Skip to main content

වීරයෙකු වු විමල් සහෝදරයා !

විමල් නැවතත් කරලියට පැමින ඇත,රූපවාහිනි ගුවන් විදුලි පුවත් පත් පමණක් නොව බ්ලොග් කරුවන් ද ඔහු ගැන කතා කරයි(අනුනට කියන ගමන් මම ද කතා කරයි ).මට හිතෙන හැටියට විමල් දැනටමත් තම අවශ්‍යතාවන් බොහෝ දුරට ඉටු කරගෙන හමාරය

01) යුද්දෙන් පසු අවතැන් උන "දේශප්‍රේමය " නැවත විකුණා ගැනීම(මේ යකා විකුණන්න දන්නේ මෙච්චරය)
02) ජාතික ලයිස්තු කතාවෙන් පසු මහරජතුමාගෙන් කැපුන ලකුණු ටික ලබාගැනීම
03) රජයේ මාධ්‍ය වලින් පවා හැලෙමින් තිබුනු තමා ගේ රූපය, සියලු මාධ්‍යන්හි ප්‍රචාරය කරවා ගැනීම
04)බහුතර ජනතවගේ අනුකම්පාව දිනා ගැනීම(ස්වර්ණවහිනිය මේ සඳහා පැල් බැඳගෙන වැඩය)

සරලවම කියතහොත් "පොරක්" වීම ඉටුකරගෙන හමාරය,බ්ලොග් ලියන කියවන සමාජය ඇතුලු යම් පිරිසක් මේ සමයම අවබොධ කරගත්තත් ග්‍රමීය බහුතරයක් ජනතවට විමල් දැන් වීරයෙකි (මාධ්‍ය විසින් වීරයෙක් බවට පත් කරමින් සිටියි )

නායකයකු සොයමින් පිස්සු නටමින් සිටින UNP යත් ඇදගෙන විරුද්ධ මතවාදයක්ද හදා ගැනීමට මොහු සමත්ව ඇත. මතයක් ජනප්‍රිය කරවීමට විරුද්ධ මතයක් අවශ්‍ය වන අතර UNP ය විසින් නොමිලේම සේවාව සපයයි.දෙශද්‍රොහි හංවඩුව හිසෙම ගසාගෙන සිටින විපක්ෂනායකතුමාම එම සෙවාව සපයන විට විමල් සහොදරයාට දැනෙන අතල් එකත් සුලුපටුනැතුව ඇති

මේ යකා නටන මේ සමයමෙන් අපිට සිදුවනුයේ .නිදහසේ  පාරේ යන්නට බැරි වීම , හදිසියට වත් බත් කන ගමන් වත් NEWS බැලීමට නොහැකි වීම වැනි පොඩි කරදර 2 ක් 3 ක් පමණි(විමල් කියන විදිහට මාතෘභූමිය වෙනුවෙන් නිසා ඉවසා සිටීමට බැරිද නැත )
නමුත් රාජ්‍ය අනුග්‍රහයෙන් කෙරෙන මේ විකාරයෙන් රටේ කීර්ති නාමයට යම් පමණකට හෝ සිදුවන හානිය නම් රජය විසින් අවබෝධ කරගත යුතුව ඇත .
ඒ නැතත් හෙට අනිද්දා විතර පොලිසියෙන් බලෙන් උස්සාගෙන යාම නිසා(මූන් කාරයා කමිටුව අයින් කරගනිවි යැයි නොසිතෙන නිසා)  ජීවිතය බේර ගන්නා විමල් මැතිදු ගෙන් නිදහස් පක්ෂය ප්‍රවෙශම් විය යුතුය

තව හොඳ නැටුම් ඉදිරියටය !

මේ photo එක නම් කවුරු ගත්ත එකක් ද දන්නෙ නැ, මම ගත්තෙ Taboo Subjects ගෙන්

Comments

  1. මෙයා තිලීපන් කෙනෙක් වේවි ද?

    ReplyDelete
  2. කියන්න බැ නේ? එහෙම උනොත් තුම්මුල්ල "මහා වීරවංශ අනුස්මරණ මුල්ල " වෙයි

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ ...

මුස්ලිම් අන්තවාදය මගේ මතය සහ යොජිත විසඳුම් - සිරාගේ කාමරයට පිලිතුරක්

ඉස්ලාම් අන්තවාදය පිලිබඳ අන්තර්ජාල කතිකාව බොහොම තදබල විදිහට සිදුවෙන බවක් මේ වෙනකොට දකින්න තියනවා . අන්තර්ජාලයෙන් බැහැර සමාජය තුලටත් මේ මතවාදයන් කාන්දු වෙන්න පටන් අරන් බොදු බලසේනා වගේ සංවිධාන වල බිහිවීමත් එක්ක . මේ සම්බන්ධව අන්තර්ජාලය තුල මතුවු නොයෙක් කතිකාවන් වලදි අදහස් දක්වලා තිබුනත් ඒවා අදාල ලිපියේ සමස්ථ අදහසත් එක්ක බැඳෙන නිසා  බ්ලොග් කරුවෙකු වශයෙන්  මගේ ස්ථාවරය පැහැදිලි කලයුතුයි කියල හිතෙනවා . මේ ලිපිය සිරාගේ කාමරය බ්ලොග් අඩවියේ පලවු පහත සඳහන් ලිපිය  වෙනුවෙන් මගේ ප්‍රතිචාරය විදිහටත් සලකන්න පුලුවන් http://siragekamare.blogspot.com/2012/12/blog-post_12.html සංවාදයක් ආකාරයෙන් පහත මතු කරල තියෙන්නේ ඒ පිලිබඳ මගේ සම්පූර්‍න ස්ථාවරය මුස්ලිමුන් අන්තවාදියිද - මේ පිලිබඳ මූලික සාකච්ඡාවක් කලින් ලිපියක සඳහන් කරලා තියනවා . මුස්ලිම් ජාතිකයින් කුරානය හෝ ඉස්ලාම් ධර්මය ආගමික අන්තාවාදයට රුකුල් නොදෙන බවට තර්කයන් ගෙනාඅවත් , කුරානයේ සඳහන් ඇතැම් වාක්‍ය ආගමික අන්තාවාදීන්ට අවශ්‍ය ආකාරයෙන් විග්‍රහ කරගත හැකිවීමට තියන සම්භාවිතාව පිලිබඳ සාර්ථක පිලිතුරක් ගොනුවෙන්නේ නෑ . ඒ වගේම මුස්ලිම් බහුතරය...

සිංහල කාන්තාවන් මුස්ලිම් කරණය කිරීමට නිර්දේශ දෙන අන්වර් මනතුංග බ්ලොග් අඩවියේ "සිංහල බෞද්ධ විද්වතා " ....

ආගමික ප්‍රශ්නයන් දිගින් දිගටම ඇදගෙන බ්ලොග් කරණය ඇතුලේ "හෝලි වෝ" එකක් පටන් ගන්න අදහසක් නැතත් , පසුගිය දින  කිහිපය පුරාවට අන්වර් මනතුංග උන්නැහෙගේ බ්ලොග් අඩවිය තුලදී  නොයෙකුත් ආකාරයේ වාදයන්ට එලඹුන "කාන්තාවන්ගේ වස්ත්‍රය පිලිබඳ " ඉස්ලාමීය මතය පිලිබඳ සාකච්ඡාව ට තවත් එකතු කිරීමක් කරන්න සිද්ධ වෙලා තියනවා . ඒ අන්වර් මනතුංග මහත්තයා තමන්ගේ ඉස්ලාමිය මතය තහවුරු කරන්න " සිංහල බෞද්ධ විද්වතෙකු" ගේ අදහස් කියල ලිපියක් එකතු කරලා තියන නිසා කාන්තාවගේ වස්ත්‍රයන් සම්බන්ධව ඉස්ලාමයේ තියන මතය පිලිබඳ අමුතුවෙන් සඳහන් කරන්න අවශ්‍ය වෙන එකක් නෑ . ඒ වගේම මගේ බ්ලොග් අඩව්යේ පාඨකයින් සාතිශය බහුතරකට  පිරිමින්ගේ වලත්ත කම් වලට කාන්තාව වැසීමේ අයුක්තිසහගත නිතියේ ගෝත්‍රික ස්වාභාවය පැහැදිලි කරන්න අවශ්‍ය වෙන එකකුත් නෑ . මේ පිලිබඳ මගේ මතය ඉතාම සංෂිප්තව කියනවා නම් "කාන්තාවගේ ඇඳුම පිලිබඳ පූර්ණ අයිතිය  කාන්තාව සතුයි " කියන එක .  ඒ මතවාදය තුල නොඉන්නවා නම් කාන්තාවන්ගේ ඇඳුමට ආගමික හෝ වෙනත්  බාහිර තහංචි අවැසියයි සිතනවා නම් .කාන්තාවන්ට සිදුවෙන අතවරයන් වලක්වා ගන්න ඇයව ආවරණය කල යුතුයැ...