Skip to main content

ඇයි මීට කලින් වර්ල්ඩ් කප් එකක් දැකලා නැද්ද ?

දැකලා තියනවාය , ඒ අවුරුදු 18 කට කලින්ය . ෆයිනල් 4ක් පැරදීමෙන් පසුව , මැත කාලයේ භිතිකාවක්ව තිබු ඉන්දියාවටම ගසා 2011 රිවෙන්ජ් එකත් සමඟින් කප් එක ඉස්සීමේ ආතල් එක ගැන අටුවා ටිකා කියන්නට අවැසි වන්නේ නැය . ඒ නිසා මේ කියන්නට යන්නේ කප් එක ඉස්සීමේ අතුරු කථා කිහිපයක් ගැනය 

අයි පි එල් විරෝධි ඕල්ඩ් ස්ටයිල් එකේ අර්ජුනගෙන් පසුව වර්ල්ඩ් කප් එකක් ලංකාවට ගෙනා නායකයා , ඔන්න මෙන්න දේශද්‍රෝහියෙක් වූ , අයි පි එල් සල්ලි වලට යට වුනා යැයි චෝදනා ලැබු මාලිංගයා වීමේ ආතල් එකද කප් එක ඉස්සිමෙ ආතල් එක තරම්ම  ලොකුය , මාලිංගට කුණු කථා කී එවුන් *ක මුට්ටු වී බලා සිටිත්දී උන්ගේ  අහවල් එකට මාලිංග යෝකරයක්ද දමා තිබුනාය ඒ අයි පි එල් නිසා ඉන්දියාවට ගහන්න ලේසි වුනා කියලාය . දෝනි ගේ ඇටෙම්ප්ටඩ් පොල් අඩි එකක්වත් හරි නොයන්නට මාලිංගට හේතු වුනේ අයි පි එල්මද , එපා වෙනකන් ඉන්දියාවත් එක්ක මැච් ගැහිල්ලද කියා දන්නේ නාථ දෙවියන් විතරය  හැබැයි , ඌ කියන එකට ප්‍රතිතර්ක ගෙන්න ට නම් ඉරිසියා කාර කුහකයින්ට බැරිය . බැරි වෙලා හෝ මැච් එක කැවා නම් මුන්ගේ පලවෙනිම ආඩාපාලිය වන්නේ කෝලියාගේ කැච් අතැරලා සල්ලි වලට තරඟය පාවා දුන්  එකා ගැන වීම නිසා මුන්ට ඔහොම වෙලා මදිය 

කොයි තරම් කුණු කථා කියතත් අපේ එකාලා අපේ අසල් වැසි රටේ සමහර මී ගවයින්ට වඩා නම් සැහෙන ශිෂ්ටාචාරි බව  කිව යුතුමය . තරඟ ගොන්නක් තම රට වෙනුවෙන් දිනවා එක් දිනයක අසාර්ථකතක වූ  යුවරාජ්ගේ ගෙදරට ගල්ගැසූ ගස් කුට්ටන්ද , ශ්‍රි ලංකාවේ නම ගැසු මඩුවකට ගිනි තියන පාහරයින්ද ක්‍රිකට් වලට ගැලපෙන්නේ නැය , උන් ගැලපෙන්නේ ගිනි මැලය වටේ නැටීමට විතරය . මේ දේවල් කල උන් පිරිස සමස්ථ ජනඝහනයෙන් කුඩා කොටසක් විය හැක ,නමුත් රටක් අපකිරිතියට පත් කිරීමට දහ පහලොස් දෙනෙකුට වුවත් පුලුවන්ය . 

කුණු කථා කී අපේ එකාලා හොඳ කීවේ ඉහත ගොබිලන්ට සාපේක්ෂවය , ඊලඟට කථා කල යුත්තේ  ඉන්දිය ක්‍රිකට් විචාරකයින් ගැනය . මිනිහෙක් විචාරයක් කරත්දී තමන්ගේ රටට ඩිංගක් ඇද්දාට කමක් නෑය , ඒත්  එලිපිට හිරිකිතකින් තොරව , අනෙක් පිල සහමුලින්ම අමතක කර දමා විචාරය දෙන්නට යාම ගවස්කාර්, ගංගුලි වැන්න වුන්ගේ දීප්තිමත් ක්‍රිකට් කැරියර් එකටත් නිගාවක්ය . 

මෙවන් පිරිසක් අතරේ තනිවම ශ්‍රි ලංකාව වෙනුවෙන් පෙනි සිටි  රසල් ආනල්ඩ්ට මාගේ ගෞර්වය හිමි වන්නේ ඒ නිසාය 


අවසන් වශයෙන් කියන්නට තියෙන්නේ අවසන් තරඟයේදී ක්‍රිඩා ලොලියෙකු වශයෙන් සිත් ගත් සිදුවීමක්ය . ඒ ඉහත ඡායාරූපයේ සඳහන් මොහත ආශ්‍රිතව සිදුවු දැ සහ පරාජයෙන් කම්පනයට පත්වේ යැයි බොහෝ දෙනා සිතු විරාත් කෝලි තම පරාජය නිවැරදිව ඇනලයිස් කරමින් කල කථාවයි . අති දක්ෂයෙක් බවට අවිවාදිත විරාත් කෝලි යනු ශ්‍රි ලාංකිකයින් වඩාත් වෛර කල ක්‍රිඩකයා කිම අතිශෝක්තියක් වන්නේ නැත . මා ක්‍රිඩයින්ට වෛර නොකරත් ඉහත සිදුවීම දක්වාම මොහු සිටියේ මාගේ අප්‍රියතම ක්‍රිඩකයින් ලයිස්තුවේය . සිංහ පෝතක්යින්ට කුසලානය හිමි කරදුන් අවසන් තරඟය කෝලිට ශ්‍රි ලාංකාවෙන් අවම වශයෙන්  ඒක් ෆැන් කෙනෙක් එක් කල බවත් , ඔහුට වෛර කල  කිහිප දෙනෙකු හෝ තම සිතුවිලි වෙනස් කල බවත්  සඳහන් කල යුතුය ! 

කණ්ඩායම් දක්ෂතාවයෙන් ලබා ගත් ජයක් මිස කිසිදු දේව බලයක් හෝ බලපැමක් ශ්‍රි ලංකාවේ ජයග්‍රහණය පිටුපස ඇතැයි මා කිසිසේත්ම විශ්වාස කරන්නේ නැත . නමුත් සිය විශ්වාසයන් අනුව එවැනි සුන්දර අදහසක් පල කල ඩැරන් සැමීටත් මාගේ ගෞරවය පිරිනැමීමට කැමතිය ! 

P.S - 20 -20 න් සමුගත් ශ්‍රේෂ්ට ශ්‍රි ලාංකික පිතිකරු යුගලය සංගා- මහේල , රටට ලබා දුන් ත්‍යාගය මෙන්ම මාලිංග ඇතුලු සගයින්  නික්ම යන සහෘදයින්ට ලබා දුන් ත්‍යාගයද කිසිදා මේ කිසිවෙකුටත් අමතක නොවෙනා බැව් නිසැකය 

Comments

  1. මීට පසු කුහක අර්ජුනයාගේ ගෑස් බහිනු ඇත. ඌ නායකයා නම් කිසි දිනක ටීම් එක පැත්ත පලාතේ ගන්නේ නැතැයි කියු එකා අද කප් එක ගෙනවිත් ඇත. සිරසෙ පුක මූට්ටුවී හෙමිහිට ලිස්සා ගියේය. මාලිංගයාට මා සැමදාම ආදරය කරමි. මාලිංග නැති කලේ මේ රටේ කාළ කන්නි ජඩ මාද්දිය වේදීන්ය. මෙරට මාද්දිය වේදියෝ, නිදහස් චින්තනයක් ඇති ගවෙනසීලි උන් නොවනා අතර මොකෙක්ගේ හෝ බත් බැලයෝය. මහේල හා සංඝා අද උන්ගේ කන් අතගෑවේය.

    විරාට් කෝලී යනු ගව්ස්කාර් හා සචින්ට පඩු ඉන්දියාවේ ලෙජන්ඩ් එකය. ඌ ක්‍රිකට් වලට ආ දා සිට මගේ ෆේවරිට් එකකි. මට දිරවන්නේ නැත්තේ ගාම්බිර්ය. ඌ අද නැත. අනෙක් උන් ඔක්කෝම ආතල් බුවාලාය.

    ReplyDelete
    Replies
    1. අර්ජුන ගැන කිව හැක්කේ - දේශපාලනයට ගිය එකාකුමකට හොබීද, මේ යකා බැඳ දමව් කියාය. මා කතන්දරයකින් කියූ පරිදි ඌ පිළිම වන්දනා කරුවෙකි.

      මා කැමතිම ඉන්දියන් ක්‍රීඩකයා වූයේ වැල්වෙටිතුරේ ලක්ෂ්මන්.

      Delete
    2. V.V.R ලක්ෂ්මන්

      Delete
    3. @Naleen Dilruksha
      V.V.R ලක්ෂ්මන් නෙවෙයි බං V.V.S.ලක්ෂ්මන් -
      (Vangipurappu Venkata Sai Laxman)
      http://www.espncricinfo.com/srilanka/content/player/30750.html

      Delete
    4. හොදම එකා යුවරාජ්ය :)

      Delete
  2. //ශ්‍රි ලාංකාවෙන් අවම වශයෙන් ඒක් ෆැන් කෙනෙක් එක් කල බවත් , ඔහුට වෛර කල කිහිප දෙනෙකු හෝ තම සිතුවිලි වෙනස් කල බවත් සඳහන් කල යුතුය ! //
    සහතක අැත්ත යමෙකුගේ ක්‍රියාව යහපත් නම් සියල්ලන් ඔහුගේ දස්කම් අගයනු අැත...

    ජය වේවා!!!

    ReplyDelete
  3. //ඉහත සිදුවීම දක්වාම මොහු සිටියේ මාගේ අප්‍රියතම ක්‍රිඩකයින් ලයිස්තුවේය //
    මේකට හේතුව මොකද්ද?

    ReplyDelete
  4. මාත් ඔය කේස් එක කොච්චර දැකල තියේද? ෂෙන් වොන් ඔස්ටරේලියන් කාාරයෝ වගේම මිනිස්සුන්ට කෝලිව නයි වෛරක්කාරයෙක් වගේ පෙනුනේ.. මම නං ඒ ගැන එච්චර වද උනේ නැහැ. මම දැක්කේ කෝලි වචනයේ පරිසමාප්තඅර්ථයෙන්ම වෘත්තිය ක්‍රීඩකයෙකු ලෙසයි..

    ටික කලකට ඉස්සර මම ස්ටේටස් එකක් දැම්මා කෝලි තමා අනාගතයේ ක්‍රිකට් ලොව පෙරළිකාරයා කියලා.. වෙල්ඩන් බෝයිස්..

    අර්ජුන කියන දේවල් වල ඇත්තක් නැත්තෙමත් නැහැ.. ඒත් ඔහු ඕනැවට වඩා ඒකපාර්ශ්විකයි. ඒකයි අවුල.. නම්‍යශිලි නැහැ..

    ReplyDelete
  5. කදිම විවරණයකි. කෝලියා මගේ ප්‍රියතම ක්‍රීඩකයෙකි....

    ReplyDelete
  6. ලෝක කුසලාන ජයෙන් ඔද වැදී බුවාට හදිසියේම මාලිංග ගැන ත්‍රිලක් ඇතිවී තිබේ! මාලිංග ජාතිකවාදීන්ගේ අපහාසයට ලක් වීම තුල ජාතික වාදීන්ට නෙළීමට මාලිංග භාවිත කරන plot එක අපට හොඳින්ම පෙනේ. නමුත් කාරණා කාරණ බලන කල්හි, මෙය බුවාගේ සෝඩා බෝතල් ආතල් එකකැයි සිතේ.

    මාලිංග ඉන්දියාව සමග දැක්වූ දුර්වල තරඟ විලාශය දිගින් දිගටම විවේචනයට බඳුන් වූවකි. එයට අමතරම පුහුණුවීම වලට නොපැමිනීමත්, විනයානුකූල නොවීමේ චෝදනාත් මාලිංගට එල්ල වී තිබුණත් තේරීම් කමිටුවේ පඹයෝ (අරවින්ද සිල්වා ද ඇතුලුව) මාලිංගගේ ජනප්‍රියතාවයට බියවී සිටියේ කට (සහ පුක යන දෙකම) වසා ගෙනය. අතිමධ්‍යස්ථ / අතිමානුෂික / පජාතිකවාදී විචාරකයන්ගේ බලු බැනුම් හමුවේ සනත් ජයසූරිය තේරීම් කමිටුවට ආවේ ඒ අතරය. වැඩි කලක් යන්නට පෙරම බඩ බස්සා ගත යුතු බවට මාලිංගට උපදෙස් ලබුණි. ඒ වනවිට මාලිංග සිටියේ එකට එකක් බෝක්කු අරිමින්ය. මාලිංගගේ බඩ බැස ඇත. දන් ෆීල්ඩිංද පෙරට වඩා හොඳය. ජයසූරියගේ අනතුරු අඟවීම වැඩ කර ඇති බව කියන්නට බුවාගේ කට නැමෙන්නේ නැත. Team selection එක සුපිරි යයි කියන්නට කට නැමෙන්නේ ද නැත.

    අර කී අයගේම කෝචොක් එකට ලක් වෙන අනෙක් පුද්ගලයා චන්දිමාල්ය. අයි.පී.එල්. එකට යන්නට බෑ කීම නිසා අර කී අය ඉන්නේ චන්දිමාල් කෙරෙහි කිපීගෙනමය. නායකත්වය අතහරිමින් චන්දිමාල් දක්වූ ප්‍රවේශය ගැන කීමට කටක් නො ඇරෙන්නේ කරුම දෝෂය නිසාදැයි නොදනිමු.

    කාට කාටත් යෝකර් වැටී ඇති බව නම් පෙනෙන්නට තිබේ!

    ReplyDelete
  7. කෝලි ගැන ලියලා තියෙන කතාවනම් ඇත්ත.. ඔහුගේ තියෙන උඩඟු ගති හන්දා පුද්ගලිකවම මම උනත් කෝලිට අකමැත්තෙන් හිටියත් එදා ඒ මොහොතෙන් පස්සේ ඒක ටිකක් වෙනස් වුනා කියලා අවංකවම කියන්න ඕන..

    ReplyDelete
  8. 1996 ලෝක කුසලාන ජයග්‍රහණයට අර්ජුන රණතුංග දැක්වූ දායකත්වයෙන් දශමයක් වත්, 2014 20/20 ලෝක කුසලාන ජයග්‍රහණයට මාලිංග (නායකයා ලෙස) දැක්වූයේ නැත. ඔහු ෆීල්ඩින් සෙට් එක පවා සාදන්නේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන්ගෙන් (මහේල/සංගක්කාර) අසා බව රූපවාහිනී තිරයෙන් ම දැක්කෙමි.(දේශපාලනය ගාගන්න එපා: ක්‍රීඩාව මිසක් අර්ජුන ගේ දේශපාලනය ගැන මගේ් මනාපයක් නැත).
    මගේ ඇඟිල්ල දිහා බලන්නත් එපා, මීට පෙර මම මාලිංගට සහයෝගය ලබාදී දැමූ බ්ලොග් පෝස්ටුව පහත ලින්ක් එකෙන බලන්න. ඔහු ගේ පන්දුකරනය ගැන ද විවේචනයක් නැත. විවේචනය ඇත්තේ නායකත්වය ගැනය. ලෝක ශුරතාව දිනූ පිලේ නායකයා ඔහු වීම පැහැදිලි පොට්ට චාන්ස් එකකි.

    ඇයි මීට කලින් මාව දැකල නැද්ද

    ReplyDelete
    Replies
    1. සමාවන්න,ලින්ක් එක හරියට වැටී නැත.
      http://meeghaya.wordpress.com/2013/03/15/%e0%b6%87%e0%b6%ba%e0%b7%92-%e0%b6%b8%e0%b7%93%e0%b6%a7-%e0%b6%9a%e0%b6%bd%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b7%8f%e0%b7%80-%e0%b6%af%e0%b7%90%e0%b6%9a%e0%b6%bd-%e0%b6%b1%e0%b7%90%e0%b6%af/

      Delete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව