Skip to main content

ආශ්චර්යයේ ජාතික නාලිකාවෙන් ලෝකයාට කියා දෙන "බ්‍රේකින් නිවුස්" පාඩම

දිනය පහුගිය සිකුරාදාය,වේලාව රාත්‍රි නවයට ආසන්නය .සුපුරුදු පරිද්දෙන් බුවා ජංජාලය තුලය, නිවැසියන් මෝඩ පෙට්ටිය තුලය . රටෙ වැදගත් යමක් සිදුනොවූ දිනක නම් ඡන්ද කතා වලට වඩා වැඩි දෙයක් බුවා බලන්නේ නැත , කොහොමටත් මැතක සිට ලංකාවෙ කිසිදු නාලිකවක බලන්න්ට දෙයක් නැතිම තරම්ය .

"මෙන්න බ්‍රේකින් නිවුස් ඒකා..ක්" නිවැසියන් කැ   ගසයි . අම්මට හුඩු තවත් කෆීර් එකක් වත් පතබැවිලා වත් ද ?  බුවා සරමත් කරට අරන් දිව්වේය . බ්‍රේකින් නිවුස් බලපොරොත්තු වන්නටයි කියා යටින් වැටී තිබේ . සරමත් එකතු පහදු කරගෙන වාඩි උනාය .ටික වේලාවක් ගත උනි , තාම මොකුත් නැත . සිදුවී ඇත්තේ කුමක්දැයි සිතා ගත නොහැක . මීට වසර දෙකකට විතර කලින් නම් එය බෝම්බයක් , සාර්ථක වූ මෙහෙයුමක් වැනි දෙයක් විය හැක ඒත් දැන්????


සද්ද බද්ද කෝටියක් දමා බ්‍රෙකින් නිවුසය පටන් ගති. කිව්ව විදිහ නම් මතක නැත , ඒත් නිවුසය වලස්මුල්ලෙ සජිත් ප්‍රේමදාස මන්ත්‍රිවරයා සහභාගී වු එජාප රැස්වීමකට ගිය වාර්ථාකරුවෙක් ගුටි කැමය තූ...නොදකින්!!.

එවෙලෙ මතක් ඌ කුනුහරුප ටික පිටකරගන්නත් බැරි නිසා හිතින් බැන බැන කාමරයට පැමිනියෙමි  ,


එදා කතාව එතනින් ඉවරය , ඊයෙ උදයේ පුවත් වෙබ් අඩවිවලත් වලස්මුල්ලක ගැටුමක් ගැන කියා ඇත , කලින් දා රැ පැන්න මලෙ හැටියට වලස් මුල්ල යන නමත් අප්‍රියය . ඒත් මෙවායේ හෙඩිම වෙනස්ය " සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ මැතිවරන රැලියට මැර ප්‍රහාරයක්....."

සිද්දිය පැහැදිලිය, සජිත් ගේ රැලියකට , මැර ප්‍රහාරක් එල්ල වී ඇත, වෙඩි තියා ඇත , වාහනද කුඩු කර ඇත ,මාධ්‍ය වේදීන් ඇතුලු කීප දෙනෙකුට තුවාල,ය කොටින්ම වෙඩි තියපු එකෙක් ගෙ  _ කේ අමාරුවට විදුලි රැහැනකටත් වෙඩි තියා උන් දෙදෙනෙකුත් ඉස්පිරිතාලයේය .

ඒත් ජාතික රූපවාහිනියේ බ්‍රෙකින් නිවුසය උන්ගේ මාධ්‍ය වේදියා ගුටි කැම ගැනය , එය හරියට තමිල් සෙල්වම්ට බෝම්බ දැමු විට ඌ මැරුනාය නොකියා උගේ ගෙදරට පත්තරෙ ගෙනාපු එකා තුවාල උනා කිව්වා වැනි වැඩකි, අනෙක් අතට මෙම සම්පූර්න සිද්ධියවත් බ්‍රෙකින් නිවුස් යක් හෙවත් හදිසි පුවතක් නොවේ , ඒ ලංකාවෙ දේශපලනය තුල මෙවැනි සිදුවීම් බහුල නිසාය.

 බ්‍රෙකින් නිවුස්  යන්නට ඉතා ඉහල වටිනා කමක් තිබේ , යම්  සිද්ධියක්  බ්‍රේකින් නිවුසයක් වන්නේ එය එම මොහොතෙ රටෙ පවතින සාමාන්‍ය ක්‍රියාදාමයන්ට තදින් බලපාන්නා වූ හෝ එම ක්‍රියාදාමයන් සැලකිය යුතු ලෙසින් වෙනස් කිරීම ට හේතු වන්නේ නම් හෝ පමණි.ඉහත සමස්ථ සිදුවීමේම එහෙව් ස්වාභාවයක් නොමැත , නමුත් පහුගිය සමයේ බිබිසිය ටත් නිවුස් උගන්නන්න හැදූ ජාතික නාලිකාව යැයි කියා ගන්න උන්ට සිදූවීමට ගැවුන අතිරේක කොටසකුත්  බ්‍රෙකින් නිවුස් එකකි . මෙහෙම වෙන්නේ ඇයි??

ආරක්ෂක ලේකම් තුමාගේ අනින් වැටලූ ගනිකා නිවාසයක බාරකාරියක් වෙනුවෙන් වුවත් පෙනී සිටීමට බය
නැති සභාපති නිසාද ?  නැතිනම්


මෙහෙම බ්‍රෙකින් නිවුස් දීම ආශ්චර්යට කෙටි මගක් කියා ඒ සරත් නොවු මේ සරත්ට සිතුන නිසාද ?

එසේත් නැතිනම් තාම රනිල් මහත්තයා වත් එලවා ගන්න බැරි උන සජිත් මහත්තයා ගැන රටේ ලොකු තැනුත් බය වෙලාද ????

Comments

  1. හොඳ වැඩේ ඕකුන්ගෙ බ්‍රේකින් නිවුස් බලන්ඩ සරොම් කඩාගෙන දිව්වට.
    මුන්ට තුහ් නොදකිං කිව්වත් මදි. වෙන කියන්ඩ දේකුත් නෑ.

    ReplyDelete
  2. meken penne hambantota unp eka dinuwe nethath wenadata wada janda ganiwi kiyala jandi mallige puthala ehema baya wela kiyana ekane

    ReplyDelete
  3. හැබැයි ඔහොම කිවුවට අඹ ගහ යට මෝඩ චාමි සිරසේ බ්‍රේකින් නිවුස් බලන්න යන්නේ සරමත් කඩා ගෙන දුවගෙන

    ReplyDelete
  4. @charmiනැ බන් ඉතින් බ්‍රේකින් නිවුස් කිව්ව නිසයි දිව්වෙ

    @anoඅපේ ගෙදරට නම් සිරස පේන්නෙ නැහැ :D

    ReplyDelete
  5. මේක පොඩ්ඩක් විස්තර කරනකො...මෙ සරත් ගෙ සීන් එක...

    "ආරක්ෂක ලේකම් තුමාගේ අනින් වැටලූ ගනිකා නිවාසයක බාරකාරියක් වෙනුවෙන් වුවත් පෙනී සිටීමට බය
    නැති සභාපති නිසාද ? "

    ReplyDelete
  6. රාජපක්ෂලට පඩයක් ගියත් දැන් බේකින් නිවුස් තමා,නාමල් රටටම ජංජාලේ(ඉන්ටනෙට් කියලා දන්නවනේ) දුන්නා වගේ බ්‍රේකින් නිවුස් එකකුත් මේ ලඟදි මොබිටෙල් එකෙන් ආවනේ,,ජාතික මෝඩවාහිණියට පැවරිලා තියෙන එක කන්ට්‍රැක්ට් එකක් තමා රටට පේන්න නාමල් පුතාව(ගේ) නග්ගලා තියන එක,ඒත් තවම හිතන තරම්ම නැගලා නෑ,නගින්නැද්ද කියල කවුද දන්නේ නැත්තම් ඔයහැටි නග්ගන්න දඟලන්නෙ ඇයි මං අහන්නේ?

    ReplyDelete
  7. සිරසෙ එවුන් ඇත්තටම ගුටිකක ගිනිකකා එව නියමෙට ප්‍රමොට් කරගන්න නිස්සා සිරස කොපි කරන මුන්ටත් හරි ඕනෙකමක් තියෙනව අහකයන වලියකින් හරි එකෙක් දෙන්නෙක් ගුටිකනන්න
    පිත්තලවාහිණියෙ(ස්වර්ණවාහිනියෙ )එවුනුත් පහුගිය දවසක කොහෙද ගිහින් ගුටිකාල ඇවිත් ඒකට පොඩි ටෙලි නාට්‍යකුත් හදල ප්‍රවෘත්තිවලින් බගෙකටත් වඩා ඒක දැම්මෙ

    ReplyDelete
  8. @1anoජිනා මැඩම් ගේ ගණිකා මඩම වටලපු එක දන්නව ඇතිනෙ, ඒක ගොඩක් ඇමතිලගෙ රැකවරනයත් තිබුන එකක් ලු, ආරක්ෂක ලේකම් තුමාගෙ අනින් තමයි ඇල්ලුවෙ, නඩුවෙදි ජිනා වෙනුවෙන් පෙනී හිටිය නීතීඥය තමයි රූපවාහිනි සභාපති

    @malithමම නම් පිත්තලවාහිනිය බලන්නෙ නැහැ, ඒක නිසා ඔය සීන් එක දැක්කෙ නැ සහෝ

    ReplyDelete
  9. දැන් ඔය කියන සිරසෙනුත් ඔය වගෙ බ්‍රේකින් නිවුස් දාල තියනවනෙ එතකොට ඇයි මේ වගේ පොස්ට් ලිව්වෙ නැත්තෙ

    ReplyDelete
  10. @anoමම කලින් කමෙන්ට් එකක කියල තියනව වගෙ අපෙ ගෙදර සිරස පේන්නෙ නැහැ , අනික රජයෙ රූපවාහිනියක වගකිව යුතු බව පෞද්ගලික ආයතනයකට වඩා වැඩියි . ඒ වගේම වැරැද්දක් දැක්කම විවේචනය කරන කොට ඒ වැරැද්ද කලින් කරල තියන මුලු ඉතිහාසයම හොයන්න බැහැ , සිරස තියා මොකා කලත් වැරදි දේ වැරදියි

    ReplyDelete
  11. @ano දැන් ඔය කියන සිරසෙනුත් ඔය වගෙ බ්‍රේකින් නිවුස් දාල තියනවනෙ එතකොට ඇයි මේ වගේ පොස්ට් ලිව්වෙ නැත්තෙ

    අපිටනම් සිරස පේනවා. ඒත් මෝඩවාහිනී වගේ ගොන් ආතල් දෙන, News එකේ බාගෙටත් වඩා අඩු කෑල්ලක් කියන Breaking News නම් තාම දැකලා නෑ. උඹ මොඩවාහිනිය බලල වැඩිකමට ඔක්කොම එක වගේ පේනව ඇති නේද.

    ReplyDelete
  12. අනේ ඔය කක්කි ගොඩවල් දෙක තාම බලනව නේ ඉතින්.....

    ReplyDelete
  13. මම නෙමේ බන් බලන්නෙ ගෙදර කට්ටිය ,ඒත් ජාතික එකේ ටෙලි නාට්‍ය විතරයි ,ඔය ටෙලියක් අතරෙදි තමයි බ්‍රෙකින් නිවුසිය ගියේ ,

    ReplyDelete
  14. පලවෙනි පාරට පාර්ලිමේන්තුවට ගියපු නාමල අයිෆා ක්‍රිකට් ගහන්නෙත් සූරිය වැව තරගයේ වීරයාට තෑගි දෙන්නෙත් අපි නොදන්න දේශපාලන බලය නිසානේ...අනේ මගේ කට ඇවිස්සුනා මේක දැකලා....ග‍්රර‍්රර්..
    ඉකේයියා කියන්න ඕනා මේවට තමා සිරාවටම

    ReplyDelete
  15. උඹ කියන විදිහට නම් ඉතින් ඉකේයියම තමා

    ReplyDelete
  16. අනේ බොල රත්ගමයෝ දැන් තොපෙ එවුන් බලේට ආවහම ඕවා නවතී උන්ගෙ එවුන් ඔහොම කරන එකක් නෑ?

    ReplyDelete
  17. jathika nalika thuchchai!!!!!!

    ReplyDelete
  18. රත්ගමය මොන පැත්තෙද හැබැට ? මම නම් හිතන්නෙ ඔය කවුරු ආවත් ලොකු වෙනසක් වෙන්නේ නැහැ , හිරිකිත කමේ අඩු වැඩි වීම් මිසක්

    ReplyDelete
  19. Saranga WadasingheMarch 8, 2011 at 10:44 AM

    සජිත්ට බය වෙන්න දෙයක් නෑ. සජිථ් කියන්නෙ කිසිම උපායෂීලීත්වයක් නැති නයකයෙක්.

    ReplyDelete
  20. සජිත් මහත්තයගෙ දේශපාල්නය ගැන මටත් ප්‍රශ්න තියනව ..ඒත් පූර්ණ නිගමනයකට එන්න තවම කල් වැඩියි කියලයි මම හිතන්නේ . දැනට නම් ඉතින් බය වෙන්න දෙයක් නැහැ තමයි කොහොමටත්

    ReplyDelete
  21. ඊයේ සිරස බ්‍රේකින් නිවුස්: දෙමළ සංධානයේ අපේක්ෂකගේ වාහනේ වීදුරුවට ගලකින් ගහල බිඳල අනුරාධපුරේදී!

    ReplyDelete
  22. එහෙමද ? ඒකෙන් පෙන්නේ ලංකාවෙ රූපවාහිනි වල ඉන්න එකෙකුට වත් මෙලෝ චාරයක් නැහැ කියන එක

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව