හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක් නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා
හොලිවුඩ්
ආරම්ඹය
හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව
පැවැත්ම
අර ඇඳුම් නැතුව ඉන්න ටයිප් එකෙන් උනත් ජනප්‍රිය චිත්‍රපටියක් දෙකක් මුල් කාලෙදිම ගොඩ දාගත්තොත් ඉක්මනින්ම තරු ගනයට එකතු වෙන්න අවස්ථාව ලැබෙනව . මුලදි නිරන්තරයෙන් රඟපැවත් පහු වෙන කොට රඟපාන සංඛ්‍යාතය සැහෙන මට්ටමකින් අඩු වෙනව . තුන්වෙනි ලෝකේ රටක බජට් එක විතර මුදලක් එක ෆිල්ම් එකට ලැබෙන නිසා එහෙම ඉන්නත් පුලුවන් .
පුද්ගලික හා සාමාජීය ජීවිතය
මේ පුද්ගලික ජීවිතය නම් ගොඩක් වෙලාවට සැහෙන්න කොම්ප්ලිකේටඩ් තමා කසාද දෙක තුනක් , එකට වාසය කිරීම් තුන හතරක් වගේ දේවල් මේ අයට බොහොම සාමාන්‍යයි . පෞද්ගලික ජිවිතයේදී සිදුවන දේවල් මාධ්‍ය හරහා ලෝකය පුරාම ගියත් ඒවා ගැටුම් කාරි අවස්ථා වෙනව අඩුයි . දෙන්න කැමති තරම් කල් හිටිය බැ කියල හිතුනාම වෙන්වුනා අයෙත් හිතුනොත් ආයෙත් සෙට් උනා වගෙ තත්වයක් තමයි එතන තියෙන්නෙ . ඒ වගේම ළමයි අරන් හදාගැනීම , අප්‍රිකාව වගෙ දුප්පත් රටවල ළමයින්ට උදව් පදව් කිරීම , කොටි පැටව් වගෙ වන සත්තු ඇති කිරීම හා තවත් සමාජ සුභ සාධන ක්‍රියා රාශියකට මේ අයගේ දායකත්වය ලැබෙනව. පුද්ගලික කාරනා වැදගත් ඒ අයටනේ ඉතින් සමාජය පැත්තෙන් ගත්තාම නම් මේ අයගෙන් වන මේ දේවල් අගය කල හැකියි .නීතිය සාධාරනව ක්‍රියාත්මක වෙන නිසා එක එක සීන් වලට හිරේ ය්න අයත් මෙ අතර නැතුවාම නෙවෙයි
වෘත්තීය දියුණුව හා ඉදිරිජීවිතය
හොලිවුඩ් නිලියන්ගෙ වෘත්තීය ජීවිතය මියෙන තුරාවට පවතිනව උවමනාවෙන්ම සමු නොගත්තොත් . අවුරුදු 20 ගනන් වල ඉඳල 50 විතර වෙනකන් මේ අයට ප්‍රධාන චරීත වලට දායක වීමෙ අවස්ථාව ලැබෙනව .මේ නිසාම ඉතාම හොඳ සිනමා නිර්මාන ගනනාවකට සහභාගී වීමේ අවස්ථාවත් , විවිධ චරිත නිරුපණය කිරිමේ අවස්ථාවත් මේ අයට ලැබෙනව . වෘත්තීය ජීවිතයෙ මැද භාගයේ ඉඳන් අවසානය දක්වාම මේ අයට හොඳ සම්භාවනිය බවකුත් ලැබෙනව . සම්මාන උලෙලවල් , රූපවාහිනි වැඩසටහන් වගේ දේවලට සහභාගි කරගන්න ලැබුනත් විශාල භාග්‍යක් කියල මිනිස්සු හිතන තැනට මේ සම්භාවනීය බව ප්‍රබලයි කියල කියන්න පුලුවන්
-----------------------------------------------------------------------------------------------------
බොලිවුඩ්
මගේ රසිකත්වය වැඩිපුර රැඳිල තියෙන්නෙ ඔතන නිසා උදාහරනත් එක්කම කථා කරන්න පුලුවන්
ආරම්ඹය
බොලිවුඩ් නිලියන් වෘත්තියට එලඹේන මූලිකම ක්‍රම තුනක් තියනව .
01) පවුල් පසුබිම
බොලිවුඩය තරම් පවුල් බූදලයක් උන කලා මාධ්‍යක් ලොකේ කොහෙවත් නැ කියන්න පුලුවන් . බොලිවුඩය පටන් ගත්ත දා ඉඳලම වගේ තියන සිනමා පවුල් (කපූර් ) වගේම පසු කාලීනව එකතු උන අයගේ සහෝදර සහෝදරියන් ආදී වශයෙනුත් රංගන ශිල්පිනියන් එකතු වෙනව . මේ අයට මහා ලොකු ලස්සනක් නැතත් මෙකප් එකකින් ගොඩ දාගන්න පුලුවන් තරමේ පෙනුමක් තිබුනාම හොඳටම ඇති . (උදා- රාණි , කාජල්, කරීනා )
02) රූප සුන්දරී තරඟ
තමයි දෙවනි ක්‍රමය .ලෝක රූ රැජින තරඟ හරහා වගේම ඉන්දියානු රැජින තරඟ හරහා ආපු අයත් ඉන්නව . ඒ විතරක් යැ අපේ ජැකොලයින් අක්ක සෙට් උනේ ලෝක රැජින තරඟටෙ නිකන් සහභාගි වෙලා විතරක්.ලෝක රූ රැජිනන් විදිහට අශ්වර්ය , ප්‍රියංකා වගේ අයත් ඉන්දිනු රූ රැජිනන් විදිහට ජුහි චව්ලත් උදාහරනයකට ගන්න පුලුවන් . මේ අයගෙ ලස්සන ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නැනේ . හැබැයි ඉතින් රඟපැම නම් ආරම්ඹයේදී සාර්ථක වෙනව අඩුයි . මේ කැටගරියෙන් ආපු ගොඩ දෙනෙක් ටික කාලයක් ගියාට පස්සෙ තමයි සතුටු දායක රංගනයක් දක්වල තියෙන්නෙ
03) කාන්ඩෙට අයිති වෙන්නේ නිරූපන ශිල්පිනියන් හා අනෙකුත් අය
නිරූපන ක්ශේත්‍රයේ ඉන්න අය සිනමා සමාගම් වල ස්ක්‍රින් ටෙස්ට් සමත් වෙලා වෘත්තියට එන එක තමයි මෙතන තියෙන්නෙ ගොඩක් වෙලාවට (හොලිවුඩ් වලත් තියනව වගෙ ) . මෙ අතර හිටි ගමන් අපූරු චාන්ස් ලැබෙන අයත් ඉන්නව ඒ සුපිරි නලුවොත් එක්ක පලවෙනි චිත්‍රපටියම රඟපාන්න ලැබෙන අය . මේ යට පලමු චිත්‍රපටියෙන්ම ක්ශේත්‍රයේ නමක් හදාගන්න පුලුවන් (දීපිකා, අනුෂ්කා )
පැවැත්ම
මේ අයගෙ පැවැත්ම තීරනය වෙන්නෙත් ගොඩක් වෙලාවට පටන් ගන්න විදිහ අනුව තමා . ඉස්සර නම් ප්‍රේක්ෂකයින් අතර ඉහලින් ජනප්‍රිය වෙන නිර්මානයකට දායක වෙන්න ලැබෙන එක තමයි මූලිකම දේ . ඒක රඟපාන මුල්ම නිර්මානයක් වෙන් තරමට ඇඟට ගුණයි . හැබැයි දැන්නම් අර හොලිවුඩ් පන්නයට ඇඳුම් නැති කතන්දරේ මෙහෙටත් හරි යාගෙන එන බව Murder 1&2 , Ragini MMS , Jism වගේ චිත්‍රපටි අනුව හිතෙනව . කොහොම උනත් මේ අයගෙ වෘත්තිය ජීවිතය අවුර්දු 10-15 අතර කාලෙට තමයි මූලිකව සිමා වෙන්නෙ ඒ නිසා මුල ඉඳලම හැකිතාක් නිර්මාන ගානක ඉන්න තමයි කාගෙත් උත්සාහය .සමහර අයට ඉතාම හොඳ නිර්මාන හම්බ වෙත්දි සමහර අයට එහෙම වාසනාව නැතිවෙන වෙලාවල් තියන වෘත්තීය ජිවිත්ය ගොඩාක් කෙටි නිසා . ජනප්රියත්වයෙ ප්‍රමානයත් එක්ක ඉන්දියාව පුරාමත් මේ වෙන කොට ලොකෙයෙ බොහෝ රටවලත් ආවේක රසික පිරිසක් (බොහෝ වෙලාවට තරුණයින් ) මේ අයට හැදෙනව . නර්ථන හැකියාව මේ අයට ඉතාම වැදගත් වෙනව වගේම නා නා ප්‍රකාර දැන්වීම් හා රූප වාහිනි වැඩසටහන් වලිනුත් අඩුවක් නැහැ . වර්ථමානයේදි නම් අයිපීල් තරඟවාලියෙ මොකක් හරි කණ්ඩායමකට චියර් කරන එකත් මේ අයගෙ වෘත්තීය ජිවිතයට අයිතියි
පුද්ගලික හා සාමාජීය ජීවිතය
මේ අයගේ පුද්ගලික ජිව්තේ කොම්ප්ලිකේටඩ් වෙන්න ගන්නෙ කට කථාත් එක්ක . පලවෙනි යට රඟපාපු නලුව හොඳ විවාහ ජීවිතයක් ගත කර්න විවාහකයෙක් නෙවෙයි නම් මුල්ම කටකථාව හැදෙන්නෙ පොරව සම්බඳ කරල .එතනින් බේරුනත් දෙවන තුන්වන චිත්‍රපටියක ඉන කෙනෙක් ගැන හරි කතාවක් හැදෙනවාම තමා . එකක් නෙවෙයි රංගන ජීවිතය තුල අඩුම තරමෙ 3ක් වත් හැදෙනව . විශේෂයෙන්ම මේ ය කෙලින් තමන්ගෙ ආදර සම්බන්ධතා ගැන කථකරන්නෙ නැති නිසා කට කථාවලට ලැබෙන තැන වැඩියි. මෙතන විශේෂත්වය මේ කට කථාර පට්ට පල් බොරු වගේම සත්‍ය එකකුත් අනිවාර්යයෙන්ම තියනව . සමහර විට ඒ නලු නිලියො ප්‍රතික්ෂේප කලත් පස්සෙ කාලෙක හරි ඇත්ත කියල ඔප්පු වෙන එව්වා හැම කෙනෙක්ගෙම වගෙ තියනව . තව දෙයක් මේ කට කථා නලුවන් විතරක් නෙවෙයි ක්‍රිඩකයින් ව්‍යාපාරිකයින් ආදිය පදනම් කරගෙනත් ගෙතෙනව . මේ කලබල ඔක්කොම ඉවර වෙන්නෙ අදාල නිලිය විවාහ උනාම බොහොම වෙලාවට මේ අය විවාහ වෙන්නෙ කෝටිපති ව්‍යාපාරිකයින් එක්ක (උදා- ජුහි , ශිල්පා ). මේ විවාහයත් එක්කම කට කතාවගෙම මේ අයගෙ වෘත්තීය ජීවිතයත් සැහෙන දුරට අවසන් වෙනව
සමාජිය ජීවිතයෙදි මේ අය හොලිවුඩ් නිලියන් තරම් දකින්න ලැබෙන්නෙ නැතත් ඉන්දියාව ඇතුලෙ සමාජ සුභ සාදන ක්‍රියා කාරකම් වලට දායක වෙන වෙලාවල් තියනව . ගොඩක් වෙලාවට මේ කටයුතු වෙනත් සංවිධාන වලින් හෝ නලුවන් විසින් සංවිධානය කරන ඒව මිසක් මේ අයගේ මූලිකත්වයෙන් ගොඩ නැගෙන ඒවාම නෙවෙයි
වෘත්තීය දියුණුව හා ඉදිරිජීවිතය
වෘත්තීය ජීවිතය කෙටි නිසා ලැබෙන අවස්ථාවනුත් අඩුයි . විශේෂයෙන්ම හොඳ නිර්මාන ගනනාවකට සහභාගි වෙන්න , සම්මාන ගනනාවකට හිමිකම් කියන්න ලැබෙන්නෙ කලාතුරකින් කෙනෙක්ට තමයි (ආශ්වර්යාරායි එහෙම කෙනෙක්ය කියන්න පුලුවන් ) . වයස තිස් ගනන් වලදි විවාහයත් එක්ක රංගනයෙන් ඇත්වෙලා ප්වුල් ජීවිතයට මුල් තැන මේ අය ඊට පස්සෙ දකින්න ලැබෙන්නෙ චිත්‍රපට වල ගරු රඟපැම් , උත්සව අවස්ථා හෝ පසු කාලීනව අම්මා චරිත වලින් තමයි ( හේමා මාලිනි , ජයා බච්චන් ) . සම්මාන උලෙලවලදී , චිත්‍රපටි එලි දැක්වීම් වලදි මේයින් සමහරක් දෙනා සම්භාවනීයව දකින්න ලැබුනත් ඒ ගොඩක් දුරට සිනමා ක්ශේත්‍රයට සම්බන්ධ කෙනෙක් එක්ක විවාහ උන අය විතරයි
හෙලවුඩ්
හෙලවුඩ් වල ඉතින් ඉතින් සිනමාවක් කියල දෙයක් හරියටම නැති නිසා සිනමා ටෙලි ඔක්කොම එකම ගනයට දාල තමයි ගනන් ගන්න වෙන්නෙ . උදාහර්ණ රූප එහෙම දාල දෙන එක ඉතින් හොඳ මදි නිසා වෙන රටක කෙනෙක්ගෙ පොටො එක විතරක් දාලා (පොස්ට් එක සම්පූර්ණ වෙන්න ) විස්තරේ විතරක් ලියන්නම් , තම තමන්ගෙ දැනුවත් කම් අනුව උදාහරන හිතාගන්න පුලුවන්නෙ
ආරම්ඹය
හෙලවුඩ් වල කට්ටියගේ ආරම්ඹය විවිධා කාරයි කියන්න පුලුවන් . මීට කාලෙකට ඉහතදි නම් චිත්‍රපට ස්ක්‍රීන් ටෙස්ට් සහ වේදිකා නාට්‍ය හරහා තමයි ගොඩ දෙනෙක් ක්ශේත්‍රය ආවේ , ඒත් මේ වෙනකොට නිරූපණ ශිල්පිනියනුත් , එක එක තරඟ හරහාත් , දැන අඳුණුම් කම් මතත්, රූප රැජිනි තරඟ හරහාත් ක්ශේත්‍රයට එන අය ඉන්නව . අර ඉස්සර කිව්ව අයගෙ මාධ්‍ය ඉතින් වේදිකාව හා සිනමාව නේ . දැන් එන බහුතරයකගෙ මාධ්‍ය වෙන්නෙ ගීත විඩියෝ, සහ මෙගා ටෙලි නාට්‍ය . ප්‍රධාන චරිත වගේම මෙකප් ටිකක් තවර ගත්ත ඔහේ බලන් ඉන්න ජාතියේ චරිත වලටත් මෙගා නාට්‍ය වල මේ අයට ඉඩ තියනව .
පැවැත්ම
අර කලින් කිව්ව පිරිස නම් ස්ථාවරත්වයට පත්වෙන්නෙ සාර්ථක සිනමා නිර්මාන හෝ වේදිකා නිර්මාන හරහා . වෙදිකාව ආර්ථික අතින් අසීරු ස්ථානයක් නිසා ඒ තුල විතරක් ඉන්න අය පසු කාලීනව අපහසුතාවලට පත් උනත් සිනමාව තුල සාර්ථක චරිත නිරූපණයක් කරන්න ඉඩ ලැබුන අය ක්ශේත්‍රය තුල ස්ථාවර වෙනව . ඒ ඉස්සර ..
මෙගා නාට්‍ය හර්හා එන අයටව් වැදගත්ම දේ වෙන්නෙ මෙගා නාට්ය්ය පදනම් වෙන ප්‍රධාන කාන්තා චරිතය රඟපාන එක . මිනිස්සුන්ගෙ බොක්කට වදින මෙයින් එකක රඟපාපු ගමන් "ජනප්‍රිය" නිලියක් වීමෙ හැකියාව ලැබෙනව . ඒ අතර ඔය පොඩි චරිත වල ඉන්න අයටත් ඒ පාට් එකෙන් ස්ථාවර මෙගා සුලු චරිත නිලියක් බවට පත්වෙන්න පුලුවන්කම තියෙයි
පුද්ගලික හා සාමාජීය ජීවිතය
අර මුල් කොට්ටාශයෙ පුද්ගලික ජිවිතය නම් ගොඩාක් දුරට බොලිවුඩ් කට්ටියග වගේ කියන්නත් පුලුවන් හැබැයි දැන් කාලෙ අයගෙ නම් ඊට වඩා වෙනස් .මෙගා ශ්‍රේණියේ කට්ටියන තමන්ට නමක් හැදිගෙන එනකොටම කරන්නෙ විවාහපාත්ර වෙන එක . බොහෝ වේලාවට ඉතින් ව්‍යාපාරිකයෙක් හෝ වෘත්තිකයෙක් තමයි කලා ක්ෂෙත්රයේ කෙනෙක් නෙවෙයි . හැබැයි එතනින් එහාට තමයි කතන්දර පටන් ගන්නේ අනන් මනන් සීන් ගොඩකට පස්සෙ ගුටිකෙලිවලිනුත් වැඩෙ ඉවර වෙන වෙලාවල් තියනව . ඒ වගේම සම්හරක් අය රටේ ප්‍රසිද්ධ දේශපාලකයො එතකොට කලාකරුවොත් එක්කත් හුටපට හදා ගන්න වෙලාවල් තියනව. මේ අයගෙ සමාජ සේවාවක් නම් වෙන්නෙම නැති තරම් (අලුත් පරන දෙගොල්ලොම ) . සුනාමි වෙලාවෙ ඇරුණාම සාමාන්‍ය ජනයා වෙනුවෙන් එකතු වුන වෙලාවක් තිබුනේම නැ . යුද්ධෙ වෙලාවෙ කට්ටිය එකතු උනත් ඒ යුද්ධ මාකට් කරන්න මිසක් යුද්ධෙන් පිඩාවට පත්වෙච්ච මිනිස්සු වෙනුවෙන් වත් , අබාධිත තත්වයට පත්වුන අපෙ රනවිරුවන්ගේ සුභ සාධනය වෙනුව්න්වත් නම් නෙවෙයි . ඊට අමතරව කරන සමාජ සේවාවක් විදිහට දේශපාලකයින්ට කඩේ යාමත් දක්වන්න පුලුවන් මේ කඩේ යාම අහිංසක පාට් , චණ්ඩි පාට් , බබා පාට් දක්වා පුලුල් පරාසයක විහිදෙනව විතරක් නෙවෙයි දේශපාලනය ගැන මල පොතේ අකුරක්වත් නොදැන චන්දෙත් ඉල්ලනව . සමාජයට වෑඩක් නොකරනවාට අමතරව හොරකම් , හොරවීසා , ගණිකා මඩම් වගේ සමාජ විරෝධී දේවලටත් මෙයාල සම්බන්ධයි . ආ... තව දෙයක් තම්න්ගේ වහුටු වැඩ එලිදරව් කරන මාධ්‍ය වලට , වෙබ් අඩවි වලට අය්යා පාට් එක දාන්නත් මේ අයගෙන් සමහරක් අති දක්ෂයි
වෘත්තීය දියුණුව හා ඉදිරිජීවිතය
පරණ සෙට් එක ඇතුලෙ නම් ඉතාම ඉහල වෘත්තීය දියුණුවක් කරා ගියපු අය හිටිය , හැබැයි ඉතින් එයින් සමහර දෙනෙක් නම් පහුකාලීනව එක එක දේශපාලන පක්ෂ වලට කඩේ යාමත් එක්ක ලබා ගන්න තිබුන සම්භාවනීය භාවය නැති කරගත්ත .දැන් ඉන්න බොහෝදෙනෙක් නම් වෘත්තිය භාවයක් කියල දෙයක් පවත්වා ගන්නෙම නැති නිසා වෘත්තීය දියුණුවක් කියල දෙයක් ගැන කථා කරලවත් වැඩක් නැහැ
ඔන්න ඔහොමයි කථාව . මේ ගැන ඔබතුමන්ලාගෙ අදහසත් එකතු කලා නම් වැඩෙ තවත් ලස්සනයි .අනුන්ගෙ ඕපදූප හොයන්නෙ නැතුව චූ කරල බුදිය ගනින් වගෙ දෙයක් කියන්න හිතෙනව නම් එහෙම යමක් ලිව්වත් කමක් නැ ඕං
හොලිවුඩ්
ආරම්ඹය
හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව
පැවැත්ම
අර ඇඳුම් නැතුව ඉන්න ටයිප් එකෙන් උනත් ජනප්‍රිය චිත්‍රපටියක් දෙකක් මුල් කාලෙදිම ගොඩ දාගත්තොත් ඉක්මනින්ම තරු ගනයට එකතු වෙන්න අවස්ථාව ලැබෙනව . මුලදි නිරන්තරයෙන් රඟපැවත් පහු වෙන කොට රඟපාන සංඛ්‍යාතය සැහෙන මට්ටමකින් අඩු වෙනව . තුන්වෙනි ලෝකේ රටක බජට් එක විතර මුදලක් එක ෆිල්ම් එකට ලැබෙන නිසා එහෙම ඉන්නත් පුලුවන් .
පුද්ගලික හා සාමාජීය ජීවිතය
මේ පුද්ගලික ජීවිතය නම් ගොඩක් වෙලාවට සැහෙන්න කොම්ප්ලිකේටඩ් තමා කසාද දෙක තුනක් , එකට වාසය කිරීම් තුන හතරක් වගේ දේවල් මේ අයට බොහොම සාමාන්‍යයි . පෞද්ගලික ජිවිතයේදී සිදුවන දේවල් මාධ්‍ය හරහා ලෝකය පුරාම ගියත් ඒවා ගැටුම් කාරි අවස්ථා වෙනව අඩුයි . දෙන්න කැමති තරම් කල් හිටිය බැ කියල හිතුනාම වෙන්වුනා අයෙත් හිතුනොත් ආයෙත් සෙට් උනා වගෙ තත්වයක් තමයි එතන තියෙන්නෙ . ඒ වගේම ළමයි අරන් හදාගැනීම , අප්‍රිකාව වගෙ දුප්පත් රටවල ළමයින්ට උදව් පදව් කිරීම , කොටි පැටව් වගෙ වන සත්තු ඇති කිරීම හා තවත් සමාජ සුභ සාධන ක්‍රියා රාශියකට මේ අයගේ දායකත්වය ලැබෙනව. පුද්ගලික කාරනා වැදගත් ඒ අයටනේ ඉතින් සමාජය පැත්තෙන් ගත්තාම නම් මේ අයගෙන් වන මේ දේවල් අගය කල හැකියි .නීතිය සාධාරනව ක්‍රියාත්මක වෙන නිසා එක එක සීන් වලට හිරේ ය්න අයත් මෙ අතර නැතුවාම නෙවෙයි
වෘත්තීය දියුණුව හා ඉදිරිජීවිතය
හොලිවුඩ් නිලියන්ගෙ වෘත්තීය ජීවිතය මියෙන තුරාවට පවතිනව උවමනාවෙන්ම සමු නොගත්තොත් . අවුරුදු 20 ගනන් වල ඉඳල 50 විතර වෙනකන් මේ අයට ප්‍රධාන චරීත වලට දායක වීමෙ අවස්ථාව ලැබෙනව .මේ නිසාම ඉතාම හොඳ සිනමා නිර්මාන ගනනාවකට සහභාගී වීමේ අවස්ථාවත් , විවිධ චරිත නිරුපණය කිරිමේ අවස්ථාවත් මේ අයට ලැබෙනව . වෘත්තීය ජීවිතයෙ මැද භාගයේ ඉඳන් අවසානය දක්වාම මේ අයට හොඳ සම්භාවනිය බවකුත් ලැබෙනව . සම්මාන උලෙලවල් , රූපවාහිනි වැඩසටහන් වගේ දේවලට සහභාගි කරගන්න ලැබුනත් විශාල භාග්‍යක් කියල මිනිස්සු හිතන තැනට මේ සම්භාවනීය බව ප්‍රබලයි කියල කියන්න පුලුවන්
-----------------------------------------------------------------------------------------------------
බොලිවුඩ්
මගේ රසිකත්වය වැඩිපුර රැඳිල තියෙන්නෙ ඔතන නිසා උදාහරනත් එක්කම කථා කරන්න පුලුවන්
ආරම්ඹය
බොලිවුඩ් නිලියන් වෘත්තියට එලඹේන මූලිකම ක්‍රම තුනක් තියනව .
01) පවුල් පසුබිම
බොලිවුඩය තරම් පවුල් බූදලයක් උන කලා මාධ්‍යක් ලොකේ කොහෙවත් නැ කියන්න පුලුවන් . බොලිවුඩය පටන් ගත්ත දා ඉඳලම වගේ තියන සිනමා පවුල් (කපූර් ) වගේම පසු කාලීනව එකතු උන අයගේ සහෝදර සහෝදරියන් ආදී වශයෙනුත් රංගන ශිල්පිනියන් එකතු වෙනව . මේ අයට මහා ලොකු ලස්සනක් නැතත් මෙකප් එකකින් ගොඩ දාගන්න පුලුවන් තරමේ පෙනුමක් තිබුනාම හොඳටම ඇති . (උදා- රාණි , කාජල්, කරීනා )
02) රූප සුන්දරී තරඟ
තමයි දෙවනි ක්‍රමය .ලෝක රූ රැජින තරඟ හරහා වගේම ඉන්දියානු රැජින තරඟ හරහා ආපු අයත් ඉන්නව . ඒ විතරක් යැ අපේ ජැකොලයින් අක්ක සෙට් උනේ ලෝක රැජින තරඟටෙ නිකන් සහභාගි වෙලා විතරක්.ලෝක රූ රැජිනන් විදිහට අශ්වර්ය , ප්‍රියංකා වගේ අයත් ඉන්දිනු රූ රැජිනන් විදිහට ජුහි චව්ලත් උදාහරනයකට ගන්න පුලුවන් . මේ අයගෙ ලස්සන ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නැනේ . හැබැයි ඉතින් රඟපැම නම් ආරම්ඹයේදී සාර්ථක වෙනව අඩුයි . මේ කැටගරියෙන් ආපු ගොඩ දෙනෙක් ටික කාලයක් ගියාට පස්සෙ තමයි සතුටු දායක රංගනයක් දක්වල තියෙන්නෙ
03) කාන්ඩෙට අයිති වෙන්නේ නිරූපන ශිල්පිනියන් හා අනෙකුත් අය
නිරූපන ක්ශේත්‍රයේ ඉන්න අය සිනමා සමාගම් වල ස්ක්‍රින් ටෙස්ට් සමත් වෙලා වෘත්තියට එන එක තමයි මෙතන තියෙන්නෙ ගොඩක් වෙලාවට (හොලිවුඩ් වලත් තියනව වගෙ ) . මෙ අතර හිටි ගමන් අපූරු චාන්ස් ලැබෙන අයත් ඉන්නව ඒ සුපිරි නලුවොත් එක්ක පලවෙනි චිත්‍රපටියම රඟපාන්න ලැබෙන අය . මේ යට පලමු චිත්‍රපටියෙන්ම ක්ශේත්‍රයේ නමක් හදාගන්න පුලුවන් (දීපිකා, අනුෂ්කා )
පැවැත්ම
මේ අයගෙ පැවැත්ම තීරනය වෙන්නෙත් ගොඩක් වෙලාවට පටන් ගන්න විදිහ අනුව තමා . ඉස්සර නම් ප්‍රේක්ෂකයින් අතර ඉහලින් ජනප්‍රිය වෙන නිර්මානයකට දායක වෙන්න ලැබෙන එක තමයි මූලිකම දේ . ඒක රඟපාන මුල්ම නිර්මානයක් වෙන් තරමට ඇඟට ගුණයි . හැබැයි දැන්නම් අර හොලිවුඩ් පන්නයට ඇඳුම් නැති කතන්දරේ මෙහෙටත් හරි යාගෙන එන බව Murder 1&2 , Ragini MMS , Jism වගේ චිත්‍රපටි අනුව හිතෙනව . කොහොම උනත් මේ අයගෙ වෘත්තිය ජීවිතය අවුර්දු 10-15 අතර කාලෙට තමයි මූලිකව සිමා වෙන්නෙ ඒ නිසා මුල ඉඳලම හැකිතාක් නිර්මාන ගානක ඉන්න තමයි කාගෙත් උත්සාහය .සමහර අයට ඉතාම හොඳ නිර්මාන හම්බ වෙත්දි සමහර අයට එහෙම වාසනාව නැතිවෙන වෙලාවල් තියන වෘත්තීය ජිවිත්ය ගොඩාක් කෙටි නිසා . ජනප්රියත්වයෙ ප්‍රමානයත් එක්ක ඉන්දියාව පුරාමත් මේ වෙන කොට ලොකෙයෙ බොහෝ රටවලත් ආවේක රසික පිරිසක් (බොහෝ වෙලාවට තරුණයින් ) මේ අයට හැදෙනව . නර්ථන හැකියාව මේ අයට ඉතාම වැදගත් වෙනව වගේම නා නා ප්‍රකාර දැන්වීම් හා රූප වාහිනි වැඩසටහන් වලිනුත් අඩුවක් නැහැ . වර්ථමානයේදි නම් අයිපීල් තරඟවාලියෙ මොකක් හරි කණ්ඩායමකට චියර් කරන එකත් මේ අයගෙ වෘත්තීය ජිවිතයට අයිතියි
පුද්ගලික හා සාමාජීය ජීවිතය
![]() |
මේ ශක්ති කපූර්ගෙ දුව |
සමාජිය ජීවිතයෙදි මේ අය හොලිවුඩ් නිලියන් තරම් දකින්න ලැබෙන්නෙ නැතත් ඉන්දියාව ඇතුලෙ සමාජ සුභ සාදන ක්‍රියා කාරකම් වලට දායක වෙන වෙලාවල් තියනව . ගොඩක් වෙලාවට මේ කටයුතු වෙනත් සංවිධාන වලින් හෝ නලුවන් විසින් සංවිධානය කරන ඒව මිසක් මේ අයගේ මූලිකත්වයෙන් ගොඩ නැගෙන ඒවාම නෙවෙයි
වෘත්තීය දියුණුව හා ඉදිරිජීවිතය
වෘත්තීය ජීවිතය කෙටි නිසා ලැබෙන අවස්ථාවනුත් අඩුයි . විශේෂයෙන්ම හොඳ නිර්මාන ගනනාවකට සහභාගි වෙන්න , සම්මාන ගනනාවකට හිමිකම් කියන්න ලැබෙන්නෙ කලාතුරකින් කෙනෙක්ට තමයි (ආශ්වර්යාරායි එහෙම කෙනෙක්ය කියන්න පුලුවන් ) . වයස තිස් ගනන් වලදි විවාහයත් එක්ක රංගනයෙන් ඇත්වෙලා ප්වුල් ජීවිතයට මුල් තැන මේ අය ඊට පස්සෙ දකින්න ලැබෙන්නෙ චිත්‍රපට වල ගරු රඟපැම් , උත්සව අවස්ථා හෝ පසු කාලීනව අම්මා චරිත වලින් තමයි ( හේමා මාලිනි , ජයා බච්චන් ) . සම්මාන උලෙලවලදී , චිත්‍රපටි එලි දැක්වීම් වලදි මේයින් සමහරක් දෙනා සම්භාවනීයව දකින්න ලැබුනත් ඒ ගොඩක් දුරට සිනමා ක්ශේත්‍රයට සම්බන්ධ කෙනෙක් එක්ක විවාහ උන අය විතරයි
-----------------------------------------------------------------------------------------------------
හෙලවුඩ්
හෙලවුඩ් වල ඉතින් ඉතින් සිනමාවක් කියල දෙයක් හරියටම නැති නිසා සිනමා ටෙලි ඔක්කොම එකම ගනයට දාල තමයි ගනන් ගන්න වෙන්නෙ . උදාහර්ණ රූප එහෙම දාල දෙන එක ඉතින් හොඳ මදි නිසා වෙන රටක කෙනෙක්ගෙ පොටො එක විතරක් දාලා (පොස්ට් එක සම්පූර්ණ වෙන්න ) විස්තරේ විතරක් ලියන්නම් , තම තමන්ගෙ දැනුවත් කම් අනුව උදාහරන හිතාගන්න පුලුවන්නෙ
ආරම්ඹය
හෙලවුඩ් වල කට්ටියගේ ආරම්ඹය විවිධා කාරයි කියන්න පුලුවන් . මීට කාලෙකට ඉහතදි නම් චිත්‍රපට ස්ක්‍රීන් ටෙස්ට් සහ වේදිකා නාට්‍ය හරහා තමයි ගොඩ දෙනෙක් ක්ශේත්‍රය ආවේ , ඒත් මේ වෙනකොට නිරූපණ ශිල්පිනියනුත් , එක එක තරඟ හරහාත් , දැන අඳුණුම් කම් මතත්, රූප රැජිනි තරඟ හරහාත් ක්ශේත්‍රයට එන අය ඉන්නව . අර ඉස්සර කිව්ව අයගෙ මාධ්‍ය ඉතින් වේදිකාව හා සිනමාව නේ . දැන් එන බහුතරයකගෙ මාධ්‍ය වෙන්නෙ ගීත විඩියෝ, සහ මෙගා ටෙලි නාට්‍ය . ප්‍රධාන චරිත වගේම මෙකප් ටිකක් තවර ගත්ත ඔහේ බලන් ඉන්න ජාතියේ චරිත වලටත් මෙගා නාට්‍ය වල මේ අයට ඉඩ තියනව .
පැවැත්ම
අර කලින් කිව්ව පිරිස නම් ස්ථාවරත්වයට පත්වෙන්නෙ සාර්ථක සිනමා නිර්මාන හෝ වේදිකා නිර්මාන හරහා . වෙදිකාව ආර්ථික අතින් අසීරු ස්ථානයක් නිසා ඒ තුල විතරක් ඉන්න අය පසු කාලීනව අපහසුතාවලට පත් උනත් සිනමාව තුල සාර්ථක චරිත නිරූපණයක් කරන්න ඉඩ ලැබුන අය ක්ශේත්‍රය තුල ස්ථාවර වෙනව . ඒ ඉස්සර ..
මෙගා නාට්‍ය හර්හා එන අයටව් වැදගත්ම දේ වෙන්නෙ මෙගා නාට්ය්ය පදනම් වෙන ප්‍රධාන කාන්තා චරිතය රඟපාන එක . මිනිස්සුන්ගෙ බොක්කට වදින මෙයින් එකක රඟපාපු ගමන් "ජනප්‍රිය" නිලියක් වීමෙ හැකියාව ලැබෙනව . ඒ අතර ඔය පොඩි චරිත වල ඉන්න අයටත් ඒ පාට් එකෙන් ස්ථාවර මෙගා සුලු චරිත නිලියක් බවට පත්වෙන්න පුලුවන්කම තියෙයි
පුද්ගලික හා සාමාජීය ජීවිතය
අර මුල් කොට්ටාශයෙ පුද්ගලික ජිවිතය නම් ගොඩාක් දුරට බොලිවුඩ් කට්ටියග වගේ කියන්නත් පුලුවන් හැබැයි දැන් කාලෙ අයගෙ නම් ඊට වඩා වෙනස් .මෙගා ශ්‍රේණියේ කට්ටියන තමන්ට නමක් හැදිගෙන එනකොටම කරන්නෙ විවාහපාත්ර වෙන එක . බොහෝ වේලාවට ඉතින් ව්‍යාපාරිකයෙක් හෝ වෘත්තිකයෙක් තමයි කලා ක්ෂෙත්රයේ කෙනෙක් නෙවෙයි . හැබැයි එතනින් එහාට තමයි කතන්දර පටන් ගන්නේ අනන් මනන් සීන් ගොඩකට පස්සෙ ගුටිකෙලිවලිනුත් වැඩෙ ඉවර වෙන වෙලාවල් තියනව . ඒ වගේම සම්හරක් අය රටේ ප්‍රසිද්ධ දේශපාලකයො එතකොට කලාකරුවොත් එක්කත් හුටපට හදා ගන්න වෙලාවල් තියනව. මේ අයගෙ සමාජ සේවාවක් නම් වෙන්නෙම නැති තරම් (අලුත් පරන දෙගොල්ලොම ) . සුනාමි වෙලාවෙ ඇරුණාම සාමාන්‍ය ජනයා වෙනුවෙන් එකතු වුන වෙලාවක් තිබුනේම නැ . යුද්ධෙ වෙලාවෙ කට්ටිය එකතු උනත් ඒ යුද්ධ මාකට් කරන්න මිසක් යුද්ධෙන් පිඩාවට පත්වෙච්ච මිනිස්සු වෙනුවෙන් වත් , අබාධිත තත්වයට පත්වුන අපෙ රනවිරුවන්ගේ සුභ සාධනය වෙනුව්න්වත් නම් නෙවෙයි . ඊට අමතරව කරන සමාජ සේවාවක් විදිහට දේශපාලකයින්ට කඩේ යාමත් දක්වන්න පුලුවන් මේ කඩේ යාම අහිංසක පාට් , චණ්ඩි පාට් , බබා පාට් දක්වා පුලුල් පරාසයක විහිදෙනව විතරක් නෙවෙයි දේශපාලනය ගැන මල පොතේ අකුරක්වත් නොදැන චන්දෙත් ඉල්ලනව . සමාජයට වෑඩක් නොකරනවාට අමතරව හොරකම් , හොරවීසා , ගණිකා මඩම් වගේ සමාජ විරෝධී දේවලටත් මෙයාල සම්බන්ධයි . ආ... තව දෙයක් තම්න්ගේ වහුටු වැඩ එලිදරව් කරන මාධ්‍ය වලට , වෙබ් අඩවි වලට අය්යා පාට් එක දාන්නත් මේ අයගෙන් සමහරක් අති දක්ෂයි
වෘත්තීය දියුණුව හා ඉදිරිජීවිතය
පරණ සෙට් එක ඇතුලෙ නම් ඉතාම ඉහල වෘත්තීය දියුණුවක් කරා ගියපු අය හිටිය , හැබැයි ඉතින් එයින් සමහර දෙනෙක් නම් පහුකාලීනව එක එක දේශපාලන පක්ෂ වලට කඩේ යාමත් එක්ක ලබා ගන්න තිබුන සම්භාවනීය භාවය නැති කරගත්ත .දැන් ඉන්න බොහෝදෙනෙක් නම් වෘත්තිය භාවයක් කියල දෙයක් පවත්වා ගන්නෙම නැති නිසා වෘත්තීය දියුණුවක් කියල දෙයක් ගැන කථා කරලවත් වැඩක් නැහැ
ඔන්න ඔහොමයි කථාව . මේ ගැන ඔබතුමන්ලාගෙ අදහසත් එකතු කලා නම් වැඩෙ තවත් ලස්සනයි .අනුන්ගෙ ඕපදූප හොයන්නෙ නැතුව චූ කරල බුදිය ගනින් වගෙ දෙයක් කියන්න හිතෙනව නම් එහෙම යමක් ලිව්වත් කමක් නැ ඕං
හෙලවුඩ් ගැන කියපු කතාවනං මරු...
ReplyDeleteමරේ මරු ...
ReplyDelete@කිඩෝ අනික් ටික හොඳ නැද්ද බන්..any way Thanks
ReplyDelete@Ishara - Thanks
හෙලුවුඩ් ගැන මොකද්ද අදහස?
ReplyDeletehela siname aya issarahata enne wadi wadi yen _ka dun taramata tama dan
ReplyDeleteano1- මගේ අදහස - නිසි බලධාරියා විසින් කපා දමන ලදී -
ReplyDeleteano2 - අනේ මන්ද ඉතින්
අපේ ඇක්ට්රස්ල රගපාන්න යන්නෙම අම්මල එක්ක නෙ. වෙන කා එක්කවත් යන්නෙම නැ.අම්මි ආවෙ නැත්තන් ලමාචරිතයක් වත් කරන්න යන්නෙ නැ.
ReplyDeleteඅනික ඔය පත්තර වලට ඉන්ටර්වීව් දෙන ඔක්කොගෙම උත්තර එකවගේ.
උදෙම්ම නැගිටල බුදුන් වැදල.............blaa blaa .........රැටත් ද්ත් මැදල ඉතිපිසො ගාථාව කියල නිදා ගන්නව. හැම ඇක්ට්රස්ම වගේ එහෙමයි.
හෙලවුඩ්වල පුද්ගලික හා සමාජ ජීවිතය ගෙඩිපිටින් ඇත්ත ලියල වගේ.
ReplyDelete@ dee - අනිව නචන් .. අම්මල එක්ක ගියාට කෙලවා ගැඊම් වල නම් අඩුවක් පේන්න නැහැ
ReplyDelete@outsider - එහෙම ලිව්වාය කිටල මටත් රජ කාලෙ දඬුවම් දෙන්න ඕනි කියයි ද දන්නෙ නැ . අර ගොසිප් ස්යිට් වලට කිව්වා වගේ
නියම සටහනක්, ඩී කිව්ව වගේ හෙලවුඩ් කතාවනනං වැරදී ඕං...... :D
ReplyDelete@nawam - Thanks.. හොඳයි මම ඒ "සිල්වත් උපාසක නෝනමහත්තුරු " ගැන කියපුව වැරදියි කියල පිලිගන්නම් කො :D
ReplyDeleteමේක නම් නියමයි. අපේ අයට අපහාස කරන එක පව් තමයි. ඒත් මටත් දැන් නම් ආසම නැහැ බලන්න . දී කිව්වා එකට අමතර දෙයක් . ඔක්කොම වගේ නිලියෝ කියන්නේ දොස්තර කෙනෙක් වෙන්න ගිහින් නුලෙන් නිලිකමට ආව කියලනේ. මොනවා වුනත් අපිට බැරි රාජකාරියක්නේ එයාල කරන්නේ. මන් නම් හොලිවුඩ් වලට අමතරව වැඩිපුර බලන්නේ කොරියන් [කොලිවුඩ් කියල කියමුද ] හුරුබුහුටි නළු නිලියෝ. බොලිවුඩ් නැහැනේ අපිට . ඩවුන් ලෝඩ් කරගෙන පරිගණකයෙන් ෆිල්ම් බලන්න කම්මැලියි.
ReplyDeleteඅර යකා පින්තූරෙත් අරගෙන ලමයත් බේරගත්තනං ඉවර්යි නෙ ................
ReplyDelete@bindi - කොලිවුඩ් කියල දැනට කියන්නෙ නම් දකුණු ඉන්දියාවේ සිනමාවට , වෙන නමක් දාමු . අපහාස උනත් ඇත්ත කියන්නත් ඕනි නෙ ඒකයි ලිව්වේ . මමත් බොලිවුඩ් බලන්නේ (බොලි හොලි දෙකම ) ඩවුන්ලෝඩ් කරගෙනම තමා . හොඳ සවුන්ඩ් සිස්ටම් එකක් , මොනිටරයක් , පුලුවන් නම් විජීඒ කාඩ් එකක් තියනව නම් ලංකාවේ සමහර හෝල් වල්ට වඩා හොඳට චිත්‍රපටි රස විඳින්න පුලුවන් අක්කෙ
ReplyDelete@sameera - මචන් මට උඹ කියල තියෙන්නෙ මොකක් ගැනද කියල ඩයල් වෙන්නෙ නැනේ
පට්ට ඇත්ත බන්
ReplyDeleteඔක්කොටම වඩා හෙල වුඩ් ගැනනම් කියපු ටික සිරා මචෝ.......
ReplyDeleteතව ඕපදූප ටිකකුත් තිබුන නම්....ශෝක්!
ReplyDelete--------------
මට ප්‍රශ්නයක් තියෙනව, මර්වින් වැටෙන්නෙ මොන වුඩ් එකටද?
@Hasitha | අපරාජිතයා :::: Aparajithaya- Thanks
ReplyDelete@Dhayal Bathee - මිනිහ නම් ඉතින් අමුතුම වුඩ් එකක් නේ "මැර වුඩ්" වගෙ හොඳයි මයෙ හිතේ
මටනම් හිතෙන්නෙ බුවාට hollywood ගැන ලියන්න අවශ්‍ය දැනුම නැහැ වගේ. hollywood වල නිරූපන ශිල්පිනියො හැටියට ඉඳල සිනමාවට පිවිසෙන්නෙ බොහොම සුලු පිරිසය්. ඒ වගේම ලස්සන නිසා රඟපාන්න හම්බෙන්නෙත් සුලු පිරිසටය්. ඔය පින්තූරෙ දාල තියෙන Megan Fox ලස්සන නිසා film හම්බෙන කෙනෙක්, නමුත් රඟපෑම දුර්වල නිසා මිනිස්සුන්ගෙ පිලිගැනීමක් නැහැ. hollywood වල ගොඩක් ඉන්නෙ රඟපෑමට passion එකක් තියෙන නලු නිලියො. ගොඩක් අය රංගනය ගැන පොඩි කාලෙ ඉන්දන් හදාරපු අය. නැතුව bollywood වල වගේ රූප සුන්දරී උනු නිසාවත්, අම්ම තාත්ත නලු නිලියො උනු පලියටවත්, ඇඩ් එකක හිටපු පලියටවත් සිනමාවට කඩා පාත් වෙන්න හම්බෙන්නෙ නැහැ. ඒ වගේම playboy එකට ඉන්න වෙනම play boy models ල ඉන්නව, ජනප්‍රිය නිලියොන්ට ලක්ශ ගනන් ගෙවල cover page එකේ photo එකක් දාගන්නව මිසක්, playboy එකේ හිටි පලියට නිලියෙක් වෙන්නෙ නැහැ.
ReplyDelete"විශේෂයෙන්ම හොඳ නිර්මාන ගනනාවකට සහභාගි වෙන්න"
මෙන්න මේක කියෙව්වමනම් මට ඇත්තටම හිනා ගියා, bollywood වල කොහෙද අප්පෙ හොන්ද නිර්මාන.lol
ඇනෝ- බොලිවුඩ් වල හොඳ නිර්මාන නැය කියල කියනව නම් ඔබතුමා සිනමාකරණය ගැන මෙලෝ දෙයක් දන්නේ නැති මනුස්සයෙක් හරි , බොලිවුඩ් නිර්මාණ එක්ක විශේෂ මලකින් ඉන්න පොරක් හරි වෙන්න ඕනි . මම ඒ වාක්‍යයේ කියල තියෙන්නේ වෘත්තිමය ජීවිතය කෙටි නිසා හොඳ නිර්මාණ ගොඩකට දායක වෙන්න ලැබෙන්නේ නැය කියන එක . එහෙම වෙන්නේ බොලිවුඩයේ හොඳ නීර්මාණ ප්‍රමාණාත්මකව අඩුවීම . වාක්‍ය බාගෙට කියවල අදහස් ව්කෘති කරන්න එපා .
ReplyDeleteහොලිවුඩ් රංගන ශිල්පිනියන් විතර්ක් නෙවෙයි සිනමාවට සම්බන්ධ සැම කෙනෙක්ම ඒ ගැන ඉගෙනීමක් ලබපු අය (බොලිවුඩ් වලත් නැතුවාම නෙවෙයි ) , හැබැයි මේ ඉගෙන ගත්ත රංගන ශිල්පිනියන් අතරෙත් නිරූපන ශිල්පිය හරහා ආපු අය ඕනි තරම් ඉන්නව . මට මඟ හැරුණු රංගනය ගැන හැදැරීම කියන කාරණය මතුකිරීම ගැන ස්තුතියි . හැමෝම ප්ලේ බොයි ඉන්නව කියලවත් , ප්ලේබොයි හිටිය පලියට රඟපාන්න ලැබෙනව කියලවත් මම කියල නැ . තමන්ගේ වෘත්තීය ජීවිතයේ මුල් කාලයේදී ප්ලෙබොයි ජනප්‍රිය වීමේ උපක්‍රමයක් ලෙස භාවිතා කරපු අය ඉන්නව . දන්නේ නැත්නම් ඉතිහාසය හාරාවුස්සල බලන්න
This comment has been removed by the author.
ReplyDeleteමට සඳහන් කරල නැතත් පවුල් පසුබිම රංගනයට බලපාඋ නිලියන් සැහෙන පිරිසකුත් ඉන්නව මේ අය වෘත්තිය ජීවිතය පටන් ගන්නෙ ලමා කාලෙදිම තමයි ගොඩක් වෙලාවට
ReplyDeleteඇත්ත කතාව..
ReplyDelete