Skip to main content

IPL ගිය ක්‍රිඩකයින් ආපසු කැඳවීම , වෙන්කඩේ VIP කම අහිමි වීමට පලිගැනීමක්ද ?

අවුරුදු දවසෙ අවුරුද්ද වෙනුවෙන් යමක් ලියන්න හිටියත් , අද උදේ දැක්ක මේ ලිපියත් එක්ක මේ ගැන කෙටි සටහනක් උනත් නොලියා බැ කියල හිතුනා . පහලින් තියන ලින්ක් දෙකෙන් මම කියන් කාරණයට අදාල ලිපි දෙකටම යන්න පුලුවන් ,





මේ වාර්ථා වල හැටියට අයිපීල් තරඟාවලියට සහබාගි වෙලා ඉන්න ලාංකික ක්‍රිඩකයින්ට එංගලන්ත සංචාරය වෙනුවෙන් මැයි මාසය මුලදි ලංකාවට එන්න සිද්ධ වෙනවා, මේ සඳහා හේතුව විදිහට ඔවුන් දක්වන්නෙ අනිකුත් තරඟ වලට කලින් රට වෙනුවෙන් තරඟගැන අවධානයට ලක්විය යුතුයි කියල . රට වෙනුවෙන් තරඟ කලයුතුයි කියන එක ගැන නම් විවාදයක් නැහැ ,නමුත් ඒ බව දකින්නෙ දැන්ද? මීට මාසයකට  විතර කලින් අයිපීල් ගිවිසුම් අත්සන් කරන්න කලින් ක්‍රිඩකයො දැනුවත් කරේ නැත්තේ ඇයි ? ලෝක කුසලාන අනුශූරයන් උන කණ්ඩායමක පලපුරුදු ක්‍රිකඩකයින්ට පුහුණු සැසියකින් තොරව එංගන්ත සංචාරයට ක්‍රිඩා කරන්න බැරිද ? 

මේව තමයි මට නම් පැන නැගෙන ප්‍රශ්න , මොකද ලංකාව මේ වෙනකම් දරපු අයිපීල් වලට අනුකූල ප්‍රත්පත්තිය වෙනස් කරන්න කලින් ක්‍රිඩකයින්ව දැනුවත් කරන්න තිබුනා . ඕස්ට්‍රෙලියාව වගෙ රටවල් එහෙම තමයි මුල ඉඳලම කටයුතු කරන්නෙ , අයිපීල් කියන්නෙ  අපිට අනිවාර්ය දෙයක්  නොවන නිසා ඒ අනුව කටයුතු කරන්නම ඕනි නැ , නමුත් ඒ දේවල කරන්න ඔනි තරඟාවලියට ක්‍රිඩකයො ගිවිසුම් ගහන කොට මිසක් බාගයක් දුරට සෙල්ලම් කලාට පස්සෙ නෙවෙයි , මැතකදි අලුත් කණ්ඩායම් වෙනුවෙන් ක්‍රිඩකයින් තෝරගන්න කලින් ඔය බව ප්‍රකාශ කරල ක්‍රිඩකයින්ව දැනුවත් කරල තිබුන නම් අයිපීල් කණ්ඩායම් වල නායකත්වයන් වගෙ තනතුරු නොදරන්න ඒ අයට කටයුතු කරන්න තිබුනා , ඉදිරියට බලපාන්න මේ වගේ තීරනයක් ගත්තත් මෙවර තරඟාවලියෙ ක්‍රිඩකයින්ට මේ නීති පනවන එක අසාධාරනයි , මොකද ඒ අය මේ කණ්ඩයම් වෙනුවෙන් ගිවිසුම් වලට එලඹිලා ඉන්නෙ , ඒව උල්ලංගනය කලොත් ඒ වෙනුවෙන් නීතිමය ක්‍රියා මාර්ග ගන්නත් අදාල හිමිකරුවන්ට පුලුවන් ඇති . බෙර ගහල මල් මාල දාල පිලිගත්ත ක්‍රිඩකයින්ට සලකන්න ඕනි මෙහෙමද , අනික යම් කිසි විදිහකින් ක්‍රිඩකයින් මැයි මුල පැමිනීම ප්‍රතික්ෂේප කලොත් ඒ අයව අයින් කරනවද , එහෙම කරල එංගලන්තෙ ගියොත් වැඩක් වෙයිද ? 

ඊට අමතරව මේ වෙන්කඩේ ක්‍රිඩාංගනයෙදි ක්‍රිඩා ඇමතිට  "විඅයිපි" කම අහිමි වීමේ පලිය ගන්න විදිහද කියලත් මට නම් හිතෙනව, මොකද එදා සිදුවීම් ගැන අයිසිසියට පැමිනිලි කරන්නත් යනව කියල මම දැක්ක . තමන් චාටර් වෙච්ච එකට පලිය ගන්නෙ ක්‍රිඩකයින්ගෙන්ද ? , මොන හෙතුවක් නිසා කලත් රටට කීර්තියක් ගෙන දුන් ක්‍රිඩකයින්ට මෙහෙම කරන එක නම් පාහර වැඩක් . ඒත් එක්කම න්‍යායාත්මක හේතුවලට අමතරව ක්‍රිකට් සම්බඳ ප්‍රායෝගික හේතු හා සමහර විට වක්‍රාකාරව බලපැ හැකි දේශපාලනික     කාරණා අනුවත් මේ වැඩෙ මැටි මෝල් වැඩක් . තග දාල චන්ද කරන විදිහට මේ කටයුතු කරන්නෙ නැතුව උපක්‍රමශිලිව අවශ්‍ය දේ ඉටු කරගන්න රටේ ඇමති වරුන්ට මොලේ පැදේවායි කියල ප්‍රාර්ථනා කරමු , සමහර විට රටේ අනික් හැම ප්‍රශ්නයක්ම වගේ මේකත් ජනාධිපති තුමා ලඟටම ගිහින් විසඳුමක් එයි   එහෙම වෙලාවත් ක්‍රිඩකියින් වෙනුවෙන් සධාරණයක් ඉටු වෙනවා නම් හොඳයි 

අද ලිපිය එහෙන් මෙහෙන් ලිව්වෙ පිලිවෙලක් නැතුව ඇති .... එ ගැන කියවන අය  සමාවෙන්න , හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා  

UPDATE - මේ තියෙන්නෙ අර මම කිව්ව විඅයිපි නැති උන කතන්දරේ ලිපිය 
http://www.adaderana.lk/news.php?nid=12759

Comments

  1. ඔව්වා නම් මහා ජඩ වෑඩ.මටත් උඩේ ඔය කතාව දෑක්ක ගමන් හිතුනේ ඔය ඇමතිගේ වි අයි පි කේස් එකමයි.මෙච්චර රටට ග්වුරවයක් අරන් ආපු ක්‍රීඩකාන්ට සලකන්නේ මෙහෙමද කියලා හිතනකොටත් දුකයි.හෑබෑයි මම නම් කියන්නේ ඔය ලොක්කොන්නේ ඉහමොල රත්වෙන්න කොල්ලො ටික අයි පි එල් ගහලම ආවනම් තමයි හොද මොකද මටනම් හිතෙන්නේ ලංකාව වෙනුවෙන් රට නියොජනය කරල අපේ කොල්ලෝ ටික අහගත්තු කතා ඈති කියලා....

    ReplyDelete
  2. ඔව් මචන් ..අපේ කොල්ලො දෙන්නෙක් ටීම් දෙකක නායකයො , මාලිංග මත විශ්වාසය තියල තමයි සචින් මුම්බයි කණ්ඩායමේ තීරන ගන්නෙ , මාලිංග වැඩිම කඩුලු ලාභියා වෙන බවකුත් පෙන්න තියනව.. මේ මැටි ඇමතිලට ඒව පෙන්නෙ නැ ..සංගල එන්නෙ නැතුව ඉන්නවට තමා මමත් කැමති

    ReplyDelete
  3. මමත් අද උදේ ටයිම්ස් ඔෆ් ඉන්ඩිය පත්තරේ මුල් පිටුවෙම ඕක තියෙනවා දැක්කා. ඔය ඉතින් තව ගොන් පාට් එකක් තමයි. අපේ මිනිහා හිතාගෙන ඉන්නේ එයා කාගෙ හරි මගුල් ගෙදරකට සහභාගිවෙන්න පිටරටකට ගියත් ඒ රවල ජනාධිපතිවරු අගමැතිවරු වෙන වැඩ පැත්තක තියලා මෙයාව පිලිගන්න එයාපෝර්ට් යන්නයි දුක සැප හොයන්නයි රස්තියාදු වෙන්න ඕනෙ කියලා.

    ReplyDelete
  4. ඇමතිලා හිතාන ඉන්නෙත් මෙහෙ වගේ අනික් රටවලට ගියාමත් තමන් පොරවල් කියල ... ඉන්දියාවට නම් වීසා හරි ලැබෙනවා. ගොඩක් ඇමතිලට යුරෝප රටවලට යන්න විසාවත් නැ , ඉතින් ඒ රටවල් වලට නිදහසේ යන රනිල් ලොක්කට බැන බැන ඉන්නවා , ලංකාවෙ පරිමාණෙට ගැලපෙන විදේශ ප්‍රත්පත්තියක් මේ ආණ්ඩුවට නැති එක කණගාටුවට කරුනක් ...

    ReplyDelete
  5. Sirasa TV එකේ 11 වෙනිද රෑ 9.00 සිට 12.30 වෙනකල් තිබුන අර්ජුන,හෂාන් සහ ක්‍රීඩා මාධ්‍ය වේදීන් සහභාගී වුන inside cricket බැළුවනම් දේශපාලකයො ක්‍රිකට් වලින් ස්කෝර් කරන්න යාම නිසා ලංකාවේ ක්‍රිකට්; බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල ක්‍රිකට් වානාශ වූ ලෙසම විනාශ වෙමින් පවතින ආකාරය පැහැදිලිව විස්තර කෙරුන හැටි දැක ගන්න තිබුන.

    ReplyDelete
  6. මේ වගේ O/L ෆේල් වෙච්ච් ගොන් බුරුවෝ ඇමතිලා උනාම කරන ගොන් පාට් තමයි මේ. මමත් කියන්නේ අපේ කොල්ලෝ ටිඅ IPL ගහලාම එන්න ඔනි. මුන් කියන කියන පදෙට නටන්න නැතුව

    ReplyDelete
  7. ඔව්ව ඔහොම තමයි බං. වල්ඩ් කැප එක බලන්න ගොහින් ගණන් ගත්තේ නැති හිතේ දුකට කරන වැඩ.සෙල්ලම් නැහැනේ බං අපේ එවුන් දෙන්නෙක් ටීම් 2 කකම කැප්ටන්ලා.අනේ මන්ද ඊටපස්සේ මොනවා වේවිද කියල උබ කියන එක හරි ඔයගැන කලින් කියල දාන්න තිබ්බා.ඔය කරන්නේ නිකන් පලිගැනීමක් වගේ වැඩක් තමයි මටත් හිතෙන විදිහට....

    ReplyDelete
  8. @nalin අපේ දිහාට සිරස පේන්නෙ නැ මචෝ :(

    @ano මාත් හිතන්නෙ එහෙමම තමයි

    @අපරාජිතයා :::: Aparajithaya- ඔව් මචන් සංගා මහේල නායකයින් විදිහට තෝරගන්න එකත් අපේ රටට ගෞරවයක් කියන එක මුන්ට තේරෙන්නෙ , ඒවගේම මාලිංග ගේ බෝල වලට කර කියා ගන්න දෙයක් නැති ඉන්දියාවෙ පොඩි කොල්ලො දැක්කාම ඒකේ ආඩම්බරයත් ලාංකිකයින්ටයි කියන එක මේ කරුම ඇමතිලට තේරෙන්නෙ නැ ඒක්කො තේරුම් ගත්තත් කුහක කම නිසා පිලිගන්නෙ නැ

    ReplyDelete
  9. අපේ රටේ දේශපාලකයන්ට මේ වසරේදීවත් නුවණැස පෑදේවා යයි පතමු!

    ReplyDelete
  10. අපෙ ලොකු අය කරන හැම වැරැද්දක්ම වහන්නේ රට ඉස්සරහට දාල මොකෝ විරුද්ධව කතා කරන එකා දේෂදෝහියෙක් කියලා හන්වඩු ගහන එක හින්දා එකෙක්වත් කතා කරන්න යන්නේ නෑ.ඔතන වෙla තියෙන්නේ සැලසුම් කරනයේ ලොකු වැරැද්දක් දැන් ඒක වහ ගන්න හදනවා වෙන්න ඇති

    ReplyDelete
  11. පෞද්ගලික එදිරිවාදිකම් නිසා රටක් වෙනුවෙන් ක්‍රීඩා කරපු මිනිස්සුන්ට මෙහෙම අසාධාරණයක් කරනවනම් ඒක කිසි වෙලාවක පිළිගන්න බැරි ක්‍රියාවක්. ඇයි උලව්වේ මුන්ට මීට වඩා ඔළුව කල්පනා කරල කරන දෙයක් කරන්න බැරි රට්‍ටු හිනස්සන වැඩ කරන්නෙ නැතුව.

    වැරදිලාවත් ඔය ගියපු උන් අතරමග දාල එන්න බෑ කිව්වොත් පාඩු වෙන්නෙ උන්ටද රටටද කියල නොහිතා ගනීපු තීරණය සුදුසු නෑ.

    ReplyDelete
  12. අදහස් වලට එකඟයි .. බොහොම ස්තුතියි මේ පැත්තෙ ආවට , මහේල , සංග දෙන්නම එන පැත්තට තමයි කතා කරල තියෙන්නෙ මුරලි විතරයි විරුද්ධව කතා කරල තියෙන්නෙ ,ඒත් ඉතින් මුරලිට විතරයි එන්න වෙන්නෙ නැත්තේත්

    ReplyDelete
  13. බුවාගේ සිතිවිලි වලට එකගයි.හැබැයි දුලිප් මෙන්ඩිස් මහතා ගැන කිවිව දේ ගැන හැර.

    ReplyDelete
  14. පුහුණු තරඟ මග ඇරලා හිටි අපේ අයි.පී.එල්. උත්තමයෝ ටික අම්බානට ලකුණු ගහනව නේද බොලං?

    ReplyDelete
  15. ක්‍රිඩකයො අසාර්ථක වෙන්න එකම හේතුව ඒක කියලද හිතන්නේ ? ඔය සංග මහේල අසාර්ථක උනාමද ? සංගයි මහේලයි අයිපීල් ගහත්දි වත් ෆෝ එකේ හිටියෙ නැ

    ReplyDelete
  16. එහෙම මගුලක් දන්නව නම් ගිහිල්ල ප්‍රැක්ටිස් මැච් ගහන්න තිබුණනෙ? සල්ලි පෙරේත කමට අයි.පී.එල්. මගුලෙ එල්ලිලා ඉන්නෙ නැතුව? අදත් එක උත්තමයෙක් ලකුණු 2ට අවුට්

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව