Skip to main content

මන් මෝහන් ගේ පකිස්තාන ආරාධනය හා අපේ ඉල්ලං චාටර් වීම

ඊලඟ ක්‍රිකට් ලිපිය ලියන්න බලාපොරොත්තු උනේ අවසන් තරඟය ඉලක්ක කරගෙන්ම උනත් ක්‍රිකට් හා බැඳුන මේ අතිරේක සිද්ධිය ගැනත් නොලියම බැ . අවසන් පූර්ව වටය ගැන මම ඊයෙ ලියපු ලිපියේදි සඳහන් කලා ඉන්දීය අග්‍රමාථ්‍ය වරය පකිස්තානයේ නායකයිනට ඉන්දු - පකිස්ථාන තරඟය බලන්න ආරාධනා කරල තිබුන කියල  . ඊට පස්සෙ දැනගන්න ලැබුන දෙයක් තමයි (මම දැක්කෙ අද උදේ ) අපේ ජනාධිපතිතුමත් නවසිලන්ත අග්‍රාමාත්‍ය වරයාට ආරාධනා කරල කියන එක .

මතුපිටින් සිද්දීන දෙකම එක වගෙ පෙනුනත් මෙතන තියෙන්නෙ කතන්දර දෙකක් . පකිස්ථානය බිහිවුන දවසෙ ඉඳලම ඉන්දියාව හා පකිස්ථානය අතර ගැටුම් කාර් බවක් තිබුනාය කියන එකත් රහසක් නෙවෙයි , විටින් විට ඇතිඋන යුද්ධ සාක්ච්ඡා සියල්ලම මැදත් ඉන්දියාව හා පකිස්ථානය සලකන්නෙ සතුරු රටවල් විදිහ්ට . ඉන්දු පකිස්ථාන ක්‍රිකට් තරඟයක් උනත් උණුසුම් ස්වභාවයක් ගන්නෙ ඒ නිසා . ඉතින් මුම්බායි ප්‍රහාරයෙන් බිඳ වැටුන ඉන්දු පකිස්ථාන සබඳතා අලුත් කරගැනීමේ මාර්ගයක් විදිහටත් මන් මෝහන් අග්‍රාමාත්‍ය වරයාගේ ආරාධනාව සලකන්න පුලුවන් . මේ වෙන කොට පකිස්ථානයෙනුත් යහපත් ප්‍රතිචාර ලැබිලාය කියලයි කියන්නෙ යම් විදිහකින් එහෙම නොවුනා නම් ඒකත් තමන්ගේ වාසියට හරවා ගන්න මන් මෝහන් මහත්තයට පුලුවන් .

ඒ ඉන්දියාව හා පකිස්ථානය එතකොට ලංකාව හා නවසිලන්තය


ලංකාව හා  නවසිලන්තය කියන්නෙ විශේෂ හතුරුකමක් වත් විශේෂ මිතුරු කමක් වත් ඇති රටවල් දෙකක් නෙවෙයි . ඒ කියන්නේ නවසිලන්ත අග්‍රාමාත්‍ය වරයාට ආරාධනා කරයි කියල විශේෂ දේශපාලනික කාරනාවක් ඉටු කරගන්න අපිට බැහැ , ඒ වගේම දකුණු ආසියානු රටවල ක්‍රිකට්, දේශපාලනය හා ගැවුන ජනතාවට සමීප විය හැකි මාර්ගයක් උනත් නවසිලන්තයෙදි ඒක සාමාන්‍ය ක්‍රිඩාවක් පමණයි , ඒ නිසා තමන්ගෙ රටේ විපතකුත් වෙලා තියන වෙලාවෙදි නවසිලන්ත අගමැති ක්‍රිකට් බලන්න එන්න හේතුවක් නැහැ. .ඒ වගේම මහින්ද මහත්තයගේ විදේශ ප්‍රතිපතියත් සකස් වෙලා තියෙන්නෙ සුද්දව එපා කියලනෙ  .ඉතින් ඒක උනත් මෙතනදි බලපාන ඉඩ තියනව .  මේ දේශපාලනික දේවල් අතැරල ක්‍රිකට් වලින්ම හිතුවත් පකිස්ථානය ඉන්දියාවෙදි දිනන්න තියන ඉඩකඩ  උනත් එහේ නායක්යින්ට හිත සැනසෙන මට්ටමක තියනව ( මුශාරප් මහත්තය ඉන්න කාලෙ දෙන්න එකට බලෞ මැච් එකක් පකිස්ථානය දිනලත් තියනව )  නමුත් නවසිලන්තයට නම් දිනන්න තියෙන්නෙ ඉතාම අඩු ඉඩක් . ඉතින් ක්‍රිකට් ගැන විතරක්ම හිතුවත් නවසිලන්තෙ අගමැති අය මැච් එක බලන්න එන්නෙ නැහැ . කව්ද කැමති කිච වෙන්න  ?

ඒ තර්ක ටිකට අනුව ඔන්න ඇත්තටම නවසිලන්ත අගමැති එන්නෙ නැලු , හැබැයි ඉන්දියාවේ ඉන්න මහ කොමසාරිස් එවනවලු
http://www.adaderana.lk/news.php?nid=12568

http://www.adaderana.lk/news.php?nid=12569

නැවිත්ම හිටියටත් වඩා ප්‍රශ්නයක් වෙන්නෙ ඒක , මොකද තානාපති එක්ක බලනව නම් ඉතින් මෙහෙ ඉන්න එක්කෙනාව අරන් යන්න පුලුවන් නෙ(එහෙම එක්කෙනෙක් ඉන්නව නම් )  මොකටෙයි අයේ තවත් කවුරුවත් ,අනිත් එක රටෙ රාජ්‍ය නායකය එක්ක මැච් බලන්න අඩු තරමෙ විදේශ ඇමති වගෙ තනතුරක් වත් වෙන්න ඕනි ඒත් කොමසාරිස් කෙනෙක් ??????

ඉල්ලං කාගත්ත පරිප්පුවක් නිසා දැන් ඉතින් මොකා එක්ක හරි බලන්න වෙයි . හැබැයි ඉතින් අමුම අමු චාටර්  වීමක් .

මේ තීරණය ගත්තෙ ජනාධිපති තුමාම නම් තමන්ම තමන්ට කරගත්ත අපහාසයක් කියලත් . උපදේශකයින්ගේ උපදේසයක් නම් (බොහෝ විට ) සිතා බලන්නෙ නැතුව එකඟ වීමක්ය කියලත් එතුමාට දැන් නම් තේරුම් ගිහින් ඇති සමහර විට . ඒත් ඉතින් පරක්කු වැඩියි

ආ.... හැබැයි එක දෙයක් තියනව ඔය නියෝජිතය එන එක වලක්ව ගන්න . අපේ අර "දේශප්‍රේමියට "ලෙමෙන් පෆ් පැකට් එකක් දීලා උපවාසෙකට යැව්වනම් හරි

" එනව නම් මහ එකාම වර , නියෝජිත්යො නම් එපෝ "

 කියල උද්ඝෝෂනයකින්ම වැඩේ පටන් ගන්න කියල .(හැබැයි කවුරු හරි බෝඩි ටිකක් ලියල දෙන්න වෙයි නැත්නම් ඉතින් එන එකාට කොන්ඩම් දෙන්න ගියොත් එහෙම :D ) , කියන දේ අහන්නෙ නැතුව කොමසාරිස් පොර ආවොත් මැච් එක දින්නාට පස්සේ සංගා ලවාම වතුර උගුරක් පොවන්න පුලුවන්නෙ

Comments

  1. අපේ M.R ගොයිය කලොත් වැඩක් නානව. මම හිතන්නෙ නවසීලන්තය හිතන්න ඇති අපේ ගොයියත් එක්ක match එක බලනවනම්, ඒ මට්ටමේ පොරක් යවන්න එපෑ....... ඒකට ලගින්ම යන්නෙ මහකොමසාරිස් කියල...... ඉල්ලං කනව කියන්නෙ ඕවට තමා......

    ReplyDelete
  2. හැම දේකම අවුල් දකින්න ඕන නෑ බං. ආවා හෝ නැතා ඒ මනුස්සයට එන්න කියල ආරාධනා කළා. ලංකාවේ මැච් එක පැවතීම නිසාත්, ඒ තරගයට ලංකාව සහභාගී වීම නිසාත් රාජ්‍ය නායකයා එහෙම කිරීම හොඳයි.

    එහෙම නොකළා නම් සමහරු කෑ ගහන්න තිබ්බා ඉන්දියාවෙං පකිස්ථානෙට මැච් එක බලන්න එන්න කිවුවය, ලංකාවෙ අයට එහෙම තවත් රටකට ආරාධනා කරන්න තරං වත් උවමනාවක් නැතය, ඒක අදූරදර්ශී කමය කියලා.

    ඕන පැත්තකට ඕන එකක් හරවගෙන බලන්න ඇහැකි නෙව. හැබැයි මට නං කිසිම නාගැනීමක් මේකෙ පේන්නෙ නෑ.

    ReplyDelete
  3. මචන් ඉන්දියාව පකිස්ථානෙ වගේ නෙවෙයි මේක , ඔය රටවල් දෙකෙන් කවුරු හරි ආරාධනා කලාම අනිකට නොගිහින් බැ මොකද මිත්‍රත්වයේ අත දිගු කලාම බැ කිව්වය කියල ,

    අපිට ක්‍රිකට් උන තිබුනට නවසිලන්ත කාරයින්ට එහෙම එකක් නැහැ , අනික අපේ ලොක්ක සුද්දොත් එක්ක වලිනේ . ඉතින් උන්ට ආරාධනා නොකර තමන් තනියෙන් මැච් එක බලන්න යන්න තිබුන . ඔයිට හොඳයි සමගි කමේ ආදර්ශයක් විදිහ්ට කලු කෝපි ජෝග්ගුවකුත් අරගෙන රනිල් ලොක්කත් එක්ක මැච් එක බැලුව නම් . අඩු තරමෙ රටේ දේශපාලන සමගිය වත් තියනවනෙ . දැන් ඉතින් කොමසාරිසෙක් එක්ක බලමුකො , මගේ මොකො ජනාධිපතිතුමටමයි නෝන්ඩිය

    ReplyDelete
  4. @buwa: නෑ බං නෝන්ඩියක් නෑ.

    ක්‍රිකට් උන තිබුනා හෝ නැතා, ආරාධනා කිරීම තමයි ආණ්ඩුවෙ වගකීම. එහෙම කරන්නෙ නැතුව, අර මනුස්සයා නිකංම ප්‍රේක්‍ෂකයෙක් වගේ ඇවිත් මැච් එක බැලුව නං ඊට වඩා ප්‍රශ්නයක් ලංකාවට.

    ReplyDelete
  5. ඔයාගේ මතයට ගරු කරනව හැබැයි ..මම ඉන්නෙ කලින් ස්ථාවරයේම තමයි

    ReplyDelete
  6. @buwa: අපි ලියන්නෙයි කමෙන්ට් කරන්නෙයි මත පළ කරන්න මිස වෙනස් කරන්න නෙවේ නෙ බං. :D

    ReplyDelete
  7. If thear is a protest as you said one banner will show
    WE Condemn New Sealand

    ReplyDelete
  8. ane me palayan ban yanna ubala thama mehema blog ekak dala thamange rata kicha kare, booruwa

    ReplyDelete
  9. මට පේන විදිහට නම් ආරාධනා කළ එකේ කිසිම වරදක් නෑ.. යුතුකමක් විදිහට ලංකාවෙ ජනාධිපතිතුමා ආරාධනාවක් කලා, උන්ට එන්න බැරිනම් අපිට කරන්න දෙයක් නෑ නෙ!

    එහෙම එන්න බැරිවෙන එකෙන් නෝන්ඩි වෙන්නෙ නවසීලන්තෙම නේද?? නවසීලන්තෙ පරදින බව දන්න නිසා වෙන්න ඇතිනෙ එහේ අගමැතිතුමා එන්නෙ නැතුව ඇත්තෙ...

    ReplyDelete
  10. නවසීලන්තෙ අගමැතියා ආවනම් ඔය කතාව කියන්නෙ නැහැනෙ.

    උඹ කියන විදියට එක්කෝ මහින්ද සාස්තර කාරයෙක් ලවා මිනිහ ආරාධනා කලත් නවසීලන්තෙ අගමැතියා (හෝ ඉහල ඇමතියෙක්) එන්නෙ නැති බව දැන ගන්න ඕනා

    නැත්තම් බැරි වෙලාවක්වත් ආවෙ නැතොත් කිච වෙනව කියලා ආරාධානා නොකර ඉන්න ඕනා.

    එත් උඹලා කෑ ගහයි අන්න ඉන්දියාවෙන් ආරධනා කරලා තිබුන අපි ආරාධනා කරේ නෑ කියලා.

    සුහදව කාට හරි මැච් එකක් බලන්න එන්න කිව්වත් උඹලට වැරදියි. උඹලට නම් මොංගල්.

    ReplyDelete
  11. බුවා එහෙනම් උම්බ කෑගපන් එනතට ගිහිල්ලල

    "අන්න මහා කලු සිංහලයා තනියෙන් මැච් බලනෝ"

    කියල!.

    හික්ස් ලොල්ස්..

    ReplyDelete
  12. මෙහෙ ශිෂ්‍ය සංගම් වලට පන්න පන්න ගහන ගමන් - එංගලන්තේ ශිෂ්‍ය සංගම් වල කතා පවත්වන්න දුවන අපේ ලොක්ක හිතන්න ඇති නවසීලන්තෙ ඉන්නෙත් ඒ ජාතියෙ පොරවල් කියල.

    බැරි වෙලාවත් ආවනම් දෙන්න කරට අත දාගෙන මැච් එක බලන බිල් බෝඩ් හෙට ඉදන් තියෙයි ටවුමක් ටවුමක් ගානේ.

    අපේ කොල්ලො නවසීලන්තෙට ක්‍රිකට් උගන්නන අතරෙදි - අපේ ජනාධිපතිට නවසීලන්තෙන් දේශපාලනය ඉගෙන ගන්න අවස්තාවක් තමා මේ.

    ReplyDelete
  13. මේක නිකං හිස් කතාවක් විතරයි..උන් ආවත් නැතත් ආරාධනා කරන එක අපේ යුතුකම..මහින්ද ඉන්වයිට් කරේ නැත්තන් අපේ ගොය්යල ඒකටත් කතා හදයි..නිකං ගොන් කතා!

    ReplyDelete
  14. @ano 1 - හික්ස්
    @ano 2 - like " libiya " instead of libya ...LOL
    @ano 3,4,5 & hiranya - මම කිව්වෙ මගේ අදහස ඕගොල්ලන්ගේ අදහස ඊට වෙනස් ඇති. ඉන්දියාවෙ කතාවයි මෙහෙ එකයි වෙනස් වෙන්නත් , නවසිලන්තේ අගමැති නොයෙන්න ත් මම හේතු ලියල තියෙන්නෙ ,ඒවා පිලිගන්නවද නැද්ද කියන එක ඕගොල්ලන්ගෙ වැඩක් , අන්තිම ඇනෝලට කියන්න තියෙන්නේ මම ජනාධිපති තුමාගේ වැරදි හොය හොය ලියන්න නෙමේ බ්ලොග් එක ලියන්නෙ ( අනික් ලිපි කියෙව්ව නම් තේරෙයි ) හැබැයි මට වැරදියි කියල දෙයක් දැක්කොත් ඒක ලියනව ,ඒක මේ දේශපාලන ප්‍රශ්නයක්වත් , ආණ්ඩු විරෝධී හෝ රාජපක්ෂ විරෝධී කමක් වත් නෙවෙයි පුරවැසියෙක්ගෙ යුතුකමක් විදිහටයි මම දකින්නෙ

    @silva - :D

    ReplyDelete
  15. Aa, maha ekata enna kiyala kaa gahanne nam somawansa.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව