Skip to main content

Lanka E News ගිනි ගත්තාද ? ගිනි තිබ්බාද? ගිනි තියා ගත්තාද ?

ලංකා ඉ නිව්ස් කාර්යාලය ගිනි ගෙන විනාශ වී ඇත. එය ඉබේ ගිනි ගත්තාද?  තමන්ම ගිනි තියා ගත්තාද? ගිනි තිබ්බාද? තිබ්බා නම් කොයි එකාද? මොන එහෙකටද?? ප්‍රශ්න රාශියකි .ලංකා ඉ නිවුස් මෑත කාලයේ පහර කැමට ලක්වූ පලමු මාධ්‍ය ආයතනය නොවේ , ලංකා ඉ නිව්ස් මර්ධනයට ලක්වූ පලමු අවස්ථාවද මෙය නොවේ. රටක ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික මිණුම් දණ්ඩක් වූ මාධ්‍ය නිදහස මෙලෙසින් උල්ලංඝනය වන්නේ ඇයි ?  හැමදාම වන ලෙසින් පොලිස් පරීක්ෂණ පැවැත්වේ.මාධ්‍ය සංවිධාන දවසක් දෙකක් උද්ඝෝෂණ පවත්වයි ගහපු එකෙක් , ගහපු හේතුවක් මෙතෙක් නම් හොයාගෙන නැත ( මේකෙදිවත් හොයා ගත්තොත් ඉතා හොඳය )



මේ  සිද්දියේ මාධ්‍ය වාර්තා


පේන හැටියට නම් සිදුවී ඇත්තෙ ලංකා ඉ නිවුස් කාර්යාලය ගිනි ගැනීමය . නමුත් මාධ්‍ය වාර්ථා ගොඩකි. අනික් මාධ්‍ය සියල්ලම නාඳුනන පිරිසක් තැබු ගින්නක් ගැන වාර්ථා කරත්දී රජයෙ ඇමති වරයෙකුට සම්බන්ඳ යැයි පැවසෙන( පැවසෙනවා පමණක් නොව ඒ බව පෙනෙන )ලංකා c නිවුස් සිද්දිය වාර්ථා කරන්නේ  මෙලෙසය
http://www.lankacnews.com/sinhala/index.php?option=com_content&view=article&id=3631:-lanka-e-news-&catid=1:latest-news&Itemid=269

එයට අනුව නම් පහර දී ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාට විරුද්ධ පිරිසකි . එනම් විපක්ෂ නායකතුමා ගේ පිරිසක් විය යුතුය . ඒ අතරෙ දිනමින පුවත්පත කියන්නේ මෙහෙමය http://www.dinamina.lk/2011/02/01/_art.asp?fn=n1102013

එයට අනුව කාමරයේ කාන්තා යට ඇඳුම් , උපත් පාලන කොපු තිබී  ඇත . ඔවුනට වඩා වැදගත් ගිනි ගැනීම නොව හොයා ගත් ඒවාය  ( හයිලයිට් කර ඇත්තේ ඒ නිසා විය යුතුය ). පුදුමයට කාරණය නම් පරිගනක යන්ත්‍රත් ගිනි ගනිත් දී කොන්ඩම් ටිකයි , ජංගි ටිකයි බේරුන එකය .

 ජනපතිතුමා පරික්ෂන  පැවත්වීමට නියෝග දෙත්දී රාජ්‍ය හා රජයට හිතවත් මාධ්‍ය මෙලෙස හැසිරෙන්නේ ඇයි ?


ලංකා ඉ නිවුස් මත වාදය ගැටලුවක් වුයේ කාටද ?


ලංකා ඉ නිවුස් පසු කාලය පුරාවටම තම මත වාදය කර ගත්තේ රාජපක්ෂ රජයට විරුද්ධ වීමය . හරි වැරදි හැමදේම විවේචනය කල  ලංකා ඉ නිවුස් මතවාදයද බරපතල ප්‍රශ්නාර්ථයක් වුවත් එය ඔවුනගේ අයිතියකි . අනෙක් අතට මංගල සමරවීරගේ නම ලංකා ඉ නිවුස් සමග කිය උනත් එය එජාපයටත් හිතවත් නැත . පසු ගිය කාලය පුරාවටම ඔවුන් කලේ ටොම් පච කෙලමින් එජාපය දෙකඩ වන ආකරයේ පුවත් ඉස්මතු කිරීමය . නමුත් එයත් ඔවුනගේ අයිතියකි  . එතකොට ගිනි තිබ්බේ කව්ද ? පසු ගිය කාලයේ සිදූවූ සිදුවීම් නිසා පලමු ඇඟිල්ල දිගුවන්නේ රජය දෙසටය , අනෙක් අතට ලංකා c නිවුස් කියනා අකාරයේ වැඩක් කිරීමට තරම් හැකියාවක් එජාපයට තිබේද යන්නද සැක සහිතය . එනිසා තමන් පිරිසිදු විමේ වගකීම ඇත්තේ රජයටය . ඔවුනට ඒ සඳහා හැකියාවද ඇත   . කල යුතුවන්නේ මෙවරවත් වැඩේ කල උන් රටට ඉදිරිපත් කිරීමය . එවිට ප්‍රශ්නය අහවරය . නමුත් අතීත අත්දැකීම් අනුවත් , රජයට සම්බන්ද අයගේ හැසීරීම් වලිනුත් එසේ වන බවක් තවම නම් පෙන්නේ නැත.




ගහපු එකෙන් වැඩක් තියේද ? 

අවසානයට ඇතිවන   ප්‍රශ්නය මෙයයි  . මුද්‍රිත , හෝ විද්‍යුත් මාධ්‍යක් ගිනි තැබීමෙන් නම් ඔවුනගේ කටයුතු සැහන පරිදි අඩාල කල හැක . නමුත් පරිගනකයක් හා අන්තර්ජාල සබඳතාවයක් පමන අවැසි මාධ්‍යක් එලෙස අඩපන කල හැකි වන්නේ නැත . සිදූවූ ආර්ථික අලාබය හැරුනු මිසක ලංකා ඉ නිවුස් අඩපන වී නැත . ඉහල මට්ටමේ ප්‍රචාරයක් නම් ලැබී ඇත

අවසානයට ඉතිරි වන්නේ පසු ගිය කාලයෙ සුපුරුදු කතාවය ඒ " තමන්ම ගිනි තියා ගැනීමය " කඩේ යන උන් එකා දෙන්නා එවැනි අදහස් කීවත් වග කිව යුත්තෙක් තාම එවැන්නක් කියා නැත .

අවසාන වශයෙන් කියන්නට ඇත්තේ මෙවන් සිදුවීම සිදු නොවිය යුතු බවය , සිදු නොකල යුතු බවය , සිදුවන එක වලක්වා ගත යුතු බවය . දැයට සැබැවින්ම කිරුලු පැලදෙන්නේ එවිටය

Comments

  1. කවුරු කලත් කර ගත්තත් අමුම අමු මෝඩ වැඩක් ......

    හොඳ ලිපියක් .......

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව