Skip to main content

ත්‍රස්තාවාදය නිමා කර වසර දෙකකට පසු ආපහු හැරී බලමු !

දශක තුනක් තිස්සේ දිගහැරුණු කොටි ත්‍රස්තවාදය විනාශ කරල අදට අවුරුදු 2යි . ජනවාර්ගික ප්‍රශ්නයකින් පටන් අරගෙන ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදියා හා ත්‍රස්තවාදී සංවිධානය   දක්වා ගිය  එල්ටිටියෙ විනාශය සනිටුහන් කරල අවුරුදු දෙකක් ගතවෙන වෙලාවෙ ඒ ගැන පොඩ්ඩක් කතා කලොත් හොඳයි කියල මම හිතුව . මොකද මම යුද්ධය පැවතුණු කාලේ බ්ලොග් කරනයේ සිටියෙ නැති  නිසා මේ ගැන  මීට කලින් කතා කරලාත් නැහැ

කොටි සංවිධානය විනාශ කරන්න වගේම ප්‍රශ්නයෙ මූලික ගැටලුව විසඳන්න සාකච්ඡාමය ක්‍රියාමාර්ගයක් තමයි " හොඳම " ක්‍රමය විදිහට මම දැක්කේ . ජවිපයත් චන්ද්‍රිකාත් එකතුවෙලා  එජාප රජය බිඳ නොවැට්ටුවා නම් සටන් විරාමය හරහා උපක්‍රම ශීලිව එල්ටිටිය බිඳ දාන්නත් , ජනවාර්ගික අර්බුදයට විසඳුමක් ගේන්නත් හැකියාව තිබුනයි කියන  එකයි මගේ පුද්ගලික මතය

(Note - මම මෙහෙම කිව්වාම බොහොම දෙනෙක් මට විරෝධය පල කරන්න ඉඩ තියනව . ඒත් මේ වෙන කොට පිලිණු වෙච්ච මාතෘකාවක්  වන  " සටන් විරාමය "  හෝ ඒ ගැන මගේ මතය සම්බඳයෙන් නොනවතින විවාදයකට පැටලෙන්න නම් මගේ බලාපොරොත්තුවක් නැහැ )


කොහොම උනත් චන්ද්‍රිකා නෝන  වගේම මහින්ද මහත්තයත් සටන් විරාමය දිගටම පවත්වාගෙන ගියා (  අකමැත්තෙන් උනත් ජාත්‍යන්තර බලපැම් නිසා කල දෙයක් වෙන්නත් පුලුවන් ) . මහින්ද මහත්තය අත්හිටල තිබුන සාකච්ඡාවත් ආරම්බ කලා . නමුත් උත්සාහය හරි ගියේ නැ . තමන්ව ජාත්‍යන්තර උගුලක පටලන්න හදනවාය කියන විශ්වාසයෙන් රනිල් මහත්තයව පරාද වෙන තැනට කටයුතු කරපු  ප්‍රභාකරන් නැවත වරක් සිවිල් වැසියන්  ඉලක්ක කරගෙන බෝම්බ ප්‍රහාර එල්ල කරන්න පටන් ගන්නෙ කදිරගාමර් මහත්තයත් නැති සන්ධාන රජයට ජාත්‍යන්තර බලවේග කලමනාකරනය කරගන්න බැ කියන විශ්වාසයෙන් . ඒ කාරණයේදී ප්‍රභාකරන් නිවැරැදි උනත් ඔහු තමන්ගේ ජීවිතයේ කරපු දෙවැනි ලොකුම වරද කරගන්නෙත් මෙතනදි

සිවිල් වැසියන් , ප්‍රභූවරුන් දිගින් දිගටම ඉලක්ක කරත්දි සැහෙන ඉවසීමකින් කටයුතු කරපු සංධාන රජය මාවිල් ආරු සොරොව්වෙන් යුධ ක්‍රියා මාර්ගය අරඹන කොට ප්‍රභාකරන් බොහොම සතුටු වෙන්න ඇති  ,  දෙමල ජනතාව හා එල්ටිටියි නායකයින් ඇතුලු සමාජිකයින් වෙතින් ගිලිහෙමින් තිබුන තම්න්ගේ ප්‍රතිරූපය යුධයත් , රජයට සම්බන්ධ අන්තවාදී කණ්ඩායමුත් පෙන්නල නැවත ලඟා කරගැනීමේ තමන්ගෙ උපක්‍රමය සාර්ථක උනා කියල . එ වගේම යූද්ධය පෙන්නල විදේශ රටවලඉන් වාසි ලබා ගන්නත් ,  වෙනද වගේම තමන්ට කෙලවේගන  එන කොට යුද්ධය නතර කරගන්න ඒ අයගෙ උදව් උපකාර ලබා ගන්නත් බලා පොරොත්තු වෙන්න ඇති .  ප්‍රභාකරන්ට වැරදුන තැන අන්න ඒක


මහින්ද මහත්තයට කලින් ලංකාවේ හිටපු සියලුම ජනාධිපති වරු , කොටි සංවිධානයට එරෙහිව යුධ ක්‍රියාමාර්ග ආරම්ඹ කලා , නමුත් නොයෙකුත් බලපැම් , හේතු ආදිය නිසා ඒවා අතර මඟදි නතර කරල්ත් දැමුව , අන්තිමේදි සිද්ද වුනේ  රටේ වටිනා තරුණ ජිවිත සමඟ ( සිංහල|දෙමල ) දහස් ගානකුත් කෝටි ගනන්ක  මුදල් නාස්තියකුත් විතරයි .

මහින්ද මහත්තයගෙ මම දකින  ශ්‍රේෂ්ටම ලක්ෂනය  මතුවෙන්නෙ මේ කාර්ණයෙදි . ඒ මොන තරම් බලපැම් , දුෂකරතා තිබුනත් පටන් ගත්ත යුද්ධය අවසානයක් දක්වා අරගෙන යැමට ගත්ත තීරණය . යුද්ධයෙන් සම්පූර්ණ ගැටලුවට විසඳුමක් නොලැබුනත් මීනීමරු ත්‍රස්තවාදය අතුගාල දාපු එකෙන් යුද්ධයේදි දිවි පුදපු අපේ රණවිරුවන්ගේ ජීවිත වලට වටිනා කමක් එකතු කරන්න එතුමා කටයුතු කලා , ඇත්තෙන්ම ඒක අතිශයින්ම ප්‍රශංසනීයයි (ඉදිරි තත්ව යහපත් උනොත් , අවුරුදු ගානක් තම්න්ව පාගාගෙන හිටපු ත්‍රස්තවාදයෙ නිමාව වෙනුවෙන්  දිවිපිදූවන් විදිහට  මියගිය දෙමල තරුන තරුනියන්ගෙ ජීවිත වලටත් වටිනා කමක් එකතු වෙයි )

මේ කාරනයේදී ගෞරවය හිමිවිය යුතුවූවන් රාශියක් ඉන්නවා (අතීතයේ සිටි අය පවා ) කොහොම උනත් මූලික වශයෙන් දේශපාලන නායකත්වය දුන්න ජනාධිපති තුමාත් , ආරක්ෂක ලේකම් තුමාත් , තිවිධ හමුදා පතිවරුන් ඇතුලු සියලුම රනවිරුවන් වගේම ඒ අයගේ පවුල් වල අයත් මේ ගෞරවයට හිමිකම් ලබනව .

ප්‍රභාකරන්ගේ මිනිමරු ත්‍රස්ත වාදය අවසන් වෙලා අවුරුදු 2ක් ගත වෙත්දි අපි  ඉන්නෙ කොතන්ද ? මූලික ගැටලුවට විසඳුම් ලැබිලාද ?

සමාජයේ ඇති වූ සුභ දායි තත්වයන් හා ආර්ථිකයට ඇතිවුන යහපත් තත්වය රටට පලදායක උනත් වර්ථමාන තත්වය ගැන 100%ක් සතුටු වෙන්න පුලුවන්ද ?

 අවසනාවන්ත තත්වය ආරමබ වෙන්නෙ සරත් ෆොන්සේක මහතාගේ දේශපාලන ආගමනයත් එක්ක . එතුමාගේ අයිතිය ප්‍රශ්න කරන්න අපිට අයිතියක් නැතත් රනිල් මහත්තයගෙ සහ ජවිපේ දේශපාලන අවශ්‍යතා අනුව රටේ ප්‍රධාන තනතුරට තරඟ කරන්න ඒ සඳහා සුදුසුකම් නැතුව ඉදිරි පත් වීම දේශපාලනිකව අනුමත කරන්න පුලුවන් දෙයක් නෙවෙයි . මහින්ද - සරත් ගැටුමට මුල් උන කාරනය කුමක් උනත් යුද්ධය අවසන් වෙලා මාස ගානක් ඇතුලත් යුද්ධයේ දේශපාලන නායකත්වයට එරෙහිව හමුදා නායකත්වය දේශපාලනයට  පිවිසීම සදාචාරාත්මකවත් එච්චර යහපත් දෙයක් නෙවෙයි .දේශපාලන මඩගොහොරුවට ආපු සරත් මහත්තය තමන්ගෙ වෘත්තීය ගෞරවයත් විනාශ වෙන විදිහෙ හැසිරීමක් දක්වපු එකත් බොහොම කණගාටුදායකයි . ඒ වගේම චන්දයෙන් පස්සේ සරත් ෆොන්සේක මහත්තය කෙරේ රජය අනුගමනය කරපු ක්‍රියාමාර්ගත් කිසිසේත්ම සදාචාරාත්මක නැහැ . රජය දිගින් දිගටම ජාත්‍යන්තර කටයුතු වලදී දැක්වූ දුර්වලතා , සංවර්ධන ක්‍රියා වලියේ ඵලදායිබාවය පිලිබඳ ගැටලු,රජයේ ආර්ථික ප්‍රතිපත්ති ,ඇතැම් තීරණ , විවිධ අමාත්‍යවරුන්ගේ ක්‍රියා මාර්ග . සාමාන්‍ය ජනතාවට බලපාන ආර්ථික කාරනා වගේ දේවලුත්  යුද්ධයෙන් පසුව ඇතිවිය යුතු තත්වයේ සුභ දායි බව අඩු කරන  කාරණා.


අපේ තත්වය මෙහෙම තිබියදී උතුරේ තත්වය  දිහා බැලුවොත් ඒ ගැනත් සතුටු වීමෙ හැකියාවක් නැ . දරුණු යුද්දෙකට පස්සෙ ඇතිවන තත්වය සමනය කරගන්න කාලාන්තරයක් ගතවුනත් අවශ්‍යන්ම ඉක්මනින් සිදුවිය යුතු කාරනාත් තියනව , ජනතාව නැවත් පදිංචි කිරීම , එ ප්‍රදේශවල සිවිල් තත්වයන් ඇති කිරීම , මූලික ගැටලුවට විසඳුම් ක්‍රියාවලයික සෙවීමට ප්‍රවෙශයක් ලබා ගැනීම , ජාතීන් අතර සංහිදියාවක් ඇති කිරීමෙ ප්‍රවේශයක ලබා ගැනීම වගේ දේවල් මේ අතරින් ප්‍රධානයි . නමුත් මේ දේවල් ක්‍රියාත්මක කිරීමෙදී සතුටු දායක බවක් නම් පෙන්න නැ . ජාත්‍යන්තරව එල්ල උන අභියෝගත් එක්ක රජය දේශපාලන විසඳුම් ක්‍රියාවලියකට ගිහින් හිටියත් රජයට සම්බඳ ඇතැම් පාර්ශවයන්ම ඒ දේවල් කඩා කප්පල් කරන්න සූදානම් බවක් තමයි පේන්න තියෙන්නෙ (පහත සබැඳිය කියවන්න )

Link

එනිසා අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ යුධ ජයග්‍රහනය සමරන්න හොඳම ක්‍රමය ඒ හරහා  දකුණේ  හා උතුරේ ජනතාවට ලැබිය යුතු  වරප්‍රසාද නියම ආකාරය ට ලැබෙන්න සැලැස්වීමෙන් කියලයි .ඒ වෙනුවෙන් ජාතිකවත් ජාත්‍යන්තරවත් කල යුතු දැ බොහොමයි

යුධ ජයග්‍රහනයේ දෙවර්ශ පූර්ණය වෙනුවෙන් , ජනපති තුමාට , රජයට , ආරක්ෂක ලේකම් තුමාට මෙන්ම හිරේ සිටින ෆෝන්සේකා මහතාටත් කරන්නාගොඩ , ගුණතිලක මහත්වරුන් ඇතුලු සමස්ත රණවිරුවන්ටත් බුවාගේ සුබ පැතුම් !!!   

Comments

  1. දේශපාලනයත් හරි හැටි ගාවාගෙන හසුරැවමින් ලියූ හොඳ ලිපියක්. නියමයි බුවා.

    ReplyDelete
  2. dismantling LTTE through peace talks...r u born yesterday?

    ReplyDelete
  3. සමබර දැක්මක්!

    ReplyDelete
  4. යුද්ධය නිමාවී වසර 2ක් ගතවී ඇතත් එහි ග්‍රහණයට නතුවූ උතුරු සහ නැගෙනහිර ජනතාවගේ ගැටලුවලට විසදුම් ලබාදීමට ආණ්ඩුව අසමත්වී ඇති බව අපි ශ්‍රී ලාංකිකයෝ සංවිධානය පෙන්වා දෙයි. මාධ්‍ය වෙත ලිපියක් යොමුකරමින් එම සංවිධානය මේ බව ප්‍රකාශ කරයි.

    එම ලිපිය මෙසේය,



    එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග පැවති යුද්ධය නිමා වී අදට වසර දෙකකි. මහින්ද රාජක්‍ෂ ආණ්ඩුව පසුගිය වසර දෙක පුරා ම විටෙන් විට එම යුද ජයග‍්‍රහණයේ මානසිකත්වය ජනතාව තුළත් හමුදාව තුළත් රඳවා ගැනීම සඳහා විවිධාකාරයේ ‘සැමරුම්’ සංවිධානය කරන ලදි. ඒ අනුව යමින් අදත් එවැනි සැමරුම් කීපයක් ආණ්ඩුව සංවිධානය කර තිබේ.



    මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවට නම් අද දිනය ‘ කැවුම්, කිරිබත් කා පෙරහැර ගොස් සැමරිය යුතු දිනයක් බව සැබෑය. මන්ද රාජපක්‍ෂ පරපුරට ඇදුනු ‘‘ ජිම්කානාව’’ මීට වසර දෙකකට පෙර ලද එම යුධ ජයග‍්‍රහණයයි. රාජපක්‍ෂ පවුලේ සහෝදර සමාගම ඇතුළු හත්මුතු පරම්පරාවට හිතූ පැතූ සම්පත් ලබාදුන් සුරබිදෙන එයයි. නමුත් එම තත්ත්වය උදා වූයේ රාජපක්‍ෂ රෙජිමයට පමණි. සැබෑ ලෙසම ආණ්ඩුව ජනතාවාදී ලෙස කටයුතු කළානම් මීට වසර දෙකකට පෙර යුද්ධය අවසන් වීම මෙරටේ සිංහල, දෙමළ හා මුස්ලිම් සියලූ ජනතාවට යම් ජයග‍්‍රහණයක්, නිදහසක් උදාකර දුන් සිදුවීමක් බවට පත්කර ගැනීමට තිබූණි. නමුත් පසුගිය වසර දෙක තුළ කරුණු සිදුවූයේ ඒ ආකාරයෙන් නොවේ. ආණ්ඩුවේ මාධ්‍ය සංදර්ශන වලින් දෑස් නිලංකාර කර නොගත් ඕනෑම කෙනකුට මඳක් විමසිල්ලෙන් බැලූවහොත් මේ තත්ත්වය තේරුම් ගත හැක.



    ඉහතින් සඳහන් කළ පරිදි රාජපක්‍ෂ ආණ්ඩුවට පවුල් පාලනය චිරාත් කාලයකට තහවුරු කර ගැනීමකට මග පෑදූ, මර්දනය ක‍්‍රියාත්මක කිරීමට වරම් ලැබූ , හිතූ පරිදි අධිකරණයට පවා බල කරමින් අත්තනෝමතික පාලනයන් ගෙනයාමට අවස්ථාව උදාකර දුන් යුධ ජයග‍්‍රහණය ලබා අදට වසර 2කි. නමුත් උතුරේ දෙමළ ජනතාවට නම් , තම සොඳුරු නිවෙස් අතහැර අනාථ කඳවුරු නම් වූ සිරකුටි වලට පැමිණීමට සිදුවී අදට වසර දෙකකි. පවුලේ දිවි රැකගැනීම සඳහා කළ සාමාන්‍ය රැකීරක්‍ෂා අතහැර ආණ්ඩුවේ කටු කම්බි කොටුවලට සිරවී ‘‘බකං නිලං’’ සිටීමට සිදුවී අදට වසර දෙකකි. වෙහෙස මහන්සියෙන් උපයාගත් ධනයෙන් සවිකර ගත් නැවුම් ආහාර වෙනුවට පුස් කෑ සහල් හා පරිප්පු කිරිමැටි ගිලින්නා සේ ගිලින්නට සිදුවී අදට වසර දෙකකි. දුවා දරුවන් පාසල් ගිය පාසල, යුධ හමුදා කඳවුරකට පවරාගෙන ඇති නිසා දරුවන්ගේ පාසල් ගමන නැවතී අදට වසර දෙකකි. ඉන්දියාවේ ඡන්ද ළං වූ විට ලංකාවේ දෙමළ ජනතාව ගැන කිඹුල් කඳුලූ හෙළන සෝනියා ගාන්ධිලාට බලාගාර, සංචාරක හෝටල් ඉදිකිරීමට ඉඩම් ටික පූජාකොට උපන් බිමෙහි අනාථයන් බවට පත්වී අදට වසර දෙකකි.



    එපමණක් ද නොවේ, අඩුම තරමේ චෝදනාවක් ද නොමැතිව දෙමළ තරුණයන්ට, පොත්ත කළු වීම නිසා, දෙමළ භාෂාව කතා කිරීම නිසා බන්ධනාගාර වල නිකරුණේ තපින්නට සිදු වී අදට වසර දෙකකි. දෙමළ මව්වරුන් අතුරුදහන් කළ තම දරුවන් හා ඥාතීන් සොයා අනේක විධ නින්දා අපහාස වලට ලක්වෙමින් හමුදා කඳවුරක් කඳවුරක් ගානේ ඇවිදීම අරඹා අදට වසර දෙකකි. එම නිසා මෙම ‘‘වසර දෙකේ සංවත්සරය ජයග‍්‍රහණයක වසර දෙකක් නොවේ. පීඩාවේ හා මර්දනයේ වසර දෙකකි. බලහත්කාරයේ හා අධිපතිවාදයේ වසර දෙකකි. රාජපක්‍ෂ ආණ්ඩුව සූදානම් වන්නේ ඉදිරි වසර 20 ද පසුගිය වසර දෙක මෙන් සුවසේ ගත කිරීමටයි. ඒ තත්ත්වය වෙනස් කළ යුතු ය. යුද්ධය අවසන් කළ තුන්වන වසර අපි අදින් අරඹමු. ඒ වසරේ දී මේ තත්ත්වය වෙනස් කිරීමට අපි සැම අධිෂ්ඨාන කර ගත යුතුය. සැබෑ ජාතික සමගිය ගොඩනැගීම සඳහා සහෝදර දෙමළ ජනතාව මත පටවා ඇති බලහත්කාරය ඉවත්කරන හා ඒ සඳහා සටන් කරන වසරක් බවට ඉදිරි වසර පත්කර ගතයුතු වෙමු.

    ReplyDelete
  5. ඇත්ත ඇති සැටියෙන් ලියලා තියනවා ..

    මම ඔබගේ කෙලින් ඇත්ත කතා කිරීමේ ගුණය ඉහලින්ම අගය කරනවා ..

    මෙතනදි පමණක් නොව අනෙක් බ්ලොග් වලට කමෙන්ට් කිරීමේදී පාවා ..

    ReplyDelete
  6. @දයාල් බතී |කල්හාර - බොහොම ස්තුතියි

    ReplyDelete
  7. ලංකාවේ ජාතික අර්බුදය ගැන මගේ මේ අදහස මම වෙන තැන්වලත් කියල තියෙනවා.එනම් සත්‍යය වශයෙන්ම සුලු ජාතිය වන්නේ සිංහල ජාතියයි.බලවතා විසින් දුබලයා පීඩනයට ලක්කිරීම, පාගාදැමීම සදාතනික ලෝක ස්වාභාවයයි.එදා සිට ම අප ජාතියක් ලෙස මුහුණ දුන්නේ මෙම පීඩනයටයි.බලවතාගේ පීඩනයට මුහුණදීමේදී අත්‍යවශ්‍යය වන එකමුතු කම වෙනුවට අප කරන්නේ එක්ව සිටි පාර්ශව ද බෙදී වෙන් වී පරම සතුරන් බවට පත්වීමයි.මෙය බරපතල ඛේදවාචකයකි.

    ReplyDelete
  8. වත්මන් සමාජයෙන් අමතක වී ගෙන යන සාක්ෂිගත ඉතිහාසයක් පිළිබඳ සමබරත්වයට වඩාත් ආසන්න හොඳ විග්‍රහයක්... අගෙයි බුවා... ඔන්න ඔහොම එන්නකෝ....

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව