බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! »

  • RSS Feed
  • Twitter
  • Facebook
  • Followers

    ලාංකීය සිතුවිලි

    lankeeya sithuwili

    Kottu

    අඹ ගහ යට'

    සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය

    සිංහල බ්ලොග් කියවනය

    මාතලන් සින්ඩිය

    ලඟකදි ලියපුවා

    Sunday, April 22, 2012

    ශ්‍රි ලංකාව වෙනුවෙන් මිත්‍යා දෘශ්ටික - සම්‍යක් දෘශ්ටික දෙවියෝ ගැටෙති !!!!

    ක්ෂණික ප්‍රතිචාර : 
    ඉන්දියානු කපුවන් ශ්‍රි ලංකාවට එරෙහිව මලායලි ගුරුකම් කොට භූම් බන්ධනයක්ද කර ඇති බවක් සී නිවුසිය කියා සිටී . එහි කියැවෙනා හැටියට නම් ආශ්චර්යය උදාකරගැනීමට බාධාවක් වී තිබෙන්නේද මේ ගුරුකම්ය . ඒ නිසා කෙසේ හෝ මේ ගුරුකම් වල බල බිඳ දැමිය යුතුය . මේ ගැන අදහස් දක්වන විෂ්ණු දේවාල කපුවෙක් කියා සිටින්නේ ජනතාව ආගමට දහමට නැඹුරු කර  ගුරුකම් වල බලය බිඳ  දැමිය හැකි බවය . පොර ඒවා කියන්නේ කෙලින්ම දෙය්යන්ගෙන් අසාගෙන නිසා ඇත්තක් තිබිය හැකි වුවත් කියනා තරම් ලේසියෙන් ජනතාවගේ ආගම් බක්තිය වැඩි කල නොහැක . කලත් සැහෙන කලක් ගත වීමට ඉඩ ඇත . එතෙක් කාලයක් බලාසිටිය හොත් අපිට ආශ්චර්යය ලබාගන්නට ද  දිගු කාලයක් බලා සිටීමට සිදුවනු ඇත . අර්ධ මිත්‍යා දෘෂ්ටික , හින්දු භක්තික විෂ්ණු දෙවියන්ගෙ උපදේස් ක්‍රියාත්මක කරනවාට වඩා ඉක්මන් , ඵලදායි ක්‍රියාමාර්ගයක් අප සතුව ඇත . ඒ හරහා ඉක්මනින් ප්‍රථිපල ලබාගෙන ආශ්චර්යය කරා ගමන් කල හැකිවාක් මෙන්ම මලයාලි ගුරුකම් වලට සම්බන්ධ මිත්‍යා දෘශ්ටික දේව සභාවේ විෂ්ණු දෙවියන්  විසින් ලබාදෙන 'වැරදි ' උපදෙස් ක්‍රියාත්මක කර කෙලවා ගැනීමේ අවදානමද ඉවත් වේ

    කලින් ඡේදයේ සඳහන් කලාක් මෙන් මලයාලි ගුරුකම් හා සම්බන්ධව කටයුතු කරන්නේ මිත්‍යා දෘශ්ටික දේව සභාවේ හින්දු දෙපාර්ථමෙන්තුවේ මිත්‍යා දෘශ්ටික දෙවි වරුන් විසිනි .  ඒ  නිසා ඔවුනට විරුද්ධව කටයුතු කිරීමේ වඩාත් සාර්ථකම ක්‍රමය වන්නේ සම්‍යක් දෘශ්ටික දේව සභාවේ සහය ලබාගැනීමයි . ජාතියේ පිනට පහල වු  අපේ මහාචාර්ය තුමා  සහ සම්‍යක් දෘශ්ටික දේව සභාවේ නායක නාථ දෙවියන් අතර ඇති සමීප සබඳතාව  මෙහිදී අපගේ වාසියට යොදාගැනීමට හැකියාවක් ඇති බව අපි අමතක නොකල යුතුය . මිත්‍යා දෘශ්ටික දේව සභාවේ වඩාත් ප්‍රභල දෙපාර්ථමෙන්තුව වූ සර්ව බලධාරි දේව අංශය සමඟින් නිරන්තරයෙන් ගැටෙනා නාථ දෙවියන්ට හින්දු දෙපාර්ථ මෙන්තුව සමඟින් ගැටීම ඉතාම පහසු කර්තව්‍යක් වන අතර අප විසින් ඒ සඳහා එතුන්ව පෙලඹවීම අර්බුධය වඩාත් පහසුවෙන් සමනය කරගැනීමට මහත් පිටුවහලක් වනු ඇත . මේ සඳහා සමස්ථ රට වැසියාම ආගමික කටයුතු වලට යෙදවීමේ අවශ්‍යතාවයක් නොමැත . අපගේ පින්වත් මහාචාර්ය තුමාට 'රාජ්‍ය - අනුග්‍රහය ' සහිතව භාවනාකිරීමේ ඉඩ පහසුකම් සලසා දීම පමනක් සැහේ . නාථ දෙවියන්ට ජය වේවා !!!! මිත්‍යා දෘශ්ටික දෙවියන් භංග වේවා !!!! . වැසිකිලි ඉන්දියාව භංග වේවා !!!!!  ශ්‍රි ලංකාවට ජය වේවා !!!!!!!

    ප.ලි - අධිවේගය ගිලා බහිනවාලු ! සමහරවිට ඒකත් භූමි බන්ධනය නිසාද දන්නේ නෑ

    18 comments:

    1. ඔන්න වස් වැදුනොත් අපි දන්නෙ නෑ... ;)

      ReplyDelete
    2. C-News හුගක් බ්ලොග්කරුවන්ට මූලාශ්‍ර වන්නේ ඇයි?

      ReplyDelete
    3. මේක නම් මට හරියට තේරුන් නෑ ඕන් ඒත් ජයශ්‍රී ට අහපු එකට පොඩි පිලිතුරක් දෙන්න හිතුවා.C-News කියන්නේ ආතිශයින්ම පක්ශක්ග්‍රාහී අඩවියක්,එතකොට නිරන්තරයෙන්ම විකල්ප මතදාරින් එහි පලවන කරුනු සම්බන්දයෙන් තම අදහස් පල කිල්‍රීමට පෙලඹෙනවා,ඒක ස්බාවික සංසිද්දියක්,මෙතන තියන ප්‍රශ්නය විකල්ප මතදාරීන් මර්දනය කිරීම හා සත්‍ය වෑසී යනසේ බොරු ප්‍රචාර පල කිරීමයි.

      ReplyDelete
    4. Buwoooo Meke mage sinhala wikurthi wela penne,.. e nisa Singlish walin daanawa.
      Honda welawata Natha Deyyo Free inne,... Dan ithin Natha Deyyonta full force eken Indiyawe Deyyonta face karanna puluwan...
      Apita inna 33 billion gods la okkoma set karaganna puluwan wunoth honday....

      Al

      ReplyDelete
    5. බය වෙන්න දෙයක් නැහැ. ඉන්දියාවේ ඉන්න විජාතික දෙවිගොල්ලන්ට දැන් දුවන්න දෙන්න යන්නේ අපේ දේශප්‍රේමී ජාතික දෙවිවරු. අපෙත් ඉන්නවානේ ස්වදේශික දෙවිවරු අපි මේ කට්ටියව අපේ කොම්පියුර් ජිමික් එකක් දාල ලෝක පාලන දෙවි ගොල්ලන්ගේ ගානට ගේමු. එතකොට වැඩේ ෂේප්. ඊට පස්සෙ දෙන්න බැරියැ ඉන්දියාවට රම්පෙට පොරි හැලෙන්න.

      අධිවේගෙ අද උදේත් ගාල්ලෙන් කොළඹ එන පැත්ත 88 - 90 කිලෝ මීටර අතර ගිලා බැහැලා තිබෙනවා. ඒත් මම උදේ කල්පනා කොළ මොකෑ මේ කියලා. දැන්නේ දන්නේ වැඩේ.

      වහාම ස්වදේශික දෙවිවරු කැදවනු.

      ReplyDelete
    6. ලංකාවට එරෙහි කුමන්ත්‍රණ දිව්‍යලෝකෙ දක්වා දුර ගිහින් වගෙ

      ReplyDelete
    7. ලංකාවෙ මිනිස්සුන්ගෙ සම්‍යක් දෘෂ්ඨික දෙවිවරුත් බොරු පොරොන්දු දෙන උදවියද කවුද දන්නෙ?

      ReplyDelete
    8. අනේ මන්දා අපි ඕවා බලලා හිනා වෙනවද නැත්තම අඩනවද කියලයි මම මේ බැලුවේ...අයියෝ සල්ලි !!

      ReplyDelete
    9. කව්රු ගැටුනත් අන්තිමේ විපාක එන්නෙ අපේ එකවුන්ට් එකට.....:D

      ReplyDelete
    10. read this

      මිත්‍යාව පසුපස යන ශ්‍රී ලංකික සමාජය
      | අමිල ගුණරත්න


      ශ්‍රී ලංකාව යනු නොදියුණු සමාජයකි. එම සමාජයේ මිත්‍යා විශ්වාස එමටය. විද්‍යාව විෂයක් ලෙස ඉගනගත් පුද්ගලයන් තුල පවා විද්‍යාත්මක චින්තනයක් නැත. එම නිසා ඔවුන් ඕනෑම කපටියෙකුගේ , කට්ටඩියෙකුගේ, කපුවෙකුගේ මුලා බස් වලට ඔවුන් රැවටෙති. මෙම කපටින් මුලාවට පත් වූ ජනී ජනයාගේ පසුම්බි හිස් කරන අතර මිත්‍යාව සමාජයේ වපුරති. මෙහි ඇති භයානක පාර්ශවය නම් ප්‍රබල දේශපාලකයන්ද මෙම කපටින්ගේ දැපනේ වැටීමයි. ඉන්දියාවේ මලයාලම් ගුරුකම් කරන්නන් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ඉතා ප්‍රබල භූමි බන්ධනයක්‌ සිදු කර ඇති අතර එය ඉවත් කරගන්නා තුරු ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට එල්ල වන බලපෑම් දිනෙන් දින වැඩි වන බව දේවතාවුන් වහන්සේලා පවසන බව බොරලැස්‌ගමුව විෂ්ණු දේවාලයාධිපති දේවගැති අසේල වික්‍රමසිංහ නැමැත්තෙකු පැවසූ බව බොහෝ පුවත්පත් වාර්තා කරයි. මෙවැනි පුද්ගලයන්ට ජනමාධ්‍යකරුවන් ප්‍රසිද්දිය දෙන්නේ නිකම් නොවේ. ඒ සඳහා කට්ටඩියා හෝ කපුවා පත්‍ර වාර්තාකාරයාට මුදල් අරක්කු බුරියානි වැනි ත්‍රිත්වයෙන් සලකති. ඒවා ලබාගෙන පත්‍ර වාර්තාකාරයා ජනතාවට මුලාව ලඟා කර දෙති. ඊලාම් යුද්ධය පැවති කාලයේද මෙවැනි කතාවක් නිර්මාණය කොට තිබුණි. එය තදින් ඇදහු ජෙනරාල් රොහාන් දළුවත්ත කපුවන් ,සායි බබා පසුපස ගොස් යුද්ධය අනාගත්තේය. මොන වැරදි තිබුනත් ජෙනරාල් ෆොන්සේකා මේ මිත්‍යා කතා ඇදහුයේ නැත. ඒ නිසා ඔහු විස්වාස කලේ සොල්දාදුවගේ හැකියාවය. ඒ නිසා යුද ජයග්‍රහණයක් ලබා ගැනීමට ඔහුට හැකි විය. මෙවැනි කතා හිටි හැටියේ පැතිරවීම යට වෙනත් අරමුණු තිබේ. මෙවැනි කතා මගින් රට පාලනය කරන දේශපාලකයන්ට භීතිය ගෙන එන සයිකෝසියාවක් නිර්මාණය කර ඔවුන් වසඟයට ගැනීමට වර්තමාන රස්පුටින් කපුවන් සමත්ය. දේශපාලකයා මෝඩයෙක් නම් නාස් ලනුව කපුවාට පහසුවෙන් දමා ගත හැක. කපුවන්ට මුදල්, රත්රන්, ඉඩම්, ගැහැණු ගලාගෙන එන අතර මිත්‍යාව විශ්වාස කරන ජනයා කරවටක් එරිලාය. සංවර්ධිත රටවල් දියුණු වුයේ මෙවැනි මිත්‍යාව වපුරන කපටින් සිරගත කොට හෝ මානසික රෝහල් වලට ඇතුලත් කිරීමෙනි. නමුත් ලංකාවේ මෙවැනි කපටින් සහ අර්ධ මානසික රෝගීන් දෙවියන්ගේ මාධ්‍ය ලෙස සලකති. ලංකාව තවමත් නොදියුණු සහ අවසංවර්ධිත රටක් වීමට මෙම මිත්‍යා වපුරන්නන් (කපුවන් කට්ටඩියන් ගේ මෙන්ම ඔවුන්ට කුලියට ප්‍රසිද්දිය ලබා දෙන මාධ්‍යවේදීන් ) ගේ කෙරුවවල්ද හේතු කරනා වේ.

      ReplyDelete
    11. හා හා ඔය ආණ්ඩුවත් එක්ක හැප්පුනා වගේ නෙවේ දිවිය ලෝක කේස්. ධවල අශ්වයො බැදපු රථ වලින් ඇවිල්ල උස්සන්නෙ.

      ReplyDelete
    12. මට නම් වැඩි යමක් තේරුනේ නැහැ

      ReplyDelete
    13. මම හිතුවෙ ශ්‍රී භද්‍රකාලී අම්මාන් දේවාලෙං උදව් ඉල්ලයි කියලා.පවුම් දෙකනෙ දෙන්න ඕනෙ

      ReplyDelete
    14. මැස්සාගේ බ්ලොග් එකත් හැක් වෙලාද???

      ReplyDelete
      Replies
      1. ඒ වගේ දෙයක් තමයි පේන්න තියෙන්නේ , දැන් තමයි මම දැක්කේ

        Delete
    15. මොකෝ කාලෙකින් මුකුත් ලියල නැත්තෙ, සුදු වෑන් එකක් වත් ගෙවල් පැත්තෙ කරකෙනවද ?

      ReplyDelete
    16. මොකෝ කාලෙකින් මුකුත් ලියල නැත්තෙ, සුදු වෑන් එකක් වත් ගෙවල් පැත්තෙ කරකෙනවද ?

      ReplyDelete

    Related Posts Plugin for WordPress, Blogger...