Skip to main content

මම වෙමිද - නොවෙමිද - නොවෙමි -බ්ලොග් අන්තවාදයට ශ්‍රේෂ්ට ලේඛකයෙකුගෙන් අදහසක්

මම වෙමිද -  නොවෙමිද -  නොවෙමි 

මම බැතිමතෙක්ද නොවෙමි,මිසදෙටුවෙක්ද නොවෙමි
මම සික පද අනුව හෝ මගේ බුද්ධිය අනුව හෝ ජීවත් නොවෙමි
මම දේශකයෙක්ද ශ්‍රාවකයෙක්ද නොවෙමි
මම ස්වාමියෙක්ද සේවකයෙක්ද නොවෙමි
මම නිදහස් ද නොනිදහස් ද නොවෙමි
මම කිසිවෙකුගෙන් දුරස්තර හෝ කිසිවෙකුට ලං ද නොවෙමි
මම දෙව්ලොවටද අපායටද නොයන්නෙමි
මම සියලු කාර්යයන්හි ව්‍යාවෘත වන අතර සියලු කාර්යය කින්ම පිටස්තර වෙමි
මා වටහා ගන්නන් නැති තරම් ය
මා වටහා ගන්නා තැනැත්තේ සාමය භජනය කරන්නේය

                                                                                                                   - රබීන්ද්‍රනාථ ඨාකූර්  
                                                                                        


පර්වර්ථනය - මඩවල පංඤ්ඤාවංශ හිමි
උපුටුනය - ගෝරා නවකතාව(රවීන්ද්‍රනාථ් ඨාකූර් ) සිංහල පරිවර්ථනය - චින්තා ලක්ෂිමි සිංහාරච්චි

-------------------------------------------------------------------------------------------------------------

ජීවිතය ගැන අපුරු විවරනයක් ඉදිරිපත් කරන ග්‍රන්ථයක් උන ගෝරා නව කතාවෙ සිංහල පරිවර්තනයේ කතාවට කලින් මේ කවිය අන්තර්ගත වෙලා තියනව. ඉන්දියානු නිදහස් අරගලයත් සම්බන්ඳ උන අපුරු කතාවක් උන ගෝරා , අන්තවාදීන්ට හා අන්තවාදයට වගේම මිනිසා විසින් නිර්මානය කරගත් සීමා මායිම් මිනිසාට හෝ මනුශ්‍යත්වයට වඩා අගය කරන අයට අගනා පිලිතුරක් කියල කියන්න පුලුවන්. 

මේ කවිය ගෝර පොතේ අඩංගු කලේ තාගෝර්(ඨාකූර් ) තුමා මද , නැත්නම් පරිවර්තිකාවද කියල නම් මම දන්නෙ නැහැ . ඒත් කතාවෙ කියවෙන සමස්ථ අර්ථය ඉතා අපූරුවට මේ කවිය තුලත් ගැබ් වෙලා තියනව .


මම මේ කවිය මේ වෙලාවෙ ඉදිරිපත් කරන්නෙ ඇයි කියන එක බ්ලොග් පාඨකයින්ට තෙරුම් ගන්න පුලුවන් කියල මම හිතනව . මේ කවිය හා ගෝරා පොත තුලින් මගෙ ජීවිතය ට එකතු කරගත්ත හරයන් නිසා මම ලබපු යහපත් ප්‍රතිපල බොහොමයි, ඒ වගේම හදිසි කෝපය හා වෙනත් හේතු නිසා ඒ හරයන් අමතක කරල දාල කටයුතු කරපු වෙලාවන් නිසා ඇති උන පසුතැවීමුත් බොහොමයි . බ්ලොග්  කරනයෙදිත් මේ හරයන් එක්ක ජීවත් වෙන්න උත්සහා කලත් පහුගිය කාලයෙදි සිංහල බ්ලොග් අවකාශය තුල ඇතිවුන අවාසනාවන්ත සිදුවීම් වලදි මම එතනින් එලියට ගිහින් කටයුතු කරපු එක කලින් වතාවලිදි සිදුවුනා වගේම පසුතැවිල්ලක් විතරයි ඉතුරු කලෙ 

ඉදිරියේදී එහෙම දෙයකට බ්ලොග් අවකාශය තුලදි නොයන්නට තමයි මේ කවිය ලිපියක් විදිහට වගේම වෙනම පිටුවක් විදිහටත් බ්ලොග් අවකාශය තුලට එක්කරන්නෙ , මේ කවිය හෝ ගෝරා කතාව තුල තියන පණිවුඩය අන් කාටත් වඩා බ්ලොග් කරුවනට( මමද ඇතුලුව ) යෝග්‍යයි කියල මම හිතනව ,ඒ නිසා මේ  කවියට යොමුවක් මගේ බ්ලොග් පිටුව තුල හැමදාමත් පවතීවි, ඒ මට වගේම වෙනත්  ඕනෑම බ්ලොග් කරුවෙකුගෙ හෝ මුලු සමාජයේම හිත සුව පිනිස

Comments

  1. මම මේ කවිය ගෝරා නවකථාවේ දී කියවුවද අරුතක් වැටහුනේ නෑ. බොහෝම ස්තූතියි

    ReplyDelete
  2. එතෙක් මෙතෙක් පොත් පිටු අතර මා දුටු,වර්තමාන ලෝකයට අතිශයින්ම ගැලපෙන අදහසකින් ගෝරා පොත නිමවෙයි.පොතෙනුත්,පොත සුරැකිව තවමත් පවතින මගේ නිවසෙනුත්,මගේ රටිනුත් දහස් ගව් දුරින් අද සිටියත් ඒ වැකිය මගේ මනසේ නිරන්තරයෙන් රැව් පිළිරැව් දෙයි... "මනුෂ්‍යත්වයට ප්‍රේම කිරීම රමණීය ලෙස කුළුගැන්වෙන ගෝරා ගද්‍ය කාව්‍යය මෙතකින් අවසාන වේ.." ආදරණිය ගෝරා,ලෝකයට පා තැබීමට පෙර නුඹව මට මුන ගැස් වූ සියලුදෙනාටම පින් දීමට මේ එකම වැකිය පමණක් ප්‍රමාණවත් වේ.....

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව