං හරි අපේ ක්‍රිඩකයෝ වර්ජනය කරන්න තීරණය කලා නම් BCCI එක කෙලින්ම කතා කරලා SLC එක සෑහෙන්න පීඩනයකට ලක් කරන එක ලක් කරනවා මයි. එහෙම උනාම අනිත් පැත්තෙන් ක්‍රීඩකයොන්ට SLC එකෙන් පීඩනය එල්ල වෙනවා. ක්‍රිඩකයො මෙතනදි ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩිය වගේ.
      එයාලට ඇත්තටම වර්ජනය කරන්න ඕන උනත් ඒක කරන්න හම්බ වෙන්නෙ නෑ!

      චන්දිමාල් පැහැදිලිවම කියා හිටියා එයා නොයන්නේ පෞද්ගලික හේතු මත කියලා. බුවා දීලා තියෙනවා ඒ තීරනයට හේතු. මේ දේවල් ගැන නොදන්න ෆේස්බුක් ලිං මැඩියො ගැන කතාකරලා වැඩක් නෑ! ඇරත් ලංකාවේ දේශප්‍රෙමියො දේශද්‍රෝහියො වෙන්නෙ එක රැයින්. ඒ නිසා අද දේශ්ප්‍රේමියා කියලා පොටෝ එකක් හදලා අප්ලෝඩ් කරපු හාදයාම තමයි හෙට චන්දිමාල් කැච් දෙකතුනක් අත ඇරලා ලකුනු අතර නැතිවෙද්දි මූව එලවන්න ඕන කියලා මුලින්ම ඉමේජ් අප්ලෝඩ් කරලා වැටෙන ලයික් ගානයි ෂෙයාර් ගානයි ගනං කරන්නෙත්!

      Delete
    2. //ෆේස්බුක් ලිං මැඩියො// අන්න වචනේ, Sabith ඔබේ පිලිතුර නියමයි

      Delete
    3. සබිත් ස්තුතියි පැහැදිලි කිරීමට

      Delete
  2. ඔව් ජයලලිතා කියන කියන පදේ ට අපේ අය නටන්න ඕනි නෑ නේ.
    සද්ද නැතුව ගිහින් පාඩුවේ සෙල්ලම් කරලා එන ඒකයි තියෙන්නේ.කොහොමහරි චන්දිමාල් නම් වීරයෙක් වුනා. :D

    ReplyDelete
    Replies
    1. මිනිහට විස්සයි විස්ස බැට් කරන්න බැරි එකේ ඔහොමවත් වීරයෙක් වුනා මදෑ

      Delete
    2. 2010 දේශීය විස්සයියි විස්ස තරගාවලියේ හොඳම පිතිකරු වුනේ චන්දිමාල්ම තමා.මට තම මතකයි ඒකෙ අවසන් තරඟයේදී චානක වෙලගෙදරට විසි ගානක් ගහනවා තනියම.ඒක හින්දා මම නම් පිළිගන්නේ නෑ මිනිහට විස්සයි විස්ස බැට් කරන්න බෑ කියලා. දැනට stat සවුත්තුයි තමා !
      චන්දිමාල් එක්දින හා ටෙස්ට් වලට හොඳ ක්‍රීඩකයෙක්, නමුත් ප්‍රශ්නේ තමයි විස්සයි විස්ස රිද්මය හරියටට තේරුම් නොගැනීම, දඟ පන්දු යවන්නන්ටහැම විටම ඉදිරි පාදයේ ක්‍රීඩා කිරීම, පැනලා ගහද්දී බෝලෙ හරි තැනට නොවැටුනොත් ගහන්න ගිය shot එක වෙනස් නොකර ඒකම ගැසීම.

      IPL නොයෑම චන්දිමාල්ගෙ පැත්තෙන් හොඳ තීරණයක් කියලයි මම නම් හිතන්නේ ඒක හින්දා.

      Delete
    3. අනේ මන්ද, Pune Warriors, Delhi Dare Devils කෝච්ලා බුවා තරම් ක්‍රිකට දන්නේ නැතුව ඇති නේද, විස්සයි විස්ස බැට් කරන්න බැරි එකෙකුට 100000 $ ගෙවන්න ගන්න යෝජනා කරන්න් ඇත්තේ.

      Delete
    4. ඇනෝ 01- දේශීය වශයෙන් දක්වන දක්ෂතා විතරක් මදි , චන්දිමාල් දක්ෂ බැට්ස්මන් කෙනෙක් කියන එක ගැන කිසිම සැකයක් නෑ , ප්‍රශ්නය තියෙන්නේ ඒක 20-20ට අදාල කරගන්න විදිහ . ඒ අනුව මට නම් හිතෙන්නේ අයි පි එල් වල සෙල්ලම් කරල එන අත්දැකීම චන්දිට වටිනවා , මහේලත් වතාවක් කියල තිබුනා අයි පි එල් නිසා එයාගේ තරඟ රටාව වෙනස් වුනා කියලා .මං හිතන්නේ අපු පහුගිය කාලෙයේ ඒක දැක්කා

      ඇනෝ 02- රීප්ලෙස්මන්ට් එකක් විදිහට ගන්න කොට , මූලික ලන්සුව ටම ගන්න ඕනි ,

      Delete
    5. AnonymousApril 2, 2013 at 11:19 PM
      100000 $ කියන්නෙ අයිපීඑල් වල බොහොම සුට්ටං ගානක්.

      Delete
    6. @බුවා, රාජ්

      මගේ තර්කය තමයි, 20 20 බැරි එකෙකුට ඇයි 100000$ මූලික ලංසුවක් ආවෙ කොහොමද කියන එකයි. ඒකෙන් කියවෙන්නේ චන්දිමාල්ට විස්සයි විස්ස බැට් කරන්න බෑ කියන එක පුහු තර්කයක් කියන එක නෙවේයිද?

      " මහේලත් වතාවක් කියල තිබුනා අයි පි එල් නිසා එයාගේ තරඟ රටාව වෙනස් වුනා කියලා .මං හිතන්නේ අපු පහුගිය කාලෙයේ ඒක දැක්කා".
      තරඟ රටාව වෙනස් වෙන එක දෙපැත්තටම වෙන්න පුළුවන් නේ. එතකොට චන්දිමාල්ගේ තරඟ රටාව වෙනස් වෙලා ඒක අසාර්ථක වුනොත් !!!!!
      IPL සෙල්ලම් කල හැමෝම සාර්ථක වුනේ නෑ කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෙවේනෙ : Cameron White, Rohit(Nohit) Sharma, Shaun Marsh, Yusuf Pathan, තව උදාහරණ ගොඩක් දෙන්න පුළුවන්

      මම දකින විදියට චන්දිමාල් කියන්නේ වේග පන්දුයවන්නන්ට සුදුසු තණතීරුවල හොඳින් පන්දුවට පහර දිය හැකි පිතිකරුවෙක් විදියට (අරවින්ද, තරමක් දුරට අර්ජුන, සංගක්කාරට පස්සේ).




      Delete
  3. යකො මමත් ඔය ගැන එකක් ලියමින් ඉන්නෙ

    ReplyDelete
  4. කවුද බං චන්දිමාල් කියන්නෙ? :p

    අර අල්ලපු ගෙදරට යන කතාව මේ විදිහට කිව්ව නම් තවත් ගැලපෙනව.
    "අල්ලපු ගෙදර බල්ල බිරුවට අවුලක් නෑ බල්ල ඉන්නෙ කූඩුවේ නම්. ගෙදර අයත් එන්න කියල කියනව නම් ගොහින් දෙන දෙයක් කාල එන එකනෙ තියෙන්නෙ. එනගමන් ඔන නම් බල්ලටත් දිව ඇදල එනව හූ හූ උඹ බිරුවට අපි ආවෙ නැද්ද කියල."

    ReplyDelete
  5. 100% ඔබ හා එකඟයි

    ReplyDelete
  6. බුවා.. එකඟයි. පැහැදිලිවම ඉන්දියාව අපිට වර්ජනය කරන්න බෑ. මොකද ලංකාවේ තියන ලේලන්ඩ් බස් ගිනි තියල වෙන ෆුසෝ බස් ගේන්නද? බෑ. අඩු ගානට බයික් එපා කියල ලොකු බයික් ගන්නද? බෑ? ඒවගේ වටපිටාවක් තියන අපි එක්ක ඉන්න මේ ෆේස්බුක් වීරයෝ විසින් මහා විරෝධතා දියත් කරන්න හදන්නේ ෆොටෝ කපල දාල. මුන්ට ෆොටෝෂොප් ෆේස්බුක් ඉන්ටනෙට් නැත්තන් මොකක් කරන්න වෙන වටපිටාවක් තියෙයිද කියල මට හිතාගන්න බෑ.

    ReplyDelete
  7. නානසාර හැම මළදානෙටම හොට දාන්න ගිහින් හොට පටලව ගන්න දවස වැඩි දුර නෑ. විමල් වීරවංශගේ ආගමික චරිතය ඇර වෙන මොකක්වත් නෙමෙයි. අර්ජුනට තියෙන්නේ පැහැදිලි ඉරිසියාව. 96 වර්ල්ඩ් කප් ගෙනාවා වගේම එදා ඉඳන් තමයි ක්‍රිකට් පාදඩකරණයට ලක් වුනේ. එතෙක් උන්නේ නියම මහත්වරුන්. එයා කැප්ටන් කූල් නෙමෙයි. නියම හිට්ලර්. දන්න අය දන්නවා. මහානාම ගෙන් අහුවනම් කියයි. ඒකයි අදත් මහානාමලාට ජාත්‍යන්තරය සලකන්නේ. ඉන්දියාවේ උන් අපේ ක්‍රිකටර්ස්ලට කොච්චර ආදරේද කියල දන්නේ ඉන්දියාවෙ ගියපු එකෙක් විතරයි. සනත්, මහේල, සංගා, මාලිංග උන්ට දෙවිවරු. ෆේස්බුක් ගොබ්බයෝ දන්න ක්‍රිකට්. උන් හොඳයි කෙල්ලන්ට පන්සල් යන්න මල් කඩන්න.

    ReplyDelete
    Replies
    1. Hariyata hari. Malinga's father is not a politician. Unlike Arjuna's father his father does not have any stolen public money.

      Delete
    2. මගේ බොසා ඉන්දියන්. ඒත් මිනිහගේ අකමැතිම ටීම් එකත් ඉන්දියන්. කැමතිම ජයසූරියට. ලංකාවේ ටීම් එක එන මැච් එකක්නම් පොර වෙන වැඩ දාල බලන්නේ. ඔන්න සැබෑ ඉන්දියාවේ කොටසක්. ඒත් බහුතරය මලයෝ නම් ම්හු.. ඉන්දියාව දිනන දාට අපිට කන වහගන ඉන්න වෙන්නේ. ඒ උන්ගේ ජාත්‍යාලය. ඒත් උන් අපේ ටීම් එකට අකමැති නෑ.

      Delete
    3. ඔය ගැන එකක් draft කරලා තියාගෙන ඉන්නවා දානවද නැද්ද කියලා හිත හිත ඉන්නෙ

      Delete
    4. මලයාලි ජාතිකයො ගැන අපේ බ්ලොග් කරුවො කිය්න දේවලින්ම එපා වෙලා තියෙන්නේ , සනා , මාලිංග මහේල, මුරලි ඉන්දියාවේ මිනිස්සුන්ටත් වීරයො තමයි , අනික් ටීම් වල ඉන්න දක්ෂ ක්‍රිඩකයින්ට ඉරිසියා කරන අපේ අය හිතෙන්නේ අනික් මිනිස්සුත් තමන් වගේ කියල තමයි

      Delete
  8. රට ගැන හිතනවා නම් අයි පි එල් යන්න බැහැ
    සල්ලි ගැන හිතනවා නම් නොයා බැහැ.

    කොච්චර බැනුම් ඇහුවත් කෝටියක් දෙකක් මිස් කරගන්න කැමති කොයි ගොනාද?.
    සල්ලි ගැන හිතන මිනිස්සු මහත්මා ගතිගුණ ගැන කියෙව්වට අපිට එතන කිසිම මහත්මා ගතියක් පේන්න නැහැ.

    ReplyDelete
    Replies
    1. අනේ පලයන් බන් යන්න උඹ සල්ලි ගැන හිතන්නේ නැති සුද්දවන්තයෙනේ , අයි පි එල් ගියා රටට මොන බම්බුවක් වත් වෙන්නෙ නෑ . මෙච්චර කියලත් තෙරෙන්නේ නැත්නම් මට කරන්න දෙයක් නෑ , උඹලත් අර මෝඩ ගැනිගේ ජාතියෙම තමා , ඒ ගැනිගේ කටට බය නොවී අයි පි එල් ගිය අපේ කොල්ලන්ට ජය වේවා .

      ප.ලි- අයි පි එල් ගෙවන ගාන කෝටියට දෙකට බොහොම වැඩියි

      Delete
    2. ඕවා කියන්න එපා.. පපු පැලිලා මැරෙයි...

      Delete
    3. ඔබ තුමාගේ බ්ලොගයට පැමිණි අයව එලවා දමා ඔබේ මහත්මා ගුණය පෙන්වීම ගැනත්
      ස්තුති වන්ත වෙනවා ඈ :P

      මෙන්න මහත්වරු!

      Delete
    4. බ්ලොගයට පැමිණීම නොපැමිණීම ඔයාගෙ වැඩක් , ඇවිල්ලා කියන දේට දෙන්න ඕනි උත්තරේ දෙනවා එපමණයි

      Delete
    5. නිශාන්
      අනේ පලයන් බන් යන්න කියන්‍නඑක තේරුම්ගත්ත වැරදියි වගේ.

      Delete
  9. ලිං මැඩි ගොබ්බයන්ට කියවන්න කදිම ලිපියක් සහ කොමන්ට් කීපයක්.ඉතාමත් හොදයි.

    ReplyDelete
  10. මට තියන අවුල ගලගොඩඅත්තේ ඥානසාර තප්පුලෑමටත් වඩා අවුරුදු කිහිපයකට කලින් නායකය වෙච්ච අර්ජුන රනතුංග කියන තකතීරු කතා.

    ReplyDelete
    Replies
    1. රාජ්; නාන සාරල ඇවිල්ල අරටුව නැති 2x4පොල් පරාල.අර්ජුන කියන බත් ගුන්ඩට තියෙන්නෙ කුහකත්වය.

      Delete
  11. //"ආසියාවේ ආශ්චර්ය" වීමට දඟලන ශ්‍රි ලංකාවෙ//

    මේකත් ඉතින් "ඉන්ක්‍රෙඩිබල් ඉන්ඩියා" වගේම වෙයි.

    ReplyDelete
    Replies
    1. @කතුවරී සහෝදරිය;
      ඔබ ලියපු කතා කියවන්නට මමත් බලා සිටිමි.

      Delete
    2. ස්තූතියි සහෝදරයා. එකක් දැනටමත් කොටස් වශයෙන් පලවෙනවා.

      Delete
  12. චෙන්නායිවල ක්‍රීඩකයින්ගේ ආරක්ශාව ප්‍රශ්නයක් ලෙස දකින නිසා මා හිතා හිටියේ ක්‍රීඩකයින් නොයා යුතු බවයි. ඒත් දැන් පේන විදියට ඒ අය තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් බෝඩ් එකටත් කන්න දෙන්නෙ. බ්‍රේඩ් විනර්ස්ල bread winners; ඉතින් නොයවා කොහොමද?

    අපි සල්ලි තිබෙන බලවත් රටක් උනා නම් ඔහොම යවාවිද, ඉන්දියන් ක්‍රිකට් ක්‍රීඩකයින්ට ලංකාවේ ඔවැනි ප්‍රශනයක් තිබුන නම් ඒ අය ලංකාවට ඒවිද?

    ඔබගේ ලිපිය නිසා මා දැරූ අදහස් වෙනස් උනා.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව