Skip to main content

ඡන්දෙ අදයි ,ඡන්දෙ අදයි , ඡන්දෙ අදයි අපේ රාජ්ජේ!!!!!!!

ආස්චර්ය රාජ්ජෙ චන්දේ අද. නිකන් චන්දේ නෙවෙයි පුංචි චන්දේ ඒ කියන්නේ තමන්ගෙ ගම ආස්චර් රෙට ගෙනියන චන්දේ. SBU එකෙන් බුවාව දාල තියෙන්නෙ දේශපාලන බ්ලොග්ග ගොඩට ඉතින් එහෙව් එකේ ජනතා පරමාධිපත්‍ය්යේ උච්ච ඵල ලබන හෙවත්   අපි විසින් අපිටම කෙලවා ගැනීමේ සොඳුරු දවසක දේශපාලන බ්ලොග්ග කරුවෙක් හැටියට මොකුත් නොලියා ඉන්න් එක හොඳ නැනේ.

 පලවෙනිම දේ ක්‍රිකට් ගහනව තියා ජිවිතේට ක්‍රිකට් පිට්ටනියක් හදන්න හිතන්නෙවත් නැති පළාතක් තියන බුවාලගේ මහ නගර සභාවට "ලෝක කුසලාන තරඟ " නිසා චන්දෙ නැහැ . ඒ නිසා බුවාට නම් මේ පාර කෙලෝගැනීමේ හැකියාව නැ. ඒ විතරක් යැ මොකක්ද සුවාදීන කට්ටියක්ගෙද කොහෙද නම් අප්සැට් ගහල අර නගරෙ නමම තියන ප්‍රාදේශී සභාවටත් චන්දෙ නැ . කොටින්ම කියනව නම් බුවාලගෙ ගෙවල් අහල ගම් හරුවක චන්දෙ නැ . ඒ නිසා මේ ලිපිය ලියන්නෙ බ්ලොග්ග ලියන හුදී ජන ලාම්පු සංවේගය උදෙසා


මහ නඟර සභාව වගෙ නෙවෙයි පරාදේශීය සභාවෙ චන්දෙ කෙල උනේ පස්සෙනේ. ඒනිසා අපේ ගම රට හදන්න ඇප කැප උන අභීත පුතුන් ගේ වැඩ කැලි මුල් දවස් වල සැහෙන්න තිබුනා. එයින් සමහරක් ඇයින්ට තමන්ගේ බල ප්‍රදේශෙ අඳුර ගන්නත් බැහැ නම් දීල යන දවසෙ නඟර සභා සීමාවෙ උන්ගෙනුත් සහය ඉල්ලනව එකෙක් මටත් කිව්වා "මල්ලි මේ පාර අපිට සහොයෝගයක් දෙනවනේ..." කියල මාත් ඉතින් හා කිව්වා . පවුනෙ අහිංසකයගෙ හිත රිදුනොත් එහෙම

චන්දේ ඉල්ලපු සමහර උන්ගේ තිබුනෙ නැව් ටෝක් . ගමේ චන්දෙට ඉල්ලුවට සමහර උන් විදේශ ප්‍රතිපත්ති ගැනයි කතාව . හැබැයි රැට නිවුස් බලන්නෙවත් නැ  මම හිතන්නෙ. මොකද උන්ගෙ චන්දෙ කැන්සල් කියල කියපු දවසට් පස්සෙන්ද උදේ බලනකොට අර කිව්ව එකාගෙ පෝස්ටර් වටයක් ගහගෙන ගිහිල්ලා උන්ගේ බල ප්‍රදේශේ විතරක් නෙවෙයි නඟර සභා සීමාවෙත් එක්ක

ඒ චන්දෙත් කැන්සල් නිසා කොහොමින් හරි නොමිලේ කොමඩි බලන එක ඔය වගේ දේවල් දෙක තුනකට සීමා උනා . එහෙම නොවුන නම් බ්ලොග්ග පොස්ට් බර ගානක් ලියන්න දේවල් සෙට් වෙන්න තිබුන


බුවාට චන්දෙ නැතත් චන්දෙ තියන උන්ගෙ හිත සුව පිනිස , අපෙන් චන්දෙ ඉල්ලපු අය කියපු  දේවල් ටික පොඩ්ඩක් මතක් කරන්න යන්නෙ ( අමතක උනොත් එහෙම ) .

සන්ධාන කට්ටියගෙ මේ පාර තේමාව උනේ " සපිරි ගමක් සුපිරි රටක් "ද  මොකක්ද නේ ,ඒත් ජනාධිපති තුමයි තව දෙන්නෙක් තුන්දෙනෙකුයි විතරයි ඒ වැඩේට චන්දෙ දෙන්න කියන්නෙ . මේ පැති වල උන් ච්න්දෙ ඉල්ලන්නෙ වෙන වෙන ඒවට , පෙලක් එවුන් ජනාධිපති තුමා සවිබල නංවන්න , සමහරු දුප්පතාගෙ හිතවතා  නිසා දෙන්නලු , සමහර අය ගම නගන්න , තවත් අය එක එක ඇමතිලාට ශක්තියක් වෙන්න , තව කට්ටියක් හෙන අභීත පොරක් නිසා දෙන්න ලු ඔය වගෙ කතා ගොඩයි . කොහොමින් හරි තම්න්ගෙ පක්ෂෙ ප්‍රතිපතියක්වත් තමන්ගෙ ප්‍රතිපත්තියක් වත් කියල ච්න්දෙ ඉල්ලපු උන් හිටියන නම් ඒ බොහොම අඩුවෙන්

එජාපෙත් චන්දෙට කලින් මොකක්ද මන්ද තේමා පාඨ දෙකක්ම දැම්මා රනිල් මහත්තය එකයි සජිත් මහත්තය එකයි . ඒ උනාට එව ඉතින් එච්චරම තමා ඊට පස්සෙ යූන්පී කට්ටිය චන්දේ ඉල්ලුවෙ වෙන වෙන වැඩ 
කොරන්න අර තේමා පාඨ මොකුත් නැහැ.

රනිල් මහත්තය නම් කිව්වේ පොල් ගනන් , ලූණු ගනන් හම්බන්තොටට නැව් එන්නෙ නැ මාධ්‍ය වලට නිදහස නැ , කලවැද්ද අංකල් හිරේ ඒ නිසා ආණ්ඩුව පෙරලන්න චන්දෙ දෙන්න කියල . එතකොට කරු මහත්තය කිව්වෙ මේ චන්දෙන් ආණ්ඩු පේරලන්න බැ , ඒත් ආණ්ඩුව හරි මාර්ගෙට ගන්න චන්දෙ දෙන්නය කියල . (ආණ්ඩුව හරි මර්ගෙට ගන්න කියන්නෙ උන්නැහෙත් ආයි ආණ්ඩුවට යන්නද දන්නෙ නැහැ නේ ). ඒ අතරෙ සජිත් මහත්තය කිව්වෙ පොඩි මිනිහව රජ කරන්න , නව යුගයක් බිහි කරන්න , නැවතත් ප්‍රේමදාස යුගයක් ඇති කරන්න  චන්දේ දෙන්න කියල . අනික් කතා වගෙ නෙවෙයි මේ ප්‍රේමදාස යුගෙ නම් ටිකක් නැඟල ගියා මන් අහගෙන නාමල මහත්තය , දිලාන් මහත්තය , වගේම ඝාන්ඨාර පක්සෙ කට්ටියත් කියනව ප්‍රේමදාස යුගේ මතක් වෙන කොටත් මයිල් කෙලින් වෙනව කියල. ( අර මහත්තුරු දෙන්න කෙසේ වෙතත් ප්‍රේමදාස යුගේ මතක් වෙන කොට ඝාන්ඨාර කට්ටියට මයින් කෙලින් වෙල බේරුනොත් ඇති කලිසම් වල "චූ" නොගොහින් ) .

කොහොම උනත් යූඇන්පියට චන්දෙ දෙන කට්ටිය ඔය වැඩ තුනෙන් කොයි එක කරන්නද ච්න්දේ දෙන්නෙ කියල හොයා ගන්න එකයි පුරස්නෙ . ආතතිනන්ද අංකල්ට කියල තව කොටුවකුත් චන්ද කෝලේට දම්ම ගත්ත නම් හරි ඒ වැඩ තුනෙන් කෝකද කරන්න ඕනි කියල බලා ගන්න

හංසයගෙන් පඩික්කමට වැටිල ආයෙත් ඝාන්ඨාරෙට ආපු ජවිපෙ කට්ටිය කියන්නේ නිල් කොල දෙකට රැවටුනා ඇතිය දැන් ඒ ගොල්ලන්ට රැවටෙන්නය කියල . කොහොම උනත් අනික් අය වගේ නෙවෙ එක මතයක් (හරි හෝ වැරදි ) රට පුරාම පාවිච්චි කරන්න මේ අයට පුලුවන් උනා . ඒත් ආර්ථික මොඩලය වෙනස් කොරන්න , ජාරාජීර්න ක්‍රමය වෙනස් කරන්න  ඕනි කිව්ව මිසක් ගමට කරන්නෙ මොකක්ද තියා අඩු තරමේ ගමෙන් චන්දෙ ඉල්ලනෙ කොයි එකාද කියලවත් කියන්නෙ නැ

ඔන්න ඔහොමයි කට්ටිය කිව්වෙ. මම අයෙත් මතක් කලා . දැන් ඉතින් චන්දෙ දාන්න කැමති අය දත කට මැදල , මූණ හෝදල , අනික් වැඩ කටයුතුත් කරල උදේම චන්ද පොලට ගිහින් තමන්ගෙ වටිනා චන්ද්ය මොකෙක් හරි කාල කණ්නියෙකුට දීල එන්න හොඳේ ....

මම ඊයෙ ලියපු " හණ්මිටි කාරයො" ගැන ලිපිය ගොඩක් අය බලල නැහැ . මාස ගානකට පස්සෙ අඩුම ගානක් බැලුව ලිපිය .මම හිතන්නෙ පබලිස් කරපු වෙලාවෙ අව්ලක්ද කොහෙද ??- කමෙන්ට් කරන්න බැහැ කියල බ්ලොග් සහොදරයෙක් කිව්ව නිසා පොඩි චෙකින් පාරක් දැම්ම දැන් නම් අවුලක් නැහැ වගෙ . කට්ටිය ගිහින් ඒකත් බලන්න හොඳේ - මෙතනින් හරි ඔය දකුණු පැත්තෙ තිරුවෙ "කලින් ලිපිය " කොටුවෙන් හරි ඒකට යන්න පුලුවන් 

Comments

  1. මේ යන්න තමා හදන්නේ......
    :))

    ReplyDelete
  2. උඹ නම් මොකෝ ඉතින් මොකෙක් හරි කුජීත පොරකට දීල එයි

    ReplyDelete
  3. මං නම් යස අගේට ගෙදට්ට වෙලා ආතල් එකේ ෆිල්ම් එකක් බලාගෙන ඉන්නවා බං. ඔවට යන කාලේ අපරාදේ...

    ReplyDelete
  4. මාත් හවස් වෙන්න ගිහින් චන්දෙනම් දැම්ම.
    සමහර චන්ද ශාලාවල වැඩ කරන නෝනල මහත්තුරු විතරයි, චන්දෙ දාන්න ආපු අය නම් එ වෙලාවෙ හිටියෙ නෑ.....( වෙලාවෙ අවුලක් වෙන්න ඇති...)
    වැඩේ කියන්නෙ, අපේ අයියල advertising කරන කාලෙ මං ගෙදර හිටියෙ නෑ නොවැ.... ඉතින් අපෙ අයියලගේ, මාමාලාගේ අංක මං දන්නෑ.... යනගමන් ලයිට් කණුවක තියෙන පෝස්ටරයකින් අංක කොපි පේස්ට් කොරන්න හිතන් ගියේ, කොහෙද... ඒවත් ඔක්කොම ඉරල දාලා.... ( මහ මෝඩ වැඩක් නේද?)
    ඔන්න ඔහෙ අංක තුනකට ගහල ආව.....

    කොහොම හරි අපේ ගන්ටාර අයියලගෙ tagline එකනම් වැඩ කොරල තිබුන... මිනිස්සු ඒ ගොල්ලන්ගෙ " රැවටිල්ලට නිමාවක්" තියල එලකිරි වෙන්න....

    ReplyDelete
  5. @ලියා.... ඔව් රැවටිල්ලට නිමාවක් තිය්ල තිබුනා තිස්සෙ , අනික් තැන්වල "ජවිපෙට නිමාවක් "

    ReplyDelete
  6. අනිවා... අනිවා....

    ReplyDelete
  7. අනිවා... අනිවා... :)

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව