Skip to main content

සායි බාබට බබා හම්බු වීම , බාබා තුමාගේ බබා පාට් සමඟින් අපේ රටේ බබා ලා

අධ්‍යාත්මික නායක (එහෙම්ය කියල කියා ගන්න ) සායි බාබට බබා හම්බ උනා නෙව පහුගිය දවසක . . මේ ලිපිය ලියන්න හිටියෙත් ඒ දවස් වල හැබයි කාර්ය බහුල කම නිසා බැරි උනා . කොහොම උනත් ඒ කාරණා අදටත් වලංගු නිසා ලියල දාන්න හිතුනා .

සත්‍ය ශ්‍රි සායි බාබා කියන්නේ අපේ අසල්වැසි රටේ ජිවත් උන  ආගමික නායකයෙක්ය කියන ක්වුරුත් දන්නව නේ . මෙයා කියන විදිහට එයා මීට කලින් ජීවත් උන තවත් සායි බබා කෙනෙක්ගේ පුනර්බවය  , ඒක ඇත්ත උනත් නැතත් විවිධ හාස්කම් නිසා මෙයා ලෝකය පුරාම ප්‍රචලිත උනා . මෙයාගේ මේ හාස්කම් අතර මූලික තැනක් ගත්තෙ ලෙඩ සුවපත් කරන්න පුලුවන්ය කියන විභූති අලු.  සායි බබාම මවල දෙන මේ අලු වලට ලෙස රෝග සුවපත් කිරීමේ මහා අනුහස් බලයක් තියනවාලු. හැබැයි ඉතින් ලෙඩ සනීප කරන්න මෙච්චර බලයක් තියන මනුස්සය අවසාන කාලෙදි (අවසන් මාසය ) ජීවත් උනේ වෛද්‍ය විද්‍යාවෙ අනුහසින් . දොස්තර මහත්තුරු ගණනාවක්ගෙ උත්සාහය වගේම යන්ත්‍ර සූත්‍ර ගණනාවක පිහිටෙන් . අර රෝග සුවකරන්න බලයක් තියනවාය කිව්ව අලු ජාතියෙන් නම් වැඩක් උනේ නැති පාටයි . අසනීප වෙච්ච වෙලාවට මවා ගන්න බැරි උනාද දන්නෙ නැ . හැබැයි ඉතින් අනාගතය කලින් දකින්න පුලුවන්  නිසා ඔය අලු ටිකක් බෝතලේකට දාලා අරන් තියා ගත්ත නම් දොස්තරලගේ පස්සෙ යන්න වෙන්නෙ නැනේ .

ඒ විතරක් නෙවෙයි එකපාරටම බඩු පැකට් වෙන්න කලින් මෙයා අපේ ජනාධිපති තුමාගේ  ඒලියන්ත දොස්තර මහත්තය හම්බවෙන්න එන්න ලු හිටියෙ (මට නම් ඔය දොස්තර ගැනත් එච්චර සුවර් එකක් නැ ) අපරාදේ , මිලියන ගානක අනුගාමිකයින්ගෙ නායකය අපේ එලියන්ත මහත්තයගෙන් බේත් අරගෙන සනීප උනා නම්  අපිටත් ඒක කොච්චර ආඩම්බරයක්ද ? අනික ඒලියන්ත මහත්තයටත් බබාගෙත් බබාය කියල අනුගාමිකයො පිරිසක් හදාගන්නත් තිබුනා


බබා තුමාගේ ඒලියන්ත ප්‍රතිකාරය ගැන අදහසක් දෙන්න ඇත්තේ මෙයා වෙන්න ඕනි .

 දන්නවනෙ කව්ද කියල ලෝකයේ මෙතෙක් බිහිවෙච්ච දක්ෂතම පිතිකරුවා සචින් . සචින් කියන්නෙ බාබා තුමාගේ හොඳම අනුගාමිකයෙක් , හැබැයි ඉතින් සචින්ගේ සනීප කරන්න බැරිව තිබුන අසනීපේ බබාතුමාටත් සනීප කරගන්න බැරුව අන්තිමේදි ගොඩ දාගත්තේ එලියන්ත මහත්තයගෙන් , ඉතින් බබාතුමාටත් එලියන්ත මහත්තයව නිර්දේශ කරන එක අහන්නත් දෙයක්ද ?

තම්න්ගෙ  වත් , තමන්ගේ ප්‍රභල අනුගාමිකයෙක්ගෙ වත් ලෙඩ හොඳ කරගන්න් බැරි උන බබා තුමාගේ වෙන වෙන සෙල්ලම් නම් ඕනි තරම් තිබිල තියනව . මේ දේවල් අඩංගු වෙන්නෙ බිබිසි නාලිකාවෙන් කරපු පරීෂනාත්මක ලිපියක ( බිබිසි කියන්නෙ අධිරාජ්‍ය වාදී නාලිකාවක් කිය්ල බනින අයට නම් මෙවා පිලිගන්න බැරුව ඇති ) . පහල තියනව ලිපියට ලින්ක් එක ගිහින් බලන්න . මේ ලිපියට අනුව බබාතුමා ලිංගික අපචාර වලට වගේම මිනීමැරුම් වලටත් සම්බන්ඳයි . මරු බබා නේ !

http://www.bbc.co.uk/news/world-south-asia-13153536


බබාතුමාගෙ කොලු කතන්දර ගොඩක් මේ ඔය පහලින් තියන ලිපියේ ත් අඩංගුයි කියවල බලන්න , ඒ විතරක් නෙවෙයි ඔය ලිපියට අදාල බ්ලොග් අඩවිය සම්පූර්ණයෙන්ම වෙන්වෙලා තියෙන්නේ බබාගෙ බබා පාට් හෙලි කරන්න තමයි .

http://saibabaexposed.blogspot.com/2006/08/sai-baba-sex-files.html

හැබැයි මේ එක කාරනයකටවත් බබා තුමාට නීතිය ඉදිරියට යන්න වුනේ නැ ඒ ඇයි කියල පහල රූපෙ දැක්කාම තේරෙයි







 .මෙයා විතරක් නෙවෙයි ඉන්දියාවෙ ලොකුම ලොක්කො ගොඩ දෙනෙක්ගෙ ආරක්ෂාව නිසා බබාගෙ බබා පාට් ඔක්කොම කිසිම කරදරයක් නැතුව කරගෙන යන්න ඉඩ කඩ ලැබිල තිබුනා( ඉන්දියාවෙ අය විතරක් නම් මදැ අපේ රනිල් මහත්තයත්  කිසිම කල් මැරිල්ලක් නැතිව බබා තුමා වල කජු ගහපු එකට  ශෝකය පල කරල තිබුනේ ) .



අවුරුදු ගානක් තිස්සෙ මිනිස්සු රවට්ටගෙන ජීවත් උන බබා තුමාට අන්තිමේදි ස්වභාව ධර්මයේ නීතියට යටත් වෙන්න සිද්ද උනා . ඒ තමන් වල කජු ගහන වයස කියල බබා තුමා පාරම් බාපු වයසට අවුරුදු 12 කටත් කලින්

ඉන්ටර්නැශනල් මට්ටමට නැතත් මේ වගේ බබා පාට් කාරයො ලංකාවෙත් ඕනි තරම් ඉන්නව . දේශපාලකයෙක්ගේ හා ව්‍යාපාරිකයෙක්ගේ අනුග්‍රහයෙන් බබා පාට් දාන රත්තරන් පෙරෝ ගත්ත උන්නැහේ එයින් එක්කෙනෙක් විතරයි . උන්නැහෙගේ වැඩ කැල්ල මාධ්‍ය ආයතනයක් ලස්සනට එලි කරලත් ඔය යස අගේට ඉන්නෙ . මේ තමයි ඔය බබා පාට් කාරයින්ගේ හැටි . මෙයා විතරක් නෙවෙයි මතකනෙ අර මොකක්ද කන්දෙ උන්නාන්සේ , අර එක පිරිත් වතුර බෝතලෙන් වැවි පිටින් පිරිත් කරපු පොර , එතකොට පත්තර පිටු ගනන් ඇඩ් දාන සාස්තර උන්නාන්සේ, දේව බලයෙන් ලෙඩ සුව කරනවාය කිව්ව ෆාදර් පොර , විශ්ව ශකිතියෙන් ලෙඩ සුව කරපු අය මේ ඔක්කොම එක ගොඩට වැටෙන අය තමා . ඒ විතරක් නෙවෙයි මැච් දිනන්න බොරු සාස්තර කියපු , දැන් ලැජ්ජ නැතුව පෝන් එකෙනුත් සාස්තර කියන අයත් එක්තරා විදිහක බබාල තමයි !

බබාල ගේ බබා පාට් අලට අහුනොවී ජීවත් වෙන එක අපිට බාරයි

මේ බ්ලොග් ලියන්න පටන් ගත්තට පස්සෙ ලිපි දෙකක් එකම දවසෙ ලියපු පලවෙනි වතාව . කලින් ලිපිය ගොඩදෙනෙක්ගෙ අවධානයට ලක්වෙලා තිබුනේ නැ .. මෙතනින් ගිහින් ඒකත් කියවල බලන්න

Comments

  1. පට්ටයි. උපරිමයි. මටත් ඔය විකාර පෙන්නන්න බෑ.

    ReplyDelete
  2. බබා මැරිච්ච දවසේ මගේ යාළුවෙක්ගේ නෑදෑ කෙනෙක් පස් කන් හැදුවා බං. ඒ ගෑණි එක පාරයි ඉන්දියාවෙ ගිහිං ආවේ...

    ReplyDelete
  3. දවස් ගානක් ඉදියා කමෙන්ට් එකක් දාන්න

    ReplyDelete
  4. කියල වැඩක් නැ .... මගේ මූන් ගැන පෝස්ට් එකට බඩු පැකට් වගේ (මේකටත් දාල තිබුන කමෙන්ට් ටික නැ )

    ReplyDelete
  5. ඒලියන්ත වෙද මහත්තයා ඔය ඉන්දියාවෙ සචීන්ලව, යුවිරාජ්ලව එහෙම සනීප කළාට ලෝක කුසලාන අවසන් පූර්ව තරඟය ඉවර වෙලා අවසන් තරඟයට දින ගානක් තිබුණත් අපේ ඇන්ජලෝ මැතිව්ස්ව සනීප කරන්න ඉදිරිපත් වුණේ නෑ

    ReplyDelete
  6. ඒක තමා මචන් මටත් ඕක හිතුනා

    ReplyDelete
  7. අපේ මිනිස්සු හැමදාමත් කලේ බොරු දේවල් පස්සෙ යන එක ....

    මේ තරම් හොඳ ආගමක් අපිට තියෙද්දි ඇයි කොහේවත් නැති මිත්‍යාදුෂඨිකයෙක් පස්සෙ යන්නෙ.....

    කොහොම උනත් ඔය සායි බබා ගැන වැඩිපුර ඇත්ත පල වෙන්න ගත්තෙ එයාගේ මරණින් පස්සෙ නේද ....

    මමත් දැන ගත්තෙ මේ ලඟදි ........

    ReplyDelete
  8. ඔව් ඒකට හෙතු වෙන්න ඇත්තේ මෙයාගෙ පිටුපස හිටිය ඉහල පෙලේ බලවේග වල ශ්කිතිය වෙන්න පුලුවන් . හැබැයි ඔය බිබිසි වාර්ථාව මෙයා ජීවත්ව ඉද්දි සකස් කරපු එකක්

    ReplyDelete
  9. හොද ලිපියක් සහො හොර පුජකයන්ගෙ රෙදි ගෑල වෙන්න ලියන්න ඔනෙ බාබා ගෑනනම් මම අවුරුදු 10ත් කලින් දන්නව දිගටම ලියන්න

    ReplyDelete
  10. බොහොම ස්තුතියි,බබා හොර තක්කඩියෙක් කියන එක නම් මාත් දැනගෙන හිටිය ඔය අනික් සීන් නම් දැනගත්තේ අහම්ඹෙන් බිබිසි වෙබ් එක බලපු වෙලාවක අහම්ඹෙන් තමයි

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව