Skip to main content

ඔක්කොම කණපිට

අපේ රටේ බොහෝ දෙවල් කෙරුනේ කණපිටට හෙවත් වෙන කොහේවත් සිදු නොවන අකාරයටය . වැඩ පමණක් නොව මිනිසුන්ගේ මතවාදයන්ද එලෙසමය මේ පසු ගිය කාලයේ එවන් සිදුවීම් කිහිපයකි
----------------------------------------------------------------------------------
ඊයේ සූදු පනත කියා එකක් සම්මත විය . එය කැසිනෝ සඳහා ඉඩ කඩ ලබාදෙන්නක් බව පැවසේ . ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරන රනිල් වික්‍රමසිංහ  එයට විරුද්ධ වෙත්දී ධර්ම රාජ්‍යක් හදන්නෙයි කියා පැමිණි රණවක ත් . පර සුද්දාට එරෙහි බෙලෙක් හඩ, විමල් මැතිඳුත් එයට පක්ෂය


ඇත්තටම විමල් මැතිඳු කණපිට ගැසුවේ මීට ටික කලකට පෙරය . O/L වලින් පසු විප්ලවයට කියා කැලේ පනින  ඔහු රජතුමාගේ ඔඩොක්කුවට පැන්න දා සිට කණපිටය


විමල් එලෙස හැසිරෙන විට දේශපාලන උරුමයක් හා ජනතා ප්‍රසාදයක් සහිත අර්ජුන ෆොන්සේකාගෙ පස්සේ වැටි අනාත වී ඇත


කෝටි ගණනින් මුදල් සංසරණයවූ යුද්ධයක් කල හමුදාපති වරයා බැටරි කෑලි කිහිපයක් හා රේඩාර් වගයක් හොරා කැමට හිරබත් කන අතර නැව් ගණන් අවි ජාවාරම් කල කොටි නායකයින්ට නඩුවක් වත් නැත

විජේවීරව පණ පිටින් පිච්චුවෙත් , සිරිසේනගේ රෙද්ද අස්සේ රිංගූ සෝමවංශ හැර අනික් ජවිප නායකයින්ට බැටේ දුන්නේත් යුධ හමුදාවෙන් වුවත් විශ්‍රමික හමුදාපති පස්සේ යනු ඇර වෙන යමක් අද ජවිපෙට බැරිය

ලංකාවේ පලමු පෞද්ගලික විශ්ව විද්‍යාලය දමන්නේත් ඊට විරුද්ධ වෙන්නන් හට ඇට්ටි හැලෙන්න දෙන්නෙත් එජාපය යි . නමුත් එජාපය අද සිසු අයිතීන් ගැන කතා කරනවා පමණක් නොව උඳුලයා නිදහස් අධ්‍යාපනය බේරා ගැනීමට යන්නේත් සිරිකොතටය


පක්ෂය ගමට ගෙනියන්න යැයි කිය එජාපය ග්‍රාම චාරිකා ගියත් ග්‍රාමීය ජනතාව අතර වඩාත්ම ජනප්‍රිය සජිත් හෝ අඩුතරමින් දයාසිරිවත් එක්ක යන්නේ නැත
ෆොන්සේකාව දේශපාලන ලෝකයේ අතරමං කල රනිල් අද සෙත් කවියක් කියනවාට වඩා යමත් නොකලත් . ෆොන්සේකා ට තදබල ලෙස විරෝදය පෑ සජිත් ඔහු බේරා ගැනීමට මහ පාරේය 

එජාපයේ අනාගත නායක සජිත් ගේ ලොකුම හතුරා මහින්ද හෝ රජය නොව රනිල් වන අතර රනිල්ගේ ලොකුම හතුරා සජිත්ය

එජාපයේ ධනවාදයට විරුද්ධව ගොඩ නැගු නිදහස් පක්ෂය මුල් වූ රජය එජාප ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන විට එජාපයේ අනාගත නායකයින් එජාපය වාමාංශික කිරීමට සැරසේ 

ඕනැම රටක නලු නිලියන් යනු මිල මුදල් යහමින් ඇති   , විලාසිතා සඳහා ලක්ශ ගණනින් වැය කරන අය වේ නමුත් අපෙ රටේ නිලියන් රු 12 500 ක ඇදුම් හොරෙන් ගෙනගොස් මාට්ටු වන අතර ඇතමුන් හොර වීසා සාදා මාට්ටුවේ
----------------------------------------------------------------------------------
තවත් බොහෝ කණපිට ගැසීම් තිබුනත් මට මතකයට අවේ මේ ටික විතරයි , මට් මේ ලිපිය ලියන්න හිතුනෙ එජාපය සූදු පනතට විරුද්ධ වෙනව දැක්කාම . ඔබට මතක තව ඒව තියනව නම් කමෙන්ටුවක් 
විදිහට දාන්න    ආ......... තව එකක් ලෝකෙ අනික් රටවල යට පැත්ත උල් වෙත්දි අපෙ රටේ විතරක්  උඩ පැත්ත උල් ..හි හි හි

Comments

  1. ලංකාවේ කැසිනෝ තහනම් කළේ ප්‍රේමදාස ජනාධිපතිතුමා

    ReplyDelete
  2. @Chanaka ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති නෙවේනෙ රනිල්ට තියෙන්නෙ ඔය පනතට විරුද්ධ උනාට රනිල් බලයේ හිටිය ඔය දේවල්ම තමා කරන්නේ අනික කැසිනෝ කතන්දරේ නරක වගේම හොඳකුත් තියන්ව

    ReplyDelete
  3. අනේ අප්පා රටට ගිය කලක්

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව