Skip to main content

මංජුගේ ජයග්‍රනය ගැන එක එක අය කියන්න ඉඩ ඇති කතා

මංජු වන්නිආරච්චි සහෝදරයාගේ රන් පදක්කම් ජයග්‍රනය ගැන බුවා මුලු හදවතින්ම සතුටු වෙනව වගේම මංජු සහෝදරයට මුලු හදවතින්ම සුභ පතනවා!...
මේ ජයග්‍රහනය අපේ රටේ ලොකු ලොකු කට්ටිය කියන්න ඉඩ තියන කතා ගැනයි මේ සටහන


අතිගරු ජනාධිපතිතුමා - 30 වසරක යුධ ශාපය අවසන්ව අප මවුබිම ආසියාවේ ආශ්චර්යය බවට පත් වෙමින් තිබෙන්නාවූ බවට කදිම නිදසුනක් ලෙස මේ ජයග්‍රහනය දකින්න පුලුවන්


ගරු අග්‍රාමාත්‍යතුමා - 30 වසරක යුධ ශාපය අවසන් අප ශ්‍රේෂඨ මවුබිමේ බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වූ අතීත අභිමානය යලි සිහි ගන්වන්නට මේ ජයග්‍රහනය සමත්ව ඇත...........


අමාත්‍ය විමල් වීරවන්ශ - 30 වසරක යුධ ශාපයෙන් මිදී සංවර්ධනයේ අරුණලු දකිමින් තිබෙන අප මාතෘ භූමිය අධිරාජ්‍යවාදී ඊනියා කුමන්ත්‍රන වලින් බේරා ගැනීමේ පලමු වෙඩි මුරය අද නව දිල්ලියේදී සටහන් වුණා


අමාත්‍ය පාඨලී චම්පික රණවක - දක්ෂින ආසියා භුමිය තුලදිම බටහිර බලවේග විසින් මේ ලැබූ පරාජය චීනය හා ඉන්දියාව මුල් කරගත් අනාගත ලෝක ආර්ථික සංග්‍රාමයේ ශ්‍රි ලාංකිය සලකුන සනිටුහක් කරවන්නකි


ගරු විපක්ෂ නායක - ප්‍රජාතාන්ත්‍රවදය උදෙසා සටනේදී මංජුල තේ බිව්වේ නැ, බිව්වෙ කලු කෝපි විතරයි. එකත් සීනිත් නැතුව. කොළඹ නගර සභාව අධිකාරියක් කරවීම ගැන ජනතාව දැනුවත් විය යුතුයි , එහිදී අපි මංජුල වෙනුවෙන් 18 වන සංශෝධනයෙන් අහිමි කල ජනත පරමාධිපත්‍යය නැවත ස්ථාපනය කල යුතු වෙනවා


ජනතා විමුක්ති පෙරමුන - ශ්‍රේෂ්ට යුධ විරුවා සිරගත කරමින් රජපක්ෂ සහෝදර සමාගම කැලැ නිතිය රට තුල ක්‍රියාත්මක කරමින් සිටිනා මොහොතක ජනතාවට මෙවැනි ජයග්‍රහනයන් ගැන සතුටුවීමේ හැකියාවක් නැහැ .අපි ඊට විරුද්ධ සියලු  බලවේග ඒක රාශි කරගත් පුලුල් ජනතා ව්‍යාපාරයකට යැමට බලාපොරොත්තු වෙනවා


සරත් ෆොන්සේකා -  මේ ජයග්‍රහ _ _ _ _මම _ _ _ මේ ගාඩ් එක කියල බූරුවො ටිකක් දාලා_ _ _ _ හරක්_ _ _


පා.ම සජිත් ප්‍රේමදාස - ලංකාවේ පලාත් 9 ක ,දිස්ත්‍රික 22 ක ,ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ ........... ක,ග්‍රාම සේවා වසම් ............ක ,ජීවත් වන ලක්ෂ 200 ක් වූ ජනතාව සතුටුවන මේ මොහොතේ රෙද්ද බැනියම අදින  ජනතාවට සැමදා මෙලෙස සතුටු විය හැකි යුගයක් උදා කල හැක්කේ රණසිංහ ප්‍රේමදාස ප්‍රතිපත්තියෙන් පමණක් බවත් කියන්න කැමතියි


වික්‍රම බාහු කරුණාරත්න - ගෝලීය අධිරාජ්‍ය වාදය තුල බටහිර හාම්පුතුන් විසින් බලහත් කාරයෙන් අප වෙත පටවන ලද ක්‍රිඩා වලින් ජයග්‍රහනය කිරීම සැබැ ජයග්‍රහනයක් නොවේ

( මේවා අදාල පුද්ගලයින් විසින් සත්‍ය වශයෙන් ප්‍රකාශ කරන්නට යෙදුනු ප්‍රකාශ නොවන අතර .සාහිත්‍යමය අවශ්‍යතාවයන් මත නිර්මාණය කෙරුන එවා බව කරුණාවෙන් සලකන්න)

Comments

  1. උඹ නම් මාර බුවෙක්....
    මොකටත් පරිස්සම් වෙලාම හිටන් :D

    ReplyDelete
  2. පරිස්සම් වෙන්නෙ කාට බයේද???උබ බය වෙන්න එපා මචන්.උබගෙ පොස්ට් එක සුපිරි....මෙවගේ නිර්මානාත්මක පෝස්ට් තව දාන්න...ඔන්න මම FB එකේ Share පාරකුත් දෑම්මා....

    ReplyDelete
  3. elakiriz macho.so creative!!!

    blog gadol

    ReplyDelete
  4. ela machan... creama creative Ae..
    oke kreedaa amathi C.B. goiyaa kiyana ekath dhaanta thibune... maara co-incident eka kiyanne C.B th manju giya iskolema aadhi sishnayeklu..

    ReplyDelete
  5. @all අදහස් දැක්වීම ගැන බොහොම ස්තුතියි , reply button වැඩ නැහැ එකයි මෙහෙම reply කරන්නේ

    @ පුතා C.B ගොයියව මට මතක් උනේම නැහැ අනික මිනිහ අහිංසකයනේ ඔන්න ඔහෙ අතැරල දාමු.

    මංජු මිනිහගෙ ඉස්කෝලෙම නම් පොරට ෆුල් ආතල් ඇති

    ReplyDelete
  6. ඔය තියෙන්නේ කියන්න ඕනි දේ එලටම....දිගටම ලියහන්කෝ බං....දැන් එක්සෑම් කතන්දරත් ඉවරයිනේ.උඹ ලියන විදිහනම් මැක්සා..හැබැයි උඹේ අදහස් නම් පට්ට විත් රොක්ස්.....

    ReplyDelete
  7. මාරයි.............බුහා....හා.......
    ඇත්තටම හිනා ගියා....දැන් නිකන් ඇඩෙන්න වගේ...

    ReplyDelete
  8. @෴ හසියා ෴ - බටර් පාරට බොහොම ස්තුතියි :D

    ReplyDelete
  9. @මද්දු - ප්‍රතිචාරයට ස්තුතියි

    ReplyDelete
  10. ඇයි නොලියැවෙන්නේ මංජු ලංකාවට ආදා පටන් උහු වට කරගන්නා කොම්පැනි කාරයන් ගැන. කොම්පැනි වෙනුවෙන් මංජු සමග ගනුදෙනු කේවල් කරන්නට පටන් ගන්නා දැන්වීම් සමාගම් ගැන. තව සතියකින් දෙකකින් මංජු ගේ දහඩිය මාන්සිය වෙනුවට ඔහු කන බොන අඳින පළඳින දෙයින් අපේ අහිංසකයා විනාශ කරන්නට දෙන්න එපා. ඒ රන් පදක්කම ඔහු දිනුවේ අම්බානකට ගුටි කාලා මිසක් වෙන කොහොමද?

    හිතුවක්කාරයා

    ReplyDelete
  11. @hithuwakkaraya - මංජු ගැන කියැවෙන්නේම ඩයන් ගෝමස් එක්ක හැබැයි අදක ඊයෙක ඉඳල නොවේ...එ නිසා කොම්පැනිකාරයන් වට කරගත්තත් මංජු විනාශ වෙන එකක් නැහැ කියලයි මම හිතන්නෙ .නමුත් ඔබ ඔය මතු කරන කාරණය සමස්ථයක් විදිහට ඇත්ත.ඒත් මේ සමාජ රටාව ඇතුලෙ මංජු වගේ අය පදක්කම් දක්වා යන්නෙත් ,පදක්කම් ගන්න තරඟ පැවැත්වෙන්නෙත් ඔබ ඔය කියන කොම්පැනි කාරයන් නිසාමයි

    ReplyDelete
  12. බුවා සහෝ කතාව නම් පට්ට ඈත්ත.පොඩ් එකෙක් වලිකාලා කාලා ගෙන මේඩ්ල් එකට අයිතිකාරයෝ ඕන තරමි. ඩෑන් ලොක්කා තමා මහන්සි උනේ. ජයවේවා අපේ ම0ජු සහෝදරයාට.

    ReplyDelete
  13. මේක මරු පෝස්ට් එකක්නේ බුවා.
    මම අදයි දැක්කේ. මද්දු ලින්ක් එකක් දාලා තිබිලා.
    හොඳට ලියලා තියෙනවා.
    ජයවේවා!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව