Skip to main content

Posts

ශ්‍රි ලංකාව වෙනුවෙන් මිත්‍යා දෘශ්ටික - සම්‍යක් දෘශ්ටික දෙවියෝ ගැටෙති !!!!

ඉන්දියානු කපුවන් ශ්‍රි ලංකාවට එරෙහිව මලායලි ගුරුකම් කොට භූම් බන්ධනයක්ද කර ඇති බවක් සී නිවුසිය කියා සිටී . එහි කියැවෙනා හැටියට නම් ආශ්චර්යය උදාකරගැනීමට බාධාවක් වී තිබෙන්නේද මේ ගුරුකම්ය . ඒ නිසා කෙසේ හෝ මේ ගුරුකම් වල බල බිඳ දැමිය යුතුය . මේ ගැන අදහස් දක්වන විෂ්ණු දේවාල කපුවෙක් කියා සිටින්නේ ජනතාව ආගමට දහමට නැඹුරු කර  ගුරුකම් වල බලය බිඳ  දැමිය හැකි බවය . පොර ඒවා කියන්නේ කෙලින්ම දෙය්යන්ගෙන් අසාගෙන නිසා ඇත්තක් තිබිය හැකි වුවත් කියනා තරම් ලේසියෙන් ජනතාවගේ ආගම් බක්තිය වැඩි කල නොහැක . කලත් සැහෙන කලක් ගත වීමට ඉඩ ඇත . එතෙක් කාලයක් බලාසිටිය හොත් අපිට ආශ්චර්යය ලබාගන්නට ද  දිගු කාලයක් බලා සිටීමට සිදුවනු ඇත . අර්ධ මිත්‍යා දෘෂ්ටික , හින්දු භක්තික විෂ්ණු දෙවියන්ගෙ උපදේස් ක්‍රියාත්මක කරනවාට වඩා ඉක්මන් , ඵලදායි ක්‍රියාමාර්ගයක් අප සතුව ඇත . ඒ හරහා ඉක්මනින් ප්‍රථිපල ලබාගෙන ආශ්චර්යය කරා ගමන් කල හැකිවාක් මෙන්ම මලයාලි ගුරුකම් වලට සම්බන්ධ මිත්‍යා දෘශ්ටික දේව සභාවේ විෂ්ණු දෙවියන්  විසින් ලබාදෙන 'වැරදි ' උපදෙස් ක්‍රියාත්මක කර කෙලවා ගැනීමේ අවදානමද ඉවත් වේ කලින් ඡේදයේ සඳහන් කලාක් මෙන් මලයා...

අපි නොදන්න අවුරුදු ක්‍රිඩා

2012  සිංහල -හින්දු අලුත් අවුරුද්ද උදාවීමට ඇත්තේ පැය කිහිපයකි . සියලුම සිංහලයන්වත් සියලුම හින්දුන්වත් මේ උත්සවය සමරන්නේ නැති වුවත්  අලුතින් නම් සොයනවාට වඩා පහසු නිසා  පොදු භාවිතයම යොදා ගැනීම  වඩා හොඳය . මුණු පොතේ එක එකා ටැග් කරන ෆොටෝ වල ටැග් ගැලවීමත් , බතික් සරම් ගහගෙන ගැමි කම ගැන පොර ටෝක් දෙන "විද්වතුන්ගේ" බයිලා අසා සිටීමත් එපා වී ඇති නිසා මේ ලියා තබන්නට සැරසෙන්නේ අවුරුදු උත්සවය හා බැඳි ඇති  අවුරුදු ක්‍රිඩා කිහිපයක්  අවුරුද්දේ පමණක් නොව මුලු වසර පුරාම මේ ආශ්චර්ය්‍යද්වීපයේ දකින්නට ලැබෙනා හැටි ගැනය සැඟවුනු අමුත්තා  සැඟවුනු අමුත්තා බොහෝ අවුරුදු උත්සවයන්හි දක්නට ඇති තරඟයකි . ක්‍රිඩාවක්ම නොවුනත් පුංචි පහේ වින්දනයක් ඇති වැඩකි . මෙහි ඇති අපූර්වත්වය නම්  'සැඟවුනු අමුත්තා' යැයි කිවාට අදාල අමුත්තා හැංගි මුත්තං කෙලියකදි මෙන්  සැබවින්ම සැඟවී සිටින්නේ නැති වීමය . ඔහු අවුරුදු උත්සවයට සහභාගිවන  අනෙකුත් පිරිස අතරම  රැඳි සිටින , එවැන්නෙක් සිටිනවා යැයි කවුරුත්  දන්නා චරිතයකි . එනම් ඉන්න බව දන්න , ඉන්න තැන දන්න ඒත් අල්ලා ගැනීමට අපහසු...

BRICS සමුලුව සහ ලෝකය

BRICS සමුලුවේ සැසිවාරයක් ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වුනා. බ්‍රසීලය , රුසියාව , ඉන්දියාව චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවල් පහේ එකතුව නැගී එන ලෝක බලවතුන්ගේ එකතුව විදිහටත් හඳුන්වා දෙන්න පුලුවන් . සමුලුවේ සමාජික රටවල් මෙවර සමුලුවෙන් අනතුරුව නිකුත් කරපු ඒකාබද්ධ ප්‍රකාශයේ අන්තර්ගතය  ආර්ථික හා දේශපාලනික වශයෙන් වැදගත් කමක් දරන නිසා ඒ ගැනත් සමස්ථයක් වශයෙන් BRICS ගැනත් පොඩි කථා බහක් කරන්නයි සුදානම. BRICS සැබැවින්ම ආරම්භ වෙන්නේ BRIC විදිහට . ඒ කියන්නේ දකුණු අප්‍රිකාවේ සහභාගීත්වයකින් තොරව . ආර්ථික වර්ධනයේ එක හා සමාන ස්ථරයක සිටින සහ එකම ආකාරයේ අභියෝගයන්ට මුහුණ දෙන රාජ්‍යයන්ගේ එකතුවක් විදිහට තමයි BRIC එකතුව ගොඩ නැගෙන්නේ . වසර 2050 වන විට මේ රටවල්  ලෝක ආර්ථිකයේ අත්කර ගත හැකියැයි සැලකෙන ස්ථාවරත්වය සලකලා බැලුවාම BRIC මේ සියවස තුල ඉතාමත් වැදගත් කාර්යභාරයක් කල හැකි එකතුවක් විදිහට සැලකීමේ වරදක් නැහැ                     2050   දක්වා  දල ජාතික නිෂ්පාදනයන් පිලිබඳ පුරෝකථනය  Gross Domestic Product  i...